යෙදුමෙන් කියවන්න

1. කුටිදූසකජාතකවණ‍්ණනා 321 අට‍්ඨකථා

1. කුටිදූසකජාතකවණ‍්ණනා (321)

1. කුටිදූසක ජාතකය (321)

මනුස‍්සස‍්සෙව තෙ සීසන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො මහාකස‍්සපත්‍ථෙරස‍්ස පණ‍්ණසාලඣාපකං දහරභික‍්ඛුං ආරබ‍්භ කථෙසි. වත්‍ථු පන රාජගහෙ සමුට‍්ඨිතං. තදා කිර ථෙරො රාජගහං නිස‍්සාය අරඤ‍්ඤකුටියං විහරති, තස‍්ස ද‍්වෙ දහරා උපට‍්ඨානං කරොන‍්ති. තෙසු එකො ථෙරස‍්ස උපකාරකො, එකො දුබ‍්බචො ඉතරෙන කතං අත‍්තනා කතසදිසං කරොති. තෙන මුඛොදකාදීසු උපට‍්ඨාපිතෙසු ථෙරස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා “භන‍්තෙ, උදකං ඨපිතං, මුඛං ධොවථා”තිආදීනි වදති. තෙන කාලස‍්සෙව වුට‍්ඨාය ථෙරස‍්ස පරිවෙණෙ සම‍්මට‍්ඨෙ ථෙරස‍්ස නික‍්ඛමනවෙලාය ඉතො චිතො ච පහරන‍්තො සකලපරිවෙණං අත‍්තනා සම‍්මට‍්ඨං විය කරොති. වත‍්තසම‍්පන‍්නො චින‍්තෙසි “අයං දුබ‍්බචො මයා කතං අත‍්තනා කතසදිසං කරොති, එතස‍්ස සඨකම‍්මං පාකටං කරිස‍්සාමී”ති.

‘මනුස්සස්සෙව තෙ සීසං’ යන මේ ගාථා කොටස අයත් ජාතක ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක්, මහ කසුප් තෙරුන්ගේ පන්සල දැවූ තරුණ මහණ කෙනකුන් අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථාව රජගහ නුවර සිදුවූවකි. එකල කාශ්‍යප තෙරුන් වහන්සේ රජගහ නුවර කැලෑබද විහාරයක වෙසෙති. ලාබාල සාමණේර දෙනමක් උන්වහන්සේට උපස්ථාන කෙරෙති. උපස්ථායක දෙනමගෙන් එක් නමක් සැබෑවටම තෙරුන්වහන්සේට උපස්ථාන කිරීමට කැමතිය. අනෙක් නම අකීකරුය. ඔහු අනුන් කළ යහපත් දෑ තමන් කළ බව හඟවන්නකි. එබැවින් කීකරු සාමණේර නම තෙරුන්ට උදෑසන මුහුණ සේදීම සඳහා උණු ජලය සකස් කළ පසු, අකීකරු නම් එය තමාගේ මැඩක් මෙන් හඟවා, තෙරුන් වෙත ගොස් ‘ස්වාමීනි, උණු ජලය සකස් කෙළෙමි. මුහුණ සෝදා ගත මැනවැ’යි ආරාධනා කරයි. අනෙක් නම උදෑසන නැගිට පන්සල් බිම හැමද වතාවත් ආදිය සිදුකළ පසු, කපටි නම තෙරුන් වහන්සේ ලැගුම් ගෙයින් එළියට එන වේලාවේදී, අතෙහි ඉදලක් දරාගෙන මුළු පන්සලම තමා හැමදූ බව හඟවමින් තෙරුන් අවට හැසිරේ. දිනක් වත්පිළිවෙත් පුරන සාමණේර නම, ‘මේ කපටි තැනැත්තා මා කළ සියල්ල, ඔහු කළ බව හඟවා, කටයුතු කරයි. එබැවින් මොහුගේ කපටිකම එළිදරව් කළ යුතු යැ’යි, සිතා ගත්තේය.

