යෙදුමෙන් කියවන්න

3. කුටිදූසකවග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

3. කුටිදූසක වර්‍ගය

588. මනුස‍්සස‍්සෙව තෙ සීසං හත්‍ථපාදා ච වානර, අථ කෙන නු වණ‍්ණෙන අගාරං තෙ න විජ‍්ජති.

588. වානරය, තොපගේ හිස ද අත්පාද මිනිසකුට සමාන ය. එසේ කලැ කවර නම් කාරණයෙකින් තොපට ගෙයක් නැත් ද?

589. මනුස‍්සස‍්සෙව මෙ සීසං හත්‍ථපාදා ච සිඞ‍්ගිල යාහු සෙට‍්ඨා මනුස‍්සෙසු සා මෙ පඤ‍්ඤා න විජ‍්ජති.

589. සිංගිලය, මගේ හිස ද අත්පාද මනුෂ්‍යයකුගේ වැනි ය. මනුෂ්‍යයන් කෙරෙහි යමක් ශ්‍රේෂ්ඨය යි කියත් ද. ඒ ශ්‍රේෂ්ඨ වූ ප්‍රඥාව මට නැත.

590. අනවට‍්ඨිතචිත‍්තස‍්ස ලහුචිත‍්තස‍්ස දුබ‍්භිනො, නිච‍්චං අද‍්ධුවසීලස‍්ස සුචිභාවො න විජ‍්ජති.

590. එක අරමුණෙක නො පවත්නා වහා වෙනස්වන සිත් ඇති මිත්‍රද්‍රෝහි වූ අස්ථිර ගති ඇත්තාට පවිත්‍ර බවක් නැත.

591. සො කරස‍්සු අනුභාවං වීතිවත‍්තස‍්සු සීලියං. සීතවාතපරිත‍්තාණං කරස‍්සු කුටිකං කපීති.

591. වඳුර ප්‍රඥාව ලැබෙන උපායක් කරව. දුසිල් බව (නො හික්මුණ ගතිය) දුරු කරව. සීතවාත පරිත්‍රාණයට සමර්‍ත්‍ථ කැදැල්ලක් කරව.

1. කුටිදූසකජාතකං.

1. කුටිදූසක ජාතක යි.

592. දද‍්දභායති භද‍්දන‍්තෙ යස‍්මිං දෙසෙ වසාමහං, අහම‍්පෙතං න ජානාමි කිමෙතං දද‍්දභායති.

592. ඔබට සෙතක් වේවා! මම යම් දෙසෙක වෙසෙම් ද එහි දද්දභ යන හඬ කෙරෙයි. මම ද මෙය නො දනිමි. කවර කරුණෙකින් දද්දභ යන මේ හඬ කෙරේ ද?

593. බෙලුවං පතිතං සුත්‍වා දද‍්දභන‍්ති සසො ජවි, සසස‍්ස වචනං සුත්‍වා සන‍්තත‍්තා මිගවාහිනී.

593. වැටුණ බෙලිගෙඩියේ හඬ අසා සාවා දද්දභ යයි (කියා දිව්වේ ය.) සාවාගේ වචනය අසා තැතිගත් දහස් ගණන් මෘග සේනාව ද දිවූ.

594. අප‍්පත්‍වා පදවිඤ‍්ඤාණං පරඝොසානුසාරිනො, පමාදපරමා බාලා තෙ හොන‍්ති පරපත‍්තියා.

594. විඤ්ඤාණපදයට නො පැමිණ (කනින් නො අසා) පරඝෝෂය අනුව යන පරතෝඝෝෂ සඛ්ඛ්‍යාත ප්‍රමාදය පරම කොට ඇති ඒ අන්‍ධබාලයෝ අනුන්ගේ වචන හදහා කරන්නෝ වෙති.

595. යෙ ච සීලෙන සම‍්පන‍්නා පඤ‍්ඤායුපසමෙ රතා, ‘ආරකා විරතා ධීරා න හොන‍්ති පරපත‍්තියාති.

