2. මහාඅස්සාරොහජාතකවණ්ණනා 302 අට්ඨකථා
2. මහාඅස්සාරොහජාතකවණ්ණනා (302)
2. මහාඅස්සාරෝහ ජාතකය (302)
අදෙය්යෙසුං දදං දානන්ති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො ආනන්දත්ථෙරං ආරබ්භ කථෙසි. පච්චුප්පන්නවත්ථු හෙට්ඨා කථිතමෙව. සත්ථා “පොරාණකපණ්ඩිතාපි අත්තනො උපකාරවසෙනෙව කිරිංසූ”ති වත්වා ඉධාපි අතීතං ආහරි.
“අදෙය්යෙසු දදං දානං” යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක්, අනඳ තෙරුන් අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථාව යට කියන ලදි. බුදුරජාණන් වහන්සේ “මහණෙනි, පැරණි පඬිවරු වූ කලී, තමන්ට උපකාරී වූවනට පෙරලා උපකාර කළාහුයැ’යි වදාරා මේ අතීත කථාව ගෙනහැර දැක්වූහ.
අතීතෙ බොධිසත්තො බාරාණසිරාජා හුත්වා ධම්මෙන සමෙන රජ්ජං කාරෙති, දානං දෙති, සීලං රක්ඛති. සො “පච්චන්තං කුපිතං වූපසමෙස්සාමී”ති බලවාහනපරිවුතො ගන්ත්වා පරාජිතො අස්සං අභිරුහිත්වා පලායමානො එකං පච්චන්තගාමං පාපුණි. තත්ථ තිංස ජනා රාජසෙවකා වසන්ති. තෙ පාතොව ගාමමජ්ඣෙ සන්නිපතිත්වා ගාමකිච්චං කරොන්ති. තස්මිං ඛණෙ රාජා වම්මිතං අස්සං අභිරුහිත්වා අලඞ්කතපටියත්තො ගාමද්වාරෙන අන්තොගාමං පාවිසි. තෙ “කිං නු ඛො ඉද”න්ති භීතා පලායිත්වා සකසකගෙහානි පවිසිංසු. එකො පනෙත්ථ අත්තනො ගෙහං අගන්ත්වා රඤ්ඤො පච්චුග්ගමනං කත්වා “රාජා කිර පච්චන්තං ගතො”ති සුය්යති, කොසි ත්වං රාජපුරිසො චොරපුරිසොති? “රාජපුරිසො, සම්මා”ති. “තෙන හි එථා”ති රාජානං ගෙහං නෙත්වා අත්තනො පීඨකෙ නිසීදාපෙත්වා “එහි, භද්දෙ, සහායකස්ස පාදෙ ධොවා”ති භරියං තස්ස පාදෙ ධොවාපෙත්වා අත්තනො බලානුරූපෙන ආහාරං දත්වා “මුහුත්තං විස්සමථා”ති සයනං පඤ්ඤාපෙසි, රාජා නිපජ්ජි. ඉතරො අස්සස්ස සන්නාහං මොචෙත්වා චඞ්කමාපෙත්වා උදකං පායෙත්‍වා පිට්ඨිං තෙලෙන මක්ඛෙත්වා තිණං අදාසි. එවං තයො චත්තාරො දිවසෙ රාජානං පටිජග්ගිත්වා “ගච්ඡාමහං, සම්මා”ති වුත්තෙ පුන රඤ්ඤො ච අස්සස්ස ච කත්තබ්බයුත්තකං සබ්බමකාසි. රාජා තුස්සිත්වා ගච්ඡන්තො “අහං, සම්ම, මහාඅස්සාරොහො නාම, නගරමජ්ඣෙ අම්හාකං ගෙහං, සචෙ කෙනචි කිච්චෙන නගරං ආගච්ඡසි, දක්ඛිණද්වාරෙ ඨත්වා දොවාරිකං ‘මහාඅස්සාරොහො කතරගෙහෙ වසතී’ති පුච්ඡිත්වා දොවාරිකං ගහෙත්වා අම්හාකං ගෙහං ආගච්ඡෙය්යාසී”ති වත්වා පක්කාමි.
