යෙදුමෙන් කියවන්න

5. අන‍්තජාතකවණ‍්ණනා 295 අට‍්ඨකථා

5. අන‍්තජාතකවණ‍්ණනා (295)

5. අන්ත ජාතකය (295)

උසභස‍්සෙව තෙ ඛන්‍ධොති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො තෙයෙව ද‍්වෙ ජනෙ ආරබ‍්භ කථෙසි. පච‍්චුප‍්පන‍්නවත්‍ථු පුරිමසදිසමෙව.

උසභස්සෙව තෙ ඛන්‍ධො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ එහිම වැඩවාසය කරනසේක් ඒ තෙරුන් වහන්සේලා දෙනමම අරබයා වදාළ සේක. වර්තමාන කථාව පෙර පරිදිමය.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො එකස‍්මිං ගාමූපචාරෙ එරණ‍්ඩරුක‍්ඛදෙවතා හුත්‍වා නිබ‍්බත‍්ති. තදා එකස‍්මිං ගාමකෙ මතං ජරග‍්ගවං නික‍්කඩ‍්ඪිත්‍වා ගාමද‍්වාරෙ එරණ‍්ඩවනෙ ඡඩ‍්ඩෙසුං. එකො සිඞ‍්ගාලො ආගන‍්ත්‍වා තස‍්ස මංසං ඛාදි. එකො කාකො ආගන‍්ත්‍වා එරණ‍්ඩෙ නිලීනො තං දිස‍්වා “යංනූනාහං එතස‍්ස අභූතගුණකථං කථෙත්‍වා මංසං ඛාදෙය්‍ය”න‍්ති චින‍්තෙත්‍වා පඨමං ගාථමාහ –

අතීතයේ වනාහි බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ එක් ගව් සීමාවක එරඬු ගසෙක දෙවියෙකු වී උපන්හ. එකල එක් ගමෙක මළා වූ මහලු ගවයෙකු බැහැරකොට ගම්සීමාවෙහි එරඬු වනයෙහි ඉවත දැමූහ. එක් හිවලෙක් අවුත් ඌගේ මස් කෑවේය. එක් කපුටෙක් අවුත් එරඬු ගසෙහි සැඟවුනේ හිවලා දැක මම මොහුගේ නැති ගුණ කියා මස් කන්නේ නම් යෙහෙැකයි සිතා

“උසභස‍්සෙව තෙ ඛන්‍ධො, සීහස‍්සෙව විජම‍්භිතං; මිගරාජ නමො ත්‍යත්‍ථු, අපි කිඤ‍්චි ලභාමසෙ”ති.

උසභස්සෙව තෙ ඛන්‍ධො සීහස්සෙව විජම්භිතං, මිගරාජ නමොත්‍යත්‍ථු අපි කිඤ්චි ලභාමසෙ

යන පළමු ගාථාව කීය.

නුඹේ කඳ (ශරීරය) වෘෂභ රාජයෙකුගේ වැනිය. ඇඟ කිළිපෙලීම සිංහයෙකුගේ වැනිය. මෘගරාජය, තොපට නමස්කාර වේවා! අපටත් යමක් ලැබෙනවා නම් මැනවි.

තත්‍ථ නමො ත්‍යත්‍ථූති නමො තෙ අත්‍ථු.

එහි, නමොත්‍යත්‍ථු යනු (නමො තෙ අත්‍ථු) ඔබට නමස්කාර වේවා!

තං සුත්‍වා සිඞ‍්ගාලො දුතියං ගාථමාහ –

ඒ අසා හිවලා,

“කුලපුත‍්තොව ජානාති, කුලපුත‍්තං පසංසිතුං; මයූරගීවසඞ‍්කාස, ඉතො පරියාහි වායසා”ති.

කුල පුත්තොව ජානාති කුලපුත්තෙ පසංසිතුං, මයූර ගීව සංකාස ඉතො පරියාහි වායස

යන දෙවන ගාථාව කීය.

කුලපුත්‍රයන් පසසන්නට කුලපුත්‍රයෙක්ම දනී. මොණරකුගේ බෙල්ල වැනි බෙල්ලක් ඇති කවුඩාණෙනි, මෙහි එන්න.

තත්‍ථ ඉතො පරියාහීති එරණ‍්ඩතො ඔතරිත්‍වා ඉතො යෙනාහං, තෙනාගන‍්ත්‍වා මංසං ඛාදාති වදති.

එහි, ඉතො පරියාහි යනු එරඬු ගසෙන් බැස මා සිටින මෙතැනට අවුත් මස් කන්නැයි කියයි.

තං තෙසං කිරියං දිස‍්වා රුක‍්ඛදෙවතා තතියං ගාථමාහ –

ඒ දේවතාවා ඔවුන්ගේ ක්‍රියාව දැක ඒ රුක් දේවතාවා

“මිගානං සිඞ‍්ගාලො අන‍්තො, පක‍්ඛීනං පන වායසො; එරණ‍්ඩො අන‍්තො රුක‍්ඛානං, තයො අන‍්තා සමාගතා”ති.

මිගානං කොත්‍ථුකො අන්තො පක්ඛීනං පන වායසො, එරණ්ඩො අන්තො රුක්ඛානං තයො අන්තාසමාගතා

යන තෙවන ගාථාව කීය.

මෘගයන් අතුරෙන් හිවලා හීනය. පක්‍ෂීන් අතුරෙන් කවුඩා හීනය. වෘක්‍ෂයන් අතුරින් එරඬුගස හීනය. හීනයෝ තිදෙනෙක් එක්වූහ.

තත්‍ථ අන‍්තොති හීනො ලාමකො.

එහි, අන්තො යනු හීන පහත් වූ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා සිඞ‍්ගාලො දෙවදත‍්තො අහොසි, කාකො කොකාලිකො, රුක‍්ඛදෙවතා පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල සිවලා දෙව්දත්ය. කපුටා කෝකාලිකය. රුක්දෙවියා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.

අන‍්තජාතකවණ‍්ණනා පඤ‍්චමා.