යෙදුමෙන් කියවන්න

8. කණවෙරජාතකවණ‍්ණනා 318 අට‍්ඨකථා

8. කණවෙරජාතකවණ‍්ණනා (318)

8. කණවෙර ජාතකය (318)

යං තං වසන‍්ත සමයෙති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො පුරාණදුතියිකාපලොභනං ආරබ‍්භ කථෙසි. වත්‍ථු ඉන්‍ද්‍රියජාතකෙ (ජා· 1.8.60 ආදයො) ආවි භවිස‍්සති. සත්‍ථා පන තං භික‍්ඛුං “පුබ‍්බෙ ත්‍වං භික‍්ඛු එතං නිස‍්සාය අසිනා සීසච‍්ඡෙදං පටිලභී”ති වත්‍වා තෙන යාචිතො අතීතං ආහරි.

‘යන්තං වසන්තසමයෙ’ යන මේ ගාථා කොටස සඳහන් වන ජාතක දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවසන කල්හි, ගිහි කල බිරිය විසින් පොළඹවන ලද භික්‍ෂු කෙනකුන් අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව ‘ඉන්‍ද්‍රිය’ ජාතකයෙහි දැක්වෙන්නේය. බුදුරජාණන් වහන්සේ ඉහත කී භික්‍ෂුව අමතා, ‘ඔබ මීට පෙරද මැය නිසාම කඩු පහරින් හිස ගැසුම් කා මරණය ලැබුවෙහි යැ’යි වදාරා මේ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො කාසිගාමකෙ එකස‍්ස ගහපතිකස‍්ස ඝරෙ චොරනක‍්ඛත‍්තෙන ජාතො වයප‍්පත‍්තො චොරකම‍්මං කත්‍වා ජීවිකං කප‍්පෙන‍්තො ලොකෙ පාකටො අහොසි සූරො නාගබලො, කොචි නං ගණ‍්හිතුං නාසක‍්ඛි. සො එකදිවසං එකස‍්මිං සෙට‍්ඨිඝරෙ සන්‍ධිං ඡින්‍දිත්‍වා බහුං ධනං අවහරි. නාගරා රාජානං උපසඞ‍්කමිත්‍වා “දෙව, එකො මහාචොරො නගරං විලුම‍්පති, තං ගණ‍්හාපෙථා”ති වදිංසු. රාජා තස‍්ස ගහණත්‍ථාය නගරගුත‍්තිකං ආණාපෙසි. සො රත‍්තිභාගෙ තත්‍ථ තත්‍ථ වග‍්ගබන්‍ධනෙන මනුස‍්සෙ ඨපෙත්‍වා තං සහොඩ‍්ඪං ගාහාපෙත්‍වා රඤ‍්ඤො ආරොචෙසි. රාජා “සීසමස‍්ස ඡින්‍දා”ති නගරගුත‍්තිකඤ‍්ඤෙව ආණාපෙසි. නගරගුත‍්තිකො තං පච‍්ඡාබාහං ගාළ‍්හබන්‍ධනං බන්‍ධාපෙත්‍වා ගීවායස‍්ස රත‍්තකණවීරමාලං ලග‍්ගෙත්‍වා සීසෙ ඉට‍්ඨකචුණ‍්ණං ඔකිරිත්‍වා චතුක‍්කෙ චතුක‍්කෙ කසාහි තාළාපෙන‍්තො ඛරස‍්සරෙන පණවෙන ආඝාතනං නෙති. “ඉමස‍්මිං කිර නගරෙ විලොපකාරකො චොරො ගහිතො”ති සකලනගරං සඞ‍්ඛුභි.

අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ, කසී රට එක් ගමක එක් ගෘහපතියකුගේ ගෙදර ඔහුට පුත්ව උපන්නේය. ඔහුගේ උපත සිදුවූයේ ‘සොර’ නැකතකිනි. එනිසාම නිසි වියට පත්වූ දා සිටම, ඔහු සොරකමට වැටී, එයින් ජීවත් වන්නේ, ප්‍රසිද්ධ සොරකු බවට පත්විය. සොරකමෙහි සූරයකු වූ ඔහු, ඇතකුට හා සමාන කාය බලයෙන් යුක්ත වූයේය. ඔහු අල්ලා ගැනීමට කිසිවෙක් සමත් නොවීය. හේ එක් දවසක් එක් සිටුගෙයක බිත්ති මුල්ලක් බැඳ, බොහෝ ධනය පැහැර ගත්තේය. මෙබඳු සොරකම්වලින් කැළඹුණු නගරවැසියෝ, රජු වෙත එළඹ, ‘දේවයන් වහන්ස, එක් මහා සොරක් මෙනුවර කොල්ලකයි. ඔහු අල්ලා ගනු මැනවැ’යි ආයාචනා කළහ. රජ සොරා ඇල්ලීම සඳහා එනුවර නගරාධිපතිට අණ කෙළේය. අනතුරුව නගරාධිපතිතුමා, රාත්‍රී කාලයන්හි ඒ ඒ තන්හි කාණ්ඩ වශයෙන් ආරක්ෂක පුරුෂයන් යොදා, බඩුත් සහිතවම ඒ සොරා අල්ලා ගත්තේය. අනතුරුව රජු වෙත ඉදිරිපත් කෙළේය. නගරාධිපතිතුමා සොරාගේ දෙඅත් පසුපසට තබා තදින් බඳවා, බෙල්ලෙහි රතු වද මල් මාලාවක් පළඳවා හිසෙහි ගඩොල් කුඩු විසුරුවා, රැගෙන යමින් සතර මංසන්ධිවලදී කසවලින් තළවමින්, රළු හඬ ඇති පණාබෙර (වද බෙර) වයමින්, සොරා වධක ස්ථානයට ගෙන ගියේය. ‘මෙනුවර ගෙවල් කොල්ලකෑ සොරා අල්ලා ගත්තේ යැ’යි මුළු නුවරම කැළඹුණි.

