යෙදුමෙන් කියවන්න

1. චූළකාලිඞ‍්ගජාතකවණ‍්ණනා 301 අට‍්ඨකථා

1. චූළකාලිඞ‍්ගජාතකවණ‍්ණනා (301)

1. චුල්ලකාලිංග ජාතකය (301)

විවරථිමාසං ද‍්වාරන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො චතුන‍්නං පරිබ‍්බාජිකානං පබ‍්බජ‍්ජං ආරබ‍්භ කථෙසි. වෙසාලියං කිර ලිච‍්ඡවිරාජූනං සත‍්ත සහස‍්සානි සත‍්ත සතානි සත‍්ත ච ලිච‍්ඡවී වසිංසු. තෙ සබ‍්බෙපි පුච‍්ඡාපටිපුච‍්ඡාචිත‍්තකා අහෙසුං. අථෙකො පඤ‍්චසු වාදසතෙසු බ්‍යත‍්තො නිගණ‍්ඨො වෙසාලියං සම‍්පාපුණි, තෙ තස‍්ස සඞ‍්ගහං අකංසු. අපරාපි එවරූපා නිගණ‍්ඨී සම‍්පාපුණි . රාජානො ද‍්වෙපි ජනෙ වාදං කාරෙසුං, උභොපි සදිසාව අහෙසුං. තතො ලිච‍්ඡවීනං එතදහොසි “ඉමෙ ද‍්වෙපි පටිච‍්ච උප‍්පන‍්නො පුත‍්තො බ්‍යත‍්තො භවිස‍්සතී”ති. තෙසං විවාහං කාරෙත්‍වා ද‍්වෙපි එකතො වාසෙසුං. අථ නෙසං සංවාසමන්‍වාය පටිපාටියා චතස‍්සො දාරිකායො එකො ච දාරකො ජායි. දාරිකානං “සච‍්චා, ලොලා, අවධාරිකා, පටිච‍්ඡාදා”ති නාමං අකංසු, දාරකස‍්ස “සච‍්චකො”ති. තෙ පඤ‍්චපි ජනා විඤ‍්ඤුතං පත‍්තා මාතිතො පඤ‍්ච වාදසතානි, පිතිතො පඤ‍්ච වාදසතානීති වාදසහස‍්සං උග‍්ගණ‍්හිංසු. මාතාපිතරො දාරිකානං එවං ඔවදිංසු “සචෙ කොචි ගිහී තුම‍්හාකං වාදං භින්‍දිස‍්සති, තස‍්ස පාදපරිචාරිකා භවෙය්‍යාථ. සචෙ පබ‍්බජිතො භින්‍දිස‍්සති, තස‍්ස සන‍්තිකෙ පබ‍්බජෙය්‍යාථා”ති.

“විවරථ ඉමාසං ද්වාරං” යන මේ ගාථා කොටසින් ඇරඹෙන ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරේ වැඩ වෙසෙමින් පරිබ්‍රාජිකාවන් සිව්දෙනෙකුගේ පැවිද්ද අරබයා වදාළ සේක. විසාලා මහනුවර සත්දහස් සත්සිය හතක් ලිච්ඡවී රජදරුවෝ වූහ. ඒ සියලුදෙනා ප්‍රශ්න ඇසීම්, නැවත නැවත විචාරීම් ස්වභාවකොට ඇත්තාහු වූහ. එක්දිනෙක පන්සියයක් වාදයන්හි දක්ෂ වූ නිගණ්ඨයෙක් විසාලා මහනුවරට පැමිණුනි. ලිච්ඡවීහු ඔහුට සංග්‍රහ කළහ. අනතුරුව එබඳුම වූ දැනුම් ඇති, නිගණ්ඨ කාන්තාවක් ද එ පුරට පැමිණුනි. රජවරු මේ දෙදෙනා එකිනෙක හා වාද කරවූහ. දෙදෙනා ම සමාන දක්ෂකම් දැක්වූහ. ඉක්බිති ලිච්ඡවීන්ට මෙබඳු සිතිවිල්ලක් ඇති විය. ‘මොවුන් දෙදෙනාගේ එකතුවෙන් පුතෙක් උපන්නේ වී නම්, ඔහු දක්ෂයෙක් වන්නේය වශයෙනි. මෙසේ සිතා ලිච්ඡවීහු මේ දෙදෙනා විවාහ කරවා, එක් ව වසන්ට සැලැස්වූහ. අනතුරුව ඔවුන්ගේ විවාහයෙන් පිළිවෙලින් දැරියෝ සිව් දෙනෙක්ද, එක් පිරිමි දරුවෙක් ද ඉපදුනහ. ‘සච්ඡා’, ‘ලෝලා’, ‘අවවාදකා’, ‘පටාචාරා’ යනු දැරියන්ගේ නම් වේ. පුතාගේ නම ‘සච්චක’ය. මේ පස්දෙනා ම නිසිවියට පත් ව, මව් පසින් වාද පන්සීයක් ද පියපසින් වාද පන්සීයක්දැයි, වාද දහසක් උගත් හ. සිය දියණියන්ට ඔවදන් දෙන දෙමාපියෝ ‘දියණිවරුනි, කිසියම් ගිහියෙක් නුඹලා වාදයෙන් පරදවන්නේ නම්, ඔහුට බිරින්ඳන් වවු. පැවිදි උතුමකුට පැරදුනහොත් උන්වහන්සේ ළඟ පැවිදි වවු,’ යැයි පැවසූහ.

අපරභාගෙ මාතාපිතරො කාලමකංසු. තෙසු කාලකතෙසු සච‍්චකනිගණ‍්ඨො තත්‍ථෙව වෙසාලියං ලිච‍්ඡවීනං සිප‍්පං සික‍්ඛාපෙන‍්තො වසි. භගිනියො ජම‍්බුසාඛං ගහෙත්‍වා වාදත්‍ථාය නගරා නගරං චරමානා සාවත්‍ථිං පත්‍වා නගරද‍්වාරෙ සාඛං නිඛණිත්‍වා “යො අම‍්හාකං වාදං ආරොපෙතුං සක‍්කොති ගිහී වා පබ‍්බජිතො වා, සො එතං පංසුපුඤ‍්ජං පාදෙහි විකිරිත්‍වා පාදෙහෙව සාඛං මද‍්දතූ”ති දාරකානං වත්‍වා භික‍්ඛාය නගරං පවිසිංසු. අථායස‍්මා සාරිපුත‍්තො අසම‍්මට‍්ඨට‍්ඨානං සම‍්මජ‍්ජිත්‍වා රිත‍්තඝටෙසු පානීයං උපට‍්ඨපෙත්‍වා ගිලානෙ ච පටිජග‍්ගිත්‍වා දිවාතරං සාවත්‍ථිං පිණ‍්ඩාය පවිසන‍්තො තං සාඛං දිස‍්වා දාරකෙ පුච‍්ඡි, දාරකා තං පවත‍්තිං ආචික‍්ඛිංසු. ථෙරො දාරකෙහෙව පාතාපෙත්‍වා මද‍්දාපෙත්‍වා “යෙහි අයං සාඛා ඨපිතා, තෙ කතභත‍්තකිච‍්චාව ආගන‍්ත්‍වා ජෙතවනද‍්වාරකොට‍්ඨකෙ මං පස‍්සන‍්තූ”ති දාරකානං වත්‍වා නගරං පවිසිත්‍වා කතභත‍්තකිච‍්චො විහාරද‍්වාරකොට‍්ඨකෙ අට‍්ඨාසි. තාපි පරිබ‍්බාජිකා භික‍්ඛාය චරිත්‍වා ආගතා සාඛං මද‍්දිතං දිස‍්වා “කෙනායං මද‍්දිතා”ති වත්‍වා “සාරිපුත‍්තත්‍ථෙරෙන, සචෙ තුම‍්හෙ වාදත්‍ථිකා, ජෙතවනද‍්වාරකොට‍්ඨකං ගච‍්ඡථා”ති දාරකෙහි වුත‍්තා පුන නගරං පවිසිත්‍වා මහාජනං සන‍්නිපාතෙත්‍වා විහාරද‍්වාරකොට‍්ඨකං ගන‍්ත්‍වා ථෙරං වාදසහස‍්සං පුච‍්ඡිංසු. ථෙරො තං විස‍්සජ‍්ජෙත්‍වා “අඤ‍්ඤං කිඤ‍්චි ජානාථා”ති පුච‍්ඡි. “න ජානාම, සාමී”ති. “අහං පන වො කිඤ‍්චි පුච‍්ඡාමී”ති. “පුච‍්ඡ, සාමි, ජානන‍්තියො කථෙස‍්සාමා”ති.

