3. ඛන‍්තිවාදීජාතකවණ‍්ණනා 313 අට‍්ඨකථා
3. ඛන‍්තිවාදීජාතකවණ‍්ණනා (313)
3. ඛන්තිවාදී ජාතකය (313)
යො තෙ හත්‍ථෙ ච පාදෙ චාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං කොධනභික‍්ඛුං ආරබ‍්භ කථෙසි. වත්‍ථු හෙට‍්ඨා කථිතමෙව. සත්‍ථා පන තං භික‍්ඛුං “කස‍්මා, ත්‍වං භික‍්ඛු, අක‍්කොධනස‍්ස බුද‍්ධස‍්ස සාසනෙ පබ‍්බජිත්‍වා කොධං කරොසි, පොරාණකපණ‍්ඩිතා සරීරෙ පහාරසහස‍්සෙ පතන‍්තෙ හත්‍ථපාදකණ‍්ණනාසාසු ඡිජ‍්ජමානාසු පරස‍්ස කොධං න කරිංසූ”ති වත්‍වා අතීතං ආහරි.
‘යො තෙ හත්‍ථෙ ච පාදෙච’ යන මේ ගාථා කොටස සඳහන් වන ජාතක කථාව වූ කලී බුදුරජාණන් වහන්සේ දෙව්රම දී කිපෙනසුලු එක් භික්‍ෂු කෙනෙකුන් අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව කලින් කියන ලද්දකි. බුදුරජාණන් වහන්සේ ඒ භික්‍ෂුව කැඳවා, ‘මහණ, ඔබ කුමක් නිසා ක්‍රෝධයට අවකාශයක් නැති මේ බුද්ධ ශාසනයෙහි පැවිදිව ක්‍රෝධ කෙරෙහිද? පැරණි පඬිවරු සිරුරට දහස් ගණනින් පහර වදින කල්හිත්, අත්-පා-කන්-නාසා සිඳින කල්හිත්, අනුන්ට ක්‍රෝධ නො කළහයි’ වදාරා මේ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං කලාබු නාම රාජා රජ‍්ජං කාරෙසි. තදා බොධිසත‍්තො අසීතිකොටිවිභවෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා කුණ‍්ඩලකුමාරො නාම මාණවො හුත්‍වා වයප‍්පත‍්තො තක‍්කසිලං ගන‍්ත්‍වා සබ‍්බසිප‍්පානි උග‍්ගණ‍්හිත්‍වා කුටුම‍්බං සණ‍්ඨපෙත්‍වා මාතාපිතූනං අච‍්චයෙන ධනරාසිං ඔලොකෙත්‍වා “ඉමං ධනං උප‍්පාදෙත්‍වා මම ඤාතකා අග‍්ගහෙත්‍වාව ගතා, මයා පනෙතං ගහෙත්‍වා ගන‍්තුං වට‍්ටතී”ති සබ‍්බං ධනං විචෙය්‍යදානවසෙන යො යං ආහරති, තස‍්ස තං දත්‍වා හිමවන‍්තං පවිසිත්‍වා පබ‍්බජිත්‍වා ඵලාඵලෙන යාපෙන‍්තො චිරං වසිත්‍වා ලොණම‍්බිලසෙවනත්‍ථාය මනුස‍්සපථං ආගන‍්ත්‍වා අනුපුබ‍්බෙන බාරාණසිං පත්‍වා රාජුය්‍යානෙ වසිත්‍වා පුනදිවසෙ නගරෙ භික‍්ඛාය චරන‍්තො සෙනාපතිස‍්ස නිවාසනද‍්වාරං සම‍්පාපුණි. සෙනාපති තස‍්ස ඉරියාපථෙසු පසීදිත්‍වා ඝරං පවෙසෙත්‍වා අත‍්තනො පටියාදිතභොජනං භොජෙත්‍වා පටිඤ‍්ඤං ගහෙත්‍වා තත්‍ථෙව රාජුය්‍යානෙ වසාපෙසි.
