10. සීලවීමංසජාතකවණ‍්ණනා 330 අට‍්ඨකථා
10. සීලවීමංසජාතකවණ‍්ණනා (330)
10. සීලවීමංස ජාතකය (330)
සීලං කිරෙව කල්‍යාණන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො සීලවීමංසකබ්‍රාහ‍්මණං ආරබ‍්භ කථෙසි. ද‍්වෙපි වත්‍ථූනි හෙට‍්ඨා කථිතානෙව. ඉධ පන බොධිසත‍්තො බාරාණසිරඤ‍්ඤො පුරොහිතො අහොසි. සො අත‍්තනො සීලං වීමංසන‍්තො තීණි දිවසානි හෙරඤ‍්ඤිකඵලකතො කහාපණං ගණ‍්හි. තං “චොරො”ති ගහෙත්‍වා රඤ‍්ඤො දස‍්සෙසුං. සො රඤ‍්ඤො සන‍්තිකෙ ඨිතො –
‘සීලං කිරෙව කල්‍යාණං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම වැඩ වාසය කරන සේක්, ‘සීල වීමංසක’ බමුණා අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථාවත්, අතීත කතාවත් යන කථා වස්තු දෙකම කලින් දක්වන ලදි. මේ ජාතක කථාවේදී බෝසත් තෙමේ බරණැස් රජුගේ පුරෝහිතයා විය. එතුමා තමන්ගේම සීලය පරීක්‍ෂා කරමින් දින තුනකදී රන් පුවරුවකින් කහවණුව බැගින් ගත්තේය. ආරක්ෂක පුරුෂයෝ ඔහු සොරකු බව කියා රජුට දැක්වූහ. එවිට බෝසත් තෙමේ රජු ඉදිරියේ සිට මේ ගාථාව පැවසීය.
“සීලං කිරෙව කල්‍යාණං, සීලං ලොකෙ අනුත්තරං; පස‍්ස ඝොරවිසො නාගො, සීලවාති න හඤ්ඤතී”ති. –
සීලං කිරෙව කල්‍යාණං - සීලං ලොකෙ අනුත්තරං, පස්ස සොරවිසො නාගො - සීලවාති න හඤ්ඤතී ති
ලොව ශීලය වූ කලී යහපත් දෙයකි. ශීලය අනුත්තරය. බලනු මැනවි, ‘විෂඝෝර නාගයා සිල්වතෙකැ’යි සිතා නසනු නො ලැබේ.
ඉමාය පඨමගාථාය සීලං වණ‍්ණෙත්‍වා රාජානං පබ‍්බජ‍්ජං අනුජානාපෙත්‍වා පබ‍්බජිතුං ගච‍්ඡති.
මේ පළමු ගාථාවෙන් බෝසත් තෙමේ ශීලය වර්ණනා කොට පැවිදිවනු සඳහා රජුගෙන් අනුමැතිය ලබාගෙන පැවිදි වීමට ගියේය.
