10. වකජාතකවණ්ණනා 300 අට්ඨකථා
10. වකජාතකවණ්ණනා (300)
10. වක ජාතකය (300)
පරපාණරොධා ජීවන්තොති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො පුරාණසන්ථතං ආරබ්භ කථෙසි. වත්ථු විනයෙ (පාරා· 565 ආදයො) විත්ථාරතො ආගතමෙව. අයං පනෙත්ථ සඞ්ඛෙපො – ආයස්මා උපසෙනො දුවස්සිකො එකවස්සිකෙන සද්ධිවිහාරිකෙන සද්ධිං සත්ථාරං උපසඞ්කමිත්වා සත්ථාරා ගරහිතො වන්දිත්වා පක්කන්තො විපස්සනං පට්ඨපෙත්වා අරහත්තප්පත්තො අප්පිච්ඡතාදිගුණයුත්තො තෙරස ධුතඞ්ගානි සමාදාය පරිසම්පි තෙරසධුතඞ්ගධරං කත්වා භගවති තෙමාසං පටිසල්ලීනෙ සපරිසො සත්ථාරං උපසඞ්කමිත්වා පරිසං නිස්සාය පඨමං ගරහං ලභිත්වා අධම්මිකාය කතිකාය අනනුවත්තනෙ දුතියං සාධුකාරං ලභිත්වා “ඉතො පට්ඨාය ධුතඞ්ගධරා භික්ඛූ යථාසුඛං උපසඞ්කමිත්වා මං පස්සන්තූ”ති සත්ථාරා කතානුග්ගහො නික්ඛමිත්වා භික්ඛූනං තමත්ථං ආරොචෙසි. තතො පභුති භික්ඛූ ධුතඞ්ගධරා හුත්වා සත්ථාරං දස්සනාය උපසඞ්කමිත්වා සත්ථරි පටිසල්ලානා වුට්ඨිතෙ තත්ථ තත්ථ පංසුකූලානි ඡඩ්ඩෙත්වා අත්තනො පත්තචීවරානෙව ගණ්හිංසු. සත්ථා සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං සෙනාසනචාරිකං චරන්තො තත්ථ තත්ථ පතිතානි පංසුකූලානි දිස්වා පුච්ඡිත්වා තමත්ථං සුත්වා “භික්ඛවෙ, ඉමෙසං නාම භික්ඛූනං ධුතඞ්ගසමාදානං න චිරට්ඨිතිකං වකස්ස උපොසථකම්මසදිසං අහොසී”ති වත්වා අතීතං ආහරි.
පරපාණරොධා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරනසේක් පැරණි ඇතිරිල්ලක් අරබයා වදාළ සේක. කථා වස්තුව විනය පිටකයේ විස්තර වශයෙන් දක්වා ඇත. මේ වනාහි එහි සාරාංශයයි. ආයුෂ්මත් උපසේන තෙරුන් වහන්සේ උපසම්පදාවෙන් වස් දෙකක් ඇති කෙනෙක්ව එක් වසක් ඇති සද්ධි විහාරික ශිෂ්‍ය භික්ෂුව සමග බුදුරජාණන් වහන්සේ වෙත එළඹ බුදුරජාණන් වහන්සේ විසින් ගරහන ලද්දේ වැඳ ආපසු ගොස් විදර්ශනා වඩා රහත් භාවයට පත්ව අල්පේච්ඡතා ආදී ගුණවලින් යුක්තව තෙළෙස් ධුතාංග සමාදන්ව පිරිසඳ තෙළෙස් ධුතංගධාරීන් කොට භාග්‍යවතුන් වහන්සේ තුන්මසක් විවේකීව වැඩ වෙසෙද්දී පිරිවර සහිතව බුදුරජාණන් වහන්සේ වෙත එළඹ පිරිස නිසා පළමුව නින්දා ලබා අදැහැමි කතිකාවට අනුව නොපැවතීම නිසා දෙවනුව සාධුකාර ලබා මෙතැන් පටන් ධුතාංගධාරී භික්ෂූහු කැමති පරිදි එළඹ මා බලත්වායි ශාස්තෲන් වහන්සේ විසින් කරන ලද අනුග්‍රහ (අනුමැතිය) ඇතිව නික්ම භික්ෂූන්ට ඒ කරුණ සැල කළේය. එතැන් පටන් භික්ෂූහු ධුතාංගධාරීන් බවට පත්ව ශාස්තෲන් වහන්සේ දැකීමට එළඹ ශාස්තෲන් වහන්සේ විවේක සුවයෙන් නැගිටි කල්හි ඒ ඒ තැන පංසුකූල සිවුරු දමා තමන්ගේ සිනිඳු සිවුරුම ගත්තාහුය. බුදුරජාණන් වහන්සේ බොහෝ භික්ෂූන් සම සේනාසනවල