9. තිත‍්තිරජාතකවණ‍්ණනා 319 අට‍්ඨකථා
9. තිත‍්තිරජාතකවණ‍්ණනා (319)
9. තිත්තිර ජාතකය (319)
සුසුඛං වත ජීවාමීති ඉදං සත්‍ථා කොසම‍්බියං නිස‍්සාය බදරිකාරාමෙ විහරන‍්තො රාහුලත්‍ථෙරං ආරබ‍්භ කථෙසි. වත්‍ථු හෙට‍්ඨා තිපල‍්ලත්‍ථජාතකෙ (ජා· 1.1.16) විත්‍ථාරිතමෙව. භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං “ආවුසො, රාහුලො සික‍්ඛාකාමො කුක‍්කුච‍්චකො ඔවාදක‍්ඛමො”ති. තස‍්සායස‍්මතො ගුණකථාය සමුට‍්ඨාපිතාය සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපි රාහුලො සික‍්ඛාකාමො කුක‍්කුච‍්චකො ඔවාදක‍්ඛමොයෙවා”ති වත්‍වා අතීතං ආහරි.
‘සුසුඛං වත ජීවාමි’ යන මේ ගාථා කොටස සඳහන් වන ජාතක කථා ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ කොසඹෑ නුවර ඛදිරිකාරාමයේ වාසය කරන සේක්, රාහුල තෙරුන් අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව ‘තිපල්ලත්‍ථ’ ජාතකයෙහි විස්තර වශයෙන් දක්වන ලදි. දම්සභාවෙහි රැස් වූ භික්‍ෂූන් විසින් ‘ඇවැත්නි, රාහුල ශික්‍ෂාකාමී ය. යමක් දැන ගැනීමෙහි කුකුස් ඇත්තේය. අවවාද දීමට ද ඉතා පහසුයැ’යි ඒ රාහුල තෙරුන්ගේ ගුණ කථා කරමින් සිටිද්දී, බුදුරජාණන් වහ්නසේ එතැනට වැඩ ‘මහණෙනි, ඔබ සැම කුමන කථාවකින් යුක්තව සිටියාහුදැ’යි විචාරා කරුණු දැන, දැන් පමණක් නොව, පෙරද, රාහුල ශික්‍ෂාකාමීය. යමක් දැන ගැනීමට කුකුස් ඇත්තේය. අවවාද කිරීමට ද සුදුස්සෙකි’යි වදාරා මේ අතීත කථාව දේශනා කළ සේක.
අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො තක‍්කසිලං ගන‍්ත්‍වා සබ‍්බසිප‍්පානි උග‍්ගණ‍්හිත්‍වා නික‍්ඛම‍්ම හිමවන‍්තපදෙසෙ ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා අභිඤ‍්ඤා ච සමාපත‍්තියො ච නිබ‍්බත‍්තෙත්‍වා ඣානකීළං කීළන‍්තො රමණීයෙ වනසණ‍්ඩෙ වසිත්‍වා ලොණම‍්බිලසෙවනත්‍ථාය අඤ‍්ඤතරං පච‍්චන‍්තගාමකං අගමාසි. තත්‍ථ නං මනුස‍්සා දිස‍්වා පසන‍්නචිත‍්තා අඤ‍්ඤතරස‍්මිං අරඤ‍්ඤෙ පණ‍්ණසාලං කාරෙත්‍වා පච‍්චයෙහි උපට‍්ඨහන‍්තා වාසාපෙසුං. තදා තස‍්මිං ගාමකෙ එකො සාකුණිකො එකං දීපකතිත‍්තිරං ගහෙත්‍වා සුට‍්ඨු සික‍්ඛාපෙත්‍වා පඤ‍්ජරෙ පක‍්ඛිපිත්‍වා පටිජග‍්ගති. සො තං අරඤ‍්ඤං නෙත්‍වා තස‍්ස සද‍්දෙන ආගතාගතෙ තිත‍්තිරෙ ගහෙත්‍වා වික‍්කිණිත්‍වා ජීවිකං කප‍්පෙසි. තිත‍්තිරො “මං එකං නිස‍්සාය බහූ මම ඤාතකා නස‍්සන‍්ති, මය‍්හමෙතං පාප”න‍්ති නිස‍්සද‍්දො අහොසි. සො තස‍්ස නිස‍්සද‍්දභාවං ඤත්‍වා වෙළුපෙසිකාය නං සීසෙ පහරති. තිත‍්තිරො දුක‍්ඛාතුරතාය සද‍්දං කරොති. එවං සො සාකුණිකො තං නිස‍්සාය තිත‍්තිරෙ ගහෙත්‍වා ජීවිකං කප‍්පෙසි.
අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරන කල්හි, බෝසත් තෙමේ බ්‍රාහ්මණ කුලයෙහි ඉපිද සුදුසු වියේදී තක්‍ෂිලාවට ගොස්, එහි දී සියලු ශිල්ප උගෙන, එතැනින් නික්ම අවුත්, පසුකලෙක හිමාල පෙදෙසේදී, සෘෂි පැවිද්දෙන් පැවිදිව අභිඥා ද, සමාපත්තිද, උපදවා ධ්‍යාන සුවයෙන් රමණීය වනලැහැබක දිගුකලක් වැස, ලුණු-ඇඹුල් සේවනය සඳහා, එක්තරා පසල් ගමකට ගියේය. එහිදී මිනිස්සු ඔහු දැක සිත් පැහැද, කැලයෙහි පන්සලක් තනවා දී, සිවුපසයෙන් උපස්ථාන කරමින් පහසුවෙන් විසීමට සැලැස්සූහ. එකල ඒ ගමේ එක් කුරුලු වැද්දෙක්, සේවටුවකු අල්ලාගෙන මැනවින් පුරුදුකොට, කූඩුවක ඇතිදැඩි කරයි. ඔහු කැලයට ඌ ගෙන ගොස් හඬ නගන්නට සලස්වා, අනතුරුව එම ශබ්දයට ළංවූ වටුවන් අල්ලාගෙන, එයින් ජීවිකාව කරගෙන යයි. දිනක් ඒ වටුවා ‘මා නිසා මගේ බොහෝ නෑයෝ නැසෙති, එය මට මහත් පාපයකි’යි සිතා නිහඬව සිටියේය. වැද්දා වටුවා නිහඬ බව දැක, උණ පතුරකින් උගේ හිසට පහර දුනි. වටුවා දුකෙන් පීඩිතව හඬලයි. මෙසේ ඒ කුරුලු වැද්දා තම වටුවා නිසා, සෙසු වටුවන් අල්ලාගෙන, ජීවිකාව ගෙන ගියේය.
අථ සො තිත‍්තිරො චින‍්තෙසි “ඉමෙ මරන‍්තූති මය‍්හං චෙතනා නත්‍ථි, පටිච‍්චකම‍්මං පන මං ඵුසති, මයි සද‍්දං අකරොන‍්තෙ එතෙ නාගච‍්ඡන‍්ති, කරොන‍්තෙයෙව ආගච‍්ඡන‍්ති, ආගතාගතෙ අයං ගහෙත්‍වා ජීවිතක‍්ඛයං පාපෙති, අත්‍ථි නු ඛො එත්‍ථ මය‍්හං පාපං, නත්‍ථී”ති. සො තතො පට‍්ඨාය “කො නු ඛො මෙ ඉමං කඞ‍්ඛං ඡින්‍දෙය්‍යා”ති තථාරූපං පණ‍්ඩිතං උපධාරෙන‍්තො චරති. අථෙකදිවසං සො සාකුණිකො බහූ තිත‍්තිරෙ ගහෙත්‍වා පච‍්ඡිං පූරෙත්‍වා “පානීයං පිවිස‍්සාමී”ති බොධිසත‍්තස‍්ස අස‍්සමං ගන‍්ත්‍වා තං පඤ‍්ජරං බොධිසත‍්තස‍්ස සන‍්තිකෙ ඨපෙත්‍වා පානීයං පිවිත්‍වා වාලුකාතලෙ නිපන‍්නො නිද‍්දං ඔක‍්කමි. තිත‍්තිරො තස‍්ස නිද‍්දොක‍්කන‍්තභාවං ඤත්‍වා “මම කඞ‍්ඛං ඉමං තාපසං පුච‍්ඡිස‍්සාමි, ජානන‍්තො මෙ කථෙස‍්සතී”ති පඤ‍්ජරෙ නිසින‍්නොයෙව තං පුච‍්ඡන‍්තො පඨමං ගාථමාහ –