අථෙකස‍්මිං දිවසෙ සූනාපණතො සෙනො මංසපෙසිං ගහෙත්‍වා ආකාසං පක‍්ඛන්‍දි. තමඤ‍්ඤෙ සකුණා පරිවාරෙත්‍වා පාදනඛතුණ‍්ඩකාදීහි පහරන‍්ති. සො තං දුක‍්ඛං සහිතුං අසක‍්කොන‍්තො මංසපෙසිං ඡඩ‍්ඩෙසි, අපරො ගණ‍්හි. සොපි තථෙව විහෙඨියමානො ඡඩ‍්ඩෙසි, අථඤ‍්ඤො ගණ‍්හි. එවං යො යො ගණ‍්හි, තං තං සකුණා අනුබන්‍ධිංසු. යො යො ඡඩ‍්ඩෙසි, සො සො සුඛිතො අහොසි. බොධිසත‍්තො තං දිස‍්වා “ඉමෙ කාමා නාම මංසපෙසූපමා, එතෙ ගණ‍්හන‍්තානංයෙව දුක‍්ඛං, විස‍්සජ‍්ජෙන‍්තානං සුඛ”න‍්ති චින‍්තෙත්‍වා දුතියං ගාථමාහ –
මේ අතර එතුමාට කිසියම් දිනෙක මස් කඩයකින් මස් පෙත්තක් ඩැහැගත් එක් උකුස්සකු දක්නට ලැබුණි. මස් පෙත්තක් ඩැහැගෙන අහසට නැගුණු උකුස්සා දුටු, වෙනත් කුරුල්ලෝ රංචු පිටින් ඌ වටකොට ගෙන, නියවලින්ද, හොටවලින්ද, කොටන්නට පටන් ගත්හ. දුක ඉවසාගත නොහුණු උකුස්සා මස් පෙත්ත අත් හළේය. වෙනත් කුරුල්ලෙක් එය ඩැහැගත්තේය. සෙසු කුරුල්ලෝ උකුස්සා අතහැර මස් පෙත්ත ඩැහැගත් කුරුල්ලා පසුපසම ලුහුබැඳ ගියහ. මෙසේ යම් යම් කුරුල්ලෙක් මස් පෙත්ත ගනීද? ඒ ඒ කුරුල්ලා පසුපස සෙස්සෝ ලුහුබැඳ ගොස් හිංසා කරන්නට වූහ. යම් යම් කුරුල්ලෙක් මස් පෙත්ත අත් හළේද? ඌ නිදුකින් අහසේ පියඹා ගියේය. බෝසත් තෙමේ ඉහත කී සිදුවීම පරීක්‍ෂාවෙන් බලා සිට ‘කාමය වූ කලී මස් පෙත්තක් වැනිය. එය ගත් ගත් සතා දුකට වැටේ, අත්හළ කෙනාට සැප ලැබේ යැ’යි, නුවණින් සලකා බලා මේ ගාථාව ප්‍රකාශ කෙළේය.
“යාවදෙවස‍්සහූ කිඤ‍්චි, තාවදෙව අඛාදිසුං; සඞ‍්ගම‍්ම කුලලා ලොකෙ, න හිංසන‍්ති අකිඤ‍්චන”න‍්ති.
2. යම්තාක් ඌ ළඟ කිසියම් ආහාරයක් වීද? ඒ තාක් සෙසු උකුස්සෝ එකතුව, ඌ හපා කෑහ. ලොව කිසිවක් නැත්තාට හිංසා නොකෙරෙති.
තස‍්සත්‍ථො – යාවදෙව අස‍්ස සෙනස‍්ස අහු කිඤ‍්චි මුඛෙන ගහිතං මංසඛණ‍්ඩං, තාවදෙව නං ඉමස‍්මිං ලොකෙ කුලලා සමාගන‍්ත්‍වා අඛාදිංසු. තස‍්මිං පන විස‍්සට‍්ඨෙ තමෙනං අකිඤ‍්චනං නිප‍්පලිබොධං පක‍්ඛිං සෙසපක‍්ඛිනො න හිංසන‍්තීති.
යම්තාක් කල් මේ උකුස්සාගේ මුවෙහි මස් පෙත්තක් වීද? ඒ තාක් කල් මෙලොව අන් උකුස්සෝ, ඌ සපා කෑහ. මස් පෙත්ත අත් හළ කල්හී, කිසිදු අහරක් තමා වෙත නැති කල්හී, බැඳුම් ඇති විය හැකි කිසිවක් තමා ළඟ නැති කල්හී, ඒ කුරුල්ලාට සෙසු කුරුල්ලෝ හිංසා නො කෙරෙති, යන අදහසයි.
