යෙදුමෙන් කියවන්න

4. ලොහකුම‍්භිජාතකවණ‍්ණනා 314 අට‍්ඨකථා

4. ලොහකුම‍්භිජාතකවණ‍්ණනා (314)

4. ලෝහකුම්භි ජාතකය (314)

දුජ‍්ජීවිතමජීවිම‍්හාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො කොසලරාජානං ආරබ‍්භ කථෙසි. තදා කිර කොසලරාජා රත‍්තිභාගෙ චතුන‍්නං නෙරයිකසත‍්තානං සද‍්දං සුණි. එකො දු-කාරමෙව භණි, එකො ස-කාරං, එකො න-කාරං, එකො සො-කාරමෙවාති. තෙ කිර අතීතභවෙ සාවත්‍ථියංයෙව පාරදාරිකා රාජපුත‍්තා අහෙසුං. තෙ පරෙසං රක‍්ඛිතගොපිතමාතුගාමෙසු අපරජ‍්ඣිත්‍වා චිත‍්තකෙළිං කීළන‍්තා බහුං පාපකම‍්මං කත්‍වා මරණචක‍්කෙන ඡින‍්නා සාවත්‍ථිසාමන‍්තෙ චතූසු ලොහකුම‍්භීසු නිබ‍්බත‍්තා සට‍්ඨි වස‍්සසහස‍්සානි තත්‍ථ පච‍්චිත්‍වා උග‍්ගතා ලොහකුම‍්භිමුඛවට‍්ටිං දිස‍්වා “කදා නු ඛො ඉමම‍්හා දුක‍්ඛා මුච‍්චිස‍්සාමා”ති චත‍්තාරොපි මහන‍්තෙන සද‍්දෙන අනුපටිපාටියා විරවිංසු. රාජා තෙසං සද‍්දං සුත්‍වා මරණභයතජ‍්ජිතො නිසින‍්නකොව අරුණං උට‍්ඨාපෙසි.

‘දුජ්ජීවිතං’ යන මේ ගාථා කොටස සඳහන් වන ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම දී, කොසොල් රජු අරබයා වදාළ සේක. කොසොල් රජතුමා දිනක් රාත්‍රී කාලයේ දී නිරයෙහි වෙසෙන සතුන් සතර දෙනෙකුන්ගේ, ශබ්ද සතරක් ඇසී, බියට පත්විය. එකෙක් ‘දු’ යන්න පමණක් කීය. දෙවැන්නා ‘ස’ යන්නක් ද, තෙවැන්නා ‘න’ යන්නක් ද, සිව්වැනියා ‘සො’ යන්නක් ද කීහ. මේ සිව්දෙනා වූ කලී පෙර භවයක සැවැත් නුවර දී පරදාර සේවනයෙහි යෙදුණු රාජ පුත්‍රයෝ වූහ. ඔවුහු අනුන්ගේ රැකවරණයෙහි සිටි කාන්තාවන්ට දූෂණ අපරාධ කොට, සෙල්ලක්කාරව ජීවත් වෙමින්, බොහෝ පව්කම් සිදුකොට, මැරීගොස් සැවැත්නුවර අසල, ලෝකුඹු සතරක ඉපිද, අවුරුදු සැටදහසක් එහි පැසෙමින් සිට, දණක් උඩටවිත්, ලෝකුමු මුවවිට දැක, ‘අපි කවදා නම්, මේ දුකෙන් මිදෙන්නෙමුදැ’යි සතර දෙනා ම, මහත් සේ හඬනගා අනුපිළිවෙලින් කෑගැසූහ. ඔවුන්ගේ ශබ්දය ඇසූ රජතුමා, මරණ භයෙන් බියපත්ව හිඳගෙනම රැය පහන් කෙළේය.

අරුණුග‍්ගමනවෙලාය බ්‍රාහ‍්මණා ආගන‍්ත්‍වා රාජානං සුඛසයිතං පුච‍්ඡිංසු. රාජා “කුතො මෙ ආචරියා සුඛසයිතං, අජ‍්ජාහං එවරූපෙ චත‍්තාරො භිංසනකසද‍්දෙ සුණි”න‍්ති. බ්‍රාහ‍්මණා හත්‍ථෙ විධුනිංසු. “කිං ආචරියා”ති? “සාහසිකසද‍්දා, මහාරාජා”ති. “සපටිකම‍්මා අප‍්පටිකම‍්මා”ති? “කාමං අප‍්පටිකම‍්මා, මයං පන සුසික‍්ඛිතා, මහාරාජා”ති. “කිං කත්‍වා පටිබාහිස‍්සථා”ති? “මහාරාජ, පටිකම‍්මං මහන‍්තං න සක‍්කා කාතුං, මයං පන සබ‍්බචතුක‍්කං යඤ‍්ඤං යජිත්‍වා හාරෙස‍්සාමා”ති. “තෙන හි ඛිප‍්පං චත‍්තාරො හත්‍ථී චත‍්තාරො අස‍්සෙ චත‍්තාරො උසභෙ චත‍්තාරො මනුස‍්සෙති ලටුකිකසකුණිකා ආදිං කත්‍වා චත‍්තාරො චත‍්තාරො පාණෙ ගහෙත්‍වා සබ‍්බචතුක‍්කයඤ‍්ඤං යජිත්‍වා මම සොත්‍ථිභාවං කරොථා”ති. “සාධු, මහාරාජා”ති සම‍්පටිච‍්ඡිත්‍වා යෙනත්‍ථො, තං ගහෙත්‍වා යඤ‍්ඤාවාටං පච‍්චුපට‍්ඨපෙසුං, බහුපාණෙ ථූණූපනීතෙ කත්‍වා ඨපෙසුං. “බහුං මච‍්ඡමංසං ඛාදිස‍්සාම, බහුං ධනං ලභිස‍්සාමා”ති උස‍්සාහප‍්පත‍්තා හුත්‍වා “ඉදං ලද‍්ධුං වට‍්ටති, ඉදං ලද‍්ධුං වට‍්ටති, දෙවා”ති අපරාපරං චරන‍්ති.

