යෙදුමෙන් කියවන්න

1. පුචිමන්‍දජාතකවණ‍්ණනා 311 අට‍්ඨකථා

1. පුචිමන්‍දජාතකවණ‍්ණනා (311)

1. පුචිමන්ද ජාතකය (311)

උට‍්ඨෙහි චොරාති ඉදං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො ආයස‍්මන‍්තං මහාමොග‍්ගල‍්ලානං ආරබ‍්භ කථෙසි. ථෙරෙ කිර රාජගහං උපනිස‍්සාය අරඤ‍්ඤකුටිකාය විහරන‍්තෙ එකො චොරො නගරද‍්වාරගාමෙ එකස‍්මිං ගෙහෙ සන්‍ධිං ඡින්‍දිත්‍වා හත්‍ථසාරං ආදාය පලායිත්‍වා ථෙරස‍්ස කුටිපරිවෙණං පවිසිත්‍වා “ඉධ මය‍්හං ආරක‍්ඛො භවිස‍්සතී”ති ථෙරස‍්ස පණ‍්ණසාලාය පමුඛෙ නිපජ‍්ජි. ථෙරො තස‍්ස පමුඛෙ සයිතභාවං ඤත්‍වා තස‍්මිං ආසඞ‍්කං කත්‍වා “චොරසංසග‍්ගො නාම න වට‍්ටතී”ති නික‍්ඛමිත්‍වා “මා ඉධ සයී”ති නීහරි. සො චොරො තතො නික‍්ඛමිත්‍වා පදං මොහෙත්‍වා පලායි. මනුස‍්සා උක‍්කං ආදාය චොරස‍්ස පදානුසාරෙන තත්‍ථ ආගන‍්ත්‍වා තස‍්ස ආගතට‍්ඨානඨිතට‍්ඨානනිසින‍්නට‍්ඨානසයිතට‍්ඨානාදීනි දිස‍්වා “චොරො ඉතො ආගතො, ඉධ ඨිතො, ඉධ නිසින‍්නො, ඉමිනා ඨානෙන අපගතො, න දිට‍්ඨො නො”ති ඉතො චිතො ච පක‍්ඛන්‍දිත්‍වා අදිස‍්වාව පටිගතා. පුනදිවසෙ ථෙරො පුබ‍්බණ‍්හසමයං රාජගහෙ පිණ‍්ඩාය චරිත්‍වා පිණ‍්ඩපාතපටික‍්කන‍්තො වෙළුවනං ගන‍්ත්‍වා තං පවත‍්තිං සත්‍ථු ආරොචෙසි. සත්‍ථා “න ඛො, මොග‍්ගල‍්ලාන, ත්‍වඤ‍්ඤෙව ආසඞ‍්කිතබ‍්බයුත‍්තකං ආසඞ‍්කි, පොරාණකපණ‍්ඩිතාපි ආසඞ‍්කිංසූ”ති වත්‍වා ථෙරෙන යාචිතො අතීතං ආහරි.

