5. ගොධරාජජාතකවණ්ණනා 325 අට්ඨකථා
5. ගොධරාජජාතකවණ්ණනා (325)
5. ගෝධ ජාතකය (325)
සමණං තං මඤ්ඤමානොති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං කුහකං භික්ඛුං ආරබ්භ කථෙසි. වත්ථු හෙට්ඨා විත්ථාරිතමෙව. ඉධාපි භික්ඛූ තං භික්ඛුං ආනෙත්වා “අයං, භන්තෙ, භික්ඛු කුහකො”ති සත්ථු දස්සෙසුං. සත්ථා “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපෙස කුහකොයෙවා”ති වත්වා අතීතං ආහරි.
‘සමණංතං මඤ්ඤමානො’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක්, එක් කුහක භික්ෂු කෙනකුන් අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථාවස්තුව මීට පෙර දක්වන ලදි. ඒ අනුව භික්ෂූන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ වෙතට, ඉහත කී කුහක භික්ෂු නම කැඳවා ගෙනවිත් ‘ස්වාමීනි, මොහු කුහකකම් කරන්නෙකැ’යි පැවසූහ. එවිට බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා ‘මහණෙනි, මොහු දැන් පමණක් නොව. පෙර ද කුහකකම් කෙළේ යැ’යි වදාරා, මේ අතීත කථා පුවත ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො ගොධයොනියං නිබ්බත්තිත්වා වයප්පත්තො කායබලෙන සම්පන්නො අරඤ්ඤෙ වසති . එකො දුසීලතාපසොපි තස්ස අවිදූරෙ පණ්ණසාලං මාපෙත්වා වාසං කප්පෙසි. බොධිසත්තො ගොචරාය චරන්තො තං දිස්වා “සීලවන්තතාපසස්ස පණ්ණසාලා භවිස්සතී”ති තත්ථ ගන්ත්වා තං වන්දිත්වා අත්තනො වසනට්ඨානමෙව ගච්ඡති. අථෙකදිවසං සො කූටතාපසො උපට්ඨාකකුලෙ සම්පාදිතං මධුරමංසං ලභිත්වා “කිං මංසං නාමෙත”න්ති පුච්ඡිත්වා “ගොධමංස”න්ති සුත්වා රසතණ්හාය අභිභූතො “මය්හං අස්සමපදං නිබද්ධං ආගච්ඡමානං ගොධං මාරෙත්වා යථාරුචි පචිත්වා ඛාදිස්සාමී”ති සප්පිදධිකටුකභණ්ඩාදීනි ගහෙත්වා තත්ථ ගන්ත්වා මුග්ගරං ගහෙත්වා කාසාවෙන පටිච්ඡාදෙත්වා බොධිසත්තස්ස ආගමනං ඔලොකෙන්තො පණ්ණසාලද්වාරෙ උපසන්තූපසන්තො විය නිසීදි.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ තලගොයෙක්ව, ඉපිද නිසි වියට පත්ව මනා ලෙස වැඩුණු ශරීර ඇතිව කැලයෙහි වාසය කරයි. මේ කැලයෙහිම අසපුවක් තනාගෙන, එක් දුස්සීල තාපසයෙක් ද වෙසේ. මේ දෙදෙනාම එකිනෙකාට නුදුරෙන් ජීවත් වූහ. එක්දිනක් බෝසත් තෙමේ, ගොදුරු සොයමින් ඇවිද ගොස් ඒ තවුසා දැක, ‘මොහු සිල්වතකු විය යුතුයැ’යි සිතා, අසපුව සමීපයට ගොස් තවුසාට වැඳ, ආපසු හැරී සිය නවාතැනටම ගියේය. කිසියම් දවසක දායක ගෙදරකින්, මේ කපටි තවුසාට රසවත් මස් වෑංජනයක් සහිත දානයක් ලැබුණි. එය අනුභව කළ තවුසා ‘මේ කිනම් මස් වර්ගයක්දැ’යි අසා, තලගොයි මස් බව දැන, එහි රස තෘෂ්ණාවෙන් ඇලී, ‘මාගේ අසපුවට නිතර පැමිණෙන තලගොයා මරා රිසි පරිද්දෙන් උයාගෙන අනුභව කරන්නෙමැ’යි සිතා, ඊට අවශ්‍ය කුළුබඩු ආදියද, ගිතෙල්, දී කිරි ආදියද රැස් කළේය. මේ සියල්ල රැස්කොට තබා, පොල්ලක් කඩා ගෙනවිත් එහි කහපාට රෙදි ඔතා, එය කිසිවකුට නොපෙනෙන පරිද්දෙන් සඟවා තබා, බෝසතුන්ගේ පැමිණීම අපේක්ෂා කරමින්, අසපු දොරටුවෙහි උපශාන්ත ලීලාවෙන් වාඩිවී, බලා හුන්නේය.
