2. කස්සපමන්දියජාතකවණ්ණනා 312 අට්ඨකථා
2. කස්සපමන්දියජාතකවණ්ණනා (312)
2. කස්සපමන්දිය ජාතකය (312)
අපි කස්සප මන්දියාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං මහල්ලකභික්ඛුං ආරබ්භ කථෙසි. සාවත්ථියං කිරෙකො කුලපුත්තො කාමෙසු ආදීනවං දිස්වා සත්ථු සන්තිකෙ පබ්බජිත්වා කම්මට්ඨානෙ අනුයුත්තො න චිරස්සෙව අරහත්තං පාපුණි. තස්ස අපරභාගෙ මාතා කාලමකාසි. සො මාතු අච්චයෙන පිතරඤ්ච කනිට්ඨභාතරඤ්ච පබ්බාජෙත්වා ජෙතවනෙ වසිත්වා වස්සූපනායිකසමයෙ චීවරපච්චයස්ස සුලභතං සුත්වා එකං ගාමකාවාසං ගන්ත්වා තයොපි තත්ථෙව වස්සං උපගන්ත්වා වුත්ථවස්සා ජෙතවනමෙව ආගමංසු. දහරභික්ඛු ජෙතවනස්ස ආසන්නට්ඨානෙ “සාමණෙර ත්වං ථෙරං විස්සාමෙත්වා ආනෙය්යාසි, අහං පුරෙතරං ගන්ත්වා පරිවෙණං පටිජග්ගිස්සාමී”ති ජෙතවනං පාවිසි. මහල්ලකත්ථෙරො සණිකං ආගච්ඡති. සාමණෙරො පුනප්පුනං සීසෙන උප්පීළෙන්තො විය “ගච්ඡ, භන්තෙ, ගච්ඡ, භන්තෙ”ති තං බලක්කාරෙන නෙති. ථෙරො “ත්වං මං අත්තනො වසං ආනෙසී”ති පුන නිවත්තිත්වා කොටිතො පට්ඨාය ආගච්ඡති. තෙසං එවං අඤ්ඤමඤ්ඤං කලහං කරොන්තානඤ්ඤෙව සූරියො අත්ථඞ්ගතො, අන්ධකාරො ජාතො.
‘අපි කස්සපමන්දිය’ යන ගාථා කොටස ඇතුළත් මේ ජාතක කථාව, බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වසන සේක්, එක් මහලු භික්ෂුවක අරබයා වදාළ සේක. සැවැත්නුවර විසූ එක් කුලපුත්‍රයෙක් කාමයන්හී ආදීනව දැක කළකිරී, බුදුරදුන් සමීපයෙහි පැවිදිව කමටහන් අනුව භාවනා වඩා, නොබෝ කලකින්ම රහත්භාවයට පත්විය. පසු කලෙක උන්වහන්සේගේ මව කලුරිය කළාය. මෑණියන්ගේ අභාවයෙන් අනතුරුව, සිය පියා හා මලණුවන් සසුනෙහි පැවිදි කරවා, දෙව්රම්හී වාසය කරන්නට සලස්වා අනතුරුව එළැඹි වස් කාලයෙහි චීවර ආදී ප්‍රත්‍ය පහසුකම් නිසා, ඒවා සුලබව ලැබිය හැකි, එක් ගමක වස් වසන්නට තෙරුන්වහන්සේ තීරණය කළහ. ඒ අනුව තිදෙනාම එහි වස් එළඹ, වස් අවසන්හි නැවත ජේතවනාරාමය බලා ගමන් ඇරඹූහ. මේ ගමනේදී ඉහත කී රහතන් වහන්සේ ජේතවනාරාමය සමීප වෙත්ම, සිය මලණුවන් වන තරුණ සාමණේරයන් අමතා ‘ඔබ පියා වන මහලු තෙරුන්ට විඩා හරින්නට අවකාශ ලබා දී, උන්වහන්සේ සෙමෙන් සෙමෙන් කැඳවාගෙන එන්න. මම පළමුකොට එහි ගොස් ආවාස ගෙය පිරිසිදු කරන්නෙමි’යි පවසා වහ වහා දෙව්රම බලා වැඩම කළහ. මේ අතර මහලු තෙරුන් වහන්සේ සෙමෙන් සෙමෙන් වඩිති. සාමණේර තෙමේ, ‘ස්වාමීනි, ඉක්මන් කරන්න ඉක්මන් කරන්නැ’යි කියමින් වද කරමින් බලහත්කාරයෙන් මෙන්, තෙරුන් වහන්සේ කැඳවාගෙන එයි. ඊට අකමැති වූ මහලු තෙර, ‘නුඹ මා යටත්කොට ගන්නට සැරසේදැ’යි සාමණේරයන් කෙරෙහි රොස්ව, ආපසු හැරී ගොස්, නැවත මුල සිට එන්නට පටන් ගත්තේය. මෙසේ මේ දෙදෙනා කෝලාහල කරමින් සිටින අතරතුරේ රෑ විය. අඳුරු වැටිණි.
