යෙදුමෙන් කියවන්න

4. දද‍්දරජාතකවණ‍්ණනා 304 අට‍්ඨකථා

4. දද‍්දරජාතකවණ‍්ණනා (304)

4. දද්දර ජාතකය (304)

ඉමානි මන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං කොධනං භික‍්ඛුං ආරබ‍්භ කථෙසි. වත්‍ථු හෙට‍්ඨා කථිතමෙව. තදා හි ධම‍්මසභායං තස‍්ස කොධනභාවකථාය සමුට‍්ඨිතාය සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ තං පක‍්කොසාපෙත්‍වා “සච‍්චං කිර ත්‍වං භික‍්ඛු කොධනොසී”ති වත්‍වා “ආම, භන‍්තෙ”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ , ඉදානෙව, පුබ‍්බෙපෙස කොධනොයෙව, කොධනභාවෙනෙවස‍්ස පොරාණකපණ‍්ඩිතා පරිසුද‍්ධා නාගරාජභාවෙ ඨිතාපි තීණි වස‍්සානි ගූථපූරිතාය උක‍්කාරභූමියං වසිංසූ”ති වත්‍වා අතීතං ආහරි.

‘ඉමානි මං දද්දර තාපයන්තී’ යන මේ ගාථා කොටස දැක්වෙන ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සේක්, එක් කිපෙනසුලු භික්‍ෂුවක් අරබයා වදාළ සේක. මෙහි වත්මන් කතා පුවත ඉහතින් කියන ලදි. එකල්හි දම්සභාවෙහි රැස් වූ භික්‍ෂූන් අතර සිදු කෙරුණු සාකච්ඡාවට ඉහත සඳහන් කිපෙනසුලු භික්‍ෂුව මාතෘකා විය. එවිට එහි පැමිණි බුදුරජාණන් වහන්සේ ‘මහණෙනි, තෙපි කුමන කතාවක් කරමින් සිටියාහුදැ’යි විචාරා, ඉහත සඳහන් ‘ඒ භික්‍ෂුව ගැන යැ’යි කරුණු දැන, එම භික්‍ෂුව එතැනට ම කැඳවා, ‘මේ කිපෙනසුලු බව ඇත්තක්දැ’යි ඔහුගෙන් විමසූ සේක. ඊට පිළිතුරු දෙන ඒ භික්‍ෂුව, එය සත්‍ය බව පිළිගත්තේය. එවිට සුගතයන් වහන්සේ භික්‍ෂූන් අමතා “මහණෙනි, මොහු කිපෙනසුලු වූයේ දැන් මතු නො වේ, පෙර ද එසේම යැ’යි වදාරා ‘පෙර පඬිවරු මොහුගේ ක්‍රෝධභාවය නිසා, උතුම් නාග රාජ භවනෙහි උපත ලබා සිටියත්, වසර තුනක් කසලින් පිරුණු අපිරිසිදු භූමියක විසූහ’යි වදාරා මේ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො හිමවන‍්තපදෙසෙ දද‍්දරපබ‍්බතපාදෙ දද‍්දරනාගභවනං නාම අත්‍ථි, තත්‍ථ රජ‍්ජං කාරෙන‍්තස‍්ස දද‍්දරරඤ‍්ඤො පුත‍්තො මහාදද‍්දරො නාම අහොසි, කනිට‍්ඨභාතා පනස‍්ස චූළදද‍්දරො නාම. සො කොධනො ඵරුසො නාගමාණවකෙ අක‍්කොසන‍්තො පරිභාසන‍්තො පහරන‍්තො විචරති. නාගරාජා තස‍්ස ඵරුසභාවං ඤත්‍වා නාගභවනතො තං නීහරාපෙතුං ආණාපෙසි. මහාදද‍්දරො පන පිතරං ඛමාපෙත්‍වා නිවාරෙසි. දුතියම‍්පි රාජා තස‍්ස කුජ‍්ඣි, දුතියම‍්පි ඛමාපෙසි. තතියවාරෙ පන “ත්‍වං මං ඉමං අනාචාරං නීහරාපෙන‍්තං නිවාරෙසි, ගච‍්ඡථ ද‍්වෙපි ජනා ඉමම‍්හා නාගභවනා නික‍්ඛමිත්‍වා බාරාණසියං උක‍්කාරභූමියං තීණි වස‍්සානි වසථා”ති නාගභවනා නික‍්කඩ‍්ඪාපෙසි. තෙ තත්‍ථ ගන‍්ත්‍වා වසිංසු. අථ නෙ උක‍්කාරභූමියං උදකපරියන‍්තෙ ගොචරං පරියෙසමානෙ ගාමදාරකා දිස‍්වා පහරන‍්තා ලෙඩ‍්ඩුදණ‍්ඩාදයො ඛිපන‍්තා “කෙ ඉමෙ පුථුලසීසා සූචිනඞ‍්ගුට‍්ඨා උදකදෙඩ‍්ඩුභා මණ‍්ඩූකභක‍්ඛා”තිආදීනි වත්‍වා අක‍්කොසන‍්ති පරිභාසන‍්ති.

අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝධිසත්ත්වයන් වහන්සේ, හිමවත් පෙදෙසෙහි ‘දද්දර’ පර්වත ප්‍රාන්තයේ දද්දර නාග භවනෙහි රාජ්‍ය විචාරණ, දද්දර රජුට පුත්ව උපන්නාහ. ‘මහා දද්දර’ යනු එතුමාගේ නමයි. බෝසතුන්ගේ කණිටු සොයුරු ‘චුල්ල දද්දර’ නම් විය. චුල්ල දද්දර කුමරා සැබවින්ම කිපෙනසුලුය. පරුෂය. ඔහු සෙසු නාග මානවකයන්ට බණිමින්, පහරදෙමින් හැසිරෙයි. ඔහුගේ පරුෂභාවය මැනවින් තේරුම් ගත් නා රජු ඔහු නාග භවනයෙන් පිටමං කිරීමට අණ කෙළේය. මහා දද්දර කුමරා සිය සොයුරා ලවා පියා සමා කරවාගෙන රාජ ආඥාව වළක්වා ගත්තේය. දෙවන වරටද, රජතුමා කණිටු කුමාරයාට කිපුණේය. දෙවන වතාවට ද බෝසත් කුමරා පියා සමා කරවා ගත්තේය. තෙවන වතාවේ දී, කණිටු කුමාරයා කෙරෙහි කිපුණු පිය මහා රජතුමා, බෝසත් කුමරාට කතා කොට, නො හික්මුණු මොහු අවස්ථා දෙකකදී ම රැක ගත්තේය. දඬුවම ද වළක්වාලීය. එබැවින් තෙපි දෙදෙනා ම මේ නාග භවනෙන් වහා නික්මෙහු. තෙපි බරණැසට ගොස් අපිරිසුදු භූමියක තෙවසරක් කල් ගෙවවු යැ’යි නා ලොවින් පිටමං කළේය. සොහොයුරෝ දෙදෙනා ද, එම දඬුවමට යටත් ව පිටත් ව ගොස් පියා කී තැන ම විසූහ. අපිරිසිදු ගවර වළෙක දඬුවම් ජීවිතය ඇරඹූ සොහොයුරෝ දෙදෙනා ගොදුරු ගැනීම සඳහා, වතුර වළෙන් මතු පිටට පැමිණ ගොදුරු සොයන කල්හි, එහි පැමිණි ගම්දරුවෝ පිරිසක් නාගයන් දෙදෙනා දැක මැටි කැට, ගල්, දඬු ආදියෙන් දමා ගසමින්, “කළල් වූ හිස ඇති, උල් වූ නගුටු ඇති, දිය නයින් වැනි වූ, මොවුන් මොක්කුන් දැ”යි යනාදී නින්දිත වචන කියමින්, බණින්නට පටන් ගත්හ.

චූළදද‍්දරො චණ‍්ඩඵරුසතාය තෙසං තං අවමානං අසහන‍්තො “භාතික, ඉමෙ දාරකා අම‍්හෙ පරිභවන‍්ති, ආසීවිසභාවං නො න ජානන‍්ති, අහං තෙසං අවමානං සහිතුං න සක‍්කොමි, නාසාවාතෙන තෙ නාසෙස‍්සාමී”ති භාතරා සද‍්ධිං සල‍්ලපන‍්තො පඨමං ගාථමාහ –

එවිට චුල්ල දද්දර නම් වූ නාග කුමාරයා, සිය සැඩපරුෂකම නිසා ම ගම්දරුවන්ගේ එම අවමානය නො ඉවසන්නේ සිය වැඩිමල් සොහොයුරා අමතා, ‘සොහොයුර, මේ ගම්දරුවෝ අපකෙරෙහි උග්‍ර විෂ ඇති බවක් නො දැන, අපට පරිභව කෙරෙති. මොවුන්ගේ අවමානය ඉවසා දරා ගැනීමට මම අපොහොසත් වෙමි. නාසයෙන් විෂ වාතයක් පිඹ ඔවුන් විනාශ කරන්නෙමි’යි කීය. මේ අදහස ප්‍රකාශ කරමින්, ඔහු පහත දැක්වෙන මේ පළමු ගාථාව ප්‍රකාශ කළේය.

