6. කක්කාරුජාතකවණ්ණනා 326 අට්ඨකථා
6. කක්කාරුජාතකවණ්ණනා (326)
6. කක්කාරු ජාතකය (326)
කායෙන යො නාවහරෙති ඉදං සත්ථා වෙළුවනෙ විහරන්තො දෙවදත්තං ආරබ්භ කථෙසි. තස්ස හි සඞ්ඝං භින්දිත්වා ගතස්ස අග්ගසාවකෙහි සද්ධිං පරිසාය පක්කන්තාය උණ්හං ලොහිතං මුඛතො උග්ගඤ්ඡි. අථ භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං “ආවුසො, දෙවදත්තො මුසාවාදං කත්වා සඞ්ඝං භින්දිත්වා ඉදානි ගිලානො හුත්වා මහාදුක්ඛං අනුභොතී”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපෙස මුසාවාදීයෙව, න චෙස ඉදානෙව මුසාවාදං කත්වා මහාදුක්ඛං අනුභොති, පුබ්බෙපි අනුභොසියෙවා”ති වත්වා අතීතං ආහරි.
‘කායෙන යො නාවහරෙ’ යන මේ ගාථා කොටස අයත්වන ජාතක කථාව, බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවාසය කරන සේක්, දෙව්දත් තෙරුන් අරබයා වදාළ සේක. දෙව්දත් තෙර සංඝ භේදය සිදුකොට, සංඝ පිරිසක් ද කැටුව ගොස් වෙන් ව කටයුතු කරද්දී, බුදුරජාණන් වහන්සේගේ නියෝගයෙන් එහි වැඩම කළ අගසවු දෙනම, එම භික්ෂු පිරිසට කරුණු වටහා දී, නැවත ඔවුන් බුදුරජාණන් වහන්සේ වෙතටම, කැඳවාගෙන ආහ. මෙසේ තම ශ්‍රාවක පිරිස තමන් අත්හැර ගිය පසු, එය දරාගත නොහැකි වූ දෙව්දත් තෙරුන්ගේ මුවින්, උණු ලේ වැගුරුණි. අනතුරුව භික්ෂූහු ධර්ම සභාවේදී මේ සිද්ධිය ගැන කථා කරමින් හුන්හ. එවිට එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ භික්ෂූන් කථා කරමින් හුන් කරුණු, ඔවුන්නෙග් අසා දැන, ‘මහණෙනි, දෙව්දත් මුසා බස් කියා පිරිස් බිඳවූයේ, දැන් පමණක් නොවේ. පෙර ද එසේ කෙළේම යැ’යි, වදාරා අතීත සිද්ධිය මෙසේ විස්තර කළ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො තාවතිංසභවනෙ අඤ්ඤතරො දෙවපුත්තො අහොසි. තෙන ඛො පන සමයෙන බාරාණසියං මහාඋස්සවො අහොසි. බහූ නාගා ච සුපණ්ණා ච භූමට්ඨකා ච දෙවා ආගන්ත්වා උස්සවං ඔලොකයිංසු. තාවතිංසභවනතොපි චත්තාරො දෙවපුත්තා කක්කාරූනි නාම දිබ්බපුප්ඵානි තෙහි කතචුම්බටකං පිළන්ධිත්වා උස්සවදස්සනං ආගමිංසු. ද්වාදසයොජනිකං බාරාණසිනගරං තෙසං පුප්ඵානං ගන්ධෙන එකගන්ධං අහොසි. මනුස්සා “ඉමානි පුප්ඵානි කෙන පිළන්ධිතානී”ති උපධාරෙන්තා විචරන්ති. තෙ දෙවපුත්තා “අම්හෙ එතෙ උපධාරෙන්තී”ති ඤත්වා රාජඞ්ගණෙ උප්පතිත්වා මහන්තෙන දෙවානුභාවෙන ආකාසෙ අට්ඨංසු. මහාජනො සන්නිපති, රාජාපි සද්ධිං උපරාජාදීහි අගමාසි. අථ නෙ “කතරදෙවලොකතො, සාමි, ආගච්ඡථා”ති