5. සීලවීමංසනජාතකවණ්ණනා 305 අට්ඨකථා
5. සීලවීමංසනජාතකවණ්ණනා (305)
5. සීලවීමංසන ජාතකය (305)
නත්ථි ලොකෙ රහො නාමාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො කිලෙසනිග්ගහං ආරබ්භ කථෙසි. වත්ථු එකාදසකනිපාතෙ පානීයජාතකෙ (ජා· 1.11.59 ආදයො) ආවි භවිස්සති. අයං පනෙත්ථ සඞ්ඛෙපො – පඤ්චසතා භික්ඛූ අන්තොජෙතවනෙ වසන්තා මජ්ඣිමයාමසමනන්තරෙ කාමවිතක්කං විතක්කයිංසු. සත්ථා ඡසුපි රත්තිදිවාකොට්ඨාසෙසු යථා එකචක්ඛුකො චක්ඛුං, එකපුත්තො පුත්තං, චාමරී වාලං අප්පමාදෙන රක්ඛති, එවං නිච්චකාලං භික්ඛූ ඔලොකෙති. සො රත්තිභාගෙ දිබ්බචක්ඛුනා ජෙතවනං ඔලොකෙන්තො චක්කවත්තිරඤ්ඤො අත්තනො නිවෙසනෙ උප්පන්නචොරෙ විය තෙ භික්ඛූ දිස්වා ගන්ධකුටිං විවරිත්වා ආනන්දත්ථෙරං ආමන්තෙත්වා “ආනන්ද, අන්තොජෙතවනෙ කොටිසන්ථාරෙ වසනකභික්ඛූ සන්නිපාතාපෙත්වා ගන්ධකුටිද්වාරෙ ආසනං පඤ්ඤාපෙහී”ති ආහ. සො තථා කත්වා සත්ථු පටිවෙදෙසි. සත්ථා පඤ්ඤත්තාසනෙ නිසීදිත්වා සබ්බසඞ්ගාහිකවසෙන ආමන්තෙත්වා “භික්ඛවෙ, පොරාණකපණ්ඩිතා ‘පාපකරණෙ රහො නාම නත්ථී’ති පාපං න කරිංසූ”ති වත්වා තෙහි යාචිතො අතීතං ආහරි.
‘නත්ථි ලොකෙ රහො නාම’ යන මේ ගාථා කොටස සඳහන් වන ජාතක කථා ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වාසය කරන සේක් පාප කර්මයකට නිග්‍රහ කිරීමක් අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව එකොළොස් වැනි නිපාතයෙහි දක්නට ලැබෙන්නේය. මෙය එහි කෙටි විස්තරයකි. ජේතවනාරාමයෙහි වෙසෙන පන්සියයක් භික්ෂූහු රෑ මැදියම කාමවිතර්කයක් සම්බන්ධයෙන් කල්පනා කරමින් උන්හ. බුදුරජාණන් වහන්සේ දිවා රෑ මුළුල්ලේ එක් ඇසක් ඇත්තෙක් එම ඇස රකින්නාක් මෙන් ද, එක් පුතකු ඇත්තෙකු එම පුතා රකින්නාක් මෙන්ද, වලිගය රක්නා සෙමර මුවෙකු මෙන් ද, නො පමාව නිරතුරු ව සිය ශිෂ්‍ය භික්ෂූන් ගැන සොයා බලන සේක. බුදුරජාණන් වහන්සේ රාත්‍රී කාලයෙහි, දිවැසින් ජේතවනය දෙස බලන සේක්, සක්විති රජකුගේ මාළිගාව තුළ සිටින සොරකු වැනි වූ ඒ භික්ෂුව දැක, ගඳකිළිය විවරකොට, අනඳ හිමියන් කැඳවා මෙසේ වදාළ සේක. ‘ආනන්දයෙනි, විශ්‍රාම ශාලාවේ ඇතුල් කෙළවර භික්ෂූන් කැඳවා, ගඳකිළි දොරටුවෙහි අසුනක් පනවන්නැ’යි වදාළහ. උන්වහන්සේ ද එසේ කොට, එය බුදුරදුන්ට දැනුම් දුන්හ. තථාගතයන් වහන්සේ පනවන ලද ආසනයෙහි වැඩ හිඳ සියලු දෙනාට පොදුවේ කථාකොට, මහණෙනි, පුරාණ පඬිවරු ‘පව් කිරීමෙහි රහසක් නම් නැතැ’යි පව් නො කළහ යි වදාරා එහි සිටි භික්ෂූන්ගේ ඉල්ලීමට අනුව