යෙදුමෙන් කියවන්න

8. සකුණජාතකවණ‍්ණනා 308 අට‍්ඨකථා

8. සකුණජාතකවණ‍්ණනා (308)

8. ජවසකුණ ජාතකය (308)

අකරම‍්හස තෙ කිච‍්චන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො දෙවදත‍්තස‍්ස අකතඤ‍්ඤුතං ආරබ‍්භ කථෙසි. “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපි දෙවදත‍්තො අකතඤ‍්ඤූයෙවා”ති වත්‍වා අතීතං ආහරි.

‘අකරම්හස තෙ කිච්චං’ යන මේ ගාථා කොටස ඇතුළත් වන ජාතක කථාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වාසය කරන සේක්, දෙව්දතුන්ගේ කළගුණ නො දන්නාකම අරබයා වදාළ සේක. දිනෙක දම්සභාවේ දී දෙව්දතුන්ගේ මේ ක්‍රියාපිළිවෙල, භික්‍ෂූන්ගේ විවේචනයට ලක්විය. එම අවස්ථාවේදී එතැනට වැඩි, බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන්ගේ සාකච්ඡාවට බඳුන් වූ කරුණ ගැන දැන, ‘මහණෙනි, දෙව්දතුන් අකෘතඥ වූයේ, දැන් මතු නො ව, පෙර ද එසේ වී යැ’යි වදාරා, මේ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො හිමවන‍්තපදෙසෙ රුක‍්ඛකොට‍්ටකසකුණො හුත්‍වා නිබ‍්බත‍්ති. අථෙකස‍්ස සීහස‍්ස මංසං ඛාදන‍්තස‍්ස අට‍්ඨි ගලෙ ලග‍්ගි, ගලො උද‍්ධුමායි, ගොචරං ගණ‍්හිතුං න සක‍්කොති, ඛරා වෙදනා පවත‍්තති. අථ නං සො සකුණො ගොචරප‍්පසුතො දිස‍්වා සාඛාය නිලීනො “කිං තෙ, සම‍්ම, දුක‍්ඛ”න‍්ති පුච‍්ඡි. සො තමත්‍ථං ආචික‍්ඛි. “අහං තෙ, සම‍්ම, එතං අට‍්ඨිං අපනෙය්‍යං, භයෙන පන තෙ මුඛං පවිසිතුං න විසහාමි, ඛාදෙය්‍යාසිපි ම”න‍්ති. “මා භායි, සම‍්ම, නාහං තං ඛාදාමි, ජීවිතං මෙ දෙහී”ති. සො “සාධූ”ති තං වාමපස‍්සෙන නිපජ‍්ජාපෙත්‍වා “කො ජානාති, කිම‍්පෙස කරිස‍්සතී”ති චින‍්තෙත්‍වා යථා මුඛං පිදහිතුං න සක‍්කොති, තථා තස‍්ස අධරොට‍්ඨෙ ච උත‍්තරොට‍්ඨෙ ච දණ‍්ඩකං ඨපෙත්‍වා මුඛං පවිසිත්‍වා අට‍්ඨිකොටිං තුණ‍්ඩෙන පහරි, අට‍්ඨි පතිත්‍වා ගතං. සො අට‍්ඨිං පාතෙත්‍වා සීහස‍්ස මුඛතො නික‍්ඛමන‍්තො දණ‍්ඩකං තුණ‍්ඩෙන පහරිත්‍වා පාතෙන‍්තොව නික‍්ඛමිත්‍වා සාඛග‍්ගෙ නිලීයි. සීහො නිරොගො හුත්‍වා එකදිවසං එකං වනමහිංසං වධිත්‍වා ඛාදති. සකුණො “වීමංසිස‍්සාමි න”න‍්ති තස‍්ස උපරිභාගෙ සාඛාය නිලීයිත්‍වා තෙන සද‍්ධිං සල‍්ලපන‍්තො පඨමං ගාථමාහ –

අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප මහා බෝසත් තෙමේ, හිමවත් පෙදෙසෙහි කොට්ටෝරු කුරුල්ලෙක් වී උපන්නේය. ඉක්බිති එක්දිනෙක එම වන පියසේම මස් කමින් සිටි එක් සිංහයෙකුගේ උගුරෙහි ඇට කැබැල්ලක් හිර විය. ඒ හේතුවෙන් උගේ බෙල්ල ඉදිමුනේය. ගොදුරු ගැනීමට ද නොහැකි විය. වේදනාවද ඉතා දරුණු විය. මේ අතර ඉහත කී බෝසත් කුරුල්ලා ගොදුරු සොයමින් කැලේ සැරිසරන විට ලෙඩ වූ සිංහයා දුටුවේය. අනතුරුව සිංහයා සමීපයෙහි තිබූ ගසෙක, අතුපතර සැඟවුණු කුරුල්ලා, ‘යහලුව, ඔබ කුමක් නිසා දුක් විඳීදැ’යි විමැසීය. සිංහයා සියලු විස්තර කොට්ටෝරුවාට පැවසීය. එවිට ‘හිතවත, ඔබගේ උගුරෙහි හිර වී ඇති, ඇට කැබැල්ල ඉවත් කිරීමට මා පොහොසත් වුවත්, ඔබ මා ආහාරයට ගනිති යි, යන බියෙන් මුව තුළට පිවිසෙන්නට පසුබාමී’යි කුරුල්ලා පැවසීය. එවිට සිංහයා, ‘හිතවත, බිය නොවන්න මම ඔබ නො කමි. මා සුවපත් කොට ජීවිතය රැකදෙනු මැනවැ’යි කීය. ඒ වචන පිළිගත් බෝසත් කුරුල්ලා, සිංහයා බිම හොවා, ‘මොහු කුමක් කෙරේදැ’යි කියා කවුරු දනිත් දැයි, සිංහයා සම්බන්ධයෙන් සැක සිතා, උගේ මුව වසන්නට නො හැකි වන පරිද්දෙන්, උඩු තොලත් යටි තොලත් හිර වෙන ලෙස, දඬු කැබැල්ලක් තබා අනතුරුව සිංහයාගේ මුව තුළට ඇතුල් විය. අනතුරුව සිය හොටයේ තුඩින්, උගුරේ හිරවුණු ඇට කැබැල්ලට පහර දුන්නේය. එය තිබූ තැනින් ඉවත්ව පහළට වැටුණි. අනතුරුව කුරුල්ලා වහා සිංහයාගේ මුවෙන් එළියට පැන ගත්තේය. එසේ පැන ගන්නවාත් සමගම, සිංහයාගේ මුව හිරවන සේ තබන ලද දඬු කැබැල්ලද මුදා හරිමින් ම අසල තිබූ ගසක් වෙත පියඹා ගොස්, අතු පතර සැඟවුණේය. සිංහයා සුවපත් විය. ටික කලකට පසු, එක් දිනෙක කුළුමීමකු මරා ගත් සිංහයා, උගේ මස් කන්නට පටන් ගත්තේය. එවිට එතැනින් පියඹා යන බෝසත් කුරුල්ලා, එය දුටුවේය. ‘තමා කළ උපකාරයට සිංහයා කුමන ප්‍රතිචාරයක් දක්වන්නේදැ’යි විමසා බැලීමට මෙය ඉතා කදිම අවස්ථාවෙකි’යි සිතා බැලූ, කුරුල්ලා මස් කමින් සිටි සිංහයාගේ හිසට ඉහළින් පිහිටි, අත්තක වාඩි වී සිංහයාට කථාකොට මෙසේ කීවේය.

“අකරම‍්හස තෙ කිච‍්චං, යං බලං අහුවම‍්හසෙ; මිගරාජ නමො ත්‍යත්‍ථු, අපි කිඤ‍්චි ලභාමසෙ”ති.

අකරම්හසතෙ කිච්චං - යං බලං අහුවම්හසෙ, මිගරාජා නමොත්‍යඵු - අපි කිඤ්චි ලභාමසෙති

‘සිංහරාජය, ඔබට නමස්කාර වේවා! මගේ මුළු ශක්තියෙන් ඔබ වෙනුවෙන් කාර්යයක් කරන ලදි. (ඒ වෙනුවෙන්) අපට යමක් ලැබේද?

තත්‍ථ අකරම‍්හස තෙ කිච‍්චන‍්ති භො, සීහ, මයම‍්පි තව එකං කිච‍්චං අකරිම‍්හ. යං බලං අහුවම‍්හසෙති යං අම‍්හාකං බලං අහොසි, තෙන බලෙන තතො කිඤ‍්චි අහාපෙත්‍වා අකරිම‍්හයෙව.