පසුකලෙක මව්පියවරු කලුරිය කළහ. ඔවුන් මළ පසු, සච්චක නිගණ්ඨයා විසාලාවේ ම වෙසෙමින් ලිච්ඡවීන්ට ශිල්ප ඉගැන්වීමේ නිරත විය. ඔහුගේ සොයුරියෝ දඹ අත්තක් ගෙන වාද පිණිස නගරයක් පාසා හැසිරෙමින් සැවතට පැමිණ නගර දොරටුවෙහි පොළොවෙහි පස් හාරා දඹ අත්තක් සිටුවා, ‘යමෙක් අප හා වාද කිරීමට පොහොසත් වේ නම් ගිහියකු වුවත් පැවිද්දකු වුවත්, ඔහු මේ පස් ටික පයින් විසුරුවා දමා, දඹ අත්ත පාගාවා’යි එතැනට රැස් ව සිටි දරුවන්ට දන්වා භික්‍ෂාව පිණිස නුවරට පිවිසුණහ. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ විහාරස්ථානයේ නොහැමදූ තැන් හැමද, හිස් කළවලට පැන් පුරවා තබා, ගිලනුන්ටද උපස්ථාන කොට, මදක් දවල් වී සැවතට පිඬු පිණිස පිවිසි සේක්, ඉහත කී දඹ අත්ත දැක, අසල සිටි දරුවන්ගෙන් විචාරා ඒ ගැන දැන ඔවුන් ලවාම පස් විසුරුවා, දඹ අත්ත ද පෑගවූ සේක. ‘මේ දඹ අත්ත සිට වූ අය, දිවා ආහාරයෙන් පසු, ජේතවනාරාමයෙහි දොරකොටුවට පැමිණ මා හමුවිය යුත්තාහු යැ’යි දරුවන්ට කියා දී, නුවරට පිවිසි තෙරහු දහවල් දානයෙන් පසු විහාර දොරකොටුවෙහි වැඩසිටියහ. ඉහත කී පරිබ්‍රාජිකාවෝ ද දිවා ආහාරයෙන් පසු අත්ත සිටවූ තැනට පැමිණ, එය පාගා පස් විසුරුවා තිබෙනු දැක, ‘මෙය කවරකුගේ ක්‍රියාවක්දැ’යි අසා දරුවන්ගෙන් තොරතුරු දැන නැවත නගරයට පිවිස, මහජනයා ද රැස් කරවා ගෙන වෙහෙරට ගොස් දොරකොටුවේ දී තෙරුන්වහන්සේ මුණගැසී උන්වහන්සේ සමග දහසක් නයින් වාද කළහ. වාද දහසෙන් ම තෙරුන්වහන්සේ ජයගත්හ. ‘වෙනත් යමක් දනිත් දැ’යි තෙරුන්වහන්සේ විචාළ කල්හි, ‘හිමියනි, වෙනත් කිසිවක් අපි නොදනිමු’ යැයි පරිබ්‍රාජිකාවෝ පැවසූහ.

ථෙරො “එකං නාම කි”න‍්ති පුච‍්ඡි. තා න ජානිංසු. ථෙරො විස‍්සජ‍්ජෙසි. තා “අම‍්හාකං, සාමි, පරාජයො, තුම‍්හාකං ජයො”ති ආහංසු. “ඉදානි කිං කරිස‍්සථා”ති? “අම‍්හාකං මාතාපිතූහි අයං ඔවාදො දින‍්නො ‘සචෙ වො ගිහී වාදං භින්‍දිස‍්සති, තස‍්ස පජාපතියො භවෙය්‍යාථ. සචෙ පබ‍්බජිතො, තස‍්ස සන‍්තිකෙ පබ‍්බජෙය්‍යාථා’ති, පබ‍්බජ‍්ජං නො දෙථා”ති. ථෙරො “සාධූ”ති වත්‍වා තා උප‍්පලවණ‍්ණාය ථෙරියා සන‍්තිකෙ පබ‍්බාජෙසි. තා සබ‍්බාපි න චිරස‍්සෙව අරහත‍්තං පාපුණිංසු. අථෙකදිවසං භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං “ආවුසො, සාරිපුත‍්තත්‍ථෙරො චතුන‍්නං පරිබ‍්බාජිකානං අවස‍්සයො හුත්‍වා සබ‍්බා අරහත‍්තං පාපෙසී”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපෙස එතාසං අවස‍්සයො අහොසි, ඉදානි පන පබ‍්බජ‍්ජාභිසෙකං දාපෙසි, පුබ‍්බෙ රාජමහෙසිට‍්ඨානෙ ඨපෙසී”ති වත්‍වා අතීතං ආහරි.

