10. සෙය්යජාතකවණ්ණනා 310 අට්ඨකථා
10. සෙය්යජාතකවණ්ණනා (310)
10. සය්හ ජාතකය (310)
සසමුද්දපරියායන්ති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො උක්කණ්ඨිතභික්ඛුං ආරබ්භ කථෙසි. සො හි සාවත්ථියං පිණ්ඩාය චරන්තො එකං අභිරූපං අලඞ්කතපටියත්තං ඉත්ථිං දිස්වා උක්කණ්ඨිතො සාසනෙ නාභිරමි. අථ භික්ඛූ භගවතො ආරොචෙසුං. සො භගවතා “සච්චං කිර ත්වං භික්ඛු උක්කණ්ඨිතොසී”ති පුට්ඨො “සච්චං, භන්තෙ”ති වත්වා “කො තං උක්කණ්ඨාපෙසී”ති වුත්තෙ තමත්ථං ආරොචෙසි. සත්ථා “කස්මා ත්වං එවරූපෙ නිය්යානිකසාසනෙ පබ්බජිත්වා උක්කණ්ඨිතොසි, පුබ්බෙ පණ්ඩිතා පුරොහිතට්ඨානං ලභන්තාපි තං පටික්ඛිපිත්වා පබ්බජිංසූ”ති වත්වා අතීතං ආහරි.
‘සසමුද්දපරියායං’ යන මේ ගාථා කොටස දැක්වෙන ජාතක කථාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වෙසෙන සමයෙහි, කලකිරුණු භික්ෂුවක් අරබයා වදාළ සේක. ඒ භික්ෂුව වූ කලී, සැවතෙහි පිඬු පිණිස හැසිරෙන විට, සුරූපී වූ එක් ස්ත්‍රියක් දැක, ඉන් සිත කලකිරී, සසුනෙහි අනභිරතියක් (නො ඇල්මක්) උපදවාගෙන විසීය. එය දැනගත් සෙසු භික්ෂූහු, ඉහත කී භික්ෂුව බුදුරදුන් හමුවට කැඳවා ගෙන ගියහ. බුදුරජාණන් වහන්සේ ‘මහණ, ඔබ සසුනෙහි කලකිරුණු බව ඇත්තක්දැ’යි ඇසූ සේක. ‘ස්වාමීනි, එසේයැ’යි, භික්ෂුව උත්තර දුන්නේය. ‘මහණ, ඔබ කලකිරුණේ කුමක් නිසා දැ’යි, ඇසූ මෙම පැනයට පිළිතුරු ලෙසින්, ඒ භික්ෂුව තම සිත් තැවුලට හේතු වූ සියල්ල, බුදුහිමි ඉදිරියෙහි පැහැදිලි කෙළේය. එවිට බුදුරජාණන් වහන්සේ ඔබ නිවන් පමුණුවන මෙබඳු සසුනක මහණව, කුමන අභාග්‍යයක් නිසා, සිත කලකිරවා ගත්තෙහිද? පෙර පඬිවරු තමන්ට ලැබුණු පුරෝහිත තනතුරු පවා ප්‍රතික්ෂේප කොට, පැවිදිබව කැමති වූහ’යි වදාරා, මේ අතීත කථාව මෙසේ දැක්වූහ.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො පුරොහිතස්ස බ්රාහ්මණියා කුච්ඡිම්හි පටිසන්ධිං ගණ්හිත්වා රඤ්ඤො පුත්තෙන සද්ධිං එකදිවසෙ විජායි. රාජා “අත්ථි නු ඛො කොචි මෙ පුත්තෙන සද්ධිං එකදිවසෙ ජාතො”ති අමච්චෙ පුච්ඡි. “අත්ථි, මහාරාජ, පුරොහිතස්ස පුත්තො”ති. රාජා තං ආහරාපෙත්වා ධාතීනං දත්වා පුත්තෙන සද්ධිං එකතොව පටිජග්ගාපෙසි. උභින්නං ආභරණානි චෙව පානභොජනාදීනි ච එකසදිසානෙව අහෙසුං. තෙ වයප්පත්තා එකතොව තක්කසිලං ගන්ත්වා සබ්බසිප්පානි උග්ගණ්හිත්වා ආගමංසු. රාජා පුත්තස්ස ඔපරජ්ජං අදාසි, මහායසො අහොසි. තතො පට්ඨාය බොධිසත්තො රාජපුත්තෙන සද්ධිං එකතොව ඛාදති පිවති සයති, අඤ්ඤමඤ්ඤං විස්සාසො ථිරො අහොසි.
