යෙදුමෙන් කියවන්න

8. අනනුසොචියජාතකවණ‍්ණනා 328 අට‍්ඨකථා

8. අනනුසොචියජාතකවණ‍්ණනා (328)

8. අනනුසොචිය ජාතකය (328)

බහූනං විජ‍්ජතී භොතීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං මතභරියං කුටුම‍්බිකං ආරබ‍්භ කථෙසි. සො කිර භරියාය මතාය න න‍්හායි න පිවි න ලිම‍්පි න භුඤ‍්ජි, න කම‍්මන‍්තෙ පයොජෙසි, අඤ‍්ඤදත්‍ථු සොකාභිභූතො ආළාහනං ගන‍්ත්‍වා පරිදෙවමානො විචරි. අබ‍්භන‍්තරෙ පනස‍්ස කුටෙ පදීපො විය සොතාපත‍්තිමග‍්ගස‍්ස උපනිස‍්සයො ජලති. සත්‍ථා පච‍්චූසසමයෙ ලොකං ඔලොකෙන‍්තො තං දිස‍්වා “ඉමස‍්ස මං ඨපෙත්‍වා අඤ‍්ඤො කොචි සොකං නීහරිත්‍වා සොතාපත‍්තිමග‍්ගස‍්ස දායකො නත්‍ථි, භවිස‍්සාමිස‍්ස අවස‍්සයො”ති පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො පච‍්ඡාසමණං ආදාය තස‍්ස ගෙහද‍්වාරං ගන‍්ත්‍වා කුටුම‍්බිකෙන සුතාගමනො කතපච‍්චුග‍්ගමනාදිසක‍්කාරො පඤ‍්ඤත‍්තාසනෙ නිසින‍්නො කුටුම‍්බිකං ආගන‍්ත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසින‍්නං “කිං, උපාසක, චින‍්තෙසී”ති පුච‍්ඡිත්‍වා “ආම, භන‍්තෙ, භරියා මෙ කාලකතා, තමහං අනුසොචන‍්තො චින‍්තෙමී”ති වුත‍්තෙ “උපාසක, භිජ‍්ජනධම‍්මං නාම භිජ‍්ජති, තස‍්මිං භින‍්නෙ න යුත‍්තං චින‍්තෙතුං, පොරාණකපණ‍්ඩිතාපි භරියාය මතාය ‘භිජ‍්ජනධම‍්මං භිජ‍්ජතී’ති න චින‍්තයිංසූ”ති වත්‍වා තෙන යාචිතො අතීතං ආහරි. අතීතවත්‍ථු දසකනිපාතෙ චූළබොධිජාතකෙ (ජා· 1.10.49 ආදයො) ආවි භවිස‍්සති, අයං පනෙත්‍ථ සඞ‍්ඛෙපො.