‘මම ඔබගෙන් යමක් විචාරමි’ යි තෙරුන් වහන්සේ කී කල්හි, ස්වාමීනි, විමසනු මැනවි, දන්නා යමක් වෙතොත් කියන්නෙමු’යි පරිබ්‍රාජිකාවෝ පැවසූහ. තෙරුන් වහන්සේ ‘එක යනු කිමෙක්දැ’යි විචාළ සේක. ඈලා එය නො දත්හ. තෙරුන් වහන්සේ එය විසඳූහ. එවිට පරිබ්‍රාජිකාවෝ ‘හිමියනි, ජය ඔබට ය. පරාජය අපට යැ’යි කීහ. දැන් තෙපි කුමක් කරන්නෙහුදැ’යි තෙරුන් වහන්සේ ඇසූහ. ඊට පිළිතුරු දෙන පරිබ්‍රාජිකාවෝ ‘ස්වාමීනි, අපට අවවාද දෙන අපේ දෙමාපියෝ, ගිහියෙකුට පරාජය වුවහොත්, ඔහුට බිරියන් වන ලෙසත්, පැවිද්දකුට පරාජය වුවහොත්, ඔහු ළඟ පැවිදි වන ලෙසත් අවවාද කළහ.’ එබැවින් හිමියනි, අපට පැවිද්ද දෙනු මැනව’යි කීහ. ස්ථවිරතුමා ද ඊට කැමතිව ඈලා උප්පලවණ්ණා තෙරණිය ළඟ පැවිදි කරවීය. ඒ සියලුදෙනා නොබෝ කලෙකින්ම රහත් වූහ. ඉක්බිති එක් දිනක් දම් සභාවේදී භික්‍ෂුහු “ඇවැත්නි, සැරියුත් තෙරණුවෝ පරිබ්‍රාජිකාවන් සිව් දෙනෙකුට උපකාරකයෙක් ව ඔවුන් රහත් බවට පැමිණි වූ සේකැ”යි යන මේ කථාව සාකච්ඡා කරමින් හුන්හ. ඒ අතර දම්සභාවට පැමිණි බුදුරජාණන් වහන්සේ “මහණෙනි, දැන තෙපි කුමන කථාවක් කරමින් සිටියාහුදැ”යි විචාරා දැන, “මහණෙනි, සැරියුත් තෙරණුවෝ ඈලාට උපකාරකයෙක් වූයේ, දැන් මතු නො ව, පෙර ද උපකාරකයෙක් ව ඈලා රජ මෙහෙසි තනතුරෙහි තැබූහ”යි වදාරා ඒ අතීත පුවත මෙසේ ගෙනහැර දැක්වූහ.

අතීතෙ කාලිඞ‍්ගරට‍්ඨෙ දන‍්තපුරනගරෙ කාලිඞ‍්ගරාජෙ රජ‍්ජං කාරෙන‍්තෙ අස‍්සකරට‍්ඨෙ පාටලිනගරෙ අස‍්සකො නාම රාජා රජ‍්ජං කාරෙසි. කාලිඞ‍්ගො සම‍්පන‍්නබලවාහනො සයම‍්පි නාගබලො පටියොධං න පස‍්සති. සො යුජ‍්ඣිතුකාමො හුත්‍වා අමච‍්චානං ආරොචෙසි “අහං යුද‍්ධත්‍ථිකො, පටියොධං පන න පස‍්සාමි, කිං කරොමා”ති. අමච‍්චා “අත්‍ථෙකො, මහාරාජ, උපායො, ධීතරො තෙ චතස‍්සො උත‍්තමරූපධරා, තා පසාධෙත්‍වා පටිච‍්ඡන‍්නයානෙ නිසීදාපෙත්‍වා බලපරිවුතා ගාමනිගමරාජධානියො චරාපෙථ. යො රාජා තා අත‍්තනො ගෙහෙ කාතුකාමො භවිස‍්සති, තෙන සද‍්ධිං යුද‍්ධං කරිස‍්සාමා”ති වදිංසු. රාජා තථා කාරෙසි. තාහි ගතගතට‍්ඨානෙ රාජානො භයෙන තාසං නගරං පවිසිතුං න දෙන‍්ති, පණ‍්ණාකාරං පෙසෙත්‍වා බහිනගරෙයෙව වසාපෙන‍්ති. එවං සකලජම‍්බුදීපං විචරිත්‍වා අස‍්සකරට‍්ඨෙ පාටලිනගරං පාපුණිංසු. අස‍්සකොපි නගරද‍්වාරානි පිදහාපෙත්‍වා පණ‍්ණාකාරං පෙසෙසි. තස‍්ස නන්‍දිසෙනො නාම අමච‍්චො පණ‍්ඩිතො බ්‍යත‍්තො උපායකුසලො. සො චින‍්තෙසි “ඉමා කිර රාජධීතරො සකලජම‍්බුදීපං විචරිත්‍වා පටියොධං න ලභිංසු, එවං සන‍්තෙ ජම‍්බුදීපො තුච‍්ඡො නාම අහොසි, අහං කාලිඞ‍්ගෙන සද‍්ධිං යුජ‍්ඣිස‍්සාමී”ති. සො නගරද‍්වාරං ගන‍්ත්‍වා දොවාරිකෙ ආමන‍්තෙත්‍වා තාසං ද‍්වාරං විවරාපෙතුං පඨමං ගාථමාහ –

අතීතයෙහි “කලිඟු” රට “දන්ත” පුරයෙහි කලිඟ රජු රජ කරන කල්හි “අස්සක” රටේ “පෝතලී” නුවර අස්සක නම් රජෙක් රාජ්‍යය කරවීය. කලිඟු රජ ප්‍රබල යුධ සේනාවකින් යුක්ත වූ අතර, තෙමේ ද ශක්ති සම්පන්නයෙක් විය. ඔහු තමා හා විරුද්ධ ව නැගී සිටිය හැක්කකු නො දුටුවේය. එනිසා යුද්ධකාමියෙක් වූ ඔහු තමා හා පිළිමල් ව සටන් වැදිය හැකි රජෙකු සොයන ලෙස ඇමතියන්ට කීය. ඇමතිවරු මහරජතුමනි, එක් උපායක් ඇත. ඔබගේ උසස් රූ සපුවෙන් හෙබි දියණිවරුන් සිව්දෙනා සරසා තිරවලින් ආවරණය කරන ලද යහනක හිඳුවා, රාජ පුරුෂයන් විසින් පිරිවරන ලදුව ගම් නියම්ගම් රාජධානිවල සැරිසරන්නට සලස්වනු මැනවි. එහි දී යම් රජෙක්, ඒ කුමාරිකාවන් සිය අන්තඃපුරයට ගැනීමට කැමති වන්නේද? අපි ඔහු සමග යුද්ධ කරන්නෙමු”යි ප්‍රකාශ කළහ. රජ ඔවුන් කී ලෙස කරවීය. නමුත් කුමාරිකාවන් ගිය ගිය රටවල රජවරු මේ උපාය දැන, යුද කරන්නට බියෙන්, ස්වකීය නගරවලට පිවිසෙන්නට, කුමරියන්ට ඉඩ නො දුන්හ. නුවරින් පිටත කුමරියන්ට නවාතැන් ගන්නට සැලැස්වූ, ඒ ඒ රජවරු ඔවුනට තෑගි බෝග යවා මිතුරු බව තහවුරු කොට ගත්හ. මෙසේ මේ කුමරියන් පිරිවරා ගත් කණ්ඩායම මුළු කණ්ඩායම මුළු දඹදිව හැසිර, අස්සක රටේ පෝතලී නුවරට පැමිණුනි. අස්සක රජ ද නුවර දොරටු වස්වා සෙසු රජුන් මෙන්, පිට නුවරට තෑගි යැවීය. අස්සක රජුට පණ්ඩිත වූත්, දක්ෂ වූත්, උපායෙහි කුසලතා ඇති, “නන්දිසේන” නම් ඇමතියෙක් විය. මේ ගැන කල්පනා කළ ඔහු, “මේ රාජ දුවණියන්ට මුළු දඹදිව ඇවිද විරුද්ධ රජෙකු සොයා ගැනීමට නො හැකි විය. මෙසේ වුවහොත් දඹදිව රජුන්ගෙන් හිස් වූවක් වනු ඇතැ”යි සිතා “මම කාලිංගයා සමග යුද කරන්නෙමි”යි සනිටුහන් කොටගෙන නුවර දොරටුව වෙත ගොස්, දොරටුපල්ලා අමතා කුමාරිකාවන්ට දොරටුව විවර කොට පිවිසීමට ඉඩදෙන ලෙස පවසමින් මේ ගාථාව ප්‍රකාශ කළේය.