‘උට්ඨෙහි චොර’ යන මේ ගාථා කොටස ඇතුළත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ විසින් වේළුවනාරාමයේ දී මහ මුගලන් තෙරුන් ඇරැබ වදාරන ලදි. මුගලන් තෙරණුවෝ එක් කලෙක රජගහ නුවර සමීපයේ, කැලෑබද කුටියක වාසය කෙරෙති. දිනක් එක් සොරෙක් නගරයෙහි වාසල් දොරටුව සමීප ගමක, එක් ගෙයක බිත්ති මුල්ලක් බිඳ, එම ගෙයින් අතේ ගෙන යාහැකි පමණක්, වටිනා වස්තු සොරකම් කොට ගෙන, පලා යන අතර මුගලන් තෙරුන්ගේ පන්සලට පිවිස, ‘මෙතැන මට කදිම ආරක්ෂිත ස්ථානයකි’යි සිතා පන්සල තුළම වැද හොත්තේය. එවිට තෙරුන් වහන්සේ තම සයනය ඉදිරිපිට වැටී නිදන ඔහු දැක ඔහු කෙරෙහි සැක කොට, ‘සොරුන් සමග එක්ව විසීම වූ කලී නුසුදුසු ක්‍රියාවෙකැ’යි කල්පනා කොට, ඔහු වෙත ගොස්, ‘මෙහි නො නිදව’ යි බැහැර කළේය. ඒ සොරා ද පියවර සටහන් පමණක් ඉතිරි කොට තබා, සෙස්ස ගෙන පලා ගියේය. ඉහත කී ගමේ මිනිස්සු පන්දම් දල්වාගෙන සොරාගේ පා සලකුණු අනුව, පන්සලට පැමිණ, සොරා ඇවිදපු තැන් ද, සිටි තැන් ද, වාඩි වූ හා නිදාගත් තැන් ද, විමසා බලා, ස්ථිර වශයෙන්ම ‘ඔහු මෙතැනින් පැන ගියා විය යුතුයැ’යි ඒ මේ අත ඇවිද, සොරා සොයා ගත නොහැකිව, ආපසු හැරී ගියහ. ඊට පසු දින මුගලන් තෙරුන් වහන්සේ, පෙරවරුයෙහි රජගහ නුවර පිඬු පිණිස හැසිර, ඉන් අනතුරුව වේළුවනාරාමයට වැඩ, සොරා ගැන පුවත බුදුරජාණන් වහන්සේට සැල කළහ. එවිට උන්වහන්සේ ‘මොග්ගල්ලානය, සැක කළ යුතු තැන, එසේ කළේ ඔබ පමණක් නොවේ. පෙර පඬිවරු පවා එසේ කළහ’යි, වදාරා මුගලන් තෙරුන් විසින් ආරාධනා කරන ලදුව මේ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො නගරස‍්ස සුසානවනෙ නිම‍්බරුක‍්ඛදෙවතා හුත්‍වා නිබ‍්බත‍්ති. අථෙකදිවසං නගරද‍්වාරගාමෙ කතකම‍්මචොරො තං සුසානවනං පාවිසි. තදා ච පන තත්‍ථ නිම‍්බො ච අස‍්සත්‍ථො චාති ද‍්වෙ ජෙට‍්ඨකරුක‍්ඛා. චොරො නිම‍්බරුක‍්ඛමූලෙ භණ‍්ඩිකං ඨපෙත්‍වා නිපජ‍්ජි. තස‍්මිං පන කාලෙ චොරෙ ගහෙත්‍වා නිම‍්බසූලෙ උත‍්තාසෙන‍්ති. අථ සා දෙවතා චින‍්තෙසි “සචෙ මනුස‍්සා ආගන‍්ත්‍වා ඉමං චොරං ගණ‍්හිස‍්සන‍්ති, ඉමස‍්සෙව නිම‍්බරුක‍්ඛස‍්ස සාඛං ඡින්‍දිත්‍වා සූලං කත්‍වා එතං උත‍්තාසෙස‍්සන‍්ති, එවං සන‍්තෙ රුක‍්ඛො නස‍්සිස‍්සති, හන්‍ද නං ඉතො නීහරිස‍්සාමී”ති. සා තෙන සද‍්ධිං සල‍්ලපන‍්තී පඨමං ගාථමාහ –

අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ නාගරික සුසාන භූමියෙහි පිහිටි, එක් කොසඹ ගසක වෘක්‍ෂ දේවතාවෙක්ව උපන්නේය. ඉක්බිති එක් දවසක් වාසල් දොරටුව සමීප ගමක, සොරකමක් කළ සොරෙක් ආරක්ෂාව සඳහා, එම සුසාන භූමියට පැන ගත්තේය. සුසාන භූමියෙහි ඉහත කී කොසඹ ගස සමීපයෙහි, බෝගසක් ද විය. එම බෝ ගසෙහි ද වෘක්‍ෂ දේවතාවෙක් විසීය. සොහොන් බිමට පැමිණි සොරා, කොසඹ ගස මුල සොර බඩු පොදිය තබා, එහිම වැද හොත්තේය. මෙකල සොරෙකු අසු වූ විට, උල තැබීම සිරිතකි. එම උල තැබීමෙහි දී උල වශයෙන් භාවිත කෙරෙනුයේ බහුල වශයෙන් ම කොසඹ ගසකි. එනිසා කොසඹ ගසෙහි සිටි දේවතාවා, බිම නිදන සොරා දෙස බලා, ‘යම් විදියකින් ගමේ මිනිස්සු මෙහි අවුත් සොරා අල්ලාගෙන, මා වෙසෙන මේ කොසඹ ගසේම අතු සිඳ දමා, ගසේ මුදුන උල්කොට, උල තබන්නට සැරසුනහොත්, කොසඹ ගස විනාශ වන්නේය. එබැවින් ‘මොහු මෙතනින් පලවා හරින්නෙමැ’යි සිතා නිදන සොරාට කතාකොට මේ ගාථාව කීය.

