5. සබ්බමංසලාභජාතකවණ්ණනා 315 අට්ඨකථා
5. සබ්බමංසලාභජාතකවණ්ණනා (315)
5. මාංශ ජාතකය (315)
ඵරුසා වත තෙ වාචාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො සාරිපුත්තත්ථෙරෙන පීතවිරෙචනානං දින්නරසපිණ්ඩපාතං ආරබ්භ කථෙසි. තදා කිර ජෙතවනෙ එකච්චෙ භික්ඛූ ස්නෙහවිරෙචනං පිවිංසු. තෙසං රසපිණ්ඩපාතෙන අත්ථො හොති, ගිලානුපට්ඨාකා “රසභත්තං ආහරිස්සාමා”ති සාවත්ථිං පවිසිත්වා ඔදනිකඝරවීථියං පිණ්ඩාය චරිත්වාපි රසභත්තං අලභිත්වා නිවත්තිංසු. ථෙරො දිවාතරං පිණ්ඩාය පවිසමානො තෙ භික්ඛූ දිස්වා “කිං, ආවුසො, අතිපගෙව නිවත්තථා”ති පුච්ඡි. තෙ තමත්ථං ආරොචෙසුං. ථෙරො “තෙන හි එථා”ති තෙ ගහෙත්වා තමෙව වීථිං අගමාසි, මනුස්සා පූරෙත්වා රසභත්තං අදංසු. ගිලානුපට්ඨාකා රසභත්තං ආහරිත්වා ගිලානානං අදංසු, තෙ පරිභුඤ්ජිංසු . අථෙකදිවසං ධම්මසභායං භික්ඛූ කථං සමුට්ඨාපෙසුං “ආවුසො, ථෙරො කිර පීතවිරෙචනානං උපට්ඨාකෙ රසභත්තං අලභිත්වා නික්ඛමන්තෙ ගහෙත්වා ඔදනිකඝරවීථියං චරිත්වා බහුං රසපිණ්ඩපාතං පෙසෙසී”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, ඉදානි සාරිපුත්තොව මංසං ලභි, පුබ්බෙපි මුදුවාචා පියවචනා වත්තුං ඡෙකා පණ්ඩිතා ලභිංසූ”ති වත්වා අතීතං ආහරි.
‘ඵරුසා වත තෙ වාචා’ යන මේ ගාථා පදයට අයත් ජාතකය බුදුරජාණන් වහන්සේ දෙව්රම වැඩ වසද්දී, සැරියුත් තෙරුන් වහන්සේ විසින්, විරේක බෙහෙත් පානය කළ භික්ෂූන් පිරිසකට දෙන ලද, රසවත් පිණ්ඩපාතයක් නිමිති කොටගෙන, වදාළ සේක. එකල්හී ජේතවනාරාමයේදී, කිසියම් භික්ෂු පිරිසක් විරේක බෙහෙත් පානය කළහ. උන්වහන්සේට රසවත් පිණ්ඩපාතයක් ඇවැසි නිසා, ගිලානෝපස්ථායකයේ, ‘රස බත් ගෙනෙන්නෙමු’යි, සැවැත් නුවරට පිවිස කෑම විකුණන ගෙවල් ඇති වීදියේ, පිඬු පිණිස හැසිරුණු මුත් රස බත් නො ලැබ. ආපසු හැරී ආහ. මේ අතර සැරියුත් තෙරණුවෝ දවල් වී පිඬු පිණිස පිවිස, ඉහත කී ගිලානෝපස්ථායක භික්ෂූන් දැක, ‘කිමෙක්ද? ඇවැත්නි, වේලාසනින් ම ආපසු හැරුණාහුදැ’යි විචාළ සේක. ඔවුහු සිදුවූ සියල්ල සැරියුත් තෙරුන්ට කීහ. ඉක්බිති සැරියුත් තෙරණුවෝ ‘එසේ වී නම්, මා සමග එවු’යි, කියා ඒ පිරිසත් සමග ඉහත කී විදියටම වැඩි සේක. එහිදී මිනිස්සු පාත්‍රා පුරව පුරවා, රස බත් පිළිගැන්නූහ. උපස්ථායක භික්ෂූහු වෙහෙරට පැමිණ, ගිලනුන්ට දානය දුන්හ. ගිලන් භික්ෂූහු ද ඒ රස