595. යම් කෙනෙක් ආර්‍ය සීලයෙන් සමෘද්ධ වූවාහු මාර්‍ග ඥානයෙන් කෙලෙසුන් සන්හිඳුවා ලීමෙහි ඇලුණාහු වෙත්ද පාප ක්‍රියායෙන් දුරු වූ වෙන් වූ ඒ පණ්ඩිතයෝ ප්‍රත්‍යක්‍ෂ බැවින් මෙරමා බස් විශ්වාස නො කෙරෙති.

2. දද‍්දභජාතකං.

2. දද්දභ ජාතක යි.

596. ද‍්වයං යාචනකො රාජ බ්‍රහ‍්මදත‍්ත නිගච‍්ඡති, අලාභං ධනලාභං වා එවං ධම‍්මා හි යාචනා.

596. බඹදත් රජතුමනි, යාච්ඤා කරන්නේ වස්තුව ලැබීමට හෝ නො ලැබීමට යන මේ දෙකට පැමිණෙයි. යාච්ඤාව මෙබඳු ස්වභාව ඇත්තේ ය.

597. යාචනං රොදනං ආහු පඤ‍්චාලානං රථෙසභ, යො යාචනං පච‍්චක‍්ඛාති තමාහු පටිරොදනං.

597. පංචාලේශ්වරය, ඉල්ලීම හැඬීමකැ යි පුරාතනයෝ කීහ. යමෙක් ඉල්ලීම ප්‍රතික්‍ෂේප කෙරේ ද එය පෙරළා හැඬීමකැ යි කීහ.

598. මා මද‍්දසංසු රොදන‍්තං පඤ‍්චාලා සුසමාගතා, තුවං වා පටිරොදන‍්තං තස‍්මා ඉච‍්ඡාමහං රහො.

598. රැස්ව සිටින පංචාලරට වැසියෝ හඬන මා ද පෙරළා හඬන ඔබ ද නො දකිත්වා. එහෙයින් මම රහස් කැමැත්තෙමි. (හෙවත් රහසිගත ව සිටිනු කැමැත්තෙමි.)

599. දදාමි තෙ බ්‍රාහ‍්මණ රොහිණීනං ගවං සහස‍්සං සහ පුඞ‍්ගවෙන, අරියො හි අරියස‍්ස කථං න දජ‍්ජෙ සුත්‍වාන ගාථා තව ධම‍්මයුත‍්තා’ති.

599. බමුණ, වෘෂභයෙකු හා රතුදෙනුන් දහසක් තොපට දෙමි. සහේතුකව (ඔබ) කී ගාථාවන් අසා ආර්‍ය්‍යයෙක් ආර්‍ය වූ තොපට කුමක් හෙයින් නො දෙන්නේ ද?

3. බ්‍රහ‍්මදත‍්තජාතකං.

3. බ්‍රහ්මදත්ත ජාතක යි.

600. කල්‍යාණරූපො වතයං චතුප‍්පදො සුභද‍්දකො චෙව සුපෙසලො ච, යො බ්‍රාහ‍්මණං ජාතිමන‍්තූපපන‍්නං අපචායති මෙණ‍්ඩවරො යසස‍්සි.

600. යශස්වී වූ යම් බැටළුවෙක් උතුම් ජාතිය හා මන්ත්‍රයෙන් යුතු (මන්ත්‍ර දන්නා) බ්‍රාහ්මණයාට ගරු කෙරේ ද (මේ ගුණයෙන් යුතු) මේ සිවුපාවා ඉතා යහපත් ගති ඇත්තේ උත්තම වූයේ ද හික්මුණේ ද වේ.

601 මා බ්‍රාහ‍්මණ ඉත‍්තරදස‍්සනෙන විස‍්සාසමාපජ‍්ජි චතුප‍්පදස‍්ස, දළ‍්හප‍්පහාරං අභිකඞ‍්ඛමානො අපසක‍්කති දස‍්සති සුප‍්පහාරං.