පෙර බරණැස කාසි රට ‘කලාබු’ නම් රජෙක් රාජ්‍යය කරවීය. එකල බෝසත් තෙමේ අසූකෙළක් සම්පත් ඇති, බමුණු කුලයක ඉපිද, නමින් ‘කුණ්ඩක කුමාරයා යැ’යි ප්‍රසිද්ධව විසීය. තරුණ වියට පත්වූ ඔහු තක්‍ෂිලාවෙහි දී, සියලු ශිල්ප උගෙන, සිය මව්පියන් ද රැක බලාගෙන විසීය. මව්පියන්ගේ අභාවයෙන් පසු, මේ තරුණයා තමාට අයත් වූ ධනස්කන්ධය දෙස බලා, මාගේ මව්පියවරු මේ ධනය නො ගෙනම පරලොව ගියාහුය. නමුත් මා මේ සියල්ල රැගෙන යා යුතුයැ’යි සිතා, ඒ සියලු ධනය විචෙය්‍ය දාන (අඩුපාඩු සොයා බලා දෙන දන්) වශයෙන්, යමෙක් යම් දානයකට සුදුසුද? එය ඔහුට දී, මේ ක්‍රමයෙන් සිය ධනය නිමවා, හිමවතට ගොස් පැවිදි විය. එතැන් පටන් පලවැලෙන් යැපුණු මේ තවුසා හිමවත බොහෝ කලක් වැස, ලුණු-ඇඹුල් සේවනය සඳහා, දිනක් මිනිස් වාසයට පිවිසියේය. අනුපිළිවෙලින් බරණැසට පැමිණි ඔහු රජුගේ උයනෙහි නවාතැන් ගත්තේය. ඊළඟ දිනයෙහි නුවර පිඬු පිණිස හැසිරුණු තාපසතුමා, සෙන්පති නිවෙස වෙත පිණ්ඩපාතය සඳහා එළඹුණි. ඔහුගේ යහපත් ඉරියව් ගැන පැහැදුනු සෙන්පතිතුමා, සිය මැදුරට කැඳවා තමා වෙනුවෙන් පිළියෙල කරන ලද භෝජන තවුසාට වළඳවා, නැවත පැමිණෙන ලෙසට ගිවිසවාගෙන ඉහත කී රාජකීය උද්‍යානයේම වාසය කිරීමට සැලැස්වීය.
අථෙකදිවසං කලාබුරාජා සුරාමදමත‍්තො ඡෙකනාටකපරිවුතො මහන‍්තෙන යසෙන උය්‍යානං ගන‍්ත්‍වා මඞ‍්ගලසිලාපට‍්ටෙ සයනං අත්‍ථරාපෙත්‍වා එකිස‍්සා පියමනාපාය ඉත්‍ථියා අඞ‍්කෙ සයි. ගීතවාදිතනච‍්චෙසු ඡෙකා නාටකිත්‍ථියො ගීතාදීනි පයොජෙසුං, සක‍්කස‍්ස දෙවරඤ‍්ඤො විය මහාසම‍්පත‍්ති අහොසි, රාජා නිද‍්දං ඔක‍්කමි. අථ තා ඉත්‍ථියො “යස‍්සත්‍ථාය මයං ගීතාදීනි පයොජයාම, සො නිද‍්දං උපගතො, කිං නො ගීතාදීහී”ති වීණාදීනි තූරියානි තත්‍ථ තත්‍ථෙව ඡඩ‍්ඩෙත්‍වා උය්‍යානං පක‍්කන‍්තා පුප‍්ඵඵලපල‍්ලවාදීහි පලොභියමානා උය්‍යානෙ අභිරමිංසු. තදා බොධිසත‍්තො තස‍්මිං උය්‍යානෙ සුපුප‍්ඵිතසාලමූලෙ පබ‍්බජ‍්ජාසුඛෙන වීතිනාමෙන‍්තො මත‍්තවරවාරණො විය නිසින‍්නො හොති. අථ තා ඉත්‍ථියො උය්‍යානෙ චරමානා තං දිස‍්වා “එථ, අය්‍යායො, එතස‍්මිං රුක‍්ඛමූලෙ පබ‍්බජිතො නිසින‍්නො, යාව රාජා න පබුජ‍්ඣති, තාවස‍්ස සන‍්තිකෙ කිඤ‍්චි සුණමානා නිසීදිස‍්සාමා”ති