යෙදුමෙන් කියවන්න

9. ඡවජාතකවණ‍්ණනා 309 අට‍්ඨකථා

9. ඡවජාතකවණ‍්ණනා (309)

9. ඡවක ජාතකය (309)

සබ‍්බමිදං චරිමං කතන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ කථෙසි. වත්‍ථු විනයෙ (පාචි· 646) විත්‍ථාරතො ආගතමෙව. අයං පනෙත්‍ථ සඞ‍්ඛෙපො – සත්‍ථා ඡබ‍්බග‍්ගියෙ පක‍්කොසාපෙත්‍වා “සච‍්චං කිර තුම‍්හෙ, භික‍්ඛවෙ, නීචෙ ආසනෙ නිසීදිත්‍වා උච‍්චෙ ආසනෙ නිසින‍්නස‍්ස ධම‍්මං දෙසෙථා”ති පුච‍්ඡිත්‍වා “එවං, භන‍්තෙ”ති වුත‍්තෙ තෙ භික‍්ඛූ ගරහිත්‍වා “අයුත‍්තං, භික‍්ඛවෙ, තුම‍්හාකං මම ධම‍්මෙ අගාරවකරණං, පොරාණකපණ‍්ඩිතා හි නීචෙ ආසනෙ නිසීදිත්‍වා බාහිරකමන‍්තෙපි වාචෙන‍්තෙ ගරහිංසූ”ති වත්‍වා අතීතං ආහරි.

‘සබ්බං ඉදං චරිමවතං’ යන මේ ගාථා කොටස ඇතුළත් වන ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම වැඩ වසන සේක්, ‘ජබ්බග්ගිය’ භික්‍ෂූන් අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව විනයෙහි, විස්තර වශයෙන් දක්වා ඇත. මෙහි එය සැකෙවින් දක්වනු ලැබේ. බුදුරජාණන් වහන්සේ එම භික්‍ෂූන් හයදෙනා ළඟට කැඳවා, ‘මහණෙනි, ඔබ මිටි අසුනක හිඳ, උස් අසුනක හුන් කෙනෙකුට දහම් දෙසුවහුදැ’යි ඇසූහ. ‘එසේය ස්වාමීනි’යි කියා, එය පිළිගත් ඒ භික්‍ෂූන්ට, කළ වරදට නිග්‍රහ කළ, බුදුරජාණන් වහන්සේ, ‘මහණෙනි, තොප මාගේ ශ්‍රී සද්ධර්මයට අගෞරව කිරීම අයුතුය. පැරණි පඬිවරු වූ කලී මිටි අසුනක හිඳ, දහමින් බැහැර වූ අන් ශාස්ත්‍රයක් වුවද, ප්‍රකාශ කිරීම, ගැරහීමට ලක් කළහ’යි වදාරා මේ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො චණ‍්ඩාලකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො කුටුම‍්බං සණ‍්ඨපෙසි. තස‍්ස භරියා අම‍්බදොහළිනී හුත්‍වා තං ආහ “සාමි, ඉච‍්ඡාමහං අම‍්බං ඛාදිතු”න‍්ති. “භද‍්දෙ, ඉමස‍්මිං කාලෙ අම‍්බං නත්‍ථි, අඤ‍්ඤං කිඤ‍්චි අම‍්බිලඵලං ආහරිස‍්සාමී”ති. “සාමි, අම‍්බඵලං ලභමානාව ජීවිස‍්සාමි, අලභමානාය මෙ ජීවිතං නත්‍ථී”ති. සො තස‍්සා පටිබද‍්ධචිත‍්තො “කහං නු ඛො අම‍්බඵලං ලභිස‍්සාමී”ති චින‍්තෙසි. තෙන ඛො පන සමයෙන බාරාණසිරඤ‍්ඤො උය්‍යානෙ අම‍්බො ධුවඵලො හොති. සො “තතො අම‍්බපක‍්කං ආහරිත්‍වා ඉමිස‍්සා දොහළං පටිප‍්පස‍්සම‍්භෙස‍්සාමී”ති රත‍්තිභාගෙ උය්‍යානං ගන‍්ත්‍වා අම‍්බං අභිරුහිත්‍වා නිලීනො සාඛාය සාඛං අම‍්බං ඔලොකෙන‍්තො විචරි. තස‍්ස තථා කරොන‍්තස‍්සෙව රත‍්ති විභායි. සො චින‍්තෙසි “සචෙ ඉදානි ඔතරිත්‍වා ගමිස‍්සාමි, දිස‍්වා මං ‘චොරො’ති ගණ‍්හිස‍්සන‍්ති, රත‍්තිභාගෙ ගමිස‍්සාමී”ති. අථෙකං විටපං අභිරුහිත්‍වා නිලීනො අච‍්ඡි.

අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ සැඩොල් කුලයක ඉපිද, නිසි වියට එළඹියේ විවාහ දිවියට ඇතුල් විය. පසු කලෙක ඔහුගේ බිරිය ගැබ්බර ව, අඹ කෑමේ දොළදුකකින් පෙළුනාය. දිනක් ඇය සිය සැමියා අමතා, ‘හිමියනි, අඹ කෑමට ආසාවක් ඇතැ’යි පැවසුවාය. ‘සොඳුර, මෙකල අඹ සොයා ගත නොහැක. අන් කිසි ඇඹුල් ඵලයක් ගෙනෙන්නෙම්දැ’යි සැමියා ඇසීය. ‘ස්වාමීනි, අඹ ලැබුණොත් මම තවදුරටත් ජීවත් වන්නෙමි. නොලැබුණොත් මාගේ දිවි නොරැකේයැ’යි බිරිඳ පැවසුවාය. මෙය ඇසූ බෝසත් තෙමේ ඈ කෙරෙහි තදින් බැඳුන සිත් ඇතිව කෙසේ නම් අඹ සොයන්නෙම්දැ’යි කල්පනා කරන්නට විය. මේ කාලයේ දී බරණැස් රජුගේ මඟල් උයනෙහි ගෙඩිවලින් පිරුණු අඹගසක් විය. බෝසත් තෙමේ එය දැනගෙන, ‘එතැනින් අඹ ගෙඩියක් ගෙනැවිත්, සිය බිරිඳගේ දොළදුක සංසිඳවන්නෙමැ’යි සිතා, රාත්‍රී කාලයෙහි උයනට ඇතුල්ව, අඹ ගසට නැග, කළුවරේම අඹ සොයමින්, අත්තෙන් අත්තට ගියත්, අඹ ගෙඩියක් සොයාගත නොහැකි විය. මුළු රෑ පුරාවටම ඔහු මේ කටයුත්ත කරගෙන ගියේය. ඒ අතරම රෑ පහන් විය. එවිට ඔහු මෙසේ සිතීය. යම් විදියකින් මා දැන් ගසෙන් බැස යන්නට සූදානම් වුවහොත්, ‘සොරෙකැයි’ සිතා, අල්වා ගනු ඇත. ඒ නිසා රෑ වනතෙක් මෙහිම සිට, පැනගන්නෙමි’යි එක් අතු දෙබලකට නැග සැඟව සිටියේය.

තදා බාරාණසිරාජා “පුරොහිතස‍්ස සන‍්තිකෙ මන‍්තෙ උග‍්ගණ‍්හිස‍්සාමී”ති උය්‍යානං පවිසිත්‍වා අම‍්බරුක‍්ඛමූලෙ උච‍්චෙ ආසනෙ නිසීදිත්‍වා ආචරියං නීචෙ ආසනෙ නිසීදාපෙත්‍වා මන‍්තෙ උග‍්ගණ‍්හි. බොධිසත‍්තො උපරි නිලීනො චින‍්තෙසි – “යාව අධම‍්මිකො අයං රාජා, යො උච‍්චාසනෙ නිසීදිත්‍වා මන‍්තෙ උග‍්ගණ‍්හාති. අයං බ්‍රාහ‍්මණොපි අධම‍්මිකො, යො නීචාසනෙ නිසීදිත්‍වා මන‍්තෙ වාචෙති. අහම‍්පි අධම‍්මිකො, යො මාතුගාමස‍්ස වසං ගන‍්ත්‍වා මම ජීවිතං අගණෙත්‍වා අම‍්බං ආහරාමී”ති. සො රුක‍්ඛතො ඔතරන‍්තො එකං ඔලම‍්බනසාඛං ගහෙත්‍වා තෙසං උභින‍්නම‍්පි අන‍්තරෙ පතිට‍්ඨාය “මහාරාජ, අහං නට‍්ඨො, ත්‍වං මූළ‍්හො, පුරොහිතො මතො”ති ආහ. සො රඤ‍්ඤා “කිංකාරණා”ති පුට‍්ඨො පඨමං ගාථමාහ –