තදා ච බාරාණසියං සහස‍්සං ගණ‍්හන‍්තී සාමා නාම ගණිකා හොති රාජවල‍්ලභා පඤ‍්චසතවණ‍්ණදාසීපරිවාරා. සා පාසාදතලෙ වාතපානං විවරිත්‍වා ඨිතා තං නීයමානං පස‍්සි. සො පන අභිරූපො පාසාදිකො අතිවිය සොභග‍්ගප‍්පත‍්තො දෙවවණ‍්ණො සබ‍්බෙසං මත්‍ථකමත්‍ථකෙන පඤ‍්ඤායති. සාමා තං දිස‍්වා පටිබද‍්ධචිත‍්තා හුත්‍වා “කෙන නු ඛො උපායෙනාහං ඉමං පුරිසං අත‍්තනො සාමිකං කරෙය්‍ය”න‍්ති චින‍්තයන‍්තී “අත්‍ථෙකො උපායො”ති අත‍්තනො අත්‍ථචරිකාය එකිස‍්සා හත්‍ථෙ නගරගුත‍්තිකස‍්ස සහස‍්සං පෙසෙසි “අයං චොරො සාමාය භාතා, අඤ‍්ඤත්‍ර සාමාය අඤ‍්ඤො එතස‍්ස අවස‍්සයො නත්‍ථි, තුම‍්හෙ කිර ඉදං සහස‍්සං ගහෙත්‍වා එතං විස‍්සජ‍්ජෙථා”ති . සා ගන‍්ත්‍වා තථා අකාසි. නගරගුත‍්තිකො “අයං චොරො පාකටො, න සක‍්කා එතං විස‍්සජ‍්ජෙතුං, අඤ‍්ඤං පන මනුස‍්සං ලභිත්‍වා ඉමං පටිච‍්ඡන‍්නයානකෙ නිසීදාපෙත්‍වා පෙසෙතුං සක‍්කා”ති ආහ. සා ගන‍්ත්‍වා තස‍්සා ආරොචෙසි.

මෙසමයෙහි බරණැස් නුවර දහසක් මිල අයකරන ‘සාමා’ නම් වූ ප්‍රසිද්ධ ගණිකාවක් වූවාය. රජු සමගද ළඟ ඇසුරක් පවත්වන ඇයට පන්සියයක් වර්ණ දාසියන් (ස්වාමි දුවගේ අණින් ගණිකා වෘත්තියෙහි යෙදෙන දාසියන්) පිරිවර විය. මරණය සඳහා සොරා වීදිය දිගේ ගෙන යන අවස්ථාවේදී, සාමා සිය ප්‍රාසාදයෙහි උඩු මහල්තලයේ ජනේලයක් විවෘතකොට පාර දෙස බලා ගෙන සිටියාය. එවිට වද දෙමින් ගෙන යනු ලබන සොරා ඇයට දක්නට ලැබුණි. දුටුමතින්ම සොරා රූමතකු බවද, දුටුවන් පැහැදෙන ප්‍රසාද ගුණයෙන් යුතු අතිශය ශෝභා සම්පන්නයකු බවද, ඇයට වැටහිණි. සොරාගේ ශරීරය සියලු පිරිස් අභිබවා දෙව් රුවක් මෙන්, පෙනෙන්නට විය. දැකීම් මාත්‍රයෙන්ම සාමාගේ සිත සොරා වෙත බැඳුණි. ‘කවර හෝ උපායකින් මම, ඔහු මුදවා ගෙන, මාගේ ස්වාමියා බවට පත් කරගන්නෙමි’යි ඇය තරව ඉටා ගත්තාය. මෙසේ සිතන ඇයට කදිම උපායක් සිහියට නැඟුණි. ඉක්බිති තමාගේ වැඩකාරියට කථා කළ සාමා, ඇය අතේ දහසක මුදල් පොදියක් තබා, නගරාධිපතිවරයා වෙතට අල්ලස් වශයෙන් යැවීය. මේ සමගම නගරාධිපතිතුමාට සැල කරනු සඳහා පණිවුඩයක්ද සිය සේවිකාවට උගන්වා යැවීමට, සාමා අමතක නොකළාය. නගරාධිපතිවරයා වෙත ගිය සේවිකාව, ඉහත කී පඬුරු ඔප්පු කොට, ‘නගරාධිපතිතුමනි, ඔය සොරා සාමාවගේ සහෝදරයාය. ඔහුට පිහිටවීමට සාමාව හැර අන් කිසිවකු නැත. ඔබතුමා මේ පඬුරු ගෙන, ඔහු මුදනු මැනවැ’යි ආයාචනා කළාය. එවිට නගරාධිපතිතුමා, ‘මොහු ප්‍රසිද්ධ සොරෙකි. ඔය කියන අයුරින් ඔහු මුදා හැරිය නො හැකිය. ඒ වෙනුවට දිවි තොර කරනු සඳහා වෙනත් මිනිසකු ලබා දෙන්නේ නම්, සොරා රථයක සඟවා සාමා වෙත එවිය හැකියැ’යි කීයේය. මේ සියලු විස්තර සේවිකාව තම ස්වාමි දුවට වහා සැල කළාය.