අතීතයෙහි බෝසත් තෙමේ බරණැස් රජුව ඉපදී, දැහැමින් සෙමෙන් රාජ්‍ය කරවයි, දන්දෙයි, සිල් රකියි. දිනෙක ඔහු පසල් දනව්වක කොලාහලයක් සංසිඳුවන්නෙමියි, සේනාව ද පිරිවරාගෙන ගොස්, එහි දී පරාජයට පත්විය. ඉන්පසු අසු පිටට නැගගත් රජතුමා, පලා ගොස් එක් පිටිසර ගමකට පැමිණියේය. ඒ ගමේ රාජ්‍ය සේවකයෝ තිස් දෙනෙක් වෙසෙති. ඔවුහු උදෑසනම ගම මැද රැස් ව ගමේ දියුණුව ගැන කටයුතු කෙරෙති. ඒ අවස්ථාවේ දී රජතුමා සන්නාහ සන්නද්ධව අසුපිට නැගි, රාජාභරණවලින් යුක්තව ගම් දොරටුවෙන් ගම තුළට පිවිසියේය. ගම් වැසියෝ “මේ කිමෙක්දැ”යි බියට පත්ව, දිවැ ගොස් තම තමන්ගේ ගෙවල්වලට පැන ගත්හ. ඔවුන් අතර සිටි, එක් අයෙක් සිය නිවෙසට ගොස්, රජු පැමිණෙනු දැක, නාඳුනන කවරෙක්ද? රාජ පුරුෂයෙක්ද? නැතහොත් සොරෙක්දැ”යි ඇසීය. “මිත්‍රය, මම රාජපුරුෂයෙක්මි”යි රජ කීය. “එසේ නම් එනු මැනවැ”යි කියා රජු ගෙදරට කැඳවා ගෙන ගොස්, තමාගේ පුටුවෙහි රජ හිඳ වූ, ඒ පුරුෂයා තම සොඳුරට කථා කොට, “සොඳුර, මෙහි එනු මැනව, මාගේ යහළුවාගේ දෙපා සෝදු මැනවැ”යි කීය. අනතුරුව ඔහු තම බිරිය ලවා රජුගේ පා සෝදවා, තම ශක්ති පරිද්දෙන් ආහාර ද දෙවා, “මොහොතක් විඩා අරිනු මැනවැ”යි යහනක් ද සකසා දුනි. රජ එහි සැතපුනේය. ඉක්බිති ඒ පුරුෂයා රාජකීය අශ්වයාගේ සන්නාහය මුදා, මඳක් ඇවිද්දවා වතුරද පොවා, පිටෙහි තෙල් ගා පිරිමැද, කෑමට තණකොළ ද දුන්නේය. මෙසේ ඒ රජතුමා දින තුනක් හතරක් ආගන්තුක සත්කාර ලැබ, “මා දැන් යා යුතුයැ”යි කී කල්හි, රජුගේ මිතුරා රජුට ද, ඔහුගේ අසුට ද, කළ යුතු සියලු සංග්‍රහ කෙළේය. රජතුමා ආහාර අනුභව කොට, පිටත් වීමට සූදානම් වී, සිය මිතුරාට මෙසේ කීය. “මිතුර, මගේ නම මහා අස්සාරෝහ” ය. මගේ නිවෙස පිහිටා ඇත්තේ අගනුවර මැද ය. යම් විදියකින් ඔබ කිසියම් කටයුත්තකට නගරයට පැමිණිය හොත්, දකුණු වාසල් දොරටුවෙහි සේවයේ නියුතු දොරටුපාලයාගෙන්, “මහා අස්සාරෝහගේ ගෙය කොහි දැයි? විමසන්න, එවිට දොරටුපල්ලා ඔබට මා මුණගස්වනු ඇතැ”යි පවසා සමුගෙන නික්ම ගියේය.