එකල බරණැස් රජතුමා පුරෝහිත බමුණා වෙතින් මන්ත්‍ර උගනියි. මේ කටයුත්ත සිරිත් පරිදි කෙරෙනුයේ මඟුල් උයනේදීය. රජතුමා උයනට පිවිස, ඉහත කී අඹ ගස මුල උස් අසුනක් තබවා, එහි හිඳ සිය ගුරුතුමා වන පුරෝහිත බමුණා මිටි අසුනක හිඳුවා ඔහුගෙන් මන්ත්‍ර උගනියි. බෝසත් තෙමේ ගස උඩ හිඳ, මෙසේ සිතීය. මේ නො දැහැමි රජ උස් අසුනක හිඳ මන්ත්‍ර උගනියි. මේ නො දැහැමි බමුණා ද මිටි අසුනක හිඳ මන්ත්‍ර උගන්වයි. නො දැහැමි වූ මම ද, ගැහැණියකගේ වචනයකට ජීවිතය ද, නො තකා අඹ ගෙන යන්නට අවුත්, මෙහි හිඳිමි. මේ අනුව අපි තිදෙනා ම අධාර්මිකයෝ වෙමු. මෙසේ සිතූ බෝසත් තෙමේ, ගසින් බසින්නට තීරණය කොට බිමට නැමුණු එක් අත්තක එල්ලී, රජුත් පුරෝහිතයාත් අතරමැදට පැන්නේය. අනතුරුව ඔහු මෙසේ ද කීය. ‘මහරජතුමනි, මම විනාශ වූයෙමි. ඔබ මාළු වූවෙකි. පුරෝහිතයා මල තැනැත්තෙකි’ මේ ඇසූ රජතුමා ‘ඔබගේ ප්‍රහේළිකාව අපට නො වැටහේ. එබැවින් කුමන කරුණක් නිසා, එසේ කීයේ දැ’යි ප්‍රශ්න කළ රජුට, පිළිතුරු වශයෙන් බෝසත් තෙමේ මේ ගාථාව ප්‍රකාශ කෙළේය.

“සබ‍්බමිදං චරිමං කතං, උභො ධම‍්මං න පස‍්සරෙ; උභො පකතියා චුතා, යො චායං මන‍්තෙජ‍්ඣාපෙති; යො ච මන‍්තං අධීයතී”ති.

සබ්බං ඉදං චරිමවතං - උභො ධම්මං නපස්සරෙ, උභො පකතියා චුතා - යො චාය මන්තජ්ඣායතී

යමෙක් මන්ත්‍ර (පුරාණ සමාජ ධර්ම) උගන්වයි ද? වෙනත් යමෙක් එය හදාරාද? මේ දෙදෙනාම, ඒ ධර්මය නො දකිත්. දෙදෙනාම ඒ ධර්මයෙන් බැහැර වූවාහු වෙති. මේ සියලු දෑ ස්ථිර වශයෙන්ම ලාමකය.

තත්‍ථ සබ‍්බමිදං චරිමං කතන‍්ති යං අම‍්හෙහි තීහි ජනෙහි කතං, සබ‍්බං ඉදං කිච‍්චං ලාමකං නිම‍්මරියාදං අධම‍්මිකං. එවං අත‍්තනො චොරභාවං තෙසඤ‍්ච මන‍්තෙසු අගාරවං ගරහිත්‍වා පුන ඉතරෙ ද‍්වෙයෙව ගරහන‍්තො “උභො ධම‍්මං න පස‍්සරෙ”තිආදිමාහ. තත්‍ථ උභොති ඉමෙ ද‍්වෙපි ජනා ගරුකාරාරහං පොරාණකධම‍්මං න පස‍්සන‍්ති, තතො ධම‍්මපකතිතො චුතා. ධම‍්මො හි පඨමුප‍්පත‍්තිවසෙන පකති නාම. වුත‍්තම‍්පි චෙතං –