අරුණෝදයේදී, සිරිත් පරිදි බමුණෝ පැමිණ රජුගෙන් ‘සැප සේ නිදා ගත්තේදැ’යි විචාළහ. ‘ආචාර්යවරුනි, අපට සැප නින්දක් කොයින්ද? ගත වූ රාත්‍රියේ දී මම මෙබඳු බියකරු ශබ්ද හතරක් ඇසීමි’යි රජතුමා පැවසීය. ඒ ඇසූ බමුණෝ අත් සැලූහ. ඒ දුටු රජතුමා ‘කිමෙක්ද? ආචාර්යවරුනි, එය භයානකදැ’යි, ඇසීය. ‘එයට පිළියම් කළ හැකිද? නොහැකිදැ’යි තවදුරටත් ඇසීය. ‘දේවයිනි, ඒකාන්තයෙන්ම මෙයට පිළියම් කළ නොහැකිය. එහෙත් අපි ඉතා හොඳින් ඉගෙනගත් අය නිසා පිළියම් කිරීම බැරෑරුම් නොවේයැ’යි බමුණෝ පැවසූහ. ‘ඇදුරුවරුනි, කුමක් කොට උවදුරු බැහැර කරවුද?’ ‘රජතුමනි, මීට කළයුතු ප්‍රතිකර්මය අතිවිශාලය. පහසුවෙන් නොකළ හැක්කකි. ‘සර්ව චතුෂ්ක’ යාගය සිදුකොට උවදුරු බැහැර කරන්නෙමු’යි බමුණෝ කීහ. එවිට රජතුමා ‘එසේ නම් වහා ඇතුන් සතර දෙනෙකුන් ද, අසුන් සතර දෙනකුන් ද, ගොනුන් සතර දෙනකුන් ද, මිනිසුන් සතර දෙනකුන් ද, කැටකිරිල්ලන්ගේ පටන් සියලු වර්ගවලින් සිව්දෙනා බැගින් ප්‍රාණීන් රැස්කොට, ‘සර්ව චතුෂ්ක’ යාගය සිදුකොට මට යහපත කරවුයැ’යි පැවසීය. ‘යහපතැ’යි උත්තර දුන් බමුණෝ, රජවාසලෙන් විවිධ දෑ ගෙන ගොස්, යාගාවාටය සකස් කළහ. බොහෝ සතුන්ද යාග කණුවෙහි බැඳ තැබූහ. ‘බොහෝ මාලු හා මස් අනුභව කරන්නෙමු. බොහෝ ධනය ද ලබන්නෙමු’යි, බමුණෝ උත්සාහවත් වූහ. තවදුරටත් ‘දේවයිනි, යාගය සඳහා මේ මේ දේ ලැබීමට අවශ්‍යයැ’යි කියමින්, බමුණෝ නැවත නැවත මාලිගාවට එති.

මල‍්ලිකා දෙවී රාජානං උපසඞ‍්කමිත්‍වා “කිං නු ඛො, මහාරාජ, බ්‍රාහ‍්මණා අතිවිය උස‍්සාහයන‍්තා විචරන‍්තී”ති පුච‍්ඡි. “දෙවි කිං තුය‍්හිමිනා, ත්‍වං අත‍්තනො යසෙනෙව මත‍්තා පමත‍්තා, දුක‍්ඛං පන අම‍්හාකමෙව න ජානාසී”ති? “කිං , මහාරාජා”ති. “දෙවි, අහං එවරූපං නාම අසොතබ‍්බං සුණිං, තතො ඉමෙසං සද‍්දානං සුතත‍්තා “කිං භවිස‍්සතී”ති බ්‍රාහ‍්මණෙ පුච‍්ඡිං, බ්‍රාහ‍්මණා “තුම‍්හාකං මහාරාජ රජ‍්ජස‍්ස වා භොගානං වා ජීවිතස‍්ස වා අන‍්තරායො පඤ‍්ඤායති, සබ‍්බචතුක‍්කෙන යඤ‍්ඤං යජිත්‍වා සොත්‍ථිභාවං කරිස‍්සාමා”ති වදිංසු, තෙ මය‍්හං වචනං ගහෙත්‍වා යඤ‍්ඤාවාටං කත්‍වා යෙන යෙනත්‍ථො, තස‍්ස තස‍්ස කාරණා ආගච‍්ඡන‍්තී”ති. “කිං පන දෙව, ඉමෙසං සද‍්දානං නිප‍්ඵත‍්තිං සදෙවකෙ ලොකෙ අග‍්ගබ්‍රාහ‍්මණං පුච‍්ඡිත්‍ථා”ති? “කො එස දෙවි, සදෙවකෙ ලොකෙ අග‍්ගබ්‍රාහ‍්මණො නාමා”ති? “මහාගොතමො සම‍්මාසම‍්බුද‍්ධො”ති. “දෙවි, සම‍්මාසම‍්බුද‍්ධො මෙ න පුච‍්ඡිතො”ති? “තෙන හි ගන‍්ත්‍වා පුච‍්ඡථා”ති.