අතීතයෙහි බරණැස බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ පුරෝහිත බ්‍රාහ්මණ බිරියගේ කුස පිළිසිඳ ගත්තේය. මේ බෝසත් බ්‍රාහ්මණ කුමාරයාත්, බඹදත් රජුගේ පුත් කුමාරයාත් යන දෙදෙනා ම එකම දිනයක උපන්හ. එදා රජතුමා ඇමතියන් අමතා අප රට තුළ මාගේ පුත්‍රයා හා එදා ම උපන් කවර දරුවෙක් හෝ ඇද්දැ’යි විමසීය. එහිදී පුරෝහිතයාගේ පුත් කුමරුන් ද එදිනම උපන්නකු බව ඇමතියන් වෙතින් දැනගත් රජතුමා, පුරෝහිතයාගේ කැමැත්ත මත, ඒ කුමරුවා ද රජගෙට ගෙන්වා, කිරි මව්වරුන් ලවා, කුමාරවරුන් දෙදෙනා ම මාලිගය තුළ ම තබා, පෝෂණය කරවීය. මේ කුමාරවරුන් දෙදෙනාගේ ම ආභරණ ද, කෑම බීම ආදියද එකක්ම විය. පසුව නිසිවියට එළඹි ඔවුහු දෙදෙනා එක්වම තක්ෂිලාවට ගොස්, සියලු ශිල්ප හදාරා නිමාකොට, පෙරළා පැමිණියහ. අනතුරුව රජතුමා සිය පුත්‍රයාට මහා යසස් සහිතව යුවරජ තනතුර ප්රදානය කෙළේය. එතැන් සිට වුවද, බෝසත් තෙමේ රාජ පුත්‍රයා සමගම එකට කෑම බීම නිදීම කරයි. මොවුන් දෙදෙනා තුළ වැඩුණු විශ්වාසය දැඩි ද ස්ථිර ද විය.
අපරභාගෙ රාජපුත්තො පිතු අච්චයෙන රජ්ජෙ පතිට්ඨාය මහාසම්පත්තිං අනුභවි. බොධිසත්තො චින්තෙසි “මය්හං සහායො රජ්ජමනුසාසති, සල්ලක්ඛිතක්ඛණෙයෙව ඛො පන මය්හං පුරොහිතට්ඨානං දස්සති, කිං මෙ ඝරාවාසෙන, පබ්බජිත්වා විවෙකමනුබ්රූහෙස්සාමී”ති? සො මාතාපිතරො වන්දිත්වා පබ්බජ්ජං අනුජානාපෙත්වා මහාසම්පත්තිං ඡඩ්ඩෙත්වා එකකොව නික්ඛමිත්වා හිමවන්තං පවිසිත්වා මනොරමෙ භූමිභාගෙ පණ්ණසාලං මාපෙත්වා ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා අභිඤ්ඤා ච සමාපත්තියො ච නිබ්බත්තෙත්වා ඣානකීළං කීළන්තො විහාසි. තදා රාජා තං අනුස්සරිත්වා “මය්හං සහායො න පඤ්ඤායති, කහං සො”ති පුච්ඡි. අමච්චා තස්ස පබ්බජිතභාවං ආරොචෙත්වා “රමණීයෙ කිර වනසණ්ඩෙ වසතී”ති ආහංසු. රාජා තස්ස වසනොකාසං පුච්ඡිත්වා සෙය්යං නාම අමච්චං “ගච්ඡ සහායං මෙ ගහෙත්වා එහි, පුරොහිතට්ඨානමස්ස දස්සාමී”ති ආහ. සො “සාධූ”ති පටිස්සුණිත්වා බාරාණසිතො නික්ඛමිත්වා අනුපුබ්බෙන පච්චන්තගාමං පත්වා තත්ථ ඛන්ධාවාරං ඨපෙත්වා වනචරකෙහි සද්ධිං බොධිසත්තස්ස වසනොකාසං ගන්ත්වා බොධිසත්තං පණ්ණසාලද්වාරෙ සුවණ්ණපටිමං විය නිසින්නං දිස්වා වන්දිත්වා එකමන්තං නිසීදිත්වා කතපටිසන්ථාරො “භන්තෙ, රාජා තුය්හං පුරොහිතට්ඨානං දාතුකාමො, ආගමනං තෙ ඉච්ඡතී”ති ආහ.
