යෙදුමෙන් කියවන්න

6. සසපණ‍්ඩිතජාතකවණ‍්ණනා 316 අට‍්ඨකථා

6. සසපණ‍්ඩිතජාතකවණ‍්ණනා (316)

6. සස ජාතකය (316)

සත‍්ත මෙ රොහිතා මච‍්ඡාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො සබ‍්බපරික‍්ඛාරදානං ආරබ‍්භ කථෙසි. සාවත්‍ථියං කිර එකො කුටුම‍්බිකො බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස සබ‍්බපරික‍්ඛාරදානං සජ‍්ජෙත්‍වා ඝරද‍්වාරෙ මණ‍්ඩපං කාරෙත්‍වා බුද‍්ධප‍්පමුඛං භික‍්ඛුසඞ‍්ඝං නිමන‍්තෙත්‍වා සුසජ‍්ජිතමණ‍්ඩපෙ පඤ‍්ඤත‍්තවරාසනෙ නිසීදාපෙත්‍වා නානග‍්ගරසං පණීතදානං දත්‍වා පුන ස‍්වාතනායාති සත‍්තාහං නිමන‍්තෙත්‍වා සත‍්තමෙ දිවසෙ බුද‍්ධප‍්පමුඛානං පඤ‍්චන‍්නං භික‍්ඛුසතානං සබ‍්බපරික‍්ඛාරෙ අදාසි. සත්‍ථා භත‍්තකිච‍්චාවසානෙ අනුමොදනං කරොන‍්තො “උපාසක, තයා පීතිසොමනස‍්සං කාතුං වට‍්ටති, ඉදඤ‍්හි දානං නාම පොරාණකපණ‍්ඩිතානං වංසො, පොරාණකපණ‍්ඩිතා හි සම‍්පත‍්තයාචකානං ජීවිතං පරිච‍්චජිත්‍වා අත‍්තනො මංසම‍්පි අදංසූ”ති වත්‍වා තෙන යාචිතො අතීතං ආහරි.

‘සතක මෙ රොහිතා මච්ඡා’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වාසය කරද්දී, සියලු දැයින් සපිරි පිරිකර පූජාවක්, නිමිති කොටගෙන වදාළ සේක. සැවැත් නුවර එක් කෙළෙඹි පුත්‍රයෙක් බුද්ධ ප්‍රමුඛ මහ සඟනට සියලු පිරිකරින් සපිරි, දානයක් සකසා, නිවෙස ඉදිරිපිට මණ්ඩපයක් තනවා, බුදුපාමොක් මහ සඟනට ආරාධනා කොට, සරසන ලද මණ්ඩපයෙහි පනවන ලද, උතුම් ආසනයන්හි වඩා හිඳුවා, නොයෙක් මිහිරි රසැති ප්‍රණීත දානයක් පූජාකොට, නැවත ඊට පසුදාත්, ඊට පසුදාත් වශයෙන් සතියක් මහ දන් පවත්වා සත්වැනි දින බුද්ධ ප්‍රමුඛ පන්සියයක් භික්‍ෂූන් වහන්සේට, සියලු පිරිකරින් සපිරි දානයක්, පූජා කෙළේය. බුදුරජාණන් වහන්සේ බත් කිස අවසන, අනුමෝදනා දේශනාව වදාරන සේක්, ‘උපාසකය, මේ ඔබ විසින් අතිශයින්ම ප්‍රීති විය යුතු වෙලාවකි. මේ දානය වූ කලී, පෙර පඬිවරුන්ගේ වංශයට අයත් වූවකි. පැරණි පඬිවරු වනාහී ළඟට පැමිණි යාචකයන්ට, ජීවිත ආසාව අත්හැර ඇඟ මස් පවා, දන් දුන්හ’යි වදාරා ඔහුගේ අයැදුමෙන් මේ අතීත කථාව වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො සසයොනියං නිබ‍්බත‍්තිත්‍වා අරඤ‍්ඤෙ වසි. තස‍්ස පන අරඤ‍්ඤස‍්ස එකතො පබ‍්බතපාදො එකතො නදී එකතො පච‍්චන‍්තගාමකො අහොසි. අපරෙපිස‍්ස තයො සහායා අහෙසුං මක‍්කටො ච සිඞ‍්ගාලො ච උද‍්දො චාති. තෙ චත‍්තාරොපි පණ‍්ඩිතා එකතොව වසන‍්තා අත‍්තනො අත‍්තනො ගොචරට‍්ඨානෙ ගොචරං ගහෙත්‍වා සායන‍්හසමයෙ එකතො සන‍්නිපතන‍්ති. සසපණ‍්ඩිතො “දානං දාතබ‍්බං, සීලං රක‍්ඛිතබ‍්බං, උපොසථකම‍්මං කාතබ‍්බ”න‍්ති තිණ‍්ණං ජනානං ඔවාදවසෙන ධම‍්මං දෙසෙති. තෙ තස‍්ස ඔවාදං සම‍්පටිච‍්ඡිත්‍වා අත‍්තනො අත‍්තනො නිවාසගුම‍්බං පවිසිත්‍වා වසන‍්ති. එවං කාලෙ ගච‍්ඡන‍්තෙ එකදිවසං බොධිසත‍්තො ආකාසං ඔලොකෙත්‍වා චන්‍දං දිස‍්වා “ස‍්වෙ උපොසථදිවසො”ති ඤත්‍වා ඉතරෙ තයො ආහ “ස‍්වෙ උපොසථො, තුම‍්හෙපි තයො ජනා සීලං සමාදියිත්‍වා උපොසථිකා හොථ, සීලෙ පතිට‍්ඨාය දින‍්නදානං මහප‍්ඵලං හොති, තස‍්මා යාචකෙ සම‍්පත‍්තෙ තුම‍්හෙහි ඛාදිතබ‍්බාහාරතො දානං දත්‍වා ඛාදෙය්‍යාථා”ති. තෙ “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා අත‍්තනො අත‍්තනො වසනට‍්ඨානෙසු වසිංසු.

අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජතුමා රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ සා ජාතියේ ඉපිද, කැලයෙහි වාසය කරයි. මේ කැලයෙහි එක් පැත්තකින් පර්වතයක්ද, තවත් පැත්තකින් නදියක් ද තවත් පැත්තකින් පසල් ගමක් ද විය. සාවාට වඳුරෙක් ද, සිවලෙක් ද, දිය බල්ලෙක් ද වශයෙන් මිතුරන් තිදෙනෙක් වූහ. මේ නුවණැති සත්ත්වයෝ සතර දෙනා එක්ව වසමින් තම තමන්ගේ ගොදුරු බිම්වලින් ගොදුරු ගෙන සැඳෑසමයෙහි එකට එක් වෙති. එහිදී, සාවා සිය මිතුරන් අමතා, ‘දන් දිය යුතුය, සිල් රැකිය යුතුය, පොහොයට සිල් සමාදන් විය යුතුයැ’යි ඒ තිදෙනාට අනුශාසනා කරමින් අවවාද වශයෙන් බණ කියයි. සෙසු අය ද, ඒවා පිළිගෙන තම තමන්ගේ නිවෙස්වලට පිවිස, වාසය කරති. මෙසේ කාලය ගතවන කල්හි, දිනෙක බෝසත් තෙමේ අහස දෙස බලා, හඳ දැක ‘හෙට පොහෝ දිනය යැ’යි දැන, මිතුරන් තිදෙනා කැඳවා, මෙසේ කීය. ‘යහලුවනි, හෙට පොහෝ දිනයයි. ඔබ තිදෙනා හෙට සිල් සමාදන්ව පොහෝ කටයුතු සිදුකළ යුතුය. සිල් සමාදන්ව දුන් දානය මහත්ඵලය. එබැවින් යාචකයන්, ඔබ වෙත පැමිණියහොත් තමා කෑ යුතු අහරින් කොටසක්, ඔවුන්ට දී කෑ යුතු යැ’යි කීය. යහලුවෝද මැනවැ’යි පිළිගත්හ. අනතුරුව ඔවුහු සිය නිවෙස්වලට ගියහ.

