7. පලාසජාතකවණ්ණනා 307 අට්ඨකථා
7. පලාසජාතකවණ්ණනා (307)
7. පලාස ජාතකය (307)
අචෙතනං බ්‍රාහ්මණ අස්සුණන්තන්ති ඉදං සත්ථා පරිනිබ්බානමඤ්චෙ නිපන්නො ආනන්දත්ථෙරං ආරබ්භ කථෙසි. සොහායස්මා “අජ්ජ රත්තියා පච්චූසසමයෙ සත්ථා පරිනිබ්බායිස්සතී”ති ඤත්වා “අහඤ්චම්හි සෙක්ඛො සකරණීයො, සත්ථු ච මෙ පරිනිබ්බානං භවිස්සති, පඤ්චවීසති වස්සානි සත්ථු කතං උපට්ඨානං නිප්ඵලං භවිස්සතී”ති සොකාභිභූතො උය්යානඔවරකෙ කපිසීසං ආලම්බිත්වා පරොදි. සත්ථා තං අපස්සන්තො “කහං, භික්ඛවෙ, ආනන්දො”ති පුච්ඡිත්වා තමත්ථං සුත්වා තං පක්කොසාපෙත්වා “කතපුඤ්ඤොසි ත්වං, ආනන්ද, පධානමනුයුඤ්ජ, ඛිප්පං හොහිසි අනාසවො, මා චින්තයි, ඉදානි තයා මම කතං උපට්ඨානං කිංකාරණා නිප්ඵලං භවිස්සති, යස්ස තෙ පුබ්බෙ සරාගාදිකාලෙපි මම කතං උපට්ඨානං නිප්ඵලං නාහොසී”ති වත්වා අතීතං ආහරි.
‘අචෙතනං බ්‍රාහ්මණ’ යන මේ ගාථා කොටස දැක්වෙන මේ ජාතක කථා ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැද හෙව, අනඳ තෙරුන් අරබයා වදාළ සේක. අනඳ තෙරිඳු අද රාත්‍රී භාගයේ දී, අලුයම් සමයේ දී ‘බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නාහ’යි දැන, ‘මම ද රහත් නො වූවෙක්මි. රහත් වීම සඳහා තවදුරටත් කළයුතු දේ ඇත්තෙක්මි. මාගේ ශාස්තෲවරයාණන් වහන්සේගේ පිරිනිවන නොබෝ වේලාවකින් වන්නේ යැ’යි ද, ‘අවුරුදු විසිපහක් මුළුල්ලේ සිදු කළ බුද්ධෝපස්ථානය නිශ්ඵල වන්නේයැ’යි ද, සිතමින් ශෝකයෙන් පීඩාවට පත්ව උද්‍යාන ගෘහයේ දොරගුල් කණුවේ එල්ලී, තදින් හැඬීය. බුදුරජාණන් වහන්සේ අනඳ තෙරුන් පෙනෙන්නට නැති බැවින් භික්ෂූන් අමතා, ‘මහණෙනි, ආනන්ද කොහිදැ’යි විචාළ සේක. අනතුරුව අනඳ හිමියන්ගේ ක්‍රියාව ගැන තොරතුරු දැන ගත්, බුදුරජාණන් වහන්සේ අනඳ තෙරුන් කැඳවා, ‘ආනන්දය, ඔබ පෙර කළ පින් ඇත්තෙකි. වහ වහා වීර්යය කරන්න. කෙලෙස් දුරු කරන්න. සිතේ කුහුල් ඇති කොට නොගන්න. මේ භවයේදී ඔබ විසින් මා උදෙසා කළ, උවටැන් මොන ම හේතුවක් නිසා වත් නිශ්ඵල නො වන්නේය. ඒ තබා පෙර රාගාදී කෙලෙස් සහිතව ඔබ කටයුතු කළ කාලයේදීවත් මට කළ උවටැන් නිශ්ඵල නො වීයැ’යි වදාරා මේ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො බාරාණසිතො අවිදූරෙ පලාසරුක්ඛදෙවතා හුත්වා නිබ්බත්ති. තදා බාරාණසිවාසිනො මනුස්සා දෙවතාමඞ්ගලිකා අහෙසුං නිච්චං බලිකරණාදීසු පයුත්තා. අථෙකො දුග්ගතබ්රාහ්මණො “අහම්පි එකං දෙවතං