දිනක් ඒ වටුවා මෙසේ සිතීය. ‘මගේ නෑයන් වන වටුවන්, මැරීම සඳහා චේතනාවක් මට නැත, එහෙත් පාපකර්මය මා වෙහෙසයි, මා ශබ්ද නො ගන්නේ නම්, වටුවෝ නො පැමිණෙති. මගේ හඬ නිසාම පැමිණෙති. පැමිණි පැමිණි එවුන් අල්ලාගෙන, මරණයට පත් කරන වැද්දා, එයින් ජීවිකාව ගෙන යයි, මෙයින් මට පවක් වේද? නොවේද?’ යනුවෙනි. මෙසේ සිතා වටුවා එතැන් පටන් ‘කවරෙක් නම්, මාගේ මේ සැකය දුරුකරන්නේදැ’යි, ඊට සුදුසු පඬිවරයකු සොයමින් සැරිසරයි. ඉක්බිති එක් දවසක් ඒ කුරුලු වැද්දා බොහෝ වටුවන් අල්ලාගෙන, පැසෙක දමා වතුර ටිකක් බීමට බෝසතුන්ගේ අසපුවට ගියේය. වැද්දා වටු කූඩුවද ඉහත කී පැස ද, බෝසතුන් සමීපයෙහි තබා, පැන් බී, වැලි මත්තෙහි නිදන්ට පටන් ගත්තේය. මේ අතර වටුවා ඔහු නිදනු දැක, ‘මගේ සැකය මේ තවුසාගෙන් විමසන්නෙමි, ඊට පිළිතුරු ඔහු දනිතොත් කියන්නේ’ යැයි සිතා, කූඩුවේ සිටම තවුසාගෙන් මෙසේ ප්‍රශ්න කෙළේය.
“සුසුඛං වත ජීවාමි, ලභාමි චෙව භුඤ්ජිතුං; පරිපන්‍ථෙ ච තිට‍්ඨාමි, කා නු භන‍්තෙ ගතී මමා”ති.
සුසුඛං වත ජීවාමි ලභාමි චෙව භුඤ්ජිතුං, පරිපන්‍ථෙ ච තිට්ඨාමි කානු භන්තෙ ගතී මමන්ති
ස්වාමීනි, ඒකාන්තයෙන් මම මනා සැපයෙන් ජීවත් වෙමි, කෑම ද ලබමි, එහෙත් කරදර සිතින් ජීවත් වෙමි, එසේ වූ මාගේ පරලෝ ගමන කෙසේ විය හැකිද?
තත්‍ථ සුසුඛං වත ජීවාමීති අහං, භන‍්තෙ, ඉමං සාකුණිකං නිස‍්සාය සුට‍්ඨු සුඛං ජීවාමි. ලභාමීති යථාරුචිතං ඛාදනීයං භොජනීයං භුඤ‍්ජිතුම‍්පි ලභාමි. පරිපන්‍ථෙ ච තිට‍්ඨාමීති අපිච ඛො යත්‍ථ මම ඤාතකා මම සද‍්දෙන ආගතාගතා විනස‍්සන‍්ති, තස‍්මිං පරිපන්‍ථෙ තිට‍්ඨාමි. කා නු, භන‍්තෙ, ගතී මමාති කා නු ඛො, භන‍්තෙ, මම ගති, කා නිප‍්ඵත‍්ති භවිස‍්සතීති පුච‍්ඡි.
මෙහි ‘සුසුඛං වත’ යනු ‘හිමියනි, මම මේ වැද්දා නිසා ඉතා සැපසේ ජීවත් වෙමි’ යන අර්ථයි. ‘ලභාමිචෙව’ යනු ‘කැමති කෑම බීම ආදිය ද අනුභවයට ලබමි’ යන අර්ථයි. ‘පරිපන්‍ථෙ ච තිට්ඨාමි’ යනු ‘එසේ වුවත් මගේ හඬ අසා ආ ආ නෑයෝ නැසෙති, මම මේ කරදරයෙහි වැටී සිටිමි’, යන අදහසයි. ‘කානුභන්තෙ’ යනු ‘හිමියනි, එසේ වූ මාගේ පර ලෝ ගමන සහ උදාවන තත්ත්වය කුමක් වන්නේදැයි විචාළේය’ යන අර්ථයි.
