6. සමුද්දජාතකවණ්ණනා 296 අට්ඨකථා
6. සමුද්දජාතකවණ්ණනා (296)
6. සමුද්ද ජාතකය (296)
කො නායන්ති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො උපනන්දත්ථෙරං ආරබ්භ කථෙසි. සො හි මහග්ඝසො මහාතණ්හො අහොසි, සකටපූරෙහි පච්චයෙහිපි සන්තප්පෙතුං න සක්කා. වස්සූපනායිකකාලෙ ද්වීසු තීසු විහාරෙසු වස්සං උපගන්ත්වා එකස්මිං උපාහනෙ ඨපෙති, එකස්මිං කත්තරයට්ඨිං, එකස්මිං උදකතුම්බං. එකස්මිං සයං වසති, ජනපදවිහාරං ගන්ත්වා පණීතපරික්ඛාරෙ භික්ඛූ දිස්වා අරියවංසකථං කථෙත්වා තෙසං පංසුකූලානි ගාහාපෙත්වා තෙසං චීවරානි ගණ්හාති, මත්තිකාපත්තෙ ගාහාපෙත්වා මනාපමනාපෙ පත්තෙ ථාලකානි ච ගහෙත්වා යානකං පූරෙත්වා ජෙතවනං ආගච්ඡති. අථෙකදිවසං භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං – “ආවුසො, උපනන්දො සක්යපුත්තො මහග්ඝසො මහිච්ඡො අඤ්ඤෙසං පටිපත්තිං කථෙත්වා සමණපරික්ඛාරෙන යානකං පූරෙත්වා ආගච්ඡතී”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “අයුත්තං, භික්ඛවෙ, උපනන්දෙන කතං පරෙසං අරියවංසකථං කථෙන්තෙන, පඨමතරඤ්හි අත්තනා අප්පිච්ඡෙන හුත්වා පච්ඡා පරෙසං අරියවංසං කථෙතුං වට්ටතී”ති.
කොනායං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරනසේක් උපනන්ද තෙරුන් වහන්සේ අරබයා වදාළ සේක. හෙතෙම බොහෝ අනුභව කරන මහත් තෘෂ්ණා ඇත්තෙක් විය. ගැල් පුරවා ප්‍රත්‍යය ලැබුණත් සෑහීමට පත් කරන්නට නොහැකිය. වස් ආරාධනා කරන කාලයේදී දෙතුන් විහාරයක වස් එළඹ ඒ තැන්වලින් එක් ආරාමයක පාවහන් තබයි. එක් තැනක සැරයටියද තවත් තැනක පැන් කෙණ්ඩියද තබා එක් ආරාමයක තමන් වාසය කරයි. ජනපදවල විහාරවලට ගොස් වටිනා පිරිකර ඇති භික්ෂූන් දැක අරියවංස කථාව දේශනාකොට උන්වහන්සේලාට පාංශුකූල සිවුරු ගන්නට සලස්වා තමා උන්වහන්සේලාගේ සිවුරු ගනියි. මැටි පාත්‍රා ගන්නට සලස්වා කැමති කැමති පාත්‍ර ද තැලිද ගනියි. ඒවා එකතුකර යානාවක පුරවාගෙන ජේතවනාරාමයට එයි. ඉක්බිති එක්දිනක භික්ෂූහු දම්සභාවෙහිදී “ඇවැත්නි, උපනන්ද ශාක්‍ය පුත්‍රයා බොහෝ අනුභව කරන මහත් තෘෂ්ණා ඇත්තෙකි. අනුන් හට ප්‍රතිපත්ති කියා ශ්‍රමණ පිරිකර යානාවක පුරවාගෙන එන්නේය”යි කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි, මම මෙහි එන්නට පෙර නුඹලා කවර කථාවකින් යුක්තව සිටියාහුදැයි විචාරා, මෙනම් කථාවෙන් යයි කී කල්හි මහණෙනි, උපනන්ද විසින් අයුක්තියක් කරන ලදි. අනුන්ට අරියවංස දේශනාව කරන තැනැත්තා විසින් පළමුකොට තමා විසින් ස්වල්පයක් කැමති වීමෙන් අල්පේච්ඡ පුද්ගලයෙකු වී පසුව අන් අයට අරියවංස ප්‍රතිපදාව කීම සුදුසුයයි,
“අත්තානමෙව පඨමං, පතිරූපෙ නිවෙසයෙ; අථඤ්ඤමනුසාසෙය්‍ය, න කිලිස්සෙය්‍ය පණ්ඩිතො”ති. (ධ· ප· 158) –
අත්තානමෙව පඨමං පතිරූපෙ නිවෙසයෙ, අථඤ්ඤමනුසාසෙය්‍ය නකිලිස්සෙය්ය පණ්ඩිතො
යන ගාථාව කීය.