පුනදිවසෙ තෙසු උද‍්දො පාතොව “ගොචරං පරියෙසිස‍්සාමී”ති නික‍්ඛමිත්‍වා ගඞ‍්ගාතීරං ගතො. අථෙකො බාලිසිකො සත‍්ත රොහිතමච‍්ඡෙ උද‍්ධරිත්‍වා වල‍්ලියා ආවුණිත්‍වා නෙත්‍වා ගඞ‍්ගාතීරෙ වාලුකං වියූහිත්‍වා වාලිකාය පටිච‍්ඡාදෙත්‍වා පුන මච‍්ඡෙ ගණ‍්හන‍්තො අධොගඞ‍්ගං ගච‍්ඡි. උද‍්දො මච‍්ඡගන්‍ධං ඝායිත්‍වා වාලුකං වියූහිත්‍වා මච‍්ඡෙ දිස‍්වා නීහරිත්‍වා “අත්‍ථි නු ඛො එතෙසං සාමිකො”ති තික‍්ඛත‍්තුං ඝොසෙත්‍වා සාමිකං අපස‍්සන‍්තො වල‍්ලිකොටිං ඩංසිත්‍වා නෙත්‍වා අත‍්තනො වසනගුම‍්බෙ ඨපෙත්‍වා “වෙලායමෙව ඛාදිස‍්සාමී”ති අත‍්තනො සීලං ආවජ‍්ජෙන‍්තො නිපජ‍්ජි. සිඞ‍්ගාලොපි වසනට‍්ඨානතො නික‍්ඛමිත්‍වා ගොචරං පරියෙසන‍්තො එකස‍්ස ඛෙත‍්තගොපකස‍්ස කුටියං ද‍්වෙ මංසසූලානි එකං ගොධං එකඤ‍්ච දධිවාරකං දිස‍්වා “අත්‍ථි නු ඛො එතෙසං සාමිකො”ති තික‍්ඛත‍්තුං ඝොසෙත්‍වා සාමිකං අදිස‍්වා දධිවාරකස‍්ස උග‍්ගහණරජ‍්ජුකං ගීවාය පවෙසෙත්‍වා ද‍්වෙ මංසසූලෙ ච ගොධඤ‍්ච මුඛෙන ඩංසිත්‍වා නෙත්‍වා අත‍්තනො වසනගුම‍්බෙ ඨපෙත්‍වා “වෙලායමෙව ඛාදිස‍්සාමී”ති අත‍්තනො සීලං ආවජ‍්ජෙන‍්තො නිපජ‍්ජි. මක‍්කටොපි වසනට‍්ඨානතො නික‍්ඛමිත්‍වා වනසණ‍්ඩං පවිසිත්‍වා අම‍්බපිණ‍්ඩං ආහරිත්‍වා අත‍්තනො වසනගුම‍්බෙ ඨපෙත්‍වා “වෙලායමෙව ඛාදිස‍්සාමී”ති අත‍්තනො සීලං ආවජ‍්ජෙන‍්තො නිපජ‍්ජි.

ඊට පසුදා මේ මිතුරන් අතරින් දිය බල්ලා, උදෑසනම ‘අහරක් සොයන්නෙමි’යි නිවසින් පිටත්ව ගංඉවුරට ගියේය. එදින එක බිලී බාන්නෙක්, රතු පැහැති මාලුවන් සත් දෙනෙකුන් ගොඩට ගෙන, වැලෙක අමුණා ගංඉවුරට ගෙන ගොස්, එහි වැලි යට සඟවා තබා, නැවත මසුන් ඇල්ලීම සඳහා ගඟ පහළට ගියේය. මේ අතර දිය බල්ලා මාලු ගඳ ඉව කොට, වැලි මෑත් කොට, මාලුන් දැක, එය ඉවතට ගත්තේය. අනතුරුව ‘මෙයට හිමිකරුවෙක් ඇත්තේදැ’යි, තුන්විටක් හඬ නඟා කෑ ගැසීය. වටපිට බලා අයිතිකරුවකු නො දැක, මාලු වැල කටින් ඩැහැගෙන තමා වසන ගුලට ගෙනවුත් සුරැකිව තබා, ‘නිසි වෙලාවට අනුභව කරන්නෙමි’යි තමාගේ සීලය ආවර්ජනා කරමින් වැද හොත්තේය. සිවලාද, පොහෝ දින උදේ නිවසින් නික්ම, ගොදුරු සොයමින් ගොස්, එක් ගොවියකුගේ කුටියට ඇතුළු විය. ගොවියා එහි නො සිටියේය. එනමුත් ලොකු මස් කුට්ටි දෙකක් ද, මළ තලගොයකු ද, දී කිරි කළයක්ද එහි විය. ඒ දුටු සිවලා ‘මේවාට හිමිකරුවෙක් ඇත්දැ’යි තෙවරක් මහ හඬින් ඇසීය. පසුව කිසිවකු නො දුටු ඔහු පළමුකොට කිරි කළය වටා, එල්ලාගෙන යාම සඳහා බැඳ තිබූ ලණුව අතරින්, හිස යවා, එය බෙල්ලෙන් ඔසවා ගෙන, මස් කුට්ටි දෙක සමග තලගොයා ද, කටින් ඩැහැගෙන තමන්ගේ නිවසට ගෙනැවිත් තබා, ‘නිසි වේලාවට අනුභව කරන්නෙමි’යි, තම සීලය සිහි කරමින් වැද හොත්තේය. වඳුරා ද, උදෙන්ම වනයට පිවිස, අඹ වල්ලක් කඩා ගෙනැවිත්, තමා වසන තැන තබා, ‘නිසි කලට කන්නෙමි’යි, තම සීලය ගැනම සිතමින් සිටියේය.

