යෙදුමෙන් කියවන්න

9. කාළබාහුජාතකවණ‍්ණනා 329 අට‍්ඨකථා

9. කාළබාහුජාතකවණ‍්ණනා (329)

9. කාළබාහු ජාතකය (329)

යං අන‍්නපානස‍්සාති ඉදං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො හතලාභසක‍්කාරං දෙවදත‍්තං ආරබ‍්භ කථෙසි. දෙවදත‍්තෙන හි තථාගතෙ අට‍්ඨානකොපං බන්‍ධිත්‍වා ධනුග‍්ගහෙසු පයොජිතෙසු නාළාගිරිවිස‍්සජ‍්ජනෙන තස‍්ස දොසො පාකටො ජාතො. අථස‍්ස පට‍්ඨපිතානි ධුවභත‍්තාදීනි මනුස‍්සා න කරිංසු, රාජාපි නං න ඔලොකෙසි. සො හතලාභසක‍්කාරො කුලෙසු විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්තො විචරි. භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං “ආවුසො, දෙවදත‍්තො ‘ලාභසක‍්කාරං උප‍්පාදෙස‍්සාමී’ති උප‍්පන‍්නම‍්පි ථිරං කාතුං නාසක‍්ඛී”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපෙස හතලාභසක‍්කාරො අහොසී”ති වත්‍වා අතීතං ආහරි.

‘යං අන්නපාණස්ස’ යන මේ ගාථා කොටස අයත් වන ජාතක කථා ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, ලාභ සත්කාරයෙන් පිරිහුණු දෙව්දතුන් අරබයා දේශනා කොට වදාළ සේක. දෙව්දත් තෙරුන් විසින් කිසිදු හේතුවක් නැතිව, බුදුරජාණන් වහන්සේ කෙරෙහි වෛර බැඳ, දුනුවායන් යොදා, උන්වහන්සේ ඝාතනය කිරීමට ගත් උත්සාහයත්, ඒ සඳහාම නාළාගිරි ඇතු යෙදවීමෙන් සිදුකළ අපරාධයත්, ඉතා ප්‍රකටය. මේ හේතු නිසාම මිනිස්සු දෙව්දතුන්ට, එතෙක් කළ සියලු සත්කාර අත්හළහ. රජතුමා ද ඔහුගේ ඇසුර ප්‍රතික්‍ෂේප කෙළේය. ලාභ සත්කාරයෙන් පිරිහුණු දෙව්දත් තෙර, ඒ ඒ පවුල්වලට කල්තියා දැනුම් දී, දානය ඉල්ලාගෙන කෑමේ තත්ත්වයට වැටුණි. මේ සිද්ධිය භික්‍ෂූහු දම්සභාවේදී සාකච්ඡා කරමින් හුන්හ. එවිට එහි වැඩම කළ බුදුරජාණන් වහන්සේ, භික්‍ෂූන්ගෙන් ඔවුන් සාකච්ඡා කළ කරුණු ගැන විමසා සිටි සේක. එවිට ඒ භික්‍ෂූහු බුදුරදුන්ට උත්තර දෙමින් ‘හිමියනි, අලුතින් ලාභ ඉපදවීමට ගිය දෙව්දත් තෙර, එතෙක් ලැබූ ලාභද, නැතිකොට ගත්තේ යැ’යි පැවසූහ. එවිට බුදුරජාණන් වහන්සේ ‘මහණෙනි, දෙව්දතුන්ට මෙසේ වූ පළමු අවස්ථාව මෙය නොවේ. පෙර ද එසේ වී යැ’යි වදාරා නිදසුන් ලෙස මේ අතීත කථාව වදාළ සේක.

