6. සුජාතාජාතකවණ්ණනා 306 අට්ඨකථා
6. සුජාතාජාතකවණ්ණනා (306)
6. සුජාතා ජාතකය (306)
කිමණ්ඩකාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො මල්ලිකං දෙවිං ආරබ්භ කථෙසි. එකදිවසං කිර රඤ්ඤො තාය සද්ධිං සිරිවිවාදො අහොසි, “සයනකලහො”තිපි වදන්තියෙව. රාජා කුජ්ඣිත්වා තස්සා අත්ථිභාවම්පි න ජානාති. මල්ලිකා දෙවීපි “සත්ථා රඤ්ඤො මයි කුද්ධභාවං න ජානාති මඤ්ඤෙ”ති චින්තෙසි. සත්ථාපි ඤත්වා “ඉමෙසං සමග්ගභාවං කරිස්සාමී”ති පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය පඤ්චභික්ඛුසතපරිවාරො සාවත්ථිං පවිසිත්වා රාජද්වාරං අගමාසි. රාජා තථාගතස්ස පත්තං ගහෙත්වා නිවෙසනං පවෙසෙත්වා පඤ්ඤත්තාසනෙ නිසීදාපෙත්වා බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස දක්ඛිණොදකං දත්වා යාගුඛජ්ජකං ආහරි. සත්ථා පත්තං හත්ථෙන පිදහිත්වා “මහාරාජ, කහං දෙවී”ති ආහ. “කිං, භන්තෙ, තාය අත්තනො යසෙන මත්තායා”ති? “මහාරාජ, සයමෙව යසං දත්වා මාතුගාමං උක්ඛිපිත්වා තාය කතස්ස අපරාධස්ස අසහනං නාම න යුත්ත”න්ති. රාජා සත්ථු වචනං සුත්වා තං පක්කොසාපෙසි, සා සත්ථාරං පරිවිසි. සත්ථා “අඤ්ඤමඤ්ඤං සමග්ගෙහි භවිතුං වට්ටතී”ති සාමග්ගිරසවණ්ණං කථෙත්වා පක්කාමි. තතො පට්ඨාය උභො සමග්ගවාසං වසිංසු. භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං “ආවුසො, සත්ථා එකවචනෙනෙව උභො සමග්ගෙ අකාසී”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපාහං එතෙ එකවාදෙනෙව සමග්ගෙ අකාසි”න්ති වත්වා තෙහි යාචිතො අතීතං ආහරි.
‘කිං අණ්ඩකා’ යන මේ ගාථා කොටස ඇතුළත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, මල්ලිකා දේවිය අරබයා වදාළ සේක. එක් දිනෙක රජු හා මල්ලිකා දේවිය අතර, සිරියහන් ගැබ සම්බන්ධයෙන් විවාදයක් ඇතිවිය. සමහරු මෙය ‘මඟුල් ඇඳ ගැන වූ විවාදයකැ’යි කියති. මල්ලිකා දේවිය ළඟ ඇති බව වත්, කිපුණු රජුට අමතක විය. මේ කලහයෙන් පසු මල්ලිකා දේවිය, ‘රජු මා සමග අමනාප වූ බව, බුදුරජාණන් වහන්සේ නො දන්නා සේකැ’යි, ඒ ගැන සිතමින් සිටියාය. එසේ වුවද තථාගතයන් වහන්සේ, රජු දේවිය හා කිපුණු බව දැන, ඔවුන් සමගි කරන්නට අදිටන් කොටගෙන, එක් පෙරවරුවෙක හැඳ පොරවා, පා සිවුරු ගෙන, පන්සියයක් භික්ෂූන් ද කැටිව සැවැත් නුවරට පිවිසි සේක්, රජ මාලිගාවට වැඩි සේක. රජතුමා බුදුරදුන් දැක ඉදිරියටවිත්, පාත්‍රය අතින් ගෙන මාලිගාව ඇතුළට වැඩමවා පනවන ලද අසුනෙහි වැඩහිඳුවා, බුද්ධප්‍රමුඛ මහා සඟනට පැන් පිළිගැන්වීය. අනතුරුව රජතුමන් දානය බෙදන්නට සූදානම් වූ කල්හි, බුදුරජාණන් වහන්සේ පාත්‍රය අතින් වසා, ‘මහරජතුමනි, රාජ දේවිය කොහිදැ’යි ඇසූහ. ‘ස්වාමීනි, කුමක් විමසන සේක්ද? ඇය රජ ඉසුරින් මත් වී උඩඟව යහනට වී සැප සේ වෙසේයැ’යි කීය. එවිට බුදුරජාණන් වහන්සේ රජු අමතා ‘රජතුමනි, ඔබ ම රාජ සම්පත්, යසස්, තනතුරු ලබා දී, මල්ලිකාව ඔසවා තබා, ඇයගෙන් වූ ප්‍රමාදදෝෂය, නො ඉවසීම නම්, අයුතුයැ’යි වදාළ සේක. බුද්ධ වචනයට ගරුකළ රජතුමා, වහා මල්ලිකා දේවිය කැඳවීය. ඇය බුද්ධප්‍රමුඛ මහා සඟනට දන් පිළිගැන්වූවාය. දානයෙන් පසුව බුදුරජාණන් වහන්සේ රජුට හා දේවියට ඔවුනොවුන් හා සමගි සම්පන්නව විසිය යුතු බව, දේශනා කොට සමගියේ රසය වර්ණනා කොට, ධර්මදේශනාව නිමවා, පෙරළා වැඩි සේක. එතැන් පටන් රජ හා දේවිය සමගියෙන් යුතුව විසූහ. අනතුරුව දම්සභාවට රැස්වූ භික්ෂූන් අතර ඉහත කී සිදුවීම මුල් කොටගෙන සාකච්ඡාවක් ඇතිවිය. ‘ඇවැත්නි, බුදුරජාණන් වහන්සේ එක වචනයකින් ම රජ පවුල සමගි කරවූ සේකැ’යි මේ සාකච්ඡාව මෙසේ සිදුවෙද්දී එතැනට වැඩි, බුදුරජාණන් වහන්සේ ‘සාකච්ඡා කරනුයේ කුමක් සම්බන්ධයෙන්දැ’යි අසා දැන, ‘මහණෙනි, මම එක් වචනයකින්ම පිරිසක් සමගි සම්පන්න කරවූයේ දැන් මතු නොව අතීතයේදීත්, එසේ කෙළෙමැ’යි වදාරා, භික්ෂූන්ගේ අයැදුමෙන් මේ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො තස්ස අත්ථධම්මානුසාසකො අමච්චො අහොසි. අථෙකදිවසං රාජා වාතපානං විවරිත්වා රාජඞ්ගණං ඔලොකයමානො අට්ඨාසි. තස්මිං ඛණෙ එකා පණ්ණිකධීතා අභිරූපා පඨමවයෙ ඨිතා සුජාතා නාම බදරපච්ඡිං සීසෙ කත්වා “බදරානි ගණ්හථ, බදරානි ගණ්හථා”ති වදමානා රාජඞ්ගණෙන ගච්ඡති. රාජා තස්සා සද්දං සුත්වා තාය පටිබද්ධචිත්තො හුත්වා අසාමිකභාවං ඤත්වා තං පක්කොසාපෙත්වා අග්ගමහෙසිට්ඨානෙ ඨපෙත්වා මහන්තං යසං අදාසි. සා රඤ්ඤො පියා අහොසි මනාපා. අථෙකදිවසං රාජා සුවණ්ණතට්ටකෙ බදරානි ඛාදන්තො නිසීදි. තදා සුජාතා දෙවී රාජානං බදරානි ඛාදන්තං දිස්වා “මහාරාජ, කිං නාම තුම්හෙ ඛාදථා”ති පුච්ඡන්තී පඨමං ගාථමාහ –