“විවරථිමාසං ද‍්වාරං, නගරං පවිසන‍්තු අරුණරාජස‍්ස; සීහෙන සුසිට‍්ඨෙන, සුරක‍්ඛිතං නන්‍දිසෙනෙනා”ති.

විවාරථ ඉමාසං ද්වාරං - නගරං පවිසිතුං මයා, අරුණා රාජස්ස සීහෙන - සුසිට්ඨෙන, සුරක්ඛිතං, නන්‍දිසෙනෙනාති

මෑලාට නුවරට ඇතුළු වීම සඳහා දොරටුව හරි වූ. පුරුෂ සිංහයෙකු වූ මැනවින් හික්මුණු නන්දිසේන නම් වූ මා විසින් ‘අරුණ’ රජුගේ රාජ්‍යයට ආරක්‍ෂාව යොදන ලදි.

තත්‍ථ අරුණරාජස‍්සාති සො හි රජ‍්ජෙ පතිට‍්ඨිතකාලෙ රට‍්ඨනාමවසෙන අස‍්සකො නාම ජාතො, කුලදත‍්තියං පනස‍්ස නාමං අරුණොති . තෙනාහ “අරුණරාජස‍්සා”ති. සීහෙනාති පුරිසසීහෙන. සුසිට‍්ඨෙනාති ආචරියෙහි සුට‍්ඨු අනුසාසිතෙන. නන්‍දිසෙනෙනාති මයා නන්‍දිසෙනෙන නාම.

මේ ගාථාවේ “අරුණරාජස්ස” යනු ‘ඒ රජු රාජ්‍යයෙහි පිහිටි කල්හි’ යන අර්ථයි. රටේ ම නාමයක් වශයෙන් ගෙන කාලිංග යන නම යෙදුවාක් මෙන්, ‘අස්සක’ යන නාමය යොදන ලදි. එසේ වුවද කුල පරම්පරාවෙන් ඔහුට ලැබුණු නම ‘අරුණ’ ය. එබැවින් අරුණ රාජස්ස යැයි කීය. ‘සීහේන’ යනු “පුරුෂ සිංහයා විසින්”, යනුයි. සුසිට්ඨෙන යනු ‘ගුරුවරුන් විසින් මැනවින් අනුශාසනා කරන ලද’, යන අර්ථයි. ‘නන්‍දිසේන’ යනු නන්‍දිසේන නම් වූ මා විසින් යනු යි.

සො එවං වත්‍වා ද‍්වාරං විවරාපෙත්‍වා තා ගහෙත්‍වා අස‍්සකරඤ‍්ඤො දත්‍වා “තුම‍්හෙ මා භායිත්‍ථ, යුද‍්ධෙ සති අහං ජිනිස‍්සාමි, ඉමා උත‍්තමරූපධරා රාජධීතරො මහෙසියො කරොථා”ති තාසං අභිසෙකං දාපෙත්‍වා තාහි සද‍්ධිං ආගතෙ පුරිසෙ “ගච‍්ඡථ, තුම‍්හෙ රාජධීතූනං අස‍්සකරාජෙන මහෙසිට‍්ඨානෙ ඨපිතභාවං තුම‍්හාකං රඤ‍්ඤො ආචික‍්ඛථා”ති උය්‍යොජෙසි. තෙ ගන‍්ත්‍වා ආරොචෙසුං. කාලිඞ‍්ගො “න හි නූන සො මය‍්හං බලං ජානාතී”ති වත්‍වා තාවදෙව මහතියා සෙනාය නික‍්ඛමි. නන්‍දිසෙනො තස‍්ස ආගමනං ඤත්‍වා “අත‍්තනො කිර රජ‍්ජසීමායමෙව හොතු, මා අම‍්හාකං රඤ‍්ඤො රජ‍්ජසීමං ඔක‍්කමතු, උභින‍්නං රජ‍්ජානං අන‍්තරෙ යුද‍්ධං භවිස‍්සතී”ති සාසනං පෙසෙසි. සො සාසනං සුත්‍වා අත‍්තනො රජ‍්ජපරියන‍්තෙයෙව අට‍්ඨාසි. අස‍්සකොපි අත‍්තනො රජ‍්ජපරියන‍්තෙ අට‍්ඨාසි. තදා බොධිසත‍්තො ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා තෙසං ද‍්වින‍්නං රජ‍්ජානං අන‍්තරෙ පණ‍්ණසාලායං වසති. කාලිඞ‍්ගො චින‍්තෙසි “සමණා නාම කිඤ‍්චි ජානිස‍්සන‍්ති, කො ජානාති, කිං භවිස‍්සති, කස‍්ස ජයො වා පරාජයො වා භවිස‍්සති, තාපසං පුච‍්ඡිස‍්සාමී”ති අඤ‍්ඤාතකවෙසෙන බොධිසත‍්තං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදිත්‍වා පටිසන්‍ථාරං කත්‍වා “භන‍්තෙ, කාලිඞ‍්ගො ච අස‍්සකො ච යුජ‍්ඣිතුකාමා අත‍්තනො අත‍්තනො රජ‍්ජසීමායමෙව ඨිතා, එතෙසු කස‍්ස ජයො භවිස‍්සති, කස‍්ස පරාජයො”ති පුච‍්ඡි. මහාපුඤ‍්ඤ, අහං “අසුකස‍්ස ජයො, අසුකස‍්ස පරාජයො”ති න ජානාමි, සක‍්කො පන දෙවරාජා ඉධාගච‍්ඡති, තමහං පුච‍්ඡිත්‍වා කථෙස‍්සාමි, ස‍්වෙ ආගච‍්ඡෙය්‍යාසීති. සක‍්කො බොධිසත‍්තස‍්ස උපට‍්ඨානං ආගන‍්ත්‍වා නිසීදි, අථ නං බොධිසත‍්තො තමත්‍ථං පුච‍්ඡි. භන‍්තෙ, කාලිඞ‍්ගො ජිනිස‍්සති, අස‍්සකො පරාජිස‍්සති, ඉදඤ‍්චිදඤ‍්ච පුබ‍්බනිමිත‍්තං පඤ‍්ඤායිස‍්සතීති.