මෙහි ‘අකරම්හස තෙ කිච්චං’ යනු ‘පින්වත් සිහ රදුනි, ඔබගේ එක් කටයුත්තක් කෙළෙමු’ යන අර්ථයි. ‘යං බලං අහුවම්හසෙ’ යනු ‘අපට යම් බලයක් වී ද? ඒ බලයෙන් කිසිවක් අඩු නො කොට එයින් සේවය කෙළෙමු’ යන අර්ථයි.

තං සුත්‍වා සීහො දුතියං ගාථමාහ –

ඒ අසා සිංහයා පිළිතුරු වශයෙන්, කුරුල්ලාට මෙසේ කීය.

“මම ලොහිතභක‍්ඛස‍්ස, නිච‍්චං ලුද‍්දානි කුබ‍්බතො; දන‍්තන‍්තරගතො සන‍්තො, තං බහුං යම‍්පි ජීවසී”ති.

2. නිතර රෞද්‍ර ක්‍රියාවන් කරන්නා වූ, රුධිර භක්‍ෂණයෙහි යෙදෙන, මාගේ දත් අතරට වැද සිටත්, තවම ජීවත් වේ නම්, එයද ලොකු දෙයකි.

තං සුත්‍වා සකුණො ඉතරා ද‍්වෙ ගාථා අභාසි –

සිංහයාගේ පිළිතුර අසා සිටි කුරුල්ලා, මෙසේ පැවසීය.

“අකතඤ‍්ඤුමකත‍්තාරං, කතස‍්ස අප‍්පටිකාරකං; යස‍්මිං කතඤ‍්ඤුතා නත්‍ථි, නිරත්‍ථා තස‍්ස සෙවනා.

3. කළගුණ නොදත්, අනුන්ට උදව් නොකරන, උපකාර වූවෙකුට පෙරළා උපකාර නොකරන, පුද්ගලයෙක් වේද, යමෙකු කෙරෙහි කෘතඥතාවක් නැද්ද? ඔහුගේ ඇසුර නිරර්ථකය.

“යස‍්ස සම‍්මුඛචිණ‍්ණෙන, මිත‍්තධම‍්මො න ලබ‍්භති; අනුසූයමනක‍්කොසං, සණිකං තම‍්හා අපක‍්කමෙ”න‍්ති.

4. යමෙකුගේ ඉදිරියේ කළ උපකාරයෙන්, මිතුරු දහමක් ඇති නොවේ නම්, (නො ලැබේ නම්) ඔහුට ඊර්ෂ්‍යා නොකොට පරිභව නො කොට හිමින් සීරුවේ එතැනින් ඉවත් වන්නේය.

තත්‍ථ අකතඤ‍්ඤුන‍්ති කතගුණං අජානන‍්තං. අකත‍්තාරන‍්ති යංකිඤ‍්චි අකරොන‍්තං. සම‍්මුඛචිණ‍්ණෙනාති සම‍්මුඛෙ කතෙන ගුණෙන. අනුසූයමනක‍්කොසන‍්ති තං පුග‍්ගලං න උසූයන‍්තො න අක‍්කොසන‍්තො සණිකං තම‍්හා පාපපුග‍්ගලා අපගච‍්ඡෙය්‍යාති. එවං වත්‍වා සො සකුණො පක‍්කාමි.

මෙහි ‘අකතඤ්ඤුං’ යනු ‘කළගුණ නො දත්’ යන අර්ථයි. ‘අකත්තාරං’ යනු ‘යම් කිසිවක් නො කරන’ යන අර්ථයි. ‘සම්මුඛචිණ්ණෙ’ යනු ‘අභිමුවෙහි කරන ලද ගුණයෙන්’ යන්නයි. ‘අනුසුය්‍යමනක්කොස’ යනු ‘ඒ පුද්ගලයාට ඊර්ෂ්‍යා නො කරමියි ආක්‍රෝශ පරිභව නොකරමියි, සෙමෙන් ඒ පුද්ගලයා වෙතින් ඉවත් වන්නේය’ යන අර්ථයි. මෙසේ ඒ බෝසත් කුරුල්ලා සිංහයා හමුවෙහි මේ අදහස් පවසා එතැනින් ඉවත්ව පියඹා ගියේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා සීහො දෙවදත‍්තො අහොසි, සකුණො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. එදා සිංහයා නම් දේවදත්ත විය. බෝසත් කුරුල්ලා වූ කලී ‘මම ම වීමි’යි, බුදුරජාණන් වහන්සේ තවදුරටත් පැහැදිලි කළ සේක.

සකුණජාතකවණ‍්ණනා අට‍්ඨමා.