3. එකරාජජාතකවණ්ණනා 303 අට්ඨකථා
3. එකරාජජාතකවණ්ණනා (303)
3. ඒකරාජ ජාතකය (303)
අනුත්තරෙ කාමගුණෙ සමිද්ධෙති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො අඤ්ඤතරං කොසලරාජසෙවකං ආරබ්භ කථෙසි. පච්චුප්පන්නවත්ථු හෙට්ඨා සෙය්යජාතකෙ (ජා· 1.3.94 ආදයො) කථිතමෙව. ඉධ පන සත්ථා “න ත්වඤ්ඤෙව අනත්ථෙන අත්ථං ආහරි, පොරාණකපණ්ඩිතාපි අත්තනො අනත්ථෙන අත්ථං ආහරිංසූ”ති වත්වා අතීතං ආහරි.
‘අනුත්තරෙ කාමගුණෙ සමිද්ධෙ’ යන මේ ගාථා කොටසින් ඇරඹෙන මේ ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවෙසෙන සමයෙහි කොසොල් රජුගේ එක්තරා සේවකයෙකු අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කතා පුවත ‘සෙය්‍යංස’ ජාතකයේ දී, කියන ලදි. එහිදී බුදුරජාණන් වහන්සේ ‘අනර්ථයෙන් අර්ථය සලසා ගත්තේ, ඔබ පමණක් නොවේ. ‘පැරණි පඬිවරු පවා, තමා කරා පැමිණි විපත, සැපතක් කරගත්හ’යි වදාරා මේ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසිරඤ්ඤො උපට්ඨාකො අමච්චො රාජන්තෙපුරෙ දුබ්භි. රාජා පච්චක්ඛතොව තස්ස දොසං දිස්වා තං රට්ඨා පබ්බාජෙසි. සො දුබ්භිසෙනං නාම කොසලරාජානං උපට්ඨහන්තොති සබ්බං මහාසීලවජාතකෙ (ජා· 1.1.51) කථිතමෙව. ඉධ පන දුබ්භිසෙනො මහාතලෙ අමච්චමජ්ඣෙ නිසින්නං බාරාණසිරාජානං ගණ්හාපෙත්වා සික්කාය පක්ඛිපාපෙත්වා උත්තරුම්මාරෙ හෙට්ඨාසීසකං ඔලම්බාපෙසි. රාජා චොරරාජානං ආරබ්භ මෙත්තං භාවෙත්වා කසිණපරිකම්මං කත්වා ඣානං නිබ්බත්තෙසි, බන්ධනං ඡිජ්ජි, තතො රාජා ආකාසෙ පල්ලඞ්කෙන නිසීදි. චොරරාජස්ස සරීරෙ දාහො උප්පජ්ජි, “ඩය්හාමි ඩය්හාමී”ති භූමියං අපරාපරං පරිවත්තති. “කිමෙත”න්ති වුත්තෙ “මහාරාජ, තුම්හෙ එවරූපං ධම්මිකරාජානං නිරපරාධං ද්වාරස්ස උත්තරුම්මාරෙ හෙට්ඨාසීසකං ඔලම්බාපෙථා”ති වදිංසු. තෙන හි වෙගෙන ගන්ත්වා මොචෙථ නන්ති. පුරිසා ගන්ත්වා රාජානං ආකාසෙ පල්ලඞ්කෙන නිසින්නං දිස්වා ආගන්ත්වා දුබ්භිසෙනස්ස ආරොචෙසුං. සො වෙගෙන ගන්ත්වා තං වන්දිත්වා ඛමාපෙතුං පඨමං ගාථමාහ –