තස‍්මිං අන‍්තොගාමෙ භුත්‍වා ආගන‍්ත්‍වා නිද‍්දායන‍්තෙව න‍්හානොදකං තාපෙත්‍වා පිට‍්ඨිකොට‍්ඨකෙ ඨපෙත්‍වා අඤ‍්ඤං අඩ‍්ඪනාළිමත‍්තං උදකං උද‍්ධනෙ ඨපෙසි. ඉතරො පබුජ‍්ඣිත්‍වාව ගන‍්ත්‍වා උසුමං උට‍්ඨහන‍්තං දිස‍්වා “උදකං තාපෙත්‍වා කොට‍්ඨකෙ ඨපිතං භවිස‍්සතී”ති ථෙරස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා “භන‍්තෙ, න‍්හානකොට‍්ඨකෙ උදකං ඨපිතං, න‍්හායථා”ති ආහ. ථෙරො ‘න‍්හායිස‍්සාමී”ති තෙන සද‍්ධිංයෙව ආගන‍්ත්‍වා කොට‍්ඨකෙ උදකං අදිත්‍වා “කහං උදක”න‍්ති පුච‍්ඡි. සො වෙගෙන අග‍්ගිසාලං ගන‍්ත්‍වා තුච‍්ඡභාජනෙ උළුඞ‍්කං ඔතාරෙසි, උළුඞ‍්කො තුච‍්ඡභාජනස‍්ස තලෙ පටිහතො “තතා”ති සද‍්දමකාසි. තතො පට‍්ඨාය තස‍්ස “උළුඞ‍්කසද‍්දකො”ත්‍වෙව නාමං ජාතං.

දිනක් පිණ්ඩපාතේ ගොස් ආපසු වැඩි කාශ්‍යප තෙරුන් වහන්සේ දානය වළඳා, මඳක් සැතපුණු සේක. ඒ අතර වත් පුරන හිමිනම තෙරුන් වහන්සේ සඳහා නාන ජලය රත් කරමින් සිටියේය. නිසි පමණට ජලය රත් වූ පසු, භාජනයේ ජලය ස්වල්පයක් තිබෙන්නට හැර ඉතිරි සියල්ල නාන කොටුවේ පිටත තැබුවේය. මේ අතර කපටි නම වහා අවදිව උදුන සමීපයට ගොස්, ලිප මත තිබූ ජල බඳුනෙන් දුම් නගිනු දැක, ‘තෙරුන්ට නෑම සඳහා ජලය සකසා නාන කොටුව තුළ තබා ඇතැ’යි, සලකා වහා තෙරුන් වෙත ගොස් ‘ස්වාමීනි, ඔබවහන්සේ සඳහා උණු වතුර සකසා, නාන කොටුවේ තබා ඇත. එහි ගොස් නානු මැනවැ’යි, ආරාධනා කෙළේය. තෙරුන් වහන්සේ ද, නෑම සඳහා සූදානම් වී නාන කොටුවට ඔහුත් සමගම වැඩ, එහි ජලය නොමැති බව දැක, ‘ජලය කොහිදැ’යි ඔහුගෙන් විමසූහ. මෙහිදී වහා ක්‍රියාත්මක වූ කපටිම ගිනිහල් ගෙට ගොස්, ලිප මත තිබූ වතුර භාජනයට කිණිස්ස දැමීය. එවිට කිණිස්සේ කෙළවර භාජන පතුලේ වැදී හඬක් නැඟුණි. ඔහු ලජ්ජාවට පත්විය. එදා සිට ඔහුට ‘කිණිසි හඬා’ යැයි නමක් පටබැඳුණි.