බොධිසත‍්තො පන “වෙලායමෙව වසනට‍්ඨානතො නික‍්ඛමිත්‍වා දබ‍්බතිණානි ඛාදිස‍්සාමී”ති අත‍්තනො වසනගුම‍්බෙයෙව නිපන‍්නො චින‍්තෙසි “මම සන‍්තිකං ආගතානං යාචකානං තිණානි දාතුං න සක‍්කා, තිලතණ‍්ඩුලාදයොපි මය‍්හං නත්‍ථි, සචෙ මෙ සන‍්තිකං යාචකො ආගච‍්ඡිස‍්සති, අත‍්තනො සරීරමංසං දස‍්සාමී”ති. තස‍්ස සීලතෙජෙන සක‍්කස‍්ස පණ‍්ඩුකම‍්බලසිලාසනං උණ‍්හාකාරං දස‍්සෙසි. සො ආවජ‍්ජමානො ඉදං කාරණං දිස‍්වා “සසරාජානං වීමංසිස‍්සාමී”ති පඨමං උද‍්දස‍්ස වසනට‍්ඨානං ගන‍්ත්‍වා බ්‍රාහ‍්මණවෙසෙන අට‍්ඨාසි. “බ්‍රාහ‍්මණ, කිමත්‍ථං ඨිතොසී”ති වුත‍්තෙ පණ‍්ඩිත සචෙ කිඤ‍්චි ආහාරං ලභෙය්‍යං, උපොසථිකො හුත්‍වා වසෙය්‍යන‍්ති. සො “සාධු දස‍්සාමි තෙ ආහාර”න‍්ති තෙන සද‍්ධිං සල‍්ලපන‍්තො පඨමං ගාථමාහ –

මේ අතර බෝසත් සාවා, කෑම කන වේලාවටම නික්ම, ‘කොළ ටිකක් කන්නෙමි’යි, තමාගේ නිවහනෙහිම, වැද හෙව මෙසේ සිතීය. ‘මා වෙතට යාචකයන් පැමිණියහොත්, ඔවුන්ට තණකොළ දිය නොහැකිය. සහල් තල ආදියද, මා ළඟ නැත. පැමිණෙන කෙනෙකුට ඇඟ මස් දන් දෙන්නෙමි යනුවෙනි. ඔහුගෙ සිල් තෙදින් සක් දෙවිඳුගේ පඬු ඇඹුල් සලසුන (පඬුපුල් අසුන) උණු විය. ‘ඒ කිමෙක්දැ’යි විමසන සක් දෙවිඳු මේ කාරණය දැන ගෙන, ‘සා රජු විමසන්නෙමි’යි, සිතා මහලු බමුණු වෙසක් ගෙන, පළමු කොට, දිය බල්ලාගේ නවාතැනට ගියේය. ඒ දුටු දිය බල්ලා ‘බමුණ, කුමට පැමිණියෙහිදැ’යි ඇසීය. එවිට ශක්‍රයා ‘පඬිතුමනි, කිසියම් ආහාරයක් ලැබේ නම්, සිල් සමාදන්ව මහණකම් කරන්නෙමි’යි කීය. එවිට ‘යහපතැ’යි කී දිය බල්ලා, අහර දනේනට පොරොන්දු වී, ඔහුට මේ ගාථාව කීවේය.

“සත‍්ත මෙ රොහිතා මච‍්ඡා, උදකා ථලමුබ‍්භතා; ඉදං බ්‍රාහ‍්මණ මෙ අත්‍ථි, එතං භුත්‍වා වනෙ වසා”ති.

සත්ත මෙ රොහි තා මච්ඡා - උදකා ථල මුබ්භතා, ඉදං බ්‍රාහ්මණ මෙ අත්‍ථි - එතං භූතං වනෙ වසාති

‘බමුණ, වතුරෙන් ගෙන ගොඩ දමන ලද, ‘රේ’ මසුන් සත් දෙනකුන් මා ළඟ ඇත. ඒවා අනුභවකොට වනයේ වසනු මැනවි.’

තත්‍ථ ථලමුබ‍්භතාති උදකතො ථලෙ ඨපිතා, කෙවට‍්ටෙන වා උද‍්ධටා. එතං භුත්‍වාති එතං මම සන‍්තකං මච‍්ඡාහාරං පචිත්‍වා භුඤ‍්ජිත්‍වා සමණධම‍්මං කරොන‍්තො රමණීයෙ රුක‍්ඛමූලෙ නිසින‍්නො ඉමස‍්මිං වනෙ වසාති.

මෙහි ‘ථලමුබ්භතා’ යනු ‘ජලයෙන් ගෙන පොළොවෙහි තබන ලද ගොඩ දමන ලද, ගොඩ දමන ලද, කිසිවකු විසින් ගොඩට ගන්නා ලද’, යන අර්ථයි. ‘එතං භුත්‍වා’ යනු ‘මා සන්තක වූ මත්ස්‍යාගාරය පිස, අනුභව කොට මහණදම් කරමින් රමණීය රුක් මුලෙක වැඩහිඳිමින්, මේ වනයෙහි වසනු මැනවි’, යන අර්ථයි.

බ්‍රාහ‍්මණො “පගෙව තාව හොතු, පච‍්ඡා ජානිස‍්සාමී”ති සිඞ‍්ගාලස‍්ස සන‍්තිකං ගතො. තෙනාපි “කිමත්‍ථං ඨිතොසී”ති වුත‍්තො තථෙවාහ. සිඞ‍්ගාලො “සාධු දස‍්සාමී”ති තෙන සද‍්ධිං සල‍්ලපන‍්තො දුතියං ගාථමාහ –

එවිට බමුණා ‘දැන් කල් වැඩිය, පසුව ගන්නෙමැ’යි කියා, හිවලා වෙතට ගියේය. සිවලාද ‘බමුණ, කුමට මෙහි ආවේදැ’යි ශක්‍රයාගෙන් ඇසීය. ආ කාරණය පැවසීමෙන් පසු සිවලාද, තමා ළඟ ඇති දෑ බමුණාට දෙන්නට පොරොන්දු වී, මෙසේද පැවසීය.

“දුස‍්ස මෙ ඛෙත‍්තපාලස‍්ස, රත‍්තිභත‍්තං අපාභතං; මංසසූලා ච ද‍්වෙ ගොධා, එකඤ‍්ච දධිවාරකං; ඉදං බ්‍රාහ‍්මණ මෙ අත්‍ථි, එතං භුත්‍වා වනෙ වසා”ති.

දුස්ස මෙ බ්‍රෙත්තපාලස්ස - රත්ති භත්තං අපාභතං, මංස සූලා ච ද්වෙ ගොධා - එකඤ්ච දධිවාරකං, ඉදං බ්‍රාහ්මණ මෙ අත්‍ථි - එතං භුත්‍වා වනෙ වසාති

‘බමුණ, ගොවියා සඳහා, රෑ බතට ගෙනෙන ලද මස් කුට්ටි දෙකක් ද, තලගොයෙකු ද, දී කිරි කළයක් ද, යන මේවා මා ළඟ ඇත. ඒවා අනුභව කොට වනයෙහි වසනු මැනවි.’

තත්‍ථ දුස‍්ස මෙති යො එස මම අවිදූරෙ ඛෙත‍්තපාලො වසති, දුස‍්ස අමුස‍්සාති අත්‍ථො. අපාභතන‍්ති ආභතං ආනීතං. මංසසූලා ච ද‍්වෙ ගොධාති අඞ‍්ගාරපක‍්කානි ද‍්වෙ මංසසූලානි ච එකා ච ගොධා. දධිවාරකන‍්ති දධිවාරකො. ඉදන‍්ති ඉදං එත‍්තකං මම අත්‍ථි, එතං සබ‍්බම‍්පි යථාභිරුචිතෙන පාකෙන පචිත්‍වා පරිභුඤ‍්ජිත්‍වා උපොසථිකො හුත්‍වා රමණීයෙ රුක‍්ඛමූලෙ නිසීදිත්‍වා සමණධම‍්මං කරොන‍්තො ඉමස‍්මිං වනසණ‍්ඩෙ වසාති අත්‍ථො.

මෙහි ‘දුස්සමෙ’ යනු ‘මට නුදුරෙහි, යම් ඒ ගොවියෙක් වෙසේ ද? ඒ ඔහුට’, යන අර්ථයි. ‘අපාභතං’ යනු ‘එළවන ලද, ගෙන එන ලද’, යන අර්ථයි. ‘මංසසූලා ච ද්වෙ ගොධා’ නම්, ‘අඟුරු මත පුලුස්සන ලද මස් පෙති දෙකක් ද, එක් තලගොයකු ද යනුයි. ‘දධිවාරකං’ යනු ‘දී කිරි කළගෙඩියක්’, යන අර්ථයි. ‘ඉදං’ යනු ‘මා ළඟ මෙපමණක් ඇත’ යන අර්ථයි. ‘මේ සියල්ල කැමති ලෙසින් ගින්නෙන් පිස, අනුභව කොට සිල් සමාදන්ව රමණීය ගසක් මුල හිඳ මහණ දම් කරමින් මේ වන ලැහැබෙහි වසනු මැනවි’ යන අර්ථයි.

