යෙදුමෙන් කියවන්න

1. විවරවග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

1. විවර වර්‍ගය

508. විවරථ ඉමාසං ද‍්වාරං නගරං පවිසිතුං මයා, අරුණරාජස‍්ස සීහෙන සුසිට‍්ඨෙන සුරක‍්ඛිතං නන්‍දිසෙනෙන.

508. මොවුන්ට නගරයට පිවිසෙන්නට දොර හරිවු. අස්සකරට අරුණ රජුගේ ශ්‍රේෂ්ඨ පුරුෂයා වූ ද මැනැවින් අනුශාසනා කළා වූ ද නන්‍දිසේන නමැති මා විසින් මනාලෙස රැකි නගරයට (පිවිසේත්වා)

509. ජයො කලිඞ‍්ගානං අසය‍්හසාහිනං පරාජයො අනයො අස‍්සකානං, ඉච‍්චෙව තෙ භාසිතං බ්‍රහ‍්මචාරී න උජජුභූතා විතථං භණන‍්ති

509. දුස්සහ වූ භය ඉවසනසුලු කලිඟුරට වැසියනට ජය වෙයි. අස්සකරට වැසියන විනාශයට හා පරාජය වේ යයි තොප විසින් මෙසේ කියන ලද තපස්විය ඍජු වූවෝ බොරු නො කියත්.

510. දෙවා මුසාවාදමුපාතිවත‍්තා සච‍්චං ධනං පරමං තෙසු සක‍්ක, තං තෙ මුසාභාසිතං දෙවරාජ කිං වා පටිච‍්ච මඝවා මහින්‍ද.

510. ශක්‍රය දෙවියෝ මුසාවා ඉක්ම සිටියහ. (බොරු නො කියති) ඔවුන් කෙරෙහි සත්‍යය උතුම් ධනය වෙයි. දිව්‍ය රාජය, මඝවය, මහේන්‍ද්‍රය තොප විසින් ඒ බොරුව කුමක් හෙයින් කියන ලද ද?

511. නනු තෙ සුතං බ්‍රාහ‍්මණ භඤ‍්ඤමානෙ ද‍්වො න ඉස‍්සන‍්ති පුරිසපරක‍්කමස‍්ස, දමො සමාධි මනසො අදෙජ‍්ඣො අව්‍යග‍්ගතා නික‍්ඛමනඤ‍්ච කාලෙ, දළ‍්හඤ‍්ච විරියං පුරිසපරක‍්කමො ච තෙනෙව ආසි විජයො අස‍්සකානන‍්ති.

511. බමුණ ඒ ඒ තැන කියනා කල්හි තොප විසින් අසන ලද නො වේ ද? දෙවියෝ පුරුෂ ධෛර්‍ය්‍යයට ඊෂ‍්‍යා නො කෙරෙති. ආත්ම දමනය ද චිත්ත සමාධිය ද චිත්තයාගේ එකඟකම නො විසුළ බව ද සුදුසු අවස්ථාවෙහි ඉදිරියට යාම ද දැඩි උත්සාහය ද වීර්‍ය්‍යය ද (යන මේ) හෙතූන් නිසා අස්සකරට වාසීන්ට ජය අත් විය.

1. චුල‍්ලකාලිඞ‍්ගජාතකං.

1. චුල්ලකාලිංග ජාතක යි.

512. අදෙය්‍යෙසු දදං දානං දෙය්‍යෙසු නප‍්පවෙච‍්ඡති. ආපාසු ව්‍යසනං පත‍්තො සහායං නාධිගච‍්ඡති.

512. දානාර්‍හ නො වන්නන් කෙරෙහි දන් දෙනුයේ දානාර්‍හයන් කෙරෙහි නො දේ ද, හේ ආපදායෙහි ව්‍යසයනට පැමිණියේ ඒ පුද්ගලයා විපතට සහායයකු නො ලබයි.

513. නාදෙය්‍යෙසු දදං දානං දෙය්‍යෙසු යො පවෙච‍්ඡති, ආපාසු ව්‍යසනං පත‍්තො සහායමධිගච‍්ඡති.

513. යමෙක් දානාර්‍හ නො වන්නන් කෙරෙහි දන් නො දේ ද, දානාර්‍හයන් කෙරෙහි පරිත්‍යාග කෙරේ ද ඒ පුද්ගල ආපදායෙහි විපතට පැමිණියේ මිතුරකු ලබයි.