තස‍්මිං ඛණෙ ඉතරො පිට‍්ඨිකොට‍්ඨකතො උදකං ආහරිත්‍වා “න‍්හායථ, භන‍්තෙ”ති ආහ. ථෙරො න‍්හත්‍වා ආවජ‍්ජෙන‍්තො උළුඞ‍්කසද‍්දකස‍්ස දුබ‍්බචභාවං ඤත්‍වා තං සායං ථෙරුපට‍්ඨානං ආගතං ඔවදි “ආවුසො, සමණෙන නාම අත‍්තනා කතමෙව ‘කතං මෙ’ති වත‍්තුං වට‍්ටති, අඤ‍්ඤථා සම‍්පජානමුසාවාදො හොති, ඉතො පට‍්ඨාය එවරූපං මා අකාසී”ති. සො ථෙරස‍්ස කුජ‍්ඣිත්‍වා පුනදිවසෙ ථෙරෙන සද‍්ධිං පිණ‍්ඩාය ගාමං න පාවිසි. ථෙරො ඉතරෙනෙව සද‍්ධිං පාවිසි. උළුඞ‍්කසද‍්දකොපි ථෙරස‍්ස උපට‍්ඨාකකුලං ගන‍්ත්‍වා “භන‍්තෙ, ථෙරො කහ”න‍්ති වුත‍්තෙ “අඵාසුකෙන විහාරෙයෙව නිසින‍්නො”ති වත්‍වා “කිං, භන‍්තෙ, ලද‍්ධුං වට‍්ටතී”ති වුත‍්තෙ “ඉදඤ‍්චිදඤ‍්ච දෙථා”ති ගහෙත්‍වා අත‍්තනො රුචිතට‍්ඨානං ගන‍්ත්‍වා භුඤ‍්ජිත්‍වා විහාරං අගමාසි.

පසුව වත් ගරුක හිමිනම කොටුවෙන් පිටත තබා තිබුණු උණු ජලය, කොටුව තුළට ගෙනවිත් සකස්කොට, මහකසුප් තෙරුන්ට නෑම සඳහා ආරාධනා කෙළේය. කාශ්‍යප තෙරුන් වහන්සේ පැන් සනහා, සිදුවූ දේ සම්බන්ධ වත් නො හික්මුණු සාමණේරයා සම්බන්ධවත් මැනවින් සිතා බලා, සවස උවටැන් පිණිස සාමණේර දෙනම අතුරෙන්, බොරු කී තැනැත්තා අමතා ‘ඇවැත්නි, මහණකු විසින් තමා කළ දේ ම කියන්නට වටී. නො කළ දේ කීම දැන දැන බොරු කීමකි. මින් පසු එසේ නො කරව’යි, අවවාද කළ සේක. අවවාදයෙන් කිපුණු හිමි නම, පසු දා තෙරුන් සමග පිණ්ඩපාතයේ නො ගියේය. තෙරුන් වහන්සේ අනෙක් නම සමග වැඩියහ. මේ අතර තෙරුන්ගේ දායක නිවෙසකට ගිය, ‘කිණිසි හඬා’ ගෙදර අය ‘තෙරුන් කොහිදැ’යි විමසූ විට, ලෙඩ වී පන්සලේ ඉන්නා බව පැවසීය. එවිට ගෙදර අය ‘හිමියනි, තෙරුන්ට අප කුමක් සකසා දිය යුතු දැ’යි, ඇසූ විට ‘මේ මේ දේ අවශ්‍ය යැ’යි කියා, තමා කැමති දේ ලබාගත් හිමිනම තමාට රිසි තැනකට ගොස්, අනුභව කොට විහාරයට ගියේය.