‘බහූනං විජ්ජති භොති’ යන මේ ගාථා කොටස අයත් ජාතක ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, බිරිය මළ, එක් කෙළෙඹි පුත්‍රයකු අරබයා වදාළ සේක. ඒ කෙළෙඹි පුත්‍රයා සිය බිරිය මළ දා සිට නො නායි, අනුභව නොකරයි. සිය කර්මාන්තයද අත්හළේය. මුළුමනින්ම ශෝකී ජීවිතයක් ගත කළ ඔහු, ඇගේ සොහොනට ගොස්, වැලපෙමින් කාලය ගතකරයි. එහෙත් ඈත කඳු මුදුනක දිලෙන පහනක් මෙන්, ඔහු තුළ සෝවාන් වීමට තරම් වූ පෙර කළ පිනක් තිබුණි. බුදුරජාණන් වහන්සේ අලුයම ලොව බලා වදාරන සේක්, ඔහුගේ පින් ඵල දැක, ‘මොහුගේ ශෝකය දුරුකොට සෝවාන් ඵලය ලබාදීමට, මා හැර අන් කෙනකු නැතැ’යි, සලකා ‘ඔහුට පිහිට වන්නෙමැ’යි සිතා, එය අත්‍යවශ්‍ය කාරණයක් සේ සලකා, සවස් වරුවෙහි තවත් තෙර කෙනකුන් සමග, කෙළෙඹි පුත්‍රයාගේ නිවෙස වෙත වැඩි සේක. කෙළෙඹි පුත්‍රයා බුදුරජාණන් වහන්සේ වැඩි බව අසා, වහා පෙර ගමන් ගොස්, සියලු සත්කාර සම්මාන දක්වා, අසුනක් පනවා බුදුරජාණන් වහන්සේ එහි වඩා හිඳුවා, තෙමේද එකත්පස්ව හිඳ ගත්තේය. එවිට බුදුරජාණන් වහන්සේ ඔහු අමතා මෙසේ කී සේක. ‘උපාසකය, ඔබගේ චිත්ත පීඩාව කුමක් නිසා හට ගත්තක් ද?’ ‘ස්වාමීනි, මගේ බිරිය මළාය, ඈ ගැන සිහි කෙරෙමින් ශෝක කෙරෙමි’. ‘උපාසකය, බිඳෙන දේවල් කවදා නමුත් බිඳේ. එසේ ඒවා බිඳුණු කල්හි, ඒ ගැන කිසිත් නොසිතිය යුතුය, පෙර පඬිවරු ද එසේ කළහ’යි, වදාළ සේක. මේ අතීත කථා වස්තුව, දස වැනි නිපාතයෙහි ‘චුල්ල බෝධි’ ජාතකයෙහි, විස්තර වන්නේය. මේ එහි කෙටි විස්තරයකි.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො තක‍්කසිලායං සබ‍්බසිප‍්පානි උග‍්ගණ‍්හිත්‍වා මාතාපිතූනං සන‍්තිකං අගමාසි. ඉමස‍්මිං ජාතකෙ බොධිසත‍්තො කොමාරබ්‍රහ‍්මචාරී අහොසි. අථස‍්ස මාතාපිතරො “තව දාරිකපරියෙසනං කරොමා”ති ආරොචයිංසු. බොධිසත‍්තො “න මය‍්හං ඝරාවාසෙනත්‍ථො, අහං තුම‍්හාකං අච‍්චයෙන පබ‍්බජිස‍්සාමී”ති වත්‍වා තෙහි පුනප‍්පුනං යාචිතො එකං කඤ‍්චනරූපකං කාරෙත්‍වා “එවරූපං කුමාරිකං ලභමානො ගණ‍්හිස‍්සාමී”ති ආහ. තස‍්ස මාතාපිතරො තං කඤ‍්චනරූපකං පටිච‍්ඡන‍්නයානෙ ආරොපෙත්‍වා “ගච‍්ඡථ ජම‍්බුදීපතලං විචරන‍්තා යත්‍ථ එවරූපං බ්‍රාහ‍්මණකුමාරිකං පස‍්සථ, තත්‍ථ ඉමං කඤ‍්චනරූපකං දත්‍වා තං ආනෙථා”ති මහන‍්තෙන පරිවාරෙන මනුස‍්සෙ පෙසෙසුං.

අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ බමුණු කුලයක ඉපිද නිසි වියට එළඹ තක්ෂිලාවට ගොස් එහිදී සියලු ශිල්ප මනාව උගෙන, පෙරළා මවුපියන් වෙත පැමිණියේය. මේ ජාතකයෙහි බෝසත් තෙමේ කුමර බඹසර රකින්නෙකි. දිනක් බෝසතුන්ගේ මවුපියෝ තම පුතුට කාර බැඳීම සඳහා ඊට සුදුසු තරුණියක සොයන්නට තීරණය කළහ. එවිට බෝසත් තෙමේ සිය මවුපියන්ට කථා කොට, තමා තුළ විවාහ වීමේ අදහසක් හෝ, ගිහිගෙයි විසීමේ අදහසක් හෝ නොමැති බවත්, මව්පියන් නැතිකලෙක පැවිදි වන්නට අදහස් කරන බවත්, එකහෙළා කියා සිටියේය. පසුව මව්පියන්ගෙන් බේරෙන්නට බැරිම තැන, රනින් තරුණ ස්ත්‍රී රූපයක් මැනවින් කරවා ‘මෙවැනි කුමාරිකාවක ලැබුණොත් ඇය හා විවාහ වන්නෙමි’ යි බෝසත් තෙමේ පැවසීය. මෙය ඔහු සිය විවාහය නොකෙරෙන්නට යෙදූ උපායකි. එහෙත් බෝසතුන්ගේ දෙමාපියෝ, ඉහත කී රන්රුව ආවරණය කළ රථයක නංවා, එය රැගෙන යනු පිණිස පිරිසක් ද යොදා ඔවුන් අමතා ‘තෙපි මුළු දඹදිව පුරා මෙය රැගෙන යවු, මිනිසුන් රැස්ව සිටින තැන්වල රන් රුව ප්‍රදර්ශනය කරවු. යම් තැනක දී මේ රන්රුව හා සමාන බ්‍රාහ්මණ කුමරියක දුටුවොත්, මේ රන් රුව ඇයගේ දෙමාපියන්ට තෑගි කොට, ඇය කැඳවාගෙන එවු’යි, කියා මහත් පිරිවරක් සහිතව රථය පිටත්කොට යැවූහ.