තදා පනෙකො සෙට‍්ඨිපුත‍්තො සාමාය පටිබද‍්ධචිත‍්තො දෙවසිකං සහස‍්සං දෙති. සො තං දිවසම‍්පි සූරියත්‍ථඞ‍්ගමනවෙලාය සහස‍්සං ගණ‍්හිත්‍වා තං ඝරං අගමාසි. සාමාපි සහස‍්සභණ‍්ඩිකං ගහෙත්‍වා ඌරූසු ඨපෙත්‍වා පරොදන‍්තී නිසින‍්නා හොති. “කිං එත”න‍්ති ච වුත‍්තා “සාමි, අයං චොරො මම භාතා, ‘අහං නීචකම‍්මං කරොමී’ති මය‍්හං සන‍්තිකං න එති, නගරගුත‍්තිකස‍්ස පහිතං ‘සහස‍්සං ලභමානො විස‍්සජ‍්ජෙස‍්සාමි න’න‍්ති සාසනං පෙසෙසි. ඉදානි ඉමං සහස‍්සං ආදාය නගරගුත‍්තිකස‍්ස සන‍්තිකං ගච‍්ඡන‍්තං න ලභාමී”ති ආහ. සො තස‍්සා පටිබද‍්ධචිත‍්තතාය “අහං ගමිස‍්සාමී”ති ආහ. “තෙන හි තයා ආභතමෙව ගහෙත්‍වා ගච‍්ඡාහී”ති. සො තං ගහෙත්‍වා නගරගුත‍්තිකස‍්ස ගෙහං ගඤ‍්ඡි. සො තං සෙට‍්ඨිපුත‍්තං පටිච‍්ඡන‍්නට‍්ඨානෙ ඨපෙත්‍වා චොරං පටිච‍්ඡන‍්නයානකෙ නිසීදාපෙත්‍වා සාමාය පහිණිත්‍වා “අයං චොරො රට‍්ඨෙ පාකටො, තමන්‍ධකාරං තාව හොතු, අථ නං මනුස‍්සානං පටිසල‍්ලීනවෙලාය ඝාතාපෙස‍්සාමී”ති අපදෙසං කත්‍වා මුහුත‍්තං වීතිනාමෙත්‍වා මනුස‍්සෙසු පටිසල‍්ලීනෙසු සෙට‍්ඨිපුත‍්තං මහන‍්තෙනාරක‍්ඛෙන ආඝාතනං නෙත්‍වා අසිනා සීසං ඡින්‍දිත්‍වා සරීරං සූලෙ ආරොපෙත්‍වා නගරං පාවිසි.

