7. කාකවතීජාතකවණ්ණනා 327 අට්ඨකථා
7. කාකවතීජාතකවණ්ණනා (327)
7. කාකාතී ජාතකය (327)
වාති චායං තතො ගන්ධොති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං උක්කණ්ඨිතභික්ඛුං ආරබ්භ කථෙසි. තදා හි සත්ථා තං භික්ඛුං “සච්චං කිර ත්වං භික්ඛු උක්කණ්ඨිතොසී”ති පුච්ඡි. “සච්චං, භන්තෙ”ති. “කස්මා උක්කණ්ඨිතොසී”ති? “කිලෙසවසෙන, භන්තෙ”ති. “භික්ඛු මාතුගාමො නාම අරක්ඛියො, න සක්කා රක්ඛිතුං, පොරාණකපණ්ඩිතා පන මාතුගාමං මහාසමුද්දමජ්ඣෙ සිම්බලිරුක්ඛවිමානෙ වසාපෙන්තාපි රක්ඛිතුං නාසක්ඛිංසූ”ති වත්වා අතීතං ආහරි.
‘වාතිචායං තතො ගන්ධො’ යන මේ ගාථා කොටස අයත්වන ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, කලකිරුණු එක් භික්ෂු කෙනකුන් අරබයා වදාළ සේක. එදා බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුව කැඳවා ‘මහණ, ඔබ කලකිරුණු කථාව ඇත්තක්දැ’යි විමසූ සේක. ‘එසේය, ස්වාමීනි’, ‘කලකිරීමට හේතුව කුමක්ද?’ ‘හිමියනි, රාගික සිතුවිලි මා පෙළයි.’ ‘මහණ, ස්ත්‍රීහු නම් රැකිය නොහැක්කෝය. පැරණි පඬිවරු පවා ඊට අපොහොසත් වූහ. පෙර එක් තැනැත්තෙක් සිය බිරිය සමුදුර මැද, ඉඹුල් වනයක වූ විමානයක තබා, රැක ගන්නට උත්සාහ කළ නමුදු, නො හැකිවී යැ’යි වදාළ බුදුරජාණන් වහන්සේ, නිදසුන් ලෙස මේ අතීත කථාව, ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො තස්ස අග්ගමහෙසියා කුච්ඡිස්මිං නිබ්බත්තිත්වා වයප්පත්තො පිතු අච්චයෙන රජ්ජං කාරෙසි. කාකවතී නාමස්ස අග්ගමහෙසී අහොසි අභිරූපා දෙවච්ඡරා විය. අයමෙත්ථ සඞ්ඛෙපො , විත්ථාරතො පන අතීතවත්ථු කුණාලජාතකෙ (ජා· 2.21.කුණාලජාතක) ආවි භවිස්සති. තදා පනෙකො සුපණ්ණරාජා මනුස්සවෙසෙන ආගන්ත්වා රඤ්ඤා සහ ජූතං කීළන්තො කාකවතියා අග්ගමහෙසියා පටිබද්ධචිත්තො තං ආදාය සුපණ්ණභවනං නෙත්වා තාය සද්ධිං අභිරමි. රාජා දෙවිං අපස්සන්තො නටකුවෙරං නාම ගන්ධබ්බං “ත්වං විචිනාහි න”න්ති ආහ. සො තං සුපණ්ණරාජානං පරිග්ගහෙත්වා එකස්මිං සරෙ එරකවනෙ නිපජ්ජිත්වා තතො සුපණ්ණස්ස ගමනකාලෙ පත්තන්තරෙ නිසීදිත්වා සුපණ්ණභවනං පත්වා පත්තන්තරතො නික්ඛමිත්වා තාය සද්ධිං කිලෙසසංසග්ගං කත්වා පුන තස්සෙව පත්තන්තරෙ නිසින්නො ආගන්ත්වා සුපණ්ණස්ස රඤ්ඤා සද්ධිං ජූතකීළනකාලෙ අත්තනො වීණං ගහෙත්වා ජූතමණ්ඩලං ගන්ත්වා රඤ්ඤො සන්තිකෙ ඨිතො ගීතවසෙන පඨමං ගාථමාහ –
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, එතුමාගේ අග මෙහෙසියගේ කුසෙහි, බෝසත් තෙමේ උපන්නේය. බෝසත් කුමරා නිසිවියට පැමිණ, සිය පියාගේ ඇවෑමෙන් රජකමට පත්විය. මේ රජතුමාගේ අගමෙහෙසිය වනාහි, ‘කාකාති’ නම් වූවාය. ඇය දෙවඟනක් මෙන් රූමත්ය. මෙතෙක් පැවසූයේ, බෝසතුන් ගැන කෙටි විස්තරයකි. මෙහි සම්පූර්ණ කථාවස්තුව, ‘කුණාල’ ජාතකයෙහි දැක්වේ. ඒ අනුව එකල එක් ගුරුළු රජෙක් මිනිස් වෙස් ගෙන, රජ මාලිගයට පැමිණ, බෝසත් රජු සමග දාදු ක්‍රීඩා කරන්නට පුරුදු වී සිටියේය. ගුරුළු රජුගේ මේ ගමනාගමනය නිසා, ඔහුත් රජුගේ අගමෙහෙසියත් අතර නොමනා සම්බන්ධයක් ඇතිවිය. අගමෙහෙසිය ගැන පිළිබඳ සිතක් ඇති කොටගත් ගුරුළු රජා, දිනක් රජුගේ පමාවක් ප්‍රයෝජනයට ගෙන, අගමෙහෙසිය වසංකොට ගෙන, ගුරුළු ගම්මානයට රැගෙන ගියේය. ඉන්පසු ඔහු ඇය සමග අඹු-සැමියන් ලෙස සතුටින් කල්ගත කෙළේය. මේ අතර රජතුමා සිය දේවිය මාලිගය තුළ නොදැක, ඈ ගැන විමසා බලන ලෙස ‘නටකුවේර’ නම් වූ ගාන්ධර්වයාට නියෝග කෙළේය. මේ ගාන්ධර්වයා විවිධ හැකියා ඇත්තෙකි. රජුගේ නියෝග ලත් නට කුවේරයා ඉහත කී ගුරුළු රජු ගැන සැක කොට, මැනවින් පරීක්ෂා කොට බලා, එක් විලෙක ‘ඒරක’ වනයෙක්හි (ඒරක යනු තෘණ විශේෂයකි) ඔහු නිතර ලැගුම් ගන්නා බව, දැන ගන්නේය. දිනක් එහි සැඟවී සිටි නට කුවේරයා, එහි පැමිණි ගුරුළු රජුගේ පියාපත් අතර සැඟවී, ඔහුට නො දැනෙන සේ, ගුරුළු භවනටම ගියේය. එහිදී කෙසේ හෝ ගුරුළු රජ භවනින් බැහැර යන තෙක් බලා සිට මෙහෙසිය වෙත ගොස්, ඇගේ සිත් දිනා ඈ සමග නො මනා ලෙස හැසිරුණේය. එහි කීපදිනක් ගතකළ නට කුවේරයා ගුරුළු භවනයට ගිය ආකාරයෙන්ම ආපසු පැමිණියේය. සිරිත් පරිදි ගුරුළු රජාද, කිසිදු අමුත්තක් නැතිව බරණැස් රාජ්‍යයට පැමිණ රජු හා දූ කෙළියෙහි යෙදෙයි. එක්දිනක් රජුන් ක්‍රීඩා කරන අතරතුරේදී, නටකුවේරයා සංගීත්ඥයකු වන බැවින්, ඔහු තමාගේ වීණාව ද රැගෙන, ක්‍රීඩා මණ්ඩපයට විත් රජු සමීපයෙහි සිටගෙන, ගීතයක ආකාරයෙන් මේ ගාථාව ගායනය කෙළේය.