පෙර බරණැස්පුර බරණැස් රජුට සේවය කරන එක් ඇමතියෙක් මාලිගාව තුළදී නපුරු වචන කතා කළේය. එය සියැසින් දුටු රජතුමා, ඔහු රටින් පිටුවහල් කළේය. ඔහු ‘දබ්බසේන’ නම් වූ කොසොල් රජුට සේවය කළේයැ’යි, යන මේ සියල්ල, ‘මහා සීලව’ ජාතකයේ දී විස්තර කරන ලදි. ඒ අනුව දබ්බසේන රජතුමා දිනක් මාලිගාවේ උඩුමහල් තලයෙහි ඇමතියන් මැද සිටි, බරණැස් රජු අල්වාගෙන, ආරක්ෂිත පැසෙක දමා, උතුරුවාසල් දොරටුවෙහි එළිපත්තට ඉහළින්, හිස පහතට සිටින සේ එල්වීය. මෙහිදී අත්අඩංගුවේ පසුවූ බරණැස් රජතුමා තමාට සතුරුකම් කරන, දබ්බසේන රජු කෙරෙහි මෛත්‍රිය වඩා, කසිණ අරමුණක් ගෙන, ධ්‍යාන ඉපදවීය. එවිට ඔහුගේ බැඳුම් ඉබේම ගිලිහිණි. අනතුරුව රජතුමා අහසෙහිම පලක් බැඳ, වාඩි වී හුන්නේය. මේ අතර දබ්බසේන රජුගේ සිරුරෙහි දහඩිය නැගුණි. දැවිල්ලක් ද හට ගත්තේය. ඔහු ‘දැවෙමි දැවෙමි’ යි කියමින් බිම වැතිරී, ඒ මේ අතට පෙරලෙන්නට විය. අනතුරුව රජතුමා සමීපයෙහි සිටි අයගෙන්, තමාට සිදුවී ඇති මේ දාහය ගැන කරුණු විමසීය. “මහරජතුමනි, ඔබවහන්සේ ඉතා දැහැමි රජකු වන බරණැස් රජු හිස යටිකුරු කොට එල්ලා නිරපරාධයේ වද දුන්නෙහිය. මේ එහි ප්‍රතිඵලය යැ”යි ඔවුහු කීහ. එවිට රජ “එසේ වී නම්, වහා ගොස් ඔහු මුදවු” යැයි අණ කෙළේය. රාජපුරුෂයෝ එහි ගියවිට බරණැස් රජු අහසෙහි පලක් බැඳ හිඳිනු දැක, ආපසු හැරීවිත්, දබ්බසේන රජුට ඒ බව කිවූහ. ඒ ඇසූ දබ්බසේන රජතුමා වහ වහා එතැනට ගොස්, බරණැස් රජුට වැඳ, තමා කළ වරදට සමා කරවාගෙන, අනතුරුව මේ පළමුවැනි ගාථාව කීවේය.
“අනුත්තරෙ කාමගුණෙ සමිද්ධෙ, භුත්වාන පුබ්බෙ වසි එකරාජ; සොදානි දුග්ගෙ නරකම්හි ඛිත්තො, නප්පජ්ජහෙ වණ්ණබලං පුරාණ”න්ති.
අනුත්තරෙ කාම ගුණෙ සමිද්ධෙ, භුත්වාන පුබ්බෙ වසි එකරාජා, සොදානි දුග්ගෙ නරකම්හි ඛිත්තො, නප්පජනෙ වණ්ණිබලං පුරාණන්ති
ඒක රාජ වූ බෝසත් තෙමේ, පෙර උසස් වූ ද, සමෘද්ධිමත් වූ ද, කම්සැප විඳ විසී ය. ඔහු දැන් විෂම වූ නරකයෙහි (විපතෙහි) වැටුණත් පෙර පැවති වර්ණයත්, බලයත්, අත් නො හරියි.
තත්ථ වසීති වුත්ථො. එකරාජාති බොධිසත්තං නාමෙනාලපති. සොදානීති සො ත්වං ඉදානි. දුග්ගෙති විසමෙ. නරකම්හීති ආවාටෙ. ඔලම්බිතට්ඨානං සන්ධායෙතං වුත්තං. නප්පජ්ජහෙ වණ්ණබලං පුරාණන්ති එවරූපෙ විසමට්ඨානෙ ඛිත්තොපි පොරාණකවණ්ණඤ්ච බලඤ්ච නප්පජහසීති පුච්ඡති.