ගන‍්ත්‍වා වන්‍දිත්‍වා පරිවාරෙත්‍වා නිසින‍්නා “අම‍්හාකං කථෙතබ‍්බයුත‍්තකං කිඤ‍්චි කථෙථා”ති වදිංසු. බොධිසත‍්තො තාසං ධම‍්මං කථෙසි. අථ සා ඉත්‍ථී අඞ‍්කං චාලෙත්‍වා රාජානං පබොධෙසි. රාජා පබුද‍්ධො තා අපස‍්සන‍්තො “කහං ගතා වසලියො”ති ආහ. එතා, මහාරාජ, ගන‍්ත්‍වා එකං තාපසං පරිවාරෙත්‍වා නිසීදිංසූති. රාජා කුපිතො ඛග‍්ගං ගහෙත්‍වා “සික‍්ඛාපෙස‍්සාමි නං කූටජටිල”න‍්ති වෙගෙන අගමාසි.
ඉක්බිති එක් දවසක් සුරාවෙන් මත් වූ, ‘කලාබු’ රජතුමා නාටිකාංගනාවන් පිරිවරාගෙන, මහත් වූ යස ඉසුරෙන් මගුල් උයනට ගොස්, මඟුල් ගල් තලාවෙහි යහනක් සකස් කරවාගෙන, ප්‍රියමනාප වූ එක් අඟනකගේ උකුල මත හිස තබා, නිදා ගත්තේය. ගායනයෙහි වාදනයෙහි හා නර්තනයෙහි ඉතාම දක්ෂ වූ, නාටක ස්ත්‍රීහු එම ගීත ආදියෙන් රජු පිනවූහ. සක්දෙවිඳුට මෙන්, මහත් සම්පත්වලින් කිසිදු අඩුවක් රජුට නො වීය. සිටි අයුරෙන්ම රජතුමා නින්දට වැටුණි. ඉක්බිති, ඒ ස්ත්‍රීහු, ‘අපි ගී ආදියෙන් රජු සතුටු කිරීමට උත්සාහ ගන්නෙමු. එහෙත් නින්දට වන් රජුට එයින් ඵලය කිමැ’යි සිතා, සියල්ල නවතා වීණා ආදි වූ තූර්ය භාණ්ඩ ඒ ඒ තැන තබා, උයනෙහි ඇවිදින්නට පටන් ගත්හ. උයනෙහි ඇති මල් පලතුරු, තුරුලතා ආදියෙහි සිත් අලවා අතිශයින් සතුටු වූහ. එකල බෝසත් තෙමේ, ඒ උයනෙහි මලින් පිරුණු එක් සල්ගසක් මුල පැවිදි සුවයෙන් කල් ගෙවමින්, උතුම් ඇත් රජකුගේ විලාශයෙන් වැඩසිටියේය. ඉක්බිති ඒ ස්ත්‍රීහු උයනෙහි ඇවිදින කල්හි, තවුසා දැක, සමීපයෙහි සිටි අනෙක් ස්ත්‍රීන් අමතා ‘ආර්යාවෙනි, අර ගස මුල පැවිද්දෙක් සිටියි. රජු පිබිදෙන තෙක් තවුස්තුමා වෙත ගොස්, මොන මොනවත් අසමින් හිඳින්නෙමුදැ’යි කතිකාකොට, එතැනට ගොස් වැඳ, වටේට වාඩි වී, ‘අපට කිවයුතු යමක් කියනු මැනවැ’යි තවුසා අමතා කීහ. තවුස්තුමා ද ඒ අඟනුන්ට දහම් දෙසීය. මේ අතර රජු ළඟ සිටි කාන්තාව සිය උකුල සොලවා රජු පිබිදවූවාය. පිබිදුණු රජු, සෙසු කතුන් නො දැක, ‘මෙහි සිටි වසලියන් කොහිදැ’යි ඇසීය. එවිට ස්ත්‍රිය ‘මහරජතුමනි, ඔවුහු සියලුදෙනා එක් තවුසෙකු පිරිවරා හිඳිති’යි කීවාය. කිපුණු රජ කඩුව ගෙන, ‘ඒ කූට ජටිලයාට පාඩමක් උගන්වන්නෙමි’යි, වේගයෙන් එතැනට ගියේය.