තස‍්මිං පන කාලෙ එකො පුඤ‍්ඤවා සත‍්තො බ්‍රහ‍්මලොකතො චවිත්‍වා කාසිරට‍්ඨෙයෙව නිගමගාමෙ අසීතිකොටිවිභවස‍්ස බ්‍රාහ‍්මණස‍්ස ගෙහෙ කුමාරිකා හුත්‍වා නිබ‍්බත‍්ති, “සම‍්මිල‍්ලහාසිනී”තිස‍්සා නාමං අකංසු. සා සොළසවස‍්සකාලෙ අභිරූපා අහොසි පාසාදිකා දෙවච‍්ඡරප‍්පටිභාගා සබ‍්බඞ‍්ගසම‍්පන‍්නා. තස‍්සාපි කිලෙසවසෙන චිත‍්තං නාම න උප‍්පන‍්නපුබ‍්බං, අච‍්චන‍්තබ්‍රහ‍්මචාරිනී අහොසි. කඤ‍්චනරූපකං ආදාය විචරන‍්තා මනුස‍්සා තං ගාමං පාපුණිංසු. තත්‍ථ මනුස‍්සා තං දිස‍්වා “අසුකබ්‍රාහ‍්මණස‍්ස ධීතා සම‍්මිල‍්ලහාසිනී කිංකාරණා ඉධ ඨිතා”ති ආහංසු. මනුස‍්සා තං සුත්‍වා බ්‍රාහ‍්මණකුලං ගන‍්ත්‍වා සම‍්මිල‍්ලහාසිනිං වාරෙසුං. සා “අහං තුම‍්හාකං අච‍්චයෙන පබ‍්බජිස‍්සාමි, න මෙ ඝරාවාසෙනත්‍ථො”ති මාතාපිතූනං සාසනං පෙසෙසි. තෙ “කිං කරොසි කුමාරිකෙ”ති වත්‍වා කඤ‍්චනරූපකං ගහෙත්‍වා තං මහන‍්තෙන පරිවාරෙන පෙසයිංසු. බොධිසත‍්තස‍්ස ච සම‍්මිල‍්ලහාසිනියා ච උභින‍්නම‍්පි අනිච‍්ඡන‍්තානඤ‍්ඤෙව මඞ‍්ගලං කරිංසු. තෙ එකගබ‍්භෙ වසමානා එකස‍්මිං සයනෙ සයන‍්තාපි න අඤ‍්ඤමඤ‍්ඤං කිලෙසවසෙන ඔලොකයිංසු, ද‍්වෙ භික‍්ඛූ ද‍්වෙ බ්‍රාහ‍්මානො විය ච එකස‍්මිං ඨානෙ වසිංසු.

මෙකල කසී රට නියම්ගමෙක අසූ කෙළක් ධනය ඇති, එක් බ්‍රාහ්මණ පවුලක සම්මිල්ල භාසිනී නම් වූ දූ කුමාරිකාවක් වූවාය. ඇය බඹලොවින් චුතව විත්, මෙහි ඉපිද සිටි පින්වත් තැනැත්තියකි. වයස සොළොසක් වනවිටදී, ඇය ඉතා රූමත්, ප්‍රසාදය ඇති කරවන සුලු, මනා වූ අඟපසඟින් සම්පූර්ණ, දිව්‍ය අප්සරාවක බඳු රූප සම්පත්තියෙන් යුක්ත වූවාය. එහෙත් අල්ප මාත්‍රයකින්වත්, රාගික සිතක් කිසිදා ඇතිකොට නොගත් ඈ, බ්‍රහ්මචාරී දිවිපෙවෙතක් ගත කළාය. මේ අතර රන්රුව රැගෙන ගමින්ම යන පිරිස, ‘සම්මිල්ල භාසිනී’ වෙසෙන ගමට අනුක්‍රමයෙන් පැමිණියහ. එහිදී ගම්වැසියෝ රන් රුව දැක, ‘සම්මිල්ල භාසිනී’ කුමරිය මේ රථයෙහි කුමක් කෙරේදැ’යි පුදුමයට පත්ව, ඒ ගැන අවට සිටි අයගෙන් ප්‍රශ්න කළහ. මේ ඇසූ, රථය ගෙන ආ නියෝජිත පිරිස, ඒ මිනිසුන්ගෙන් කුමරිය සම්බන්ධයෙන් විස්තර අසා දැන, ඒ නිවෙසට ගොස්, සියලු විස්තර ඔවුන්ට කියා, රන් රුව ඔවුන්ට දී, කුමාරිකාව ඉල්ලූහ. එවිට කුමරිය මව්පියන් අමතා, තමා කිසිදා විවාහය අපේක්‍ෂා නොකළ බවත්, දෙමාපියන් නැති කලෙක, පැවිදි වීමට සිතා සිටි බවත්, පැවසුවාය. ‘අප නැති කල, නුඹ තනිවම කුමක් කරන්නදැ’යි, කියා ඇයගේ දෙමාපියෝ ඇගේ එම අදහස තරයේ ප්‍රතික්‍ෂේප කළහ. එසේ කොට රන්රුව පිළිගෙන, කුමරිය පෙරහැරකින් කැඳවා ගෙනගොස්, මඟල් උත්සව සිදුකොට, ‘සම්මිල්ල භාසිනිය’ගේ අකමැත්තෙන්ම, ඇය බෝසතුන්ට විවාහ කොට දුන්හ. මෙසේ විවාහ දිවියට පත්වූ ඉහත කී දම්පති යුවල, එකම යහන් ගැබක, එකම යහනක සැතපුන ද රාගික හැඟීමකින්වත් ඔවුනොවුන් දෙස, කිසිදිනෙක නොබැලූහ. එක් කාමරයක වෙසෙන භික්‍ෂූණ් දෙනමක මෙන් ද, බමුණන් දෙදෙනකු මෙන් ද, ඔවුහු දෙදෙනා එක තැන, වාසය කළහ.