බත් වැළඳූහ. ඉක්බිති එක් දවසක් භික්ෂූහු දම්සභාවෙහි කතා කරමින් සිටියහ. ‘ඇවැත්නි, විරේක බෙහෙත් පානය කළ භික්ෂූන්ට වැළඳීම සඳහා, රස බත් සොයා ගිය උපස්ථායක භික්ෂූන් හිස් අතින් එනු දැක, සැරියුත් තෙරණුවෝ, ඔවුන් කැටුව ගොස්, බත් විකුණන ගෙවල් ඇති වීදියෙහි, පිඬු පිණිස හැසිර රස පිණ්ඩපාත බොහෝ සෙයින් ලැබ, ගිලනුන් සඳහා එවූහයි, යන මේ පුවත භික්ෂූන්ගේ කතාවට පාදක විය. එවිට බුදුරජාණන් වහන්සේ එතනට වැඩ, ‘මහණෙනි, කවර නම් කතාවක යෙදී සිටියාහුදැ’යි විචාරා, එය දැන, ‘මහණෙනි, සැරියුත් තෙරණුවෝ මෙවර උසස් දානයක් ලැබූහ. උන්වහන්සේ පෙර ද, මෘදු වචන ඇති, ප්‍රිය වචන කතා කරන, දක්ෂ වූ පඬිවරුන් ලැබූහයි වදාරා මේ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො සෙට්ඨිපුත්තො අහොසි. අථෙකදිවසං එකො මිගලුද්දකො බහුං මංසං ලභිත්වා යානකං පූරෙත්වා “වික්කිණිස්සාමී”ති නගරං ආගච්ඡති. තදා බාරාණසිවාසිකා චත්තාරො සෙට්ඨිපුත්තා නගරා නික්ඛමිත්වා එකස්මිං මග්ගසභාගට්ඨානෙ කිඤ්චි දිට්ඨං සුතං සල්ලපන්තා නිසීදිංසු. එතෙසු එකො සෙට්ඨිපුත්තො තං මංසයානකං දිස්වා “එතං ලුද්දකං මංසඛණ්ඩං ආහරාපෙමී”ති ආහ. “ගච්ඡ ආහරාපෙහී”ති. සො තං උපසඞ්කමිත්වා “අරෙ, ලුද්දක, දෙහි මෙ මංසඛණ්ඩ”න්ති ආහ. ලුද්දකො “මාරිස, පරං කිඤ්චි යාචන්තෙන නාම පියවචනෙන භවිතබ්බං, තයා කථිතවාචාය අනුච්ඡවිකං මංසඛණ්ඩං ලභිස්සසී”ති වත්වා පඨමං ගාථමාහ –
අතීතයේ බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ සිටුපුතෙක්ව උපන්නේය. කිසියම් දිනක එක් මුව වැද්දෙක් බොහෝ මස් ලැබ, කරත්තයක පුරවාගෙන, විකිණීම සඳහා නගරයට පැමිණියේය. එදා බරණැස් නුවර වැසි, සිටු පුත්‍රයෝ සතර දෙනෙක්, නුවරින් නික්ම, එක් මංසන්ධියකදී, තම තමන් ඇසූ දුටු දේවල් සම්බන්ධයෙන් කතා කරමින්, වාඩි වී සිටියහ. ඔවුන් අතුරින් එක් සිටුපුතෙක්, ඉහත කී මස් කරත්තය එනු දැක, ‘මම ඔය වැද්දා ලවා මස් කෑල්ලක් ගෙන්වා ගන්නෙම්දැ’යි සිය යහලුවන්ගෙන් ඇසීය. ‘යනු මැනව, ගොස් ඔහු ලවා ගෙන්වා ගන්න යැ’යි, මිතුරෝ කීහ. එවිට ඉහත කී සිටුපුත්‍රයා කරත්තය වෙත ගොස්, බොල, වැද්දෝ, මට මස් කෑල්ලක් දෙවැ’යි කීය. එවිට වැද්දා ‘අනුන්ගෙන් යමක් ඉල්ලනවිට, ප්‍රිය වචනයෙන් කතා කළ යුතුය. ඔබේ කතාවේ හැටියට, ඊට ගැලපෙන මස් කැබැල්ලක් ලැබීමට සුදුසුයැ’යි කියා මේ ගාථාව කීවේය.