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ රජුට අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කරන ඇමතියා විය. ඉක්බිති එක් දිනක් රජතුමා සීමැදුරු කවුළුව විවරකොට රාජාංගනය අවට බලමින් සිටියේය. ඒ වේලාවේ දී පලා කොළ වෙළෙන්දකුගේ දියණියක් වන සුරූපී නව යොවුන් වියේ සිටි, තරුණියක් දෙබර (මසන්) පැසක් (කුඩයක්) හිස තබා ගෙන, ‘දෙබර ගන්න, දෙබර ගන්න’ යැයි කියමින් මිදුල ඉදිරිපිටින් යයි. ඇයගේ කටහඬ අසා, ඈ කෙරෙහි බැඳුණු සිත් ඇති රජතුමා, සේවකයකු ඈ වෙත පිටත්කොට යවා, ඇය අස්වාමික (අවිවාහක) බව දැන, වැඩිදුරටත් විස්තර විමසා බලා, ඇය රජවාසලට කැඳවා, අගමෙහෙසි තනතුරෙහි තබා, මහත් වූ යස ඉසුරු ඈට ප්රදානය කෙළේය. ඇය ද රජුට ඉතාම ප්‍රියමනාප තැනැත්තියක් වූවාය. පසුකලෙක එක් දිනක් රජතුමා, ඉදුණු දෙබර, රන් තැටියක බහා, එකින් එක කමින් සිටියේය. ඇය නමින් ‘සුජාතා’ නම් වූ, ඉහත කී අගමෙහෙසිය රජු සමීපයට පැමිණියාය. රජු දෙබර වළඳනු මඳක් බලා සිටි, සුජාතා දේවිය ‘මහරජතුමෙනි, ඔබතුමා වළඳන ඔය ගෙඩි වර්ගය කිනම් දැ’යි මෙසේ විමසුවාය.
“කිමණ්ඩකා ඉමෙ දෙව, නික්ඛිත්තා කංසමල්ලකෙ; උපලොහිතකා වග්ගූ, තං මෙ අක්ඛාහි පුච්ඡිතො”ති.
කිං අණ්ඩකා ඉමෙ දෙවනික්ඛිත්තා කංස මල්ලකෙ, උපලොහිතකා වග්ගු - තං මෙ අක්ඛාහි පුච්ඡිතො
රජතුමනි, රන් තැටියක තබන ලද, රතු පැහැති වූ සුන්දර වූ, මේ ගෙඩි වර්ගය මොනවාද? විමසන මට ඒ ගැන කියනු මැනවි.
තත්ථ කිමණ්ඩකාති කිංඵලානි නාමෙතානි, පරිමණ්ඩලවසෙන පන අණ්ඩකාති ආහ. කංසමල්ලකෙති සුවණ්ණතට්ටකෙ. උපලොහිතකාති රත්තවණ්ණා. වග්ගූති චොක්ඛා නිම්මලා.
මෙහි ‘කිං අණ්ඩකා’ යනු ‘මේ ගෙඩි කිනම් වේ ද? යන අර්ථයි. ගෙඩිවල වටකුරු ස්වභාවය නිසා ‘අණ්ඩකා’ යැයි කීය. ‘කංසමල්ලකෙ’ යනු ‘රන් තැටියෙක’ යන අර්ථයි. ‘උපලොහිතකා’ යනු ‘රතු පැහැති’, යන අර්ථයි. ‘වග්ගු’ යනු ‘සුන්දර-පිරිසිදු’, යන අර්ථයි.
රාජා කුජ්ඣිත්වා “බදරවාණිජකෙ පණ්ණිකගහපතිකස්ස ධීතෙ අත්තනො කුලසන්තකානි බදරානිපි න ජානාසී”ති වත්වා ද්වෙ ගාථා අභාසි –
මෙයින් රජතුමා සුජාතාව කෙරෙහි කිපී, ‘එම්බල, ඩෙබර වෙළෙන්දිය, පලාකොළ වෙළෙන්දකුගේ දුවක වන තී, තිගේ කුලසන්තක වූ දෙබර, නො හඳුනන්නෙහි දැ’යි බැන මෙසේ ද කීවේය.
“යානි පුරෙ තුවං දෙවි, භණ්ඩු නන්තකවාසිනී; උච්ඡඞ්ගහත්ථා පචිනාසි, තස්සා තෙ කොලියං ඵලං.