මෙහි ‘සබ්බං ඉදං චරිමවතං’ යනු ‘අප තිදෙනා විසින්ම කරන ලද, ලාමක වූ ද, සීමාව ඉක්ම වූද, මේ සියලු කටයුතු අධාර්මිකය යන්නයි. මෙසේ සොරකමට බට තමා ද මන්ත්‍රයන්හි අගෞරව කළ, ඔවුන් දෙදෙනාටද ගර්හා කොට නැවතද, ඔවුන් දෙදෙනාට දොස් තබමින්, ‘උභො ධම්මං න පස්සරෙ’ යනාදිය කීය. එහි ‘උභො’ යනු ගෞරවයට සුදුසු වූ පුරාණ ධර්මය, ඒ අයුරෙන්ම, පුද්ගලයෝ දෙදෙනෙක් නො දකිත්ද? ඔවුහු වෙති. එබැවින් ඔවුහු ධර්ම ප්‍රකෘතියෙන් බැහැර වූවාහු වෙති. පළමුකොට උපන් බැවින් ධර්මය ‘පකති’ (ප්‍රකෘති) නම් වේ. ඒ මෙසේ ද කියා ඇත.

“ධම‍්මො හවෙ පාතුරහොසි පුබ‍්බෙ; පච‍්ඡා අධම‍්මො උදපාදි ලොකෙ”ති. (ජා· 1.11.28);

‘ඒකාන්තයෙන් ලොව මුලින්ම පහළ වූයේ ධර්මය යි. අධර්මය පහළ වූයේ පසුවය.’

යො චායන‍්ති යො ච අයං නීචාසනෙ නිසීදිත්‍වා මන‍්තෙ අජ‍්ඣාපෙති, යො ච උච‍්චෙ ආසනෙ නිසීදිත්‍වා අධීයතීති.

‘යොචායං’ යනු ‘යමෙක් මිටි අසුනක හිඳ මන්ත්‍ර උගන්වාද? යමෙක් උස් අසුනක හිඳ එය උගනීද?’ යන මේ අදහසයි.

තං සුත්‍වා බ්‍රාහ‍්මණො දුතියං ගාථමාහ –

ඒ අසා බමුණා මේ ගාථාව කීය.

“සාලීනං ඔදනං භුඤ‍්ජෙ, සුචිං මංසූපසෙචනං; තස‍්මා එතං න සෙවාමි, ධම‍්මං ඉසීහි සෙවිත”න‍්ති.

2. පිරිසිදු රසකාරක සහිතව, මස් සමග ඇල්හාලේ බත්, බොජුන් වශයෙන් අනුභව කරමි. එබැවින් සෘෂිවරුන් විසින් සේවනය කරන ලද, මේ ධර්මය ඇසුරු නො කෙළෙමි.

තස‍්සත්‍ථො – අහඤ‍්හි භො ඉමස‍්ස රඤ‍්ඤො සන‍්තකං සාලීනං ඔදනං සුචිං පණ‍්ඩරං නානප‍්පකාරාය මංසවිකතියා සිත‍්තං මංසූපසෙචනං භුඤ‍්ජාමි, තස‍්මා උදරෙ බද‍්ධො හුත්‍වා එතං එසිතගුණෙහි ඉසීහි සෙවිතං ධම‍්මං න සෙවාමීති.

‘පින්වත, මම වනාහි මේ රජුට අයත් ඇල්හාලේ බත් ද, නොයෙක් ආකාරයෙන් මස් සකසා පිරිසිදුව, විවිධ අයුරෙන් රසකාරකද, මිශ්‍රකොට අනුභව කරමි. එනම්, උදර පෝෂණයෙහි ඇලී, ඉහත කී භෝජනය අනුභව කරමි. විමසන ලද ගුණයන් කරණ කොටගෙන, සෘෂිවරුන් විසින් ඇසුරු කළ දහම්, මම ඇසුරු නො කරමි’ යනුයි.