සො ආගන්ත්වා තං පදුට්ඨින්ද්රියං දිස්වා “ඉමිනා අම්හාකං සජාතිකමංසං ඛාදිතං භවිස්සති, පරිග්ගණ්හිස්සාමි න”න්ති අධොවාතෙ ඨත්වා සරීරගන්ධං ඝායිත්වා සජාතිමංසස්ස ඛාදිතභාවං ඤත්වා තාපසං අනුපගම්ම පටික්කමිත්වා චරි. තාපසොපි තස්ස අනාගමනභාවං ඤත්වා මුග්ගරං ඛිපි, මුග්ගරො සරීරෙ අපතිත්වා නඞ්ගුට්ඨකොටිං පාපුණි. තාපසො “ගච්ඡ විරද්ධොස්මී”ති ආහ. බොධිසත්තො “මං තාව විරද්ධොසි, චත්තාරො පන අපායෙ න විරද්ධොසී”ති වත්වා පලායිත්වා චඞ්කමනකොටියං ඨිතං වම්මිකං පවිසිත්වා අඤ්ඤෙන ඡිද්දෙන සීසං නීහරිත්වා තෙන සද්ධිං සල්ලපන්තො ද්වෙ ගාථා අභාසි –
මේ අතර තලගොයා අසපුව වෙත පැමිණියේය. එහෙත් තවුසාගේ ඉරියව් දෙස විපරමින් බැලූ ඌට, තවුසාගේ දූෂිත පෙනුම සිත් ගත්තේ නැත. ‘ඒකාන්තයෙන් මොහු තල ගොයි මස් කන්නෙක් විය යුතුයැ’යි සිතා, තවුසා පරීක්ෂාවට ලක් කිරීම සඳහා යටි සුළඟෙහි සිට, ඉව අල්ලා බැලූ තලගොයා, තවුසා තලගොයි මස් කෑ බව ස්ථිරවම දැන ගත්තේය. ඒ නිසා ඌ තවුසා වෙත නො එළඹ ආපසු හැරී යන්නට ගියේය. මේ අතර තවුසාද, තලගොයා නොපැමිණෙන බව දැන, පොල්ලද අතට ගෙන, ඌ සොයා ගියේය. අතරමග දී තලගොයා බියෙන් දිවයනු දුටු, තවුසා අත තිබූ පොල්ලෙන් ඌට දමා ගැසුවේය. පහර ඌට නො වැදුණ මුමත් පොල්ල උගේ වලිගය ළඟ පතිත විය. එවිට තවුසා ‘ආහ්! වැරදුණේ යැ’යි කීය. ඒ ඇසූ බෝසත් තෙමේ තවුසා අමතා, ‘ඔබට මෙර වැරදුණත් අපාය නම්, කිසිවිටෙක නො වරදී යැ’යි කියා, වහා පලා ගොස්, සක්මන් මලුව සමීපයෙහි තිබූ තුඹසට පිවිස, වෙනත් සිදුරකින් හිස එළියට දමා තවුසා සමග සංවාදයේ යෙදෙමින් මෙසේ පැවසීය.
“සමණං තං මඤ්ඤමානො, උපගච්ඡිමසඤ්ඤතං; සො මං දණ්ඩෙන පාහාසි, යථා අස්සමණො තථා.
සමණං තං මඤ්ඤමානො - උපගඤ්ජිං අසඤ්ඤතං, සො මං දණ්ඩෙන පාහාසි - යථා අස්සමාණො තථා
අසංවර වූ ඔහු ශ්‍රමණයකු යැයි සිතා ළඟට පැමිණියෙමි. යම්සේ ඔහු ශ්‍රමණයෙක් නො වූයේද? එසේම ඔහු මට දණ්ඩකින් පහර දුන්නේය.