514. සඤ‍්ඤොගසම‍්භොගවිසෙසදස‍්සනං. අනරියධම‍්මෙසු සඨෙසු නස‍්සති, කතඤ‍්ච අරියෙසු ච අඤ‍්ජසෙසු ච මහප‍්ඵලං හොති අණුම‍්පි තාදිසු.

514. අනාර්‍ය්‍ය ස්වභාවය ඇති කපටයන් හා එක්වීමත් එක් ව ක්‍රියා කිරීමත් (උපකාර වශයෙන් කරන දෙය) දියෙහි ඇඳි ඉරක් සේ වහා නසී. කළ ගුණ දන්නා වූ ඍජු වූ ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ට කළ උපකාරය සුළු වුවත් දෙලොවින් ම මහත් ප්‍රයෝජන වේ.

515. යො පුබ‍්බෙ කතකල්‍යාණො අකා ලොකෙ සුදුක‍්කරං, පච‍්ඡා කයිරා න වා කයාරා අච‍්චන‍්තං පූජනාරහො’ති.

515. යමෙක් පෙර (උපකාර ඉල්ලන්නට පළමු ව) යමකුට උපකාර කෙළේ ද හේ ලොවෙහි දුෂ්කරයක් කෙළේ වෙයි. (උපකාර ලද පුඟුලා පෙරළා උපකාර කළේ හෝ නො කෙළේ හෝ) උපකාර කළ පුඟුලා පිදුම් ලබන්නට ඉතා සුදුසු වේ.

2. මහාඅස‍්සාරොහජාතකං.

2. මහාඅස්සාරෝහ ජාතක යි.

516. අනුත‍්තරෙ කාමගුණෙ සමිද‍්ධෙ භුත්‍වාන පුබ‍්බෙ වසි එකරාජා, සොදානි දුග‍්ගෙ නරකම‍්භි ඛිත‍්තො නප‍්පජහෙ වණ‍්ණබලං පුරාණං.

516. ඒකරාජය, පෙරැ තෙපි නිරුත්තර වූ සමෘද්ධ වූ පස් කම් ගුණයන් අනුභව කොට (හෙවත් විඳිමින්) විසුවහ. දැන් ඒ තෙපි නරාවළ බහාලන ලද්දහු (නමුදු) පැරැණි ගුණවත්කම හා (ධ්‍යාන) බලය නො හරනහු.

517. පුබ‍්බෙව ඛන‍්ති ච තපො ච මය‍්හං සම‍්පත්‍ථිතා දබබසෙනා අහොසි, තංදානි ලද‍්ධාන කථන‍්නු රාජ ජහෙ අහං වණ‍්ණබලං පුරාණං.

517. දබ්බසේනය, මා විසින් කැලැ මැ ඉවැසීම හා තපස හා පතන ලද රජතුමනි, එය දැන් ලදින් පැරැණි ගුණවත් කම හා (ධ්‍යාන) බලය කෙසේ මම හැරපියම් ද?

518. සබ‍්බං කිරෙව පරිනිට‍්ඨිතානි යසස‍්සිනං පඤ‍්ඤවන‍්තං විසය‍්හ, යසො ච ලද‍්ධා පුරිමං උළාරං නප‍්පජහෙ වණ‍්ණබලං පුරාණං.

518. යසැත්තාණෙනි, පැනැත්තාණෙනි, කමන්නාණෙනි, සියල්ල පෙරැ මැ මා විසින් නිමවන ලද. පෙරැ (මම) නොලද උදාර යසස හා මෛත්‍රීධ්‍යානය ලැබැ වර්‍ණය හා බලය නො හරින්නෙමි.

519. පනුජ‍්ජ දුක‍්ඛෙන සුඛං ජනින්‍ද සුඛෙන චා දුක‍්ඛමසය‍්හසාහි, උභයත්‍ථ සන‍්තො අභිනිබ‍්බුතත‍්තා සුඛෙ ච දුක‍්ඛෙ ච භවන‍්ති තුල්‍යා’ති

519. ඉවසන්නට නො හැකි දුක් ඉවසන රජතුමනි, දුකෙන් සුවය දුරු කොට, සුවයෙන් දුක දුරු කොට (වෙසෙන) සත් පුරුෂයෝ දෙතැන්හි නිවීගිය සන්තාන ඇතිව සුව දුක් දෙක්හි එක සමාන (කම්පා නොවන හෙයින්) වෙත්.