අථ තා ඉත්‍ථියො රාජානං කුද‍්ධං ආගච‍්ඡන‍්තං දිස‍්වා තාසු වල‍්ලභතරා ගන‍්ත්‍වා රඤ‍්ඤො හත්‍ථා අසිං ගහෙත්‍වා රාජානං වූපසමෙසුං. සො ආගන‍්ත්‍වා බොධිසත‍්තස‍්ස සන‍්තිකෙ ඨත්‍වා “කිංවාදී ත්‍වං, සමණා”ති පුච‍්ඡි. “ඛන‍්තිවාදී, මහාරාජා”ති. “කා එසා ඛන‍්ති නාමා”ති? “අක‍්කොසන‍්තෙසු පරිභාසන‍්තෙසු පහරන‍්තෙසු අකුජ‍්ඣනභාවො”ති. රාජා “පස‍්සිස‍්සාමි දානි තෙ ඛන‍්තියා අත්‍ථිභාව”න‍්ති චොරඝාතකං පක‍්කොසාපෙසි. සො අත‍්තනො චාරිත‍්තෙන ඵරසුඤ‍්ච කණ‍්ටකකසඤ‍්ච ආදාය කාසායනිවසනො රත‍්තමාලාධරො ආගන‍්ත්‍වා රාජානං වන්‍දිත්‍වා “කිං කරොමි, දෙවා”ති ආහ. ඉමං චොරං දුට‍්ඨතාපසං ගහෙත්‍වා ආකඩ‍්ඪිත්‍වා භූමියං පාතෙත්‍වා කණ‍්ටකකසං ගහෙත්‍වා පුරතො ච පච‍්ඡතො ච උභොසු පස‍්සෙසු චාති චතූසුපි පස‍්සෙසු ද‍්වෙපහාරසහස‍්සමස‍්ස දෙහීති. සො තථා අකාසි . බොධිසත‍්තස‍්ස ඡවි භිජ‍්ජි. චම‍්මං භිජ‍්ජි, මංසං ඡිජ‍්ජි, ලොහිතං පග‍්ඝරති.
ඉක්බිති ඒ ස්ත්‍රීහු රජු කෝපයෙන් එනු දැක, ඔවුන් අතර සිටි රජු වඩාත් කැමති, රජුට වඩාත් ප්‍රිය කාන්තාව යොදවා, රජු අතින් කඩුවද ගෙන, ඔහු මඳක් සංසිඳවූහ. එතැනට පැමිණි රජ, බෝසතුන් සමීපයෙහි සිට ‘ශ්‍රමණය, තොපට කිනම් වාදීදැ’යි ඇසීය. ‘මහරජ, මම ක්‍ෂාන්තිවාදී වෙමි’යි, තවුසා කීය. ‘ඔබ කියන ක්‍ෂාන්තිය කුමක්දැ’යි රජ ඇසීය. ‘බණින කල්හිත්, පහර දෙන කල්හිත්, පරිභව කරන කල්හිත්, නොකිපීමයැ’යි තවුසා කීය. එවිට රජ, ‘තට ක්‍ෂාන්තිය ඇති බව දැන් ම විමසා බලන්නෙමි’යි වධකයා කැඳවීය. වධකයා ද සිරිත් පරිදි පොරවත්, කටු කසයත් රැගෙන, කහ පැහැති වස්ත්‍ර හැඳ, රත්මල්මාලා පැළඳ, ඉදිරියට පැමිණ, රජුට වැඳ ‘කුමක් කළයුතුදැ’යි ඇසීය. එවිට රජ, ‘මේ දුෂ්ට සොර තවුසා අල්ලා, බිමට ඇද දමා, කටු කසයෙන් තළා, ඉදිරිපසටත්, පසුපසටත්, දෑලවරටත් යන පැති හතරටම, කස පහර දෙදහසක් දෙව’යි අණ කෙළේය. වධකයා කී ලෙසම කෙළේය. කස පහර හේතු කොටගෙන බෝසතුන්ගේ හමේ සිවිය ද, සම ද, මස ද පැලී ලේ වැගිරිණි.