ඉතරොපි පරිවෙණං සම්මජ්ජිත්වා උදකං උපට්ඨපෙත්වා තෙසං ආගමනං අපස්සන්තො උක්කං ගහෙත්වා පච්චුග්ගමනං කත්වා තෙ ආගච්ඡන්තෙ දිස්වා “කිං චිරායිත්ථා”ති පුච්ඡි. මහල්ලකො තං කාරණං කථෙසි. සො තෙ ද්වෙපි විස්සාමෙත්වා සණිකං ආනෙසි. තං දිවසං බුද්ධුපට්ඨානස්ස ඔකාසං න ලභි. අථ නං දුතියදිවසෙ බුද්ධුපට්ඨානං ආගන්ත්වා වන්දිත්වා නිසින්නං සත්ථා “කදා ආගතොසී”ති පුච්ඡි. “හිය්යො, භන්තෙ”ති. “හිය්යො ආගන්ත්වා අජ්ජ බුද්ධුපට්ඨානං කරොසී”ති? සො “ආම, භන්තෙ”ති වත්වා තං කාරණං ආචික්ඛි. සත්ථා මහල්ලකං ගරහිත්වා “න එස ඉදානෙව එවරූපං කම්මං කරොති, පුබ්බෙපි අකාසි. ඉදානි පන තෙන ත්වං කිලමිතො, පුබ්බෙපි පණ්ඩිතෙ කිලමෙසී”ති වත්වා තෙන යාචිතො අතීතං ආහරි.
කලින් වෙහෙරට පැමිණි රහත් තෙර නම, ‘අනෙක් දෙදෙනා මෙතුවක් නො පැමිණියේ කුමක් නිසාදැ’යි මග බලමින් සිට රෑ වනතුරු නො පැමිණි නිසා, පන්දමක් දල්වාගෙන පෙරමගට යන අතරේදී කලුවරේම ඉදිරියට එන දෙනම දැක, ‘මෙපමණ පමා වූයේ කුමක් නිසාදැ’යි මලණුවන් වන සාමණේරයන්ගෙන් ඇසීය. ඊට පිළිතුරු දෙමි මහලු තෙර සිදුවූ සියල්ල පැවසීය. ඒ ඇසූ රහතන් වහන්සේ, ඔවුන් දෙදෙනා අස්වසා සෙමෙන් පන්සලට කැඳවාගෙන ආහ. මේ නිසා රහත් තෙර නමට බුදුරදුන් උදෙසා උවටැන් කිරීමට යාමට නොහැකි විය. පසුදින බුදුරදුන් වෙත ගිය රහත් තෙරනම වැඳ එකත්පස්ව සිටි කල්හි, බුදුරජාණන් වහන්සේ ‘ඔබ මෙහි පැමිණියේ කෙදිනදැ’යි විමසූ සේක. ‘ස්වාමීනි, ඊයේ පැමිණියෙමි’. ‘ඊයේ පැමිණි ඔබ බුද්ධෝපස්ථානයට පැමිණියේ අද ද?’ ඊට පිළිතුරු දෙන රහත් තෙරනම ‘ස්වාමීනි, එසේයැ’යි පවසා සියලු විස්තර බුදුරදුන් හමුවෙහි පැවසීය. එවිට බුදුරජාණන් වහන්සේ මහලු තෙරුන්ට ගරහා මොහු මෙබන්දක් කළේ, දැන් මතු නොව, පෙරත් එසේ කෙළේ යැයි පවසා තවදුරටත් විස්තර කරමින්, ‘මොහු විසින් මෙවර ඔබ වෙහෙසට පත්කරන ලද්දෙහිය. පෙරදී පඬිවරුන් පිරිසක් වෙහෙසට පත් කරන ලදැ’යි වදාරා, රහත් තෙරුන්ගේ ඉල්ලීම මත ඊට සම්බන්ධ අතීත කතා පුවත, මෙසේ විස්තර කළ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො කාසිනිගමෙ බ්රාහ්මණකුලෙ නිබ්බත්ති. තස්ස වයප්පත්තකාලෙ මාතා කාලමකාසි. සො මාතු සරීරකිච්චං කත්වා මාසද්ධමාසච්චයෙන ඝරෙ විජ්ජමානං ධනං දානං දත්වා පිතරඤ්ච කනිට්ඨභාතරඤ්ච ගහෙත්වා හිමවන්තපදෙසෙ දෙවදත්තියං වක්කලං ගහෙත්වා ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා උඤ්ඡාචරියාය වනමූලඵලාඵලෙහි යාපෙන්තො රමණීයෙ වනසණ්ඩෙ වසි. හිමවන්තෙ පන වස්සකාලෙ අච්ඡින්නධාරෙ දෙවෙ වස්සන්තෙ න සක්කා හොති කන්දමූලං ඛණිතුං, ඵලානි ච පණ්ණානි ච පතන්ති. තාපසා යෙභුය්යෙන හිමවන්තතො නික්ඛමිත්වා මනුස්සපථෙ වසන්ති. තදා බොධිසත්තො පිතරඤ්ච කනිට්ඨභාතරඤ්ච ගහෙත්වා මනුස්සපථෙ වසිත්වා පුන හිමවන්තෙ පුප්ඵිතඵලිතෙ තෙ උභොපි ගහෙත්වා හිමවන්තෙ අත්තනො අස්සමපදං ආගච්ඡන්තො අස්සමස්සාවිදූරෙ සූරියෙ අත්ථඞ්ගතෙ “තුම්හෙ සණිකං ආගච්ඡෙය්යාථ, අහං පුරතො ගන්ත්වා අස්සමං පටිජග්ගිස්සාමී”ති වත්වා තෙ ඔහාය ගතො. ඛුද්දකතාපසො පිතරා සද්ධිං සණිකං ගච්ඡන්තො තං කටිප්පදෙසෙ සීසෙන උප්පීළෙන්තො විය ගච්ඡ ගච්ඡාති තං බලක්කාරෙන නෙති. මහල්ලකො “ත්වං මං අත්තනො රුචියා ආනෙසී”ති පටිනිවත්තිත්වා කොටිතො පට්ඨාය ආගච්ඡති. එවං තෙසං කලහං කරොන්තානඤ්ඤෙව අන්ධකාරො අහොසි.
අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ ‘කාසි’ නම් නියම්ගම බ්‍රාහ්මණ පවුලක ඉපදුනි. ඔහු තරුණ වියට එළඹෙත්ම මව කලුරිය කළාය. අනතුරුව හෙතෙම මවගේ ආදාහන කටයුතු නිමවා, මාස එකහමාරක් ඇවෑමෙන් ගෙදර ඇති සියලු ධනය දන් දී, සිය පියා හා කනිටු සොයුරා ද ගෙන, හිමාලය පෙදෙස්හි, දෙවියන්ගෙන් ලැබුණු වැහැරි සිවුරු පිළිගෙන, සෘෂි පැවිද්දෙන් පැවිදිව, පිඬු සිඟීමෙන් ද අල වර්ග හා පලවැල වලින්ද, යැපෙමින් රමණීය වන ලැහැබක විසුවේය. වැසි කල හිමාල වනයෙහි නො කඩවා ඇදහැලෙන වැසි වැටෙන්නට පටන් ගනියි. එකල අල හාරන්නට නො හැකිය. එසේ වුවද පලවැල හා කොළවර්ග නිබඳව ගසයට වැටෙයි. තවුසෝ මෙවැනි වැසි සමයන්හි දී හිම වතින් බැහැරව මිනිස් පියසට වදිති. එකල බෝසත් තෙමේ ද, සිය පියා සහ මලණුවන් රැගෙන ගම් වැද, එහි මදකලක් වැස නැවත හිමාල වනයෙහි ගස් වැල්, මල්වලින් හා ගෙඩිවලින් පිරීයන කල්හි, ඉතිරි දෙදෙනාත් කැඳවාගෙන, හිමාලයෙහි තමන්ගේ අසපුව බලා එන්නට පිටත් විය. අසපුවට නුදුරුවේදී, හිරු බැස යනු බලා, සෙසු දෙදෙනාට කතා කොට, ‘ඔබ දෙදෙනා සෙමෙන් සෙමෙන් පැමිණෙවු, මම කල්තියා ගොස් අසපුව පිළිවෙලක් කරන්නෙමි’යි කියා ඔවුන්ගෙන් වෙන්ව අසපුව කරා ගියේය. ඉතිරි දෙදෙනාගෙන් කුඩා තවුසා මහලු තවුසා සමග ගමන් කරන අතර ‘ඉක්මන් කරන්න ඉක්මන් කරන්න යැ’යි කියමින් ඉඟටියට නියෙන් අනින්නාක් මෙන්, බලහත්කාරයෙන් ගෙන යන්නට උත්සාහ කෙළේ ය. එවිට මහලු තවුසා ‘තට උවමනා අයුරින් කටයුතු කිරීමට මට නො හැකි යැ’යි කියා ආපසු හැරී ගොස්, මුල සිට එන්නට පටන් ගත්තේය. මෙසේ ඔවුන් අඩදබර කරන අතරෙහි, හිරු බැස ගොස් අවට අඳුරු විය.
බොධිසත්තොපි පණ්ණසාලං සම්මජ්ජිත්වා උදකං උපට්ඨපෙත්වා උක්කමාදාය පටිපථං ආගච්ඡන්තො තෙ දිස්වා “එත්තකං කාලං කිං කරිත්ථා”ති ආහ. ඛුද්දකතාපසො පිතරා කතකාරණං කථෙසි. බොධිසත්තො උභොපි තෙ සණිකං නෙත්වා පරික්ඛාරං පටිසාමෙත්වා පිතරං න්හාපෙත්වා පාදධොවනපිට්ඨිසම්බාහනාදීනි කත්වා අඞ්ගාරකපල්ලං උපට්ඨපෙත්වා පටිප්පස්සද්ධකිලමථං පිතරං උපනිසීදිත්වා “තාත, තරුණදාරකා නාම මත්තිකාභාජනසදිසා මුහුත්තනෙව භිජ්ජන්ති , සකිං භින්නකාලතො පට්ඨාය පුන න සක්කා හොන්ති ඝටෙතුං, තෙ අක්කොසන්තාපි පරිභාසන්තාපි මහල්ලකෙහි අධිවාසෙතබ්බා”ති වත්වා පිතරං ඔවදන්තො ඉමා ගාථා අභාසි –