“උට‍්ඨෙහි චොර කිං සෙසි, කො අත්‍ථො සුපනෙන තෙ; මා තං ගහෙසුං රාජානො, ගාමෙ කිබ‍්බිසකාරක”න‍්ති.

උට්ඨෙහි චොරං සෙසි - කො අත්‍ථො සුපිතෙන තෙ, මාතං ගහෙසුංරාජානො - ගාමෙ කිංඛිස කාරකන්ති

අන්සතු දේ පැහැර ගන්නා තැනැත්තා, නැගිටුව, නිදින්නේ කුමටද? නිදා ගැනීමට තට කවර සෙතක්ද? රජවරු ගමේ නපුරුකම් කළ තා අල්ලා නො ගනිත්වා.

තත්‍ථ රාජානොති රාජපුරිසෙ සන්‍ධාය වුත‍්තං. කිබ‍්බිසකාරකන‍්ති දාරුණසාහසිකචොරකම‍්මකාරකං.

මෙහි ‘රාජානො’ යනු ‘රාජ පුරුෂයන්’ සඳහා කියන ලදි. ‘කිබ්බිසකාරකං’ යනු ‘දරුණු වූද සාහසික වූද සොරකම් කළ’ යන අර්ථයි.

ඉති නං වත්‍වා “යාව තං රාජපුරිසා න ගණ‍්හන‍්ති, තාව අඤ‍්ඤත්‍ථ ගච‍්ඡා”ති භායාපෙත්‍වා පලාපෙසි. තස‍්මිං පලාතෙ අස‍්සත්‍ථදෙවතා දුතියං ගාථමාහ –

මෙසේ ඔහුට කියා, ‘රාජ පුරුෂයන් තෝ අල්ලා ගැනීමට පෙර අන්තැනකට යව’යි, බියට පත්කොට පලවා හැරියේය. ඔහු පලා ගිය කල්හි, ඇසතු (බෝ) ගසේ සිටි දේවතාවා, මේ දෙවන ගාථාව කී ය.

“යං නු චොරං ගහෙස‍්සන‍්ති, ගාමෙ කිබ‍්බිසකාරකං; කිං තත්‍ථ පුචිමන්‍දස‍්ස, වනෙ ජාතස‍්ස තිට‍්ඨතො”ති.

2. ‘ගමේ නපුරුකම් කළ සොරකු (රාජ පුරුෂයෝ) අල්ලා ගනිති’ යන යමක් වේ නම්, එහි ලා වනයෙහි හටගෙන ඇති කොසඹ ගසෙක වෙසෙන දෙවියාට ඇති ප්‍රශ්නය කුමක්ද?

තත්‍ථ වනෙ ජාතස‍්ස තිට‍්ඨතොති නිම‍්බො වනෙ ජාතො චෙව ඨිතො ච. දෙවතා පන තත්‍ථ නිබ‍්බත‍්තත‍්තා රුක‍්ඛසමුදාචාරෙනෙව සමුදාචරි.

මෙහි ‘වනෙ ජාතස්ස තිට්ඨතො’ යනු ‘වනේ ඇති කොසඹ ගස එහිම හටගත්තකි. දේවතාවා වනාහි එහිම උපන් බැවින් ගසේ ව්‍යවහාරයෙන්ම ඇමතීය’, යන අර්ථයි.

තං සුත්‍වා නිම‍්බදෙවතා තතියං ගාථමාහ –

ඒ අසා කොසඹ ගසේ වෙසෙන දෙවියා, මේ ගාථාව කීය.