පුච්ඡිංසු. “තාවතිංසදෙවලොකතො ආගච්ඡාමා”ති. “කෙන කම්මෙන ආගතත්ථා”ති. “උස්සවදස්සනත්ථායා”ති. “කිංපුප්ඵානි නාමෙතානී”ති? “දිබ්බකක්කාරුපුප්ඵානි නාමා”ති. “සාමි, තුම්හෙ දෙවලොකෙ අඤ්ඤානි පිළන්ධෙය්යාථ, ඉමානි අම්හාකං දෙථා”ති. දෙවපුත්තා “දිබ්බකක්කාරුපුප්ඵානි මහානුභාවානි දෙවානඤ්ඤෙව අනුච්ඡවිකානි, මනුස්සලොකෙ ලාමකානං දුප්පඤ්ඤානං හීනාධිමුත්තිකානං දුස්සීලානං නානුච්ඡවිකානි. යෙ පන මනුස්සා ඉමෙහි ච ඉමෙහි ච ගුණෙහි සමන්නාගතා, තෙසං එතානි අනුච්ඡවිකානී”ති ආහංසු.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජය කරවන කල්හි, බෝසත් තෙමේ තව්තිසා දෙව්ලොව දේව පුත්රයෙක්ව උපන්නේය. මෙකල බරණැස් නුවර මහත් සැණකෙළියක් පැවතුණි. බොහෝ නාගයෝ ද, ගුරුළෝ ද ‘භුම්මට්ඨ’ (පොළොව ආශ්‍රිතව ජීවත්වන) දෙවියෝ ද රැස්ව උත්සවය නැරඹූහ. තව්තිසා දෙව්ලොවින් ද, දේව පුත්‍රයෝ සතරදෙනෙක් ‘කක්කාරු’ නම් වූ දිව්‍යමය මල්වලින් සාදන ලද මල් වළලු පැළඳ, උත්සවශ්රීය බැලීමට පැමිණියහ. ඒ මල්වල සුවඳ නගරයේ දොළොස් යොදුනක් තෙක් ප්‍රදේශය පුරා, එකම සුවඳක් වන සේ, පැතිර පැවතුණි. මේ සුවඳ ආඝ්‍රාණය කළ මිනිස්සු ‘මේ සුවඳ මල් කවුරුන් විසින් පළඳන ලද ඒවාදැ’යි, සොයමින් ඒ මේ අත විමසන්නට වූහ. මල් පැළඳ සිටි, දේව පුත්‍රයෝ මිනිසුන් තමන් සම්බන්ධව සොයන බව තේරුම් ගෙන, රජ මාලිගයේ සමීපයට අවුත්, රාජාංගනයට කෙළින් අහසෙහි මහත් වූ දේවානුභාවයෙන් පෙනී සිටියහ. මහජනයා වහා එතැනට රැස්විය. රජතුමාද යුවරජ ආදී සෙසු නිලධාරීහුද, එම ස්ථානයට රැස්වූහ. අනතුරුව ඔවුහු දෙව්පුතුන් අමතා, ‘ස්වාමීනි, ඔබ කවර දේව ලොවකින් මෙහි පැමිණියහුදැ’යි විමසූහ. ‘අපි වූ කලි තව්තිසාවේ සිට පැමිණියෙමු’. ‘කුමක් සඳහා මෙහි පැමිණියාහුද?’ ‘සැණකෙළි සිරි බලනු රිසියෙන් මෙහි පැමිණියෙමු.’ ඔබ පැළඳ සිටින, ඔය මල් වර්ගය කිනම් වේද?’ ‘දිව්‍යමය කක්කාරු (කැකිරි) මල් නම් මේවාය.’ ‘ස්වාමීනි, ඔබ සැම පැළඳ සිටින මල් අපට දෙනු මැනවි. ඒ වෙනුවට වෙනත් කක්කාරු මල් තව්තිසාවෙන්ම සොයාගත මැනවැ’යි මිනිස්සු කීහ. එවිට දේව පුත්‍රයෝ පිරිස අමතා, ‘පින්වතුනි, මේ දිව්‍යමය මල් මහානුභාව සම්පන්නය. මේවා සුදුසු වන්නේ දෙවියන්ට පමණි. මිනිස් ලොව නුවණ මඳ වූ, ලාමක වූ, පහත් දේ රුචි කරන, ඊට ඇලුණු දුස්සීලයන්ට මේවා නුසුදුසුය. දෙවියන් කෙරෙහි ඇති ගුණයන්ගෙන් සම්පූර්ණ වූ සිල්වත් මනුෂ්‍යයෝ වෙත් නම්, ඔවුහු මේ මල් පැළඳීමට සුදුසු වෙතැ’යි පැවසූහ.