චාරිකාවල හැසිරෙමින් ඒ ඒ තැන වැටී තිබුණු පංසුකූල සිවුරු දැක විමසා ඒ කරුණ අසා මහණෙනි, මේ භික්ෂූන්ගේ (ධුතංග නම් වූ) වත සමාදන් වීම චිරකල් නොපැවතියේය. වක නම් දිවියාගේ පෙහෙවස් සමාදන්වීම හා සමාන වේයයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො සක්කො දෙවරාජා අහොසි. අථෙකො වකො ගඞ්ගාතීරෙ පාසාණපිට්ඨෙ වසති, අථ ගඞ්ගාය මහොදකං ආගන්ත්වා තං පාසාණං පරික්ඛිපි. වකො අභිරුහිත්වා පාසාණපිට්ඨෙ නිපජ්ජි, නෙවස්ස ගොචරො අත්ථි, න ගොචරාය ගමනමග්ගො, උදකම්පි වඩ්ඪතෙව. සො චින්තෙසි – “මය්හං නෙව ගොචරො අත්ථි, න ගොචරාය ගමනමග්ගො, නික්කම්මස්ස පන නිපජ්ජනතො උපොසථකම්මං වර”න්ති මනසාව උපොසථං අධිට්ඨාය සීලානි සමාදියිත්වා නිපජ්ජි. තදා සක්කො දෙවරාජා ආවජ්ජමානො තස්ස තං දුබ්බලසමාදානං ඤත්වා “එතං වකං විහෙඨෙස්සාමී”ති එළකරූපෙන ආගන්ත්වා තස්ස අවිදූරෙ ඨත්වා අත්තානං දස්සෙසි. වකො තං දිස්වා “අඤ්ඤස්මිං දිවසෙ උපොසථකම්මං ජානිස්සාමී”ති උට්ඨාය තං ගණ්හිතුං පක්ඛන්දි. එළකොපි ඉතො චිතො ච පක්ඛන්‍දිත්‍වා අත්තානං ගහෙතුං නාදාසි. වකො තං ගහෙතුං අසක්කොන්තො නිවත්තිත්වා ආගම්ම “උපොසථකම්මං තාව මෙ න භිජ්ජතී”ති තත්ථෙව පුන නිපජ්ජි. සක්කො සක්කත්තභාවෙනෙව ආකාසෙ ඨත්වා “තාදිසස්ස දුබ්බලජ්ඣාසයස්ස කිං උපොසථකම්මෙන, ත්වං මම සක්කභාවං අජානන්තො එළකමංසං ඛාදිතුකාමො අහොසී”ති තං විහෙඨෙත්වා ගරහිත්වා දෙවලොකමෙව ගතො.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ සක්දෙව් රජ වූ සේක. ඉක්බිති එක් වක නම් දිවියෙක් ගංතෙර ගල් තලාවක වාසය කරයි. ඉක්බිති ගඟට ජලය ඇවිත් ඒ ගල ජලයෙන් වටවිය. වක නම් දිවියා ගලට නැග ගල්තලාව මත වැතිර ගත්තේය. ඔහුට ආහාර නැත. ආහාර සඳහා ගමන් මගක්ද නැත. ජලය වැඩිවෙයි. ඌ මට ආහාර නැත. ඒ සඳහා ගමන් මගක්ද නැත. වැඩක් නැතිව නිදනවාට වඩා පෙහෙවස් රැකීම උතුම්යයි සිතා සිතින්ම පෙහෙවස් අධිෂ්ඨානකොට සිල් සමාදන්ව නිදාගත්තේය. එකල සක්දෙවිඳු ආවර්ජනා කරමින් ඔහුගේ ඒ දුර්වල සිල් ගැනීම දැනගෙන මේ වක දිවියා වෙහෙසට පත් කරන්නෙමියි සිතා එළුවෙකුගේ වේශයෙන් අවුත් ඌගේ නුදුරෙහි සිට තමන් පෙනී සිටියේය. වක දිවියා ඌ දැක වෙනත් දිනයක පෙහෙවස් රැකීම දැනගන්නෙමියි නොනැගිට ඌ අල්ලා ගන්නට පැන්නේය. එළුවාද ඒ මේ අතට පැන තමන් අල්ලා ගන්නට නුදුන්නේය. වක දිවියා ඌ අල්ලා ගන්නට නොහැකිව නැවතී අවුත් මගේ උපෝසථය තවමත් නොබිඳුනේ යයි එහිම නැවත නිදා ගත්තේය. ශක්‍රයා ශක්‍ර ආත්ම භාවයෙන්ම අහසෙහි සිට නුඹ වැනි දුර්වල අදහස් ඇතියෙකුගේ උපෝෂථ කර්මයෙන් කවර ඵලයක්ද? නුඹ මගේ ශක්‍රභාවය නොදැන එළුමස් කනු කැමැත්තේ වීදැයි ඌ වෙහෙසවා ගරහා දෙව්ලොවටම ගියේය.