අපරභාගෙ බොධිසත‍්තස‍්ස මාතාපිතරො කාලමකංසු. සො තෙසං සරීරකිච‍්චං කත්‍වා සම‍්මිල‍්ලහාසිනිං පක‍්කොසාපෙත්‍වා “භද‍්දෙ, මම කුලසන‍්තකා අසීතිකොටියො, තව කුලසන‍්තකා අසීතිකොටියොති ඉමං එත‍්තකං ධනං ගහෙත්‍වා ඉමං කුටුම‍්බං පටිපජ‍්ජාහි, අහං පබ‍්බජිස‍්සාමී”ති ආහ. “අය්‍යපුත‍්ත, තයි පබ‍්බජන‍්තෙ අහම‍්පි පබ‍්බජිස‍්සාමි, න සක‍්කොමි තං ජහිතු”න‍්ති . “තෙන හි එහී”ති සබ‍්බං ධනං දානමුඛෙ විස‍්සජ‍්ජෙත්‍වා ඛෙළපිණ‍්ඩං විය සම‍්පත‍්තිං පහාය හිමවන‍්තං පවිසිත්‍වා උභොපි තාපසපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා වනමූලඵලාහාරා තත්‍ථ චිරං වසිත්‍වා ලොණම‍්බිලසෙවනත්‍ථාය හිමවන‍්තා ඔතරිත්‍වා අනුපුබ‍්බෙන බාරාණසිං පත්‍වා රාජුය්‍යානෙ වසිංසු.

පසු කලෙක බෝසතුන්ගේ මව්පියවරු කලුරිය කළහ. බෝසත් තෙමේ ඔවුන්ගේ අවසන් කටයුතු සිදුකොට, සම්මිල්ල භාසිනිය ළඟට කැඳවා, ‘සොඳුර, මේ ගෙදර මට අයත් රන් මිල කෝටි අසූවක් ද, ඔබ මෙහි ගෙනා කෝටි අසූවක් දැයි යන මේ මෙපමණ වූ ධනය, සියල්ලම දැන් ඔබටම භාරය. මේවා ඇතුළු මට අයත් සෙසු සියල්ලම අදින් පසු ඔබටම අයත්ය. ඒවා ඔබ කැමති ලෙස පරිහරණය කරනු මැනවි, මම පැවිදි වන්නෙමි’යි කීය. එවිට කුමරිය ‘ආර්ය පුත්‍රය, ඔබ පැවිදි වූ කල්හි, මෙහි ජීවත් වීමෙන් මට පලක් නැත. ඔබ අතහැර දැමීමට ද මට නොහැකිය. ඔබතුමා පැවිදි වන්නේ නම්, මම ද පැවිදි වන්නෙමි’යි කීවාය. පසුව මේ දෙදෙනා ම එකතුව අලුයම වූ කෙළපිඩක් මෙන් සලකා තම සියලු ධනය දන් දී, සෙසු සියලු සම්පත් හැර දමා, හිමාලයට පිවිස දෙදෙනාම, තවුස් පැවිද්දෙන් පැවිදි වී, වන පලවැල හා අල වර්ග අනුභව කරමින්, එහි බොහෝ කලක් වැස ලුණු-ඇඹුල් සේවනය කිරීම පිණිස, හිමවතින් බැස අවුත්, අනුපිළිවෙලින් බරණැසට ළඟාවූවාහු රාජකීය උයනෙහි ලැගුම් ගත්හ.