මේ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා වයප්පත්තො තත්ථෙව බාරාණසියං දිසාපාමොක්ඛස්ස ආචරියස්ස සන්තිකෙ පඤ්චන්නං මාණවකසතානං ජෙට්ඨකො හුත්වා සිප්පං උග්ගණ්හාති. ආචරියස්ස පන වයප්පත්තා ධීතා අත්ථි. සො චින්තෙසි “ඉමෙසං මාණවකානං සීලං වීමංසිත්වා සීලසම්පන්නස්සෙව ධීතරං දස්සාමී”ති. සො එකදිවසං මාණවකෙ ආමන්තෙත්වා “තාතා, මය්හං ධීතා වයප්පත්තා, විවාහමස්සා කාරෙස්සාමි, වත්ථාලඞ්කාරං ලද්ධුං වට්ටති, ගච්ඡථ තුම්හෙ අත්තනො අත්තනො ඤාතකානං අපස්සන්තානඤ්ඤෙව ථෙනෙත්වා වත්ථාලඞ්කාරෙ ආහරථ, කෙනචි අදිට්ඨමෙව ගණ්හාමි, දස්සෙත්වා ආභතං න ගණ්හාමී”ති ආහ. තෙ “සාධූ”ති සම්පටිච්ඡිත්වා තතො පට්ඨාය ඤාතකානං අපස්සන්තානං ථෙනෙත්වා වත්ථපිළන්ධනාදීනි ආහරන්ති. ආචරියො ආභතාභතං විසුං විසුං ඨපෙසි. බොධිසත්තො පන න කිඤ්චි ආහරි. අථ නං ආචරියො ආහ “ත්වං පන, තාත, න කිඤ්චි ආහරසී”ති. “ආම, ආචරියා”ති. “කස්මා, තාතා”ති. “තුම්හෙ න කස්සචි පස්සන්තස්ස ආභතං ගණ්හථ, අහං පන පාපකරණෙ රහො නාම න පස්සාමී”ති දීපෙන්තො ඉමා ද්වෙ ගාථා ආහ –
අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප මහ බෝසතාණන් වහන්සේ බමුණු කුලයක ඉපිද නිසි වියට පත්වූයේ, එම බරණැස් නුවරම දිසාපාමොක් ඇදුරුතුමාගේ ළඟ පන්සියයක් මානවකයන්ට ප්‍රධානව ශිල්ප උගනිති. මේ ඇදුරුතුමාට තරුණ වියට එළඹි දුවණියක් සිටියාය. දිනෙක ඇදුරුතුමා මෙසේ සිතීය. ‘මාගේ ශිෂ්‍ය වූ මේ මානවකයන්ගේ සීලය විමසා බලා සිල්වතෙකුටම ඇය පාවා දෙන්නෙමි’ යනුවෙනි. මෙසේ සිතූ ඇදුරුතුමා එක් දිනෙක මානවකයන් අමතා ‘දරුවෙනි, මට තරුණ වියට එළඹි දුවණියක් ඇත. ඇයට විවාහයක් කරදීමට මම බලාපොරොත්තු වෙමි. එම විවාහය සඳහා අලුත් වස්ත්‍ර හා ආභරණ සොයාගත යුතුව ඇත. එබැවින් තෙපි තොපගේ නෑයන්ට නොපෙනෙන සේ වස්ත්‍ර හා ආභරණ සොරකම් කොට මෙහි ගෙන එවු. කිසිවකුට නො පෙනෙන්නට ගෙනා දෑ පමණක් ගනිමි. පෙනි පෙනී ගෙන ආ දැයක් වෙතොත්, එය නො පිළිගනිමි’යි කීය. ඒ ශිෂ්‍යයෝ ද ‘මැනවැ’යි පිළිගෙන එතැන් පටන් වස්ත්‍ර, සළු, පිළි පළඳනා ආදිය රැගෙන යති. ගුරුවරයා සිසුන් ගෙනා ගෙනා දෑ, වෙන් වෙන් කොට තැබුවේය. බෝසතුන් කිසිවක් ගෙනාවේ නැත. මෙය දැනගත් ආචාර්යවරයා බෝසත් සිසුවාගෙන් ‘දරුව, නුඹ වනාහි කිසිවක් නො ගෙනාවෙහිදැ’යි ඇසීය. ‘එසේය ඇදුරුතුමනි’යි, ඔහු කීය. ‘ඒ කුමක් නිසාද?’ ‘ඔබවහන්සේ කිසිවකුට පෙනෙන්නට ගෙන ආ දෑ නොගන්නහුය. මම වනාහි පව් කිරීමෙහි රහසක් නො දකිමි’යි, ප්‍රකාශ කරමින් බෝසත් තෙමේ මේ ගාථා දෙක කීය.