601. බමුණ, සිවුපාවා දුටු පමණින් විශ්වාස නො කරව, දැඩි පහරක් දෙනු කැමැති ව පසුබසී. දැඩි පහරක් දෙන්නේ ය.

602. ඌරට‍්ඨි භග‍්ගං පතිතො ඛාරිභාරො සබ‍්බං භණ‍්ඩං බ්‍රාහ‍්මණස‍්සීධභින‍්නං, බාහාපග‍්ගය‍්හ කන්‍දති. අභිධාවථා හඤ‍්ඤතෙ බ්‍රහ‍්මචාරී

602. කලවා ඇටය කැඩිණි. තවුස්පිරිකර වැටිණි. තවුසාගේ තවුස්පිරිකර සියල්ල කැඩී බිඳී ගියේ ය. තවුසා නසනු ලැබේ. තෙපි ඉදිරියට දුවව යි (පිරිස කියමින්) දෙ අත් නඟා ගෙන හඬයි.

603. එවං සො නිහතො සෙති යො අපූජං නමස‍්සති, යථාහමජ‍්ජ පහටො හතො මෙණ‍්ඩෙන දුම‍්මතී’ති.

603. නුවණ නැති මම අද බැටළුවා විසින් පහර දෙන ලදුව යම්සේ නටුයෙම් ද එසේ යමෙක් පූජාර්‍හ නො වූවහුට නමදී ද හෙතෙම මැරී හෝනේ යි.

4. චම‍්මසාටකජාතකං.

4. චම්මසාටක ජාතක යි.

604. සමණං තං මඤ‍්ඤමානො උපගඤ‍්ඡිං අසඤ‍්ඤතං, සො මං දණ‍්ඩෙන පාහාසි යථා අස‍්සමණො තථා.

604. අසංයත වූ තා ශ්‍රමණයෙකැ යි සිතමින් ලඟට ආවෙමි. හෙතෙම අශ්‍රමණයකු මෙන් මට දණ්ඩකින් පහර දුනි.

605. කිං තෙ ජටාහි දුම‍්මෙධ කිං තෙ අජිනසාටියා, අබ‍්භන‍්තරං තෙ ගහනං බාහිරං පරිමජ‍්ජසි.

605. අඥානය, තට ජටා කුමට ද? තට අඳුන් දිවිසම් කුමට ද? තාගේ අභ්‍යන්තරය කෙලෙසුන්ගෙන් ගහන ය. එසේ වුව ද (සිරුර) ඔප කරන්නෙහි ය.

606. එහි ගොධ නිවත‍්තස‍්සු භුඤ‍්ජ සාලීනමොදනං, තෙලං ලොණඤ‍්ච මෙ අත්‍ථි පහූතං මය‍්හ පිප‍්ඵලී.

606. ගෝධය, මෙහි එව නවතුව, ඇල්හාලේ බත බුදිනු. (තවත්) බොහෝ තලතෙල්, ලුණු, වගපුල් මට ඇත.

607. එස භිය්‍යො පවෙක‍්ඛාමි වම‍්මිකං පතපොරිසං, තෙලං ලොණඤ‍්ච කිත‍්තෙසි අහිතං මය‍්හ පිප‍්ඵලීති.

607. ඒ මම පතපෝරිස ප්‍රමාණය වූ තුඹසකට යලිත් ඇතුළු වෙමි. තලතෙල් ලුණු ඇතැ යි කියහි. වගපූල් ආදිය මට අපථ්‍ය යි.

5. ගොධජාතකං.

5. ගෝධ ජාතක යි.

608. කායෙන යො නාවහරෙ වාචාය න මුසා භණෙ, යසො ලද‍්ධා න මජ‍්ජෙය්‍ය ස වෙ කක‍්කාරුමරහති.

608. යමෙක් කයින් සොරකම් නො කෙරේ ද, වචනයෙන් බොරු නො කියා ද, යශස් ලැබැ මත් නො වේ ද, හෙතෙම ඒකාන්තයෙන් දිව කැකිරිමල් පළඳින්නට සුදුසුය.