බ්‍රාහ‍්මණො “පගෙව තාව හොතු, පච‍්ඡා ජානිස‍්සාමී”ති මක‍්කටස‍්ස සන‍්තිකං ගතො. තෙනාපි “කිමත්‍ථං ඨිතොසී”ති වුත‍්තො තථෙවාහ. මක‍්කටො “සාධු දස‍්සාමී”ති තෙන සද‍්ධිං සල‍්ලපන‍්තො තතියං ගාථමාහ –

බමුණා ‘දැන් කල් වැඩිය, පසුව එන්නෙමැ’යි කියා, වඳුරා හමුවට ගියේය. වඳුරා ද ‘කුමට පැමිණියේ දැ’යි ප්‍රශ්න කොට, සියල්ල දැනගෙන, ‘දානය සඳහා අඹ වල්ල දෙන්නෙමි’යි පොරොන්දු වී, මේ ගාථාව කීය.

“අම‍්බපක‍්කං දකං සීතං, සීතච‍්ඡායා මනොරමා; ඉදං බ්‍රාහ‍්මණ මෙ අත්‍ථි, එතං භුත්‍වා වනෙ වසා”ති.

අම්බපක්කොදකං සීතං - සීතච්ඡායං මනොරමං, ඉදං බ්‍රාහ්මණ මෙ අත්‍ථි - එතංභුත්‍වා වනෙ වසාති

‘බමුණ, අඹ ගෙඩියක් ද, සිසිල් ජලය ද සිත්කලු වූ සිසිල් සෙවන ද, යන මේවා, මා අවට ඇත. ඒවා පරිභෝග කොට වනයෙහි වසනු මැනවි’.

තත්‍ථ අම‍්බපක‍්කන‍්ති මධුරඅම‍්බඵලං. දකං සීතන‍්ති ගඞ‍්ගාය උදකං සීතලං. එතං භුත්‍වා වනෙ වසාති බ්‍රාහ‍්මණ එතං අම‍්බපක‍්කං පරිභුඤ‍්ජිත්‍වා සීතලං උදකං පිවිත්‍වා යථාභිරුචිතෙ රමණීයෙ රුක‍්ඛමූලෙ නිසින‍්නො සමණධම‍්මං කරොන‍්තො ඉමස‍්මිං වනසණ‍්ඩෙ වසාති.

මෙහි ‘අම්බපක්කං’ යනු ‘මිහිරි අඹ ගෙඩියකි’. ‘උදකං සීතං’ යනු ‘නදියේ සිසිල් ජලය’යි. ‘එතං භුත්‍වා’ යනු ‘බමුණ, මේ අඹගෙඩිය අනුභව කොට, සිසිල් පැන් පානය කර, සිත් සේ රමණීය වූ රුක් මුල්හි හිඳිමින් මහණදම් කරමින්, මේ වන ලැහැබෙහි වසනු මැනවි’, යන අදහසයි.

බ්‍රාහ‍්මණො “පගෙව තාව හොතු, පච‍්ඡා ජානිස‍්සාමී”ති සසපණ‍්ඩිතස‍්ස සන‍්තිකං ගතො. තෙනාපි “කිමත්‍ථං ඨිතොසී”ති වුත‍්තො තථෙවාහ. තං සුත්‍වා බොධිසත‍්තො සොමනස‍්සප‍්පත‍්තො “බ්‍රාහ‍්මණ, සුට‍්ඨු තෙ කතං ආහාරත්‍ථාය මම සන‍්තිකං ආගච‍්ඡන‍්තෙන, අජ‍්ජාහං අදින‍්නපුබ‍්බං දානං දස‍්සාමි . ත්‍වං පන සීලවා පාණාතිපාතං න කරිස‍්සසි, ගච‍්ඡ, බ්‍රාහ‍්මණ, නානාදාරූනි සඞ‍්කඩ‍්ඪිත්‍වා අඞ‍්ගාරෙ කත්‍වා මය‍්හං ආරොචෙහි, අහං අත‍්තානං පරිච‍්චජිත්‍වා අඞ‍්ගාරමජ‍්ඣෙ පතිස‍්සාමි . මම සරීරෙ පක‍්කෙ ත්‍වං මංසං ඛාදිත්‍වා සමණධම‍්මං කරෙය්‍යාසී”ති තෙන සද‍්ධිං සල‍්ලපන‍්තො චතුත්‍ථං ගාථමාහ –

බමුණා ‘දැන් කල් වැඩිය පසුව ගන්නෙමැ’යි කියා, සාවා ළඟට ගියේය. ඔහු විසින් ද, බමුණා තමා වෙත පැමිණි කාරණය අසා දැන, අතිශයින් සතුටට පත්විය. ‘බමුණ, කෑම සොයා මා වෙතට පැමිණීමෙන් ඔබ කළේ, ඉතාම යහපත් දෙයකැ’යි පැවසූ සාවා, ‘අද මම කිසිදිනක නො දුන් විරූ දනක්, ඔබට දෙන්නෙමි, ඔබ වනාහි සිල්වතෙකි. පරපණ නො නසන්නෙකි. එබැවින් යනු මැනවි, ගොස් දර ටිකක් කඩා ගිනි ගොඩක් ගසා, අඟුරු සකසා, මට දන්වනු මැනවි, එවිට මම ජීවිත ආශාව අත්හැර දමා, ගිනි මැදට පනින්නෙමි. අනතුරුව මාගේ ශරීරය මැනවින් පිළිස්සුණු පසු, ඔබතුමා ඒ මස් අනුභව කොට මහණදම් කරනු මැනව’යි ඔහු සමග කථා කරමින් මේ ගාථාව කීය.