2. දේවිය, හිස මුඩු කොට ගෙන, රෙදිකඩක් හැඳ සිටි, තී පෙර උකුලට අත තබා ගෙන, යම් ගෙඩි වර්ගයක් කඩා රැස් කෙළෙහිද? මේවා වූ කලී, එසේ වූ තිගේ කුල සන්තක වූ දෙබර ගෙඩි වේ.
“උඩ්ඩය්හතෙ න රමති, භොගා විප්පජහන්ති තං; තත්ථෙවිමං පටිනෙථ, යත්ථ කොලං පචිස්සතී”ති.
3. ඇය උඩඟුකමෙන් දැවේ. රජ මැදුරෙහි නො ඇලේ. රජසැප විඳීමට ඇයට භාග්‍යයක් ද නැත. දෙබර ගෙඩි රැස් කෙරෙන මෑගේ ගෙදර යම් තැනෙකද? එහිම මෑ නැවත ගෙන යවු.
තත්ථ භණ්ඩූති මුණ්ඩසීසා හුත්වා. නන්තකවාසිනීති ජිණ්ණපිලොතිකනිවත්ථා. උච්ඡඞ්ගහත්ථා පචිනාසීති අටවිං පවිසිත්වා අඞ්කුසකෙන සාඛං ඔනාමෙත්වා ඔචිතොචිතං හත්ථෙන ගහෙත්වා උච්ඡඞ්ගෙ පක්ඛිපනවසෙන උච්ඡඞ්ගහත්ථා හුත්වා පචිනාසි ඔචිනාසි. තස්සා තෙ කොලියං ඵලන්ති තස්සා තව එවං පචිනන්තියා ඔචිනන්තියා යමහං ඉදානි ඛාදාමි, ඉදං කොලියං කුලදත්තියං ඵලන්ති අත්ථො.
මෙහි ‘භණ්ඩූ’ යනු ‘මුඩු හිසෙන්’ යන්නයි. ‘නත්තකවාසීනී’ යනු ‘දිරාගිය රෙදිකඩක් හැඳ’ යන්නයි. ‘උච්ඡංගහත්ථාපචිනාසි’ යනු ‘කැලයට පිවිස, කෙක්කකින් අත්ත නමා, කඩන කඩන ගෙඩි අතින් ගෙන, උකුලේ රෙදි පොටෙහි දැමීම් වශයෙන්, උකුලේ තබන ලද අත් ඇති වැ ගෙඩි කඩා රැස් කරයි, එකතු කරයි’ යන්න කීය. ‘තස්සා තෙ කොලියං ඵලං’ යනු ‘යමක් අපි දැන් මෙහි දී අනුභව කරමුද? ඒ මේ දෙබර ගෙඩි ඉහත කී ලෙස නෙලා රැස් කරන්නාව වූ, ඒ ඔබගේ කුල සන්තක වූ ගෙඩි වර්ගය යැ’යි යන අර්ථයි.
උඩ්ඩය්හතෙ න රමතීති අයං ජම්මී ඉමස්මිං රාජකුලෙ වසමානා ලොහකුම්භියං පක්ඛිත්තා විය ඩය්හති නාභිරමති. භොගාති රාජභොගා ඉමං අලක්ඛිකං විප්පජහන්ති. යත්ථ කොලං පචිස්සතීති යත්ථ ගන්ත්වා පුන බදරමෙව පචිනිත්වා වික්කිණන්තී ජීවිකං කප්පෙස්සති, තත්ථෙව නං නෙථාති වදති.
‘උඩ්ඩය්හතෙ න රමති’ යනු ‘මේ පහත් ගති ඇත්තිය, මේ රජ මැදුරෙහි වසමින් ලෝ කුඹුවෙක (රත් වූ ලෝහ සැළියකැ) බහාලන ලද්දියක මෙන් දැවේ, සිත් නො අලවයි යන අර්ථයි. ‘භොගා’ යනු ‘රාජ සම්පත්තිය’ ය. එම රාජ සම්පත්තීහු අවාසනාවන්ත මැය, පිටමං කෙරෙති’ යන අදහසයි. ‘යත්ථ කොලං පවිස්සති’ යනු ‘යම් තැනක ගොස් නැවත දෙබර ගෙඩි ම රැස්කොට විකුණමින්, ජීවිකාව කරන්නේ ද, එහි ම ඇය ගෙන යවු’ යි කියයි.