මෙහි ‘වසි’ යනු ‘වාසය කළේය’ යන්නයි. ‘ඒකරාජ’ යනු ‘බෝසතුන්ට නමින් කරන ලද, ආමන්ත්‍රණය’යි. ‘සෝදානි’ යනු ‘ඒ ඔබ දැන්’ යන අර්ථයි. ‘දුග්ගෙ’ යනු ‘විෂම ස්ථානයෙහි’, යන අර්ථයි. ‘නරකම්හි’ යනු ‘වළෙක’, යන අදහසයි. එල්ලන ලද ස්ථානය සඳහා මෙය කියන ලදි. ‘නප්පජෙහ වණ්ණබලං පුරාණං’ යනු ‘මෙබඳු නපුරු තැනෙක දමන ලද්දේ වුවත්, පෙර පැවති වරණයත්, බලයත්, අත් නො හරිහිදැ’යි විචාරයි යන අර්ථයි.
තං සුත්වා බොධිසත්තො සෙසගාථා අවොච –
එය අසා බෝසත් තෙමේ, පහත දැක්වෙන ගාථාවන් ප්‍රකාශ කෙළේය.
“පුබ්බෙව ඛන්තී ච තපො ච මය්හං, සම්පත්ථිතා දුබ්භිසෙන අහොසි; තංදානි ලද්ධාන කථං නු රාජ, ජහෙ අහං වණ්ණබලං පුරාණං.
2. ‘දබ්බසේන’ රජතුමනි, මගේ තපසත්, ඉවසීමත් පෙර සිට පතන ලද්දකි. එය ලැබුවා වූ මම, දැන් ඒ පෙර පැවති වර්ණයත් බලයත් කුමක් නිසා හැරපියම්ද?
“සබ්බා කිරෙවං පරිනිට්ඨිතානි, යසස්සිනං පඤ්ඤවන්තං විසය්හ; යසො ච ලද්ධා පුරිමං උළාරං, නප්පජ්ජහෙ වණ්ණබලං පුරාණං.
3. යසස් ඇත්තාණෙනි, නුවණැත්තාණෙනි, නො ඉවසිය හැකි දේ, ඉවසන්නාණෙනි, සියල්ල මුළුමනින් නිමා විය. උදාරත්වයත්, කීර්තියත්, කලින් ම ලබන ලදි. එබැවින් පුරාණ වර්ණයත්, බලයත් අත් නො හරිමි.
“පනුජ්ජ දුක්ඛෙන සුඛං ජනින්ද, සුඛෙන වා දුක්ඛමසය්හසාහි; උභයත්ථ සන්තො අභිනිබ්බුතත්තා, සුඛෙ ච දුක්ඛෙ ච භවන්ති තුල්යා”ති.
4. රජතුමනි, නො ඉවසිය හැකි දේ, ඉවසිය හැකි මම, ඔබ විසින් ඇතිකළ දුකෙන්, රාජ්‍ය සුවය දුරුකොට, ධ්‍යානසුවය කරණ කොට ගෙන, එම දුකත් දුරුකොට වසමි. උභයාර්ථයෙහි ශාන්ත වූ (නිවුනා වූ) වෙසෙසින් සංසිඳුණු සිත් ඇත්තෝ, සැප දුක් දෙක්හි උපේක්ෂා වෙති.
තත්ථ ඛන්තීති අධිවාසනඛන්ති. තපොති තපචරණං. සම්පත්ථිතාති ඉච්ඡිතා අභිකඞ්ඛිතා . දුබ්භිසෙනාති තං නාමෙනාලපති. තංදානි ලද්ධානාති තං පත්ථනං ඉදානාහං ලභිත්වා. ජහෙති කෙන කාරණෙන අහං ජහෙය්යං. යස්ස හි දුක්ඛං වා දොමනස්සං වා හොති, සො තං ජහෙය්යාති දීපෙති.