මෙදිනම එක් සිටු පුතෙක් සාමාව සොයා පැමිණියේය. ඔහු සාමා ගැන වහ වැටී සිටියෙකි. එනිසා ඔහු දිනපතා ම ඇයට දහසින් බැඳි පියල්ලක් දෙයි. සැඳෑ සමයේ දහසක මුදල් පොදියකුත් රැගෙන, සාමාගේ මැදුරට පැමිණි ඔහුට දුක්මුසුව වැතිර සිටි, ඇය දක්නට ලැබුණි. ඇය වෙතට ගිය සිටු පුත්‍රයා, මුදල් පොදියකුත් ඇයගේ උකුල මත තිබෙනු දුටුවේය. මුදල් පොදිය උකුල මත තබාගෙනම, ඇය මහ හඬින් හඬන්නට පටන් ගත්තාය. එවිට සිටු පුත්‍රයා ‘මේ කිමෙක්දැ’යි කියා, කලබලයට පත් විය. ‘ස්වාමීනි, අද මරණයට රැගෙන ගිය සොරා, මාගේ සහෝදරයාය. පහත් වැඩ නිරත වී යැ’යි මා සමීපයට ඔහු නොඑයි. එහෙත් ඔහු මාගේ සහෝදරයාමය. ‘මම නගරාධිපති තුමාගෙන් සොයුරා මුදන ලෙස ඉල්ලා සිටියෙමි. එවිට ඔහු ‘දහසක් මුදල් ලැබෙතොත් සොරා මුදා හරින්නෙමි’යි හසුනක් එවීය. ‘මා මේ දුක් වන්නේ දහසක මුදල් මා ළඟ ඇතත්, මේවා රැගෙන නගරාධිපතිවරයා වෙතට යාමට, මට නොහැකි නිසා යැ’යි සාමා හඬමින් කීවාය. සාමා කෙරෙහි දැඩි ආදරයකින් බැඳුනු සිටු පුත්‍රයා, ‘මම මුදල් ගෙන ගොස් දෙන්නෙමි’යි, ඇයට පොරොන්දු විය. එවිට සාමා කතා කොට, ‘එසේ වී නම්, ඔබ ගෙනා මුදල්ම රැගෙන යනු මැනවැ’යි කීවාය. සිටු පුත්‍රයා ද මුදල් රැගෙන නගරාධිපතිතුමාගේ නිවසට ගොස්, ඔහුට මුදල් භාර දී, විස්තරද කීයේය. නගරාධිපතිතුමාද, සිටුපුත්‍රයා සඟවා තබා, සොරා මුදා ගෙනැවිත් ආවරණය කරන ලද රියක හිඳුවා, සාමා වෙත යැවීය. ඊට පසු නගරාධිපතිතුමා ‘මොහු රටේ ප්‍රසිද්ධ සොරෙකි. බොහෝ අය හඳුනන්නෙකි. එබැවින් බොහෝ රෑ වන තෙක් සිට, මිනිසුන් ගෙවල් දොරවල් වසා, අගුලු ලා ගත් කල්හී, සොරා වෙනුවට මෙහි පැමිණ සිටින මේ පුරුෂයා මරවන්නෙමි’යි සිතා, කල් ගතකොට, රෑ වූ පසු, පාර තොට මිනිසුන්ගෙන් හිස් වූ කල්හී, සිටුපුත්‍රයා මහත් රැකවරණය මැද, වධක භූමියට කැඳවා ගෙන ගොස්, කඩුවකින් බෙල්ල කපා, සිරුර හුල තබ්බවා නුවරට පැමිණියේය.

තතො පට‍්ඨාය සාමා අඤ‍්ඤෙසං හත්‍ථතො කිඤ‍්චි න ගණ‍්හාති, තෙනෙව සද‍්ධිං අභිරමමානා විචරති. සො චින‍්තෙසි “සචෙ අයං අඤ‍්ඤස‍්මිං පටිබද‍්ධචිත‍්තා භවිස‍්සති, මම‍්පි මාරාපෙත්‍වා තෙන සද‍්ධිං අභිරමිස‍්සති, අච‍්චන‍්තං මිත‍්තදුබ‍්භිනී එසා, මයා ඉධ අවසිත්‍වා ඛිප‍්පං පලායිතුං වට‍්ටති, ගච‍්ඡන‍්තො ච පන තුච‍්ඡහත්‍ථො අගන‍්ත්‍වා එතිස‍්සා ආභරණභණ‍්ඩං ගහෙත්‍වා ගච‍්ඡිස‍්සාමී”ති චින‍්තෙත්‍වා එකස‍්මිං දිවසෙ තං ආහ – “භද‍්දෙ, මයං පඤ‍්ජරෙ පක‍්ඛිත‍්තකුක‍්කුටා විය නිච‍්චං ඝරෙයෙව හොම, එකදිවසං උය්‍යානකීළං කරිස‍්සාමා”ති. සා “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා ඛාදනීයභොජනීයාදිං සබ‍්බං පටියාදෙත්‍වා සබ‍්බාභරණපටිමණ‍්ඩිතා තෙන සද‍්ධිං පටිච‍්ඡන‍්නයානෙ නිසීදිත්‍වා උය්‍යානං අගමාසි. සො තත්‍ථ තාය සද‍්ධිං කීළන‍්තො “ඉදානි මය‍්හං පලායිතුං වට‍්ටතී”ති තාය සද‍්ධිං කිලෙසරතියා රමිතුකාමො විය එකං කණවීරගච‍්ඡන‍්තරං පවිසිත්‍වා තං ආලිඞ‍්ගන‍්තො විය නිප‍්පීළෙත්‍වා විසඤ‍්ඤං කත්‍වා පාතෙත්‍වා සබ‍්බාභරණානි ඔමුඤ‍්චිත්‍වා තස‍්සායෙව උත‍්තරාසඞ‍්ගෙන බන්‍ධිත්‍වා භණ‍්ඩිකං ඛන්‍ධෙ ඨපෙත්‍වා උය්‍යානවතිං ලඞ‍්ඝිත්‍වා පක‍්කාමි.

