යෙදුමෙන් කියවන්න

7. මතරොදනජාතකවණ‍්ණනා 317 අට‍්ඨකථා

7. මතරොදනජාතකවණ‍්ණනා (317)

7. මතරෝදන ජාතකය (317)

මතං මතං එව රොදථාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අඤ‍්ඤතරං සාවත්‍ථිවාසිං කුටුම‍්බිකං ආරබ‍්භ කථෙසි. තස‍්ස කිර භාතා කාලමකාසි. සො තස‍්ස කාලකිරියාය සොකාභිභූතො න න‍්හායති න භුඤ‍්ජති න විලිම‍්පති, පාතොව සුසානං ගන‍්ත්‍වා සොකසමප‍්පිතො රොදති. සත්‍ථා පච‍්චූසසමයෙ ලොකං ඔලොකෙන‍්තො තස‍්ස සොතාපත‍්තිඵලූපනිස‍්සයං දිස‍්වා “ඉමස‍්ස අතීතකාරණං ආහරිත්‍වා සොකං වූපසමෙත්‍වා සොතාපත‍්තිඵලං දාතුං ඨපෙත්‍වා මං අඤ‍්ඤො කොචි සමත්‍ථො නත්‍ථි, ඉමස‍්ස මයා අවස‍්සයෙන භවිතුං වට‍්ටතී”ති පුනදිවසෙ පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො පච‍්ඡාසමණං ආදාය තස‍්ස ඝරද‍්වාරං ගන‍්ත්‍වා “සත්‍ථා ආගතො”ති සුත්‍වා ආසනං පඤ‍්ඤපෙත්‍වා “පවෙසෙථා”ති කුටුම‍්බිකෙන වුත‍්තො පවිසිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. කුටුම‍්බිකොපි ආගන‍්ත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදි. අථ නං සත්‍ථා “කිං කුටුම‍්බික චින‍්තෙසී”ති ආහ. “ආම, භන‍්තෙ, මම භාතු මතකාලතො පට‍්ඨාය චින‍්තෙමී”ති. “ආවුසො, සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා, භිජ‍්ජිතබ‍්බයුත‍්තකං භිජ‍්ජති, න තත්‍ථ චින‍්තෙතබ‍්බං, පොරාණකපණ‍්ඩිතාපි භාතරි මතෙපි ‘භිජ‍්ජිතබ‍්බයුත‍්තකං භිජ‍්ජතී’ති න චින‍්තයිංසූ”ති වත්‍වා තෙන යාචිතො අතීතං ආහරි.