තෙසං තත්‍ථ වසන‍්තානං සුඛුමාලාය පරිබ‍්බාජිකාය නිරොජං මිස‍්සකභත‍්තං පරිභුඤ‍්ජන‍්තියා ලොහිතපක‍්ඛන්‍දිකාබාධො උප‍්පජ‍්ජි. සා සප‍්පායභෙසජ‍්ජං අලභමානා දුබ‍්බලා අහොසි. බොධිසත‍්තො භික‍්ඛාචාරවෙලාය තං පරිග‍්ගහෙත්‍වා නගරද‍්වාරං නෙත්‍වා එකිස‍්සා සාලාය ඵලකෙ නිපජ‍්ජාපෙත්‍වා සයං භික‍්ඛාය පාවිසි. සා තස‍්මිං අනික‍්ඛන‍්තෙයෙව කාලමකාසි. මහාජනො පරිබ‍්බාජිකාය රූපසම‍්පත‍්තිං දිස‍්වා පරිවාරෙත්‍වා රොදති පරිදෙවති. බොධිසත‍්තො භික‍්ඛං චරිත්‍වා ආගතො තස‍්සා මතභාවං ඤත්‍වා “භිජ‍්ජනධම‍්මං භිජ‍්ජති, සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා එවංගතිකායෙවා”ති වත්‍වා තාය නිපන‍්නඵලකෙයෙව නිසීදිත්‍වා මිස‍්සකභොජනං භුඤ‍්ජිත්‍වා මුඛං වික‍්ඛාලෙසි. පරිවාරෙත්‍වා ඨිතමහාජනො “අයං තෙ, භන‍්තෙ, පරිබ‍්බාජිකා කිං හොතී”ති පුච‍්ඡි. “ගිහිකාලෙ මෙ පාදපරිචාරිකා අහොසී”ති. “භන‍්තෙ, මයං තාව න සණ‍්ඨාම රොදාම පරිදෙවාම, තුම‍්හෙ කස‍්මා න රොදථා”ති? බොධිසත‍්තො “ජීවමානා තාව එසා මම කිඤ‍්චි හොති, ඉදානි පරලොකසමඞ‍්ගිතාය න කිඤ‍්චි හොති, මරණවසං ගතා, අහං කිස‍්ස රොදාමී”ති මහාජනස‍්ස ධම‍්මං දෙසෙන‍්තො ඉමා ගාථා අභාසි –

ඔවුන් එහි වෙසෙන අතරතුරේදී, දිනක් නිසරු ආහාර නිසාම, සියුමැලි පරිබ්‍රාජිකාවට ‘ලේ අතීසාරය’ නම් වූ දරුණු රෝගයක් වැළඳුණි. රෝගයට ගැළපෙන නිසි බෙහෙත්, නොලැබීම නිසා ඇය, අතිශයින් දුර්වල වූවාය. එදින බෝසත් තෙමේ පිඬු පිණිස පිටත් වීමට සූදානම් වූ අසනීප තැනැත්තිය තනිකර ද, යා නොහැකි බැවින්, ඇයද වත්තන් කොට ගෙන නුවර දොරටුව දක්වා කැටුව ගොස්, කිසියම් ශාලාවක තිබූ ලෑල්ලක් මත, ඇය හොවා තබා තනිවම, පිඬු පිණිස නුවර පිවිසියෝය. ඔහු ඉහත කී ශාලාවෙන් නික්මෙනවාත් සමගම, ඇය කලුරිය කළාය. මෙය සැළ වූ වහාම මහජනයා එතැනට රැස් විය. ඔවුහු පරිබ්‍රාජිකාවගේ අසමාන රූ සිරි දැක වටකොට ගෙන හඬන්නට වැලපෙන්නට වූහ. මේ අතර බෝසත් තෙමේ, පිණ්ඩපාතය ද ගෙන, ආපසු ශාලාවට පැමිණියේය. එහිදී පරිබ්‍රාජිකාව මළ බව දැක, ‘බිඳෙන සැම දේ කවදා නමුත් බිඳේ. සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය වෙති. මෙය ඒ ස්වභාව ධර්මයේ ප්‍රතිඵලයකැ’යි සිතා, මළ සිරුර තිබූ ලෑල්ල මත ම පැත්තකින් වාඩි වී පිණ්ඩපාතය අනුභව කොට, සිය මුව ද සෝදා ගත්තේය. මේ දුටු මහජනයා ‘ස්වාමීනි, මේ පරිබ්‍රාජිකාව ඔබගේ කවරියක්දැ’යි, බෝසතුන්ගෙන් විමසීය. ‘ඇය මාගේ ගිහි කල බිරිය’යි. ‘ස්වාමීනි, අපට ද මේ මරණය ඉවසිය නොහැකිය. එබැවින් අපි හඬමු. වැලපෙමු. එහෙත් ඔබතුමා කුමක් නිසා නොහඬා හිඳීද?’ ‘පින්වතුනි, ජීවමාන කාලයේ ඇය හා සම්බන්ධයක් තිබුණු මුත් පරලොව ගිය ඇය හා මාගේ කිසිදු සම්බන්ධයක් නැත. ඇය වෙනත් ලොවකට ගියාය. ඉතින් මම කුමට හඬම්දැ’යි, බෝසත් තෙමේ රැස්ව සිටි පිරිසට දහම් දෙසමින් මෙසේද පැවසීය.