පටිජග්ගිස්සාමී”ති එකස්මිං උන්නතප්පදෙසෙ ඨිතස්ස මහතො පලාසරුක්ඛස්ස මූලං සමං නිත්තිණං කත්වා පරික්ඛිපිත්වා වාලුකං ඔකිරිත්වාව සම්මජ්ජිත්වා රුක්ඛෙ ගන්ධපඤ්චඞ්ගුලිකානි දත්වා මාලාගන්ධධූමෙහි පූජෙත්වා දීපං ජාලෙත්වා “සුඛං සයා”ති වත්වා රුක්ඛං පදක්ඛිණං කත්වා පක්කමති. දුතියදිවසෙ පාතොව ගන්ත්වා සුඛසෙය්යං පුච්ඡති. අථෙකදිවසං රුක්ඛදෙවතා චින්තෙසි “අයං බ්රාහ්මණො අතිවිය මං පටිජග්ගති, ඉමං බ්රාහ්මණං වීමංසිත්වා යෙන කාරණෙන මං පටිජග්ගති, තං දස්සාමී”ති. සා තස්මිං ඛණෙ බ්රාහ්මණෙ ආගන්ත්වා රුක්ඛමූලෙ සම්මජ්ජන්තෙ මහල්ලකබ්රාහ්මණවෙසෙන සමීපෙ ඨත්වා පඨමං ගාථමාහ –
අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ බරණැසට නුදුරුව රුක් දෙවියෙක්ව උපන්නේය. එකල බරණැස්පුර වාසීන්ට දෙවියන් සම්බන්ධ වූ සැණකෙලි මංගල්‍යයක් විය. නිතර බලි පූජා විදි අනුගමනය කරන මිනිසුන්ගේ කණ්ඩායම් තැන තැන විය. ඉක්බිති එක් දුප්පත් බමුණෙක් මම ද එක් දෙවියකු පෝෂණය කරන්නෙමි. පුදන්නෙමි’යි මෙසේ සිතා එක් උස්බිමෙක පිහිටි මහත් වූ කෑල ගසෙක යට භූමිය සමතලා කොට, තණකොළ ඉවත්කොට, ගස වටේට වැලි අතුරා, මැනවින් හැමද, සුවඳ කුඩු තවරන ලද දෙඅත් සලකුණු ගසෙහි තබා, මල්මාලා හා සුවඳ දුමෙන් පූජා පවත්වා, පහනක් දල්වා ‘සුවසේ සැතපෙනු මැනවැ’යි රුක් දෙවියාට කියා, ගස වටා පැදකුණු කොට හැරී යයි. ඊළඟ දිනයේ උදෑසනින්ම ගස වෙත යන බමුණා, ‘සැප විහරණය මැනවින් කෙළෙහි දැ’යි රුක් දෙවියාගෙන් විචාරයි. මෙසේ මේ සිරිත පවත්නා කල්හි, දිනෙක රුක් දෙවියා, ‘මේ බමුණා ඉතා උනන්දුවෙන් කැපවීමෙන්, මට සේවය කරයි. කුමට එසේ කෙරේදැයි, මොහුගෙන් විමසා බලා, ඔහුගේ බලාපොරොත්තු ඉටුකර දෙන්නෙමි’යි සිතුවේය. එදින බමුණා පූජාවට පැමිණ ගස වටේ අමදින කල්හි, ඒ වෘක්ෂ දේවතාවා මහලු බමුණු වෙසක් ගෙන ළං වී බමුණාට මෙසේ කීය.
“අචෙතනං බ්‍රාහ්මණ අස්සුණන්තං, ජානො අජානන්තමිමං පලාසං; ආරද්ධවිරියො ධුවං අප්පමත්තො, සුඛසෙය්යං පුච්ඡසි කිස්ස හෙතූ”ති.
අචෙතනං බ්‍රාහ්මණ අස්සුණන්තං, ජානො අජානත්ත මිමං පලාසං, ආරද්ධ විරියො ධුවං අප්පමත්තො, සුඛසෙය්යං පුච්ඡසි කිස්ස හෙතු ති,
බමුණ, සිත් පිත් ද නැති, ඇහුම්කන් දීමට ද බැරි, යමක් තේරුම්ගත නොහැකි, මේ කෑල ගස ඔබ හඳුනන්නෙහිය. ස්ථිර වශයෙන්ම අරඹන ලද වීර්යය ඇත්තෙහිය. අප්රමාදී වූවෙහිය. ඒ ඔබ කුමක් නිසා ගසෙන් සැප විහරණය විචාරහිද?