‘මතමතමෙව රොදථ’ යන මේ ගාථා කොටස සඳහන් වන ජාතක කථා ධර්ම දේශනාව, බුදුරජාණන් වහන්සේ දෙව්රම දී, සැවැත් නුවර වැසි එක්තරා කෙළෙඹි පුත්‍රයෙකු අරබයා වදාළ සේක. ඉහත කී කෙළෙඹි පුත්‍රයාගේ සහෝදරයා, දිනෙක මිය ගියේය. ඒ මරණයෙන් ශෝකාකූල වූ ඔහු, නොකා නො බී පමණක් නොව නෑම, සැරසීම ආදිය ද ප්‍රතික්‍ෂෙප කොට, දිනපතා සොහොනට ගොස්, සොවින් තැවෙමින් හඬයි. දිනක් බුදුරජාණන් වහන්සේ අලුයම ලොව බලා වදාරණ සේක්, ඔහුගේ සෝවාන් ඵලයට පත්වීමට ඇති, උපනිශ්‍රය සම්පත් දැක, ‘මොහුට පෙර කළ පින් මතක් කොට දී, ශෝකය දුරුකොට, සෝවාන් ඵලයට පත් කරවීම සඳහා පිහිටවීමට, මා හැර අන් කෙනෙක් නැතැ’යි කල්පනා කොට, ‘මොහුට අවශ්‍යයෙන්ම මා විසින් උදව් කළ යුතුයැ’යි සිතූ සේක. පසුව ඊළඟ දිනයේදී, සවස් වරුවේ බුදුරජාණන් වහන්සේ තවත් තෙර කෙනකුන් ද සමඟ, කෙළෙඹි පුත්‍රයාගේ ගෙදරට වැඩි සේක. බුදුරදුන් වැඩි බව අසා, වහා අසුනක් පනවා, ‘ඇතුලට වඩිනු මැනවැ’යි කෙළෙඹි පුත්‍රයා බුදුරජාණන් වහන්සේට ආරාධනා කෙළේය. බුදුරජාණන් වහන්සේ ගෙතුළට පිවිස, අසුනෙහි වැඩහුන් සේක. එවිට කෙළෙඹි පුත්‍රයා බුදුරදුන්ට වැඳ, එකත්පස්ව හුන්නේය. අනතුරුව ‘ගෘහපතිය, ඔබ කුමක් නිසා දුක් වන්නේදැ’යි බුදුරදහු ඇසූහ. එවිට කෙළෙඹියා ‘ස්වාමීනි, මගේ සහෝදරයා මළ දා සිට දුකින් කල් ගෙවෙමි’යි කීය. එවිට බුදුරජාණන් වහන්සේ ‘ඇවැත්නි, සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයහ. බිඳිය යුතු සියල්ල බිඳේ. ඒ ගැන සිතමින් වෙහෙසිය යුතු නොවේ. පැරණි පඬිවරු පවා නෑසියන් මළ කල්හි, ‘බිඳිය යුතු දෑ බිඳේ යැ’යි සිතා, ශෝක කළහ’යි වදාරා ඔහුගේ ඉල්ලීමට අනුව මේ අතීත කථාව වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො අසීතිකොටිවිභවෙ සෙට‍්ඨිකුලෙ නිබ‍්බත‍්ති, තස‍්ස වයප‍්පත‍්තස‍්ස මාතාපිතරො කාලමකංසු. තෙසු කාලකතෙසු බොධිසත‍්තස‍්ස භාතා කුටුම‍්බං විචාරෙති, බොධිසත‍්තො තං නිස‍්සාය ජීවති. සො අපරභාගෙ තථාරූපෙන බ්‍යාධිනා කාලමකාසි. ඤාතිමිත‍්තා සුහජ‍්ජා සන‍්නිපතිත්‍වා බාහා පග‍්ගය‍්හ කන්‍දන‍්ති රොදන‍්ති, එකොපි සකභාවෙන සණ‍්ඨාතුං නාසක‍්ඛි, බොධිසත‍්තො පන නෙව කන්‍දති න රොදති. මනුස‍්සා “පස‍්සථ භො, ඉමස‍්ස භාතරි මතෙ මුඛසඞ‍්කොචනමත‍්තම‍්පි නත්‍ථි, අතිවිය ථද‍්ධහදයො, ‘ද‍්වෙපි කොට‍්ඨාසෙ අහමෙව පරිභුඤ‍්ජිස‍්සාමී’ති භාතු මරණං ඉච‍්ඡති මඤ‍්ඤෙ”ති බොධිසත‍්තං ගරහිංසු. ඤාතකාපි නං “ත්‍වං භාතරි මතෙ න රොදසී”ති ගරහිංසුයෙව. සො තෙසං කථං සුත්‍වා “තුම‍්හෙ අත‍්තනො අන්‍ධබාලභාවෙන අට‍්ඨ ලොකධම‍්මෙ අජානන‍්තා ‘මම භාතා මතො’ති රොදථ, අහම‍්පි මරිස‍්සාමි, තුම‍්හෙපි මරිස‍්සථ, අත‍්තානම‍්පි ‘මයම‍්පි මරිස‍්සාමා’ති කස‍්මා න රොදථ. සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා හුත්‍වා නිරුජ‍්ඣන‍්ති, තෙනෙව සභාවෙන සණ‍්ඨාතුං සමත්‍ථො එකසඞ‍්ඛාරොපි නත්‍ථි. තුම‍්හෙ අන්‍ධබාලා අඤ‍්ඤාණතාය අට‍්ඨ ලොකධම‍්මෙ අජානිත්‍වා රොදථ, අහං කිමත්‍ථං රොදිස‍්සාමී”ති වත්‍වා ඉමා ගාථා අභාසි –