එවඤ්ච පන වත්වා තෙසු ජෙට්ඨකදෙවපුත්තො පඨමං ගාථමාහ –
ඒ දෙවියන් අතර සිටි ප්‍රධාන දේව පුත්‍රයා එවිට, මිනිසුන් අමතා මේ ගාථාව පැවසීය.
“කායෙන යො නාවහරෙ, වාචාය න මුසා භණෙ; යසො ලද්ධා න මජ්ජෙය්ය, ස වෙ කක්කාරුමරහතී”ති.
කායෙන යො නාමභරෙ - වාචාය න මුසා භණෙ, යසො ලද්ධො න මජ්ජෙය්ය - ස වෙ කක්කාරු චරභතීති
යමෙක් කයින් සොරකම් නොකෙරේද? බොරු නොකියාද, යශස් ලැබ මත් නොවේද? ඒකාන්තයෙන් ඔහු මේ දිව්‍යමය කැකිරි මල්වලට සුදුසුය.
තස්සත්ථො – යො කායෙන පරස්ස සන්තකං තිණසලාකම්පි නාවහරති, වාචාය ජීවිතං පරිච්චජමානොපි මුසාවාදං න භණති. දෙසනාසීසමෙවෙතං , කායද්වාරවචීද්වාරමනොද්වාරෙහි පන යො දසපි අකුසලකම්මපථෙ න කරොතීති අයමෙත්ථ අධිප්පායො. යසො ලද්ධාති ඉස්සරියඤ්ච ලභිත්වා යො ඉස්සරියමදමත්තො සතිං විස්සජ්ජෙත්වා පාපකම්මං න කරොති, ස වෙ එවරූපො ඉමෙහි ගුණෙහි යුත්තො පුග්ගලො ඉමං දිබ්බපුප්ඵං අරහති. තස්මා යො ඉමෙහි ගුණෙහි සමන්නාගතො, සො ඉමානි පුප්ඵානි යාචිතුං අරහති, තස්ස දස්සාමීති.
යමෙක් කයින් අනුන් සන්තක වූ තණ සුලක් වත් හැර නොගන්නේද? දිවි ගියත් වචනයෙන් මුසාබස් නො කියන්නේ ද යන මෙය දේශනාවේ හරයයි. සිත-කය-වචන යන තිදොරින් යමෙක් දස අකුසල කර්මපථ නොකෙරේද? මෙහි අදහස එයයි. ‘යශසින් ලබන ලද’ යන්නෙහි අදහස වූ කලී, ‘ඉසුරුමත් බව ලැබ යමෙක්, එම ඉසුරු මදයෙන් මත්ව, සිහි විකලයෙන් පව්කම් නො කෙරේද? මෙකී ගුණවලින් යුත්, එබඳු පුද්ගලයා ඒකාන්තයෙන් ම මේ දිවමල් ලැබීමට සුදුසුය. ඒ නිසා යමෙක් මේ ගුණයන්ගෙන් යුක්තද? ඔහු මේ මල් ඉල්ලා සිටීමට සුදුසුය. අපි ඔහුට ඒවා දෙන්නෙමු’ යන අදහසයි.