609. ධම‍්මෙන විත‍්තමෙසෙය්‍ය න නිකත්‍යා ධනං හරෙ, භොගෙ ලද‍්ධා න මජ‍්ජෙය්‍ය ස වෙ කක‍්කාරුමරහති.

609. දැහැමින් ධනය සපයන්නේ ය. කපටි කමෙන් ධනය රැස් නො කරන්නේය. වස්තුව ලැබැ මත් නොවන්නේ ය. හෙතෙම ඒකාන්තයෙන් දිවකැකිරිමල් පළඳින්නට සුදුසු ය.

610. යස‍්ස චිත‍්තං අහාලිද‍්දං සද‍්ධා ච අවීරාගිනී, එකො සාදුං න භුඤ‍්ජෙය්‍ය ස චෙ කක‍්කාරුමරහති.

610. යමකුගේ සිත කහපැහැය සේ ඉක්මනින් වෙනස් නො වේ ද ස්වල්ප හේතුවක් නිසා ශ්‍රද්ධාව නො බිඳේ ද රසවත් ආහාර ලැබැ තනි ව නො බුදී ද හෙතෙම ඒකාන්තයෙන් කැකිරිමල් පළඳින්නට සුදුසු ය.

611. සම‍්මුඛා වා පාරොක‍්ඛා වා යො සන‍්තෙ න පරිභාසති, යථාවාදී තථාකාරී සචෙ කක‍්කාරුමරහතීති.

611. යමෙක් අභිමුඛයේ හෝ අනභිමුඛයේ සත්පුරුෂයන්ට පරිභව නො කෙරේ ද යථාවා දී තථාකාරී වේ ද හෙතෙම ඒකාන්තයෙන් කැකිරිමල් පළඳින්නට සුදුසු ය.

6. කක‍්කාරුජාතකං.

6. කක්කාරු ජාතක යි.

612. වාති චායං තතො ගන්‍ධො යත්‍ථා මෙ වසතී පියා, දූරෙ ඉතො හි කාකාතී යත්‍ථ මෙ නිරතො මනො.

612. යම් ගුරුළු භවනයෙකැ මගේ ප්‍රියාව වාස කෙරේ ද එයින් මේ සුවඳ හමයි. යමක් කෙරෙහි මගේ සිත ඇලුණේ ද ඒ කාකාතිය මෙයින් ඈත ය.

613. කථං සමුද‍්ද මතරි කථං අතරි කෙඛුකං, කථං සත‍්ත සමුද‍්දනි කථං සිම‍්බලිමාරුහි.

613. මුහුද තරණය කෙළේ කෙසේ ද, කෙබුක ගංගාව තරණය කෙළේ කෙසේ ද, සත් සමුදුර තරණය කෙළේ කෙසේ ද, ඉඹුල් ගසට කෙසේ නැංගේ ද?

614. තයා සමුද‍්දමතරිං තයා අතරි කෙබුකං, තයා සත‍්ත සමුද‍්දානි තයා සිම‍්බලිමාරුහිං,

614. තා නිසා මුහුද තරණය කෙළෙමි. තා නිසා කෙබුක ගඟ තරණය කෙළෙමි. තා නිසා සත්සමුදුර තරණය කෙළෙමි. තා නිසා ඉඹුල්ගසට නැංගෙමි.

615. ධිරත්‍ථු මං මහාකායං ධිරත්‍ථු මං අචෙතනං, යත්‍ථ ජායායහං ජාරං ආවහාමි වහාමි චාති.

615. යම් හෙයෙකින් මාගේ ප්‍රියාවගේ සොරසැමියා මම යම් තැනෙක උසුලා ගෙන ගියෙම් ද, යලිත් උසුලා ගෙන ආවෙම් ද, මහත් සිරුර ඇති මට නින්‍දා වේවා. සිරුර විශාල බැවින් සැහැල්ලු බව හා බර බව නො දැනෙන මට නින්‍දා වේවා.

7. කාකාතීජාතකං.

7. කාකාතී ජාතක යි.

