යෙදුමෙන් කියවන්න

10. සුච‍්චජජාතකවණ‍්ණනා 320 අට‍්ඨකථා

10. සුච‍්චජජාතකවණ‍්ණනා (320)

10. සුච්චජ ජාතකය (320)

සුච‍්චජං වත නච‍්චජීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං කුටුම‍්බිකං ආරබ‍්භ කථෙසි. සො කිර “ගාමකෙ උද‍්ධාරං සාධෙස‍්සාමී”ති භරියාය සද‍්ධිං තත්‍ථ ගන‍්ත්‍වා සාධෙත්‍වා ධනං ආහරිත්‍වා “පච‍්ඡා නෙස‍්සාමී”ති එකස‍්මිං කුලෙ ඨපෙත්‍වා පුන සාවත්‍ථිං ගච‍්ඡන‍්තො අන‍්තරාමග‍්ගෙ එකං පබ‍්බතං අද‍්දස. අථ නං භරියා ආහ “සචෙ, සාමි, අයං පබ‍්බතො සුවණ‍්ණමයො භවෙය්‍ය, දදෙය්‍යාසි පන මෙ කිඤ‍්චී”ති. “කාසි ත්‍වං, න කිඤ‍්චි දස‍්සාමී”ති. සා “යාව ථද‍්ධහදයො වතායං, පබ‍්බතෙ සුවණ‍්ණමයෙ ජාතෙපි මය‍්හං කිඤ‍්චි න දස‍්සතී”ති අනත‍්තමනා අහොසි. තෙ ජෙතවනසමීපං ආගන‍්ත්‍වා “පානීයං පිවිස‍්සාමා”ති විහාරං පවිසිත්‍වා පානීයං පිවිංසු. සත්‍ථාපි පච‍්චූසකාලෙයෙව තෙසං සොතාපත‍්තිඵලස‍්ස උපනිස‍්සයං දිස‍්වා ආගමනං ඔලොකයමානො ගන්‍ධකුටිපරිවෙණෙ නිසීදි ඡබ‍්බණ‍්ණරස‍්මියො විස‍්සජ‍්ජෙන‍්තො. තෙපි පානීයං පිවිත්‍වා ආගන‍්ත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා නිසීදිංසු. සත්‍ථා තෙහි සද‍්ධිං පටිසන්‍ථාරං කත්‍වා “කහං ගතාත්‍ථා”ති පුච‍්ඡි. “අම‍්හාකං ගාමකෙ උද‍්ධාරං සාධනත්‍ථාය, භන‍්තෙ”ති. “කිං, උපාසිකෙ තව සාමිකො තුය‍්හං හිතං පටිකඞ‍්ඛති, උපකාරං තෙ කරොතී”ති. භන‍්තෙ, අහං ඉමස‍්මිං සසිනෙහා, අයං පන මයි නිස‍්සිනෙහො, අජ‍්ජ මයා පබ‍්බතං දිස‍්වා “සචායං පබ‍්බතො සුවණ‍්ණමයො අස‍්ස, කිඤ‍්චි මෙ දදෙය්‍යාසී”ති වුත‍්තො “කාසි ත්‍වං, න කිඤ‍්චි දස‍්සාමී”ති ආහ, එවං ථද‍්ධහදයො අයන‍්ති. “උපාසිකෙ, එවං නාමෙස වදති, යදා පන තව ගුණං සරති, තදා සබ‍්බිස‍්සරියං තෙ දෙතී”ති වත්‍වා “කථෙථ, භන‍්තෙ”ති තෙහි යාචිතො අතීතං ආහරි.