පුන රාජා “කිංවාදී ත්‍වං භික‍්ඛූ”ති ආහ. “ඛන‍්තිවාදී, මහාරාජ”. “ත්‍වං පන මය‍්හං චම‍්මන‍්තරෙ ඛන‍්තී”ති මඤ‍්ඤසි, නත්‍ථි මය‍්හං චම‍්මන‍්තරෙ ඛන‍්ති, තයා පන දට‍්ඨුං අසක‍්කුණෙය්‍යෙ හදයබ‍්භන‍්තරෙ මම ඛන‍්ති පතිට‍්ඨිතා. “මහාරාජා”ති. පුන චොරඝාතකො “කිං කරොමී”ති පුච‍්ඡි. “ඉමස‍්ස කූටජටිලස‍්ස උභො හත්‍ථෙ ඡින්‍දා”ති. සො ඵරසුං ගහෙත්‍වා ගණ‍්ඩියං ඨපෙත්‍වා හත්‍ථෙ ඡින්‍දි. අථ නං “පාදෙ ඡින්‍දා”ති ආහ, පාදෙපි ඡින්‍දි. හත්‍ථපාදකොටීහි ඝටඡිද‍්දෙහි ලාඛාරසො විය ලොහිතං පග‍්ඝරති. පුන රාජා “කිංවාදීසී”ති පුච‍්ඡි. “ඛන‍්තිවාදී, මහාරාජ”. “ත්‍වං පන මය‍්හං හත්‍ථපාදකොටීසු ‘ඛන‍්ති අත්‍ථී’ති මඤ‍්ඤසි, නත්‍ථෙසා එත්‍ථ, මය‍්හං ඛන‍්ති ගම‍්භීරට‍්ඨානෙ පතිට‍්ඨිතා”ති. සො “කණ‍්ණනාසමස‍්ස ඡින්‍දා”ති ආහ. ඉතරො කණ‍්ණනාසං ඡින්‍දි, සකලසරීරෙ ලොහිතං අහොසි. පුන නං “කිංවාදී නාම ත්‍ව”න‍්ති පුච‍්ඡි. “මහාරාජ, ඛන‍්තිවාදී නාම”. “මා ඛො පන ත්‍වං ‘කණ‍්ණනාසිකකොටීසු පතිට‍්ඨිතා ඛන‍්තී’ති මඤ‍්ඤසි, මම ඛන‍්ති ගම‍්භීරෙ හදයබ‍්භන‍්තරෙ පතිට‍්ඨිතා”ති. රාජා “කූටජටිල තව ඛන‍්තිං ත්‍වමෙව උක‍්ඛිපිත්‍වා නිසීදා”ති බොධිසත‍්තස‍්ස හදයං පාදෙන පහරිත්‍වා පක‍්කාමි.