“ඵරුසා වත තෙ වාචා, මංසං යාචනකො අසි; කිලොමසදිසී වාචා, කිලොමං සම්ම දම්මි තෙ”ති.
ඵරුසා වත තෙ වාචා - මංසං යාචනකො අසී, කිලොම සදීසි වාචා - කිලොමං සම්ම දදාමි තෙති
මිතුර, ඔබ යාචකයෙකි. ඔබේ වචන එකහෙලා ම පරුෂය. (පරුෂ වචන වනාහි දලඹුව හා සමානය) දලඹුව වැනි වචන කතා කරන ඔබට, දලඹුවෙහි මස් කෑල්ලක් දෙමි. (දලබුව යනු පෙනහැල්ලය)
තත්ථ කිලොමසදිසීති ඵරුසතාය කිලොමසදිසී. කිලොමං සම්ම දම්මි තෙති හන්ද ගණ්හ, ඉදං තෙ වාචාය සදිසං කිලොමං දම්මීති නිරසං නිමංසලොහිතං කිලොමකඛණ්ඩං උක්ඛිපිත්වා අදාසි.
මෙහි ‘කිලොමසදිසී’ යනු ‘පරුෂ බව නිසා දලබුව හා සමාන ය’ යන අර්ථයි. ‘කිලොමං සම්ම දදාමී තෙ’ යනු ‘ඒකාන්තයෙන් මෙය ගනුව, ඔබගේ වචනවලට ගැලපෙන්නට දලබුව දෙමියි කියා නීරස වූ දලබු කැබැල්ලක් වෙන්කොට දුන්නේය යන අර්ථයි.
අථ නං අපරො සෙට්ඨිපුත්තො “කින්ති වත්වා යාචසී”ති පුච්ඡි. “අරෙ”ති වත්වාති. සො “අහම්පි නං යාචිස්සාමී”ති වත්වා ගන්ත්වා “ජෙට්ඨභාතික, මංසඛණ්ඩං මෙ දෙහී”ති ආහ. ඉතරො “තව වචනස්ස අනුච්ඡවිකං මංසඛණ්ඩං ලභිස්සසී”ති වත්වා දුතියං ගාථමාහ –
ඉක්බිති වෙනත් සිටුපුත්‍රයෙක් කලින් කතා කළ සිටුපුතුගෙන් ‘ඔබ කුමක් කියා ඉල්ලීදැ’යි විචාළේය. ‘බොල’ කියා කතා කෙළෙමි යි ඔහු කීය. එවිට දෙවනුව කී සිටුපුත්‍රයා, ‘මම ද මස් කෑල්ලක් ඉල්ලා ගන්නෙමි’යි කියා වැද්දා ළඟට ගොස්, ‘අයියේ, මට මස් කෑල්ලක් දෙනු මැනවැ’යි කීය. එවිට වැද්දා ‘ඔබට ඔබේ කතාවට ගැලපෙන මස් කෑල්ලක් ලැබේයැ’යි කියා මේ ගාථාව කීය.
“අඞ්ගමෙතං මනුස්සානං, භාතා ලොකෙ පවුච්චති; අඞ්ගස්ස සදිසී වාචා, අඞ්ගං සම්ම දදාමි තෙ”ති.
2. ලෝකයේ ‘සොයුර’ යන මේ ඇමතුම මනුෂ්‍යත්වයේ අංගයකැයි, කියනු ලැබේ. ‘මිතුර, එම අංගයට සුදුසු වචන ඇති ඔබට ඊට ගැලපෙන මස් කොටසක් දෙමි’.