තං සුත්‍වා ඉතරො ද‍්වෙ ගාථා අභාසි –

ඒ අසා අනෙක් තැනැත්තා (බෝසත් තෙමේ) මේ ගාථා දෙක කීය.

“පරිබ‍්බජ මහා ලොකො, පචන‍්තඤ‍්ඤෙපි පාණිනො; මා තං අධම‍්මො ආචරිතො, අස‍්මා කුම‍්භමිවාභිදා.

3. ලෝකය විශාලය. මෙහෙන් ඉවත්ව යනු මෙහි ජීවත්වීමට වෙනත් අය (ඕනෑ තරම්) සිටිති. (ඔබ) ගත කළ අදැහැමි ජීවිතය ගලෙකින් (ගසා) කළයක් (විනාශ කරන්නාක් මෙන්) තා නො නසාවා.

“ධිරත්‍ථු තං යසලාභං, ධනලාභඤ‍්ච බ්‍රාහ‍්මණ; යා වුත‍්ති විනිපාතෙන, අධම‍්මචරණෙන වා”ති.

4. බමුණ, (අදැහැමින් ඔබ ලබාගත්) ඒ කීර්ති ලාභයට ද, ධන ලාභයට ද, අපායෙහි වැටීමට හේතුවන අධර්ම චරණයෙන් යුතු, යම් පැවැත්මක් වේ නම්, එයට ද නින්දා වේවා!

තත්‍ථ පරිබ‍්බජාති ඉතො අඤ‍්ඤත්‍ථ ගච‍්ඡ. මහාති අයං ලොකො නාම මහා. පචන‍්තඤ‍්ඤෙපි පාණිනොති ඉමස‍්මිං ජම‍්බුදීපෙ අඤ‍්ඤෙපි පාණිනො පචන‍්ති, නායමෙවෙකො රාජා. අස‍්මා කුම‍්භමිවාභිදාති පාසාණො ඝටං විය. ඉදං වුත‍්තං හොති – යං ත්‍වං අඤ‍්ඤත්‍ථ අගන‍්ත්‍වා ඉධ වසන‍්තො අධම‍්මං ආචරසි, සො අධම‍්මො එවං ආචරිතො පාසාණො ඝටං විය මා තං භින්‍දි.

මෙහි ‘පරිබ්බජා’ යනු ‘මෙයින් අන් තැනකට යව’, යන අදහසයි. ‘මහා’ යනු ‘මේ ලෝකය නම්, මහා එකෙකි’ යන අදහසයි. ‘පවන්තඤ්ඤෙපී’ නම් ‘මේ දඹදිව වෙනත් ප්‍රාණීහු ද වෙසෙති. එකම රජු මොහු පමණක් නොවේ යනුයි. ‘අස්මා කුම්භමිව’ යනු ‘ගලෙකින් ගසා, කළයක් බිඳින්නාක් මෙන්, යන අදහසයි. වෙනත් තැනකට නොගොස්, මෙහි වෙසෙමින් යම් අධර්මයක හැසිරේ’ය යනු මෙය කියන ලද්දේ වේ. ‘අධර්මයෙහි ඇලී ධර්මයට අගෞරව කිරීම, ගලකින් ගසා කළයක් බිඳින්නාක් මෙනි. එසේ නො කරව’ යන අදහසයි.

“ධිරත්‍ථූ”ති ගාථාය අයං සඞ‍්ඛෙපත්‍ථො – බ්‍රාහ‍්මණ යො එස එවං තව යසලාභො ච ධනලාභො ච ධිරත්‍ථු, තං ගරහාම මයං. කස‍්මා? යස‍්මා අයං තයා ලද‍්ධලාභො ආයතිං අපායෙසු විනිපාතනහෙතුනා සම‍්පති ච අධම‍්මචරණෙන ජීවිතවුත‍්ති නාම හොති, යා චෙසා වුත‍්ති ඉමිනා ආයතිං විනිපාතෙන ඉධ අධම‍්මචරණෙන වා නිප‍්පජ‍්ජති, කිං තාය, තෙන තං එවං වදාමීති.