මේ දුටු මල්ලිකා දේවිය රජු වෙත එළඹ ‘මහරජතුමනි, මේ කිමෙක්ද? මේ තරම් උනන්දුවෙන් බමුණන් රජවාසය අවට සැරි සරන්නට හේතුව කුමක්දැ’යි ඇසුවාය. එවිට රජතුමා ‘ඔබට රජ වාසල කටයුතු සෙවීමට වේලාවක් කොයින්ද? අප විඳින දුක රජඉසුරින් මත් වූ ඔබට නො පෙනේයැ’යි කීය. ‘කිමෙක්ද මහරජතුමනි, ඔබේ දුක අපටද කියනු මැනව.’ ‘දේවිය, කෙනකු විසින් නොඇසිය යුතු මෙබඳු වූ, ශබ්ද හතරක් මා විසින් අසන ලදි. මා ඇසූ ඒ ශබ්ද ගැන බමුණන්ගෙන් විචාළෙමි.’ එවිට බමුණෝ ‘මහරජතුමනි, ඔබගේ රාජ්‍යයට හෝ, සම්පත්වලට හෝ, ජීවිතයට හෝ, අනතුරක් ඇති බව පෙනී යයි, ඉන් මිදෙන්නට යාගයක් කළයුතුව ඇත. එබැවින් අපි ඔබ වෙනුවෙන් සර්වචතුෂ්ක යාගයක් සිදුකොට සෙත් කරන්නෙමු’යි පැවසූහ. ඔවුහු මගෙන් අවසර ගෙන යාගාවාටයක් තනවා, යාගය සඳහා අවශ්‍ය යම් යම් දෑ වෙනුවෙන් නිතර මෙහි පැමිණෙති’යි රජතුමා කීය. එවිට මල්ලිකා දේවිය ‘කිමෙක්ද, දේවයිනි, ඔබ ඇසූ ශබ්දයන්ගේ පලාපල දෙවියන් සහිත වූ මේ ලෝකයේ අග්‍ර වූ බ්‍රාහ්මණයාගෙන් විචාළෙහිදැ’යි ඇසුවාය. ‘දේවිය, ඒ උතුමා කවරෙක්ද?’ ‘රජතුමනි, ඒ ශ්‍රමණ භවත් ගෞතම බුදුරජාණන් වහන්සේය.’ ‘දේවිය, උන්වහන්සේගෙන් මේ ගැන අසන්නට මට බැරි විය.’ ‘එසේ වීම් රජතුමනි, දැන්මම ගොස් විචාළ මැනවැ’යි මල්ලිකා දේවිය රජු උනන්දු කළාය.

රාජා තස‍්සා වචනං ගහෙත්‍වා භුත‍්තපාතරාසො රථවරමාරුය‍්හ ජෙතවනං ගන‍්ත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා පුච‍්ඡි “අහං, භන‍්තෙ, රත‍්තිභාගෙ චත‍්තාරො සද‍්දෙ සුත්‍වා බ්‍රාහ‍්මණෙ පුච‍්ඡිං, තෙ ‘සබ‍්බචතුක‍්කයඤ‍්ඤං යජිත්‍වා සොත්‍ථිං කරිස‍්සාමා’ති වත්‍වා යඤ‍්ඤාවාටෙ කම‍්මං කරොන‍්ති, තෙසං සද‍්දානං සුතත‍්තා මය‍්හං කිං භවිස‍්සතී”ති. “න කිඤ‍්චි, මහාරාජ, නෙරයිකසත‍්තා දුක‍්ඛමනුභවන‍්තා එවං විරවිංසු, න ඉමෙ සද‍්දා ඉදානි තයා එව සුතා, පොරාණකරාජූහිපි සුතායෙව, තෙපි බ්‍රාහ‍්මණෙ පුච‍්ඡිත්‍වා පසුඝාතයඤ‍්ඤං කත‍්තුකාමා හුත්‍වා පණ‍්ඩිතානං කථං සුත්‍වා න කරිංසු, පණ‍්ඩිතා තෙසං සද‍්දානං අන‍්තරං කථෙත්‍වා මහාජනං විස‍්සජ‍්ජාපෙත්‍වා සොත්‍ථිමකංසූ”ති වත්‍වා තෙන යාචිතො අතීතං ආහරි.