බොධිසත්තො “ඨපෙත්වා මං අඤ්ඤො ඉමෙ සමග්ගෙ කාතුං න සක්ඛිස්සතී”ති රාජානං සඤ්ඤාපෙත්වා “ඉමිස්සා අනික්කඩ්ඪනං කරිස්සාමී”ති චින්තෙත්වා චතුත්ථං ගාථමාහ –
මේ ගැන දැනගත් බෝසත් තෙමේ, ‘මා හැර අන්කිසිවෙක් මොවුන් සමගි කරන්නට සමත් නො වන්නේ යැ’යි කල්පනා කොට, රජුට කරුණු පෙන්වා දැනුවත් කොට, ‘මැය රජගෙයින් බැහැර නො කෙරෙන තැනට කටයුතු කරන්නෙමි’යි සිතා, මේ ගාථාව කී ය.
“හොන්ති හෙතෙ මහාරාජ, ඉද්ධිප්පත්තාය නාරියා; ඛම දෙව සුජාතාය, මාස්සා කුජ්ඣ රථෙසභා”ති.
4. මහරජතුමනි, සමෘද්ධියට පත් ගැහැනියකගේ, මෙ බඳු වූ ප්‍රමාද දෝෂයෝ වෙත්මය. දේවයිනි, මේ සුජාතාවට සමාවුව මැනව. රාජෝත්තමය, ඇයට නො කිපෙනු මැනව.
තස්සත්ථො – මහාරාජ, එතෙ එවරූපා පමාදදොසා යසං පත්තාය නාරියා හොන්තියෙව, එතං එවරූපෙ උච්චෙ ඨානෙ ඨපෙත්වා ඉදානි “එත්තකස්ස අපරාධස්ස අසහනං නාම න යුත්තං තුම්හාකං, තස්මා ඛම, දෙව, සුජාතාය, එතිස්සා මා කුජ්ඣ රථෙසභ රථජෙට්ඨකාති.
‘මහරජතුමනි, යසසට පැමිණි කාන්තාවක මෙබඳු වූ ප්‍රමාද දෝෂයෝ ඇත්තාහු ම වෙති. නැත්තාහු නො වෙති. එවැන්නියක මෙබඳු වූ, උසස් තැනක තබා, දැන් මෙවැනි වරදකට නො ඉවසා සිටීම නම්, ඔබතුමාට නුසුදුසුය. එබැවින් දේවයිනි, සුජාතාවට සමා වුව මැනව, ඇයට නො කිපෙනු මැනව’. ‘රථෙසභ’ යනු ‘උතුම් රාජ රථය හිමිකරුවාය. එනම් රාජොත්තමයාය’ යන අර්ථයි.
රාජා තස්ස වචනෙන දෙවියා තං අපරාධං සහිත්වා යථාඨානෙයෙව නං ඨපෙසි. තතො පට්ඨාය උභො සමග්ගවාසං වසිංසූති.
රජතුමා ඇමතිතුමාගේ එම වචනයෙන් දේවියගෙන් වූ වරද ඉවසා සමාව දී, ඇය පෙර සිටි තනතුරෙහිම තැබීය. එදා පටන් දෙදෙනාම සමගි සම්පන්නව විසූහ.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා බාරාණසිරාජා කොසලරාජා අහොසි, සුජාතා මල්ලිකා, අමච්චො පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. එදා බරණැස් රජු නම් දැන් කොසොල් රජතුමාය. සුජාතාව වූ කලී, මේ මල්ලිකා දේවියයි. ඇමතියා වනාහි ‘මම ම වීමි’යි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දක්වා වදාළ සේක.
සුජාතාජාතකවණ්ණනා ඡට්ඨා.