ඔහු මෙසේ කියා දොර විවර කරවා, කුමාරිකාවන් කැටුව ගොස් අස්සක රජුට පෙන්වා “රජතුමනි, සුරූපී වූ මේ රාජ කුමාරිකාවන් අභිෂේක කොට මෙහෙසියන් කර ගත මැනව. ඔබ බිය නො වන්න. යුද්ධයක් ඇති වුවහොත්, මම එය බලා ගන්නෙමි” යි පැවසීය. අනතුරුව කුමරියන් සමග පැමිණි රාජ පුරුෂයන්ට කතා කොට “තෙපි තොපගේ රජුට මෙහි වූ සියලු විස්තර කියවු” යැයි පිටත්කොට හැරීය. ඒ රාජ පුරුෂයෝද ගොස් කලිඟු රජුට සියලු තොරතුරු කීහ. කලිඟු රජ “අස්සකයා ස්ථිර වශයෙන් ම මාගේ බලය ගැන නො දනී යැ”යි පවසා එකෙණෙහි ම මහත් වූ බළඇණියක් ගෙන යුද පිණිස නික්මුණි. නන්දිසේන ද ඔහුගේ පැමිණීම දැන, තම රටේ රාජ්‍ය සීමාවෙන් මෙපිටට නො එන ලෙසත්, රාජ්‍ය සීමාවට එපිටින් නවතින ලෙසත්, එහිදී ම යුද්ධය සිදුවන බවත් දන්වා කලිඟු රජුට ලිපියක් යැවීය. ලිපිය කියවූ කලිඟු රජ ඔහුට අයත් රාජ්‍ය සීමාවේ, පිරිස සමග නැවතුණි. මේ අතර අස්සක රජ විරුද්ධ පිරිසට මුහුණ ලා ස්වකීය රාජ්‍ය සීමාවෙහි කඳවුරු බැඳ සිටියේය. එකල බෝසත් තෙමේ සෘෂි පැවිද්දෙන් පැවිදිව ඉහත කී රජුන් දෙදෙනාගේ රාජ්‍ය සීමාවන් මැද පන්සලක් සාදාගෙන වෙසේ. එය දැනගත් කලිඟු රජ “ශ්‍රමණයෝ නම් යමක් කමක් දත් අය වෙති. එබැවින් මේ යුද්ධයේ ප්‍රතිඵලය කුමක් වන්නේ ද? කවරෙක් ජය ගනී ද? කාට පරාජය දැයි, යන මේ කරුණු තවුසාගෙන් අසා දැනගන්නෙමි”යි නිශ්චය කොටගෙන, වෙස් වලාගෙන තවුසා කරා ගොස් වැඳ, එකත්පස්ව හිඳ, පිළිසඳර නිමවා මෙසේ කීය. “ස්වාමීනි, කලිඟු හා අස්සක යන රජවරු එකිනෙකාට එරෙහිව යුද කරනු කැමතිව තම තමන්ගේ රාජ්‍ය සීමාවල කඳවුරු බැඳ සේනා සහිතව වෙසෙති. මේ රජවරුන් අතුරෙන් කවරෙකුට ජය වේද? පරාජය කවරෙකුදැ’යි විචාළේය. “පින්වත, ජය අසවලාටය. පරාජය අසවලාටයැ යි මම නො දනිමි. එසේ වුවත් සක්දෙව් රජ හෙට මෙහි එන්නේ ය. මම ඔහුගෙන් අසා ඒ ගැන කියන්නෙමි”යි තවුසා කීය. පසුදා බෝසතුන්ට උවටැන් පිණිස සක්දෙවිඳු පැමිණියේය. තවුසා ද සක්දෙවිඳුගෙන් ඉහත කී කාරණය විචාළේය. “හිමියනි, කලිඟු රජ ජය ගන්නේය. අස්සකට පරාජය හිමි වන්නේය. ඊට පෙර මේ මේ පෙර නිමිති පෙනේය”යි සක්දෙවිඳු ප්‍රකාශ කළේය.

කාලිඞ‍්ගො පුනදිවසෙ ආගන‍්ත්‍වා පුච‍්ඡි, බොධිසත‍්තොපිස‍්ස ආචික‍්ඛි. සො “කිං නාම පුබ‍්බනිමිත‍්තං භවිස‍්සතී”ති අපුච‍්ඡිත්‍වාව “අහං කිර ජිනිස‍්සාමී”ති උට‍්ඨාය තුට‍්ඨියා පක‍්කාමි. සා කථා විත්‍ථාරිකා අහොසි. තං සුත්‍වා අස‍්සකො නන්‍දිසෙනං පක‍්කොසාපෙත්‍වා “කාලිඞ‍්ගො කිර ජිනිස‍්සතිං , මයං පරාජිස‍්සාම, කිං නු ඛො කාතබ‍්බ”න‍්ති ආහ. සො “කො එතං ජානාති මහාරාජ, කස‍්ස ජයො වා පරාජයො වා, තුම‍්හෙ මා චින‍්තයිත්‍ථා”ති රාජානං අස‍්සාසෙත්‍වා බොධිසත‍්තං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසින‍්නො “භන‍්තෙ, කො ජිනිස‍්සති, කො පරාජිස‍්සතී”ති පුච‍්ඡි. “කාලිඞ‍්ගො ජිනිස‍්සති, අස‍්සකො පරාජිස‍්සතී”ති? “භන‍්තෙ, ජිනන‍්තස‍්ස පුබ‍්බනිමිත‍්තං කිං භවිස‍්සති, කිං පරාජිනන‍්තස‍්සා”ති? “මහාපුඤ‍්ඤ, ජිනන‍්තස‍්ස ආරක‍්ඛදෙවතා සබ‍්බසෙතො උසභො භවිස‍්සති, ඉතරස‍්ස සබ‍්බකාළකො, උභින‍්නම‍්පි ආරක‍්ඛදෙවතා යුජ‍්ඣිත්‍වා ජයපරාජයං කරිස‍්සන‍්තී”ති. නන්‍දිසෙනො තං සුත්‍වා උට‍්ඨාය ගන‍්ත්‍වා රඤ‍්ඤො සහායෙ සහස‍්සමත‍්තෙ මහායොධෙ ගහෙත්‍වා අවිදූරෙ පබ‍්බතං අභිරුය‍්හ “අම‍්භො, අම‍්හාකං රඤ‍්ඤො ජීවිතං දාතුං සක‍්ඛිස‍්සථා”ති පුච‍්ඡි. “ආම, සක‍්ඛිස‍්සාමා”ති. “තෙන හි ඉමස‍්මිං පපාතෙ පතථා”ති. තෙ පතිතුං ආරභිංසු. අථ නෙ වාරෙත්‍වා “අලං එත්‍ථ පතනෙන, අම‍්හාකං රඤ‍්ඤො ජීවිතං දාතුං සුහදයා අනිවත‍්තිනො හුත්‍වා යුජ‍්ඣථා”ති ආහ. තෙ සම‍්පටිච‍්ඡිංසුං.

