යෙදුමෙන් කියවන්න

7. කාමවිලාපජාතකවණ‍්ණනා 297 අට‍්ඨකථා

7. කාමවිලාපජාතකවණ‍්ණනා (297)

7. කාමවිලාප ජාතකය (297)

උච‍්චෙ සකුණ ඩෙමානාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො පුරාණදුතියිකාපලොභනං ආරබ‍්භ කථෙසි. පච‍්චුප‍්පන‍්නවත්‍ථු පුප‍්ඵරත‍්තජාතකෙ (ජා· 1.1.147) කථිතං, අතීතවත්‍ථු ඉන්‍ද්‍රියජාතකෙ (ජා· 1.8.60 ආදයො) ආවිභවිස‍්සති. තං පන පුරිසං ජීවන‍්තං සූලෙ උත‍්තාසෙසුං. සො තත්‍ථ නිසින‍්නො ආකාසෙන ගච‍්ඡන‍්තං එකං කාකං දිස‍්වා තාවඛරම‍්පි තං වෙදනං අගණෙත්‍වා පියභරියාය සාසනං පෙසෙතුං කාකං ආමන‍්තෙන‍්තො ඉමා ගාථා ආහ –

උච්චෙ සකුණ ඩෙමාන යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරනසේක් පැරණි භාර්යාවකගේ පෙළඹවීමක් අරබයා වදාළ සේක. වර්තමාන කථා වස්තුව පුප්ඵරත්ත ජාතකයෙහි මතු සඳහන් වන්නේය. අතීත කථාව ඉන්‍ද්‍රිය ජාතකයෙහි මතු සඳහන් වන්නේය. ඒ පුරුෂයා වනාහි පණපිටින් උලෙහි තැබූහ. එහි හුන්නා වූ ඔහු අහසින් යන කපුටෙකු දැක පළමුකොට ඒ දරුණු වේදනාවවත් ගණන් නොගෙන ප්‍රිය බිරිඳට හසුනක් යැවීමට කපුටාට අමතමින් මේ ගාථා කීවේය.

“උච‍්චෙ සකුණ ඩෙමාන, පත‍්තයාන විහඞ‍්ගම; වජ‍්ජාසි ඛො ත්‍වං වාමූරුං, චිරං ඛො සා කරිස‍්සති.

උච්චෙ සකුණ ඩෙමාන පත්තයාන විහංගම, වජ්ජාසි ඛො ත්‍වං චාමූරුං චිරං ඛො සා කරිස්සති

“ඉදං ඛො සා න ජානාති, අසිං සත‍්තිඤ‍්ච ඔඩ‍්ඩිතං; සා චණ‍්ඩී කාහති කොධං, තං මෙ තපති නො ඉදං.

ඉදං ඛො සා නජානාති අසිංසත්තිඤ්ච ඔඩ්ඩිතං, සා චණ්ඩී කාහති කොධං තං මෙ තපති නො ඉධ

“එස උප‍්පලසන‍්නාහො, නික‍්ඛඤ‍්චුස‍්සීසකොහිතං; කාසිකඤ‍්ච මුදුං වත්‍ථං, තප‍්පෙතු ධනිකා පියා”ති.

එස උප්පල සන්නාහො නික්ඛමුස්සීසකෙ කතං, කාසිකඤ්ච මුදුං වත්‍ථං තප්පතු ධනකාමිකා

යන මේ ගාථා කීවේය.

ඉහළ පියාඹන්නා වූ පක්‍ෂිය, පියාපත් යානය කොට ඇති පක්‍ෂිය, ඔබ කෙසෙල් කඳක් වැනි (සිනිඳු, පැහැපත්) කලවා ඇති තැනැත්තියට මා උලෙහි උන් බව කියව. ඈ බොහෝ කලක සිට මා ගැන සිහි කරයි.

කඩුවට හා තෙබට (උල් ආයුධයෙන්) සමාන වූ උලට මා නංවන ලද බව ඕ තොමෝ නොදනී. චණ්ඩ වූ ඇය මට ක්‍රෝධ නොකරයි. ඇගේ කෝපය මා තවයි. උල තැබීමෙන් ඇතිවන දුක මා නොතවයි.

කොට්ටය ළඟ තැබූ උපුලක් සමාන මේ සන්නාහයද රන් පහකින් කළ මුද්දද මොළොක් සළු දෙකද මේ වස්තු කැමති වන මාගේ ප්‍රිය බිරිඳ මෙයින් තෘප්තිමත් වේවා!

තත්‍ථ ඩෙමානාති ගච‍්ඡමාන චරමාන. පත‍්තයානාති තමෙවාලපති, තථා විහඞ‍්ගමාති. සො හි පත‍්තෙහි යානං කත්‍වා ගමනතො පත‍්තයානො, ආකාසෙ ගමනතො විහඞ‍්ගමො. වජ‍්ජාසීති වදෙය්‍යාසි. වාමූරුන‍්ති කදලික‍්ඛන්‍ධසමානඌරුං, මම සූලෙ නිසින‍්නභාවං වදෙය්‍යාසි. චිරං ඛො සා කරිස‍්සතීති සා ඉමං පවත‍්තිං අජානමානා මම ආගමනං චිරං කරිස‍්සති, “චිරං මෙ ගතස‍්ස පියස‍්ස න ච ආගච‍්ඡතී”ති එවං චින‍්තෙස‍්සතීති අත්‍ථො.