3. එකරාජජාතකං.

3. ඒකරාජ ජාතක යි.

520. ඉමානි මං දද‍්දර තාපයන‍්ති වාචාදුරුත‍්තානි නුස‍්සලොකෙ, මණ‍්ඩූකභක‍්ඛා උදකන‍්තසෙවි ආසීවිසං මං අවිසා සපන‍්ති.

520. දද්දරය, මිනිස්ලොවෙහි මැඩියන් කා උදකාන්තයෙහි (දියයට) වසන්නේ ය යන මේ නපුරු වචන මට දුක් උපදවයි. විෂ සහිත මා විෂ නැතියකු සේ (සිතා) (ගම්දරුවෝ) ආක්‍රෝශ කෙරෙති.

521. සකා රට‍්ඨා පබ‍්බාජිතො අඤ‍්ඤං ජනපදං ගතො, මහන‍්තං කොට‍්ඨං කයිරාථ දුරුත‍්තානං නිධෙතවෙ.

521. සිය රටින් නෙරපන ලද තැනැත්තා අන් දනව්වකට ගිය (කැලැ) නොමනා ලෙස කී කථා තබනු සඳහා ගබඩාවක් සාදන්නේ ය. (ඉවසන්නට හිත දියුණු කරන්නේ ය).

522. යත්‍ථ පොසං න ජානන‍්ති ජාතියා විනයෙන වා, න තත්‍ථ මානං කයිරාථ වසමඤ‍්ඤාතකෙ ජනෙ.

522. පුරුෂයා යම් තැනෙක වෙසේ ද එහි දී තමා පිළිබඳ තොරතුරු නො දත් පිරිස අතරේ වෙසෙන කලැ (මෙතරම් වැදගත් මට ජනයා) බුහුමන් නො කෙරෙති යි උඩඟු නොවන්නේ ය.

523. විදෙසවාසං වසතො ජාතවෙදසමෙනපි, ඛමිතබ‍්බං සපඤ‍්ඤෙන අපි දාසස‍්ස තජ‍්ජිතන‍්ති.

523. විදේශයෙහි වෙසෙන නුවණැති ගිනි හා සමාන (අනුභාව සම්පන්න) කෙනකු වුවද දාසයකුගේ තර්‍ජනය ද ඉවැසිය යුතු ය.

4. දද‍්දරජාතකං.

4. දද්දර ජාතක යි.

524. නත්‍ථි ලොකෙ රහො නාම පාපකම‍්මං පකුබ‍්බතො, පස‍්සන‍්ති වනභූතානි තං බාලො මඤ‍්ඤතී රහො.

524. පව් කරන්නාට ලොවැ රහසෙක් නැත. වනදේවතාවෝ (එය) දකිත්. (එහෙයිනි.) (එහෙත්) මෝඩයා කළ පාපය රහසක් ලෙස සිතයි.

525. අහං රහො න පස‍්සාමි සුඤ‍්ඤං වාපි න විජ‍්ජති, යත්‍ථ අඤ‍්ඤං න පස‍්සාමි අසුඤ‍්ඤං හොති තං මයා.

525. පව් කරන්නට යෝග්‍ය රහස් තැනක් මම නො දකිමි. ජන ශූන්‍ය ස්ථානයකුදු නැත. ජන ශුන්‍ය අනෙක් තැනක් යම් තැනෙක නො දකිම් ද එබඳු තැන ශුන්‍ය නො වේය යි මා විසින් කියන ලදී.

526. දුජ‍්ජච‍්චො ච සුජච‍්චො ච නන්‍දො ච සුඛවචඡකො, වෙජ‍්ජො අද‍්ධුවසීලො ච තෙ ධම‍්මං ජහුමත්‍ථිකා.

526. දුජ්ජච්ච අජච්ච නන්‍ද සුඛවච්ඡ වෙජ්ජ අද්ධුවසීල යන ශිෂ්‍යයෝ ගැහැනුන් ලබාගන්නට තැබූ රිසිය හළුවෝ ය.

527. බ්‍රාහ‍්මණෙ ච කථං ජහෙ සබ‍්බධම‍්මානපාරගූ, යො ධම‍්මමනුපාලෙති ධිතිමා සච‍්චනික‍්කමොති.