පුනදිවසෙ ථෙරො තං කුලං ගන‍්ත්‍වා නිසීදි. මනුස‍්සෙහි “කිං, භන‍්තෙ, අය්‍යස‍්ස අඵාසුකං, හිය්‍යො කිරත්‍ථ විහාරෙයෙව නිසින‍්නා, අසුකදහරස‍්ස හත්‍ථෙ ආහාරං පෙසයිම‍්හ, පරිභුත‍්තො අය්‍යෙනා”ති වුත‍්තෙ ථෙරො තුණ‍්හීභූතොව භත‍්තකිච‍්චං කත්‍වා විහාරං ගන‍්ත්‍වා සායං ථෙරුපට‍්ඨානකාලෙ ආගතං ආමන‍්තෙත්‍වා “ආවුසො, අසුකගාමෙ නාම අසුකකුලෙ ‘ථෙරස‍්ස ඉදඤ‍්චිදඤ‍්ච ලද‍්ධුං වට‍්ටතී’ති විඤ‍්ඤාපෙත්‍වා කිර තෙ භුත‍්ත”න‍්ති වත්‍වා “විඤ‍්ඤත‍්ති නාම න වට‍්ටති, මා පුන එවරූපං අනාචාරං චරා”ති ආහ. සො එත‍්තකෙන ථෙරෙ ආඝාතං බන්‍ධිත්‍වා “අයං හිය්‍යොපි උදකමත‍්තං නිස‍්සාය මයා සද‍්ධිං කලහං කරි, ඉදානි පනස‍්ස උපට‍්ඨාකානං ගෙහෙ මයා භත‍්තමුට‍්ඨි භුත‍්තාති අසහන‍්තො පුන කලහං කරොති, ජානිස‍්සාමිස‍්ස කත‍්තබ‍්බයුත‍්තක”න‍්ති පුනදිවසෙ ථෙරෙ පිණ‍්ඩාය පවිට‍්ඨෙ මුග‍්ගරං ගහෙත්‍වා පරිභොගභාජනානි භින්‍දිත්‍වා පණ‍්ණසාලං ඣාපෙත්‍වා පලායි. සො ජීවමානොව මනුස‍්සපෙතො හුත්‍වා සුස‍්සිත්‍වා කාලං කත්‍වා අවීචිමහානිරයෙ නිබ‍්බත‍්ති. සො තෙන කතො අනාචාරො මහාජනස‍්ස මජ‍්ඣෙ පාකටො ජාතො.

ඊට පසුදා තෙරුන් වහන්සේ ඉහත කී නිවෙසට වැඩියහ. එවිට ගෙදර අය, ‘ස්වාමීනි, ඔබවහන්සේගේ අසනීපය කෙසේද? ඊයේ විහාරයේම වැඩසිටි ඔබවහන්සේට, අසවල් හිමි ම අතේ කැමැති කැමැති ආහාර එව්වෙමු. ඒවා වැළඳූ සේක් දැ’යි විමසූහ. එවිට තෙරුන් වහන්සේ නිශ්ශබ්දවම වැඩ හිඳ, දානය වළඳා විහාරයට වැඩි සේක. සවස උවටැන් සඳහා තමා වෙත පැමිණි කුඩා දෙනමගෙන්, බොරුකාර හිමියන් අමතා තෙරුන් වහන්සේ ‘ඇවැත්නි, ඔබ ඊයේ අසවල් ගෙදරට ගොස්, තෙරුන්වහන්සේට මේ මේ දේ අවශ්‍ය යැ’යි කියා ඒවා ලබාගෙන, ඔබ අනුභව කළා නොවේද? යම් යම් දේ ඉල්ලීම භික්‍ෂුවකට නොවටී. නැවත මෙබඳු අනාචාර කටයුතු නො කරව’යි අවවාද කළ සේක. මේ අවවාදයෙන් තෙරුන් වහන්සේ කෙරෙහි වෛර බැඳගත්, ඒ හිමි නම ‘මොහු පෙරදිනක වතුර ටිකක් නිසා, මා සමග කලහ කෙළේය. අද දායක ගෙදරකින් බත් ටිකක් කෑවේ යැ’යි, එය ඉවසිය නොහැකිව යළි යළිත් කලහ කරයි. මීට කළයුතු දේ මම දනිමි’යි, කෝපයෙන් වෙවුලන්ට විය. පසුදා තෙරුන් වහන්සේ පිණ්ඩපාතයේ වැඩිකල්හී, ඉහත කී නොහික්මුණු හිමිනම, පොල්ලක් ගෙන වෙහෙරෙහි වූ සියලු පරිභෝග වස්තු බිඳ දමා, පන්සල ගිනි තියා පලා ගියේය. ඔහු තමා කළ අවැඩ නිසාම ජීවමාන මනුෂ්‍ය ප්‍රේතයෙක්ව, කෙට්ටු වී මැරී ගොස්, අවීචි මහා නිරයෙහි උපන්නේය. ඔහු විසින් කළ අනාචාරය රටේ ප්‍රචලිතව ගියේය.