“න සසස‍්ස තිලා අත්‍ථි, න මුග‍්ගා නපි තණ‍්ඩුලා; ඉමිනා අග‍්ගිනා පක‍්කං, මමං භුත්‍වා වනෙ වසා”ති.

න යසස්ස තිලා අත්‍ථි - න මුග්ග නපි තණ්ඩුලා, මේනා අග්ගිනා පක්කං - මමං භුත්‍වා වනෙ වසාති

‘බමුණ, තල-මුං-සහල් යන මේවා, සාවකුට නැත. මේ ගින්දරෙන් මා පුළුස්සා අනුභවකොට, වනයෙහි වසනු මැනව.’

තත්‍ථ මමං භුත්‍වාති යං තං අහං අග‍්ගිං කරොහීති වදාමි, ඉමිනා අග‍්ගිනා පක‍්කං මං භුඤ‍්ජිත්‍වා ඉමස‍්මිං වනෙ වස, එකස‍්ස සසස‍්ස සරීරං නාම එකස‍්ස පුරිසස‍්ස යාපනමත‍්තං හොතීති.

මෙහි ‘මමං භුත්‍වා’ යනු ‘ගිනි මොළවන්න යැයි මම කියමි. මේ ගින්නෙන් පුළුස්සන ලද මා අනුභව කොට, මේ වනයෙහි වසනු මැනවි. එක සාවකුගේ සිරුර එක් මිනිසකුට සෑහේය, යන අදහසයි. ‘මේ සියල්ල ම කැමති ආකාරයකින් අනුභව කොට, පෙහෙවස් වැස සිත්කලු රුක්මුලෙක හිඳ, මහණදම් පුරමින් මේ වනලැහැබෙහි වසනු මැනව’ යන අර්ථයි.

සක‍්කො තස‍්ස වචනං සුත්‍වා අත‍්තනො ආනුභාවෙන එකං අඞ‍්ගාරරාසිං මාපෙත්‍වා බොධිසත‍්තස‍්ස ආරොචෙසි. සො දබ‍්බතිණසයනතො උට‍්ඨාය තත්‍ථ ගන‍්ත්‍වා “සචෙ මෙ ලොමන‍්තරෙසු පාණකා අත්‍ථි, තෙ මා මරිංසූ”ති තික‍්ඛත‍්තුං සරීරං විධුනිත්‍වා සකලසරීරං දානමුඛෙ ඨපෙත්‍වා ලඞ‍්ඝිත්‍වා පදුමසරෙ රාජහංසො විය පමුදිතචිත‍්තො අඞ‍්ගාරරාසිම‍්හි පති. සො පන අග‍්ගි බොධිසත‍්තස‍්ස සරීරෙ ලොමකූපමත‍්තම‍්පි උණ‍්හං කාතුං නාසක‍්ඛි, හිමගබ‍්භං පවිට‍්ඨො විය අහොසි. අථ සක‍්කං ආමන‍්තෙත්‍වා “බ්‍රාහ‍්මණ, තයා කතො අග‍්ගි අතිසීතලො, මම සරීරෙ ලොමකූපමත‍්තම‍්පි උණ‍්හං කාතුං න සක‍්කොති, කිං නාමෙත”න‍්ති ආහ. “සසපණ‍්ඩිත, නාහං බ්‍රාහ‍්මණො, සක‍්කොහමස‍්මි, තව වීමංසනත්‍ථාය ආගතොම‍්හී”ති. “සක‍්ක, ත්‍වං තාව තිට‍්ඨ, සකලොපි චෙ ලොකසන‍්නිවාසො මං දානෙන වීමංසෙය්‍ය, නෙව මෙ අදාතුකාමතං පස‍්සෙය්‍යා”ති බොධිසත‍්තො සීහනාදං නදි. අථ නං සක‍්කො “සසපණ‍්ඩිත, තව ගුණො සකලකප‍්පං පාකටො හොතූ”ති පබ‍්බතං පීළෙත්‍වා පබ‍්බතරසං ආදාය චන්‍දමණ‍්ඩලෙ සසලක‍්ඛණං ලිඛිත්‍වා බොධිසත‍්තං ආනෙත්‍වා තස‍්මිං වනසණ‍්ඩෙ තස‍්මිංයෙව වනගුම‍්බෙ තරුණදබ‍්බතිණපිට‍්ඨෙ නිපජ‍්ජාපෙත්‍වා අත‍්තනො වසනට‍්ඨානමෙව ගතො. තෙපි චත‍්තාරො පණ‍්ඩිතා සමග‍්ගා සම‍්මොදමානා සීලං පූරෙත්‍වා දානං දත්‍වා උපොසථකම‍්මං කත්‍වා යථාකම‍්මං ගතා.