රජතුමා දේවියගේ මෙම වචන අසා උදෑසන ආහාරය ගත් විගසම රාජකීය රථයට නැග දෙව්රමට ගොස් බුදුරදුන් වැඳ, ‘ස්වාමීනි, බුදුරජාණන් වහන්ස, ගෙවීගිය රාත්‍රියෙහි මම මෙබඳු ශබ්ද හතරක් ඇසීමි. පසුව උදෑසන ඒ ගැන බමුණන්ට සැලකෙළෙමි. දැන් ‘ඔවුහු එකතුව යාග කොට සෙත් කරනු පිණිස යාගාවාටයක් ඉදි කෙරෙති’යි සියලු විස්තර පැවසීය. ‘ස්වාමීනි, ඒ ශබ්ද ඇසීමෙන් අපට කුමක් වන්නේ දැ’යි වදාරනු මැනවැයි ඉන්පසු රජ කීය. එවිට බුදුරජාණන් වහන්සේ, මහරජ, ඔබට මින් සිදුවන දෙයක් නැත. දුක්විඳින නිරිසතුන්ගේ ශබ්ද කිහිපයක් ඔබ ශ්‍රවණය කළ බව පෙනේ. මේ ශබ්ද, මෙලෙසම ශ්‍රවණය කළ පළමුවැන්නා ඔබ නොවේ. පෙර රජවරුද මෙසේම ශ්‍රවණය කළහයි ද, අනතුරුව ඔවුහු බමුණන්ගේ උතුමන්ගේ කථා අසා, එය අත්හළහයි ද, අනතුරුව ඒ උතුමෝ එම රජවරුන්ටත්, රටවැසියන්ටත්, ඉහත කී ශබ්දයන්ගේ අර්ථ වටහා දී, සියල්ල විසඳා, හැමදෙනාටම සෙත සැලසූහ’යි වදාරා කොසොල් රජුගේ අයැදුමෙන් මේ අතීත කථාව මෙසේ ගෙනහැර දැක්වූහ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො අඤ‍්ඤතරස‍්මිං කාසිගාමෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො කාමෙසු ආදීනවං දිස‍්වා කාමෙ පහාය ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා අභිඤ‍්ඤා ච සමාපත‍්තියො ච උප‍්පාදෙත්‍වා ඣානකීළං කීළන‍්තො හිමවන‍්තෙ රමණීයෙ වනසණ‍්ඩෙ වසති. තදා බාරාණසිරාජා චතුන‍්නං නෙරයිකානං ඉමෙව චත‍්තාරො සද‍්දෙ සුත්‍වා භීතතසිතො ඉමිනාව නියාමෙන බ්‍රාහ‍්මණෙහි “තිණ‍්ණං අන‍්තරායානං අඤ‍්ඤතරො භවිස‍්සති, සබ‍්බචතුක‍්කයඤ‍්ඤෙන තං වූපසමෙස‍්සාමා”ති වුත‍්තෙ සම‍්පටිච‍්ඡි. පුරොහිතො බ්‍රාහ‍්මණෙහි සද‍්ධිං යඤ‍්ඤාවාටං පච‍්චුපට‍්ඨාපෙසි, මහාජනො ථූණූපනීතො අහොසි. තදා බොධිසත‍්තො මෙත‍්තාභාවනං පුරෙචාරිකං කත්‍වා දිබ‍්බචක‍්ඛුනා ලොකං ඔලොකෙන‍්තො ඉමං කාරණං දිස‍්වා “අජ‍්ජ, මයා ගන‍්තුං වට‍්ටති, මහාජනස‍්ස සොත්‍ථි භවිස‍්සතී”ති ඉද‍්ධිබලෙන වෙහාසං උප‍්පතිත්‍වා බාරාණසිරඤ‍්ඤො උය්‍යානෙ ඔතරිත්‍වා මඞ‍්ගලසිලාපට‍්ටෙ කඤ‍්චනරූපකං විය නිසීදි. තදා පුරොහිතස‍්ස ජෙට‍්ඨන‍්තෙවාසිකො ආචරියං උපසඞ‍්කමිත්‍වා “නනු, ආචරිය, අම‍්හාකං වෙදෙසු පරං මාරෙත්‍වා සොත්‍ථිකරණං නාම නත්‍ථී”ති ආහ. පුරොහිතො “ත්‍වං රාජධනං රක‍්ඛසි, බහුං මච‍්ඡමංසං ඛාදිස‍්සාම, ධනං ලභිස‍්සාම, තුණ‍්හී හොහී”ති තං පටිබාහි.

අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරන කල්හි, බෝසත් තෙමේ කසී රට එක් බමුණු කුලයක ඉපිද, නිසිවියට පත්ව, කාමයන් අත්හැර සෘෂි පැවිද්දෙන් පැවිදිව ධ්‍යාන හා අභිඥා උපදවා, ධ්‍යාන සුවයෙන් හිමාල වනයේ රමණීය වනලැහැබක වාසය කරයි. එකල්හී බරණැස් රජතුමා නිරි සතුන් සතර දෙනෙකුගේ, ඉහත කී ආකාරයේ ම ශබ්ද සතරක් ශ්‍රවණය කොට, බියෙන් ත්‍රස්තව ඉහත කී න්‍යායයෙන් ම බමුණන් විසින් රජුට කරුණු කියා, ‘සර්ව චතුෂ්ක’ යාගයෙන් උවදුරු දුරු කිරීමට උත්සාහ ගන්නා ලදි. රජුගේ පුරෝහිතයා ද සෙසු බමුණන් සමග යාගාවාටයේ කටයුතුවලට සම්බන්ධ වී ක්‍රියා කෙළේය. විශාල සත්ත්ව පිරිසක් ද යාගස්ථම්භය වෙත පමුණුවා තිබුණි. එකල බෝසත් තෙමේ මෙත් වඩමින් චාරිකාවේ යෙදෙද්දී, දිවැසින් ලෝකය බලනවිට, මේ කරුණ දුටුවේය. අනතුරුව ‘අද ම මම රටේ රජු වෙත ගොස් රජුටත්, මහ ජනතාවටත්, සෙත සලසන්නෙමි’යි, සෘද්ධි බලයෙන් අහසට පැන නැගී, බරණැස් රජුගේ උයනට බැස, එහි මඟුල් ගල් තලාවේ රන්රුව්ක මෙන් වැඩ හුන්නේය. එදින පුරෝහිත බමුණාගේ ප්‍රධාන අතවැසියා, පුරෝහිත බමුණාට කතාකොට ‘ඇදුරුතුමනි, අපේ වේදයන්හි එකකු මරා තවකකුට සෙත් කිරීමක් නැහැ නොවේදැ’යි විමසීය. එවිට පුරෝහිතයා ‘නුඹ රජුගේ ධනය රකින්නට උත්සාහ ගන්නෙහිද? අපි මේ අවස්ථාවෙන් ප්‍රයේජන ගෙන, බොහෝ මස්මාංශ ද කන්නෙමු. ධනය ද ලබන්නෙමු. තොප කට පියාගෙන හිඳුව’යි ඔහු වැළකීය.