“බහූනං විජ‍්ජතී භොතී, තෙහි මෙ කිං භවිස‍්සති; තස‍්මා එතං න සොචාමි, පියං සම‍්මිල‍්ලහාසිනිං.

බහූනං විජ්ජති හොති - තෙහි මෙ කිං භවිස්සති, තස්මා එවං නසොචාමි - පියං සම්මිල්ලභාසිනිං

ඒ පින්වතිය, දැන් මළවුන් අතරය. මියගිය අය සමග මට කුමන සම්බන්ධයක්ද? එබැවින් ප්‍රිය වූ ඒ ‘සම්මිල්ල භාසිනී’ ගැන ශෝක නොකරමි.

“තං තං චෙ අනුසොචෙය්‍ය, යං යං තස‍්ස න විජ‍්ජති; අත‍්තානමනුසොචෙය්‍ය, සදා මච‍්චුවසං පතං.

2. යම් යම් දෑ තමාට අහිමි වීද? ඒ ඒ ගැන සිතා, ශෝක කරන්නේ ය. මුළුමනින් මාරයාගේ වසඟයට නතු වූ මා ගැන, මම ශෝක කරන්නෙමි.

“න හෙව ඨිතං නාසීනං, න සයානං න පද‍්ධගුං; යාව බ්‍යාති නිමිසති, තත්‍රාපි රසතී වයො.

3. සිටියකු, හුන්නකු, නිදාගත්තකු, වැදහොත්තකු නැත. ඇසිපිය හෙළන ඇසිල්ලේ පවා, වයස ගෙවී යයි.

“තත්‍ථත‍්තනි වතප‍්පද‍්ධෙ, විනාභාවෙ අසංසයෙ; භූතං සෙසං දයිතබ‍්බං, වීතං අනනුසොචිය”න‍්ති.

4. එහි ලා තමා ස්ථිර ලෙස ආයු ගෙවා දැමීමෙහි යෙදී සිටි කල්හි, වෙන්වීම නිසැක කල්හී, ඇති දේට දයාව දැක්විය යුතුය. මළවුන් ගැන ශෝක නොකළ යුතුය.

තත්‍ථ බහූනං විජ‍්ජතී භොතීති අයං භොතී අම‍්හෙ ඡඩ‍්ඩෙත්‍වා ඉදානි අඤ‍්ඤෙසං බහූනං මතකසත‍්තානං අන‍්තරෙ විජ‍්ජති අත්‍ථි උපලබ‍්භති. තෙහි මෙ කිං භවිස‍්සතීති තෙහි මතකසත‍්තෙහි සද‍්ධිං වත‍්තමානා ඉදානෙවෙසා මය‍්හං කිං භවිස‍්සති , තෙහි වා මතකසත‍්තෙහි අතිරෙකසම‍්බන්‍ධවසෙනෙසා මය‍්හං කිං භවිස‍්සති, කා නාම භවිස‍්සති, කිං භරියා, උදාහු භගිනීති? “තෙහි මෙක”න‍්තිපි පාඨො, තෙහි මතකෙහි සද‍්ධිං ඉදම‍්පි මෙ කළෙවරං එකං භවිස‍්සතීති අත්‍ථො. තස‍්මාති යස‍්මා එසා මතකෙසු සඞ‍්ඛං ගතා, මය‍්හං සා න කිඤ‍්චි හොති, තස‍්මා එතං න සොචාමි.

මෙහි ‘බහූනං විජ්ජති’ යනු ‘මේ පිනැත්තිය අප හැර දමා, වෙනත් බොහෝ වූ මළවුන් අතරට එක් වූවාය. එහි දක්නට ඇත. එහි දක්නට ලැබේ’ යන අර්ථයි. ‘තෙහි මෙ කිං භවිස්සති’ යනු ‘ඒ මළවුන් සමග වසන ඇය හා මා අතර දැන් කුමන සම්බන්ධයක් නම්, වන්නේද? මළවුන් සමග වැඩිපුර සබඳකම් පවත්වන්නියක වශයෙන් ඇය මට කවර නම්, පිටුබලයක් වන්නීද? දැන් ඇය මාගේ කවුද? බිරියද? නැතහොත් සොහොයුරියද?’ යන අර්ථයි. ‘තෙහි මෙකං’ යනුවෙන් ද පාඨයක් වේ. ‘ඒ මළවුන් සහ මේ සිරුරත්, මට එකක්ම වන්නේය’ යන අර්ථයි. ‘තස්මා’ යනු ‘යම් හෙයකින් මළවුන් අතරට එක්වූ ඇය, මාගේ කවරියක හෝ නොවේද? එබැවින් ඈ ගැන ශෝක නොකරමි’ යන අර්ථයි.