අථෙකච‍්චෙ භික‍්ඛූ රාජගහා සාවත්‍ථිං ගන‍්ත්‍වා සභාගට‍්ඨානෙ පත‍්තචීවරං පටිසාමෙත්‍වා සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා නිසීදිංසු. සත්‍ථා තෙහි සද‍්ධිං පටිසන්‍ථාරං කත්‍වා “කුතො ආගතත්‍ථා”ති පුච‍්ඡි. “රාජගහා, භන‍්තෙ”ති. “කො තත්‍ථ ඔවාදදායකො ආචරියො”ති. “මහාකස‍්සපත්‍ථෙරො, භන‍්තෙ”ති. “සුඛං, භික‍්ඛවෙ, කස‍්සපස‍්සා”ති. “ආම, භන‍්තෙ, ථෙරස‍්ස සුඛං, සද‍්ධිවිහාරිකො පනස‍්ස ඔවාදෙ දින‍්නෙ කුජ‍්ඣිත්‍වා ථෙරස‍්ස පණ‍්ණසාලං ඣාපෙත්‍වා පලායීති. තං සුත්‍වා සත්‍ථා “භික‍්ඛවෙ, කස‍්සපස‍්ස එවරූපෙන බාලෙන සද‍්ධිං චරණතො එකචරියාව සෙය්‍යො”ති වත්‍වා ඉමං ධම‍්මපදෙ ගාථමාහ –

මේ අතර කිසියම් භික්‍ෂු පිරිසක් රජගහ නුවර සිට සැවැත් නුවරට වැඩ, ජේතවනාරාමයෙහි සුදුසු තැනක සිය පා සිවුරු ආදිය තැන්පත් කොට තබා, බුදුරදුන් වෙත ගොස් වැඳ, එකත්පස්ව හුන්හ. එවිට බුදුරජාණන් වහන්සේ ඔවුන් සමග පිළිසඳර කථා කොට ‘ඔබ සැම කොහි සිට පැමිණියාහුදැ’යි, විචාළ සේක. ‘ස්වාමීනි, රජගහනුවර සිට පැමිණියෙමු.’ ‘ඔබට අවවාද දෙන ආචාර්යවරයා කවරෙක්ද?’ ‘ස්වාමීනි, අප ඇදුරුතුමා මහකසුප් තෙරණුවෝය.’ ‘මහණෙනි, කස්සප තෙරහු සැප සේ වෙසෙත් ද?’ ‘ස්වාමීනි, එසේය, තෙරුන් වහන්සේ සැපෙනි. එහෙත් උන්වහන්සේගේ එක් ගෝලයෙක් උන්වහන්සේගේ අවවාදයෙන් කිපී, තෙරුන් නැති විටෙක පන්සලේ බඩු ආදිය පොඩි කොට දමා, පන්සලට ගිනිතියා පලා ගියේයැ’යි, ඒ භික්‍ෂූහු බුදුන්වහන්සේට සිද්ධිය විස්තර කොට පැවසූහ. එවිට බුදුරජාණන් වහන්සේ ‘මහණෙනි, මෙබඳු වූ බාලයන් සමග එක්ව විසීමට වඩා තනිවම විසීම උතුම්යැ’යි, වදාරා ධම්මපදයෙහි එන මේ ගාථාව දේශනා කළ සේක.