එදා පටන් සාමා අන් පුරුෂයන්ගේ අතින්, කිසිදු මුදලක් නො ගනියි, සොරා සමගම සිත් අලවා වෙසෙයි. දිනක් සොරා මෙසේ සිතීය. ‘යම් විදියකින් මැය වෙනත් පුරුෂයෙකු කෙරෙහි, පිළිබඳ සිත් ඇති කොට ගතහොත්, මා මරා, ඔහු සමග සිත් අලවා, වෙසෙනු ඒකාන්තය. සිය මිතුරා මරණයට කැප කළ අතිශයින්ම මිත්‍රද්‍රෝහී වූ, මැය සමග මෙහි නොවැස, වහා මෙතැනින් පලා යා යුතුය. එහෙත් හිස් අතින් යා නො හැකිය. මැගෙන් ආභරණ පොදියකුත් ගෙන යා යුතුය, යනුවෙනි. මෙසේ සිතා ඇයට කතා කළ සොරා, ‘සොඳුර, අපි වූ කලී කූඩු කළ කුකුළන් මෙන්, නිරතුරුව ගේ තුළටම වී සිටීම නුසුදුසුය. දිනෙක උයන් කෙළියෙහි යෙදී, සතුටු වන්නෙමුදැ’යි කීය. ඇය ද ‘යහපතැ’යි පිළිගනෙ, කෑම බීම ආදී අවශ්‍ය සියල්ල පිළියෙල කොටගෙන, සියලු අබරණින් සැරසී, ඔහු සමග ආවරණය කරන ලද, රථයක නැගී උයන්කෙළි සඳහා පිටත් වූවාය. ඔහුද එහි දී සාමාව සමග කෙළිදෙලෙන් වැස, ‘මේ වූ කලී මට පලා යාමට සුදුසු වේලාව යැ’යි කල්පනා කොට ඈ සමග රතිමතින් ඇලී විසීමට කැමති බව අඟවමින්, එක් වදමල් පඳුරක් අස්සට පිවිස, වැළඳ ගන්නාක් මෙන්, තදින් ග්‍රහණය කොට ගෙන, ඇය සිහිසුන්කොට බිම හොවා, ඇය පැළඳි සියලු අබරණ මුදා, ඇගේම උතුරු සළුවෙහි පොදි බැඳගෙන, එය තම පිටේ එල්ලාගෙන උයන් වැට පැන, පලා ගියේය.

සාපි පටිලද‍්ධසඤ‍්ඤා උට‍්ඨාය පරිචාරිකානං සන‍්තිකං ආගන‍්ත්‍වා “අය්‍යපුත‍්තො කහ”න‍්ති පුච‍්ඡි. “න ජානාම, අය්‍යෙ”ති. “මං මතාති සඤ‍්ඤාය භායිත්‍වා පලාතො භවිස‍්සතී”ති අනත‍්තමනා හුත්‍වා තතොයෙව ගෙහං ගන‍්ත්‍වා “මම පියසාමිකස‍්ස අදිට‍්ඨකාලතො පට‍්ඨායෙව අලඞ‍්කතසයනෙ න සයිස‍්සාමී”ති භූමියං නිපජ‍්ජි. තතො පට‍්ඨාය මනාපං සාටකං න නිවාසෙති, ද‍්වෙ භත‍්තානි න භුඤ‍්ජති, ගන්‍ධමාලාදීනි න පටිසෙවති, “යෙන කෙනචි උපායෙන අය්‍යපුත‍්තං පරියෙසිත්‍වා පක‍්කොසාපෙස‍්සාමී”ති නටෙ පක‍්කොසාපෙත්‍වා සහස‍්සං අදාසි. “කිං කරොම, අය්‍යෙ”ති වුත‍්තෙ “තුම‍්හාකං අගමනට‍්ඨානං නාම නත්‍ථි, තුම‍්හෙ ගාමනිගමරාජධානියො චරන‍්තා සමජ‍්ජං කත්‍වා සමජ‍්ජමණ‍්ඩලෙ පඨමමෙව ඉමං ගීතං ගායෙය්‍යාථා”ති නටෙ සික‍්ඛාපෙන‍්තී පඨමං ගාථං වත්‍වා “තුම‍්හෙහි ඉමස‍්මිං ගීතකෙ ගීතෙ සචෙ අය්‍යපුත‍්තො තස‍්මිං පරිසන‍්තරෙ භවිස‍්සති, තුම‍්හෙහි සද‍්ධිං කථෙස‍්සති, අථස‍්ස මම අරොගභාවං කථෙත්‍වා තං ආදාය ආගච‍්ඡෙය්‍යාථ, නො චෙ ආගච‍්ඡති, සාසනං පෙසෙය්‍යාථා”ති පරිබ‍්බයං දත්‍වා නටෙ උය්‍යොජෙසි. තෙ බාරාණසිතො නික‍්ඛමිත්‍වා තත්‍ථ තත්‍ථ සමජ‍්ජං කරොන‍්තා එකං පච‍්චන‍්තගාමකං අගමිංසු. සොපි චොරො පලායිත්‍වා තත්‍ථ වසති. තෙ තත්‍ථ සමජ‍්ජං කරොන‍්තා පඨමමෙව ඉමං ගීතකං ගායිංසු –