අතීතයේදී බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් මෙසෙූ කෙළක් ධනය ඇති, සිටු කුලයක උපන්නේය. ඔහුගේ තරුණ වියේදීම මව්පියෝ කලුරිය කළහ. දෙමාපියන් මල පසු, බෝසතාණන්ගේ සහෝදරයා පවුල පාලනය කෙළේය. බෝසත් තෙමේ, සිය සොයුරාගේ ඇසුරෙහි වැඩේ. පසු කලෙක රෝගයකින්, එම සොයුරා ද මළේය. මුළු පවුලම බලා හදාගත් ඒ සොයුරාගේ, අභාවය ඉවසිය නොහැක්කක් විය. මළ ගෙදරට රැස්වූ ඥාති මිත්‍රාදීහු, හිස මත දෑත් බැඳගෙන හඬති. වැළපෙති. ඒ කිසිවකුට තම පියවි සිහියෙන්, සිටින්නට නොහැකි විය. එසේ වූ මුත් බෝසත් තෙමේ, මෙතෙක් තමාට උපකාර කළ සිය සොයුරාගේ අභාවයේදී නො වැලපී, මනා සිහියෙන් කටයුතු කෙළේය. රැස්ව සිටි අය, ඒ දැක ‘පින්වතුනි, මොහු දෙස බලවු, තම සොයුරා මළේ යැ’යි කියා, මොහුගේ මුහුණෙහි දුක්මුසු පෙනුමක්වත් නැත. අතිශයින්ම තද හිතක් ඇත්තෙකි. දෙදෙනාට අයත් දේපළ, තනි භුක්තියට ඇති කැමැත්ත නිසා, ඔහු සොයුරාගේ මරණයට කැමතියැ’යි කියා, බෝසතුන්ට නින්දා කළහ. සොයුරාගේ මරණයේදී නො හැඬීම ගැන ළඟ නෑයෝ පවා, බෝසතුන්ට දොස් කීහ. බෝසත් තෙමේ ඔවුන්ගේ කතාව අසා, ‘පින්වතුනි, තෙපි තොපගේ අන්ධ බාල භාවය නිසාත් අටලෝදහම් නොදන්නා නිසාත්, ‘මගේ සොයුරා මළේ යැ’යි හැඬුවෙහුය. මම ද කවදා හෝ මැරෙන්නෙමි. තොප ද එසේය. අපි සියලු දෙනාම කෙදිනක හෝ මැරෙන්නෙමු. අප නො හැඬිය යුත්තේ කුමක් නිසාද? සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයහ. එක් අයුරකින් කිසිදිනෙක නොපවතී. සිය ස්වභාවයෙන් දිගටම පැවතිය හැකි එකද සංස්කාරයක් නැත. අන්ධ, බාල උදවිය නොදන්නාකම නිසා, අටලෝ දහම් අවබෝධ කොට නොගෙන හඬන කල්හි, මම කුමට හඬන්නෙම්දැ’යි කියා, මේ ගාථා ප්‍රකාශ කෙළේය.

“මතං මතං එව රොදථ, න හි තං රොදථ යො මරිස‍්සති; සබ‍්බෙපි සරීරධාරිනො, අනුපුබ‍්බෙන ජහන‍්ති ජීවිතං.

මත මතමෙව රොදථ හිතං රොදථ යො මරිස්සති, සබ්බෙව සරීර ධාරිනො අනුපුබ්බෙන ජහින්ති ජීවිකං

මැරෙන මැරෙන තරමට හඬවුද? යමෙක් මැරෙන්නේද? ඔහු වෙනුවෙන් නො හඬවු. සිරුරු දරන සියල්ලෝම ක්‍රමයෙන් දිවි අත්හරිති.

“දෙවමනුස‍්සා චතුප‍්පදා, පක‍්ඛිගණා උරගා ච භොගිනො; සම‍්හි සරීරෙ අනිස‍්සරා, රමමානාව ජහන‍්ති ජීවිතං.

2. දෙවියෝ ද, මිනිස්සු ද, සිව්පාවෝ ද, පක්‍ෂි සමූහයා ද, උරගයෝ ද, සර්පයෝ ද, සිය සිරුරෙහි අයිතිය අහිමිව එහෙත්, ජීවිත ආශාවෙන් යුතුව ම සිය ජීවිත අත්හරිති.