සො “නාහං එත්‍ථ සහායො භවිස‍්සාමී”ති නික‍්ඛමිත්‍වා රාජුය්‍යානං ගන‍්ත්‍වා බොධිසත‍්තං දිස‍්වා වන්‍දිත්‍වා කතපටිසන්‍ථාරො එකමන‍්තං නිසීදි. බොධිසත‍්තො “කිං, මාණව, රාජා ධම‍්මෙන රජ‍්ජං කාරෙතී”ති පුච‍්ඡි. “භන‍්තෙ, රාජා ධම‍්මෙන රජ‍්ජං කාරෙති, රත‍්තිභාගෙ පන චත‍්තාරො සද‍්දෙ සුත්‍වා බ්‍රාහ‍්මණෙ පුච‍්ඡි. බ්‍රාහ‍්මණා ‘සබ‍්බචතුක‍්කයඤ‍්ඤං යජිත්‍වා සොත්‍ථිං කරිස‍්සාමා’”ති වදිංසු. රාජා පසුඝාතකම‍්මං කත්‍වා අත‍්තනො සොත්‍ථිං කාතුකාමො මහාජනො ථූණූපනීතො, “කිං නු ඛො, භන‍්තෙ, තුම‍්හාදිසානං සීලවන‍්තානං තෙසං සද‍්දානං නිප‍්ඵත‍්තිං වත්‍වා මහාජනං මරණමුඛා මොචෙතුං වට‍්ටතී”ති. “මාණව, රාජා අම‍්හෙ න ජානාති, මයම‍්පි තං න ජානාම, ඉමෙසං පන සද‍්දානං නිප‍්ඵත‍්තිං ජානාම, සචෙ රාජා අම‍්හෙ උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡෙය්‍ය, රාජානං නික‍්කඞ‍්ඛං කත්‍වා කථෙස‍්සාමා”ති. “තෙන හි, භන‍්තෙ, මුහුත‍්තං ඉධෙව හොථ, අහං රාජානං ආනෙස‍්සාමී”ති. “සාධු, මාණවා”ති. සො ගන‍්ත්‍වා රඤ‍්ඤො තමත්‍ථං ආරොචෙත්‍වා රාජානං ආනෙසි.

දෙටු අතවැසියා ද, ‘කරුණු මෙසේ නම්, මම මොවුන්ට සහය නොවන්නෙමි’යි එතනින් නික්ම රජුගේ උයනට ගියේය. එහිදී, ඔහුට අහම්බෙන් මෙන්, බෝසතුන් මුණගැසිණි. වහා එතනට ගිය ඔහු, බෝසතුන්ට වැඳ, පිළිසඳර කතාකොට, එකත්පස්ව වාඩිවිය. බෝසත් තෙමේ තරුණයා අමතා ‘කිමෙක්ද මානවකය? ‘රජ දැහැමින් රාජ්‍ය කෙරේදැ’යි විමසීය. ‘ස්වාමීනි, රජ දැහැමින් රාජ්‍යය කෙරේ. එහෙත් පසුගිය දිනෙක රාත්‍රී, ශබ්ද සතරක් ශ්‍රවණය කොට, බියපත් වූ රජතුමා බමුණන්ගෙන් ඒ ගැන විමසා, ඔවුන්ගේ මෙහෙයවීමෙන්, සර්ව චතුෂ්ක යාගය කිරීමට පෙළඹුණේය. තවද, රජු තිරිසනුන් ඝාතනය කොට, තමාට සෙත් කර ගැනීමට කැමති වන බවක් පෙනේ. විශාල සත්ත්ව පිරිසක් යාගස්ථම්භය වටා එක්රොක් කොට ඇත. කිමෙක්ද? ස්වාමීනි, රටවැස්සාට ද, රජුට ද, ඉහත කී ශබ්දයන්ගේ අර්ථ වටහා දී, විශාල සත්ත්ව පිරිසක් මරණයෙන් මුදවා ගැනීමට ඔබ වැනි සිල්වතුන්ට නො වටනේද?’ ‘මානවකය, රජතුමා අප නොහඳුනයි. අපිදු, ඔහු නොහඳුනමු. එහෙත් ඔබ කී ශබ්දයන්ගේ අර්ථ මැනවින් දනිමු. යම් විදියකින් රජතුමා, අප වෙත එළඹ විචාරන්නේ නම්, නිසැක ලෙස රජුට කරුණු කියන්නෙමු’යි තවුසා කීය. ‘එසේ වීනම් ස්වාමීනි, මොහොතක් මෙතනම වැඩහිඳිනු මැනවි. මම රජු කැටුව එන්නෙමි. මානවකය, ඉතා මැනව’යි තවුසා එය අනුමත කෙළේය. එතනින් වහා පිටත් වූ මානවකයා රජු කරා ගොස්, සියලු පුවත් දන්වා රජ කැඳවාගෙන තවුසා වෙතට ආයේය.