බලකායොපි රාජානං අදිස්වා බහිනගරෙ ඛන්ධාවාරං බන්ධිත්වා ඨිතො රාජානං දිස්වා පච්චුග්ගන්ත්වා පරිවාරෙසි. රාජා නගරං පවිසන්තො ද්වාරන්තරෙ ඨත්වා දොවාරිකං පක්කොසාපෙත්වා මහාජනං පටික්කමාපෙත්වා “තාත, එකො පච්චන්තගාමවාසී මං දට්ඨුකාමො ආගන්ත්වා ‘මහාඅස්සාරොහස්ස ගෙහං කහ’න්ති තං පුච්ඡිස්සති, තං ත්වං හත්ථෙ ගහෙත්වා ආනෙත්වා මං දස්සෙය්යාසි, තදා ත්වං සහස්සං ලභිස්සසී”ති ආහ. සො නාගච්ඡති, තස්මිං අනාගච්ඡන්තෙ රාජා තස්ස වසනගාමෙ බලිං වඩ්ඪාපෙසි, බලිම්හි වඩ්ඪිතෙ නාගච්ඡති. එවං දුතියම්පි තතියම්පි බලිං වඩ්ඪාපෙසි, නෙව ආගච්ඡති. අථ නං ගාමවාසිනො සන්නිපතිත්වා ආහංසු “අය්ය, තව සහායස්ස මහාඅස්සාරොහස්ස ආගතකාලතො පට්ඨාය මයං බලිනා පීළියමානා සීසං උක්ඛිපිතුං න සක්කොම, ගච්ඡ තව සහායස්ස මහාඅස්සාරොහස්ස වත්වා අම්හාකං බලිං විස්සජ්ජාපෙහී”ති. සාධු ගච්ඡිස්සාමි, න පන සක්කා තුච්ඡහත්ථෙන ගන්තුං, මය්හං සහායස්ස ද්වෙ දාරකා අත්ථි, තෙසඤ්ච භරියාය චස්ස සහායකස්ස ච මෙ නිවාසනපාරුපනපිළන්ධනාදීනි සජ්ජෙථාති. “සාධු සජ්ජිස්සාමා”ති තෙ සබ්බං පණ්ණාකාරං සජ්ජයිංසු.
මේ අතර රජුගෙන් වෙන් වූ බල සේනාව, රජු සොයා ගත නො හැකි ව නගරයෙන් පිටත කඳවුරු බැඳ සිටින කල්හි, රජු එනු දැක, පෙරගමන් ගොස් පිරිවරා ගත්තේය. රජතුමා එම පිරිසද කැටුව දකුණු වාසල් දොරටුව වෙත ගොස්, දොරටු පල්ලා කැඳවා රැස්ව සිටි ජනතාව මදක් ඈත්කොට, ඔහුට පමණක් ඇසෙන සේ මෙසේ උපදෙස් දුන්නේය. දරුව, කිසියම් විටෙක පසල් දනවු වැසියෙක් ඔබ හමුවට පැමිණ, “මහා අස්සාරෝහගේ ගේ කොහිදැ”යි විමසුවහොත් ඔහු මා ළඟට කැඳවා ගෙන එන්න, එවිට මසුරන් දහසක් ඔබට හිමියැ”යි පැවසීය. මෙසේ බලාපොරොත්තුව සිටිමුත් දනවු වැසියා, රජු හමුවට නො පැමිණියේය. ඔහුගේ පැමිණීම පමාවන කල්හි, රජතුමා ඔහුගේ ගමේ අයබදු වැඩි කෙළේය. එසේ කළ ද, ඔහු නො පැමිණියේය. මෙසේ දෙවන හා තෙවන වරටද, බදු වැඩි කෙළේය. එදා ඔහු නො පැමිණියේ ය. මේ අතර දනවු වැසියාගේ ගමේ මිනිස්සු ඔහු හමුවට පැමිණ “උතුමාණෙනි, ඔබේ මිතුරා වන අශ්වාරෝහකයා පැමිණි දින පටන් අපි බදු බරින් පෙළෙමු. දැන් දැන් හිස ඔසවා ගැනීමට පවා අපොහොසත් වෙමු. කරුණාකර ඔහු වෙතට ගොස්, මේ බව කියා බදු බරින් අප මුදනු මැනව”යි කීහ. දනවු වැසියා ඔවුනට පිළිතුරු දෙමින් “මැනව, මම එහි යන්නෙමි. එසේ වුවත් හිස් අතින් යා නොහැක. මගේ මිතුරාට දරුවෝ දෙදෙනෙකි. ඔවුන්ට ද මිතුරාගේ බිරිඳට ද මිතුරාට ද හඳින පොරවන වස්ත්‍ර ද, පළඳනා ද සකස්කොට දෙන මෙන්, ගම්වැසියන් ගිවිසවා ගත්තේය. පසුව ගම්වැස්සෝ ද ඒ සියලු පඬුරු ඔහුට ගෙනැවිත් දුන්හ.