සො නගරා නික‍්ඛමිත්‍වා අන‍්තරාමග‍්ගෙ එකස‍්මිං ගාමෙ සායං එකස‍්ස ගෙහෙ නිපජ‍්ජි. තත්‍ථ පන පිඞ‍්ගලා නාම දාසී “අසුකවෙලාය ආගච‍්ඡෙය්‍යාසී”ති එකෙන පුරිසෙන සද‍්ධිං සඞ‍්කෙතමකාසි. සා සාමිකානං පාදෙ ධොවිත්‍වා තෙසු නිපන‍්නෙසු තස‍්සාගමනං ඔලොකෙන‍්තී උම‍්මාරෙ නිසීදිත්‍වා “ඉදානි ආගමිස‍්සති, ඉදානි ආගමිස‍්සතී”ති පඨමයාමම‍්පි මජ‍්ඣිමයාමම‍්පි වීතිනාමෙසි. පච‍්චූසසමයෙ පන “න සො ඉදානි ආගමිස‍්සතී”ති ඡින‍්නාසා හුත්‍වා නිපජ‍්ජිත්‍වා නිද‍්දං ඔක‍්කමි. බොධිසත‍්තො ඉදං කාරණං දිස‍්වා “අයං දාසී ‘සො පුරිසො ආගමිස‍්සතී’ති ආසාය එත‍්තකං කාලං නිසින‍්නා, ඉදානිස‍්ස අනාගමනභාවං ඤත්‍වා ඡින‍්නාසා හුත්‍වා සුඛං සුපති. කිලෙසෙසු හි ආසා නාම දුක‍්ඛං, නිරාසභාවොව සුඛ”න‍්ති චින‍්තෙත්‍වා තතියං ගාථමාහ –
අනතුරුව බෝසත් තෙමේ නුවරින් නික්ම යනවිට අතරමග දී රෑ වූ බැවින්, එක් ගමක කිසියම් නිවෙසක නැවතුනේය. එම නිවසේ ‘පිංගලා’ යන නමින් යුතු දාසියක් වූවාය. ඇය, ඈ සමග හිතවත්කම් පෑ එක් පුරුෂයකුට, හොර රහසේ තමා කරා, අසවල් වේලාවට පැමිණෙන ලෙස, කිසිවෙකුට නො පෙනෙන පරිද්දෙන් සන් කළාය. නමුත් ඈගේ ඒ ක්‍රියාව බෝසතුන්ට රහසක් නොවීය. රෑ වූ විට ඒ දාසිය සිය හාම්පුතුන්ගේ පා සෝදා, සෙසු මෙහෙවර නිමකොට, ගෙදර අය නිදන තෙක් විමසිල්ලෙන් බලා සිටියාය. අනතුරුව, ගෙදර අය නින්දට වැටුණු පසු, ඇය එලිපත්ත මත වාඩිවී, සිය හිතවත් පුරුෂයාගේ පැමිණීම අපේක්‍ෂාවෙන්, පාර දෙස බලා සිටියාය. දැන් එයි, දැන් එයි, කියා බලා සිටි මුත්, පළමු යාමය ඉක්ම ගිය ද, ඉහත කී පුරුෂයා නොපැමිණියේය. මෙසේ රාත්‍රියේ මධ්‍යම යාමයද ඉකුත් විය. අලුයම් වේලාවේදී, ඔහු සිකුරටම පැමිණේ යැයි, ඇය සිතා සිටි මුත්, එයද ඉටු නොවූ කල්හී, සුන් වූ ආසා නැතිව, නැගිට ගොස් නිදා ගත්තේය. මේ සියල්ල දුටු බෝසත් තෙමේ, මේ දාසිය තම ‘සොර සැමියා පැමිණේ යැ’යි මෙතුවක් කල් ආසාවෙන් බලා සිටියාය. ඔහු නොපැමිණෙන බව තිරව දැනගත් පසු ආසාවෙන් බැහැර වූ ඇය දැන් සුවසේ නිදයි. ආසාවෝ නම් සැමවිටම දුක් ඇති කෙරෙති. ආසාවෙන් බැහැර වීම, සැප ගෙන දේ. මෙසේ සිතූ බෝසත් තෙමේ, මේ ගාථාව පැවසීය.
“සුඛං නිරාසා සුපති, ආසා ඵලවතී සුඛා; ආසං නිරාසං කත්‍වාන, සුඛං සුපති පිඞ‍්ගලා”ති.