තත්ථ අස්සුණන්තන්ති අචෙතනත්තාව අසුණන්තං. ජානොති තුවං ජානමානො හුත්වා ධුවං අප්පමත්තොති නිච්චං අප්පමත්තො.
මෙහි ‘අස්සුණන්තං’ යනු ‘සිත් පිත් නැති බැවින් ඇහුම්කන් දීමට නො හැකි, යන අර්ථයි. ‘ජානො’ යනු ‘ඔබ හඳුනන්නෙක්ව’ යන අර්ථයි. ‘ධුවං අප්පමත්තො’ යනු නිරතුරුව අප්රමාදී වූයේ’ යන අර්ථයි.
තං සුත්වා බ්රාහ්මණො දුතියං ගාථමාහ –
මේ ඇසූ බමුණා මහලු තැනැත්තාට මෙසේ පැවසීය.
“දූරෙ සුතො චෙව බ්රහා ච රුක්ඛො, දෙසෙ ඨිතො භූතනිවාසරූපො; තස්මා නමස්සාමි ඉමං පලාසං, යෙ චෙත්ථ භූතා තෙ ධනස්ස හෙතූ”ති.
2. මේ මහා ගස ඈත පළාත්වල ද ප්‍රසිද්ධය. සම බිමෙක පිහිටියේය. දෙවියන්ට විසීමට සුදුසුකම් ඇත්තේය. එබැවින් මේ කෑල ගස ද මෙහි යම්තාක් දෙවිවරු වෙත් නම්, ඔවුන් ද ධනය ලබනු පිණිස නමස්කාර කරන්නෙමි.
තත්ථ දූරෙ සුතොති බ්‍රාහ්මණ අයං රුක්ඛො දූරෙ සුතො විස්සුතො, න ආසන්නට්ඨානෙයෙව පාකටො. බ්රහා චාති මහන්තො ච. දෙසෙ ඨිතොති උන්නතෙ සමෙ භූමිප්පදෙසෙ ඨිතො. භූතනිවාසරූපොති දෙවතානිවාසසභාවො, අද්ධා එත්ථ මහෙසක්ඛා දෙවතා නිවුත්ථා භවිස්සති. තෙ ධනස්ස හෙතූති ඉමඤ්ච රුක්ඛං යෙ චෙත්ථ නිවුත්ථා භූතා, තෙ ධනස්ස හෙතු නමස්සාමි, න නික්කාරණාති.
මෙහි ‘දූරෙ සුතො’ යනු ‘බමුණ මේ ගස ඈත ප්‍රදේශවල ප්‍රසිද්ධය. ප්රකටය. සමීපයෙහි ප්‍රකට නැත යන අර්ථයි. ‘බ්රහාච’ යනු ‘විශාල’ යන අර්ථයි. ‘දෙසෙ ඨිතො’ යනු ‘උස් වූ සම බිමෙක පිහිටියේය යන අර්ථයි. ‘භූතනිවාසරූපො’ යනු ‘දෙවියන් නිවසන ස්වභාවය ඇති යන්නයි. ඒකාන්තයෙන් ම මෙහි මහේශාක්‍ය දෙවිවරු විසුවාහු වන්නේ යැයි, යන අදහසයි. ‘තෙ ච ධනස්ස හෙතූ’ යනු ‘මේ ගසට ද මෙහි නිවැසි දෙවිවරුන්ට ද නිකරුණේ නො ව ධනය හේතු කොට ගෙන නමස්කාර කරන්නෙමි’ යන අදහසයි.