තස‍්ස පඤ‍්හං විස‍්සජ‍්ජෙන‍්තො බොධිසත‍්තො දුතියං ගාථමාහ –
බෝසත් තෙමේ පිළිතුරු දෙමින් මෙසේ කීය.
“මනො චෙ තෙ නප‍්පණමති, පක‍්ඛි පාපස‍්ස කම‍්මුනො; අබ්‍යාවටස‍්ස භද්‍රස‍්ස, න පාපමුපලිම‍්පතී”ති.
2. පක්‍ෂිය, ඒකාන්තයෙන් ඔබේ සිත පවට නො නැමේ, පවෙහි නොයෙදුණු යහපත් තැනැත්තකුගේ ඇඟේ පව් නොගෑවේ.
තත්‍ථ පාපස‍්ස කම‍්මුනොති යදි තව මනො පාපකම‍්මස‍්සත්‍ථාය න පණමති, පාපකරණෙ තන‍්නින‍්නො තප‍්පොණො තප‍්පබ‍්භාරො න හොති. අබ්‍යාවටස‍්සාති එවං සන‍්තෙ පාපකම‍්මකරණත්‍ථාය අබ්‍යාවටස‍්ස උස‍්සුක‍්කං අනාපන‍්නස‍්ස තව භද්‍රස‍්ස සුද‍්ධස‍්සෙව සතො පාපං න උපලිම‍්පති න අල‍්ලීයතීති.
මෙහි ‘පාපස්ස කම්මුනො’ යනු ‘ඉදින් ඔබේ සිත පව්කම් සඳහා’, යන තේරුමයි. ‘න පණමති’ යනු ‘පව් කිරීමට නතු වූයේ, එයට නැමුනේ, එයට බරවූයේ, නොවෙයි’ යන අර්ථයි. ‘අව්‍යාවටස්ස’ යනු ‘මෙසේ ඇති කල්හි, පව් කිරීම සඳහා යොමු නොවුණු, උත්සාහ නොකළ, යහපත් සත් පුරුෂයකු වන ඔබගේ’, යන අර්ථයි. ‘පාපං න උපලිප්පති’ යනු ‘පව් නො ගෑවෙයි’ යන අර්ථයි.
තං සුත්‍වා තිත‍්තිරො තතියං ගාථමාහ –
ඒ අසා වටුවා මෙසේ කීය.
“ඤාතකො නො නිසින‍්නොති, බහු ආගච‍්ඡතෙ ජනො; පටිච‍්චකම‍්මං ඵුසති, තස‍්මිං මෙ සඞ‍්කතෙ මනො”ති.
3. ‘අපේ නෑයෙක් හිඳින්නේ යැ’යි, බොහෝ පක්‍ෂීහු පැමිණෙති. ‘මා කළ කර්මය නිසා පවක් සිදුවේදැ’යි, එහිලා මගේ සිත සැක කෙරේ.
තස‍්සත්‍ථො – භන‍්තෙ, සචාහං සද‍්දං න කරෙය්‍යං, අයං තිත‍්තිරජනො න ආගච‍්ඡෙය්‍ය, මයි පන සද‍්දං කරොන‍්තෙ “ඤාතකො නො නිසින‍්නො”ති අයං බහු ජනො ආගච‍්ඡති , තං ආගතාගතං ලුද‍්දො ගහෙත්‍වා ජීවිතක‍්ඛයං පාපෙන‍්තො මං පටිච‍්ච නිස‍්සාය එතං පාණාතිපාතකම‍්මං ඵුසති පටිලභති වින්‍දති , තස‍්මිං මං පටිච‍්ච කතෙ පාපෙ මම නු ඛො එතං පාපන‍්ති එවං මෙ මනො සඞ‍්කතෙ පරිසඞ‍්කති කුක‍්කුච‍්චං ආපජ‍්ජතීති.