තං සුත්වා පුරොහිතො චින්තෙසි “මය්හං ඉමෙසු ගුණෙසු එකොපි නත්ථි, මුසාවාදං පන වත්වා එතානි පුප්ඵානි ගහෙත්වා පිළන්ධිස්සාමි, එවං මං මහාජනො ‘ගුණසම්පන්නො අය’න්ති ජානිස්සතී”ති. සො “අහං එතෙහි ගුණෙහි සමන්නාගතො”ති වත්වා තානි පුප්ඵානි ආහරාපෙත්වා පිළන්ධිත්වා දුතියං දෙවපුත්තං යාචි. සො දුතියං ගාථමාහ –
ඒ අසා, එහි සිටි පුරෝහිතයා ‘මේ කියන ගුණ අතුරෙන් එකදු ගුණයක් වත් මට නැත. එබැවින් මුසාබස් කියා, මේ මල් ඉල්ලාගෙන පැළඳ ගන්නෙමි. එවිට මහජනයා අතර මා ගුණවතකු ලෙස ප්‍රසිද්ධ වේ යැ’යි සිතුවේය. ඊට පසු ඔහු සියලුදෙනාට ම ඇසෙන සේ හඬ නගා ‘මම ඔබ කියන ඔය ගුණවලින් යුක්ත වූවෙක්මි’යි පවසා ඒ දෙවියන්ගෙන් මල් ඉල්ලාගෙන පැළඳ ගත්තේය. මෙසේ පළමු දේව පුත්‍රයාගෙන් මල් ඉල්ලාගත් පුරෝහිතයා, අනතුරුව දෙවැනි දේව පුත්‍රයාගෙන්ද, මල් ඉල්ලුවේය. එවිට දෙවැන්නා මෙසේ කීය.
“ධම්මෙන විත්තමෙසෙය්ය, න නිකත්යා ධනං හරෙ; භොගෙ ලද්ධා න මජ්ජෙය්ය, ස වෙ කක්කාරුමරහතී”ති.
2. දැහැමින් ධනය රැස් කරන්නේද? වංචාවෙන් ධනය හැර නොගන්නේද? සම්පත් ලැබ පමා නොවන්නේද? ඔහු ඒකාන්තයෙන් දිව්‍යමය කැකිරි මල්වලට සුදුසුය.
තස්සත්ථො – ධම්මෙන පරිසුද්ධාජීවෙන සුවණ්ණරජතාදිවිත්තං පරියෙසෙය්ය. න නිකත්යාති න වඤ්චනාය ධනං හරෙය්ය, වත්ථාභරණාදිකෙ භොගෙ ලභිත්වා පමාදං නාපජ්ජෙය්ය, එවරූපො ඉමානි පුප්ඵානි අරහතීති.
දැහැමින්, එනම් පිරිසිදු ආජීවයෙන් රන්-රිදී ආදී වූ සම්පත් රැස් කරන්නේද? කපටිකමින්, එනම් වංචාවෙන් ධනය හැර නො ගන්නේද? වස්ත්රාභරණ ආදී සම්පත් ලැබ, පමා නොවන්නේද, එබඳු තැනැත්තා, මේ මල්වලට සුදුසුය යනුයි.
පුරොහිතො “අහං එතෙහි ගුණෙහි සමන්නාගතො”ති වත්වා තානි ආහරාපෙත්වා පිළන්ධිත්වා තතියං දෙවපුත්තං යාචි. සො තතියං ගාථමාහ –
මේ ප්‍රකාශය අසා සිටි පුරෝහිතයා ‘ස්වාමීනි, ඔබ කී කරුණුවලින් සමන්විත වූ මම, ගුණවතෙක්මි. එබැවින් මට මල් දෙනු මැනවැ’යි කියා, ඒ මල් ලබාගෙන පැළඳ ගත්තේය. අනතුරුව ඔහු තෙවන දිව්‍ය පුත්‍රයාගෙන්ද මල් ඉල්ලීය. එවිට තෙවන දේවපුත්‍රයා මේ ගාථාව කීය.
“යස්ස චිත්තං අහාලිද්දං, සද්ධා ච අවිරාගිනී; එකො සාදුං න භුඤ්ජෙය්ය, ස වෙ කක්කාරුමරහතී”ති.
3. යමකුගේ සිත නො කෙලෙසුනේද? ශ්‍රද්ධා සම්පන්නද? රාගාධික නොවේද? මිහිරි දෑ තනිවම නොබුදින්නේද? ඔහු ඒකාන්තයෙන් දිව්‍යමය කැකිරි මල්වලට සුදුසුය.