නැවත රජ, ‘භික්‍ෂුව දැන් තොප කිනම් වාදීදැ’යි ඇසීය. ‘මහරජතුමනි, මාගේ ක්‍ෂාන්තිය වූ කලී සම තුළ තිබෙන්නාක් සේ ඔබ සිතන බව පෙනේ. මම තවමත් ක්‍ෂාන්තිවාදී වෙමි. මාගේ ක්‍ෂාන්තිය ඔබට දැකිය නොහැකිය. එය මාගේ හදවත තුළ පිහිටා ඇතැ’යි තවුසා කීය. එවිට එහි සිටි වධකයා, ‘රජතුමනි, දැන් කුමක් කෙරෙම්දැ’යි ඇසීය. ‘වධකය, මේ කූට ජටිලයාගේ අත් දෙක කපව’යි කීය. වධකයා ද පොරව ගෙන මස් කපන කොට මත තබා, තවුසාගේ අත් දෙක කපා දැමී ය. නැවත රජුගේ අණින් පා දෙක ද එසේ ම කපා දැමී ය. තවුසාගේ අත් පා කෙළවරින්, සිදුරු වූ ලාකඩ කළයකින් ලාකඩ වැගිරෙන්නාක් මෙන්, රුධිරය ගලා එන්නට විය. නැවත රජ, ‘තොප කිනම් වාදීදැ’යි, තවුසාගෙන් විමසීය. මහරජතුමනි, ‘මම ක්‍ෂාන්තිවාදී වෙමි. ක්‍ෂාන්තිය ඇත්තේ මාගේ අත්පාවල යැ’යි ඔබ සිතන සෙයක් පෙනේ. ක්‍ෂාන්තිය වූ කලී මා තුළ ගැඹුරුම තැනෙක පිහිටියෙකැ’යි, තවුසා පිළිතුරු දුනි. අනතුරුව රජ වධකයා අමතා, ‘තවුසාගේ කන් දෙක හා නාසය කපව’යි අණ කෙළේය. තවුසාගේ මුළු ඇඟම ලෙයින් වැකී ගියේය. නැවතත් රජ ‘දැන් තොප කිනම් වාදීදැ’යි ඇසීය. මහරජතුමනි, මම ක්‍ෂාන්තිවාදී වෙමි. මාගේ ක්‍ෂාන්තිය හදවතේ ගැඹුරු තැන පිහිටි එකක් මිස, එය කන්, නාස් ආදී ඉන්‍ද්‍රියයන්හි පිහිටියක් නො වේ යැ’යි තවුසා පිළිතුරු දුනි. එවිට රජ, ‘කූට ජටිලය, තාගේ ක්‍ෂාන්තියත් ඔසවාගෙන හිඳ ගනුව’යි කියා බෝසතුන්ගේ හදවතට පා පහරක් දී නික්ම ගියේය.
තස‍්මිං ගතෙ සෙනාපති බොධිසත‍්තස‍්ස සරීරතො ලොහිතං පුඤ‍්ඡිත්‍වා හත්‍ථපාදකණ‍්ණනාසකොටියො සාටකකණ‍්ණෙ කත්‍වා බොධිසත‍්තං සණිකං නිසීදාපෙත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදිත්‍වා “සචෙ, භන‍්තෙ, තුම‍්හෙ කුජ‍්ඣිතුකාමා, තුම‍්හෙසු කතාපරාධස‍්ස රඤ‍්ඤොව කුජ‍්ඣෙය්‍යාථ, මා අඤ‍්ඤෙස”න‍්ති යාචන‍්තො පඨමං ගාථමාහ –
රජු ගිය කල්හි, ඔහුගේ සේනාපතියා බෝසතුන් වෙත පැමිණ සිරුරෙන් වැගිරෙන ලේ පිසදමා, බෝසතුන්ගේ අත්, පා, කන්, නාසාදිය සළුවක් එලා, එහි තබා, ඉතා ප්‍රවේසමෙන් බෝසතුන් සළුව මත වාඩිකරවා, උන්වහන්සේට නමස්කාර කොට, එකත්පසෙක හිඳ, ‘ස්වාමීනි, ඔබතුමා කිපෙන්නෙහි නම්, ඔබට අපරාධ කළ රජුට කිපෙනු මැනව. අන් අයට නො කිපෙනු මැනව’ කියමින් මේ ගාථාව පැවසීය.
“යො තෙ හත්‍ථෙ ච පාදෙ ච, කණ‍්ණනාසඤ‍්ච ඡෙදයි; තස්ස කුජ්ඣ මහාවීර, මා රට‍්ඨං විනසා ඉද”න‍්ති.