“න ත්‍වං අස‍්සත්‍ථ ජානාසි, මම චොරස‍්ස චන‍්තරං; චොරං ගහෙත්‍වා රාජානො, ගාමෙ කිබ‍්බිසකාරකං; අප‍්පෙන‍්ති නිම‍්බසූලස‍්මිං, තස‍්මිං මෙ සඞ‍්කතෙ මනො”ති.

3. ඇසතු දේවය, මගෙත් සොරාගේත් වෙනස නුඹ නො දනිහිද? රජවරු ගමේ සොරකම් කළ, සොරකු අසුවූ විට, ඔහු අල්ලාගෙන, කොසඹ හුලෙක උල තබති. මගේ සිත ඒ කාරණයෙහි සැක කෙරේ.

තත්‍ථ අස‍්සත්‍ථාති පුරිමනයෙනෙව තස‍්මිං නිබ‍්බත‍්තදෙවතං සමුදාචරති. මම චොරස‍්ස චන‍්තරන‍්ති මම ච චොරස‍්ස ච එකතො අවසනකාරණං. අප‍්පෙන‍්ති නිම‍්බසූලස‍්මින‍්ති ඉමස‍්මිං කාලෙ රාජානො චොරං නිම‍්බසූලෙ ආවුණන‍්ති. තස‍්මිං මෙ සඞ‍්කතෙ මනොති තස‍්මිං කාරණෙ මම චිත‍්තං සඞ‍්කති. සචෙ හි ඉමං සූලෙ ආවුණිස‍්සන‍්ති, විමානං මෙ නස‍්සිස‍්සති, අථ සාඛාය ඔලම‍්බෙස‍්සන‍්ති, විමානෙ මෙ කුණපගන්‍ධො භවිස‍්සති, තෙනාහං එතං පලාපෙසින‍්ති අත්‍ථො.

මෙහි ‘අස්සත්‍ථ’ යනු කලින් කී ආකාරයටම එහි උපන් දේවතාවා ඇමතීමයි. ‘මම චොරස්ස චන්තරං’ නම්, ‘මගේ ද, සොරාගේ ද එක් ව නො වසන කාරණා’ යනු යි. ‘අප්පෙන්ති නිම්බසූලස්මිං’ යනු ‘මෙකල රජවරු සොරකු අසු වූ විට, කොසඹ හුල අවුණති’ යන අර්ථයි. ‘තස්මිං මෙ සංකෙතෙ මනො’ යනු ‘එම කරුණෙහි ලා මගේ සිත සැක උපදියි. ඉදින් රජවරු මොහු උලෙහි අවුණන්නාහුද? එවිට මාගේ විමානය නැසෙන්නේ ය. අනතුරුව අත්තක එල්වන්නේය. එයින් මාගේ විමානය කුණු ගඳ ගසන තෙක් වන්නේය. එම නිසා මම ඔහු පලවා හැරියෙමි’යි යන අර්ථයි.

එවං තාසං දෙවතානං අඤ‍්ඤමඤ‍්ඤං සල‍්ලපන‍්තානඤ‍්ඤෙව භණ‍්ඩසාමිකා උක‍්කාහත්‍ථා පදානුසාරෙන ආගන‍්ත්‍වා චොරස‍්ස සයිතට‍්ඨානං දිස‍්වා “අම‍්භො ඉදානෙව චොරො උට‍්ඨාය පලාතො, න ලද‍්ධො නො චොරො, සචෙ ලභිස‍්සාම, ඉමස‍්සෙව නං නිම‍්බස‍්ස සූලෙ වා ආවුණිත්‍වා සාඛාය වා ඔලම‍්බෙත්‍වා ගමිස‍්සාමා”ති වත්‍වා ඉතො චිතො ච පක‍්ඛන්‍දිත්‍වා චොරං අදිස‍්වාව ගතා.

මෙසේ ඒ දෙවිවරුන් ඔවුනොවුන් හා සංවාද කරන අතරතුරේ සොරා විසින් පැහැර ගන්නා ලද බඩුවල හිමිකරුවෝ, අත්වල පන්දම් දරා සොරා ගිය මග සොයමින් සොහොන් බිමට පැමිණ, පියවර ලකුණු අනුව සොරා නිදිගත් ස්ථානය දැක, එතැන සිටි අන් අයට කථාකොට ‘පින්වතුනි, සොරා මෙතැනින් පැන ගොස් ඇත. දැන් අපට ඔහු අල්ලා ගත නො හැක. යම් විදියකින් ඔහු අල්ලා ගැනීමට හැකි වූයෙමු නම්, මේ කොසඹ ගසේම උල තබා, මෙහිම අත්තක මිනිය එල්ලා තබා යන්නෙමු’යි කියා, ඒ මේ අතර ඇවිද සොයා බලා, සොරු අල්ලාගත නොහැකිව ආපසු ගියහ.