මෙහි ‘ඛන්තී’ යනු ‘ඉවසීම’ යි. ‘තපො’ යනු ‘තපස් රැකීම’යි. ‘සම්පත්ථිතා’ යනු ‘කැමතිවන ලද, පතන ලද’ යන අර්ථයි. ‘දබ්බසෙන’ යනු ‘රජුට නමින් ඇමතීම’යි. ‘තංදානි ලද්ධාන’ යනු ‘එම ප්‍රාර්ථනාව ලැබ දැන මම’ යන අර්ථයි. ‘ජහෙ’ යනු ‘මම කුමන කරුණක් නිසා දුරු නො කෙරෙම්ද? යමෙකුට දුකක් හෝ දොම්නසක් හෝ වේ ද? ඔහු එය දුරු කරන්නේ යැ’යි දක්වයි.
“සබ්බා කිරෙවං පරිනිට්ඨිතානී”ති අනුස්සවවසෙන අත්තනො සම්පත්තිං දස්සෙන්තො ආහ . ඉදං වුත්තං හොති – සබ්බානෙව මම කත්තබ්බකිච්චානි දානසීලභාවනාඋපොසථකම්මානි පුබ්බෙව නිට්ඨිතානීති. යසස්සිනං පඤ්ඤවන්තං විසය්හාති පරිවාරසම්පත්තියා යසස්සි, පඤ්ඤාසම්පදාය පඤ්ඤවන්ත, අසය්හසාහිතාය විසය්හ. එවං තීණිපෙතානි ආලපනානෙව. නන්ති පනෙත්ථ නිපාතො . බ්යඤ්ජනසිලිට්ඨතාවසෙනන්තකාරස්ස සානුනාසිකතා කතාති පච්චෙතබ්බා. යසො චාති යසඤ්ච, අයමෙව වා පාඨො. ලද්ධා පුරිමන්ති ලභිත්වා පුරිමං පුබ්බෙ අලද්ධපුබ්බං. උළාරන්ති මහන්තං. කිලෙසවික්ඛම්භනමෙත්තාභාවනාඣානුප්පත්තියො සන්ධායෙවමාහ. නප්පජ්ජහෙති එවරූපං යසං ලද්ධා කිංකාරණා පුරාණවණ්ණබලං ජහිස්සාමීති අත්ථො.
‘සබ්බං කිරෙව පරිනිට්ඨිතානී’ යනු ‘මුල පටන් තමාගේ සම්පත් දක්වමින් කීය. මා විසින් කළ යුතු සියලු කටයුතු දාන, ශීල හා පොහෝ කටයුතු මුලදී ම නිමවන ලදි’ යන මෙය කියන ලද්දේ වේ. ‘යසස්සිතං පඤ්ඤවන්තං විසය්හ’ යනු ‘පරිවාර සම්පත්තීන් නිසා, ‘යසස්සි’ යන්නත්, ප්‍රඥා සම්ප්‍රදාව නිසා, ‘පඤ්ඤවන්ත’ යන වචනයත්, නො ඉවසිය හැකි දේ ඉවසන නිසා, ‘විසය්හ’ යන වචනයත් අර්ථවත් වේ. මෙසේ මේ වචන තුනම ආමන්ත්රණයෙහි වේ. මෙහි යෙදී ඇති ‘න’ කාරය නිපාතයකි. ව්‍යඤ්ජනයන්ගේ සිලුටුතාව අපේක්ෂාවෙන් ‘න’ කාරයේ බිංදුව යොදන ලද බව, තේරුම් ගත යුතුය. ‘යසොච’ යනු ‘කීර්තිය’ ද යන අර්ථයි. ‘ලද්ධා පුරිමං’ යනු ‘පෙර නො ලද විරූ යමක්, ප්‍රථමයෙන් ලැබ’, යන අර්ථයි. ‘උළාරං’ යනු ‘මහත් බව’යි. කෙලෙස් මැඩ පැවත්වීමෙහි ලා මෛත්‍රී භාවනාවෙන් ධ්‍යාන ඉපදවීම සඳහා ම කීය. ‘නප්පජහෙ’ යනු ‘මෙබඳු වූ කීර්තියක් ලැබ, කුමන කරුණක් නිසා, පුරාණ වර්ණයත්, බලයත් අත්හරිම්ද?’ යන අර්ථයි.