තං සුත්වා රුක්ඛදෙවතා බ්රාහ්මණස්ස පසන්නා “අහං, බ්‍රාහ්මණ, ඉමස්මිං රුක්ඛෙ නිබ්බත්තදෙවතා, මා භායි, ධනං තෙ දස්සාමී”ති තං අස්සාසෙත්වා අත්තනො විමානද්වාරෙ මහන්තෙන දෙවතානුභාවෙන ආකාසෙ ඨත්වා ඉතරා ද්වෙ ගාථා අභාසි –
මේ ඇසූ වෘක්ෂ දේවතාවා බමුණා කෙරෙහි පැහැදී, ‘බමුණ, මම මේ ගසෙහි පහළ වූ දේවතාවා වෙමි. බිය නො වන්න. ඔබට ධනය ලබා දෙන්නෙමි’යි කියා ඔහු අස්වසා, තමාගේ විමන්දොර ඉදිරියෙහි අහසෙහි මහත් වූ දේවානුභාවයෙන් පෙනී සිට, මේ ගාථා දෙක පැවසීය.
“සො තෙ කරිස්සාමි යථානුභාවං, කතඤ්ඤුතං බ්‍රාහ්මණ පෙක්ඛමානො; කථඤ්හි ආගම්ම සතං සකාසෙ, මොඝානි තෙ අස්සු පරිඵන්දිතානි.
3. ‘බමුණ, කළගුණ දන්නා වූ, ඒ මම ඊට අනුව සලකා බලමින්, ශක්ති පරිද්දෙන් ඔබට උපකාර කරන්නෙමි. සත්පුරුෂයන්ගේ සමීපයට ඇවිදිනුත් ඔබ ගත් වෙහෙස කෙසේ නම් හිස් වූවක් වන්නේ ද?
“යො තින්දුකරුක්ඛස්ස පරො පිලක්ඛො, පරිවාරිතො පුබ්බයඤ්ඤො උළාරො; තස්සෙස මූලස්මිං නිධි නිඛාතො, අදායාදො ගච්ඡ තං උද්ධරාහී”ති.
4. තිඹිරි ගසට එපිටින් යම් පුලීල ගසෙක් වේද? ඒ ගසේ මුල වටකොට පෙර කල යාග වශයෙන් තැන්පත් කළ, හිමිකරුවකු නැති අතිවිශාල නිධානයක් වළ දමා ඇත. ඔබ යන්න. එය උඩට ගෙන පරිභෝග කරන්න.
තත්ථ යථානුභාවන්ති යථාසත්ති යථාබලං. කතඤ්ඤුතන්ති තයා මය්හං කතගුණං ජානන්තො තං අත්තනි විජ්ජමානං කතඤ්ඤුතං පෙක්ඛමානො. ආගම්මාති ආගන්ත්වා. සතං සකාසෙති සප්පුරිසානං සන්තිකෙ. මොඝානි තෙ අස්සු පරිඵන්දිතානීති සුඛසෙය්යපුච්ඡනවසෙන වාචාඵන්දිතානි සම්මජ්ජනාදිකරණෙන කායඵන්දිතානි ච තව කථං අඵලානි භවිස්සන්ති.
මෙහි ‘යථානුභාව’ නම් ‘ශක්ති පරිද්දෙන් බලය අනුව’ යන තේරුමයි. ‘කතඤ්ඤු තං’ යනු ‘ඔබ විසින් මට කරන ලද ගුණය දන්නා වූ මම එම ගුණය සිය සතන්හි ඇති බව ප්‍රකට කරමින්, කෘතඥතාව දක්වමින්’ යන අර්ථයි. ‘ආගම්ම’ යනු ‘පැමිණ’ යන අර්ථයි. ‘සතං සතාසෙ’ නම් ‘සත්පුරුෂයින්ගේ සමීපයෙහි’ යනුයි. ‘මොඝානි පරිඵන්දිතානි’ නම් ‘සැප සනීප විමසීම් වශයෙන් වූ ඔබගේ වාචික වෙහෙස මහන්සියත්, හැමදීම්, වැඩකිරීම් ආදී වශයෙන් වූ ඔබගේ කායික වෙහෙස මහන්සියත්, කෙසේනම් නිශ්ඵල වන්නේද? යනුයි.