616. බහුන‍්නං විජ‍්ජති හොති තෙහි කිම‍්මෙ භවිස‍්සති, තස‍්මා එතං න සොචාමි පියං සම‍්මිල‍්ලභාසිනිං.

616. මේ පින්වතී (අප හැර දැන්) බොහෝ වූ මළවුන් අතරේ ඇත. ඔවුන් හා වෙසෙන තෙල තැනැත්තී මට කවරක් වන්නී ද? එහෙයින් ප්‍රිය වූ තෙල සම්මිල්ලභාසිනියට ශෝක නො කරමි.

617. තං තඤ‍්චෙ අනුසොචෙය්‍ය යං යං තස‍්ස න විජ‍්ජති, අන‍්තානමනුසොචෙය්‍ය සදා මච‍්චුවසං ගතං.

617. ඉදින් ඒ ශෝක කරන්නාහුගේ යම් යම් දැයක් නිරුද්ධ වී ද, ඒ ඒ දැය ගෙන ශෝක කෙරේ නම් හැම මොහොතක ම මරු වසඟයට යන්නා වූ තමා ගැන ද ශෝක කරන්නේ යැ.

618. නහෙව ඨිතං නාසීනං න සයානං න පද‍්ධගුං, යාව පාති නිම‍්මිසති තත්‍රාපි සරතී වයො.

618. ආයුසංස්කාරය සිටින්නහු අනුව නො නැවතී යයි. හුන්නහු අනුව නො නැවතී යයි. සයනය කරන්නහු අනුව නො නැවතී යයි. වැදැහෙව සිටින්නහු අනුව නො නැවතී යයි. ඇසිපිය හෙළන තරම් සුලු කාලය තුළ දී ද වයස ගෙවී යයි.

619. තත්‍ථත‍්තනි වතප‍්පද‍්ධෙ විනාභාවෙ අසංසයෙ, භූතං සෙසං දයිතබ‍්බං වීතං අනනුසොචියන‍්ති.

619. එහි ලා තමා (වයසින්) අර්‍ධ වැ සිටි කල්හි (ජීවිතයෙන්) වෙන්වීම නිසැක කල්හි සෙසු ජීවීන් ගැන මෛත්‍රී කළයුතු යැ. මළහු ගෙනැ ශෝක නො කටයුතු.

8. අනනුසොචියජාතකං.

8. අනනුසොචිය ජාතක යි.

620. යං අන‍්නපානස‍්ස පුරෙ ලභාම තංදානි සාඛාමිගමෙව ගච‍්ඡති, ගච‍්ඡාමදානි වනමෙව රාධ අසක‍්කතා වස‍්ම ධනඤ‍්ජයාය.

620. රාධයෙනි, පෙරැ මේ රජු සමීපයෙන් යම් ආහාරපානයක් ලබමෝ ද, දැන් එය වඳුරකු කරා යයි. එහෙයින් ධනංජය රජු විසින් නො සලකා හරන ලදුවම්හ. දැන් වනයට ම යම්හ යි.

621. ලාභො අලාභො අයසො යසො ච නින්‍දා පසංසා ච සුඛඤ‍්ච දුක‍්ඛං, එතෙ අනිච‍්චා මනුජෙසු ධම‍්මා මා සොචී කිං සොචසි පොට‍්ඨපාද.

621. පොට්ඨපාදය, ලාභ, අලාභ, අයස, යස, නින්‍දා, ප්‍රශංසා, සුව, දුක් යන මේ අටලෝදහම් මිනිසුන් කෙරෙහි අනිත්‍යය වේ. ශෝක නොකර කුමට ශෝක කෙරෙහි ද?

622. අද‍්ධා තුවං පණ‍්ඩිතකොසි රාධ ජානාසි අත්‍ථානි අනාගතානි, කථන‍්නු සාඛාමිගං දක‍්ඛිසාම නිද‍්ධාපිතං රාජකුලතොව ජම‍්මං.