පසුකලෙක පියාගේ ඇවෑමෙන් රජ පැමිණි යුවරජතුමා, මහත් සම්පත් අනුභව කළේය. දිනක් ඒ සම්බන්ධව බෝසත් තෙමේ, ‘මාගේ මිත්‍රයා රජය කරවයි සුලු මතක් කිරීමෙකින්, පුරෝහිත තනතුර මට පවරනු ඒකාන්තය. එසේ වුවද මේ ගිහි ගෙයි විසීමෙන් මට කවර ප්‍රයෝජනයක්ද? එබැවින් පැවිදිව බවුන් වඩන්නෙමි’යි සිතුවේය. මෙසේ සිතූ බෝසත් කුමරා, මවුපියන් වැඳ පැවිද්දට අවසර ගෙන, මහත් සම්පත් හැර දමා, තනිවම නික්ම හිමවතට පිවිස, මනරම් බිම්කඩෙක පන්සලක් තනාගෙන, සෘෂි පැවිද්දෙන් පැවිදිව, අභිඥාවන් ද සමාපත්තීන් ද උපදවා ගෙන ධ්‍යාන සුවයෙන් විසීය. එකල්හි රජතුමා ‘තම මිත්‍රයා තමා හමුවට නො එන්නේ මන්දැ’යි, ඔහු සිහිකොට ‘ඔහු පෙනෙන්නට නැත්තේ කුමක් නිසාද? ඔහු කොහි ගියේදැ’යි ඇමැතියන්ගෙන් විමසීය. ඇමතිවරු, ඔහු පැවිදිව වන ලැහැබ් සහිත රමණීය භූමි භාගයක වෙසෙන බව රජුට දැනුම් දුන්හ. රජතුමා තම මිතුරා වසන තැන විමසා දැන, ‘සය්හ’ නම් වූ තම ඇමැතියකු කැඳවා, ‘යව, මාගේ මිතුරා මෙහි වහා කැඳවාගෙන එව, ඔහුට පුරෝහිතකම දෙන්නෙමි’යි මගසලකුණු කියා දී, පිටත්කොට යැවීය. ‘යහපතැ’යි පිළිගත් ‘සය්හ’ නම් ඇමතියා බරණැසින් නික්ම පිළිවෙලින් පසල් ගමට පැමිණ එහි කඳවුරු බැඳ තම පිරිස එහි නවත්වා, එතැන් සිට වැද්දන් සමග බෝසතුන් වසන වන ගැබට ඇතුල්ව, බෝසතුන්ගේ පන්සල සොයා ඇවිදින්නට පටන් ගත්තේය. අවසානයේදී පන්සල සොයාගෙන එහි ළඟා වූ, ඔහුට පන්සල් දොරටුවේදීම රන්පිළිමයක් සේ වැඩහිඳින බෝසතාණන් වහන්සේ දක්නට ලැබුණි. ඉන් සතුටු වූ ඇමැතියා බෝසතුන් වැඳ, එකත්පස්ව හිඳ, පිළිසඳර කථාකොට මෙසේ පැවසීය. ‘ස්වාමීනි, අපේ රජතුමා ඔබතුමාට පුරෝහිත තනතුර ප්රදානය කිරීමට අපේක්ෂාවෙන්, ඔබේ පැමිණීම බලාපොරොත්තුව සිටී’ යනුවෙනි.
බොධිසත්තො “තිට්ඨතු පුරොහිතට්ඨානං, අහං සකලං කාසිකොසලජම්බුදීපරජ්ජං චක්කවත්තිසිරිමෙව වා ලභන්තොපි න ගච්ඡිස්සාමි, න හි පණ්ඩිතා සකිං ජහිතකිලෙසෙ පුන ගණ්හන්ති, සකිං ජහිතඤ්හි නිට්ඨුභඛෙළසදිසං හොතී”ති වත්වා ඉමා ගාථා අභාසි –
මෙය ඇසූ බෝසත් තෙමේ, ‘ඇමැතිතුමනි, පුරෝහිත තනතුර නොව, කාසි-කෝසල ඇතුළු දඹදිව රාජ්‍යයම හෝ, සක්විති රජකම හෝ දුන්නත් එය පිළිගැනීමට නොයන්නෙමි. ‘පඬිවරු වූ කලී, තමන් අත්හළ කෙලෙස් නැවත ගැනීම, ඉවත දමන ලද කෙල මෙන්, සලකති’යි පවසා මේ ගාථා ප්‍රකාශ කළේය.