“පරපාණරොධා ජීවන්තො, මංසලොහිතභොජනො; වකො වතං සමාදාය, උපපජ්ජි උපොසථං.
පරපාණරොධා ජීවන්තො මංසලොහිත භොජනො, වකො වතං සමාදාය උපපජ්ජ උපොසථං
“තස්ස සක්කො වතඤ්ඤාය, අජරූපෙනුපාගමි; වීතතපො අජ්ඣප්පත්තො, භඤ්ජි ලොහිතපො තපං.
තස්ස සක්කො වතඤ්ඤාය අජරූපෙනුපාගමි, වීතතපො අජ්ඣප්පත්තො භඤ්ජි ලොහිතපො තපං
“එවමෙව ඉධෙකච්චෙ, සමාදානම්හි දුබ්බලා; ලහුං කරොන්ති අත්තානං, වකොව අජකාරණා”ති. –
එවමෙවං ඉධෙකච්චෙ සමාදනස්මිං දුබ්බලා, ලහුං කරොන්ති අත්තානං වකොව අජකාරණා
තිස්සොපි අභිසම්බුද්ධගාථාව.
යන ගාථා තුන බුදුබවට පත්ව දේශනා කරන ලද ගාථාය.
පර පණ නැසීමෙන් මස් ලේ අනුභව කොට ජීවත් වන්නා වූ වෘකයා පෙහෙවස් සමාදන් විය. ශක්‍රයා උගේ ව්‍රතය දැන එළු වෙසින් ළඟට ආවේය. (එවිට) තපස පහව ගියේය. ලේ බොන ඌ තපස බිඳගත්තේය. එපරිදි මෙලොව ඇතැම් කෙනෙක් සමාදන් වූ සීලය රැක ගැනීමට සමත් නොවෙති. එළුවා නිසා සැහැල්ලු බවට පත් වෘකයා මෙන් තමා සැහැල්ලු (හෑල්ලු) කරති.
තත්ථ උපපජ්ජි උපොසථන්ති උපොසථවාසං උපගතො. වතඤ්ඤායාති තස්ස දුබ්බලවතං අඤ්ඤාය. වීතතපො අජ්ඣප්පත්තොති විගතතපො හුත්වා උපගතො, තං ඛාදිතුං පක්ඛන්දීති අත්ථො. ලොහිතපොති ලොහිතපායී. තපන්ති තං අත්තනො සමාදානතපං භින්දි.
එහි, උපපජ්ජ උපොසථං යන පෙහෙවස් විසීමට එළඹියේය. වතඤ්ඤයා යනු ඒ දුර්වල ව්‍රතය දැනගෙන, වීතතපො අජ්ඣප්පත්තො යනු පහවූ තපස් ඇත්තෙක්ව පැමිණ ඒ එළුවා කෑමට පැන්නේය යන අර්ථයයි. ලොහිතපො යනු ලේ බොනු කැමතිව, තපං යනු තමන්ගේ ඒ සමාදාන වූ තපස බින්දේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා සක්කො අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල ශක්‍රයා මම ම වූයෙමි යි වදාළ සේක.
වකජාතකවණ්ණනා දසමා.
කුම්භවග්ගො පඤ්චමො.
පස්වැනි කුම්භ වර්ගය නිමියේය.
තස්සුද්දානං –
වරකුම්භ සුපත්ත සිරිව්හයනො, සුචිසම්මත බින්දුසරො චුසභො; සරිතංපති චණ්ඩි ජරාකපිනා, අථ මක්කටියා වකකෙන දසාති.
අථ වග්ගුද්දානං –
සඞ්කප්පො පදුමො චෙව, උදපානෙන තතියං; අබ්භන්තරං ඝටභෙදං, තිකනිපාතම්හිලඞ්කතන්ති.
තිකනිපාතවණ්ණනා නිට්ඨිතා.
තික නිපාත වර්ණනාව නිමාවිය.
(දුතියො භාගො නිට්ඨිතො.)