තෙසං වචනං සුත්‍වා අස‍්සත්‍ථදෙවතා චතුත්‍ථං ගාථමාහ –

ඔවුන්ගේ ඒ වචන ඇසූ, ඇසතු දෙවියා මේ ගාථාව කීය.

“සඞ‍්කෙය්‍ය සඞ‍්කිතබ‍්බානි, රක‍්ඛෙය්‍යානාගතං භයං; අනාගතභයා ධීරො, උභො ලොකෙ අවෙක‍්ඛතී”ති.

4. සැක කළ යුතු දෑ, සැක කරන්නේය. නො පැමිණි බිය රක්නේය. නොපත් බිය හේතු කොටගෙන, නුවණැත්තා දෙලොවම විමසා බලයි.

තත්‍ථ රක‍්ඛෙය්‍යානාගතං භයන‍්ති ද‍්වෙ අනාගතභයානි දිට‍්ඨධම‍්මිකඤ‍්චෙව සම‍්පරායිකඤ‍්චාති. තෙසු පාපමිත‍්තෙ පරිවජ‍්ජෙන‍්තො දිට‍්ඨධම‍්මිකං රක‍්ඛති, තීණි දුච‍්චරිතානි පරිවජ‍්ජෙන‍්තො සම‍්පරායිකං රක‍්ඛති. අනාගතභයාති අනාගතභයහෙතුතං භයං භායමානො ධීරො පණ‍්ඩිතො පුරිසො පාපමිත‍්තසංසග‍්ගං න කරොති, තීහිපි ද‍්වාරෙහි දුච‍්චරිතං න චරති. උභො ලොකෙති එවං භායන‍්තො හෙස ඉධලොකපරලොකසඞ‍්ඛාතෙ උභො ලොකෙ අවෙක‍්ඛති ඔලොකෙති, ඔලොකයමානො ඉධලොකභයෙන පාපමිත‍්තෙ විවජ‍්ජෙති, පරලොකභයෙන පාපං න කරොතීති.

මෙහි ‘රක්ඛෙය්‍යානාගතං භයං’ යනු ‘මෙලෝ පරලෝ වශයෙන් නො පැමිණි යන තේරුමයි. ඒ අතරින් පවිටු මිතුරන් දුරු කරන්නා මෙලොව රකියි. ත්‍රිවිධ දුශ්චරිත බැහැර කරමින් පරලොව රකියි. ‘අනාගතභයා’ යනු ‘අනාගතයේ දී පැමිණිය හැකි බිය හේතු කොටගෙන, ඒ භයට බිය වෙමින්, යන අර්ථයි. පණ්ඩිත පුරුෂයෙක් පවිටු මිතුරු ඇසුර සිදු නො කරයි. තිදොරින් දුසිරිත් නො කරයි. ‘උභො ලොකෙ’ යනු ‘මෙසේ පවට බිය වෙන හේ, මෙලෝ පරලෝ යන දෙලොව ගැන, යන අර්ථයි. ‘අවෙක්ඛති’ යනු ‘බලයි’ යන අර්ථයි. එසේ බලන්නා මෙලොව බිය හේතු කොටගෙන පවිටු මිතුරන් වර්ජනය කරයි. පරලොව බිය හේතු කොටගෙන පව්කම් නො කෙරේ යනුයි.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා අස‍්සත්‍ථදෙවතා ආනන්‍දො අහොසි, නිම‍්බදෙවතා පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. එදා ඇසතු දෙවියා වූ කලී, සැරියුත් තෙරණුවෝය. කොසඹ දෙවියා නම් මම ම වූයෙමි’යි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දක්වා වදාළ සේක.

පුචිමන්‍දජාතකවණ‍්ණනා පඨමා.