“එවං චලිතං අසණ‍්ඨිතං, සුඛදුක‍්ඛං මනුජෙස‍්වපෙක‍්ඛිය; කන්‍දිතරුදිතං නිරත්‍ථකං, කිං වො සොකගණාභිකීරරෙ.

3. මිනිසුන් කෙරෙහි, අපේක්‍ෂා කොට ඇති සැප දුක් දෙක මෙසේ වෙනස් වේ. අස්ථිරය. හැඬීම්, වැලපීම්, නිරර්ථකය. ශෝක රාශිය කුමට තොප මැඬීද?

“ධුත‍්තා ච සොණ‍්ඩා අකතා, බාලා සූරා අයොගිනො; ධීරං මඤ‍්ඤන‍්ති බාලොති, යෙ ධම‍්මස‍්ස අකොවිදා”ති.

4. ලොල් වූ, සොඬ වූ මතු දියුණුවට යමක් නො කළ, අනුවණ වූ, නොකටයුත්තේ දක්‍ෂ වූ, වැඩකට නැති, ධර්මයෙහි අදක්ෂ වූ යමෙක් වෙද්ද, ඔවුහු ‘ධෛර්ය සම්පන්නයා අනුවණයෙකැ’යි සිතති.

තත්‍ථ මතං මතං එවාති මතං මතංයෙව. අනුපුබ‍්බෙනාති අත‍්තනො අත‍්තනො මරණවාරෙ සම‍්පත‍්තෙ පටිපාටියා ජහන‍්ති ජීවිතං, න එකතොව සබ‍්බෙ මරන‍්ති, යදි එවං මරෙය්‍යුං, ලොකප‍්පවත‍්ති උච‍්ඡිජ‍්ජෙය්‍ය. භොගිනොති මහන‍්තෙන සරීරභොගෙන සමන‍්නාගතා. රමමානාවාති තත්‍ථ තත්‍ථ නිබ‍්බත‍්තා සබ‍්බෙපි එතෙ දෙවාදයො සත‍්තා අත‍්තනො අත‍්තනො නිබ‍්බත‍්තට‍්ඨානෙ අභිරමමානාව අනුක‍්කණ‍්ඨිතාව ජීවිතං ජහන‍්ති. එවං චලිතන‍්ති එවං තීසු භවෙසු නිච‍්චලභාවස‍්ස ච සණ‍්ඨිතභාවස‍්ස ච අභාවා චලිතං අසණ‍්ඨිතං. කිං වො සොකගණාභිකීරරෙති කිංකාරණා තුම‍්හෙ සොකරාසී අභිකිරන‍්ති අජ‍්ඣොත්‍ථරන‍්ති.

මෙහි ‘මතමතමෙව’ නම්, ‘මළ මළ උදවිය’ යනුයි. ‘අනුපුබ්බෙන’ යනු ‘තම තමාගේ මරණ වාරය පැමිණි කල්හි, පිළිවෙලින් යන අර්ථයි. ‘ජහත්ති ජීවිතං’ යනු ‘සියලු දෙනා එකටම නො මැරෙති. ඉදින් එසේ වන්නේ නම්, ලෝකයේ පැවැත්ම සිඳෙන්නේය යන අර්ථයි. ‘භොගිනො’ යනු ‘මහත් වූ දරණ වැල් සහිත සත්ත්වයෝ ය. ‘රමමානාව’ යනු ‘ඒ ඒ තන්හි උපත ලද දේව ආදි වූ, මේ සියලු සත්ත්වයෝ, තම තමා උපන් ලෝකයේ ඇලී ගැලී කලකිරීමකින් තොරවම ජීවිත අත්හරිති යන අර්ථයි. ‘එවං චලිතං’ යනු ‘මෙසේ භවත්‍රයෙහි නො වෙනස්ව එක්වන්ව නො පවතින බැවින් චලනය වේ. එක් අයුරක පැවැත්මක් නැත යන අර්ථයි. ‘කිංවොසොකගණාභිකීරරෙ’ යනු ‘කුමන කරුණක් නිසා, ශෝක රාශිය තොප මඬීද? වසාගෙන පැතිරේද යන අර්ථයි.