තමන් පළමුව සුදුසු ගුණයෙහි පිහිටා සිට අනතුරුව අන් අයට ඒ ගැන අනුශාසනා කරන්නේය. එසේ කරන නුවණ ඇත්තා නොකෙලෙසෙයි.
ඉමං ධම්මපදෙ ගාථං දෙසෙත්වා උපනන්දං ගරහිත්වා “න, භික්ඛවෙ, ඉදානෙව උපනන්දො මහිච්ඡො, පුබ්බෙ මහාසමුද්දෙපි උදකං රක්ඛිතබ්බං මඤ්ඤී”ති වත්වා අතීතං ආහරි.
මේ ධම්මපදයේ ගාථාව දේශනාකොට උපනන්ද භික්ෂුවට රහා මහණෙනි, උපනන්ද භික්ෂුව දැන් පමණක් මහත් ආසා ඇත්තේ නොවෙයි. පෙරත් මහමුහුදේ ජලය රැකගත යුතුයයි සිතීයයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො සමුද්දදෙවතා හුත්වා නිබ්බත්ති. අථෙකො කාකො සමුද්දස්ස උපරිභාගෙ විචරන්තො “සමුද්දෙ උදකං පමාණෙන පිවථ, රක්ඛන්තා පිවථා”ති මච්ඡසඞ්ඝසකුණසඞ්ඝෙ වාරෙන්තො වාරෙන්තො චරති. තං දිස්වා සමුද්දදෙවතා පඨමං ගාථමාහ –
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ මුහුදට අරක් ගත් දෙවියෙක් වී උපන්හ. ඉක්බිති එක් දියකාවෙක් මුහුද මතුපිටින් යන්නේ මුහුදෙහි ජලය පමණට බොන්න. ආරක්ෂා කරගෙන බොන්නැයි මාලු සමූහයා හා කුරුළු සමූහයා වළක්වමින් හැසිරෙයි. ඒ කථාව දැක මුහුදු දෙවියා,
“කො නායං ලොණතොයස්මිං, සමන්තා පරිධාවති; මච්ඡෙ මකරෙ ච වාරෙති, ඌමීසු ච විහඤ්ඤතී”ති.
කොනායං ලොණතොයස්මිං සමන්තා පරිධාවති, මච්ඡෙ මකරෙ ච වාරෙති ඌමිසුච විහඤ්ඤති
යන පළමු ගාථාව කීය.
ලවණ ජලයෙහි හාත්පස දුවයි. මාලුවන් හා මෝරුන් වළකයි. රැළෙහිද ගැටේ. මේ කවරෙක්ද?
තත්ථ කො නායන්ති කො නු අයං.
එහි, කොනායං (කොනු අයං) යනු මේ කවරෙක්ද?
තං සුත්වා සමුද්දකාකො දුතියං ගාථමාහ –
ඒ අසා මුහුදු කපුටා (දියකාවා),
“අනන්තපායී සකුණො, අතිත්තොති දිසාසුතො; සමුද්දං පාතුමිච්ඡාමි, සාගරං සරිතංපති”න්ති.
අනන්තපායී සකුණො අතිත්තොති දිසාසුතො, සමුද්දං පාතුමිච්ඡාමි සාගරං සරිතං පතිං
යන දෙවන ගාථාව කීය.
ගංගාවන්ට ස්වාමී වූ මුහුද බොන්නට රිස්සෙමි. එහෙයින් අනන්තපායී පක්ෂියා වෙමි. සපුරන්නට නොහැකි ආසාවෙන් යුත් හෙයින් අතෘප්ත යයි දිශාවන්හි ප්‍රසිද්ධ වෙමි.