එහි, ඩෙමාන යනු යන, හැසිරෙන, පත්තයාන යනු කපුටාටම අමතයි. විහංගම යනුද එසේය. ඌ වනාහි පියාපත් යානාවක් කොට යන බැවින්, පත්තයාන නම් ද අහසෙහි ගමන් කරන බැවින් ‘විභංගම’ නම්ද වෙයි. වජ්ජාසි යනු කියන්නෙහිය. චාමූරුං යනු කෙසෙල්කඳක් සමාන වූ (සිනිඳු, පැහැපත්, උඩසිට පහළට සිහින් වූ) කළවා ඇති බිරිඳට මා උළමත සිටින බව කියන්න. චිරං ඛො සා කරිස්සති යනු ඈ මේ සිද්ධිය නොදන්නා බැවින් මගේ පැමිණීමට බොහෝ කල්ගත වන්නේය, පිටව ගිය මගේ ප්‍රිය සැමියාට බොහෝකල් ගතවිය. (එහෙත්) නොඑන්නේයයි මෙසේ සිතන්නීය යන අර්ථයි.

අසිං සත‍්තිඤ‍්චාති අසිසමානතාය සත‍්තිසමානතාය ච සූලමෙව සන්‍ධාය වදති. තඤ‍්හි තස‍්ස උත‍්තාසනත්‍ථාය ඔඩ‍්ඩිතං ඨපිතං. චණ‍්ඩීති කොධනා. කාහති කොධන‍්ති “අතිචිරායතී”ති මයි කොධං කරිස‍්සති. තං මෙ තපතීති තං තස‍්සා කුජ‍්ඣනං මං තපති. නො ඉදන‍්ති ඉධ පන ඉදං සූලං මං න තපතීති දීපෙති.

අසිං සත්තිඤ්ච යනු කඩුවට සමාන නිසාද තෙබට (අණින ආයුධය) සමාන නිසාද උල සඳහාම කියයි. එය වනාහි ඔහුට තැති ගැන්වීම පිණිස අටවන ලද තබන ලද එකකි. චණ්ඩී යනු කිපෙනසුළු, කොධං යනු ඉතා පමාවන්නේ යයි මා කෙරෙහි ක්‍රෝධ කරන්නේය. තං මේ තපති යනු ඇගේ ඒ කිපීම මාව තවයි (මට තැවීමක් ඇති කරයි). නො ඉධ මෙහි මේ උල මාව නොතවයි යනුවෙන් දක්වයි.

“එස උප‍්පලසන‍්නාහො”තිආදීහි ඝරෙ උස‍්සීසකෙ ඨපිතං අත‍්තනො භණ‍්ඩං ආචික‍්ඛති. තත්‍ථ උප‍්පලසන‍්නාහොති උප‍්පලො ච සන‍්නාහො ච උප‍්පලසන‍්නාහො, උප‍්පලසදිසො කණයො ච සන‍්නාහකො චාති අත්‍ථො. නික‍්ඛඤ‍්චාති පඤ‍්චහි සුවණ‍්ණෙහි කතං අඞ‍්ගුලිමුද‍්දිකං. කාසිකඤ‍්ච මුදු වත්‍ථන‍්ති මුදුං කාසිකසාටකයුගං සන්‍ධායාහ. එත‍්තකං කිර තෙන උස‍්සීසකෙ නික‍්ඛිත‍්තං. තප‍්පෙතු ධනිකා පියාති එතං සබ‍්බං ගහෙත්‍වා සා මම පියා ධනත්‍ථිකා ඉමිනා ධනෙන තප‍්පෙතු පූරෙතු, සන‍්තුට‍්ඨා හොතූති.

එස උප්පල සන්නාහො යනු ආදියෙන් දෙර කොට්ටය ළඟ තබන ලද තමන්ගේ භාණ්ඩයක් කියයි. එහි උප්පලසන්නාහො යනු උපුලම සන්නාහයයි. උපුලකට සමානව කරන ලද එයද සන්නාහයක් ලෙස පිළියෙල කරන ලද්දකි යන අර්ථයි. නික්ඛං යනු රන් පහකින් කළ ඇඟිලි මුද්ද. කාසිකඤ්ච මුදුං වත්‍ථං යනු මෘදු වූ කසී සළු දෙකක් සඳහා කීය. එපමණ දේවල් ඔහු විසින් කොට්ටය ළඟ තබන ලදි. තප්පතු ධනකාමිකා යනු මේ සියල්ල ගෙන ධනය ඇති ප්‍රිය බිරිඳ මේ ධනයෙන් තෘප්තිමත් වේවා! පිරුණු සතුටින් යුක්ත තැනැත්තියක් වේවා.

එවං සො පරිදෙවමානොව කාලං කත්‍වා නිරයෙ නිබ‍්බත‍්ති.

හෙතෙම මෙසේ වැළපෙමින්ම කලුරියකොට නරකයෙහි උපන්නේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ උක‍්කණ‍්ඨිතභික‍්ඛු, සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. “තදා භරියා එතරහි භරියා අහොසි, යෙන පන දෙවපුත‍්තෙන තං කාරණං දිට‍්ඨං, සො අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යයන් ප්‍රකාශකොට ජාතක කථාව නිමවා වදාළ සේක. සත්‍ය දේශනාව කෙළවර කලකිරුණු භික්‍ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. එකල භාර්යාව දැනුත් භාර්යාවයි. ඒ කාරණය දක්නා ලද දිව්‍යපුත්‍රයා මම ම වූයෙමි යි වදාළ සේක.

කාමවිලාපජාතකවණ‍්ණනා සත‍්තමා.