අථ රාජා බොධිසත‍්තං වන්‍දිත්‍වා එකමන‍්තං නිසින‍්නො පුච‍්ඡි “සච‍්චං කිර තුම‍්හෙ මයා සුතසද‍්දානං නිප‍්ඵත‍්තිං ජානාථා”ති? “ආම, මහාරාජා”ති. “කථෙථ, භන‍්තෙ”ති. “මහාරාජ, එතෙ පුරිමභවෙ පරෙසං රක‍්ඛිතගොපිතෙසු දාරෙසු චාරිත‍්තං ආපජ‍්ජිත්‍වා බාරාණසිසාමන‍්තෙ චතූසු ලොහකුම‍්භීසු නිබ‍්බත‍්තා පක‍්කුථිතෙ ඛාරලොහොදකෙ ඵෙණුද‍්දෙහකං පච‍්චමානා තිංස වස‍්සසහස‍්සානි අධො ගන‍්ත්‍වා කුම‍්භිතලං ආහච‍්ච උද‍්ධං ආරොහන‍්තා තිංසවස‍්සසහස‍්සෙනෙව කාලෙන කුම‍්භිමුඛං දිස‍්වා බහි ඔලොකෙත්‍වා චත‍්තාරො ජනා චතස‍්සො ගාථා පරිපුණ‍්ණං කත්‍වා වත‍්තුකාමාපි තථා කාතුං අසක‍්කොන‍්තා එකෙකමෙව අක‍්ඛරං වත්‍වා පුන ලොහකුම‍්භීසුයෙව නිමුග‍්ගා. තෙසු දු-කාරං වත්‍වා නිමුග‍්ගසත‍්තො එවං වත‍්තුකාමො අහොසි –

රජතුමා බෝසතුන් වැඳ, එකත්පස්ව හිඳ, ‘ස්වාමීනි, මෙය සත්‍යයක්ද? අපට අසන්නට ලැබුණු ශබ්දයන්ගේ අර්ථ ඔබවහන්සේ දන්නා සේක්දැ’යි ඇසීය. ‘එසේය මහරජතුමනි’, ‘එසේනම් ස්වාමීනි, කියනු මැනව’. ‘මහරජතුමනි, මේ ශබ්ද නැඟූ සත්ත්වයෝ සතර දෙනෙකි. පෙර ආත්ම භාවයකදී අනුන් විසින් රක්නා ලද, පරිස්සම් කළ වස්තූන්ට හානි සිදුකොට, බරණැස් නුවර සීමා කෙළවර, ලෝ කුඹු හතරක ඉපිද, පල් වූ කර්කශ ලෝ දියෙහි, පෙණ දමමින් පැසීමට ලක්ව, අවුරුදු තිස් දහසක් ලෝ කුඹුවේ යට ජීවත්ව සිට, ලෝ කුඹුවේ උඩට අවුත්, වසර තිස් දහසකට වරක්, ලෝ කුඹුවේ මුහුණත දැක, වටපිට බලා, නිරිසත්තු සතර දෙනා, ගාථා සතරක් පැවසීමට කැමති වුවද, උඩට පැමිණි ඒ සුලු වේලාව ඇතුළත, මුළුමනින් කියාගත නො හැකිව, ඒ ඒ ගාථාවේ මුල් අකුර පමණක් හඬ නගා කියා, නැවත ලෝ කුඹුවලම ගිලුණාහු වෙති. ඒ සතරදෙනා අතුරෙන්, ‘දු’ යන්න පමණක් කියා, ලෝ කුඹුවේ ගිලුණු පළමු සත්ත්වයා කියන්නට සිතා සිටි, සම්පූර්ණ ගාථාව මෙසේය.

‘දුජ‍්ජීවිතමජීවිම‍්හ , යෙ සන‍්තෙ න දදම‍්හසෙ; විජ‍්ජමානෙසු භොගෙසු, දීපං නාකම‍්හ අත‍්තනො’ති. –

දුජ්ජීවිතං අජීවිම්හ - යෙ සන්තෙ න ද දම්හසෙ, විජ්ජමානෙසු භොගෙසු - දීපං නා කම්හ අත්තනො ති

(අපි) නරක ජීවිකාවෙන් ජීවත් වූයෙමු. තිබූ කල්හි නො දුන්නෙමු. සම්පත් ඇති කල්හි, ස්වකීය යහපතට යමක් නො කෙළෙමු.