527. ඔවුන්ගෙන් පිට කෙනෙකු වන සිල්සපන් බමුණා ඒ ගැහැනියගේ ලැබීම කෙසේ හැරපියන්නේ ද? යමෙක් පන්සිල් දස සිල් රකිමින් ත්‍රිවිධ සුචරිතය මැනැවින් රක්නේ ද එබඳු ධෛර්‍ය්‍යය සම්පන්න පුරුෂයා සීලය රකී.

5. සීලවීමංසජාතකං.

5. සීලවීමංස ජාතක යි.

528. තිං අණ‍්ඩකා ඉමෙ දෙව නික‍්ඛිත‍්තා කංසමල‍්ලකෙ, උපලොහිතකා වග‍්ගු තං මෙ අක‍්ඛාහි පුච‍්ඡිතො.

528. දේවයන් වහන්ස, රන්තැටියේ තබන ලද රතු පැහැයෙන් යුතු මනා පෙනුමැති මේ ගෙඩි මොනවා ද? විචාරන ලද මට කියනු මැනැව.

529. යානි පුරෙ ත්‍වං දෙවි භණ‍්ඩු නන‍්තකවාසිනී, උච‍්ඡඞ‍්ගහත්‍ථා පචිනාසි තස‍්සා තෙ කොලියං ඵලං.

529. දේවිය හිසමුඩු කොට කඩමාලු හැඳැ ඇකයෙහි කළ අතැති ව එකතු කළ ගෙඩි වර්‍ගයක් වී නම්, තීගේ කුලයට අයත් ගෙඩි ජාතිය යි මේ.

530. උඩ‍්ඩය‍්හතෙ න රමති භොගා විප‍්පජහන‍්ති තං, තත්‍ථෙවිමං පටිනෙථ යත්‍ථ කොලං පචිස‍්සති.

530. ලෝකුඹු නිරයේ උපන්නියක සේ (මැය), දැවෙන්නේ ය. පින් මඳ හෙයින් රාජසම්පත විඳින්නට සිත නො ඇළේ. ඩෙබර කඩා එකතු කළ තැනට මැය නැවත ගෙන යවු.

531. හොන‍්ති හෙතෙ මහාරාජ ඉද‍්ධිප‍්පත‍්තාය නාරියා, ඛම දෙව සුජාතාය මාස‍්සා කුජ‍්ඣි රථෙසභාති.

531. මහරජ ඉසුරුබර වූ (කලැ) ඉතිරියට මෙබඳු පමා දොස් වෙති. දේවයන් වහන්ස, සමාවන්නේ මැනැවි. රජතුමනි, මේ සුජාතාවට නො කිපෙන්නේ මැනැවි.

6. සුජාතාජාතකං.

6. සුජාතා ජාතක යි.

532. අචෙතනං බ්‍රාහ‍්මණ අස‍්සුණන‍්තං ජානො අජානන‍්තමිමං පලාසං, ආරද‍්ධවිරියො ධුවං අප‍්පමත‍්තො සුඛසෙය්‍යං පුච‍්ඡසි කිස‍්ස හෙතු.

532. බමුණ, සිත නැති නො ඇසෙන නොදන්න මෙය කෑලගසක් බව දන්නේ ය. (එහෙත්) හැමදා වෑයමෙන් හා සැලකිල්ලෙන් සුවසේ නිදියේ දැ යි විචාරයි. එයට හේතු කවරේ ද?

533. දූරෙ සුතො චෙව බ්‍රහා ච රුක‍්ඛො දෙසෙ ඨිතො භූතනිවාසරූපො, තස‍්මා නමස‍්සාමි ඉමං පලාසං යෙ චෙත්‍ථා භූතා තෙ ච ධනස‍්ස හෙතු.

533. මේ ගස දුර දේශයන්හි ද ප්‍රසිද්ධ ය. විශාල ය. සම බිමෙක පිහිටා ඇත. දෙවියන්ට නිවාසයෙකි. එහෙයින් මේ කෑලගසේ යම් දෙවියෙක් වේ නම් ධනාශාවෙන් නමදිමි.

534. සො තෙ කරිස‍්සාමි යථානුභාවං. කතඤ‍්ඤුතං බ්‍රාහ‍්මණ පෙක‍්ඛමානො, කථං හි ආගම‍්ම සතං සකාසෙ මොඝානි තෙ අස‍්සු පරිඵන්‍දිතානි.