සො තඤ්ච අත්තනො ඝරෙ පක්කපූවඤ්ච ආදාය ගන්ත්වා දක්ඛිණද්වාරං පත්වා දොවාරිකං පුච්ඡි “කහං, සම්ම, මහාඅස්සාරොහස්ස ගෙහ”න්ති. සො “එහි දස්සෙමි තෙ”ති තං හත්ථෙ ගහෙත්වා රාජද්වාරං ගන්ත්වා “දොවාරිකො එකං පච්චන්තගාමවාසිං ගහෙත්වා ආගතො”ති පටිවෙදෙසි. රාජා තං සුත්වා ආසනා උට්ඨාය “මය්හං සහායො ච තෙන සද්ධිං ආගතා ච පවිසන්තූ”ති පච්චුග්ගමනං කත්වා දිස්වාව නං පරිස්සජිත්වා “මය්හං සහායිකා ච දාරකා ච අරොගා”ති පුච්ඡිත්වා හත්ථෙ ගහෙත්වා මහාතලං අභිරුහිත්වා සෙතච්ඡත්තස්ස හෙට්ඨා රාජාසනෙ නිසීදාපෙත්වා අග්ගමහෙසිං පක්කොසාපෙත්වා “භද්දෙ, සහායස්ස මෙ පාදෙ ධොවා”ති ආහ. සා තස්ස පාදෙ ධොවි, රාජා සුවණ්ණභිඞ්කාරෙන උදකං ආසිඤ්චි. දෙවීපි පාදෙ ධොවිත්වා ගන්ධතෙලෙන මක්ඛෙසි. රාජා “කිං, සම්ම, අත්ථි, කිඤ්චි අම්හාකං ඛාදනීය”න්ති පුච්ඡි. සො “අත්ථී”ති පසිබ්බකතො පූවෙ නීහරාපෙසි. රාජා සුවණ්ණතට්ටකෙන ගහෙත්වා තස්ස සඞ්ගහං කරොන්තො “මම සහායෙන ආනීතං ඛාදථා”ති දෙවියා ච අමච්චානඤ්ච ඛාදාපෙත්වා සයම්පි ඛාදි. ඉතරො ඉතරම්පි පණ්ණාකාරං දස්සෙසි. රාජා තස්ස සඞ්ගහත්ථං කාසිකවත්ථානි අපනෙත්වා තෙන ආභතවත්ථයුගං නිවාසෙසිං. දෙවීපි කාසිකවත්ථඤ්චෙව ආභරණානි ච අපනෙත්වා තෙන ආභතවත්ථං නිවාසෙත්වා ආභරණානි පිළන්ධි.
දනවු වැසියා ඉහත කී තෑගි ද, තමාගේ ගෙදර පිසූ කැවුම් ද රැගෙන නුවරට ගොස්, දකුණු වාසල දොරටුවේ දී දොරටුපල්ලා මුණගැසී, සිය මිතුරා ගැන කරුණු විමසා, දොරටුපල්ලා හා සමග එහි ගියේ ය. එහි දී දොරටුපල්ලා “ඔබතුමාගේ යහලුවා කැටුව ආවෙමු”යි රජුට දන්වා යැවීය. ඒ ඇසූ රජතුමා වහා අසුනින් නැගිට “මගේ මිතුරා ද ඔහු සමග පැමිණි අය ද වහා කැඳවා ගෙන එන්නැ”යි පණිවුඩයක් යැවීය. එයින් නො නැවතුණු රජතුමා පෙරගමන් කොට, තම මිතුරා දැක ඔහු වැළඳගෙන කිමෙක් ද? යහලුව, මගේ සොයුරිය (ඔබේ බිරිඳ) දරුවනුත් සමග සැපෙන් වෙසේ දැ’යි, විමසා දැන මිතුරාගේ අතින් අල්ලාගෙන, උඩුමහල් තලයට ගොස්, සේසත යට රාජාසනයෙහි මිතුරා වාඩි කරවා, අගමෙහෙසිය කැඳවා, “මගේ මේ යාලුවාගේ පා සෝදනු මැනවැ”යි කීය. මෙහෙසිය ද ඔහුගේ පා සේදුවාය. ඇය පා සෝදනවිට රජතුමා පැන් කෙණ්ඩියෙන් පැන් වත් කෙළේය. දේවිය ඉන් අනතුරුව දෙපා තෙත මාත්තු කොට, තෙල් ගැල්වූවාය. මේ සියලු සත්කාරයන්ගෙන් පසුව, රජතුමා සිය මිතුරා අමතා, “හිතවත, අපට කෑමට යමක් ගෙනාවේදැ”යි ඇසීය. “එසේ යැ”යි පිළිතුරු දුන්, මිතුරා පසිම්බුවෙන් කැවුම් ගෙන දැක්වීය. රජතුමා ඒවා රන්තැටියක තබා, ඔහුට ද එයින් ම සංග්‍රහ කොට, “මාගේ යාලුවා ගෙනෙන ලද කැවිලි කනු මැනැවැ”යි රජමෙහෙසියට ද, ඇමතියන්ටද, දෙවා තෙමේද කෑවේය. මේ සංග්‍රහයෙන් පසු මිත්‍රයා, ගෙනෙන ලද සෙසු පඬුරු ද රජුට පිරිනැමීය. ඉක්බිති රජතුමා සිය මිතුරාට සැලකිල්ලක් වශයෙන්, තම කසීසළු බැහැරකොට, මිතුරා විසින් ගෙනෙන ලද වස්ත්‍ර යුගලය හැඳ ගත්තේය. රජමෙහෙසිය ද, තම කසී සළුවත් ආභරණත් වෙනුවට, මිතුරා ගෙනෙන ලද සළුවකුත්, ආභරණත් පැළඳ ගත්තාය.