යං යං තස‍්සාති යං යං තස‍්ස අනුසොචනකස‍්ස සත‍්තස‍්ස න විජ‍්ජති නත්‍ථි, මතං නිරුද‍්ධං, තං තං සචෙ අනුසොචෙය්‍යාති අත්‍ථො. “යස‍්සා”තිපි පාඨො, යං යං යස‍්ස න විජ‍්ජති, තං තං සො අනුසොචෙය්‍යාති අත්‍ථො. මච‍්චුවසං පතන‍්ති එවං සන‍්තෙ නිච‍්චං මච‍්චුවසං පතන‍්තං ගච‍්ඡන‍්තං අත‍්තානමෙව අනුසොචෙය්‍ය, තෙනස‍්ස අසොචනකාලොයෙව න භවෙය්‍යාති අත්‍ථො.

‘යං යං තස්ස’ යනු ‘ඈ ගැන ශෝක වන අයට, යම් යම් සබඳතා ඇති බවක් නොපෙනේ. එබන්දක් නැත. එහෙත් ජනයා ඒකාන්ත වශයෙන් ප්‍රාණය නිරුද්ධ වූ ඇගේ, ඒ ඒ අංගයන් අනුව ශෝක කරන්නේය’, යන අර්ථයි. ‘යස්ස’ යනුවෙන් ද පාඨයක් ඇත. ‘යමකුට යම් යම් දෑ පෙනේද? ඒ අනුව ඔහු ශෝක කරන්නේය’ යන අර්ථයි. ‘මච්චුවසං පත්තං’ යනු ‘එසේ ඇති කල්හි, නිරතුරු මාරයාගේ වසඟයට යන්නා වූ ද, ගියා වූ ද, තමා ගැන ම ශෝක කරන්නේය. ඒ හේතුවෙන් ඔහුට ශෝක නොකරන කාලයක් නොවන්නේය’ යන අර්ථයි.

තතියගාථාය න හෙව ඨිතං නාසීනං, න සයානං න පද‍්ධගුන‍්ති කඤ‍්චි සත‍්තං ආයුසඞ‍්ඛාරො අනුගච‍්ඡතීති පාඨසෙසො. තත්‍ථ පද‍්ධගුන‍්ති පරිවත‍්තෙත්‍වා චරමානං. ඉදං වුත‍්තං හොති – ඉමෙ සත‍්තා චතූසුපි ඉරියාපථෙසු පමත‍්තා විහරන‍්ති, ආයුසඞ‍්ඛාරා පන රත‍්තිඤ‍්ච දිවා ච සබ‍්බිරියාපථෙසු අප‍්පමත‍්තා අත‍්තනො ඛයගමනකම‍්මමෙව කරොන‍්තීති. යාව බ්‍යාතීති යාව උම‍්මිසති. අයඤ‍්හි තස‍්මිං කාලෙ වොහාරො. ඉදං වුත‍්තං හොති – යාව උම‍්මිසති ච නිමිසති ච, තත්‍රාපි එවං අප‍්පමත‍්තකෙ කාලෙ ඉමෙසං සත‍්තානං රසතී වයො, තීසු වයෙසු සො සො වයො හායතෙව න වඩ‍්ඪතීති.

තෙවන ගාථාවෙහි ‘න හෙව ඨිතං නාසීනං න සයානං න පද්ධගුං’ ‘ආයු සංස්කාරය, කිසියම් සතකු අනුගමනය කරන්නේය’, යනු පාඨයේම කොටසකි. එහි ‘පද්ධගුං’ යනු ‘බිම පෙරළෙමින් වැද හොත්තකු, යන අර්ථයි. මින් කියන ලද්දේ මේ අර්ථයයි. එනම් ‘මේ සත්ත්වයෝ සිටි ඉරියව්හි ප්‍රමාදව වෙසෙති. ආයු සංස්කාරයෝ වනාහී, දිවා රෑ දෙක්හි සියලු ඉරියව්හි අප්‍රමාදීව ස්වකීය ක්‍ෂය වීමේ කාර්යයෙහි නිරතව ක්‍රියා කෙරෙති’ යන අර්ථයි. ‘යාවපාති නිම්මිසති’ යනු ‘මේ වූ කලී එකල ව්‍යවහාර ක්‍රමයයි. මින් කියන ලද්දේ මේ අදහසයි. යම් විටෙක ඇස් හරීද? ඇස් වසාද? ඒ ක්‍රියාව තුළද මෙසේ අල්පමාත්‍ර කාලයක වයස් ගතවීමක් වේ. වයස් තුන අතුරෙන්, ඒ ඒ වයස පිරිහෙනු මිස නොවැඩේ’, යන අර්ථයි.