අතීතෙ බාරාණසියං ධනඤ‍්ජයෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො රාධො නාම සුකො අහොසි මහාසරීරො පරිපුණ‍්ණගත‍්තො, කනිට‍්ඨො පනස‍්ස පොට‍්ඨපාදො නාම. එකො ලුද‍්දකො තෙ ද‍්වෙපි ජනෙ බන්‍ධිත්‍වා නෙත්‍වා බාරාණසිරඤ‍්ඤො අදාසි. රාජා උභොපි තෙ සුවණ‍්ණපඤ‍්ජරෙ පක‍්ඛිපිත්‍වා සුවණ‍්ණතට‍්ටකෙන මධුලාජෙ ඛාදාපෙන‍්තො සක‍්ඛරොදකං පායෙන‍්තො පටිජග‍්ගි. සක‍්කාරො ච මහා අහොසි, ලාභග‍්ගයසග‍්ගප‍්පත‍්තා අහෙසුං. අථෙකො වනචරකො කාළබාහුං නාමෙකං මහාකාළමක‍්කටං ආනෙත්‍වා බාරාණසිරඤ‍්ඤො අදාසි. තස‍්ස පච‍්ඡා ආගතත‍්තා මහන‍්තතරො ලාභසක‍්කාරො අහොසි, සුකානං පරිහායි. බොධිසත‍්තො තාදිලක‍්ඛණයොගතො න කිඤ‍්චි ආහ, කනිට‍්ඨො පනස‍්ස තාදිලක‍්ඛණාභාවා තං මක‍්කටස‍්ස සක‍්කාරං අසහන‍්තො “භාතික, පුබ‍්බෙ ඉමස‍්මිං රාජකුලෙ සාධුරසඛාදනීයාදීනි අම‍්හාකමෙව දෙන‍්ති, ඉදානි පන මයං න ලභාම, කාළබාහුමක‍්කටස‍්සෙව දෙන‍්ති. මයං ධනඤ‍්ජයරඤ‍්ඤො සන‍්තිකා ලාභසක‍්කාරං අලභන‍්තා ඉමස‍්මිං ඨානෙ කිං කරිස‍්සාම, එහි අරඤ‍්ඤමෙව ගන‍්ත්‍වා වසිස‍්සාමා”ති තෙන සද‍්ධිං සල‍්ලපන‍්තො පඨමං ගාථමාහ –

පෙර බරණැස් නුවර ධනංජය රජු රාජ්‍යය කරවන කල්හි බෝසත් තෙමේ, ගිරවෙක්ව ඉපිද ‘රාධ’ නමින් ප්‍රකට විය. මහත් පිරිවර ඇති, පිරිපුන් සිරුරකින් හෙබි ඔහුට ‘පොට්ඨපාද’ නමින් බාල සොයුරෙක් ද විය. දිනක් එක් වැද්දෙක් ඉහත කී ගිරවු දෙදෙනා අල්ලාගෙන ගොස්, බරණැස් රජුට තෑගි කෙළේය. රජතුමා ගිරවුන් දෙදෙනාම එක් රන් කූඩුවෙක බහා, රන් තැටිවල මීපිඬු පුරවා, ඒවා කවමින්ද, සකුරු පැන් පොවමින්ද, ගිරවුන් දෙදෙනාට මහත් සේ සත්කාර කරමින්, පෝෂණය කෙළේය. මෙසේ ගිරවු දෙදෙනා මහත් වූ ලාභ සත්කාරයටද, ඉමහත් කීර්තියට ද පත්වූහ. මේ අතර වෙනත් වැද්දෙක් විශාල කළු වඳුරකු අල්ලාගෙන ඌට ‘කාළබාහු’ යන නම යොදා රජවාසලට ගෙනැවිත් රජුට තෑගි කෙළේය. පසුව පැමිණි නිසා, ඌට එනම් කාළබාහුට ලාභ සත්කාර වැඩිපුර ලැබුණි. ගිරවුන්ට තිබූ සැලකිල්ල ටිකෙන් ටික අඩු වී ගියේය. ‘තාදී’ (අටලෝ දහමින් කම්පා නොවන) ගුණයෙන් යුතු වූ බෝසත් තෙමේ, උපේක්‍ෂාවෙන්, කිසිත් නොකියා සියල්ල ඉවසා සිටියේය. එහෙත් ඔහුගේ බාල සොයුරා තාදී ගුණයෙහි නොපිහිටා සිටි බැවින්, වඳුරාගේ ඉසුරුමත් බව නො ඉවසමින්, සිය වැඩිමහල් සොයුරා අමතා, සොයුර, පෙර මේ රජමැදුරෙහි මිහිරි රසැති කෑම බීම ආදිය, අපටම ලැබුණි. දැන් දැන් ඒ සියල්ල කාළබාහුවා හිමිකර ගනියි. එසේ අපට ධනංජය රජුගෙන් සැලකිල්ල නොලැබෙන්නේ නම්, මෙහි හිඳීමෙන් පලක් නැත. එබැවින් අපි මෙතැනින් පිටව කැලයට ගොස් එහි සුවසේ වසමු’යි කියා, ඒ අදහස මෙසේ ගාථාවකින්ද පැවසීය.

“යං අන‍්නපානස‍්ස පුරෙ ලභාම, තං දානි සාඛමිගමෙව ගච‍්ඡති; ගච‍්ඡාම දානි වනමෙව රාධ, අසක‍්කතා චස‍්ම ධනඤ‍්ජයායා”ති.