අථ නං රාජා රාජාරහං භොජනං භොජාපෙත්වා එකං අමච්චං ආණාපෙසි “ගච්ඡ ඉමස්ස මම කරණනියාමෙනෙව මස්සුකම්මං කාරෙත්වා ගන්ධොදකෙන න්හාපෙත්වා සතසහස්සග්ඝනිකං කාසිකවත්ථං නිවාසාපෙත්වා රාජාලඞ්කාරෙන අලඞ්කාරාපෙත්වා ආනෙහී”ති. සො තථා අකාසි. රාජා නගරෙ භෙරිං චරාපෙත්වා අමච්චෙ සන්නිපාතාපෙත්වා සෙතච්ඡත්තස්ස මජ්ඣෙ ජාතිහිඞ්ගුලකසුත්තං පාතෙත්වා උපඩ්ඪරජ්ජං අදාසි. තෙ තතො පට්ඨාය එකතො භුඤ්ජන්ති පිවන්ති සයන්ති, විස්සාසො ථිරො අහොසි කෙනචි අභෙජ්ජො. අථස්ස රාජා පුත්තදාරෙපි පක්කොසාපෙත්වා අන්තොනගරෙ නිවෙසනං මාපෙත්වා අදාසි. තෙ සමග්ගා සම්මොදමානා රජ්ජං කාරෙන්ති.
අනතුරුව රජකුට සුදුසු රාජභෝජන තම මිතුරාට අනුභව කරවා, එක් ඇමතියකු කැඳවා “මාගේ මේ මිතුරා කැටුව ගොස්, මට කරන සේවාවේ ආකාරයෙන් ම ඔහුගේ රැවුල කපා සුවඳ පැනින් නහවා ලක්ෂයක් අගනා කසී සළුවක් හඳවා රජකුමට සුදුසු රාජකීය ආභරණ පළඳවා කැඳවා ගෙන එව”යි රජ ඔහු පිටත්කොට යැවීය. ඇමතියාද එය එසේම කෙළේය. ඉන්පසු රජතුමා නුවර බෙර හසුරුවා, ඇමතියන් රැස්කොට සේසත් මැද දී සිය මිතුරා පැළඳ සිටි, රත් සිරියල් නූල බැහැර කොට, රාජ්‍යයෙන් භාගයක් ඔහුට පිරිනැමීය. එතැන් පටන් රජතුමා හා සිය මිතුරා යන දෙදෙනා ම එක්ව කෑම බීම ගැනීමත් සමාන ආකාරයෙන් ම සයයය කිරීමත් කෙරෙති. මේ දෙදෙනා අතර ඇති වූ විශ්වාසය කිසිවකු විසින් නො බිඳිය හැකි ලෙස, ස්ථිරත්වයට පත්විණි. ඉක්බිති රජතුමා සිය මිතුරාගේ අඹුදරුවන් ද රජවාසලට කැඳවා, ඇතුළු නුවර මාලිගාවක් සාදා ඔවුන්ට දුන්නේය. මෙසේ ඔවුහු සියලු දෙනා සමගිව සතුටින් යුතුව රාජ්‍යය කරවූහ.