622. රාධයෙනි, තෙපි ඒකාන්තයෙන් පණ්ඩිතයවු. මතු වන්නා වූ දෙය දන්නහු ය. රජ මැදුරෙන් පලවා හැරි හීන වඳුරා කෙසේ දකිමු ද?

623. චාලෙති කණ‍්ණං භටිකුං කරොති මුහුජ මුහුං භායයතෙ කුමාරෙ, සයමෙව තං කාහති කාළබාහු යෙනාරකා ඨස‍්සති අන‍්නපානාති.

623. කන සොලවයි. බැම බිඳියි. මොහොතින් මොහොත රජ කුමරුවන් බිය ගන්වයි. ආහාරපානයෙන් ඉවත්වී සිටින හෙයින් කාළබාහු වඳුරා තෙමේ ම එය කරන්නේ ය.

9. කාළබාහුජාතකං.

9. කාළබාහු ජාතක යි.

624. සීලං කිරෙව කල්‍යාණං සීලං ලොකෙ අනුත‍්තරං, පස‍්ස ඝොරවිසො නාගො සීලවාති න හඤ‍්ඤති.

624. ලෝකයේ සීලය යහපත් ය. සීලය නිරුත්තර ය. (හෙවත් සීලයට වඩා උසස් ගුණයෙක් නැත.) බලව, දරුණු විෂ සහිත නාගයා පවා සිල්වත් ය යි නසනු නො ලැබේ.

625. යාවදෙවස‍්සහු කිඤ‍්චි තාවදෙව අඛාදිසුං, සඞ‍්ගම‍්ම කුලලා ලොකෙ න හිංසන‍්ති අකිඤ‍්චනං.

625. යම්තාක් මේ උකුස්සාගේ මුඛයෙහි කන දෙයක් වී ද ඒ තාක් උකුස්සෝ එකතු වැ කෑහ. ලොවැ කිසිත් නැත්තහුට (කිසිකෙනෙක්) හිංසා නො කෙරෙත්.

626. සුඛං නිරාසා සුපති ආසා ඵලවතී සුඛා, ආසං නිරාසං කත්‍වාන සුඛං සුපති පිඞ‍්ගලා.

626. ආසා නැත්තී සුවසේ නිදන්නී ය. බලවත් වූ ආසාව සුවයට හේතු වේ. පිංගලා නම් දැස්ස ආසාව නසා සුවසේ නිදන්නී ය.

627. න සමාධිපරො අත්‍ථි අස‍්මිං ලොකෙ පරම‍්හි ච, න පරං නාපි අත‍්තානං විහිංසති සමාහිතො’ති.

627. මෙලොව ද පරලොව ද සමාධියට වඩා උසස් අන් සුවයෙක් නැත. එකඟ සිතැත්තේ අනුන්ට ද තමන්ට ද හිංසා නො කරයි.

10. සීලවීමංසජාතකං.

10. සීලවීමංස ජාතක යි.

කුටිදූසකවග‍්ගො තතියො.

තෙවන කුටිදූසක වර්‍ග යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

සමනුස‍්ස සද‍්දදභ යාචනකො අථ මෙණ‍්ඩවරුත‍්තම ගොධවරො, අථ කාය සකෙබුක භොතිවරො අථ රාධ සුසීලවරෙන දස.

වඳුරා මිනිසුන්ට සමය යි පැවැසූ කුටිදූසක ජාතක යැ, දද්දභ ජාතක ය සහිත යාචනය දක්වන බ්‍රහ්මදත්ත ජාතක යැ, යළි මෙණ්ඩයා උතුමැයි කී චම්මසාටක ජාතක යැ, ගොඩ ජාතක යැ, යළි කාප සුචරිතාදිය කියන කක්කාරු ජාතක යැ, කෙබුක නදය ඇති කාකාතී ජාතක යැ, (භොතිවරො) අනනු සොචිය ජාතක යැ, රාධ නම් ගිරවා ඇති කාළබාහු ජාතකය හා උතුම් සීල වීමංස ජාතකයෙන් දසය වේ.