තස්සත්ථො – ඉමස්මිං ලොකෙ මනුස්සානං අඞ්ගසදිසත්තා අඞ්ගමෙතං යදිදං භාතා භගිනීති, තස්මා තවෙසා අඞ්ගසදිසී වාචාති එතිස්සා අනුච්ඡවිකං අඞ්ගමෙව දදාමි තෙති. එවඤ්ච පන වත්වා අඞ්ගමංසං උක්ඛිපිත්වා අදාසි.
මෙලොව මිනිසුන්ට අංග හා සමාන වන බැවින් ‘සොයුර’, ‘සොයුරිය’ යන ඇමතුම් ගැන ‘එතං අංගං’ යැයි කියන ලදි. එබැවින් ඒ වචන ඔබගේ ශරීරාංග හා සමානය. ඒ වචනය ගැලපෙන මස් කොටසක්ම ඔබට දෙමි, යන අදහසයි. මෙසේ කියා, මළ සතාගේ ඇඟෙන් මස් කොටසක් කපා ඔහුට දුන්නේය.
තම්පි අපරො සෙට්ඨිපුත්තො “කින්ති වත්වා යාචසී”ති පුච්ඡි. “භාතිකා”ති වත්වාති. සො “අහම්පි නං යාචිස්සාමී”ති වත්වා ගන්ත්වා “තාත, මංසඛණ්ඩං මෙ දෙහී”ති ආහ. ලුද්දකො තව වචනානූරූපං ලච්ඡසී”ති වත්වා තතියං ගාථමාහ –
එම සිටුපුත්රයාගෙන් තෙවැනි සිටපුත්රයා ‘ඔබ කුමක් කියා මස් ඉල්ලීදැ’යි ඇසීය. ‘අයියේ කියා කීවෙමැ’යි ඔහු පිළිතුරු දුනි. එවිට තෙවැනි සිටුපුත්‍රයා ද, ‘මමත් ඔහුගෙන් මස් කෑල්ලක් ඉල්ලා ගන්නෙමැ’යි කියා, ගොස් ‘පියාණෙනි, මට මස් කෑල්ලක් දෙනු මැනවැ’යි කීය. වැද්දා ‘ඔබේ වචනයට අනුරූප වූ මස් කොටසක් ඔබට ලැබේයැ’යි පවසා මේ ගාථාව කීය.
“තාතාති පුත්තො වදමානො, කම්පෙති හදයං පිතු; හදයස්ස සදිසී වාචා, හදයං සම්ම දම්මි තෙ”ති.
3. මිතුර, පුත්‍රයෙක් ‘පියාණනි’, කියා කතා කරමින්, පියාගේ හද කම්පා කෙරේද? එබඳු හෘදයංගම වචන ඇති ඔබට හදවතේ මස් දෙමි.
එවඤ්ච පන වත්වා හදයමංසෙන සද්ධිං මධුරමංසං උක්ඛිපිත්වා අදාසි.
මෙසේ කියා හදවතේ මසුත් ඇතුළුව, තවත් මිහිරි රසැති මස්, වෙන්කොට ඔහුට දුනි.
තං චතුත්ථො සෙට්ඨිපුත්තො “කින්ති වත්වා යාචසී”ති පුච්ඡි. සො “තාතා”ති වත්වාති. සො “අහම්පි යාචිස්සාමී”ති වත්වා ගන්ත්වා “සහාය මංසඛණ්ඩං මෙ දෙහී”ති ආහ. ලුද්දකො “තව වචනානුරූපං ලච්ඡසී”ති වත්වා චතුත්ථං ගාථමාහ –
ඔහුගෙන් සිව්වැනි සිටු පුත්‍රයා, ‘ඔබ කුමක් කියා කතා කෙළෙහිදැ’යි ඇසීය. එවිට තෙවැන්නා ‘පියාණෙනි, කියා කීවෙමැ’යි කීය. සිව්වැන්නා ද, ‘මමත් මස් කෑල්ලක් ඉල්ලා ගන්නෙමැ’යි කියා, වැද්දා වෙත ගොස්, ‘හිතවත මට මස් කෑල්ලක් දෙන්නැ’යි කීය. එවිට වැද්දා, ‘ඔබේ වචනයට සුදුසු, මස් කොටසක් ඔබට ලැබේයැ’යි පවසා මේ ගාථාව කීය.