අථ අමච්චා කුජ්ඣිත්වා රාජපුත්තං ආහංසු “කුමාර, රාජා එකස්ස ගහපතිකස්ස උපඩ්ඪරජ්ජං දත්වා තෙන සද්ධිං එකතො භුඤ්ජති පිවති සයති, දාරකෙ ච වන්දාපෙති, ඉමිනා රඤ්ඤා කතකම්මං න ජානාම, කිං කරොති රාජා, මයං ලජ්ජාම, ත්වං රඤ්ඤො කථෙහී”ති. සො “සාධූ”ති සම්පටිච්ඡිත්වා සබ්බං තං කථං රඤ්ඤො ආරොචෙත්වා “මා එවං කරොහි, මහාරාජා”ති ආහ. “තාත, අහං යුද්ධපරාජිතො කහං වසිං, අපි නු ජානාථා”ති. “න ජානාම, දෙවා”ති. “අහං එතස්ස ඝරෙ වසන්තො අරොගො හුත්වා ආගන්ත්වා රජ්ජං කාරෙසිං, එවං මම උපකාරිනො කස්මා සම්පත්තිං න දස්සාමී”ති එවං වත්වා ච පන බොධිසත්තො “තාත, යො හි අදාතබ්බයුත්තකස්ස දෙති, දාතබ්බයුත්තකස්ස න දෙති, සො ආපදං පත්වා කිඤ්චි උපකාරං න ලභතී”ති දස්සෙන්තො ඉමා ගාථා ආහ –
ඉක්බිති මේ වැඩපිළිවෙල ගැන කිපුණු ඇමතිවරු, රජතුමාගේ පුත්‍රයා කැඳවා ඔහුට මෙසේ කීය. “කුමරුනි, රජතුමා එක් ගෘහපතියකුට රජයෙන් අඩක් දී, ඔහු සමග එක්ව අනුභව කරයි, පානය කරයි, සයනය කරයි, තම දරුවන් ලවා ද ඔහුට වන්දවයි. ඔහු විසින් රජුට කළ උපකාරයක්වත් අපි නො දනිමු. රජ මේ කරන්නේ කුමක්ද? ඇමතිවරු විදියට, අපි මේ ගැන ලජ්ජා වෙමු. මේ බව රජතුමාට කියනු මැනව” යනුවෙනි. මෙය ඇසූ රාජ කුමාරයා, “යහපතැ”යි කියා පිළිගෙන, ඇමතිවරුන් කියූ සියල්ල රජුට දන්වා, “මහරජතුමනි, මෙසේ නො කරනු මැනවැ”යි කීය. එවිට රජතුමා, “පුත, පසුගිය කාලයේ යුදයෙන් පැරදුණු මම, කොහි විසුයෙම්දැයි කියා දන්නෙහිදැ”යි රජතුමා ඇසීය. “නො දනිමි” “මම මගේ මේ මිතුරාගේ ගෙදර නිරෝගීව වැස, පසුව අවුත් රජය කරන්නට පටන් ගත්තෙමි. මෙසේ මට උපකාර කළ ඔහුට කුමන සම්පතක් නො දෙම්ද?” මෙසේ කියූ බෝසත් රජතුමා, “පුත, යමෙක් නො දිය යුත්තකුට යමක් දේ ද? දිය යුත්තකුට නො දේ ද? ඔහු විපතකට පත් වූ විට, කිසිදු උපකාරයක් නො ලබයි” මෙසේ කියා, මේ කරුණ තවදුරටත් ප්‍රකට කරවමින්, රජතුමා මෙසේ ද ප්‍රකාශ කළේය.
“අදෙය්යෙසු දදං දානං, දෙය්යෙසු නප්පවෙච්ඡති; ආපාසු බ්යසනං පත්තො, සහායං නාධිගච්ඡති.
අදෙය්යෙසු දදං දානං - දෙය්යෙසු නප්පවෙච්ඡති, ආපාසු ව්යසනං පත්තො - සහායං නාධි ගච්ඡති
යමෙක් නො දිය යුත්තන්ට දන් දෙමින්, දිය යුත්තන් කෙරෙහි නො දේද? ආපදාවන්හි දී විපතට පත්, ඒ පුද්ගලයා පිහිට වන්නකු නො ලබයි.
“නාදෙය්යෙසු දදං දානං, දෙය්යෙසු යො පවෙච්ඡති; ආපාසු බ්යසනං පත්තො, සහායමධිගච්ඡති.
නාදෙය්යෙසු දදං දානං - දෙය්යෙසු යො පවෙච්ඡති, ආපාසු ව්යසනං පත්තො - සහාය මධි ගච්ඡති
යමෙක් නො දිය යුත්තන් කෙරෙහි “දන් නො දෙමි” යි දිය යුත්තන් කෙරෙහි, පරිත්‍යාග කෙරේද? ආපදාවන්හිදී, විපතට පත් ඒ පුද්ගලයා පිහිට වන්නකු ලබයි.