“නත්ථි ලොකෙ රහො නාම, පාපකම්මං පකුබ්බතො; පස්සන්ති වනභූතානි, තං බාලො මඤ්ඤතී රහො.
නත්ථි ලොකෙ රහො නාම - පාපකම්මං පකුබ්බතො, පස්සන්ති වන භූතානි - තං බාලො මඤ්ඤතී රහො
පව්කම් කරන්නාට ලොවේ රහසක් නම් නැත. අනුවණයා ‘රහසකැ’යි සිතා සිටියත්, එය වන දෙවියෝ දකිති.
“අහං රහො න පස්සාමි, සුඤ්ඤං වාපි න විජ්ජති; යත්ථ අඤ්ඤං න පස්සාමි, අසුඤ්ඤං හොති තං මයා”ති.
අහං රහො න පස්සාමි - සුඤ්ඤං වාපි නවිජ්ජති, යත්ථ අඤ්ඤං න පස්සාමි - අසුඤ්ඤං හොති කම්මයා ති
මම ලොවැ රහස් කියා දෙයක් නො දකිමි. ලොවැ හිස්තැනක් කියා තැනැක්ද නැත. එබන්දක් යම්තැනෙක නැති බැවින්, මවිසින් එය ‘අශූන්‍ය යැ’යි කියන ලදි.
තත්ථ රහොති පටිච්ඡන්නට්ඨානං. වනභූතානීති වනෙ නිබ්බත්තභූතානි. තං බාලොති තං පාපකම්මං රහො මයා කතන්ති බාලො මඤ්ඤති. සුඤ්ඤං වාපීති යං වා ඨානං සත්තෙහි සුඤ්ඤං තුච්ඡං භවෙය්ය, තම්පි නත්ථීති ආහ.
මෙහි ‘රහො’ යනු ‘සැඟවුණු ස්ථානයක්’ යන්න යි. ‘වනභූතානී’ යනු ‘වනයෙහි උපන් සත්ත්වයෝ, යන්නයි. ‘තං බාලො’ යනු ‘මවිසින් කළ ඒ පව්කම ‘රහසෙකැ’යි අනුවණයා සිතයි යන්නයි. ‘සුඤ්ඤං වාපි’ යනු ‘සත්ත්වයන්ගෙන් යම් තැනක් ශූන්‍ය වන්නේද, හිස් වන්නේද, එබඳු තැනක් නැතැ යි කීය’, යන අර්ථයි.
ආචරියො තස්ස පසීදිත්වා “තාත, න මය්හං ගෙහෙ ධනං නත්ථි, අහං පන සීලසම්පන්නස්ස ධීතරං දාතුකාමො ඉමෙ මාණවකෙ වීමංසන්තො එවමකාසිං, මම ධීතා තුය්හමෙව අනුච්ඡවිකා”ති ධීතරං අලඞ්කරිත්වා බොධිසත්තස්ස අදාසි. සෙසමාණවකෙ “තුම්හෙහි ආභතාභතං තුම්හාකං ගෙහමෙව නෙථා”ති ආහ.