‘සුච්චජං වත නච්චජි’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සේක්, එක් කෙළෙඹි පුත්‍රයකු අරබයා වදාළ සේක. එක් දිනක් ඔහු තම ණය බඩු එකතු කිරීම සඳහා, සිය බිරියත් කැටුව කිසියම් ගමකට ගියේය. එහිදී ණය බඩු එකතු කොට ‘පසුව කරත්තයක් රැගෙන විත් ඒවාගෙන යන්නෙමි’යි සිතා කිසියම් ගෙදරක එම බඩු තැබීය. අනතුරුව ආපසු එන ගමනේ අතරමග දී ඔවුන්ට එක් පර්වතයක් දක්නට ලැබුණි. එවිට බිරිඳ සිය සැමියා අමතා ‘හිමියනි, මේ පර්වතය රත්තරං වුවහොත්, ඔබතුමා එයින් ටිකක් මටත් දෙනවාදැ’යි ඇසුවාය. එවිට සැමියා ‘තී කවුද? තීට කිසිවක් නො දෙමි’යි කීවේය. ‘රන් පර්වතයක් ලැබුණත්, ඉන් මඳක්වත් මා වෙනුවෙන් කැප නොකරන මොහු ඉතා තද සිත් ඇත්තෙකැ’යි සිතූ ඇය රිදුණු සිත් ඇති ව නිහඬ වූවාය. මෙසේ ගමන් කරන මේ අඹුසැමි යුවල ක්‍රමයෙන් දෙව්රම් වෙහෙර සමීපයට පැමිණියහ. එහිදී පැන් බීම සඳහා පන්සලට ඇතුළු වූ ඔවුහු සිත් සේ පැන් බී, එන්නට සූදානම් වනවිට, ඈතින් වැඩහිඳින බුදුරජාණන් වහන්සේ දුටහ. බුදුරජාණන් වහන්සේද, අලුයම ලොව බලා වදාරද්දී, සෝවාන් වීමට තරම් වූ ඔවුන්ගේ පින්ඵල දැක, ඔවුන්ගේ පැමිණීම අපේක්‍ෂාවෙන්ම, ගඳකිළි පිරිවෙනෙහි එසේ වැඩසිටි සේක. මේ අතර බුදුරදුන් දුටු අඹුසැමි දෙදෙනා, සවනක් ගණ බුදුරැසින් හෙබි තථාගතයන් වහන්සේ වෙත පැමිණ, උන්වහන්සේට වැඳ එකත්පස්ව හිඳගත්හ. ඔවුන් සමග පිළිසඳර කථා කළ බුදුරජාණන් වහන්සේ, ‘ඔබ දෙපල කොහි ගියාහුදැ’යි විචාළ සේක. ‘හිමියනි, අපි පැරණි ණය එකතු කරන්නට කිසියම් ගමකට ගියෙමු’යි ඔවුහු කීහ. එහිදී කාන්තාව ඇමතූ, බුදුරජාණන් වහන්සේ ඇගෙන් මෙසේ ඇසූ සේක. උපාසිකාවනි, ඔබේ සැමියා ඔබට හිතවත්ව කටයුතු කෙරේද? ඔබට උපකාර කෙරේද? ‘ස්වාමීනි, මම සැමවිටම මොහු කෙරෙහි, සෙනෙහසින් කටයුතු කරමි. එහෙත් මා ගැන සෙනෙහසක් ඔහුට නැත. අද අප එනවිට පර්වතයක් දැක, ‘එය රන් පර්වතයක් වී නම්, එය ඔබට අයත් නම්, එයින් ටිකක් මට දෙනවාදැ’යි මම මාගේ මේ සැමියාගෙන් ඇසුවෙමි. එවිට ඔහු තී කවුද? තීට කිසිවක් නොදෙමි’යි මට සැරවිය. මොහු එසේ ගල් හිතක් ඇත්තෙකැ’යි සියල්ල විස්තර කොට ඇය කීවා ය. එය අසා සිටි බුදුරජාණන් වහන්සේ ‘උපාසිකාවනි, දැන් ඔහු එසේ කීවත්, කිසියම් දිනක කළගුණ සිහිපත් කොට ඔබට සියලු යස ඉසුරු ලබාදේදැ’යි වදාරා අතීත සිදුවීමක්ද, සිහිපත් කළහ. පසුව ඒ අඹුසැමි දෙදෙනාගේ අයැදුමෙන් බුදුරජාණන් වහන්සේ මේ අතීත කථාව වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො තස‍්ස සබ‍්බකිච‍්චකාරකො අමච‍්චො අහොසි. අථෙකදිවසං රාජා පුත‍්තං උපරාජානං උපට‍්ඨානං ආගච‍්ඡන‍්තං දිස‍්වා “අයං මම අන‍්තෙපුරෙ දුබ‍්භෙය්‍යා”ති තං පක‍්කොසාපෙත්‍වා “තාත, යාවාහං ජීවාමි, තාව නගරෙ වසිතුං න ලච‍්ඡසි, අඤ‍්ඤත්‍ථ වසිත්‍වා මමච‍්චයෙන රජ‍්ජං කාරෙහී”ති ආහ. සො “සාධූ”ති පිතරං වන්‍දිත්‍වා ජෙට‍්ඨභරියාය සද‍්ධිං නගරා නික‍්ඛමිත්‍වා පච‍්චන‍්තං ගන‍්ත්‍වා අරඤ‍්ඤං පවිසිත්‍වා පණ‍්ණසාලං මාපෙත්‍වා වනමූලඵලාඵලෙහි යාපෙන‍්තො වසි. අපරභාගෙ රාජා කාලමකාසි. උපරාජා නක‍්ඛත‍්තං ඔලොකෙන‍්තො තස‍්ස කාලකතභාවං ඤත්‍වා බාරාණසිං ආගච‍්ඡන‍්තො අන‍්තරාමග‍්ගෙ එකං පබ‍්බතං අද‍්දස. අථ නං භරියා ආහ “සචෙ, දෙව, අයං පබ‍්බතො සුවණ‍්ණමයො අස‍්ස, දදෙය්‍යාසි මෙ කිඤ‍්චී”ති. “කාසි ත්‍වං, න කිඤ‍්චි දස‍්සාමී”ති. සා “අහං ඉමස‍්මිං සිනෙහං ඡින්‍දිතුං අසක‍්කොන‍්තී අරඤ‍්ඤං පාවිසිං, අයඤ‍්ච එවං වදති, අතිවිය ථද‍්ධහදයො , රාජා හුත්‍වාපි එස මය‍්හං කිං කල්‍යාණං කරිස‍්සතී”ති අනත‍්තමනා අහොසි. සො ආගන‍්ත්‍වා රජ‍්ජෙ පතිට‍්ඨිතො තං අග‍්ගමහෙසිට‍්ඨානෙ ඨපෙසි , ඉදං යසමත‍්තකමෙව අදාසි. උත‍්තරි පන සක‍්කාරසම‍්මානො නත්‍ථි, තස‍්සා අත්‍ථිභාවම‍්පි න ජානාති.

අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප මහා බෝසත් තෙමේ ඒ රජුගේ සියලු කටයුතු භාර ඇමතියා විය. කිසියම් දිනෙක රජතුමා රාජ සභාවට පැමිණෙන තම පුතණුවන් දෙස බලා ‘මොහු මා ළඟම හිඳිමින් මට ද්‍රෝහිකම් කෙරේ. එබැවින් මොහු රජයෙන් ඈත්කර තැබිය යුතුයැ’යි සිතා, ඔහු කැඳවා ‘පුතණුවනි, මම මෙහි ජීවත් වනතාක්, ඔබට මෙහි වසන්නට අවසර නැත. කොහේ හෝ ජීවත්ව සිට, මාගේ ඇවෑමෙන් මෙහි අවුත් රජය භාරගෙන කරවයි පැවසීය. යුවරජු වන මේ පුත් කුමාරයාද ‘යහපතැ’යි කියා පිළිගෙන, පියරජතුමාට වැඳ, තම දෙටු බිරියද, කැටුව නුවරින් නික්ම පසල් දනව්වක මහා වනයෙහි, අතු මඩුවක් සාදාගෙන, පලවැලවලින් දිවි ගෙවන්නට පටන් ගත්තේය. පසු කලෙක පියමහරජු මිය ගියේය. දිනපතා නැකැත් යෝග විමසන, යුවරජුට සිය පියා මියගිය බව පෙනී ගියේය. අනතුරුව සිය බිරිඳත් සමග වහ වහා සිය නුවර බලා එන්නට පිටත් විය. මේ එන අතරමගදී අසල තිබූ පර්වතයක් දුටු, රාජදේවිය සිය සැමියා අමතා ‘යුවරජතුමනි, මේ පර්වතය රත්තරන් වුවහොත්, එයින් ටිකක් මට දෙන්නෙහිදැ’යි ඇසුවාය. එවිට යුවරජතුමා ‘තී කවුද? තිට කිසිවක් නො දෙමි’යි කීවේය. මේ වචනවලින් සිත නරක් වූ දේවිය ‘මම මොහු කෙරෙහි සෙනෙහසින් අත් නො හැර එකටම වනගත වූවෙමි. එසේ වූ මට මොහු දැන් සලකනුයේ මෙසේය. මෙවැනි ගල් හිතක් ඇති, මොහු රජවීමෙන් පසු මට කුමන යහපතක් කෙරේදැ’යි නොසතුටු සිත් ඇතිව දුකට පත් වූවාය. නුවරට පැමිණි ඔහු රජ වී ඉහත කී දේවිය, අග මෙහෙසි තනතුරෙහි තැබීය. ඇය කෙරෙහි රජු දැක්වූ සැලකිල්ල මෙපමණක්ම විය. මීට වැඩි වූ සත්කාර සම්මානයක් ඇයට හිමිවූයේ නැත. ඇය මාලිගය තුළ ඇති බවක්වත්, රජ නො සැලකීය.