යො තෙ භත්‍ථෙච පාදෙච - කණ්ණ නාසඤ්ච ඡෙදයි, තස්ස කුජ්ඣ මහාවීර - මා රට්ඨං විනස්ස ඉදන්ති
මහා වීරයාණනි, යමෙක් ඔබගේ අත්, පා, කන්, නාසා කැප්පවීද? ඔහුට කිපෙනු මැන. මේ රට නො නසනු මැනව.
තත්‍ථ මහාවීරාති මහාවීරිය. මා රට‍්ඨං විනසා ඉදන‍්ති ඉදං නිරපරාධං කාසිරට‍්ඨං මා විනාසෙහි.
මෙහි ‘මහා වීර’ යනු ‘මහා වීර්යය ඇත්තාණෙනි’, යන අර්ථයි. ‘මා රට්ඨං විනස්ස ඉදං’ යනු ‘නිරපරාධ වූ මේ කාසි (කසී) රට විනාශ නො කරනු මැනව, යන අර්ථයි.
තං සුත්‍වා බොධිසත‍්තො දුතියං ගාථමාහ –
ඒ අසා බෝසත් තෙමේ මේ ගාථාව කීය.
“යො මෙ හත්‍ථෙ ච පාදෙ ච, කණ‍්ණනාසඤ‍්ච ඡෙදයි; චිරං ජීවතු සො රාජා, න හි කුජ‍්ඣන‍්ති මාදිසා”ති.
2. යමෙක් මාගේ අත්, පා, කන්, නාසා සිඳවාපී ද? ඒ රජතුමා බොහෝ කලක් ජීවත් වේවා! මා වැන්නෝ නො කිපෙති.
තත්‍ථ මාදිසාති මම සදිසා ඛන‍්තිබලෙන සමන‍්නාගතා පණ‍්ඩිතා “අයං මං අක‍්කොසි පරිභාසි පහරි, ඡින්‍දි භින්‍දී”ති තං න කුජ‍්ඣන‍්ති.
මෙහි ‘මාදිසා’ යනු මා හා සමාන ක්‍ෂාන්ති බලයෙන් යුක්ත වූ පඬිවරුන් ‘මොහු මට බැන්නේය, නපුරු වචන කීයේය, පරිභව කළේය, පහර දුන්නේය, සිඳ බිඳ දැමූයේ යැයි නො කිපෙති’ යනුයි.
රඤ‍්ඤො උය්‍යානා නික‍්ඛමන‍්තස‍්ස බොධිසත‍්තස‍්ස චක‍්ඛුපථං විජහනකාලෙයෙව අයං චතුනහුතාධිකා ද‍්වියොජනසතසහස‍්සබහලා මහාපථවී ඛලිබද‍්ධසාටකො විය ඵලිතා, අවීචිතො ජාලා නික‍්ඛමිත්‍වා රාජානං කුලදත‍්තියෙන රත‍්තකම‍්බලෙන පාරුපන‍්තී විය ගණ‍්හි. සො උය්‍යානද‍්වාරෙයෙව පථවිං පවිසිත්‍වා අවීචිමහානිරයෙ පතිට‍්ඨහි. බොධිසත‍්තොපි තං දිවසමෙව කාලමකාසි. රාජපරිසා ච නාගරා ච ගන්‍ධමාලාධූමහත්‍ථා ආගන‍්ත්‍වා බොධිසත‍්තස‍්ස සරීරකිච‍්චං අකංසු. කෙචි පනාහු “බොධිසත‍්තො පුන හිමවන‍්තමෙව ගතො”ති, තං අභූතං.