සිසුවාගේ මේ කියමන් ඇසූ ගුරුතුමා ඔහු කෙරෙහි පැහැදී, ‘පුත, මාගේ ගෙදර ධනය නැත. මම මාගේ දුවණිය ශීලයෙන් යුක්ත පුද්ගලයෙකුට, ප්රදානය කරනු කැමැත්තෙන්, මාගේ මේ සියලු සිසුවන් පරීක්ෂා කිරීමට මෙසේ කෙළෙමි. ඒ අනුව මාගේ දියණියට ඔබම සුදුසු යැ’යි කියා, දුව සරසා බෝසතුන්ට පාවා දුන්නේය. අනතුරුව සෙසු මානවකයන්ට කථා කළ ඇදුරුතුමා ‘තොප විසින් මෙහි ගෙනෙන ලද, සියලු දෑ තොපගේ ගෙවල්වලට ම ගෙන ගොස්, ඒවා තිබූ තැන්වල ම තබවු’ යැයි කීය.
සත්ථා “ඉති ඛො, භික්ඛවෙ, තෙ දුස්සීලමාණවකා අත්තනො දුස්සීලතාය තං ඉත්ථිං න ලභිංසු, ඉතරො පණ්ඩිතමාණවො සීලසම්පන්නතාය ලභී”ති වත්වා අභිසම්බුද්ධො හුත්වා ඉතරා ද්වෙ ගාථා අභාසි –
බුදුරජාණන් වහන්සේ මහණෙනි, මෙසේ මේ දුසිල් මානවකයෝ, තම තමන්ගේ දුසිල් බව නිසා ම, ඒ දූ කුමරිය නො ලැබූහ’යිද, ‘නුවණැති මානවකයා වූ කලි, ස්වකීය සිල්වත් බව නිසා ම ඇය හිමිකර ගත්තේ යැ’යි වදාරා පහත දැක්වෙන ගාථා දෙක ද දේශනා කල සේක.
“දුජ්ජච්චො ච සුජච්චො ච, නන්දො ච සුඛවඩ්ඪිතො; වජ්ජො ච අද්ධුවසීලො ච, තෙ ධම්මං ජහුමත්ථිකා.
3. දුජ්ජච්ච - සුජච්ච - නන්ද - සුඛුවචිජකවෙජ්ජ - අද්ධුවසීල යන මේ ශිෂ්‍යයෝ බලාපොරොත්තු තබාගෙන සිටි නමුත්, ‘ස්ත්‍රී ප්රතිලාභ’ නම් වූ ස්වභාවය අත්හළහ.
“බ්රාහ්මණො ච කථං ජහෙ, සබ්බධම්මාන පාරගූ; යො ධම්මමනුපාලෙති, ධිතිමා සච්චනික්කමො”ති.
4. සියලු ධර්මයන්ගේ පරතෙරට ගිය, ධෛර්යයෙන් යුක්ත වූ සත්‍යයෙහි වීර්යය වඩන යමෙක් උතුම් ගුණධර්ම රක්ෂා කෙරේද? ඒ සිල්වත් බ්‍රාහ්මණයා එය (ඒ ස්ත්‍රී ප්‍රතිලාභය) කෙසේ නම් අත් හරී ද?
තත්ථ දුජ්ජච්චොතිආදයො ඡ ජෙට්ඨකමාණවා, තෙසං නාමං ගණ්හි, අවසෙසානං නාමං අග්ගහෙත්වා සබ්බසඞ්ගාහිකවසෙනෙව “තෙ ධම්මං ජහුමත්ථිකා”ති ආහ. තත්ථ තෙති සබ්බෙපි තෙ මාණවා. ධම්මන්ති ඉත්ථිපටිලාභසභාවං . ජහුමත්ථිකාති ජහුං අත්ථිකා, අයමෙව වා පාඨො. මකාරො පදබ්යඤ්ජනසන්ධිවසෙන වුත්තො. ඉදං වුත්තං හොති – සබ්බෙපි තෙ මාණවා තාය ඉත්ථියා අත්ථිකාව හුත්වා අත්තනො දුස්සීලතාය තං ඉත්ථිපටිලාභසභාවං ජහිංසු.