‘ධීරත්‍ථු’ යන ගාථාවේ අර්ථය සැකෙවින් මෙසේය. ‘බමුණ, ඔබගේ යම්බඳු වූ කීර්ති ලාභයක් වේ ද, යම් ධන ලාභයක් වේද? එයට නින්දා වේවා! අපි එය ගරහමු. කුමක් නිසා ද? ඔබ විසින් මේ ලාභය වූ කලී මතුවට, අපායයන්හි වැටීමට හේතුවන, දැනුදු නො දැහැමි හැසිරීමෙන් ගොඩනඟා ගත්, ජීවිත වෘත්තිය නිසාය. එය යම්බඳු වූ වෘත්තියක්ද? මේ වෘත්තියෙන්, මත්තෙහි නපුරු දුක් විඳීමට හේතු වන, මේ අධර්ම චරණයෙන් නිරයට වැටෙන්නේ නම්, එම වෘත්තියෙන් කවර ප්‍රයෝජනයක්ද? එබැවින් එය මෙසේ කියමි යන අදහසයි.

අථස‍්ස ධම‍්මකථාය රාජා පසීදිත්‍වා “භො, පුරිස, කිංජාතිකොසී”ති පුච‍්ඡි. “චණ‍්ඩාලො අහං, දෙවා”ති. භො “සචෙ ත්‍වං ජාතිසම‍්පන‍්නො අභවිස‍්ස, රජ‍්ජං තෙ අහං අදස‍්සං, ඉතො පට‍්ඨාය පන අහං දිවා රාජා භවිස‍්සාමි, ත්‍වං රත‍්තිං රාජා හොහී”ති අත‍්තනො කණ‍්ඨෙ පිළන්‍ධනං පුප‍්ඵදාමං තස‍්ස ගීවායං පිළන්‍ධාපෙත්‍වා තං නගරගුත‍්තිකං අකාසි. අයං නගරගුත‍්තිකානං කණ‍්ඨෙ රත‍්තපුප‍්ඵදාමපිළන්‍ධනවංසො. තතො පට‍්ඨාය පන රාජා තස‍්සොවාදෙ ඨත්‍වා ආචරියෙ ගාරවං කරිත්‍වා නීචෙ ආසනෙ නිසින‍්නො මන‍්තෙ උග‍්ගණ‍්හීති.

ඉක්බිති ඔහුගේ දැහැමි කතාවට පැහැදුණු, රජතුමා පින්වත් පුරුෂය, ඔබ කුලයෙන් කවරෙක් දැයි ඇසීය. පිළිතුරු ලෙසින් ‘දේවයන් වහන්ස, මම සැඩොලෙක්මි’යි ඔහු කීය. “පින්වත, යම් විදියකින් ඔබ කුලීන පුද්ගලයෙක් වූයේ නම්, ඔබට මාගේ රාජ්‍යය පවරා දෙන්නෙමි. එසේ වුවත්, මෙතැන් පටන් මම දවල් කාලයට පමණක් රජ වෙමි. ඔබ රාත්‍රී කාලයෙහි රජු යැ’යි පවසා, රජතුමා තම ගෙල පැළැඳි මල්දම, ඔහුගේ බෙල්ලෙහි පළඳවා, ඔහු නගරාධිපතිවරයා බවට පත් කෙළේය. රත්පැහැති මල්දම්, නගරාධිපතිවරුන්ගේ ගෙල පැලඳීම ආරම්භ වූයේ, එදා සිටය. එනම් එතැන් සිට පැවතෙන සිරිතකි. එතැන් පටන් රජතුමා, සැඩොල් තරුණයාගේ අවවාදයෙහි පිහිටා, ගුරුවරයා කෙරෙහි ගෞරවයෙන්, මිටි අසුනක හිඳ මන්ත්‍ර උගත්තේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි “තදා රාජා ආනන්‍දො අහොසි, චණ‍්ඩාලපුත‍්තො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. එදා රජු නම්, ආනන්ද තෙරණුවෝය. සැඩොල් පුත්‍රයා වනාහි, ‘මම් ම වේදැ’යි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දක්වා වදාළ සේක.

ඡවජාතකවණ‍්ණනා නවමා.