ඊළඟ දිනයේ දී අසපුවට පැමිණි කලිඟු රජ, යුද්ධය ගැන සක්දෙවිඳුගේ අදහස තවුසාගෙන් විමසා සිටියේ ය. ජයග්‍රාහකයා තමා බව දැනගත් කලිඟු රජ එයින් සතුටින් ඉපිල ගොස්, පෙරනිමිති ගැන නො විමසා ම ආපසු ගියේය. මේ සිද්ධිය දැනගත් අස්සක රජ නන්දිසේන ඇමතියා කැඳවා “කාලිංගයා ජය ගන්නේය, අපි පැරදෙන්නෙමු. මීට කුමක් නම් කළ යුතු”දැයි කීය. “මහරජතුමනි, ජය පරාජය කවරෙකුට දැයි යන්න, ඕනෑ කෙනෙක් දැන ගත්තාවේ. ඔබතුමා ඒ ගැන කිසිවක් නො සිතනු මැනවැ”යි රජු අස්වසා, බෝසතුන් වෙත එළඹි නන්දිසේන බෝසතුන්ට වැඳ එකත්පස් ව සිට “ස්වාමීනි, මේ යුද්ධයෙන් කවරෙක් දිනන්නේ ද? කවරෙක් පරදින්නේදැ”යි විචාළේය. එවිට තවුසා “කලිඟු රජ දිනන්නේය, අස්සක රජ පරදින්නේයැ”යි කීය. “ස්වාමීනි, දිනන්නාගේ හා පරදින්නාගේ පෙරනිමිති කවරේ”දැයි නන්දිසේන ඇසීය. තවුසා පිළිතුරු දෙමින් “පින්වත, ජයග්‍රාහකයාගේ ආරක්‍ෂා දේවතාවා මුළුමනින් සුදු වෘෂභයෙකි. පරාජිතයාගේ ආරක්ෂා දේවතාවා, මුළුමනින් කළු වෘෂභයෙකි. ඔවුන් දෙදෙනා අතර ද යුද්ධයක් ඇති වේ. ඔවුන් අතරින් සුදු වෘෂභයා ජය ගනු ඇතැයි” පැවසීය. මේ විස්තර දැනගත් නන්දිසේන ආපසු ගොස් තම රජුට සහය පිණිස පැමිණ සිටි දහසක් පමණ මහා යෝධයන් කැඳවාගෙන නුදුරු තැනෙක වූ පර්වතයක් මුදුනට ගෙන ගොස් මෙසේ කීය. “පින්වතුනි, අපගේ රජුට ජීවිතය පුදන්නට තොපට හැකිද?” “ස්වාමීනි, එසේ”යැයි ඒ පිරිස නන්දිසේනට උත්තර දුන්හ. “එසේ වී නම් තෙපි මේ පර්වත මුදුනෙන් ප්‍රපාතයට පනිවු”යැයි නන්දිසේන කීය. ඔවුහු පනින්නට සූදානම් වූහ. ඒ වැළකූ නන්දිසේන “මෙසේ දිවි පුද කිරීමෙන් රජුට යහපතක් නො වේ. වඩාත් යෝග්‍ය රජු වෙනුවෙන් නො නැවතී, පසු නො බැස යුද කිරීම” යැයි පැවසීය. භට පිරිස එය පිළිගත්හ.

අථ සඞ‍්ගාමෙ උපට‍්ඨිතෙ කාලිඞ‍්ගො “අහං කිර ජිනිස‍්සාමී”ති වොසානං ආපජ‍්ජි, බලකායාපිස‍්ස “අම‍්හාකං කිර ජයො”ති වොසානං ආපජ‍්ජිත්‍වා සන‍්නාහං අකත්‍වා වග‍්ගවග‍්ගා හුත්‍වා යථාරුචි පක‍්කමිංසු, වීරියකරණකාලෙ වීරියං න කරිංසු. උභොපි රාජානො අස‍්සං අභිරුහිත්‍වා “යුජ‍්ඣිස‍්සාමා”ති අඤ‍්ඤමඤ‍්ඤං උපසඞ‍්කමන‍්ති. උභින‍්නං ආරක‍්ඛදෙවතා පුරතො ගන‍්ත්‍වා කාලිඞ‍්ගරඤ‍්ඤො ආරක‍්ඛදෙවතා සබ‍්බසෙතො උසභො අහොසි, ඉතරස‍්ස සබ‍්බකාළකො. තා දෙවතාපි අඤ‍්ඤමඤ‍්ඤං යුජ‍්ඣනාකාරං දස‍්සෙන‍්තා උපසඞ‍්කමිංසු. තෙ පන උසභා උභින‍්නං රාජූනංයෙව පඤ‍්ඤායන‍්ති, න අඤ‍්ඤෙසං. නන්‍දිසෙනො අස‍්සකං පුච‍්ඡි “පඤ‍්ඤායති තෙ, මහාරාජ, ආරක‍්ඛදෙවතා”ති. “ආම, පඤ‍්ඤායතී”ති. “කෙනාකාරෙනා”ති. “කාලිඞ‍්ගරඤ‍්ඤො ආරක‍්ඛදෙවතා සබ‍්බසෙතො උසභො හුත්‍වා පඤ‍්ඤායති, අම‍්හාකං ආරක‍්ඛදෙවතා සබ‍්බකාළකො කිලමන‍්තො හුත්‍වා තිට‍්ඨතී”ති. “මහාරාජ, තුම‍්හෙ මා භායථ, මයං ජිනිස‍්සාම, කාලිඞ‍්ගො පරාජිස‍්සති, තුම‍්හෙ අස‍්සපිට‍්ඨිතො ඔතරිත්‍වා ඉමං සත‍්තිං ගහෙත්‍වා සුසික‍්ඛිතසින්‍ධවං උදරපස‍්සෙ වාමහත්‍ථෙන උප‍්පීළෙත්‍වා ඉමිනා පුරිසසහස‍්සෙන සද‍්ධිං වෙගෙන ගන‍්ත්‍වා කාලිඞ‍්ගරඤ‍්ඤො ආරක‍්ඛදෙවතං සත‍්තිප‍්පහාරෙන පාතෙථ, තතො මයං සහස‍්සමත‍්තා සත‍්තිසහස‍්සෙන පහරිස‍්සාම , එවං කාලිඞ‍්ගස‍්ස ආරක‍්ඛදෙවතා නස‍්සිස‍්සති, තතො කාලිඞ‍්ගො පරාජිස‍්සති, මයං ජිනිස‍්සාමා”ති. රාජා “සාධූ”ති නන්‍දිසෙනෙන දින‍්නසඤ‍්ඤාය ගන‍්ත්‍වා සත‍්තියා පහරි, සූරයොධසහස‍්සාපි අමච‍්චා සත‍්තිසහස‍්සෙන පහරිංසු. ආරක‍්ඛදෙවතා තත්‍ථෙව ජීවිතක‍්ඛයං පාපුණි, තාවදෙව කාලිඞ‍්ගො පරාජිත්‍වා පලායි. තං පලායමානං දිස‍්වා සහස‍්සමත‍්තා අමච‍්චා “කාලිඞ‍්ගො පලායතී”ති උන‍්නදිංසු. කාලිඞ‍්ගො මරණභයභීතො පලායමානො තං තාපසං අක‍්කොසන‍්තො දුතියං ගාථමාහ –