“වාති චායං තතො ගන්ධො, යත්ථ මෙ වසතී පියා; දූරෙ ඉතො හි කාකවතී, යත්ථ මෙ නිරතො මනො”ති.
වාතිචායං තතො ගන්ධො - යත්ථ මේ වසතී පියා, දූරෙ ඉතොහි කාකාති - යත්ථමෙ නිරතො මනො
යම් තැනක මාගේ ප්‍රියාව වාසය කරයිද? මේ සුවඳ එතැනින් හමන්නේය. යමක කෙරෙහි මාගේ සිත ඇලී පවතීද? ඒ ‘කාකාති’ දේවිය මෙතැනින් දුර ප්‍රදේශයක වේ.
තත්ථ ගන්ධොති තස්සා දිබ්බගන්ධවිලිත්තාය සරීරගන්ධො. යත්ථ මෙති යත්ථ සුපණ්ණභවනෙ මම පියා වසති, තතො ඉමිනා සද්ධිං කතකායසංසග්ගාය තස්සා ඉමස්ස කායෙන සද්ධිං ආගතො ගන්ධො වායතීති අධිප්පායො. දූරෙ ඉතොති ඉමම්හා ඨානා දූරෙ. හි-කාරො නිපාතමත්තො. කාකවතීති කාකවතී දෙවී. යත්ථ මෙති යස්සා උපරි මම මනො නිරතො.
මෙහි ‘ගන්ධො’ යනු ‘දිව්‍යමය සුවඳ විලවුන් තැවරූ ඇගේ සිරුරෙහි සුවඳයි’. ‘යත්ථමෙති’ යනු ‘යම් ගුරුලු විමනක මාගේ ප්‍රියාව වසාද? එතැනදී ඇය හා කළ රමණය නිසා, මොහුගේ කයේ රැඳී පැමිණි ඇගේ සුවඳ හමයි’, යන අදහසයි. ‘දූරෙ ඉතො’ යනු ‘මෙතැනින් දුර පෙදෙසක’, යන අර්ථයි. මෙහි ‘හි’ යන්න නිපාතයකි. ‘කාකාති’ යනු ‘කාකාති දේවිය’යි. ‘යත්ථ මෙ’ යනු ‘යම් තැනැත්තියක කෙරෙහි, මාගේ සිත නිරත වීද? ඇලුණේද?’ යන අර්ථයි.
තං සුත්වා සුපණ්ණො දුතියං ගාථමාහ –
මේ ගීතය අසා සිටි ගුරුළු රජා, මෙසේ පැවසීය.
“කථං සමුද්දමතරී, කථං අතරි කෙපුකං; කථං සත්ත සමුද්දානි, කථං සිම්බලිමාරුහී”ති.
2. කෙසේ සමුදුර තරණය කෙළේද? ‘කේබුක’ නදියත් සත් සමුදුරත් කෙසේ එතෙර වීද? ඉඹුල් විමනට නැගුනේ කෙසේද?
තස්සත්ථො – ත්වං ඉමං ජම්බුදීපසමුද්දං තස්ස පරතො කෙපුකං නාම නදිං පබ්බතන්තරෙසු ඨිතානි සත්ත සමුද්දානි ච කථං අතරි, කෙනුපායෙන තිණ්ණො සත්ත සමුද්දානි අතික්කමිත්වා ඨිතං අම්හාකං භවනං සිම්බලිරුක්ඛඤ්ච කථං ආරුහීති.
ඔබ මේ දඹදිව සමුදුරත්, ඊට ඉදිරියෙන් ඇති ‘කේබුක’ නම් නදියත්, පර්වත අතර පිහිටි සත් සමුදුරත්, කෙසේ නම් තරණය කෙළේද? කවර උපායකින් සත් සමුදුරෙන් එතෙරව, ඊටත් එහා ඇති අපේ භවය වූ ඉඹුල් රුකට නැගුනේද? යනුයි.
තං සුත්වා නටකුවෙරො තතියං ගාථමාහ –
මෙය අසා සිටි නට කුවේරයා නැවත මෙසේ කීය.