යං අන්නපාණස්ස පුරෙ ලාභාම - තන්‍දානි සාඛා මිගමෙව ගච්ඡතී, ගච්ඡාමදානි වනමෙව රාධ - අසක්කතා වස්ම ධනඤ්ජයාති

පෙර අපි රජුගෙන් ආහාරපාන ලැබුවෙමු. ඒ සියල්ල දැන් වඳුරාට ලැබේ. රාධයිනි, ධනංජය රජුගේ සත්කාරයෙන් බැහැර වූ, අපි දැන් කැලයටම යමු.

තත්‍ථ යං අන‍්නපානස‍්සාති යං අන‍්නපානං අස‍්ස රඤ‍්ඤො සන‍්තිකා. උපයොගත්‍ථෙ වා සාමිවචනං. ධනඤ‍්ජයායාති කරණත්‍ථෙ සම‍්පදානවචනං, ධනඤ‍්ජයෙන. අසක‍්කතා චස‍්මාති අන‍්නපානං න ලභාම, ඉමිනා ච න සක‍්කතම‍්හාති අත්‍ථො.

මෙහි ‘යං අන්නපාණස්ස’ ‘යම් ආහාරපාන වර්ගයක් මේ රජුගේ සමීපයෙන් යනුවෙන් උපයෝග අර්ථයේ ස්වාමි විභක්තිය මෙහි යෙදී ඇත. ‘ධනංජයාය’ යනුවෙන්, කරණාර්ථයෙහි සම්ප්‍රදානය යෙදී ඇත. ‘ධනංජය රජ කරණකොට ගෙන’ යන අර්ථයි. ‘අසක්කතාචස්ම’ යනු ‘ආහාරපාන නොලබමු. මොහු විසින් සත්කාර නොකරන ලද්දෝ වෙමු’, යන අර්ථයි.

තං සුත්‍වා රාධො දුතියං ගාථමාහ –

මේ ඇසූ ‘රාධ’ සිය සොයුරාට මෙසේ කීය.

“ලාභො අලාභො යසො අයසො ච, නින්‍දා පසංසා ච සුඛඤ‍්ච දුක‍්ඛං; එතෙ අනිච‍්චා මනුජෙසු ධම‍්මා, මා සොචි කිං සොචසි පොට‍්ඨපාදා”ති.

2. ලාභ-අලාභ, අයස-යස, නින්දා-ප්‍රශංසා, සැප-දුක යන මේ ධර්මයෝ මිනිස් චර්යා විෂයෙහි අනිත්‍ය වෙති. පොට්ඨපාද, ශෝක නොකරව. කුමට දුක්වෙහිද?

තත්‍ථ යසොති ඉස‍්සරියපරිවාරො. අයසොති තස‍්සාභාවො. එතෙති එතෙ අට‍්ඨ ලොකධම‍්මා මනුජෙසු අනිච‍්චා, ලාභග‍්ගයසග‍්ගප‍්පත‍්තා හුත්‍වාපි අපරෙන සමයෙන අප‍්පලාභා අප‍්පසක‍්කාරා හොන‍්ති, නිච‍්චලාභිනො නාම න හොන‍්ති. යසාදීසුපි එසෙව නයො.

මෙහි ‘යසො’ යනු ‘ඉසුරුමත් බව හා පරිවාර සම්පත්තිය’යි. ‘අයසො’ යනු ‘එයින් තොර බව’යි. ‘එතෙ’ යනු ‘මේ අටලෝ දහම් යන අර්ථයි. ‘මනුජෙසු අනිච්චා’ යනු ‘උසස් ලාභයට හා යශසට හිමිව සිට පසුකලෙක අල්ප වූ ලාභ හා අල්ප වූ සත්කාර හිමිවීම’යි. හැම කල්හිම ලාභ ලබන්නෙක් නැත. යශස් ආදිය සම්බන්ධව ද ක්‍රමය. මෙසේමය.

තං සුත්‍වා පොට‍්ඨපාදො මක‍්කටෙ උසූයං අපනෙතුං අසක‍්කොන‍්තො තතියං ගාථමාහ –

ඒ ඇසූ ‘පොට්ඨපාද’ වඳුරා කෙරෙහි ඇතිකොට ගත්, ඊර්ෂ්‍යාව බැහැර කරගැනීමට, අපොහොසත්ව මෙසේ පැවසීය.

“අද‍්ධා තුවං පණ‍්ඩිතකොසි රාධ, ජානාසි අත්‍ථානි අනාගතානි; කථං නු සාඛාමිගං දක‍්ඛිසාම, නිද‍්ධාවිතං රාජකුලතොව ජම‍්ම”න‍්ති.

3. රාධයනි, අනාගත අර්ථයන් දන්නා වූ, ඔබ ඒකාන්තයෙන්ම පණ්ඩිතයෙකි. රජ පවුලෙන් නෙරපන ලද, හීන වූ වඳුරකු කෙසේ නම් දකින්නෙමුද?