තත්‍ථත‍්තනි වතප‍්පද‍්ධෙති තත්‍ථ වත අත‍්තනි පද‍්ධෙ. ඉදං වුත‍්තං හොති තස‍්මිං වත එවං රසමානෙ වයෙ අයං “අත‍්තා”ති සඞ‍්ඛ්‍යං ගතො අත‍්තභාවො පද‍්ධො හොති, වයෙන අඩ‍්ඪො උපඩ‍්ඪො අපරිපුණ‍්ණොව හොති . එවං තත්‍ථ ඉමස‍්මිං අත‍්තනි පද‍්ධෙ යො චෙස තත්‍ථ තත්‍ථ නිබ‍්බත‍්තානං සත‍්තානං විනාභාවො අසංසයො, තස‍්මිං විනාභාවෙපි අසංසයෙ නිස‍්සංසයෙ යං භූතං සෙසං අමතං ජීවමානං, තං ජීවමානමෙව දයිතබ‍්බං පියායිතබ‍්බං මෙත‍්තායිතබ‍්බං, “අයං සත‍්තො අරොගො හොතු අබ්‍යාපජ‍්ජො”ති එවං තස‍්මිං මෙත‍්තාභාවනා කාතබ‍්බා. යං පනෙතං වීතං විගතං මතං, තං අනනුසොචියං න අනුසොචිතබ‍්බන‍්ති.

‘තත්‍ථත්තනි වතප්පද්ධො’ යනු ‘එහි දී, ඒකාන්තයෙන් සිය ආයු විඳින කල්හි’ යන අර්ථයි. ඒ මෙසේද කියන ලදි. ‘ඒකාන්තයෙන් ඔහු මෙසේ ආයු විඳින කල්හි, ‘මේ ආත්මය යැ’යි යන සංඛ්‍යාවට වැටුණු ආත්මභාවය ‘පද්ධ’ නම් වේ. එය වයසින් අඩකි. අපරිපූර්ණ කොටසකි. මෙසේ එහිදී, මේ ආත්මභාවයෙහි උපන් අයගේ යම් ඒ වෙන්වීමක් වේ න්ම, එය නිසැක වූවකි. එසේ වෙන්වීම නිසැක කල්හී, එනම්, සැක නැති කල්හි, ජීවත්වන සෙසු අය එනම්, නො මැරී ඉතිරිව ජීවත් වන්නවුන්ට දයාව දැක්විය යුතුය. මෛත්‍රී කළ යුතුය. මේ සත්ත්වයා නිරෝගී වේවා! ක්‍රෝධ නැත්තේ වේවා! මෙසේ ඔහු කෙරෙහි මෛත්‍රිය වැඩීම කළ යුතුය. යම් ඒ මෙලොව හැර යාමක්, පහවීමක්, මරණයට පත්වීමක් වේද? ඒ ගැන ශෝක නොකරන්නේය. ඒ අනුව ශෝක කිරීම නොකළ යුතුය’, යන අර්ථයි.

එවං මහාසත‍්තො චතූහි ගාථාහි අනිච‍්චාකාරං දීපෙන‍්තො ධම‍්මං දෙසෙසි. මහාජනො පරිබ‍්බාජිකාය සරීරකිච‍්චං අකාසි. බොධිසත‍්තො හිමවන‍්තමෙව පවිසිත්‍වා ඣානාභිඤ‍්ඤාසමාපත‍්තියො නිබ‍්බත‍්තෙත්‍වා බ්‍රහ‍්මලොකපරායණො අහොසි.

මෙසේ බෝසත් තෙමේ ගාථා හතරකින් සසර අනිත්‍ය බව දක්වමින් පැහැදිලි කරමින්, දහම් දෙසීය. ඒ ඇසූ මහජනයා, අනතුරුව පරිබ්‍රාජිකාවගේ අවසන් කටයුතු සිදු කෙළේය. බෝසත් තෙමේ ඉන්පසු නැවත හිමාලයට ගොස් ධ්‍යාන හා අභිඥාවන් උපදවා, ඩීවත්ව සිට මරණින් මතු, බඹලොව උපන්නේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ කුටුම‍්බිකො සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. තදා සම‍්මිල‍්ලහාසිනී රාහුලමාතා අහොසි, තාපසො පන අහමෙව අහොසින‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ දම් දෙසුම සිදුකොට, සත්‍ය ප්‍රකාශ කොට ජාතකය නිමවා වදාළ සේක. දේශනාව අවසානයේදී කෙළෙඹි පුත්‍රයා සෝවාන් විය. එදා ‘සම්මිල්ල භාසිනී’ නම්, රාහුල මාතාවය. තවුසා වූ කලී, ‘මම ම වීමි’ යි බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.

අනනුසොචියජාතකවණ‍්ණනා අට‍්ඨමා.