යො තින්දුකරුක්ඛස්ස පරො පිලක්ඛොති යො එස තින්දුකරුක්ඛස්ස පරතො පිලක්ඛරුක්ඛො ඨිතොති විමානද්වාරෙ ඨිතාව හත්ථං පසාරෙත්වා දස්සෙති. පරිවාරිතොතිආදීසු තස්ස පිලක්ඛරුක්ඛස්ස මූලෙ එස තං රුක්ඛමූලං පරික්ඛිපිත්වා නිහිතතාය පරිවාරිතො, පුබ්බෙ යිට්ඨයඤ්ඤවසෙන පුරිමසාමිකානං උප්පන්නතාය පුබ්බයඤ්ඤො, අනෙකනිධිකුම්භි භාවෙන මහන්තත්තා උළාරො, භූමිං ඛණිත්වා ඨපිතත්තා නිඛාතො, ඉදානි දායාදානං අභාවතො අදායාදො. ඉදං වුත්තං හොති – එස තං රුක්ඛමූලං පරික්ඛිපිත්වා ගීවාය ගීවං පහරන්තීනං නිධිකුම්භීනං වසෙන මහානිධි නිඛාතො අසාමිකො, ගච්ඡ තං උද්ධරිත්වා ගණ්හාති.
‘යො තින්දුරුක්ඛස්ස’ යනු ‘තිඹිරි ගසට එපිටින් යම් ඒ පුලීල ගසක් පිහිටා ඇත්තේ දැයි යනුවෙන්, විමන් දොරැ සිටගෙන ම අත දිගුකොට පෙන්වයි යන අදහසයි. ‘පරිවාරිතො’ යනු ‘ආදි කාලයන්හි ඒ පුලිල ගසේ මුල වටකොට, යාග වශයෙන් තැන්පත් කරන ලද, වටේට තබන ලද, යන අර්ථයි. ‘පුබ්බ යඤ්ඤො’ යනු ‘පූර්ව ස්වාමිවරුන්ට අයත් වූ’ යන අදහසයි. ‘උළාරො’ යන්න ‘නිධාන අන්තර්ගත කළගෙඩි ගණනින් බොහෝ බැවින් ද, මහත් බැවින් ද කියන ලදි. ‘නිඛාත’ යන්න ‘පොළොව හාරා තබන ලද බැවින්’ කියන ලදි. ‘අදායාදො’ යන්න ‘හිමිකරුවන් දැන් නැති බැවින් කියන ලදි. මෙහි කියන ලද අදහස නම්, අර ගස මුල වටේට ගැට්ටෙන් ගැට්ට එකිනෙක ගැටෙන පරිද්දෙන්, නිධන් සහිත කලගෙඩි ලෙසින්, අස්වාමික වූ, ඒ මහ නිධානය පොළොව යට තැන්පත් කොට ඇත. ‘ඔබ යන්න, එය මතුකොට ගන්න’ යන මෙය යි.
එවඤ්ච පන වත්වා සා දෙවතා “බ්‍රාහ්මණ, ත්වං එතං උද්ධරිත්වා ගණ්හන්තො කිලමිස්සසි, ගච්ඡ ත්වං, අහමෙව තං තව ඝරං නෙත්වා අසුකස්මිං අසුකස්මිඤ්ච ඨානෙ නිදහිස්සාමි, ත්වං එතං ධනං යාවජීවං පරිභුඤ්ජන්තො දානං දෙහි, සීලං රක්ඛාහී”ති බ්රාහ්මණස්ස ඔවාදං දත්වා තං ධනං අත්තනො ආනුභාවෙන තස්ස ඝරෙ පතිට්ඨාපෙසි.
ඒ දේවතාවා මෙසේද පවසා, ‘බමුණ, ඔබ මේ නිධානය ගොඩ ගැනීමට උත්සාහවත් වීමෙන්, වෙහෙසට පත්වන්නෙහිය. එබැවින් ඔබ ගෙදර යන්න. මම ම ඒ නිධානය ඔබගේ ගෙදරට රැගෙන ඇවිත්, අසවල් තැන නිධන්ගත කරන්නෙමි. ඔබ මේ ධනය දිවි ඇති තෙක්, පරිභෝග කරමින්, දන් දෙන්න. සිල් රකින්න යැ’යි බමුණාට අවවාද දී, ඒ ධනය ස්වකීය ආනුභාවයෙන් දුප්පත් බමුණාගේ ගෙදර තැන්පත් කළේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා බ්රාහ්මණො ආනන්දො අහොසි, රුක්ඛදෙවතා පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. එදා බමුණා නම් අනඳ තෙර විය. වෘක්ෂ දේවතාවා නම් ‘මම වීමි’යි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දක්වා වදාළ සේක.
පලාසජාතකවණ්ණනා සත්තමා.