“ඉමානි මං දද‍්දර තාපයන‍්ති, වාචාදුරුත‍්තානි මනුස‍්සලොකෙ; මණ‍්ඩූකභක‍්ඛා උදකන‍්තසෙවී, ආසීවිසං මං අවිසා සපන‍්තී”ති.

ඉමානි මං දද්දර තාපයන්ති, වාචා දුරුත්තානි මනුස්ස ලොකෙ, මණ්ඩූක භක්ඛො උදකන්තසෙවී, ආසීවිසං මං අවිසා සපයන්ත තී

දද්දර අයියණ්ඩිය, මිනිස් ලොව, මැඩියන් කන්නේය. ජලය කෙළවර වසන්නේය. යන මේ පුරු වචන දැඩි විෂ ඇති මා තැවීමට පත් කරයි. ‘විෂ රහිත මේ ගම්දරුවෝ’ ඉහත කී අයුරෙන් අපට පරිභව කෙරෙති.

තත්‍ථ තාපයන‍්තීති දුක‍්ඛාපෙන‍්ති. මණ‍්ඩූකභක‍්ඛා උදකන‍්තසෙවීති “මණ‍්ඩූකභක‍්ඛා”ති ච “උදකන‍්තසෙවී”ති ච වදන‍්තා එතෙ අවිසා ගාමදාරකා මං ආසීවිසං සමානං සපන‍්ති අක‍්කොසන‍්තීති.

‘තාපයන්තී’ යනු ‘දුකට පත් කෙරෙති’ යන්නයි. ‘මණ්ඩූකභක්ඛා උදකත්තසෙවී’ යනු ‘මැඩියන් අනුභව කරන්නෝය. ජලය කෙළවර වසන්නෝ යැ’යි කියමින් ‘මේ විෂ රහිත ගම්දරුවෝ’ යන අදහසයි. ‘මං ආසිවිසං’ යනු ‘විෂ සහිත මට’ යන්නයි. ‘සපන්ති’ යනු ‘අවමන් කෙරෙති’ යන අර්ථයි.

තස‍්ස වචනං සුත්‍වා මහාදද‍්දරො සෙසගාථා අභාසි –

බාල සොහොයුරාගේ වචනය ඇසූ, මහ දද්දර නම් වූ බෝසත් තෙමේ, පහත එන ගාථා ප්‍රකාශ කළේය.

“සකා රට‍්ඨා පබ‍්බාජිතො, අඤ‍්ඤං ජනපදං ගතො; මහන‍්තං කොට‍්ඨං කයිරාථ, දුරුත‍්තානං නිධෙතවෙ.

2. සිය රටින් නෙරපන ලදුව වෙනත් ජනපදයකට ගිය තැනැත්තා එහිදී අසන්නට ලැබෙන නපුරු වචන රැස්කර තැබීමට කොටුවක් කරන්නේය.

“යත්‍ථ පොසං න ජානන‍්ති, ජාතියා විනයෙන වා; න තත්‍ථ මානං කයිරාථ, වසමඤ‍්ඤාතකෙ ජනෙ.

3. යම් තැනෙකදී පුරුෂයකු ජාතිය අනුව හෝ, හැදියාව අනුව හෝ, නො හඳුනත්ද? නන්නාඳුනන ජනයා අතර වෙසෙන්නෙක් එහිදී මානයක් ඇතිකොට නො ගන්නේය.

“විදෙසවාසං වසතො, ජාතවෙදසමෙනපි; ඛමිතබ‍්බං සපඤ‍්ඤෙන, අපි දාසස‍්ස තජ‍්ජිත”න‍්ති.

4. විදේශයක වාසය කරන්නා වූ, අතිශයින් නුවණ ඇති, රන් හා සමවන පුද්ගලයෙකු විසින් වුවද, මෙහෙකරුවෙකුගේ නමුත් තර්ජනය ඉවසිය යුතුය.