බෝසත් තෙමේ ද, පන්සල හැමද, පැන් ගෙනැවිත් තබා රෑ බෝ වූ නිසා, පන්දමක් දල්වාගෙන, සෙස්සන් එන පෙරමඟට යන කල්හි, ඔවුන් එනු දැක ‘මෙපමණ වේලාවක් කුමක් කළාහුදැ’යි ඇසීය. කුඩා තවුසා සිය පියා කළ දේ, සොයුරාට පැවසීය. බෝසත් තෙමේ ඒ දෙදෙනාම සෙමෙන් කැඳවාගෙන ගොස්, අසපුවට පිවිස තවුස් පිරිකර ඒ ඒ තැන තබා, සිය පියා නහවා පාවල තෙල් ගල්වා, පිට ද සම්බාහනය කොට, අඟුරු කබලක් ළංකොට, ඇඟ ද උණුසුම් කෙළේය. අනතුරුව ඒ වනවිට වෙහෙස දුරු කොටගෙන සුවසේ සිටින පියාගේ ළඟින් වාඩිවී, පියා අමතා මෙසේ කී ය. ‘පියාණෙනි, තරුණ අය, මැටිබඳුන් වැනිය. මොහොතකින් බිඳී යයි. එක්වරක් බිඳුණු විට නැවත පෑහිය නොහැක. එබැවින්, ඔවුන් දොස් කිව්වත්, පරිභව කළත්, වැඩිමහලු උදවිය විසින් ඉවසිය යුතු ය’. මෙසේ පැවසූ බෝසත් තෙමේ පියාට අවවාද වශයෙන් මේ ගාථාවන් ද පැවසීය.
“අපි කස්සප මන්දියා, යුවා සපති හන්ති වා; සබ්බං තං ඛමතෙ ධීරො, පණ්ඩිතො තං තිතික්ඛති.
අපි කස්සප මන්දියා - යුවා සපති භන්තිවා, සබ්බන්තං ඔමතෙ ධීරො - පණ්ඩිතො තං තිතික්ඛති
කාශ්‍යපය, බාල භාවය නිසා යෞවනයා නින්දා කෙරේ. පහර දීම හෝ කෙරේ. නුවණැත්තා ඒ සියල්ලම ඉවසයි. පණ්ඩිතයා එය විඳ දරා ගනියි.
“සචෙපි සන්තො විවදන්ති, ඛිප්පං සන්තීයරෙ පුන; බාලා පත්තාව භිජ්ජන්ති, න තෙ සමථමජ්ඣගූ.
සපෙ සන්තො විවදන්ති - ඛිප්පං සන්දීයරෙ පුන, බාලා පත්තාව භිජ්ජන්ති - න තෙ සමථ මජ්ඣ ගූ
ඉදින්, සත්පුරුෂයෝ විවාද කළත්, නැවත වහා සන්ධානගත වෙති. මෝඩයෝ මැටි පාත්‍ර වැනි වෙති. මැටි පාත්‍ර වහා බිඳෙයි. නැවත සන්ධි කළ හැකි නොවේ.
“එතෙ භිය්යො සමායන්ති, සන්ධි තෙසං න ජීරති; යො චාධිපන්නං ජානාති, යො ච ජානාති දෙසනං.
එතෙ භීය්‍යො සමායන්ති - සන්ධි තෙසං න ජීරති, යො චාධිපත්තං ජානාති - යො ච ජානාති දෙසිතං
යමෙක් (තමා තුළ උපන්) ද්වේෂය හඳුනා ගනීද? යමෙක් දේශනාව දනීද? ඔවුහු වහා සමගි වෙති. ඔවුන්ගේ සන්ධානය නො නැසේ.
“එසො හි උත්තරිතරො, භාරවහො ධුරද්ධරො; යො පරෙසාධිපන්නානං, සයං සන්ධාතුමරහතී”ති.