බොධිසත‍්තො “අයං දෙවී ඉමස‍්ස රඤ‍්ඤො උපකාරිකා දුක‍්ඛං අගණෙත්‍වා අරඤ‍්ඤවාසං වසි. අයං පනෙතං අගණෙත්‍වා අඤ‍්ඤාහි සද‍්ධිං අභිරමන‍්තො විචරති, යථා එසා සබ‍්බිස‍්සරියං ලභති, තථා කරිස‍්සාමී”ති චින‍්තෙත්‍වා එකදිවසං තං උපසඞ‍්කමිත්‍වා “මහාදෙවි මයං තුම‍්හාකං සන‍්තිකා පිණ‍්ඩපාතමත‍්තම‍්පි න ලභාම, කස‍්මා අම‍්හෙසු පමජ‍්ජිත්‍ථ, අතිවිය ථද‍්ධහදයා අත්‍ථා”ති ආහ. “තාත, සචාහං අත‍්තනා ලභෙය්‍යං, තුය‍්හම‍්පි දදෙය්‍යං, අලභමානා පන කිං දස‍්සාමි, රාජාපි මය‍්හං ඉදානි කිං නාම දස‍්සති, සො අන‍්තරාමග‍්ගෙ ‘ඉමස‍්මිං පබ‍්බතෙ සුවණ‍්ණමයෙ ජාතෙ මය‍්හං කිඤ‍්චි දස‍්සසී’ති වුත‍්තො ‘කාසි ත්‍වං, න කිඤ‍්චි දස‍්සාමී’ති ආහ, සුපරිච‍්චජම‍්පි න පරිච‍්චජී”ති. “කිං පන රඤ‍්ඤො සන‍්තිකෙ ඉමං කථං කථෙතුං සක‍්ඛිස‍්සථා”ති? “සක‍්ඛිස‍්සාමි, තාතා”ති. “තෙන හි අහං රඤ‍්ඤො සන‍්තිකෙ ඨිතො පුච‍්ඡිස‍්සාමි, තුම‍්හෙ කථෙය්‍යාථා”ති. “සාධු, තාතා”ති. බොධිසත‍්තො දෙවියා රඤ‍්ඤො උපට‍්ඨානං ආගන‍්ත්‍වා ඨිතකාලෙ ආහ “නනු, අය්‍යෙ, මයං තුම‍්හාකං සන‍්තිකා කිඤ‍්චි න ලභාමා”ති? “තාත, අහං ලභමානා තුය‍්හං දදෙය්‍යං, අහමෙව කිඤ‍්චි න ලභාමි, අලභමානා තුය‍්හං කිං දස‍්සාමි, රාජාපි ඉදානි මය‍්හං කිං නාම දස‍්සති, සො අරඤ‍්ඤතො ආගමනකාලෙ එකං පබ‍්බතං දිස‍්වා ‘සචායං පබ‍්බතො සුවණ‍්ණමයො අස‍්ස, කිඤ‍්චි මෙ දදෙය්‍යාසී’ති වුත‍්තො ‘කාසි ත්‍වං, න කිඤ‍්චි දස‍්සාමී’ති වදති, සුපරිච‍්චජම‍්පි න පරිච‍්චජී”ති එතමත්‍ථං දීපෙන‍්තී පඨමං ගාථමාහ –