මෙහි ‘දුජ්ජච්චො’ යනු ‘දුජ්ජච්ච’ ආදී කොට ඇති, මානවකයෝ සදෙනෙක් වෙති. ඔවුන්ගේ නම් මෙහි ගත්තේය. සෙසු අයගේ නම් ගණන් නොගෙන, සියලු අය පොදුවේ ගෙන, ‘තෙ ධම්මං ජහුමත්ථිකා’ යනුවෙන් කීය. මෙහි ‘තෙ’ යනු ඒ සියලුම මානවකයෝ වෙති. ‘ධම්මං’ යනු ‘ස්ත්‍රී ප්රතිලාභ’ නම් වූ ස්වභාවයයි. ‘ජහුමත්ථිකා’ යනු බලාපොරොත්තු අත්හළහ’ යන අදහසයි. මෙය ම පාඨය වේ. මෙහි ‘ම’ කාරය වනාහි ව්‍යඤ්ජන සන්ධි වශයෙන් දක්වන ලදි. මෙය ද කියන ලද්දේ වේ. ඒ සියලුම මානවකයෝ, ඒ ස්ත්‍රිය බලාපොරොත්තු වීම නිසාද, තම තමන්ගේ දුසිල් බව නිසා ද, ඒ ස්ත්‍රී ප්රතිලාභ ස්වභාවය අත්හළහ.
බ්රාහ්මණො චාති ඉතරො පන සීලසම්පන්නො බ්රාහ්මණො. කථං ජහෙති කෙන කාරණෙන තං ඉත්ථිපටිලාභසභාවං ජහිස්සති. සබ්බධම්මානන්ති ඉමස්මිං ඨානෙ ලොකියානි පඤ්ච සීලානි, දස සීලානි, තීණි සුචරිතානි ච, සබ්බධම්මා නාම, තෙසං සො පාරං ගතොති පාරගූ. ධම්මන්ති වුත්තප්පකාරමෙව ධම්මං යො අනුපාලෙති රක්ඛති. ධිතිමාති සීලරක්ඛනධිතියා සමන්නාගතො. සච්චනික්කමොති සච්චෙ සභාවභූතෙ යථාවුත්තෙ සීලධම්මෙ නික්කමෙන සමන්නාගතො.
‘බ්රාහ්මණො ච’ යනු ‘අනෙක් සීල සම්පන්න බ්‍රාහ්මණයා යන්නයි. ‘කථං ජහෙ’ යනු ‘කවර කරුණක් නිසා, ඒ ස්ත්‍රී ප්‍රතිලාභය අත්හරින්නේද’ යන්නයි. ‘සබ්බ ධම්මානං’ යන මෙතැනදී ‘ලෞකික වූ පංචශීලය, දස ශීලය, ත්‍රිවිධ සුචරිතය යන මේවා සබ්බ ධම්ම නම් වේ. ඔහු ඒ සියලු ධර්මයන්ගේ පරතෙරට ගියේය’ යන අර්ථයි. එබැවින් ‘පාරගූ’ නම් වේ. ‘ධම්මං’ යනු ‘කලින් කියන ලද ආකාරයේ ම ධර්මය’යි. ‘යො අනුපාලෙති’ යනු ‘රකී’ යන අදහසයි. ‘ධිතිමා’ යනු ‘සිල් රක්ෂා කිරීමේ ධෛර්යයෙන්, යන අදහසයි. ‘සච්ච නික්කමො’ යනු ‘සත්‍ය ස්වභාව වූ කලින් කියන ලද, ශීල ධර්මයෙහි යෙදීමේ වීර්යයෙන් යුක්ත වූ’ යන අදහසයි.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි, සච්චපරියොසානෙ තානි පඤ්ච භික්ඛුසතානි අරහත්තෙ පතිට්ඨහිංසු.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, සත්‍යය ප්‍රකාශකොට ජාතකය නිමවා වදාළ සේක. දේශනාව අවසානයේදී, එතැන සිටි පන්සියයක් භික්ෂූහු රහත් ඵලයෙහි පිහිටියහ.
තදා ආචරියො සාරිපුත්තො අහොසි, පණ්ඩිතමාණවො පන අහමෙව අහොසින්ති.
එදා දිසාපාමොක් ඇදුරුතුමා නම්, සැරියුත් තෙර විය. පණ්ඩිත මානවකයා වූ කලී මම ම වෙමි’යි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දක්වා වදාළ සේක.
සීලවීමංසනජාතකවණ්ණනා පඤ්චමා.