ධුත‍්තා ච සොණ‍්ඩා අකතාති ඉත්‍ථිධුත‍්තා සුරාධුත‍්තා අක‍්ඛධුත‍්තා ච සුරාසොණ‍්ඩාදයො සොණ‍්ඩා ච අකතබුද‍්ධිනො අසික‍්ඛිතකා ච. බාලාති බාල්‍යෙන සමන‍්නාගතා අවිද‍්දසුනො. සූරා අයොගිනොති අයොනිසොමනසිකාරෙන සූරා, යොගෙසු අයුත‍්තතාය අයොගිනො. “අයොධිනො”තිපි පාඨො, කිලෙසමාරෙන සද‍්ධිං යුජ‍්ඣිතුං අසමත්‍ථාති අත්‍ථො. ධීරං මඤ‍්ඤන‍්ති බාලොති, යෙ ධම‍්මස‍්ස අකොවිදාති යෙ එවරූපා ධුත‍්තාදයො අට‍්ඨවිධස‍්ස ලොකධම‍්මස‍්ස අකොවිදා, තෙ අප‍්පමත‍්තකෙපි දුක‍්ඛධම‍්මෙ උප‍්පන‍්නෙ අත‍්තනා කන්‍දමානා රොදමානා අට‍්ඨ ලොකධම‍්මෙ කථතො ජානිත්‍වා ඤාතිමරණාදීසු අකන්‍දන‍්තං අරොදන‍්තං මාදිසං ධීරං පණ‍්ඩිතං “බාලො අයං න රොදතී”ති මඤ‍්ඤන‍්තීති.

‘ධුත්තා සොණ්ඩා අකතා’ යනු ‘ස්ත්‍රී ලොල් - සුරා ලොල් - සූදු ලොල් අයයි. සුරාසොඬ ආදිහු ගිජු අය වෙති. දියුණුවට යමක් නොකළ අය, අශික්‍ෂිතයෝ වෙති. ‘බාලා’ යනු මෝඩකමින් යුතු අනුවණයෝය. ‘සුරා අයොනිනො’ යනු ‘නුවණ මෙහෙයා වැඩ කළ නො හැකි සූරකම පමණක් ඇති අයයි. සුදුසු වැඩක යෙදිය නොහැකිකම නිසා ‘අයෝග්‍ය’ යන නම ලැබූ අයයි. ‘අයොගිනො’ යන්නට ‘අයොධිනො’ කියා ද පාඨයක් වේ. ‘කෙලෙස් මැර සමග යුද කිරීමට අසමත්’ යන අර්ථයි. ‘ධිරං මඤ්ඤන්ති බාලොති යෙ ධමස්ස අකොවිදා’ යනු ‘මෙබඳු ගිජුකම් ඇති පුද්ගලයෝ, අටලෝදහම් තේරුම් ගත නොහැකි අය ය.’ සුලු දුකක් ඇති වූ විට පවා, හඬා වැළපෙමින් අටලෝදහම් තතු ලෙස නොදත් ඔවුහු නෑයන් මළවිටත් නො හඬන, ධීර ගුණැති නුවණ ඇති මා ගැන ‘මේ අනුවණ යා නොහඬා යැ’යි සිතතී’ යන අදහසයි.

එවං බොධිසත‍්තො තෙසං ධම‍්මං දෙසෙත්‍වා සබ‍්බෙපි තෙ නිස‍්සොකෙ අකාසි.

මෙසේ බෝසත් තෙමේ ඔවුන්ට දහම් දෙසා, ඒ සියලු දෙනාගේම ශෝකය දුරු කෙළේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ කුටුම‍්බිකො සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. තදා මහාජනස‍්ස ධම‍්මං දෙසෙත්‍වා නිස‍්සොකභාවකරපණ‍්ඩිතො පන අහමෙව අහොසින‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, සත්‍යය ප්‍රකාශකොට, ජාතකය නිමවා වදාළ සේක. දේශනාව අවසානයේදී කෙළෙඹි පුත්‍රයා සෝවාන් ඵලයට පත්විය. එකල්හී මහජනයාට දහම් දෙසා, ඔවුන්ගේ ශෝකය දුරු කළ පඬිතුමා වූ කලී ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.

මතරොදනජාතකවණ‍්ණනා සත‍්තමා.