දිනක් බෝසත් තෙමේ ‘මේ රාජ දේවිය රජුට බොහෝ උපකාර කළ තැනැත්තියකි. දුක ගණන් නොගෙන රජු හා වනගතව විසුවාය. එසේ වූ ඇය අමතක කළ මේ රජා අන් අඟනන් සමග සිත් අලවා වෙසේ. එබැවින් මැයට හිමි සියලු යසඉසුරු ලබාදීමට කටයුතු සැලකිය යුතුයැ’යි සිතා, කිසියම් දිනෙක මෙහෙසිය වෙත එළඹ ‘මහාදේවිය, අපට ඔබතුමියගෙන් බත් පිඩක්වත් නොලැබුණි. අප කෙරෙහි මෙසේ සලකනුයේ හිතේ මෘදු බවක් නැති නිසාවත්දැ’යි ඇසීය. එවිට දේවිය ‘පුතණුවනි, ඔබට යමක් දීමට නම් පළමුව මට තිබිය යුතුය. මා ළඟ කිසිවක් නැතිව කුමක් නම් ඔබට දෙන්නෙම්ද? රජතුමා ද, මට කිසිවක් නොදේ යැ’යි දුක් වූවාය. එවිට බෝසත් තෙමේ ‘මහා දේවිය කිමෙක්ද? ඔබට මේ කථාව රජු ඉදිරියෙහි පැවසිය හැකිදැ’යි ඇසීය. ‘එසේය, පැවසිය හැකිය.’ ‘එසේ වී නම්, හෙට රාජසභාවේ දී මේ ගැන මම ඔබෙන් විමසන්නෙමි. එවිට ඔබතුමිය, මේ කථාව මෙසේම කියනු මැනවැ’යි කීය. ‘එසේය, පුතණුවෙනි, සියලු විස්තර මම රජු ඉදිරියෙහි පවසන්නෙමැ’යි රාජදේවිය පිළිගත්තාය. පසුදින රාජසභාවට පැමිණි බෝසත් තෙමේ, රජු සමීපයෙහි වාඩි වී හුන් දේවිය දෙස බලා, එතැනට පැමිණ, රජුට වැඳ අවසර ගෙන, රාජදේවියට මෙසේ කීය. ‘උත්තමාවිය, අපි ඔබතුමියගෙන් කිසිදු තෑග්ගක් නො ලැබීමු.’ ‘පුතණුවනි, අපට ඇතොත් ඔබට දිය හැකිය. අපට කිසිවක් නැති කල කුමක් දෙම්ද? රජතුමාගෙන්ද, මට ලැබෙන කිසිවක් නැතැ’යි පැවසූ ඈ වනගතව සිට ආපසු එද්දී සිදුවූ සිද්ධිය, රාජ සභාව හමුවෙහි, නොපැකිල විස්තර කළාය. තවදුරටත් කථා කළ ඇය, ‘පුතණුවෙනි, අතිශයින් ම මට ලැබිය යුතුවූ දේවත්, රජතුමා නොදේයැ’යි කියා මේ ගාථාවද පැවසූහ.

“සුච‍්චජං වත නච‍්චජි, වාචාය අදදං ගිරිං; කිඤ‍්හි තස‍්සචජන‍්තස‍්ස, වාචාය අදද පබ‍්බත”න‍්ති.

සුච්චජං වත නච්චජී - වාචාය අදදං ගිරි’, කිංහි තස්ස චජන්තස්ස - වාචාය අද ද පබ්බතන්ති

පර්වතය වචන මාත්‍රයෙන්වත්, නොදෙන්නා වූ (ඔහු) ඒකාන්තයෙන් දිය හැකි දේ පවා, නො දුන්නේය. එබඳු වචන මාත්‍රයක් දීමෙන් ඔහුට කවර හානියක්ද? එසේ වචනයකින්වත් පර්වතය නොදුන්නේය.