එසාහි උත්තරීතරො - භාරවාහො ධුරන්ධරො, යො පරෙසාධි පත්තානං - සයං සන්ධාතු මරහතී ති
යමෙක් ද්වේෂයෙන් මඩනා ලද, අන් අය සමගි කරන්නට සමත් වේ නම්, ඔහු වනාහි උත්තරීතර පුද්ගලයෙකි. බර උසුලන්නෙකි. ධුරන්දරයෙකි. (පිරිසකට නායකත්වය දෙන්නෙකි)
තත්ථ කස්සපාති පිතරං නාමෙනාලපති. මන්දියාති මන්දීභාවෙන තරුණතාය. යුවා සපති හන්ති වාති තරුණදාරකො අක්කොසතිපි පහරතිපි. ධීරොති ධික්කතපාපො, ධී වා වුච්චති පඤ්ඤා, තාය සමන්නාගතොතිපි අත්ථො. ඉතරං පන ඉමස්සෙව වෙවචනං. උභයෙනාපි සබ්බං තං බාලදාරකෙහි කතං අපරාධං මහල්ලකො ධීරො පණ්ඩිතො සහති තිතික්ඛතීති දස්සෙති.
මෙහි ‘කස්සප’ යනුවෙන් සිය පියා නමින් අමතයි. ‘මන්දියා’ යනු ‘ලාබාලකම නිසාත්, තරුණකම නිසාත්’ යන අර්ථයි. ‘යුවා සපති භන්තිවා’ යනු ‘තරුණයෙක් බැන්නත්, පහර දුන්නත්’, යන අර්ථයි. ‘ධීරෝ’ නම් ‘පවට නින්දා කළ තැනැත්තා’ යනු යි. ප්‍රඥාවට ද ‘ධී’ යැයි කියනු ලැබේ. (ඒ අනුව) ‘ධීර’ යනු ඒ ප්‍රඥාවෙන් යුක්ත වූ පුද්ගලයාය යන අර්ථයි. එය වනාහි ප්‍රඥාවන්තයාට යොදන තවත් වචනයකි. ‘ධීරො’ යන්න එම අර්ථ දෙකෙන්ම යුක්තය. බාල දරුවන් විසින් කළ ඒ සියලු වැරදි, වැඩිමහලු වූත්, ධීර වූත්, පණ්ඩිත තෙමේ ඉවසයි. උසුලයි. කරුණු පෙන්වා දෙයි.
සන්ධීයරෙති පුන මිත්තභාවෙන සන්ධීයන්ති ඝටීයන්ති. බාලා පත්තාවාති බාලකා පන මත්තිකාපත්තාව භිජ්ජන්ති. න තෙ සමථමජ්ඣගූති තෙ බාලකා අප්පමත්තකම්පි විවාදං කත්වා වෙරූපසමනං න වින්දන්ති නාධිගච්ඡන්ති. එතෙ භිය්යොති එතෙ ද්වෙ ජනා භින්නාපි පුන සමාගච්ඡන්ති. සන්ධීති මිත්තසන්ධි. තෙසන්ති තෙසඤ්ඤෙව ද්වින්නං සන්ධි න ජීරති. යො චාධිපන්නන්ති යො ච අත්තනා අධිපන්නං අතික්කන්තං අඤ්ඤස්මිං කතදොසං ජානාති. දෙසනන්ති යො ච තෙන අත්තනො දොසං ජානන්තෙන දෙසිතං අච්චයදෙසනං පටිග්ගණ්හිතුං ජානාති.