ඇය ද මඳ වේලාවකින් පියෙවි සිහිය ලැබ, හුන් තැනින් නැඟිට වහා ගෙදර අවුත්, පිරිවර ස්ත්‍රීන්ගෙන් තම ස්වාමි පුත්‍රයා ගැන විමසුවාය. ‘උත්තමාවිය, අපි ඔහු ගැන කිසිත් නො දනිමු’යි, එම ස්ත්‍රීහු පැවසූහ. එවිට සාමාව ‘එකත් එකටම මාගේ ස්වාමි පුත්‍රයා මා මලා යැ’යි සිතා, බියට පත්ව මෙහෙන් පලා ගියා විය යුතුයැ’යි, කනස්සලු සහගතව, තම යහන් ගැබට පිවිස, ‘යම් දිනෙක මගේ ප්‍රිය සැමියා නැවත මට මුණගැසේද, එදාට අලංකෘත වූ මේ සිරියහනෙහි සැතපෙන්නෙමි, එතෙක් මට මේ බිම වඩාත් හොඳ යැ’යි සිතා, ඇඳ ළඟ බිම වැතිරුණාය. එතැන් පටන් ඇය තමා ඉතාම ප්‍රියකරන සළු පවා, ප්‍රතික්‍ෂේප කළාය. කෑම බීමද සීමා කළාය. සුවඳමල් විලවුන් පිළිකෙවු කළාය. ඉන්පසුව ‘කෙසේ හෝ කුමන උපායක් යොදා හෝ, මාගේ ආර්ය පුත්‍රයා සොයා, නැවත කැඳවා ගන්නෙමි’යි තිර ව ඇය අදිටන් කර ගත්තාය. අනතුරුව, තැන තැන ගොස් නැටුම් පෙන්වන නාට්‍ය කණ්ඩායමක්, සිය මැදුරට කැඳවා ගත්, සාමා ඔවුන්ට රන් කාසි දහසක් තෑගි කොට, සංග්‍රහ කළාය. එවිට නාට්‍යකරුවෝ ‘උත්තමාවිය, අපි ඔබ වෙනුවෙන් කුමක් කෙරෙමුදැ’යි විමසූහ. එවිට සාමා ඔවුන් අමතා ‘ඔබ සැම මේ රටේ නොයන’ තැනක් නැත. මින්පසු ගම් නියම්ගම්, රාජධානි යන මේ විවිධ ස්ථානවල නාට්‍ය පෙන්වන අවස්ථාවලදී, එතැනට රැස්වූ පිරිස් ඉදිරිපිට, පළමුකොට ‘මේ ගීතය ගයන්නැ’යි කියා, ප්‍රථමයෙන් ගීතයක් නළුවන්ට පුරුදු කළාය. නැවත ඔවුන් ඇමතූ ඇය, ‘ඔබ හැම විසින්, මේ ගීතය ගයනවිට මාගේ ආර්ය පුත්‍රයා, යම් විදියකින් එම පිරිස අතරෙහි සිටියහොත්, නිසැකව ම ඔහු ඔබ වෙත අවුත් කතා කරන්නේය. එවිට මා නො මළ බව, ඔහුට කියනු මැනවි, එසේ කියා ඔහු කැඳවා ගෙන එවු, යම් විදියකින් එන්නට අදිමදි කරතොත්, නො වරදවා මා වෙත ලිපියක් එවන්නට කියවු.’ මෙසේ කරුණු පහදා දී මඟ වියදම් ද දී, නළුවන් පිරිස පිටත් කළාය. මෙසේ ඒ නළු පිරිස බරණැසින් නික්ම ඒ ඒ තන්හි නාට්‍ය පෙන්වමින් ගොස්, එක් පසල් ගමක රඟ දැක්වීම සඳහා නතර වූහ. මේ කතා පුවතට සම්බන්ධ සොරා ද, සාමා වෙතින් පලා අවුත්, මේ ගමේම පදිංචිව සිටියේය. නාට්‍ය බලන්නට රැස්වූ පිරිස අතර ඔහුද විය. නාට්‍යකරුවෝ රැඟුම ආරම්භයේදීම, සාමාගෙන් ඉගෙන ගත්, ගීතය ගැයූහ.

“යං තං වසන‍්තසමයෙ, කණවෙරෙසු භාණුසු; සාමං බාහාය පීළෙසි, සා තං ආරොග්‍යමබ්‍රවී”ති.

යන්තං වසන්ත සමයෙ - කණා වෙරෙසු භානුසු, යාමං බාහාය පීලෙසි සාතං ආරොග්‍ය මබ්‍රවීති

වසන්ත කාලයෙහි හිරුරැස් වැටුණු වද ගස් අතරදී, ඔබ බාහු බලයෙන් සාමාට රිදවීද? ඇය (දැන්) නිරෝගී බව, ඔබට (කියන්නැයි) කීවාය.

තත්‍ථ කණවෙරෙසූති කරවීරෙසු. භාණුසූති රත‍්තවණ‍්ණානං පුප‍්ඵානං පභාය සම‍්පන‍්නෙසු. සාමන‍්ති එවංනාමිකං. පීළෙසීති කිලෙසරතියා රමිතුකාමො විය ආලිඞ‍්ගන‍්තො පීළෙසි. සා තන‍්ති සා සාමා අරොගා, ත්‍වං පන “සා මතා”ති සඤ‍්ඤාය භීතො පලායසි, සා අත‍්තනො ආරොග්‍යං අබ්‍රවි කථෙසි, ආරොචෙසීති අත්‍ථො.