තස්සත්ථො – යස්ස පුග්ගලස්ස චිත්තං අහාලිද්දං හලිද්දිරාගො විය ඛිප්පං න විරජ්ජති, ථිරමෙව හොති. සද්ධා ච අවිරාගිනීති කම්මං වා විපාකං වා ඔකප්පනීයස්ස වා පුග්ගලස්ස වචනං සද්දහිත්වා අප්පමත්තකෙනෙව න විරජ්ජති න භිජ්ජති. යො යාචකෙ වා අඤ්ඤෙ වා සංවිභාගාරහෙ පුග්ගලෙ බහි කත්වා එකකොව සාදුරසභොජනං න භුඤ්ජති, නෙසං සංවිභජිත්වා භුඤ්ජති, සො ඉමානි පුප්ඵානි අරහතීති.
යම් පුද්ගලයෙකුගේ සිත නො කෙලෙසුනේද? එනම් පඬු පොවන ලද කල්හි මෙන්, වහා නොඇලේද? තිර පෙමින් යුක්ත වේද යන අර්ථයි. මෙහි දැක්වෙන ශ්‍රද්ධාව හා අවිරාගී බව යනු කර්මය හා විපාකය හෝ විශ්වාස කළ පුද්ගලයාගේ වචනය අසා එය අදහා මඳ වශයෙන්වත් නොඇලේද, එසේම නොබිඳේද? එයයි. යමෙක් යාචකයන් හෝ අන් අය හෝ සමව සැලකිය යුතු පුද්ගලයන් හෝ, බැහැරකොට තනිවම, මිහිරි රසවත් බොජුන් අනුභව නොකෙරේද? ඔවුන්ට ද ආහාර බෙදා දී, තමනුත් භුක්ති විඳීද? ඔහු මේ දිවමල්වලට සුදුසුය යන අදහසයි.
පුරොහිතො “අහං එතෙහි ගුණෙහි සමන්නාගතො”ති වත්වා තානි පුප්ඵානි ආහරාපෙත්වා පිළන්ධිත්වා චතුත්ථං දෙවපුත්තං යාචි. සො චතුත්ථං ගාථමාහ –
මෙය අසා සිටි පුරෝහිතයා ‘මම ඔය කියන සියලුම ගුණවලින් යුක්ත වූවෙක්ම’යි කියා, ඒ දේව පුත්‍රයාගෙන් ද, මල් ලබාගෙන ඒවා පැළඳගෙන සිව්වැනි දේව පුත්‍රයාගෙන්ද මල් ඉල්ලා සිටියේය. එවිට සිව්වැන්නා මෙසේ කීය.
“සම්මුඛා වා තිරොක්ඛා වා, යො සන්තෙ න පරිභාසති; යථාවාදී තථාකාරී, ස වෙ කක්කාරුමරහතී”ති.
4. යමෙක්, ඇති තැන හෝ නැති තැන, සත්පුරුෂයන්ට පරිභව නොකෙරේද? කී දේ කරන්නේ වේද? ඔහු ඒකාන්තයෙන්ම දිව්‍යමය කැකිරි මල් ලැබීමට සුදුසුය.
තස්සත්ථො – යො පුග්ගලො සම්මුඛා වා පරම්මුඛා වා සීලාදිගුණයුත්තෙ සන්තෙ උත්තමපණ්ඩිතපුරිසෙ න අක්කොසති න පරිභාසති, යං වාචාය වදති, තදෙව කායෙන කරොති, සො ඉමානි පුප්ඵානි අරහතීති.
යම් පුද්ගලයෙක් මුහුණ ඉදිරිපිට හෝ, නැති තැන හෝ ශීලාදී ගුණ ඇති සත්පුරුෂයන්ට එනම් උතුම් වූ පණ්ඩිත පුරුෂයන්ට ගරහාද? පරිභව කෙරේද, යනුයි. යමෙක් වචනයකින් යමක් කියාද? කයින් එයම කරයිද, ඒ තැනැත්තා මේ මල්වලට සුදුසුය යන අදහසයි.