තං ගාථං පරිපුණ‍්ණං කාතුං නාසක‍්ඛී”ති වත්‍වා බොධිසත‍්තො අත‍්තනො ඤාණෙන තං ගාථං පරිපුණ‍්ණං කත්‍වා කථෙසි. සෙසාසුපි එසෙව නයො.

මෙසේ බෝසත් තෙමේ තමාගේ ඥානයෙන් ඉහත සඳහන් ගාථාව සම්පූර්ණකොට, කීවේය. සෙසු ගාථා ද, එසේමය. සතුන් සතර දෙනා අතුරෙන්,

තෙසු ස-කාරං වත්‍වා වත‍්තුකාමස‍්ස අයං ගාථා –

දෙවැන්නා කීමට කැමති වූ ගාථාව මෙසේය.

“සට‍්ඨි වස‍්සසහස‍්සානි, පරිපුණ‍්ණානි සබ‍්බසො; නිරයෙ පච‍්චමානානං, කදා අන‍්තො භවිස‍්සතී”ති.

2. නිරයෙහි පැසෙන අපට, මුළුමනින් වසර හැටදහසක් පිරුණි. මෙය කවදා අවසන් වන්නේද?

න-කාරං වත්‍වා වත‍්තුකාමස‍්ස අයං ගාථා –

තෙවැන්නා කීමට කැමති වූ ගාථාව මෙසේය.

“නත්‍ථි අන‍්තො කුතො අන‍්තො, න අන‍්තො පටිදිස‍්සති; තදා හි පකතං පාපං, මම තුය‍්හඤ‍්ච මාරිසා”ති.

3. නිදුකාණෙනි, මගෙත් ඔබෙත් පෙර කළ පව්, කෙළවරක් නැත. කොතැනින් අවසන් වන්නේදැ’යි අන්තයක් ද, නො පෙනෙන්නේය.

සො-කාරං වත්‍වා වත‍්තුකාමස‍්ස අයං ගාථා –

සිවුවැන්නා කීමට කැමති වූ ගාථාව මෙසේය.

“සොහං නූන ඉතො ගන‍්ත්‍වා, යොනිං ලද‍්ධාන මානුසිං; වදඤ‍්ඤූ සීලසම‍්පන‍්නො, කාහාමි කුසලං බහු”න‍්ති.

4. ඒ මම ඒකාන්තයෙන් ම, මෙතනින් ගොස් මිනිස් ජීවිතයක් ලැබ, පරිත්‍යාගශීලීව සීල සම්පන්නව බොහෝ වූ කුසල් කරමි.

තත්‍ථ දුජ‍්ජීවිතන‍්ති තීණි දුච‍්චරිතානි චරන‍්තො දුජ‍්ජීවිතං ලාමකජීවිතං ජීවති නාම, සොපි තදෙව සන්‍ධායාහ “දුජ‍්ජීවිතමජීවිම‍්හා”ති. යෙ සන‍්තෙ න දදම‍්හසෙති යෙ මයං දෙය්‍යධම‍්මෙ ච පටිග‍්ගාහකෙ ච සංවිජ‍්ජමානෙයෙව න දානං දදිම‍්හ. දීපං නාකම‍්හ අත‍්තනොති අත‍්තනො පතිට‍්ඨං න කරිම‍්හ. පරිපුණ‍්ණානීති අනූනානි අනධිකානි. සබ‍්බසොති සබ‍්බාකාරෙන. පච‍්චමානානන‍්ති අම‍්හාකං ඉමස‍්මිං නිරයෙ පච‍්චමානානං.

මෙහි ‘දුජ්ජීවිතං’ යනු ‘ත්‍රිවිධ දුශ්චරිත කරමින් නරක ජීවිතයක් ගෙවීම ලාමක දිවිපැවැත්ම නම් ඔහු ද ‘නරක ජීවිකාවෙන් ජීවත් වුණෙමු’යි ඒ සඳහා ම කී ය’ යන අර්ථයි. ‘යෙ සන්තෙ න ද දම්හසෙ’ යනු ‘ඒ අපි දිය යුතු දේ, පිළිගැනීමට අය සිටියදීත්, දන් නො දුන්නෙමු’යි යන අර්ථයි. ‘දීපං නාකම්හ’ යනු ‘සිය පැවැත්මට යමක් නො කළෙමු’යි යන අර්ථයි. ‘සබ්බසො’ යනු ‘සියලු ආකාරයෙන්’ යන අර්ථයි. ‘පරිපුණ්ණානි’ යනු ‘අඩුත් නැති වැඩිත් නැති’, යන අර්ථයි. ‘පච්චමානානං’ යනු ‘මේ නිරයෙහි පැසෙන අපට’ යන අර්ථයි.

නත්‍ථි අන‍්තොති “අම‍්හාකං අසුකකාලෙ නාම මොක‍්ඛො භවිස‍්සතී”ති එවං කාලපරිච‍්ඡෙදො නත්‍ථි. කුතො අන‍්තොති කෙන කාරණෙන අන‍්තො පඤ‍්ඤායිස‍්සති. න අන‍්තොති අන‍්තං දට‍්ඨුකාමානම‍්පි නො දුක‍්ඛස‍්ස අන‍්තො න පටිදිස‍්සති. තදා හි පකතන‍්ති තස‍්මිං කාලෙ මාරිසා මම ච තුය‍්හඤ‍්ච පකතං පාපං පකට‍්ඨං කතං අතිබහුමෙව කතං. “තථා හි පකත”න‍්තිපි පාඨො, තෙන කාරණෙන කතං, යෙනස‍්ස අන‍්තො දට‍්ඨුං න සක‍්කාති අත්‍ථො. මාරිසාති මයා සදිසා, පියාලපනමෙතං එතෙසං. නූනාති එකංසත්‍ථෙ නිපාතො, සො අහං ඉතො ගන‍්ත්‍වා යොනිං මානුසිං ලද‍්ධාන වදඤ‍්ඤූ සීලසම‍්පන‍්නො හුත්‍වා එකංසෙනෙව බහුං කුසලං කරිස‍්සාමීති අයමෙත්‍ථ අත්‍ථො.