ඉක්බිති සංග්‍රාමය ආරම්භ වූ කල්හි, කලිඟු රජ මම “දිනන්නෙමි”යි යන නිශ්චයට බැසගෙන සිටියේය. ඔහුගේ බල සේනාවද එම නිශ්චයේම පිහිටා සිටියහ. එබැවින් යුද ඇඳුම් පවා නො ඇඳ වෙන වෙනම කණ්ඩායම් වී තමතමන්ට රිසි පරිද්දෙන් පිටත් වූහ. පරාක්‍රමයෙන් ක්‍රියා කළයුතු තන්හි දී පවා එසේ නො කළහ. මේ අතර රජවරු දෙදෙනා ද අසුන් පිට නැඟ ඔවුනොවුන් අබිමුවට යුද පිණිස නික්මුණහ. ඔවුන්ගේ ආරක්‍ෂා දේවතාවෝ රජවරුන් දෙදෙනාට මුලින් ගමන් කළහ. එම ආරක්‍ෂක දේවතාවෝ යුද කරන ආකාරයක් පෙන්වා එකිනෙකට ළං වූහ. රජු දෙදෙනාට පමණක් මේ වෘෂභයන් පෙනෙන අතර, සෙසු අය නො දකිති. මෙවිට සිය රජු වෙතට ගිය නන්දිසේන “දේවයිනි, අපගේ ආරක්‍ෂක දේවතාවා ඔබ වහන්සේට පෙනේදැ”යි රජුගෙන් ඇසීය. රජු “එසේ යැ”යි පිළිතුරු දුනි. “පෙනෙනුයේ කුමන අයුරෙන්දැ”යි නැවත නන්දිසේන රජුගෙන් ඇසීය. රජ පිළිතුරු දෙමින් “කාලිංගයාගේ ආරක්‍ෂා දේවතාවා මුළුමනින්ම සුදු වෘෂභයෙකි. අපගේ ආරක්‍ෂක දේවතාවා වෙහෙසට පත් කළු පැහැති වෘෂභයෙකි”යි පැවසීය. “මහරජතුමනි, ඔබවහන්සේ බිය නො වනු මැනවි. අපි දිනන්නෙමු. කාලිංගයා පරදින්නේය. ඔබවහන්සේ අසුපිටින් බැස මේ ආයුධය ද ගෙන, යුද පුහුණුව ලැබූ එම අසුගේ බඩට වම් අතින් පහරක් ගසා වේගවත් කොට, එම අසු ද, මේ යෝධයන් දහස ද සමග වේගයෙන් ගොස් කාලිංගයාගේ ආරක්‍ෂක දේවතාවා වන සුදු ගොනා ආයුධයෙන් ගසා මරනු මැනවි. එවිට දහසක් පමණ වූ අපි ආයුධ දහසකින් එක්විට පහර දෙන්නෙමු. මෙසේ කාලිංගයාගේ ආරක්‍ෂා දේවතා නැසෙන්නේය. එවිට කාලිංගයාට පරාජයත්, අපට ජයග්‍රහණයත් නියත” යැයි නන්දිසේන පැවසීය. එය පිළිගත් රජ නන්දිසේනගේ උපදෙස් පරිදි පිටත්ව ගොස් සුදු ගොනාට පහර දුන්නේය. ඇමතියෝ ද දහස් ගණන් ආයුධවලින් පහර දුන්හ. කලිඟු රජුගේ ආරක්‍ෂක දේවතාවා එහි ම මැරී වැටුණි. පැරදුණු කලිඟු රජු බැද පලා ගියේය. ඒ දුටු දහසක් පමණ වූ ඇමතියෝ “කාලිංගයා පලා යේ” යැයි උස් හඬින් ඝෝෂා කළහ. මරණ බයෙන් බියට පත්ව පලා යන කලිඟු රජ ඉහත කී තවුසාගේ අසපුව සමීපයේ දී තවුසාට බණිමින් මේ ගාථාව කීවේය.

“ජයො කලිඞ‍්ගානමසය‍්හසාහිනං, පරාජයො අනයො අස‍්සකානං; ඉච‍්චෙව තෙ භාසිතං බ්‍රහ‍්මචාරි, න උජ‍්ජුභූතා විතථං භණන‍්තී”ති.

නො ඉවසිය හැකි දේ ඉවසන කාලිංගයන්ට ජය අත්වේ. පරාජය නමැති විපත අස්සකයන්ටය. තවුසාණෙනි, ඔබගේ වචන එසේය. සෘජු ප්‍රතිපත්ති ඇත්තෝ බොරු නො කියති.

තත්‍ථ අසය‍්හසාහිනන‍්ති අසය‍්හං දුස‍්සහං සහිතුං සමත්‍ථානං. ඉච‍්චෙව තෙ භාසිතන‍්ති එවං තයා කූටතාපස ලඤ‍්ජං ගහෙත්‍වා පරාජිනකරාජානං ජිනිස‍්සති, ජිනනරාජානඤ‍්ච පරාජිස‍්සතීති භාසිතං. න උජ‍්ජුභූතාති යෙ කායෙන වාචාය මනසා ච උජුභූතා, න තෙ මුසා භණන‍්තීති.

මෙහි ‘අසය්හසංහීනං’ යනු ‘ඉවසිය නොහැකි ඉවසීමට දුෂ්කර දෑ ඉවසීමට සමත් යන්න’යි. ‘ඉච්චෙව තෙ භාසිතං’ යනු ‘කූට තාපසය, මෙසේ තා විසින් අල්ලස් ගෙන, පැරදෙන රජුට දිනන්නේ යැයි ද, දිනන රජුට පරදින්නේ යැයි ද කියන ලදි යන්නයි. ‘උජ්ජු භූතා’ යම් කෙනෙක් කයින්, වචනයෙන්, මනසින් සෘජු වූවාහුද? ඔවුහු එසේ බොරු නො කියති යන අර්ථයි.

එවං සො තාපසං අක‍්කොසන‍්තො පලායන‍්තො අත‍්තනො නගරමෙව ගතො, නිවත‍්තිත්‍වා ඔලොකෙතුම‍්පි නාසක‍්ඛි. තතො කතිපාහච‍්චයෙන සක‍්කො තාපසස‍්ස උපට‍්ඨානං අගමාසි. තාපසො තෙන සද‍්ධිං කථෙන‍්තො තතියං ගාථමාහ –

මෙසේ ඒ කලිඟු රජ තවුසාට බණිමින් ආපසු හැරීවත් නො බලා පලා ගොස්, නුවරට ම පැමිණියේය. ඉක්බිති දින කිහිපයකට පසු සක් දෙවිඳු තවුසාට උපස්ථාන පිණිස අසපුවට පැමිණියේය. සක් දෙවිඳුන් සමග කථා කරන තවුසා මේ තෙවැනි ගාථාව කීයේය.

“දෙවා මුසාවාදමුපාතිවත‍්තා, සච‍්චං ධනං පරමං තෙසු සක‍්ක; තං තෙ මුසා භාසිතං දෙවරාජ, කිං වා පටිච‍්ච මඝවා මහින්‍දා”ති.

ශක්‍රය, දෙවියෝ වූ කලී මුසාවාදය ඉක්ම වූවෝ වෙති. ඔවුන් අතර සත්‍යය පරම ධනය වේ. දේවරාජය, ඔබ කියූ දෙස මුසාවකි. ‘මඝවා’ නම් වූ මහා ඉන්‍ද්‍රය, කුමක් නිසා බොරු කීවෙහිද?