පුරොහිතො “අහං එතෙහි ගුණෙහි සමන්නාගතො”ති වත්වා තානිපි ආහරාපෙත්වා පිළන්ධි. චත්තාරො දෙවපුත්තා චත්තාරි පුප්ඵචුම්බටකානි පුරොහිතස්ස දත්වා දෙවලොකමෙව ගතා. තෙසං ගතකාලෙ පුරොහිතස්ස සීසෙ මහතී වෙදනා උප්පජ්ජි, තිඛිණසිඛරෙන නිම්මථිතං විය ච අයපට්ටෙන පීළිතං විය ච සීසං අහොසි. සො වෙදනාප්පත්තො අපරාපරං පරිවත්තමානො මහාසද්දෙන විරවි, “කිමෙත”න්ති ච වුත්තෙ “අහං මමබ්භන්තරෙ අවිජ්ජමානෙයෙව ගුණෙ ‘අත්ථී’ති මුසාවාදං කත්වා තෙ දෙවපුත්තෙ ඉමානි පුප්ඵානි යාචිං, හරථෙතානි මම සීසතො”ති ආහ. තානි හරන්තාපි හරිතුං නාසක්ඛිංසු, අයපට්ටෙන බද්ධානි විය අහෙසුං. අථ නං උක්ඛිපිත්වා ගෙහං නයිංසු. තත්ථ තස්ස විරවන්තස්ස සත්ත දිවසා වීතිවත්තා.
පුරෝහිතයා මේ ප්‍රකාශය අසා ‘ස්වාමීනි, මම ඔබ කී සියලු ගුණයන්ගෙන් සමන්විතයෙක්මි’යි කියා ඔහුගෙන්ද, මල් ලබාගෙන පැළඳ ගත්තේය. මෙසේ මේ ස්ථානයට පැමිණ සිටි, දිව්‍ය පුත්‍රයෝ සතර දෙනාම තම තමන්ගේ මල් වළලු පුරෝහිතයාට දී, දිව්‍යලෝකයට ම ආපහු ගියාහු ය. ඔවුන් යනවාත් සමගම, පුරෝහිතයාගේ හිස තුළ මහත් වේදනාවක් හට ගත්තේය. මේ වේදනාව හිසට ඉතා තියුණු උලකින් අනින්නාක් මෙන් විය. යකඩ පට්ටමකින් හිස තද කරන්නාක් මෙන් විය. දරුණු වේදනාවෙන් පෙළුණු ඔහු, ඒ මේ අත පෙරළෙමින් මහ හඬින් හඬන්නට පටන් ගත්තේය. ‘කුමක් නිසා දුක් විඳීදැ’යි අවට සිටි පිරිස පුරෝහිතයාගෙන් විමසූ කල්හි, පුරෝහිතයා ඔවුන් අමතා, ‘මම මා තුළ නැති ගුණම ඇතැ’යි මුසාබස් කියා, දේව පුත්‍රයන් රවටා, මේ මල් ඉල්ලා ගත්තෙමි. මට අනුකම්පා කොට, මාගේ හිසෙන් මේවා බැහැර කළ මැනවැ’යි එම පිරිසෙන් ඉල්ලා සිටියේය. ඔවුහු ද පුරෝහිතයාගේ හිසෙන් මල් වළලු බැහැර කරන්නට උත්සාහ ගත් නමුදු එය නොහැකි වූහ. ඒවා යකඩ පටියකින් බඳින ලද්දක් මෙන් සිරුරට ඒකාබද්ධ වී තිබුණි. ඉක්බිති ඒ පිරිස ඔහු ඔසවා ගෙන ඔහුගේ නිවෙස වෙත, ගෙන ගියහ. එහිදී ද පුරෝහිතයා කෑගසමිාන් හඬමින්ම කල්ගත කෙළේය. මෙසේ දින සතක්ම ගතවිණි.