534. බමුණ, කළ ගුණ දන්නා මම මගේ ශක්තිප්‍රමාණයෙන් තට උපකාර කරන්නෙමි. ඔබගේ විමසීම් විසින් වාක්ඵන්‍දිත ද හැමදීම් ආදි කායඵන්‍දිත ද සත්පුරුෂයන් හමුවේ කෙසේ නිෂ්ඵල වේ ද?

535. යො තින්‍දුරුක‍්ඛස‍්ස පරො පිලක‍්ඛූ පරිවාරිතො පුබ‍්බයඤ‍්ඤො උළාරො, තස‍්සෙව මූලස‍්මිං නිධී නිඛාතො ආදායාදො ගච‍්ඡ තං උද‍්ධාරාහී’ති.

535. තිඹිරිගසෙන් එපිට පළොල්ගස මුලැ වටා සාරා යාග වශයෙන් තැන්පත් කළ නිදන්සැළි ද හිමියෙක් නැති නිධානය ද ගන්න.

7. පලාසජාතකං.

7. පලාස ජාතක යි.

536. අකරම‍්හසතෙ කිච‍්චං යං බලං අහුවම‍්භසෙ, මිගරාජ නාමො ත්‍යුත්‍ථු අපි කිඤ‍්චි ලභාමසෙ.

536. මෘගරාජය, අපට යම් තරමක බලයක් වී ද ඒ පමණින් ඔබට වැඩ කෙළෙමු. ඔබට නමස්කාර වේවා! කිසිවක් ලබමෝ නම් මැනවි.

537. මම ලොහිතභක‍්ඛස‍්ස නිච‍්චං ළුද‍්දානි කුබ‍්බතො, දන‍්තන‍්තරගතො සන‍්තො තං බහුං යම‍්පි ජීවසි.

537. නිතියෙන් රුදුරුකම් කෙරෙමින් ලේ මස් කන මාගේ දත් අතරට ගොස් නො මැරී ජීවත් වීම ම තා ලද උපකාරය වේ.

538. අකතඤ‍්ඤුමකත‍්තාරං කතස‍්ස අප‍්පතිකාරකං, යස‍්මිං කතඤ‍්ඤුතා නත්‍ථි නිරත්‍ථා තස‍්ස සෙවනා.

538. කළගුණ නො දත් සිය කැමැත්තෙන් උපකාරයකුදු නො කරන උපකාර කළහුට ප්‍රත්‍යුපකාර නො කරන කෙනකු වේ නම්, කළ ගුණ යමකුට නො වේ නම් ඔහුගේ ආශ්‍රය නිෂ්ඵල ය.

539. යස‍්ස සම‍්මුඛචිණ‍්ණෙන මිත‍්තධම‍්මො න ලබ‍්භති, අනුසුය්‍යමනක‍්කොසං සණිකං තම‍්හා අපක‍්කමෙ’ති.

539. යමකුගේ හමුවේ කළ ගුණයෙන් මිත්‍රධර්‍මය නො ලැබේ ද, (එකලැ) ඔහුට ඊර්‍ෂ්‍යා නො කොට නො දොඩා සෙමෙන් ඔහුගෙන් ඉවත් වන්නේ ය.

8. ජවසකුණජාතකං.

8. ජවසකුණ ජාතක යි.

540. සබ‍්බමිදං චරිමවතං උභො ධම‍්මං න පස‍්සරෙ, උභො සකතියා චුතා යොචායං සජ‍්ඣාපයති. යො ච ධම‍්මං අධීයති.

540. අප කළ හැමදෙය ම ලාමක ය. යමෙක් ධර්‍මය හදාරවා ද යමෙක් ධර්‍මය හදාරා ද දෙදෙන ම පැරැණි ධර්‍මය (සිරිත්) නො බලති. දෙදෙන ම ප්‍රකෘති ධර්‍මයෙන් ගිලිහුණෝ ය.

541. සාලීන භොජනං භුඤෙජ සුචිං මංසූපසෙචනං, තස‍්මා එතං න සෙවාමි ධම‍්මං ඉසීහි සෙවිතං.

541. නන් අයුරින් පිළියෙළ කළ පවිත්‍ර මාංසසූපයන් සමග ඇල්හාලේ බත බුදිමි. එහෙයින් බුද්ධාදි උතුමන් සෙවි මෙ දහම නො සෙවීමි.