“සඤ්ඤොගසම්භොගවිසෙසදස්සනං , අනරියධම්මෙසු සඨෙසු නස්සති; කතඤ්ච අරියෙසු ච අජ්ජවෙසු, මහප්ඵලං හොති අණුම්පි තාදිසු.
සඤ්ඤොග සම්භොග විසෙස දස්සනං, අනරිය ධම්මෙසු සඨෙසු නස්සති, කතඤ්ච අරියෙසු ච අඤ්ජසෙසු ච, මහප්ඵලො හොති අණුම්පිතාදිසි
කෙනෙකුගේ ගුණවත්කම් හඳුනාගත හැක්කේ එක්ව කටයුතු කිරීමෙන් හා එක්ව විසීමෙනි. පහත් ස්වභාව ඇත්තවුන් කෙරෙහි හා කපටියන් විෂයෙහි, කරන ලද පරිත්‍යාගයන් ප්‍රතිඵල රහිතය. ආර්යයන් කෙරෙහිද, ආර්ය මාර්ගයන්හි ගමන් කරන අය කෙරෙහිද, කරන ලද අල්ප මාත්‍ර වූ ද, පරිත්‍යාගය මහත්ඵල වේ.
“යො පුබ්බෙ කතකල්යාණො, අකා ලොකෙ සුදුක්කරං; පච්ඡා කයිරා න වා කයිරා, අච්චන්තං පූජනාරහො”ති.
යො පුබ්බෙ කත කල්යාණො - අකා ලොකෙ සුදුක්කරං, පච්ඡා කයිරා නවාකයිරා - අච්චන්තං පූජනාරහොති
යමෙක් පෙර දී උපකාරකයෙක් වී නම්, ඔහු ලොව දුෂ්කර කටයුත්තක් කළ කෙනෙකි. පසුව එවැන්නක් කළත් නො කළත් ඔහු පූජාවට සුදුසු ම ය.
තත්ථ අදෙය්යෙසූති පුබ්බෙ අකතූපකාරෙසු. දෙය්යෙසූති පුබ්බෙ කතූපකාරෙසු. නප්පවෙච්ඡතීති න පවෙසෙති න දෙති. ආපාසූති ආපදාසු. බ්යසනන්ති දුක්ඛං. සඤ්ඤොගසම්භොගවිසෙසදස්සනන්ති යො මිත්තෙන කතො සඤ්ඤොගො චෙව සම්භොගො ච, තස්ස විසෙසදස්සනං ගුණදස්සනං සුකතං මය්හං ඉමිනාති එතං සබ්බං අසුද්ධධම්මත්තා අනරියධම්මෙසු කෙරාටිකත්තා සඨෙසු නස්සති. අරියෙසූති අත්තනො කතගුණජානනෙන අරියෙසු පරිසුද්ධෙසු. අජ්ජවෙසූති තෙනෙව කාරණෙන උජුකෙසු අකුටිලෙසු. අණුම්පීති අප්පමත්තකම්පි. තාදිසූති යෙ තාදිසා පුග්ගලා හොන්ති අරියා උජුභූතා, තෙසු අප්පම්පි කතං මහප්ඵලං හොති මහාජුතිකං මහාවිප්ඵාරං, සුඛෙත්තෙ වුත්තබීජමිව න නස්සති , ඉතරස්මිං පන පාපෙ බහුම්පි කතං අග්ගිම්හි ඛිත්තබීජමිව නස්සතීති අත්ථො. වුත්තම්පි චෙතං –
මෙහි “අදෙය්යෙසු” යනු “පෙර උපකාර නෙ ාකළ අය කෙරෙහි” යන අර්ථයි. “දෙය්යෙසු” යනු “උපකාර කළවුන් කෙරෙහි” යන අර්ථයි. “නප්පවෙච්ඡති” යනු “ඇතුළු කොට නො ගනී, නො දේ” යන අර්ථයි. “ආපාසු” යනු ආපදාවන්හි යන අර්ථයි. “ව්යසනං” යනු ‘දුක්’ය. “සඤ්ඤොගම්භොගවිසෙසදස්සනං” යනු ‘යමෙක් මිතුරකු සමග එක්ව කටයුතු කිරීමෙන් හා එක්ව විසීමෙන්, ‘මට මේ සියල්ල මොහු විසින් කරන ලදැ’යි ගුණ විශේෂයන් හඳුනා ගැනීමයි. මේ සියල්ල මොහු විසින් කරන ලදැ’යි ගුණ විශේෂයන් හඳුනා ගැනීමයි. පවිටු ස්වභාවය ආත්මකොට ඇති බැවින්, පව්කාර කපටි පුද්ගලයන් කෙරෙහි කළ පරිත්‍යාගයන් විනාශ මුඛයට පත්වේ” යන අර්ථයි. ‘අරියෙසු’ යනු ‘තමන්ට කළ උපකාරය හඳුනා ගන්නා තැනැත්තා විසින්, නිර්මල උත්තමයන් කෙරෙහි’ යන අර්ථ යි. ‘අඤ්ජසෙසු’ යනු ‘ඒ කළගුණ සිහිකිරීම් වශයෙන් ම සෘජු වූත්, අවංක වූත්, උතුමන් කෙරෙහි’ යන අර්ථයි. ‘අණුම්පි’ යනු ‘අල්ප මාත්‍ර වූ’ යන අර්ථයි. ‘තාදිසු’ යනු ‘යම් එබඳු ආර්ය වූත්, සෘජු වූත්, පුද්ගලයෝ වෙත් ද? ඒ උතුමන් කෙරෙහි අල්ප වශයෙන් කරන ලද දේ, මහත්ඵල ද, මහත් සේ පුළුල් වූවක් ද, ඉමහත් බැබළීමක් ගෙන දෙන්නෙක් ද වේ. මනා වූ කෙතක වපුල බීජ මෙන්, නො නැසේ. වෙනත් පවිටකු විෂයෙහි බහුල කොට පුදන ලද දේ වුවත්, ගින්නෙහි හෙළන ලද බීජ මෙන් නැසේය යන අර්ථයි. මෙසේ ද කියන ලදි.
“යථාපි බීජමග්ගිම්හි, ඩය්හති න විරූහති; එවං කතං අසප්පුරිසෙ, නස්සති න විරූහති.
ගින්නෙහි හෙළූ බීජයක් යම් සේ දැවී යා ද? නො වැඩේද? එසේ අසත්පුරුෂයා විෂයෙහි කරන ලද දේ දැවී යයි. නො වැඩේ.
“කතඤ්ඤුම්හි ච පොසම්හි, සීලවන්තෙ අරියවුත්තිනෙ; සුඛෙත්තෙ විය බීජානි, කතං තම්හි න නස්සතී”ති. (ජා· 1.10.77-78);
උසස් පැවතුම් ඇති සිල්වත් කළගුණ දන්නා පුද්ගලයා විෂයෙහි කළ දෑ, මනා වූ කෙතක වපුල බීජ මෙන්, නො නැසේ.
පුබ්බෙ කතකල්යාණොති පඨමතරං උපකාරං කත්වා ඨිතො. අකාති අකරි, අයං ලොකෙ සුදුක්කරං නාම අකාසීති අත්ථො. පච්ඡා කයිරාති සො පච්ඡා අඤ්ඤං කිඤ්චි ගුණං කරොතු වා මා වා, තෙනෙව පඨමකතෙන ගුණෙන අච්චන්තං පූජනාරහො හොති, සබ්බං සක්කාරසම්මානං අරහතීති.
මෙහි ‘පුබ්බෙ කතකල්යාණො’ යනු ‘මුලින් ම උපකාර කළ පුද්ගලයා’ ය. ‘අකා’ යනු ‘කෙළේය’ යන අර්ථයි. ‘එනම්, ලොව ඉතා දුෂ්කර කාර්යයක් කෙළේය’, යන අර්ථයි. ‘පච්ඡාකයිරා’ යනු ‘ඔහු පසුව වෙනත් කිසියම් උදව්වක් කළත්, නොකළත්, මුල දී කළ උදව්ව නිසාම අතිශයින් පූජාර්හ වේ. සියලු සත්කාර සම්මානයන්ට සුදුසුය’ යන අර්ථයි.
ඉදං පන සුත්වා නෙව අමච්චා, න රාජපුත්තො පුන කිඤ්චි කථෙසීති.
රජතුමාගේ මේ කථාව අසා සිටි ඇමතිවරුත් රාජකුමාරයාත් එතැන් පටන් රජුට විරුද්ධ ව කිසිවක් නො කියන්නට වගබලා ගත්හ.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා පච්චන්තගාමවාසී ආනන්දො අහොසි, බාරාණසිරාජා පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. එදා දනවු වැසියා නම්, ආනන්ද තෙරණුවෝය. බරණැස් රජතුමා වූ කලී, ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දක්වා වදාළ සේක.
මහාඅස්සාරොහජාතකවණ්ණනා දුතියා.