මෙහි ‘කණාවෙරෙසු’ යනු ‘වද ගස් අතර’ය. ‘භානුසු’ යනු ‘රතු පැහැති මල්වල පැහැයෙන් ප්‍රභාමත් වූ’ යන අර්ථයි. ‘සාමං’ යනු එසේ නම් කිරීම’යි. ‘පීළෙසි’ යනු ‘කාම රතියෙන් රමයට කැමතිව වැළඳ ගන්නා අයුරෙන් ක්‍රීඩා කෙළේය’ යන අර්ථයි. ‘සා තං’ යනු ‘ඒ සාමා දැන් නිරෝගීය. ඔබ වනාහි ඇය මලාය, යන හැඟීමෙන් බියපත්ව පලා ගියෙහිය. ඈ තම නිරෝගී භාවය ප්‍රකාශ කළාය. කීවාය. දැනුම් දුන්නාය’ යන අර්ථයි.

චොරො තං සුත්‍වා නටං උපසඞ‍්කමිත්‍වා “ත්‍වං ‘සාමා ජීවතී’ති වදසි, අහං පන න සද‍්දහාමී”ති තෙන සද‍්ධිං සල‍්ලපන‍්තො දුතියං ගාථමාහ –

සොරා මෙය අසා නලුවකු වෙත එළඹ, ‘ඔබ, සාමා ජීවතුන් අතරයැ’යි කියහිද? මම එය නො පිළිගනිමි’යි, ඔහු සමඟ කතා කෙරෙමින්, මෙසේ කීයේය.

“අම‍්භො න කිර සද‍්ධෙය්‍යං, යං වාතො පබ‍්බතං වහෙ; පබ‍්බතඤ‍්චෙ වහෙ වාතො, සබ‍්බම‍්පි පථවිං වහෙ; යත්‍ථ සාමා කාලකතා, සා මං ආරොග්‍යමබ්‍රවී”ති.

2. පින්වත, යම් සේ සුළඟක් පර්වතයක් රැගෙන යන්නේද? සුළඟක් පර්වතයක් රැගෙන යේ නම් මුළු පොළොවත් රැගෙන යන්නේය. යම් තැනකදී මළ, ඒ සාමා සිය නිරෝගී බව මට කීවාය යනු, විශ්වාස නොකරන්නෙමි.

තස‍්සත්‍ථො – අම‍්භො නට, ඉදං කිර න සද‍්දහෙය්‍යං න සද‍්දහිතබ‍්බං. යං වාතො තිණපණ‍්ණානි විය පබ‍්බතං වහෙය්‍ය, සචෙපි සො පබ‍්බතං වහෙය්‍ය, සබ‍්බම‍්පි පථවිං වහෙය්‍ය, යථා චෙතං අසද‍්දහෙය්‍යං, තථා ඉදන‍්ති. යත්‍ථ සාමා කාලකතාති යා නාම සාමා කාලකතා, සා මං ආරොග්‍යං අබ්‍රවීති කිංකාරණා සද‍්දහෙය්‍යං. මතා නාම න කස‍්සචි සාසනං පෙසෙන‍්තීති.

‘පින්වත් නළුවාණෙනි, මේ වනාහි නො ඇදහිය යුත්තෙකි. යම් සුළඟක් තණපත් රැගෙන යන්නාක් මෙන් පර්වතයක් ඔසවා ගෙන යන්නේ නම්, මුළු පොළොවමත් ගෙන යන්නේය. එය එසේ විශ්වාස කරන්නේ නම්, මෙයද එසේමය. එනම් සාමා යම් තැනකදී මළාය. යම් තැනැත්තියක් මළා නම්, ඈ ඇගේ නිරෝගී බව මට කීවාය යනු කිනම් කරුණක් නිසා අදහන්නෙම්ද? මළ අය කිසිවකුට පණිවුඩ නොඑවති’ යන අර්ථයි.

තස‍්ස වචනං සුත්‍වා නටො තතියං ගාථමාහ –

ඔහුගේ මේ වචන අසා, ඉහත කී නළුවා මෙසේ පැවසීය.

“න චෙව සා කාලකතා, න ච සා අඤ‍්ඤමිච‍්ඡති; එකභත‍්තිකිනී සාමා, තමෙව අභිකඞ‍්ඛතී”ති.

3. ඈ නො මළාය. ඈ වෙන අයකු නො පතයි. එක් සැමියෙකු ඇති ඇය, ඔහුම අපේක්‍ෂා කරයි.

තත්‍ථ තමෙව අභිකඞ‍්ඛතීති අඤ‍්ඤං පුරිසං න ඉච‍්ඡති, තඤ‍්ඤෙව කඞ‍්ඛති ඉච‍්ඡති පත්‍ථෙතීති.

මෙහි ‘තමෙව අභිකංඛති’ යනු ‘අන් පුරුෂයකුට නො කැමතිය. ඔහුට ම කැමතිය. ඔහුම අපේක්‍ෂා කෙරේ, ප්‍රාර්ථනා කෙරේ යන අර්ථයි.

තං සුත්‍වා චොරො “සා ජීවතු වා මා වා, න තාය මය‍්හං අත්‍ථො”ති වත්‍වා චතුත්‍ථං ගාථමාහ –

මේ ඇසූ සොරා, ඇය ජීවත් වුවත් නැතත්, ‘මට ඇගෙන් ප්‍රයෝජනයක් නැතැ’යි කියා, මේ ගාථාව කීයේය.