“චරඤ‍්චෙ නාධිගච‍්ඡෙය්‍ය, සෙය්‍යං සදිසමත‍්තනො; එකචරියං දළ‍්හං කයිරා, නත්‍ථි බාලෙ සහායතා”ති. (ධ· ප· 61);

චරං චෙ නාධිගච්ඡෙය්‍ය - සෙය්‍යං සදිස මත්තනො, එකචරියං දළ්හං කයිරා - නත්‍ථි බාලෙ සහායතා

තමාට වඩා උසස් හෝ තමා හා සමාන ගුණැතියකුගේ ඇසුර නොලැබේ නම්, තනිව විසීම වඩාත් සුදුසුය. අනුවණයන් ඇසුරු නොකළ යුතුය.

ඉදඤ‍්ච පන වත්‍වා පුන තෙ භික‍්ඛූ ආමන‍්තෙත්‍වා “න, භික‍්ඛවෙ, ඉදානෙව සො කුටිදූසකො, පුබ‍්බෙපි කුටිදූසකොයෙව, න ච ඉදානෙව ඔවාදදායකස‍්ස කුජ‍්ඣති, පුබ‍්බෙපි කුජ‍්ඣියෙවා”ති වත්‍වා තෙහි යාචිතො අතීතං ආහරි.

මෙසේ වදාරා නැවත ඒ භික්‍ෂූන් ඇමතූ බුදුරජාණන් වහන්සේ ‘මහණෙනි, ඔබ ඔබ කී මහණ දැන් පමණක් නොව, පෙර ද ගෙවල් වැනසුවේය. දැන් පමණක් නොව පෙරද, අවවාද දායකයාට කිපුනේ යැ’යි, වදාරා එහි සිටි භික්‍ෂූන්ගේ අයැදුමෙන් මේ අතීත කථාව මෙසේ වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො සිඞ‍්ගිලසකුණයොනියං නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො අත‍්තනො මනාපං අනොවස‍්සකං කුලාවකං කත්‍වා හිමවන‍්තපදෙසෙ වසති. අථෙකො මක‍්කටො වස‍්සකාලෙ අච‍්ඡින‍්නධාරෙ දෙවෙ වස‍්සන‍්තෙ සීතපීළිතො දන‍්තෙ ඛාදන‍්තො බොධිසත‍්තස‍්ස අවිදූරෙ නිසීදි. බොධිසත‍්තො තං තථා කිලමන‍්තං දිස‍්වා තෙන සද‍්ධිං සල‍්ලපන‍්තො පඨමං ගාථමාහ –

අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ වඩුකුරුලු ජාතියෙහි ඉපිද නිසිවියට පත්ව තමාට මනාප වූ පරිද්දෙන් නො තෙමෙන ලෙස කූඩුවක් සාදාගෙන, හිමාල ප්‍රදේශයෙහි වෙසේ. ඉක්බිති එක් වඳුරෙක් වැඩිකල නොකඩවා වැසි වසින දිනක සීතලෙන් පීඩිතව දත් ඇඳි එකට හැපෙන සේ වෙවුලමින්, බෝසත් කුරුල්ලාගේ කූඩුව සමීපයෙහි හිඳගෙන හුන්නේය. ඒ දුටු බෝසත් තෙමේ වෙහෙසට පත්වූ, ඒ වඳුරා සමග කථා කරමින් මෙසේ කීය.

“මනුස‍්සස‍්සෙව තෙ සීසං, හත්‍ථපාදා ච වානර; අථ කෙන නු වණ‍්ණෙන, අගාරං තෙ න විජ‍්ජතී”ති.

2. වානරය, නුඹේ හිසද, අත්පා ද, මිනිසකුගේ වැනිය. එසේ නම් කවර කරුණක් නිසා ඔබට නිවෙසක් නැත්තේද?