තත්‍ථ කථං නූති කෙන නු ඛො උපායෙන. දක‍්ඛිසාමාති දක‍්ඛිස‍්සාම. නිද‍්ධාවිතන‍්ති නිවුට‍්ඨාපිතං නික‍්කඩ‍්ඪාපිතං. ජම‍්මන‍්ති ලාමකං.

මෙහි ‘කථං’ යනු ‘කවර නම් උපායකින්’, යන අර්ථයි. ‘දක්ඛිසාම’ යනු ‘දකින්නෙමුද’ යන අර්ථයි. ‘නිද්ධාපිතං’ යනු ‘ඉවත් කරන ලද, බැහැර කරන ලද’, යන තේරුමයි. ‘ජම්මං’ යනු ‘ලාමක’ යන අර්ථයි.

තං සුත්‍වා රාධො චතුත්‍ථං ගාථමාහ –

මේ ප්‍රකාශය අසා සිටි ‘රාධ’ මෙසේ පැවසීය.

“චාලෙති කණ‍්ණං භකුටිං කරොති, මුහුං මුහුං භායයතෙ කුමාරෙ; සයමෙව තං කාහති කාළබාහු, යෙනාරකා ඨස‍්සති අන‍්නපානා”ති.

4. ‘කාළ බාහු’ නම් වඳුරා කන් සැලීම ද, බැම හැකිලීම ද, රාජ කුමරුවන් බිය වැද්දීම ද කරයි. එබැවින් ආහාරපානවලින් ඈත්වීමේ ක්‍රියාවලිය ඌ ම කරයි.

තත්‍ථ භායයතෙ කුමාරෙති රාජකුමාරෙ උත්‍රාසෙති. යෙනාරකා ඨස‍්සති අන‍්නපානාති යෙන කාරණෙන ඉමම‍්හා අන‍්නපානා දූරෙ ඨස‍්සති, සයමෙව තං කාරණං කරිස‍්සති, මා ත්‍වං එතස‍්ස චින‍්තයීති අත්‍ථො.

මෙහි ‘භායයතෙ කුමාරෙ’ යනු ‘රාජ කුමරුවන් බියට පත් කරයි’, යන අර්ථයි. ‘යෙනාරකා ඨස්සති’ යනු ‘යම් කරුණෙකින් මොහුගෙන් ආහාරපාන දුරස් වේද, තමා ම ඒ කටයුත්ත කරන්නේය. නුඹ ඒ ගැන නො සිතව’, යන අදහසයි.

කාළබාහුපි කතිපාහෙනෙව රාජකුමාරානං පුරතො ඨත්‍වා කණ‍්ණචලනාදීනි කරොන‍්තො කුමාරෙ භායාපෙසි. තෙ භීතතසිතා විස‍්සරමකංසු. රාජා “කිං එත”න‍්ති පුච‍්ඡිත්‍වා තමත්‍ථං සුත්‍වා “නික‍්කඩ‍්ඪථ න”න‍්ති මක‍්කටං නික‍්කඩ‍්ඪාපෙසි. සුකානං ලාභසක‍්කාරො පුන පාකතිකො අහොසි.

කාළබාහුවා ද වැඩි දවසක් යන්නට පෙර, කන් සෙලවීම් ආදියෙන් රාජ කුමාරවරුන් බිය ගැන්වීය. බියට පත් රාජ කුමාරවරු අසරණව මහ හඬින් කෑ ගැසූහ. එවිට රජතුමා, ‘ඒ කිමෙක්දැ’යි, රාජ පුරුෂයන්ගෙන් කරුණු විමසා බලා දැන, ‘වහා ම වඳුරා මාලිගයෙන් ඉවත් කරවු’ යැයි, රාජ පුරුෂයන්ට අණ කෙළේය. මෙසේ වැඩිකල් නොයාදීම වඳුරා ලාභ සත්කාරයෙන් පිරිහුණි. ඒත් එක්කම ගිරවුන්ට නැවත මහත් සත්කාර ලැබෙන්නට පටන් ගත්තේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා කාළබාහු දෙවදත‍්තො අහොසි, පොට‍්ඨපාදො ආනන්‍දො, රාධො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. එදා ‘කාළබාහු’ නම් වඳුරා, අද දේවදත්තය. පොට්ඨපාද නම් වූ ගිරවා, ආනන්ද තෙරණුවෝය. ‘රාධ’ වූ කලී, ‘මම ම වීමි’යි, බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.

කාළබාහුජාතකවණ‍්ණනා නවමා.