තස්සත්ථො – අහං අනන්තසාගරං පාතුමිච්ඡාමි, තෙනම්හි අනන්තපායී නාම සකුණො මහතියාපි අපූරණියා තණ්හාය සමන්නාගතත්තා අතිත්තොතිපි අහං දිසාසු සුතො විස්සුතො පාකටො, ස්වාහං ඉමං සකලසමුද්දං සුන්දරානං රතනානං ආකරත්තා සාගරෙන වා ඛතත්තා සාගරං සරිතානං පතිභාවෙන සරිතංපතිං පාතුමිච්ඡාමීති.
එහි අර්ථය, මම අනන්ත සාගරය බොන්නට කැමැත්තෙමි. එහෙයින් අනන්තපායී නාම සකුණො අනන්තපායී නම් පක්ෂියා වෙමි. පිරවිය නොහැකි තණ්හාවෙන් යුක්ත බැවින් අනිත්තො අතෘප්තිමත් කෙනෙකැයිද මම දිසාසුතො (ඒ ඒ දිශාවල අයට අසන්නට ලැබීමෙන්) ප්‍රකට වූවෙක් වෙමි. ඒ මම මේ මුළු සමුද්‍රය සුන්දර වූ රත්නවලට ආකරයක් වන බැවින් හෝ සාගර නම් සෘෂිවරයා විසින් සාරන ලද බැවින් සාගර සාගරය නම් වූ ගංගාවන්ට ස්වාමියෙක් (අධිපතියෙක්) වූ බැවින්. සරිතං පතිං පාතුමිච්ඡාමි ගංගාවන්ට ස්වාමී වූ (ගඟපති වූ) සමුද්‍රය බොන්නට කැමැත්තෙමි.
තං සුත්වා සමුද්දදෙවතා තතියං ගාථමාහ –
එය අසා සමුද්‍ර දේවතාවා,
“සො අයං හායති චෙව, පූරතෙ ච මහොදධි; නාස්ස නායති පීතන්තො, අපෙය්යො කිර සාගරො”ති.
ස්වායං හායති චෙව පුරතෙ ච මහොදධි, නාස්ස නායති පීතන්තො අපය්යො කිර සාගරො
මේ සාගරය දිය බස්නා වේලාවෙහි බසී. වැඩෙන වේලාවෙහි පිරෙයි. සාගරය බීමෙන් අඩු නොවේ. (පානය කොට අවසන් කළ නොහැකි) හෙයින් සයුර ‘අපෙය්‍ය’ නම් වේ.
තත්ථ සො අයං හායති චෙවාති උදකස්ස ඔසක්කනවෙලාය හායති, නික්ඛමනවෙලාය පූරති. නාස්ස නායතීති අස්ස මහාසමුද්දස්ස සචෙපි නං සකලලොකො පිවෙය්ය, තථාපි “ඉතො එත්තකං නාම උදකං පීත”න්ති පරියන්තො න පඤ්ඤායති. අපෙය්යො කිරාති එසො කිර සාගරො න සක්කා කෙනචි උදකං ඛෙපෙත්වා පාතුන්ති.
එහි, ස්වායං යනු ඒ මේ සාගරය. හායතිචෙව යනු ජලය පසුබසින වේලාවෙහි අඩු වේ. (බාදිය) නික්මෙන වේලාවෙහි පිරෙයි. (වඩදිය) නාස්ස නායති යනු ඉදින් මේ මහ මුහුදෙහි ජලය සියලු ලෝ වැසියන් පානය කළත් මෙයින් මෙපමණක් ජලය බීවේ යයි කෙළවරක් නොපෙනේ. අපෙය්යො කිර යනු මේ සාගරය කිසිවෙකු විසින් ඉවර වෙන්න බොන්නට නොහැකිය.
එවඤ්ච පන වත්වා සා භෙරවරූපාරම්මණං දස්සෙත්වා සමුද්දකාකං පලාපෙසි.
මෙසේද කියා වනාහි බියජනක රූපයක් දක්වා මුහුදු කපුටා පලවා හැරියේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා සමුද්දකාකො උපනන්දො අහොසි, දෙවතා පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල මුහුදු කපුටා උපනන්දය. දේවතාවා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.
සමුද්දජාතකවණ්ණනා ඡට්ඨා.