තත්‍ථ වණ‍්ණෙනාති කාරණෙන. අගාරන‍්ති තව නිවාසගෙහං කෙන කාරණෙන නත්‍ථීති පුච‍්ඡි.

මෙහි ‘වණ්ණෙන’ යනු ‘කරුණක් නිසා’, යන අර්ථයි. ‘අගාරං’ යනු ‘කුමන කරුණක් නිසා, ඔබට නිවෙසක් නැත්තේදැ’යි, විචාළේය, යන අර්ථයි.

තං සුත්‍වා වානරො දුතියං ගාථමාහ –

මෙය අසා සිටි වඳුරා මේ ගාථාව කීවේය.

“මනුස‍්සස‍්සෙව මෙ සීසං, හත්‍ථපාදා ච සිඞ‍්ගිල; යාහු සෙට‍්ඨා මනුස‍්සෙසු, සා මෙ පඤ‍්ඤා න විජ‍්ජතී”ති.

3. වඩු කුරුල්ලාණෙනි, මාගේ හිස ද, අත්පා ද, මිනිසකුගේ වැනිය. මිනිසුන් අතර ‘ප්‍රඥාව ශ්‍රේෂ්ඨ යැ’යි කියා ද, ඒ ප්‍රඥාව මට නැත.

තත්‍ථ සිඞ‍්ගිලාති තං සකුණං නාමෙනාලපති. යාහු සෙට‍්ඨා මනුස‍්සෙසූති යා මනුස‍්සෙසු සෙට‍්ඨාති කථෙන‍්ති, සා මම විචාරණපඤ‍්ඤා නත්‍ථි. සීසහත්‍ථපාදකායබලානි හි ලොකෙ අප‍්පමාණං, විචාරණපඤ‍්ඤාව සෙට‍්ඨා, සා මම නත්‍ථි, තස‍්මා මෙ අගාරං න විජ‍්ජතීති.

මෙහි ‘සිංගිල’ යනු ‘වඩු කුරුල්ලාට නම කියා ඇමතීම’යි. ‘යාහු සෙට්ඨා මනුස්සෙසු’ යනු ‘මිනිසුන් අතර ‘යමක් ශ්‍රේෂ්ඨ යැ’යි කියත් ද? ඒ විචාර බුද්ධිය මට නැත. හිස-අත්-පා-කාය බලය යන මේ ආදිය ලෝකයේ අපමණව ඇති නමුත් විචාර බුද්ධියම ශ්‍රේෂ්ඨය. එය මට නැත. ඒ නිසා මට ගෙයක්ද නැත’ යන අර්ථයි.

තං සුත්‍වා බොධිසත‍්තො ඉතරං ගාථාද‍්වයමාහ –

මේ ඇසූ බෝසත් තෙමේ මේ ගාථාව කීය.

“අනවට‍්ඨිතචිත‍්තස‍්ස, ලහුචිත‍්තස‍්ස දුබ‍්භිනො; නිච‍්චං අද‍්ධුවසීලස‍්ස, සුඛභාවො න විජ‍්ජති.

4. ස්ථිරව නො පිහිටි සිත් ඇති, ලඝු සිත් ඇති, මිත්‍රද්‍රෝහී වූ, නිත්‍ය සීලයෙන් බැහැර වූ, තැනැත්තාට සත්‍යයෙන් ම සැපයක් නැත.

“සො කරස‍්සු ආනුභාවං, වීතිවත‍්තස‍්සු සීලියං; සීතවාතපරිත‍්තාණං, කරස‍්සු කුටවං කපී”ති.

5. වඳුරාණෙනි, ඒ ඔබ උපායශීලීව වැඩ කරන්න. දුසිල් බව දුරු කොට සීත-වාත දෙකෙන් රැකිය හැකි කැදැල්ලක් තනන්න.