තත්‍ථ සුච‍්චජං වතාති සුඛෙන චජිතුං සක‍්කුණෙය්‍යම‍්පි න චජි. අදදන‍්ති වචනමත‍්තෙනාපි පබ‍්බතං අදදමානො. කිඤ‍්හි තස‍්සචජන‍්තස‍්සාති තස‍්ස නාමෙතස‍්ස මයා යාචිතස‍්ස න චජන‍්තස‍්ස කිඤ‍්හි චජෙය්‍ය. වාචාය අදද පබ‍්බතන‍්ති සචායං මයා යාචිතො මම වචනෙන සුවණ‍්ණමයම‍්පි හොන‍්තං තං පබ‍්බතං වාචාය අදද, වචනමත‍්තෙන අදස‍්සාති අත්‍ථො.

මෙහි ‘සුච්චජං වත’ යනු ‘පහසුවෙන් දිය හැකි දේ පවා’ නො දුන්නේය යන අර්ථයි. ‘අදදං’ යනු ‘වචන මාත්‍රයෙන්වත්, නොදේනනේ යන අර්ථයි. ‘කිං හි තස්ස චජන්තස්ස’ යනු ‘මා විසින් ඉල්ලන ලදුව වචන මාත්‍රයක් නො දිය හැකි ඔහුට කුමක් නම්, පරිත්‍යාග කළ හැක්කේ ද යන අර්ථයි. ‘වාචාය අදද පබ්බතං’ යනු ‘ඉදින් මා විසින් යදින ලද මොහු මට වචනයෙන් පමණක්වත්, රන්මුවා වූ ඒ පර්වතය නොදුන්නේය. වචන මාත්‍රයෙන්වත් නොදුන්නේය’ යන අර්ථයි.

තං සුත්‍වා රාජා දුතියං ගාථමාහ –

ඒ අසා රජතුමා මෙසේ කීය.

“යඤ‍්හි කයිරා තඤ‍්හි වදෙ, යං න කයිරා න තං වදෙ; අකරොන‍්තං භාසමානං, පරිජානන‍්ති පණ‍්ඩිතා”ති.

2. කරන දේ කියන්නේය. නො කරන දේ නො කියන්නේය, නොකොට කියන දෑ පඬිවරු හඳුනති.

තස‍්සත්‍ථො – යදෙව හි පණ‍්ඩිතො පුරිසො කායෙන කරෙය්‍ය, තං වාචාය වදෙය්‍ය. යං න කයිරා, න තං වදෙය්‍ය, දාතුකාමොව දම‍්මීති වදෙය්‍ය, න අදාතුකාමොති අධිප‍්පායො. කිංකාරණා? යො හි “දස‍්සාමී”ති වත්‍වාපි පච‍්ඡා න දදාති, තං අකරොන‍්තං කෙවලං මුසා භාසමානං පරිජානන‍්ති පණ‍්ඩිතා. අයං “දස‍්සාමී”ති වචනමත‍්තමෙව භාසති, න පන දෙති, යඤ‍්හි ඛො පන අදින‍්නම‍්පි වචනමත‍්තෙනෙව දින‍්නං හොති, තං පුරෙතරමෙව ලද‍්ධං නාම භවිස‍්සතීති එවං තස‍්ස මුසාවාදිභාවං පරිජානන‍්ති පණ‍්ඩිතා, බාලා පන වචනමත‍්තෙනෙව තුස‍්සන‍්තීති.