‘නත්‍ථි අන්තො’ යනු ‘අපගේ මිදීම නම් අසවල් කාලයේ වන්නේ යැයි මෙබඳු කාල පරිච්ඡේදයක් නැත’ යන අර්ථයි. ‘කුතො අන්තො’ යනු ‘කුමන කරුණක් කෙළවරක් පෙනෙන්නේදැ’යි යන අර්ථයි. ‘න අන්තො’ යනු ‘අන්තය දකින කැමැත්තවුන්ට දුකේ කෙළවරක් නො පෙනෙන්නේය’ යන අර්ථයි. ‘තදාහි පකතං’ යනු ‘නිදුකාණෙනි, එකල වෙසෙසින් සිදු කළ පව්, ඔබෙත් මගෙත් ඉතා බහුලය’ යන අර්ථයි. ‘තථාහි පකතං’ යනු ද පාඨයකි. ‘යමක් නිසා පව් කරන ලදද? ඒ කාරණය නිසා ඔහුට විපාකයේ කෙළවරක් දක්නට නොහැකිය යන අර්ථයි. ‘මාරිස’ යන මේ වචනය ‘මා හා සමාන තැනැත්තා’ යන ප්‍රියමනාප ඇමතුමයි. ‘නූන’ යනු ‘එ්කාන්තයෙන් යන අර්ථයේ නිපාතයෙකි’. ඒ මම මෙතනින් ගොස්, මිනිස් අත්බවෙක උපත ලබා පරිත්‍යාගශීලීව, සීල සම්පන්නව, ඒකාන්ත වශයෙන්ම බොහෝ කුසල් කරන්නෙමි’යි යන මෙය මෙහි අර්ථයයි.

ඉති බොධිසත‍්තො එකමෙකං ගාථං වත්‍වා “මහාරාජ, සො නෙරයිකසත‍්තො ඉමං ගාථං පරිපුණ‍්ණං කත්‍වා වත‍්තුකාමො අත‍්තනො පාපස‍්ස මහන‍්තතාය තථා කථෙතුං නාසක‍්ඛි, ඉති සො අත‍්තනො කම‍්මවිපාකං අනුභවන‍්තො විරවි. තුම‍්හාකං එතස‍්ස සද‍්දස‍්ස සවනපච‍්චයා අන‍්තරායො නාම නත්‍ථි, තුම‍්හෙ මා භායිත්‍ථා”ති රාජානං සඤ‍්ඤාපෙසි. රාජා මහාජනං විස‍්සජ‍්ජාපෙත්‍වා සුවණ‍්ණභෙරිං චරාපෙත්‍වා යඤ‍්ඤාවාටං විද‍්ධංසාපෙසි. බොධිසත‍්තො මහාජනස‍්ස සොත්‍ථිං කත්‍වා කතිපාහං වසිත්‍වා තත්‍ථෙව ගන‍්ත්‍වා අපරිහීනජ‍්ඣානො බ්‍රහ‍්මලොකෙ උප‍්පජ‍්ජි.

මෙසේ බෝසත් තෙමේ එක් එක් ගාථාව කියා ‘මහරජතුමනි, ඒ නිරි සත්ත්වයා මේ ගාථාව පරිපූර්ණ කොට කියන්නට කැමති වුවත් තමාගේ පාපයේ මහත්භාවය නිසා එසේ කිරීමට අපොහොසත් විය. මෙසේ ඔහු තමාගේම කර්ම විපාකය විඳිමින්, මහ හඬින් කෑ ගැසීය. රජතුමනි, ඔහුගේ ශබ්දය ඇසීමෙන් ඔබට වන විපතක් නැත, එබැවින් ඔබ බිය නොවන්න’යි, රජු දැනුවත් කෙළේය. අනතුරුව රජතුමා මහා සත්ත්ව සමූහයා විසුරුවා හැර, රන් බෙර හසුරුවා, යාගාවාටය ද බිඳ දැම්මවීය. බෝසත් තෙමේ මහජනයාට යහපත සලසා, කිහිප දිනක් එහිම වැස, අනතුරුව හිමවතට ගොස්, ධ්‍යානයෙන් නොපිරිහී මෙලොව හැර බඹලොව උපන්නේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි – “තදා පුරොහිතස‍්ස ජෙට‍්ඨන‍්තෙවාසිකමාණවො සාරිපුත‍්තො අහොසි, තාපසො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ, මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. එදා පුරෝහිත මානවයා නම්, සැරියුත් තෙරණුවෝය. තවුසා වූ කලී, ‘මම ම වීමි’යි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දක්වා වදාළ සේක.

ලොහකුම‍්භිජාතකවණ‍්ණනා චතුත්‍ථා.