මේ අතර උයනින් නික්මුණු රජු බෝසතුන්ගේ ඇස් හමුවෙන් බැහැර වෙනවාත් සමගම, යොදුන් දෙලක්ෂන සතළිස් දහසක් ඝන වූ, මේ මහා පොළොව පාප්ප ගා අලවන ලද රෙදිකඩක් මෙන් පැලී විවර විය. අවීචියෙන් පැමිණි ගිනිදැල්, රජපවුලට අයත් රතුපැහැති සළුවකින් වසා ගත්තාක් මෙන්, රජු වැළඳ ගත්තේය. මෙසේ ඔහු උයන් දොරටුවේදීම, පොළොව තුළට වැද, අවීචි මහ නිරයට වැටුණි. බෝසත් තෙමේ එදිනම, කලුරිය කෙළේය. රාජපුරුෂයෝ ද, නුවර වැස්සෝ ද සුවඳ - මල් - පහන් ගත් අත් ඇතිව, උයනට පිවිස, බෝසතුන්ගේ ආදාහන කටයුතු සිදු කළහ. ඇතැම් අය ‘බෝසත් තෙමේ හිමාලයට ගියේ යැ’යි කියති. එය නො විය හැක්කකි. පහත දැක්වෙනුයේ මේ සම්බන්ධයෙන් බුදුරදුන් වදාළ ගාථා දෙකකි.
“අහූ අතීතමද‍්ධානං, සමණො ඛන‍්තිදීපනො; තං ඛන‍්තියායෙව ඨිතං, කාසිරාජා අඡෙදයි.
3. අතීත කාලයෙහි ඉවසීම වර්ණනා කරන ශ්‍රමණයෙක් විය. කසී රජ, ඉවසීමෙහි පිහිටි ඔහු ඡේදනය කරවීය.
“තස‍්ස කම‍්මඵරුසස‍්ස, විපාකො කටුකො අහු; යං කාසිරාජා වෙදෙසි, නිරයම‍්හි සමප‍්පිතො”ති. –
4. නිරයෙහි වැටුණු කසී රජ, යම් දුකක් විඳීද? (ඔහුගේ) ඒ නපුරු ක්‍රියාවේ විපාකය අතිශයින් කටුක විය.
ඉමා ද‍්වෙ අභිසම‍්බුද‍්ධගාථා.
තත්‍ථ අතීතමද‍්ධානන‍්ති අතීතෙ අද‍්ධානෙ. ඛන‍්තිදීපනොති අධිවාසනඛන‍්තිසංවණ‍්ණනො. අඡෙදයීති මාරාපෙසි. එකච‍්චෙ පන “බොධිසත‍්තස‍්ස පුන හත්‍ථපාදකණ‍්ණනාසා ඝටිතා”ති වදන‍්ති, තම‍්පි අභූතමෙව. සමප‍්පිතොති පතිට‍්ඨිතො.
මෙහි ‘අතීතමද්ධානං’ යනු ‘ඉක්මැ ගිය කාලයෙහි’ යන අර්ථයි. ‘ඛන්තිදීපනො’ යනු ‘ඉවසීම නම් වූ ක්‍ෂාන්තිය වර්ණනා කිරීම’යි. ‘අඡෙදයි’ යනු ‘මැරෙව්වේය’ යන අර්ථයි. ඇතැම් තෙරවරු බෝසතුන්ගේ අත් පා නැවත සිරුරට සවි වූ බවක් කියති. එහෙත් එය නො වූවකි. ‘සමප්පිතො’ යනු ‘පිහිටියේ’ යන අර්ථයි.
සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ කොධනො භික‍්ඛු අනාගාමිඵලෙ පතිට‍්ඨහි, අඤ‍්ඤෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසු.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, සත්‍යය ප්‍රකාශකොට ජාතකය නිමවා වදාළ සේක. දේශනාව අවසානයේ කිපෙනසුලු භික්‍ෂුව අනාගාමී විය. එහි සිටි බොහෝ අය සෝවාන් ආදී ඵලයන්ට පත් වූහ.
තදා කලාබුරාජා දෙවදත‍්තො අහොසි, සෙනාපති සාරිපුත‍්තො, ඛන‍්තිවාදී තාපසො පන අහමෙව අහොසින‍්ති.
එදා කලාබු රජු නම්, දේවදත්ත විය. සෙන්පතියා නම් සැරියුත් තෙරණුවෝය. ක්‍ෂාන්තිවාදී තාපසයා වූ කලී, ‘මම ම වීමි’ යි, බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දක්වා වදාළ සේක.
ඛන‍්තිවාදීජාතකවණ‍්ණනා තතියා.