දුක්ඛෙනාති තයා උප්පාදිතෙන නරකම්හි ඛිපනදුක්ඛෙන මම රජ්ජසුඛං පනුදිත්වා. සුඛෙන වා දුක්ඛන්ති ඣානසුඛෙන වා තං දුක්ඛං පනුදිත්වා. උභයත්ථ සන්තොති යෙ සන්තො හොන්ති මාදිසා, තෙ ද්වීසුපි එතෙසු කොට්ඨාසෙසු අභිනිබ්බුතසභාවා මජ්ඣත්තා සුඛෙ ච දුක්ඛෙ ච භවන්ති තුල්යා, එකසදිසා නිබ්බිකාරාව හොන්තීති.
‘දුක්ඛෙන’ යනු ‘ඔබ විසින් සාදන ලද වළෙහි දැමීමේ දුකෙන්, මාගේ රජ සැප දුරුකොට’, යන අර්ථයි. ‘සුඛෙන වා තං දුක්ඛං’ යනු ‘ධ්‍යාන සුවයෙන් හෝ, ඒ දුක දුරුකොට’, යන අර්ථයි. ‘උභයත්ථ සන්තො’ යනු ‘මා මෙන් ශාන්ත වූ, යම් කෙනෙක් වෙද්ද, ඔවුහු මේ කියන ලද කොටස් දෙක්හිම නිවුණු ස්වභාවයෙන් මධ්‍යස්ථ වූවාහුය.’ යන අර්ථයි. ‘සුඛෙ ච දුක්ඛෙ ච භවන්ති තුල්යා’ යනු ‘දුක සැප දෙක්හිම වෙනසකට පත් නො වී, එක්බඳු වෙත්’, යන අර්ථයි. වෙනසකට පත් නොවෙති, යනුයි.
ඉදං සුත්වා දුබ්භිසෙනො බොධිසත්තං ඛමාපෙත්වා “තුම්හාකං රජ්ජං තුම්හෙව කාරෙථ, අහං වො චොරෙ පටිබාහිස්සාමී”ති වත්වා තස්ස දුට්ඨාමච්චස්ස රාජාණං කාරෙත්වා පක්කාමි. බොධිසත්තොපි රජ්ජං අමච්චානං නිය්යාදෙත්වා ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා බ්රහ්මලොකපරායණො අහොසි.
මේ අසා දබ්බසේන රජ බෝසතුන් සමා කරවාගෙන, ‘ඔබතුමාගේ රාජ්‍යය ඔබම කරවනු මැනවි. මම ඔබගේ සතුරන් පිටුවහල් කරවන්නෙමි’යි කියා, ඒ දුෂ්ට ඇමතියාට, රජ අණින් දඬුවම් කරවා, පිටත් ව ගියේය. බෝසත් තෙමේ ද රාජ්‍යය ඇමතියන්ට බාර දී, සෘෂි පැවිද්දෙන් පැවිදිව, දිවි ඇති තෙක් වැස, මිය ගොස් බඹලොව උපන්නේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා දුබ්භිසෙනො ආනන්දො අහොසි, බාරාණසිරාජා පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ජාතක කථා ධර්මදේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. එකල්හි දබ්බසේන රජ නම් ආනන්ද තෙරුන් වහන්සේය. බරණැස් රජ වූ කලී මම වෙමියි’ ද වදාළ සේක.
එකරාජජාතකවණ්ණනා තතියා.