‘සන්ධීයරෙ’ යනු නැවත මිත්‍රභාවයෙන් සමගි කරනු ලැබෙත්. සම්බන්ධ කරනු ලැබෙත්’ යන්නයි. ‘බාලා පත්තාව’ යනු බාලයෝ වූ කලී, මැටි පාත්‍ර මෙන් වහා බිඳෙති යන අර්ථයි. ‘නතෙ සමථමජ්ඣගූ’ යනු ‘ඒ බාලයෝ සුලු විවාදයක් කොට, ඉන් හටගත් වෛරය සන්සිඳවා ගත නො හැකි වෙත්, සන්සිඳීම නොලබත්, යන අර්ථයි. ‘එතෙ භිය්යො’ යනු ‘මේ දෙ පිරිස වෙන් වූවත්, නැවතත් එක් වෙති, යන අර්ථයි. ‘සන්ධී’ යනු මිත්‍ර සන්ධානයයි. ‘තෙසං න ජිරති’ යනු ‘එම දෙපිරිසේ සන්ධානය නොනැසේ යන අර්ථයි. ‘යොචාධිපන්නං’ නම්, ‘යමෙක් තමා තුළ වූ පීඩාව ඉක්මවා, තමා විසින් අනෙකා කෙරෙහි කළ වැරැද්ද තේරුම් ගනීද?’ යනුයි. ‘දෙසනං’ යනු ‘යමෙක්, ඒ වරද තේරුම් ගත්තකු විසින් කරන ලද, අඩුපාඩු පෙන්වා දීම, පිළිගැනීමට තරම් අවබෝධයක් ඇත්තේද? යන අර්ථයි.
යො පරෙසාධිපන්නානන්ති යො පරෙසං අධිපන්නානං දොසෙන අභිභූතානං අපරාධකාරකානං. සයං සන්ධාතුමරහතීති තෙසු අඛමාපෙන්තෙසුපි “එහි, භද්රමුඛ, උද්දෙසං ගණ්හ, අට්ඨකථං සුණ, භාවනමනුයුඤ්ජ, කස්මා පරිබාහිරො හොසී”ති එවං සයං සන්ධාතුං අරහති මිත්තභාවං ඝටෙති, එසො එවරූපො මෙත්තාවිහාරී උත්තරිතරො මිත්තභාරස්ස මිත්තධුරස්ස ච වහනතො “භාරවහො”ති “ධුරද්ධරො”ති ච සඞ්ඛං ගච්ඡතීති.
‘යො පරෙසාධිපන්නාතං’ යනු ‘යමෙක් ද්වේෂයෙන් යටපත් කරන ලද්දා වූ ද, එයින්ම මඩනා ලද්දා වූ ද, සිත් ඇති, අපරාධ කරුවන්ගේ’ යන අර්ථයි. ‘සයං සන්ධාතු මරහති’ යනු ‘ඔවුන් සමාව නොයදින කල්හි වුවත්, ‘සොඳුරු තැනැත්ත, එනු මැනවි. මේ උද්දේශය (කියාදීම) ගනුව, අර්ථ කථාව අසව, භාවනාවේ යෙදෙව, වෙන්ව වෙසෙනුයේ කවර හෙයින්දැ’යි මෙසේ තමා සමගිය ඇති කරන්නට සුදුසු වේ. මිතුරු බව ඇති කෙරේ’ යන අර්ථයි. ‘එසො’ නම් ‘මෙබඳු වූ මෛත්‍රී විහරණ ඇත්තා, උත්තරීතර පුද්ගලයෙකි’ යන අර්ථයි. ‘මිත්‍රත්වය නමැති බර, මිත්‍ර ධූරය, ඉසිලීම් වශයෙන් ‘භාරවාහ’ යන වචනයත් ‘ධුරන්ධර’ යන වචනයත් අර්ථවත් වේ’ යන අදහසයි.
එවං බොධිසත්තො පිතු ඔවාදං අදාසි, සොපි තතො පභුති දන්තො අහොසි සුදන්තො.
මෙසේ බෝසත් තෙමේ සිය පියාට අවවාද දුනි. ඔහු ද එතැන් පටන් දැමුනෙක්ව, අතිශයින් දමනය වූවෙක් විය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා පිතා තාපසො මහල්ලකො අහොසි, ඛුද්දකතාපසො සාමණෙරො, පිතු ඔවාදදායකො පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. එකල පිය තවුසා වනාහි, මේ මහලු තෙරුන් වහන්සේය. කුඩා තවුසා නම්, සාමණේරයාය. පියාට අවවාද දුන් තැනැත්තා නම් ‘මම ම වීමි’ යි, බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දක්වා වදාළ සේක.
කස්සපමන්දියජාතකවණ්ණනා දුතියා.