තත්‍ථ දුරුත‍්තානං නිධෙතවෙති යථා ධඤ‍්ඤනිධානත්‍ථාය මහන‍්තං කොට‍්ඨං කත්‍වා පූරෙත්‍වා කිච‍්චෙ උප‍්පන‍්නෙ ධඤ‍්ඤං වළඤ‍්ජෙන‍්ති, එවමෙවං විදෙසං ගතො අන‍්තොහදයෙ පණ‍්ඩිතො පොසො දුරුත‍්තානං නිධානත්‍ථාය මහන‍්තං කොට‍්ඨං කයිරාථ. තත්‍ථ තානි දුරුත‍්තානි නිදහිත්‍වා පුන අත‍්තනො පහොනකකාලෙ කාතබ‍්බං කරිස‍්සති. ජාතියා විනයෙන වාති “අයං ඛත‍්තියො බ්‍රාහ‍්මණො”ති වා “සීලවා බහුස‍්සුතො ගුණසම‍්පන‍්නො”ති වා එවං යත්‍ථ ජාතියා විනයෙන වා න ජානන‍්තීති අත්‍ථො. මානන‍්ති එවරූපං මං ලාමකවොහාරෙන වොහරන‍්ති, න සක‍්කරොන‍්ති න ගරුං කරොන‍්තීති මානං න කරෙය්‍ය. වසමඤ‍්ඤාතකෙ ජනෙති අත‍්තනො ජාතිගොත‍්තාදීනි අජානන‍්තස‍්ස ජනස‍්ස සන‍්තිකෙ වසන‍්තො. වසතොති වසතා, අයමෙව වා පාඨො.

මෙහි ‘දුරුත්තානං නිධෙතවෙ’ යනු ‘යම්සේ ධාන්‍ය රැස්කිරීම සඳහා මහත් වූ කොටුවක් කොට, එය පුරවා තබා, ප්‍රයෝජනයක් ඇති වූ විටෙක එම ධාන්‍ය පරිහරණය කෙරේද? එපරිද්දෙන් විදේශයකට ගිය තැනැත්තා, පරිපූර්ණ පණ්ඩිතයෙක් වුවද, නපුරු වචන රැස්කොට තැබීම සඳහා මහත් වූ කොටුවක් ඉදි කරන්නේය. ඉන්පසුව එම කොටුවෙහි, එම නපුරු වචන තැන්පත් කොට තබා, නැවත තමාට බලය ලැබුණු පසු, කළ යුතු දේ කරන්නේය’ යනුයි. ‘ජාතියා විනයෙන වා’ යනු ‘මොහු රජ කුමරෙකි, බමුණෙකි, සිල්වතෙකි, බහුශ්‍රැතයෙකි, ගුණසම්පන්නයෙකි යනුවෙන් හෝ, මෙසේ යම් ජාතියක් ගැන හෝ, හික්මීමක් ගැන හෝ, නො දනිති’, යන අර්ථයි. ‘මාන’ යනු මෙබඳු වූ මට පහත් ව්‍යවහාරයෙන් කථා කෙරෙති. සත්කාර නො කෙරෙති, ගරු නො කෙරෙති, බුහුමන් නො කෙරෙති’, යන අදහස යි. ‘වසමඤ්ඤනතෙ ජනෙ’ යනු ‘තමාගේ ජාති ගෝත්‍ර නො දන්නා වූ, ජනයා සමීපයේ වාසය කරන්නෙක්’ යන්නයි. ‘වසතො’ යනු ‘වසන්නකු විසින්’ යන්නයි. මෙයම පාඨය වේ.

එවං තෙ තත්‍ථ තීණි වස‍්සානි වසිංසු. අථ නෙ පිතා පක‍්කොසාපෙසි. තෙ තතො පට‍්ඨාය නිහතමානා ජාතා.

මෙසේ ඔවුහු එම කුණු වළෙහි තෙවසක් විසූහ. අනතුරුව පියරජතුමා ඔවුන් කැඳවීය. එතැන් පටන් ඔවුහු නිහතමානීවම කටයුතු කළහ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ කොධනො භික‍්ඛු අනාගාමිඵලෙ පතිට‍්ඨහි. “තදා චූළදද‍්දරො කොධනො භික‍්ඛු අහොසි, මහාදද‍්දරො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, සත්‍යය ප්‍රකාශකොට ජාතකය නිමවා වදාළ සේක. ධර්ම දේශනාව අවසානයේදී කිපෙනසුලු භික්‍ෂුව අනාගාමී ඵලයෙහි පිහිටියේය. එදා චුල්ල දද්දර, මෙදා කිපෙනසුලු භික්‍ෂුවයි. මහා දද්දර වනාහී ‘මම වෙමි’ යි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දක්වා වදාළ සේක.

දද‍්දරජාතකවණ‍්ණනා චතුත්‍ථා.