ශක්‍රයා සාවාගේ කථාව අසා, තම ආනුභාවයෙන් එක් ගිනිඅඟුරු ගොඩක් මවා, බෝසතුන්ට ඒ බව දැන්වීය. එවිට සාවා සිය තණකොළ යහනින් නැගිට, එහි ගොස් ‘ඉදින් මගේ මේ ලෝම අතර සත්තු වෙත් නම්, ඔවුහු නො මැරෙත්වා’යි තෙවරක් සිය සිරුර සොලවා, මුළු ඇඟම දානයට යොමු කොට, ගිනි ගොඩට පැන්නේය. පියුම් රැසකට පනින රාජ හංසයෙක් මෙන් සතුටු සිත් ඇති, ඒ සාවා ගිනි අඟරු ගොඩ වෙතට වැටුණි. ඒ ගින්න බෝසතුන්ගේ ඇඟේ ලොම් ගසක්වත්, රත් කරන්නට අපොහොසත් විය. හිම ගුළකට වැදුණු සෙයක්, සාවාට දැනුණි. අනතුරුව සක්දෙවිඳු ඇමතූ සාවා, ‘බමුණ, ඔබ දැල් වූ ගින්න ඉතා සීතලය. මගේ ඇඟේ ලොම් ගසක්වත්, රත් කිරීමට එය අපොහොසත් විය. ඒ කුමක් නිසාදැ’යි ශක්‍රයාගෙන් ඇසීය. එවිට ශක්‍රයා ‘පඬිතුමනි, මම බමුණෙක් නො වෙමි. සක්දෙවිඳු නම්, මම වෙමි. ඔබ විමසනු සඳහා පැමිණියෙමි’යි කීය. එවිට සාවා ‘සක්දෙව්රදුනි, ඔබ පමණක් නොව ලෝවැසි සියලුම දෙනා මා ගැන විමසා බැලුවත් මවිසින් දිය නොහැකි යමක්, ඔවුහු නොදකිති’යි බෝසත් තෙමේ සිංහනාද කෙළේය. ඉක්බිති සක්දෙවිඳු සාවා අමතා, ‘සා පඬිතුමනි, ඔබේ ගුණවත් බව කල්පය පුරා පවතීවා’යි කියා, පර්වතය තුළින් පර්වත සාරය ගෙන, සඳමඬලෙහි සාවාගේ සලකුණ ඇඳ, බෝසතුන් අමතා, ප්‍රශංසා කොට ඒ වනලැහැබෙහි, ඒ තණකොළ යහනෙහිම සාවා හොවා, තම දෙව්ලොව බලා නික්ම ගියේය. ඉක්බිති ඒ යහලුවෝ සතර දෙනා සමගිව සතුටු සිතින් සිල් පුරමින්, පොහෝ කටයුතු කරමින්, ජීවත් වී කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියහ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ සබ‍්බපරික‍්ඛාරදානදායකො ගහපති සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, සත්‍යය ප්‍රකාශකොට ජාතකය නිමවා වදාළ සේක. දේශනාව අවසානයේදී සියලු පිරිකර සහිතව දන් දුන් දායකයා වන, ගෘහපතිතුමා සෝවාන් ඵලයෙහි පිහිටියේය.

තදා උද‍්දො ආනන්‍දො අහොසි, සිඞ‍්ගාලො මොග‍්ගල‍්ලානො, මක‍්කටො සාරිපුත‍්තො, සක‍්කො අනුරුද‍්ධො, සසපණ‍්ඩිතො පන අහමෙව අහොසින‍්ති.

එකල දිය බල්ලා නම්, ආනන්ද තෙරණුවෝය. සිවලා වූයේ, මුගලන් තෙරණුවෝය. වඳුරා නම් සැරියුත් තෙරණුවෝය. ශක්‍රයා නම්, අනුරුද්ධ තෙරණුවෝය. සස පණ්ඩිත වූයේ ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දක්වා, වදාළ සේක.

සසපණ‍්ඩිතජාතකවණ‍්ණනා ඡට‍්ඨා.