තත්‍ථ තං තෙ මුසා භාසිතන‍්ති යං තයා මය‍්හං භාසිතං, තං අත්‍ථභඤ‍්ජනකමුසාවාදං කථෙන‍්තෙන තයා මුසා භාසිතං, තයා කිං කාරණං පටිච‍්ච එවං භාසිතන‍්ති?

මෙහි ‘තං තේ මුසා භාසිතං’ යනු ‘ඔබ විසින් මට යමක් කියන ලදද? එය අරුත් බිඳහෙලන මුසාවකි. තා විසින් කුමන කරුණක් නිසා මෙසේ බොරු කියන ලදිද? යන අර්ථයි.

තං සුත්‍වා සක‍්කො චතුත්‍ථං ගාථමාහ –

ඒ ඇසූ ශක්‍රයා සතරවෙනි ගාථාව කීය.

“නනු තෙ සුතං බ්‍රාහ‍්මණ භඤ‍්ඤමානෙ, දෙවා න ඉස‍්සන‍්ති පුරිසපරක‍්කමස‍්ස; දමො සමාධි මනසො අභෙජ‍්ජො, අබ්‍යග‍්ගතා නික‍්කමනඤ‍්ච කාලෙ; දළ‍්හඤ‍්ච විරියං පුරිසපරක‍්කමො ච, තෙනෙව ආසි විජයො අස‍්සකාන”න‍්ති.

බ්‍රාහ්මණය, ‘දෙවිවරු පුරුෂ පරාක්‍රමයට ඊර්ෂ්‍යා නො කෙරෙති’යි කියනු ඔබ අසා තිබෙනවා නොවේද? ආත්ම දමනය වූ මනසේ එකඟ වූ සමාධිය ද, සුදුසු කල්හි එකාවන් ව නැගී සිටීම ද දැඩි වීර්යය ද පුරුෂ පරාක්‍රමය ද, අස්සකයන්ට විය. එහෙයින්ම විජයග්‍රහණය ද ඔවුනට ම හිමි විය.

තස‍්සත්‍ථො – කිං තයා, බ්‍රාහ‍්මණ, තත්‍ථ තත්‍ථ වචනෙ භඤ‍්ඤමානෙ ඉදං න සුතපුබ‍්බං, යං දෙවා පුරිසපරක‍්කමස‍්ස න ඉස‍්සන‍්ති න උසූයන‍්ති, අස‍්සකරඤ‍්ඤො වීරියකරණවසෙන අත‍්තදමනසඞ‍්ඛාතො දමො, සමග‍්ගභාවෙන මනසො අභෙජ‍්ජො, අභෙජ‍්ජසමාධි, අස‍්සකරඤ‍්ඤො සහායානං වීරියකරණකාලෙ අබ්‍යග‍්ගතා යථා කාලිඞ‍්ගස‍්ස මනුස‍්සා වග‍්ගවග‍්ගා හුත්‍වා ඔසක‍්කිංසු, එවං අනොසක‍්කනං සමග‍්ගභාවෙන අභෙජ‍්ජචිත‍්තානං වීරියඤ‍්ච පුරිසපරක‍්කමො ච ථිරො අහොසි, තෙනෙව කාරණෙන අස‍්සකානං ජයො අහොසීති.

“බ්‍රාහ්මණය, කිමෙක්ද? ඒ ඒ තන්හිදී වචන කතා කරන කල්හි, ‘දෙවිවරු පුරුෂ පරාක්‍රමයට ඊර්ෂ්‍යා නො කෙරෙති’යි යන මෙය ඔබ විසින් නො ඇසූ විරූ ද? “දමො” යනුවෙන් මෙහි දී අදහස් කෙරෙනුයේ අස්සක රජු වීර්යයෙන් උපදවා ගත් ආතම දමනය යි. “මනසො අදෙජ්ඣො” යන්නෙන් අදහස් කෙරෙනුයේ ජයග්‍රහණය සඳහා වීර්යය කරන කාලයේ දී, අස්සක රජුගේ සහ ඔහුගේ සහචරයන්ගේ සමගි සම්පන්න බව හා එකාවන් ව, එක් අරමුණෙක සිත පිහිටුවා ගෙන කටයුතු කිරීම යි. “අව්‍යග්ගතා” යන්නෙන් මෙහි දී අර්ථවත් වන්නේ “කලිඟු රජුගේ මිනිස්සු කොටස් වශයෙන් වෙන් ව පසු බැස්සාහු ය.” එසේ පසුබැසීමෙකින් තොර ව සමඟි සම්පන්නව එක්සිත් ව කටයුතු කිරීමයි. එසේ කටයුතු කරන්නන්ගේ වීර්යයත් පුරුෂ පරාක්‍රමයත් ස්ථිරය. ඒ කාරණය නිසාම අස්සකයන්ට ජය අත්විය.

පලාතෙ ච පන කාලිඞ‍්ගෙ අස‍්සකරාජා විලොපං ගාහාපෙත්‍වා අත‍්තනො නගරං ගතො. නන්‍දිසෙනො කාලිඞ‍්ගස‍්ස සාසනං පෙසෙසි “ඉමාසං චතුන‍්නං රාජකඤ‍්ඤානං දායජ‍්ජකොට‍්ඨාසං පෙසෙතු, සචෙ න පෙසෙති, කාතබ‍්බමෙත්‍ථ ජානිස‍්සාමී”ති. සො තං සාසනං සුත්‍වා භීතතසිතො තාහි ලද‍්ධබ‍්බදායජ‍්ජං පෙසෙසි, තතො පට‍්ඨාය සමග‍්ගවාසං වසිංසු.

කලිඟු රජු පලා ගිය පසු, අස්සක රජ එහි තැන තැන දමා ගොස් තිබූ දෑ ද, සතුරු පිරිසෙන් පැහැරගත් දෑද, ගෙන්වාගෙන සිය නුවරට ගියේය. මේ අතර නන්දිසේන ඇමතියා “ඔබගේ දූවරුන් සතරදෙනාට පිය උරුමයෙන් ලැබිය යුතු දායාද වහා අප වෙත එවනු මැනවි. එසේ නොකරන්නේ නම් කළ යුතු දේ දනිමි”යි කියා කලිඟු රජුට හසුනක් යැවීය. එම හසුන කියවූ කලිඟු බියෙන් තැතිගෙන දියණිවරුන්ගේ දායාද අස්සක රජුට අස්සක රජුට යැවීය. එතැන් පටන් රජවරු සමඟි සම්පන්නව විසූහ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි “තදා කාලිඞ‍්ගරඤ‍්ඤො ධීතරො ඉමා දහරභික‍්ඛුනියො අහෙසුං, නන්‍දිසෙනො සාරිපුත‍්තො, තාපසො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. එදා කලිඟු රජුගේ දියණිවරු නම්, මේ තරුණ භික්‍ෂුණීහු වෙති. නන්දිසේන ඇමතියා නම්, සැරියුත් තෙරණුවෝය. තවුසා වනාහි ‘මම ම’ යැයි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දක්වා වදාළ සේක.

චූළකාලිඞ‍්ගජාතකවණ‍්ණනා පඨමා.