“සසමුද්දපරියායං, මහිං සාගරකුණ්ඩලං; න ඉච්ඡෙ සහ නින්දාය, එවං සෙය්‍ය විජානහි.
ස සමුද්ද පරියායං - මහිං සාගර කුණ්ඩලං, න ඉච්ඡෙ සභනින්දාය - එවං සය්හ විජානහි
සමුදුර වටකොට සිටි, සමුදුරට කුණ්ඩලාභරණයක් වැනි වූ, මහපොළොව නින්දා සහගතවම නො කැමති වෙමි. සය්හ, මෙසේ දනුව.
“ධිරත්ථු තං යසලාභං, ධනලාභඤ්ච බ්‍රාහ්මණ; යා වුත්ති විනිපාතෙන, අධම්මචරණෙන වා.
2. ‘බමුණ, ඒ යසස් ලාභයටත් ධන ලාභයටත්, නින්දා වේවා! අපායෙහි වැටීමට හේතු වන අධර්ම චරණයෙන් යම් පැවැත්මක් වේ නම්, එයට ද නින්දා වේවා!
“අපි චෙ පත්තමාදාය, අනගාරො පරිබ්බජෙ; සායෙව ජීවිකා සෙය්යො, යා චාධම්මෙන එසනා.
3. ඉදින් පාත්‍රයක් ගෙන, අනගාරිකව තැන තැන යම්ද? අධර්මයෙන් සොයා ගන්නා දැයට වඩා එම ජීවිකාවම උතුම්ය.
“අපි චෙ පත්තමාදාය, අනගාරො පරිබ්බජෙ; අඤ්ඤං අහිංසයං ලොකෙ, අපි රජ්ජෙන තං වර”න්ති.
4. ඉදින් ලෝකයෙහි අනෙකකුට හිංසා නො කරමින්, පාත්‍රයක් ගෙන අනගාරිකව, තැන තැන ඇවිදිම්ද? එය රාජ්‍යයකට වඩා උතුම් ය.
තත්ථ සසමුද්දපරියායන්ති පරියායො වුච්චති පරිවාරො, සමුද්දං පරිවාරෙත්වා ඨිතෙන චක්කවාළපබ්බතෙන සද්ධිං, සමුද්දසඞ්ඛාතෙන වා පරිවාරෙන සද්ධින්ති අත්ථො. සාගරකුණ්ඩලන්ති සාගරමජ්ඣෙ දීපවසෙන ඨිතත්තා තස්ස කුණ්ඩලභූතන්ති අත්ථො. නින්දායාති ඣානසුඛසම්පන්නං පබ්බජ්ජං ඡඩ්ඩෙත්වා ඉස්සරියං ගණ්හීති ඉමාය නින්දාය. සෙය්යාති තං නාමෙනාලපති. විජානහීති ධම්මං විජානාහි. යා වුත්ති විනිපාතෙනාති යා පුරොහිතට්ඨානවසෙන ලද්ධා යසලාභධනලාභවුත්ති ඣානසුඛතො අත්තවිනිපාතනසඞ්ඛාතෙන විනිපාතෙන ඉතො ගන්ත්වා ඉස්සරියමදමත්තස්ස අධම්මචරණෙන වා හොති, තං වුත්තිං ධිරත්ථු.
මෙහි ‘සසමුද්ද පරියායං’ යන්නෙහි ‘පරියාය නම් පිරිවරා ගැනීමය’යි, කියන ලදි. ‘සමුදුර වටකොට සිටි චක්‍රවාල පර්වතය සමග හෝ, සමුද්‍ර සංඛ්‍යාත පිරිවර සමග’ යන අර්ථයි. ‘මහිං සාගරකුණ්ඩලං’ යනු ‘සාගරය මැද දිවයිනක් වශයෙන් පිහිටි බැවින්, එයට කුණ්ඩලාභරණයක් වී යැ’යි යන අර්ථයි. ‘නින්දාය’ යනු ධ්‍යාන සුවයෙන් යුත් පැවිද්ද හැර දමා, වස්තුව ගත්තේය යන මේ නින්දාවෙන් යන අර්ථයි. ‘සය්හ’ යන නමින් ඔහු අමතයි යනුයි. ‘විජානහි’ යනු ‘ධර්මය දනුව’ යන අදහසයි. ‘යාවූත්ති විනිපාතෙන’ යනු පුරෝහිත තනතුර වශයෙන් ලද්දා වූ, ධ්‍යාන සුවයෙන් තමා පහතට ඇද දමන සුලු, විනිපාතයෙන් යුක්ත වූ ද, කීර්ති ලාභ - ධන ලාභ වෘත්තියයි. මෙතැනින් පිටව ගොස් ඉසුරු මදයෙන් මත් වූවහුගේ අධර්ම චරණයෙන් යුතු පැවැත්මට නින්දා වේවා යන අර්ථයි.