පණ්ඩිත පුරුෂයෙක් යමක් කයින් කියන්නේද? එය වචනයෙන් කියන්නේය. යමක් නො කරන්නේ නම්, එය නොකියන්නේය. දෙනු කැමැත්තා දෙමියි කියන්නේය. නොදෙනු කැමැත්තා එසේ නොකියන්නේය යන අදහසයි. මක්නිසාද, යමෙක් දෙමියි කියා, පසුව නොදේද? කරන දේ කීම මුසා බිණීමකි, පණ්ඩිතවරු මුසා හඳුනති. ‘මම දෙන්නෙමි’ යන වචන මාත්‍රය පමණක් කියා නොදේද? නොදුන් දෙයක් වචන මාත්‍රයෙන් පමණක් දුන්නේද? ඒ වචනය කල් ඇතිවම ලැබූවක් වන්නේය. මෙසේ ඔහුගේ මුසාබස් පඬිවරු හඳුනති. වචන මාත්‍රයෙන් තුටු වන්නෝ මෝඩයෝය.

තං සුත්‍වා දෙවී රඤ‍්ඤො අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වා තතියං ගාථමාහ –

ඒ අසා රාජ දේවිය රජුට වැඳගෙන, මෙසේ කීවාය.

“රාජපුත‍්ත නමො ත්‍යත්‍ථු, සච‍්චෙ ධම‍්මෙ ඨිතො චසි; යස‍්ස තෙ බ්‍යසනං පත‍්තො, සච‍්චස‍්මිං රමතෙ මනො”ති.

3. රාජපුත්‍රය, ඔබ සත්‍යයෙහි ද ධර්මයෙහි ද පිහිටා සිටියෙහිය. විපතට පත් ඒ ඔබේ සිත සත්‍යයෙහි ඇලේද? ඒ ඔබට නමස්කාර වේවා!

තත්‍ථ සච‍්චෙ ධම‍්මෙති වචීසච‍්චෙ ච සභාවධම‍්මෙ ච. බ්‍යසනං පත‍්තොති යස‍්ස තව රට‍්ඨා පබ‍්බාජනීයසඞ‍්ඛාතං බ්‍යසනං පත‍්තොපි මනො සච‍්චස‍්මිංයෙව රමති.

මෙහි ‘සච්චෙ ධම්මෙ’ යනු ‘සත්‍ය වචනයෙහිද, ස්වභාව ධර්මයෙහිද’, යන අර්ථයි. ‘බ්‍යසනං පරත්තා’ යනු ‘රටින් නෙරපා දැමීම නම් වූ ඒ ඔබේ ව්‍යසනයට පත් වූ සිත සත්‍යයෙහිම ඇලේ’ යන අර්ථයි.

එවං රඤ‍්ඤො ගුණකථං කථයමානාය දෙවියා තං සුත්‍වා බොධිසත‍්තො තස‍්සා ගුණකථං කථෙන‍්තො චතුත්‍ථං ගාථමාහ –

මෙසේ දේවිය රජු ගැන කළගුණ කථාව ඇසූ, බෝසත් තෙමේ ඇයගේ ගුණ ප්‍රකාශ කරමින් මෙසේ පැවසීය.

“යා දලිද‍්දී දලිද‍්දස‍්ස, අඩ‍්ඪා අඩ‍්ඪස‍්ස කිත‍්තිම; සා හිස‍්ස පරමා භරියා, සහිරඤ‍්ඤස‍්ස ඉත්‍ථියො”ති.

4. යම් බිරිඳක් සිය සැමියා දිළිඳු කල්හී දිළිඳු ව වෙසේද? හිමියා පොහොසත් කල්හී, ඊට අනුරූපව වෙසේ නම්, ඇය කීර්තිමත් තැනැත්තියකි. ඉසුරුමතකුගේ ඒ කාන්තාව වූ කලී, ඉතා උතුම් බිරිඳකි.

තත්‍ථ කිත‍්තිමාති කිත‍්තිසම‍්පන‍්නාති අත්‍ථො. සා හිස‍්ස පරමාති යා දලිද‍්දස‍්ස සාමිකස‍්ස දලිද‍්දකාලෙ සයම‍්පි දලිද‍්දී හුත්‍වා තං න පරිච‍්චජති. අඩ‍්ඪස‍්සාති අඩ‍්ඪකාලෙ අඩ‍්ඪා හුත්‍වා සාමිකමෙව අනුවත‍්තති, සමානසුඛදුක‍්ඛාව හොති, සා හි තස‍්ස පරමා උත‍්තමා භරියා නාම. සහිරඤ‍්ඤස‍්ස පන ඉස‍්සරියෙ ඨිතස‍්ස ඉත්‍ථියො නාම හොන‍්තියෙව, අනච‍්ඡරියමෙව එතන‍්ති.