රාජා අමච්චෙ ආමන්තෙත්වා “දුස්සීලබ්රාහ්මණො මරිස්සති, කිං කරොමා”ති ආහ. “දෙව, පුන උස්සවං කාරෙම, දෙවපුත්තා පුන ආගච්ඡිස්සන්තී”ති. රාජා පුන උස්සවං කාරෙසි. දෙවපුත්තා පුන ආගන්ත්වා සකලනගරං පුප්ඵගන්ධෙන එකගන්ධං කත්වා තථෙව රාජඞ්ගණෙ අට්ඨංසු, මහාජනො සන්නිපතිත්වා දුස්සීලබ්රාහ්මණං ආනෙත්වා තෙසං පුරතො උත්තානං නිපජ්ජාපෙසි. සො “ජීවිතං මෙ දෙථ, සාමී”ති දෙවපුත්තෙ යාචි. දෙවපුත්තා “තුය්හං දුස්සීලස්ස පාපධම්මස්ස අනනුච්ඡවිකානෙවෙතානි පුප්ඵානි, ත්වං පන ‘අම්හෙ වඤ්චෙස්සාමී’ති සඤ්ඤී අහොසි, අත්තනො මුසාවාදඵලං ලද්ධ”න්ති මහාජනමජ්ඣෙ දුස්සීලබ්රාහ්මණං ගරහිත්වා සීසතො පුප්ඵචුම්බටකං අපනෙත්වා මහාජනස්ස ඔවාදං දත්වා සකට්ඨානමෙව අගමංසු.
මේ අතර රජතුමා රාජසභාවේදී ඇමතිවරුන් අමතා, ‘මේ දුස්සීල බ්‍රාහ්මණ පුරෝහිතයා මැරෙන්නට යයි. ඒ ගැන අපි කුමක් කරමුදැ’යි විමසීය. ‘දේවයන් වහන්ස, අපි නැවත සැණකෙළියක් ආරම්භ කරමු. එවිට දේවපුත්‍රයෝ නැවත පැමිණෙන්නාහ. ඔවුන් ලවා ප්රශ්නය විසඳා ගනිමු’යි, ඇමතිවරු පිළිතුරු දුන්හ. ඒ අනුව නැවත වතාවක් උත්සව සැණකෙළි ආරම්භ විය. දේව පුත්‍රයෝ ද නැවත පැමිණ මුළු නුවරම එකම සුගන්ධයෙන් සුවඳවත් කරමින් රජමිදුලට රැස්වූහ. මහජනයා ද දුස්සීල බ්‍රාහ්මණයා ඔසවාගෙන එතැනට අවුත් දෙව්පුතුන් ඉදිරියෙහි තැබීය. එහිදී ඒ පුරෝහිතයා දෙව්පුතුන්ට කථාකොට ‘ස්වාමීනි, මට ජීවිත දානය දෙනු මැනවැ’යි කීය. සියල්ල තේරුම් ගත් දිව්‍යපුත්‍රයෝ ‘ලාමක වූ දුස්සීල පව්කාරයකුට නුසුදුසු වූ මේ මල් ඔබ මුසාවාද කියා, වංචාවෙන් ලබාගත්තෙහිය. එහි ප්‍රතිඵල ඇස් පනාපිටම දැන් ලැබී ඇතැ’යි කියා, පුරෝහිතයාට පිරිස් මැදදීම, ගර්හා කොට ඔහුගේ හිසෙන් මල් වළලු බැහැරකොට, රැස්ව සිටි මහජනයාට දී ඔවදන් දී, ස්වකීය දිව්‍ය ලෝකය බලා පිටත්ව ගියහ.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා බ්රාහ්මණො දෙවදත්තො අහොසි, තෙසු දෙවපුත්තෙසු එකො කස්සපො, එකො මොග්ගල්ලානො, එකො සාරිපුත්තො, ජෙට්ඨකදෙවපුත්තො පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනය ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. එදා පුරෝහිත බ්‍රාහ්මණයා නම්, මෙදා දේවදත්තය. දෙව්පුතුන් අතරින් අවසන් තිදෙනා පිළිවෙලින් කාශ්‍යප-මුගලන්-සැරියුත් යන තෙරවරුය. පළමුවැන්නා වන, ජ්‍යෙෂ්ඨ දිව්‍යපුත්‍රයා වූ කලී, ‘මම ම වීමි’යි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දක්වා වදාළ සේක.
කක්කාරුජාතකවණ්ණනා ඡට්ඨා.