3. ආශාව දුරු කළ තැනැත්තිය සැප සේ නිදයි. ඉටු වූ ආශාව සැපයකි. ආශාව නිරාශාව බවට පත් කොටගත් ‘පිංගලා’ සුව සේ නිදයි.
තත්‍ථ ඵලවතීති යස‍්සා ආසාය ඵලං ලද‍්ධං හොති, සා තස‍්ස ඵලස‍්ස සුඛතාය සුඛා නාම. නිරාසං කත්‍වානාති අනාසං කත්‍වා ඡින්‍දිත්‍වා පජහිත්‍වාති අත්‍ථො. පිඞ‍්ගලාති එසා පිඞ‍්ගලදාසී ඉදානි සුඛං සුපතීති.
මෙහි ‘ඵලවතී’ යනු ‘යම් ආශාවක ඵලය ලබන ලදද? එය ඒ ඵලයේ සැපය වන බැවින් ‘සුඛ’ නිම් වේ. නිරාශාව ඇති කොටගෙන, ආශාව බැහැර කොට ගෙන, ආශාව සිඳ දමා, ආශාව දුරු කොට’ යන අර්ථයි. ‘පිංගලා’ යනු ‘ඒ පිංගලා නම් වූ දාසිය, දැන් සුවසේ නිදයි’ යන අර්ථයි.
සො පුනදිවසෙ තතො ගාමා අරඤ‍්ඤං පවිසන‍්තො අරඤ‍්ඤෙ එකං තාපසං ඣානං අප‍්පෙත්‍වා නිසින‍්නං දිස‍්වා “ඉධලොකෙ ච පරලොකෙ ච ඣානසුඛතො උත‍්තරිතරං සුඛං නාම නත්‍ථී”ති චින‍්තෙත්‍වා චතුත්‍ථං ගාථමාහ –
මෙසේ ඒ බෝසත් තෙමේ, ඊට පසු දින ඒ ගමෙන් පිටත්ව ගොස්, ඈත පෙදෙසක වූ ආරණ්‍යයකට පිවිසුනේය. ආරණ්‍යය තුළදී ධ්‍යානයට සමවැදී හුන්, තවුසකු දුටු ඔහු, ‘මෙලොවත් පරලොවත් ධ්‍යාන සුවය වැඩි තරම් වූ, අන් සුවයක් නැතැ’යි සිතා, මේ ගාථාව පැවසීය.
“න සමාධිපරො අත්‍ථි, අස‍්මිං ලොකෙ පරම‍්හි ච; න පරං නාපි අත‍්තානං, විහිංසති සමාහිතො”ති.
4. මෙලොවත් පරලොවත් සමාධියට වඩා, උතුම් දෙයක් නැත. සමාහිත සිත් ඇත්තා, අනුන්ටත් තමාටත් හිංසා නොකරයි.
තත්‍ථ න සමාධිපරොති සමාධිතො පරො අඤ‍්ඤො සුඛධම‍්මො නාම නත්‍ථීති.
මෙහි ‘සමාධි පරො’ යනු ‘සමාධියට වඩා උතුම් වූ අන් සැපයක් නම් නැත’ය අදහසයි.
සො අරඤ‍්ඤං පවිසිත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා ඣානාභිඤ‍්ඤා උප‍්පාදෙත්‍වා බ්‍රහ‍්මලොකපරායණො අහොසි.
මෙසේ කැලයට පිවිසි බෝසත් තෙමේ එහිදී, සෘෂි පැවිද්දෙන් පැවිදිව, ධ්‍යාන හා අභිඥාවන් උපදවා, ජීවත්ව සිට දිවි කෙළවර, මරණින් මතු බඹලොව උපන්නේය.
සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා පුරොහිතො අහමෙව අහොසි”න‍්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතකය නිමවා වදාළ සේක. එදා තවුසා වූ කලී, ‘මම ම වීමි’යි, බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දක්වා වදාළ සේක.
සීලවීමංසජාතකවණ‍්ණනා දසමා.
කුටිදූසකවග‍්ගො තතියො.
තෙවන කුටිදූසක වර්ගය යි.