තත්‍ථ අනවට‍්ඨිතචිත‍්තස‍්සාති අප‍්පතිට‍්ඨිතචිත‍්තස‍්ස. දුබ‍්භිනොති මිත‍්තදුබ‍්භිස‍්ස. අද‍්ධුවසීලස‍්සාති න සබ‍්බකාලං සීලරක‍්ඛකස‍්ස. සො කරස‍්සු ආනුභාවන‍්ති සො ත්‍වං සම‍්ම මක‍්කට පඤ‍්ඤාය උප‍්පාදනත්‍ථං ආනුභාවං බලං උපායං කරොහි. වීතිවත‍්තස‍්සු සීලියන‍්ති අත‍්තනො දුස‍්සීලභාවසඞ‍්ඛාතං සීලියං අතික‍්කමිත්‍වා සීලවා හොති. කුටවං කපීති සීතවාතස‍්ස පරිත‍්තාණසමත්‍ථං අත‍්තනො කුටවං කුලාවකං එකං වසනාගාරකං කරොහීති.

මෙහි ‘අනවට්ඨිතචිත්තස්ස’ යනු ‘මනා ව නො පිහිටි සිත් ඇති’, යන අර්ථයි. ‘දුබ්භිනො’ යනු ‘මිත්‍ර ද්‍රෝහියාට’ය. ‘අද්ධුවසීලස්ස’ යනු ‘සියලු කල්හි, සිල් නො රකින්නාට’ය. ‘සො කරස්සානුභාවංත්‍වං’ යනු ‘මිතුරු වඳුරාණෙනි, ඒ ඔබ ප්‍රඥාව ඉපදවීම සඳහා, ආනුභාවයත් බලයත් අනුව, උපායත් යොදන්න’, යන අර්ථයි. ‘වීතිවත්තස්සු සීලියං’ යනු ‘තමාගේ දුසිල් බව නමැති ස්වභාවය ඉක්මවා සිල්වත් වන්න’ යන අර්ථයි.’ කුටිකං’ යනු ‘සීතලෙන් සහ වාතයෙන් ආරක්‍ෂා විය හැකි ලෙස තමාගේ කූඩුව, කැදැල්ල, වාසස්ථානය, සාදාගන්න’ යන අර්ථයි.

මක‍්කටො චින‍්තෙසි “අයං තාව අත‍්තනො අනොවස‍්සකට‍්ඨානෙ නිසින‍්නභාවෙන මං පරිභාසති, න නිසීදාපෙස‍්සාමි නං ඉමස‍්මිං කුලාවකෙ”ති. තතො බොධිසත‍්තං ගණ‍්හිතුකාමො පක‍්ඛන්‍දි, බොධිසත‍්තො උප‍්පතිත්‍වා අඤ‍්ඤත්‍ථ ගතො. මක‍්කටො කුලාවකං විද‍්ධංසෙත්‍වා චුණ‍්ණවිචුණ‍්ණං කත්‍වා පක‍්කාමි.

මේ ඇසූ වඳුරා ‘මොහු නොතෙමෙන සේ තනා ගත් කූඩුවක හිඳින නිසා මම නින්දා කෙරේ යැ’යි සිතා, ‘තවදුරටත් නුඹට ඔය කූඩුවෙහි හිඳින්නට ඉඩ නො දෙමැ’යි කියා වඩු කුරුල්ලා අල්ලා ගැනීමට පැන්නේය. බෝසත් කුරුල්ලා එකෙණෙහි ම ඉවතට පැන අන් දෙසකට පියඹා ගියේය. වඳුරා කූඩුව කඩා සුණුවිසුණු කොට දමා, යන්නට ගියේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා මක‍්කටො කුටිඣාපකො අහොසි, සිඞ‍්ගිලසකුණො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. එදා වඳුරා නම් අද මේ විහාරය ගිනි තැබූ තැනැත්තාය. වඩු කුරුල්ලා වූ කලී, ‘මම ම වීමි’ යයි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දක්වා වාදළ සේක.

කුටිදූසකජාතකවණ‍්ණනා පඨමා.