“අසන්‍ථුතං මං චිරසන්‍ථුතෙන, නිමීනි සාමා අධුවං ධුවෙන; මයාපි සාමා නිමිනෙය්‍ය අඤ‍්ඤං, ඉතො අහං දූරතරං ගමිස‍්ස”න‍්ති.

4. සාමා දිගු කලක් ඇසුරු නොකළ මා, දිගු ඇසුරකුට පත් වූවකු බවටද, නිත්‍ය නොවූ මා නිත්‍ය සැමියා බවටද, පරිවර්තනය කළාය. සාමා මා වෙනුවට අනිකකු, වෙනස් කොට ගන්නීය. (එබැවින්) මම මෙතැනින් තවත් ඉතා ඈතට යන්නෙමි.

තත්‍ථ අසන්‍ථුතන‍්ති අකතසංසග‍්ගං. චිරසන්‍ථුතෙනාති චිරකතසංසග‍්ගෙන. නිමීනීති පරිවත‍්තෙසි. අධුවං ධුවෙනාති මං අධුවං තෙන ධුවසාමිකෙන පරිවත‍්තෙතුං නගරගුත‍්තිකස‍්ස සහස‍්සං දත්‍වා මං ගණ‍්හීති අත්‍ථො. මයාපි සාමා නිමිනෙය්‍ය අඤ‍්ඤන‍්ති සාමා මයාපි අඤ‍්ඤං සාමිකං පරිවත‍්තෙත්‍වා ගණ‍්හෙය්‍ය. ඉතො අහං දූරතරං ගමිස‍්සන‍්ති යත්‍ථ න සක‍්කා තස‍්සා සාසනං වා පවත‍්තිං වා සොතුං, තාදිසං දූරතරං ඨානං ගමිස‍්සං, තස‍්මා මම ඉතො අඤ‍්ඤත්‍ථ ගතභාවං තස‍්සා ආරොචෙථාති වත්‍වා තෙසං පස‍්සන‍්තානඤ‍්ඤෙව ගාළ‍්හතරං නිවාසෙත්‍වා වෙගෙන පලායි.

මෙහි ‘අසත්‍ථුතං’ යනු ‘ඇසුරු නො කළ’, යන අර්ථයි. ‘චිරසන්‍ථුතෙන’ යනු ‘බොහෝ කලක් කළ ඇසුර’යි. ‘නිමීනි’ යනු ‘පරිවර්තනය කළා ය යන තේරුමයි. ‘අධුවං ධුවෙන’ යනු ‘නිත්‍ය සැමියකු නොවන මා, නිත්‍ය සැමියා කර ගැනීමට නගරාධිපතිට දහසක් මිළ ගෙවා, මා මුදා ගත්තාය,’ යන අර්ථයි. ‘මයාපි සාමා නිමිනෙය්‍ය අඤ්ඤං’ යනු ‘සාමා මා ද වෙනස් කොට අන් සැමියකු ගන්නී’ය, යන අර්ථයි. ‘ඉතො අහං දූරතරං ගමිස්සං’ යනු ‘මා යම්තැනක සිටියොත්, පණිවුඩයක් එවන්නට හෝ, මා ගැන තොරතුරු දැනගන්නට හෝ, ඇයට නොහැකි වේද? එබඳු වූ ඉතා දුර තැනකට, මම යන්නෙමි’ යන අර්ථයි. මෙසේ කියූ සොරා ‘එබැවින් මම මෙතනින් වෙනත් තැනකට ගිය බව ඇයට දන්වවු’යි කියා, නළු පිරිස බලා සිටිද්දී ම වහා සූදානම්ව වේගයෙන් පළා ගියේය.

නටා ගන‍්ත්‍වා තෙන කතකිරියං තස‍්සා කථයිංසු. සා විප‍්පටිසාරිනී හුත්‍වා අත‍්තනො පකතියා එව වීතිනාමෙසි.

නළුවෝ සාමා වෙත පැමිණ, ඔහු කළ ක්‍රියාව ඇයට පැවසූහ. ඉන් අතිශයින් කනස්සලු භාවයට පැමිණි ඇය, තමා මෙතෙක් කාලය ගත කළ ආකාරයෙන්ම, ඉතා දුකසේ කල් ගෙව්වාය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ උක‍්කණ‍්ඨිතභික‍්ඛු සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා සත්‍ය ප්‍රකාශකොට ජාතකය නිමවා වදාළ සේක. කලකිරුණු භික්‍ෂුව ධර්ම දේශනාව කෙළවරදී, සෝවාන් ඵලයෙහි පිහිටියේය.

තදා සෙට‍්ඨිපුත‍්තො අයං භික‍්ඛු අහොසි, සාමා පුරාණදුතියිකා, චොරො පන අහමෙව අහොසින‍්ති.

එදා සිටු පුත්‍රයා නම්, මේ භික්‍ෂුවම විය. සාමා නම්, මේ භික්‍ෂුවගේ ගිහි කල බිරියයි. සොරා වූ කලී, ‘මම ම වීමි’යි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දක්වා වදාළ සේක.

කණවෙරජාතකවණ‍්ණනා අට‍්ඨමා.