‘හිමියනි, ඉදින් මම හඬ නො නගන්නේ නම්, මේ වටු රැළ නො පැමිණෙන්නාහ. මා ශබ්ද කරන කල්හි, අපගේ නෑයෙක් හිඳින්නේයැ’යි මේ වටු රැළ බොහෝ කොට පැමිණෙති. වැද්දා ඒ පැමිණි නොපැමිණි වටුවන් මරණයට පත් කරන්නේය. මා හේතු කොටගෙන, මා නිසාම ඒ පාණාතිපාත කර්මය පැහැසේ, සිදුවේ, ලබයි. එහිදී මා නිසා කළ පව් බැවින් ඒ පාපය මට වේදැ’යි, මෙසේ මගේ සිත සැක කෙරේ. කුකුසට පත්වේ, යනුයි.
තං සුත්‍වා බොධිසත‍්තො චතුත්‍ථං ගාථමාහ –
ඒ අසා බෝසත් තෙමේ මෙසේ කීය.
“න පටිච‍්චකම‍්මං ඵුසති, මනො චෙ නප‍්පදුස‍්සති; අප‍්පොස‍්සුක‍්කස‍්ස භද්‍රස‍්ස, න පාපමුපලිම‍්පතී”ති.
4. ඉදින් සිත ද්වේෂ සහගත නොවේ නම්, ඒ නිසා ප්‍රාණඝාතය සිදු නොවේ. අල්ප උත්සාහ ඇති යහපත් පුද්ගලයෙකුගේ සිරුරෙහි පව් නොගෑවේ.
තස‍්සත්‍ථො – යදි තව පාපකිරියාය මනො න පදුස‍්සති, තන‍්නින‍්නො තප‍්පොනො තප‍්පබ‍්භාරො න හොති, එවං සන‍්තෙ ලුද‍්දෙන ආයස‍්මන‍්තං පටිච‍්ච කතම‍්පි පාපකම‍්මං තං න ඵුසති න අල‍්ලීයති, පාපකිරියාය හි අප‍්පොස‍්සුක‍්කස‍්ස නිරාලයස‍්ස භද්‍රස‍්ස පරිසුද‍්ධස‍්සෙව සතො තව පාණාතිපාතචෙතනාය අභාවා තං පාපං න උපලිම‍්පති, තව චිත‍්තං න අල‍්ලීයතීති.
ඉදින් ඔබේ සිත පවෙන් දූෂිත නොවේ, එයට නතු නොවේ. එයට නො නැවේ, එයට බර නොවේ. එසේ ඇති කල්හි, වැද්දා විසින් ඔබ හේතුකොට ගෙන කළ පාප කර්මය ඔබ ස්පර්ශ නො කරයි, නොඇලෙයි, පවෙහි අල්පෝත්සුක වූ, එහි නොඇලුණු, යහපත් පිරිසිදු සත්පුරුෂයකු වූ ඔබට, පර පණ නැසීමේ චේතනාවක් නොමැති බැවින්, ඒ පාපය නො ගෑවෙයි. එහි ඔබේ සිත නො ඇලෙයි, යනුයි.
එවං මහාසත‍්තො තිත‍්තිරං සඤ‍්ඤාපෙසි, සොපි තං නිස‍්සාය නික‍්කුක‍්කුච‍්චො අහොසි. ලුද‍්දො පබුද‍්ධො බොධිසත‍්තං වන්‍දිත්‍වා පඤ‍්ජරං ආදාය පක‍්කාමි.
මෙසේ බෝසත් තෙමේ වටුවා දැනුම්වත් කෙළේය. වටුවා ද බෝසතුන් නිසා කුකුස් නැත්තෙක් විය. මේ අතර වැද්දා අවදි වී, බෝසතුන් වැඳ, කූඩුවක් ගෙන යන්නට ගියේය.
සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා තිත‍්තිරො රාහුලො අහොසි, තාපසො පන අහමෙව අහොසි”න‍්ති.
බුදුරජාණන් වහන්සේ මේ දම් දෙසුම ගෙන හැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. එදා වටුවා නම් රාහුල තෙරණුවෝය. තාපසයා වූ කලී ‘මම ම වීමි’යි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දක්වා වදාළ සේක.
තිත‍්තිරජාතකවණ‍්ණනා නවමා.