542. පරිබ‍්බජ මහා ලොකො පචන‍්තඤ‍්ඤෙපි පාණිනො, මා තං අධම‍්මො ආචරිතො අස‍්මා කුම‍්භමිවාභිදා.

542. මෙතැනින් අන් තැනකට යව. ලෝකය විශාල ය. සෙසු සත්ත්‍වයෝ ද (කෑම) පිසිත්. ගලක හැපී කළයක් බිඳෙන පරිදි හැසිරුණු තා අධර්‍මය නිසා නො නැසේවා.

543. ධිරත්‍ථු තං යසලාභං ධනලාභඤ‍්ච බ්‍රාහ‍්මණ, යා වුත‍්ති විනිපාතෙන අධම‍්මචරණෙන වා’ති.

543. බමුණ, ඒ යසස් ලැබීමට හා වස්තු ලැබීමට ද අපායෙහි වැටීමට හේතුවන යම් නො දැහැමි පැවැත්මක් වේ ද එයට ද නින්‍දා වේවා.

9. ඡවකජාතකං.

9. ඡවක ජාතක යි.

544. සසමුද‍්දපරියායං මහිං සාගරකුණ‍්ඩලං න ඉච‍්ඡෙ සහනින්‍දාය එවං සය‍්හ විජානහි.

544. දැහැන්සුව සහිත පැවිද්ද හැර දමා සාගරයට කුණ්ඩලාභරණයක් වැනි චක්‍රවාට පර්‍වත සහිත මහපොළොව (ලබාගන්නට) නො කැමැත්තෙමි. සය්හය, මෙසේ දැනගනුව.

545. ධිරත්‍ථු තං යසලාභං ධනලාභඤ‍්ච බ්‍රාහ‍්මණ, යා වුත‍්ති විනිපාතෙන අධම‍්මචරණෙන වා.

545. බමුණ, යශස් ලැබීමට ද වස්තු ලැබීමට ද අපායෙහි වැටීමට හේතුවන යම් නො දැහැමි පැවැත්මක් වේ ද එයට ද නින්‍දා වේවා.

546. අපි චෙ පත‍්තමාදාය අනාගාරො පරිබ‍්බජෙ, සායෙව ජිවිකා සෙය්‍යො යා චාධම‍්මෙන එසනා.

546. ගෘහ රහිත වූයෙම් පාත්‍රය ගෙන හාත්පස ගෙහි භික්ශාටනය කෙළෙම් ද, යම් බඳු අධර්‍ම ඒෂණාවක් ඇද්ද එයට වඩා ඒ භික්‍ෂාටනයෙන් කරන ජීවිකාව ම උතුමි.

547. අපි චෙ පත‍්තමාදාය අනාගාරො පරිබ‍්බජෙ, අඤ‍්ඤං අහිංසයං ලොකෙ අපි රජ‍්ජෙන තං වරන‍්ති.

547. ලොවැ අනිකකු නො පෙළමින් අනගාරිකව පාත්‍රයක් ගෙන ගේ නැති ව පිඬු සිඟා යන්නෙම් නම් එය රාජ්‍යයට වඩා උතුම් වේ.

10. සය‍්හජාතකං.

10. සය්හ ජාතක යි.

විවරවග‍්ගො පඨමො.

පළමුවන විවර වර්‍ග යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

විවරඤ‍්ච අදෙය්‍යසමිද‍්ධවරං අථ දද‍්දරපාපමහාතිරහො, අථ කොලිපලාසමරඤ‍්ච කර චරිමං සසමුද‍්දවරෙන දස.

දොර විවර කරවයි කී චූළකාළිඞ්ග ජාතක යැ, අදෙය්‍යෙසු යනාදිය පැවසූ මහාඅස්සාරෝහ ජාතක යැ, සමෘද්ධ කාමගුණ ඇති ඒකරාජ ජාතක යැ, යළි දද්දර ජාතක යැ, පාපකාරීහට රහස් නැති සේ කී සීලවිමංස ජාතක යැ, (කෝලි) සුජාතා ජාතක යැ, පලාස ජාතක යැ, අකරම්හසෙ යනාදිය කී ජවසකුණ ජාතක යැ, චරිමවත දැක්වූ ඡවක ජාතක යැ, (සමුද්දවර) සය්හ ජාතකයෙන් දසය වේ.