“යස්ස ගාමෙ සඛා නත්ථි, යථාරඤ්ඤං තථෙව තං; සබ්බස්ස සදිසී වාචා, සබ්බං සම්ම දදාමි තෙ”ති.
4. මිතුර, යමකුට ගමේ යාලුවෝ නැද්ද? ඔහුට එම ගම කැලයක් බඳුය. සියල්ලට සුදුසු වචන ඇති, ඔබට මේ සියලු මස් දෙමි.
තස්සත්ථො – යස්ස පුරිසස්ස ගාමෙ සුඛදුක්ඛෙසු සහ අයනතො සහායසඞ්ඛාතො සඛා නත්ථි, තස්ස තං ඨානං යථා අමනුස්සං අරඤ්ඤං තථෙව හොති, ඉති අයං තව වාචා සබ්බස්ස සදිසී, සබ්බෙන අත්තනො සන්තකෙන විභවෙන සදිසී, තස්මා සබ්බමෙව ඉමං මම සන්තකං මංසයානකං දදාමි තෙති.
යම් පුරුෂයකුට ගමෙහි, සැප දුක් දෙක්හි සහ, ගමන් මඟක දී වශයෙන් සහායක ගණයෙහිලා ගැනෙන, මිතුරෙක් නැද්ද, එය ඔහුට මිනිස් වාසයෙන් තොර කැලයක් වැනිය. මෙසේ ඔබගේ මේ වචන ‘සියල්ලට සමාන’ය. එනම්, තමා සන්තක වූ සියලු සම්පත් හා සමානය යන අදහසයි. එබැවින් මා සන්තක වූ, මේ සියලුම මස් සහිත, කරත්තය ඔබට දෙමි යනුයි.
එවඤ්ච පන වත්වා “එහි, සම්ම, සබ්බමෙව ඉදං මංසයානකං තව ගෙහං ආහරිස්සාමී”ති ආහ. සෙට්ඨිපුත්තො තෙන යානකං පාජාපෙන්තො අත්තනො ඝරං ගන්ත්වා මංසං ඔතාරාපෙත්වා ලුද්දකස්ස සක්කාරසම්මානං කත්වා පුත්තදාරම්පිස්ස පක්කොසාපෙත්වා ලුද්දකම්මතො අපනෙත්වා අත්තනො කුටුම්බමජ්ඣෙ වසාපෙන්තො තෙන සද්ධිං අභෙජ්ජසහායො හුත්වා යාවජීවං සමග්ගවාසං වසි.
මෙසේ කියා ‘යහලුව, එනු මැනව. මේ මුළු මස් කරත්තය ම ඔබේ ගෙදරට ගෙන ගොස් දෙන්නෙමි කීය. සිටුපුත්‍රයා වැද්දාත් සමග කරත්තය පදවාගෙන ගොස්, තමාගේ ගෙදරට පැමිණ, මස් ටික බාගෙන වැද්දාටද, සත්කාර සම්මාන කොට වැද්දාගේ අඹුදරුවන් ද. සිය නිවසට කැඳවා ගෙන අවුත්, වැදි භාවයෙන් ඔවුන් හැමදෙනා මුදා, තමාගේ ම පවුලේ අය බවට පත් කරගෙන, පහසුවෙන් වසන්නට මඟ සලසා, ඔහු සමග නො බිඳෙන මිතුරුකමින් වෙළී, දිවි ඇති තෙක් සමගිව විසීය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා ලුද්දකො සාරිපුත්තො අහොසි, සබ්බමංසලාභී සෙට්ඨිපුත්තො පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ජාතක කතාව ගෙනහැර දක්වා, එය නිමවා වදාළ සේක. එකල වැද්දා නම් සැරියුත් තෙර විය. සියලු මස් හිමි වූ සිටු පුතා වූ කලී, ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.
සබ්බමංසලාභජාතකවණ්ණනා පඤ්චමා.