පත්තමාදායාති භික්ඛාභාජනං ගහෙත්වා. අනගාරොති අපි අහං අගාරවිරහිතො පරකුලෙසු චරෙය්යං. සායෙව ජීවිකාති සා එව මෙ ජීවිකා සෙය්යො වරතරා. යා චාධම්මෙන එසනාති යා ච අධම්මෙන එසනා. ඉදං වුත්තං හොති – යා අධම්මෙන එසනා, තතො එසාව ජීවිකා සුන්දරතරාති. අහිංසයන්ති අවිහෙඨෙන්තො. අපි රජ්ජෙනාති එවං පරං අවිහෙඨෙන්තො කපාලහත්ථස්ස මම ජීවිකකප්පනං රජ්ජෙනාපි වරං උත්තමන්ති.
‘පත්තමාදාය’ නම් ‘භික්ෂා පාත්‍රය රැගෙන’ යනුයි. ‘අනාගාරො’ නම්, ‘මම අනගාරිකව අන් නිවෙස්හි හැසිරෙන්නෙම් නම්’ යනුයි. ‘සායෙවජීවිකා’ නම් ‘මාගේ එම දිවි පැවැත්ම ම උතුම්ය. ශ්‍රේෂ්ඨ ය යනුයි. ‘යාචාධම්මෙන’ යනු ‘අධර්මයෙන් යමක් සෙවීමයි. මෙසේ ද කියන ලද්දේ වේ. අධර්මයෙන් යම් සෙවීමක් වේ නම් ඊට වඩා මේ ජීවිකාවම සුන්දරතරය යනුයි. ‘අහිංසයං’ යනු ‘හිසං නො කෙරෙමින්’ යන අදහසයි. ‘අපිරජ්ජෙන’ යනු ‘මෙසේ අනුන්ට හිංසා නො කොට කබලක් අතින් ගත් මගේ ජීවිකාව රාජ්‍ය ලාභයකටත් වඩා උතුම් ය’ යන අදහසයි.
ඉති සො පුනප්පුනං යාචන්තම්පි තං පටික්ඛිපි. සෙය්යොපි තස්ස මනං අලභිත්වා තං වන්දිත්වා ගන්ත්වා තස්ස අනාගමනභාවං රඤ්ඤො ආරොචෙසි.
මෙසේ නැවත නැවත ආයාචනා කරනු ලැබුවත් හෙතෙම එය ප්‍රතික්ෂේප කෙළේය. සය්හ නමැත්තා ද, ඔහුගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබ, ඔහුට නමස්කාර කොට, පිටත්ව රජු වෙතට ගොස්, බෝසතුන්ගේ නො පැමිණීම සැල කෙළේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි, සච්චපරියොසානෙ උක්කණ්ඨිතභික්ඛු සොතාපත්තිඵලෙ පතිට්ඨහි, අපරෙපි බහූ සොතාපත්තිඵලාදීනි සච්ඡිකරිංසු.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා සත්‍යය පැහැදිලි කොට ජාතකය නිමවා වදාළ සේක. දේශනාව අවසානයේදී, ඉහත කී කලකිරුණු භික්ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. එහි සිටි තවත් බොහෝ දෙනා සෝවාන් ආදී මාර්ග ඵලවලට පත්වූහ.
තදා රාජා ආනන්දො අහොසි, සෙය්යො සාරිපුත්තො, පුරොහිතපුත්තො පන අහමෙව අහොසින්ති.
එකල්හී, රජතුමා වූ කලී, ආනන්ද තෙරුන් වහන්සේය. සය්හ ඇමතියා නම් සැරියුත් තෙරණුවෝය. පුරෝහිත පුත්‍රයා වනාහී, ‘මම ම වූයෙමැ’යි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දක්වා වදාළ සේක.
සෙය්යජාතකවණ්ණනා දසමා.
කාලිඞ්ගවග්ගො පඨමො.
පළමුවන විවර වර්ගය (කාලිංග වර්ගය) යි.