“තයා සමුද්දමතරිං, තයා අතරි කෙපුකං; තයා සත්ත සමුද්දානි, තයා සිම්බලිමාරුහි”න්ති.
3. ඔබ සමගම සමුදුර තරණය කෙළෙමි. කේබුක නදියත්, සත් සමුදුරත් තරණය කෙළේ ඔබ සමගමය. ඉඹුල් ගසටද ඔබ සමගම නැගුනෙමි.
තත්ථ තයාති තයා කරණභූතෙන තව පත්තන්තරෙ නිසින්නො අහං සබ්බමෙතං අකාසින්ති අත්ථො.
මෙහි ‘තයා’ යනු ‘තා උපකාරී කොටගෙන තාගේ පියාපත් අතර හිඳ, මම මේ සියල්ල කෙළෙමි’ යන අර්ථයි.
තතො සුපණ්ණරාජා චතුත්ථං ගාථමාහ –
ඉන්පසු ගුරුළු රජ මේ ගාථාව කීවේය.
“ධිරත්ථු මං මහාකායං, ධිරත්ථු මං අචෙතනං; යත්ථ ජායායහං ජාරං, ආවහාමි වහාමි චා”ති.
4. යම් තැනක දී මම ම බිරිඳට සොර සැමියකු ගෙනාවෙම්ද? ආපසු ගෙන ගියෙම්ද? ඒ කිසිවක් නොතේරුණු මට නින්දා වේවා! මාගේ විශාල කයටද නින්දා වේවා!
තත්ථ ධිරත්ථු මන්ති අත්තානං ගරහන්තො ආහ. අචෙතනන්ති මහාසරීරතාය ලහුභාවගරුභාවස්ස අජානනතාය අචෙතනං. යත්ථාති යස්මා. ඉදං වුත්තං හොති – යස්මා අහං අත්තනො ජායාය ජාරං ඉමං ගන්ධබ්බං පත්තන්තරෙ නිසින්නං ආනෙන්තො ආවහාමි නෙන්තො ච වහාමි, තස්මා ධිරත්ථු මන්ති. සො තං ආනෙත්වා බාරාණසිරඤ්ඤො දත්වා පුන නගරං නාගමාසි.
මෙහි ‘ධිරත්ථු මං’ යනු ‘තමාට ගරහමින් කී ය’ යන අර්ථයි. ‘අචෙතනං’ යනු ‘මහ සිරුරක් ඇති බැවින් සැහැල්ලු බව හෝ, බර බව හෝ, නො දැනීමෙන් වූ අචේතනික ස්වභාවය’යි. ‘යත්ථ’ යනු ‘යම් හෙයකින්’ යන අර්ථයි. මෙසේ ද කියන ලද්දේ වේ. මම මාගේ බිරියගේ සොර සැමියා වූ මේ ගාන්ධර්වයා, පියාපත් අතර තබාගෙන ආවෙමි, ආපසු ගෙන ගියෙමි. එබැවින් මට නින්දා වේවා!’ යනුයි. මෙසේ තමාටම නින්දා කරගත් ගුරුළු රාජයා, වහා පිටත්ව ගොස්, අගමෙහෙසිය රැගෙන විත්, ආපසු රජුටම බාර දුන්නේය. නැවත ඔහු කිසිදා එහි නොපැමිණියේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි, සච්චපරියොසානෙ උක්කණ්ඨිතභික්ඛු සොතාපත්තිඵලෙ පතිට්ඨහි. තදා නටකුවෙරො උක්කණ්ඨිතභික්ඛු අහොසි, රාජා පන අහමෙව අහොසින්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, සත්‍යය ප්‍රකාශකොට, ජාතකය නිමවා වදාළ සේක. දේශනාව අවසානයේදී ඉහත කී කලකිරුණු භික්ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. එදා නට කුවේරයා නම්, කලකිරුණු භික්ෂුවය. රජතුමා වූ කලී, ‘මම ම වීමි’යි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දක්වා වදාළ සේක.
කාකවතීජාතකවණ්ණනා සත්තමා.