මෙහි ‘කිත්තිමා’ යනු ‘කීර්තිමත්’, යන අර්ථයි. ‘සාහිස්ස පරමා’ යනු ‘යම් දිළිඳු සැමියකුගේ දිළිඳු කාලයේ දී තමා ද දිළිඳු තැනැත්තියක්ව ඔහු අත් නොහරීද?’ යන අර්ථයි. ‘අඩ්ඩස්ස’ යනු පොහොසත් කාලයෙහි ඊට අනුරූපව සැමියා අනුව පවතීද? සමාන සැප දුක් ඇතිව වෙසේද? උතුම් බිරිය නම්, ඇයම වේ’, යන අර්ථයි. ‘සහිරඤ්ඤස්ස’ යනු ‘රන් රුවන් සහිතව ඉසුරුමත් බවෙහි පිහිටි අයකුට බිරියෝ වෙත් නම්, එය පුදුමයක් නොවේ’ යන අර්ථයි.

එවඤ‍්ච පන වත්‍වා බොධිසත‍්තො “අයං, මහාරාජ, තුම‍්හාකං දුක‍්ඛිතකාලෙ අරඤ‍්ඤෙ සමානදුක‍්ඛා හුත්‍වා වසි, ඉමිස‍්සා සම‍්මානං කාතුං වට‍්ටතී”ති දෙවියා ගුණං කථෙසි. රාජා තස‍්ස වචනෙන දෙවියා ගුණං සරිත්‍වා “පණ‍්ඩිත, තව කථායාහං දෙවියා ගුණං අනුස‍්සරි”න‍්ති වත්‍වා තස‍්සා සබ‍්බිස‍්සරියමදාසි. “තයාහං දෙවියා ගුණං සරාපිතො”ති බොධිසත‍්තස‍්සපි මහන‍්තං සක‍්කාරං අකාසි.

මෙසේ පැවසූ බෝසත් තෙමේ, ‘මහරජතුමනි, මේ දේවිය ඔබ දුක්විඳි කාලයෙහි, ඔබ හා සමග වනගතව සමානව දුක් විඳිමින්, කල්ගත කළාය. ඒ නිසා ඇයට සම්මාන දක්වන්නට වටීය’යි, දේවියගේ ගුණ වර්ණනා කෙළේය. රජතුමා බෝසතුන්ගේ ගුණ වැනුම අසා, දේවියගේ ගුණවත්කම් සිහිකොට, බෝසතුන් අමතා, ‘පඬිතුමනි, ඔබතුමාගේ කථාවෙන් දේවියගේ අපමණ ගුණ මට සිහිපත් වීයැ’යි, පවසා දේවියට සියළු යසඉසුරු පරිත්‍යාග කෙළේය. බෝසතුන්ටද දේවියගේ ගුණ කීම නිසා, රජුගෙන් මහත් පුද සැලකිලි ලැබුණි.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ උභො ජයම‍්පතිකා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහිංසු.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා සත්‍යය ප්‍රකාශකොට, ජාතකය නිමවා වදාළ සේක. දේශනාව අවසානයේදී, දම්පති යුවල සෝවාන් ඵලයෙහි පිහිටියහ.

තදා බාරාණසිරාජා අයං කුටුම‍්බිකො අහොසි, දෙවී අයං උපාසිකා, පණ‍්ඩිතාමච‍්චො පන අහමෙව අහොසින‍්ති.

එදා බරණැස් රජතුමා නම්, මේ කෙළෙඹි පුත්‍රයාය. දේවිය නම්, මේ උපාසිකාවය. පණ්ඩිත ඇමතියා වූ කලී, ‘මම ම වීමි’යි, බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දක්වා වදාළ සේක.

සුච‍්චජජාතකවණ‍්ණනා දසමා.

පුචිමන්‍දවග‍්ගො දුතියො.

දෙවැනි පුචිමන්ද වර්ගය යි.