“කිං තෙ ජටාහි දුම්මෙධ, කිං තෙ අජිනසාටියා; අබ්භන්තරං තෙ ගහනං, බාහිරං පරිමජ්ජසී”ති.
කින්තෙ ජටාභි අම්මෙධ - කින්තෙ අජිනසාටියා, අබ්භන්තරං තෙ ගහණං - බාහිරං පරිමජ්ජසී
අනුවණය, ජටා මඬුල්ලෙන් ඔබට ඇති ප්‍රයෝජනය කුමක්ද? අඳුන් දිවිසමෙන් ඇති වැඩේ කුමක්ද? ඔබේ ඇතුළත කෙලෙසුන්ගෙන් ගහණය. කුමට බාහිර සන්තර්පණය කරයිද? (ධම්මපද)
තත්ථ අසඤ්ඤතන්ති අහං කායාදීහි අසඤ්ඤතං අස්සමණමෙව සමානං තං “සමණො එසො”ති සමිතපාපතාය සමණං මඤ්ඤමානො උපගච්ඡිං. පාහාසීති පහරි. අජිනසාටියාති එකංසං කත්වා පාරුතෙන අජිනචම්මෙන තුය්හං කො අත්ථො. අබ්භන්තරං තෙ ගහනන්ති තව සරීරබ්භන්තරං විසපූරා විය අලාබු, ගූථපූරො විය ආවාටො, ආසීවිසපූරො විය වම්මිකො කිලෙසගහනං. බාහිරන්ති කෙවලං බහිසරීරං පරිමජ්ජසි , තං අන්තොඵරුසතාය බහිමට්ඨතාය හත්ථිලණ්ඩං විය අස්සලණ්ඩං විය ච හොතීති.
මෙහි ‘අසඤ්ඤතං’ යනු ‘කායාදියෙන් අසංවර වූ අශ්‍රමණයකු වූ ඔහු වෙත ‘මේ ශ්‍රමණයෙකැ’යි එනම්, පව් සංසිඳවූවකුට සමාන බැවින් ‘ශ්‍රමණයෙක් යැ’යි, හඟිමින් එළඹියෙමි’, යන අර්ථයි. ‘පාහාසි’ යනු ‘පහර දුන්නේය’ යන අර්ථයි. ‘අජිනසාටියං’ යනු ඒකාංශ කොට පොරවන ලද අඳුන් දිවිසමෙන් ඔබට ඇති අර්ථය කුමක්ද?’ යන අදහසයි. ‘අබ්භන්තරං තෙ’ යනු ඔබගේ සිරුර ඇතුළත විෂ පිරූ ලබුගෙඩියක් වැනිය. කෙලෙසුන්ගෙන් පිරී ඇත’, යන අර්ථයි. ‘බාහිරං’ යනු ‘හුදු බාහිර සිරුරම පිරිමදිහිද? එය ඇතුළතින් කර්කශ වූ පිටතින් වටකුරු වූ ඇත්බෙටි, අස්බෙටි වැනි වේ’ යන අර්ථයි.
තං සුත්වා තාපසො තතියං ගාථමාහ –
තලගොයාගේ මේ ප්‍රකාශය අසා සිටි තවුසා මෙසේ කීය.
“එහි ගොධ නිවත්තස්සු, භුඤ්ජ සාලීනමොදනං; තෙලං ලොණඤ්ච මෙ අත්ථි, පහූතං මය්හ පිප්ඵලී”ති.
3. තලගොයාණෙනි, නවතින්න. මෙහි එනු මැනවි. ඇල්හාලේ බත් අනුභව කරනු මැනවි. මා ළඟ තෙල් ද, ලුණු ද, තිප්පිලි ද යන මේවා බොහෝකොට ඇත.
තත්ථ පහූතං මය්හ පිප්ඵලීති න කෙවලං සාලීනමොදනං තෙලලොණමෙව, හිඞ්ගුජීරකසිඞ්ගිවෙරලසුණමරිචපිප්ඵලිප්පභෙදං කටුකභණ්ඩම්පි මය්හං බහු අත්ථි, තෙනාභිසඞ්ඛතං සාලීනමොදනං භුඤ්ජාහීති.
මෙහි ‘පහූතං මය්හ පිප්ඵලී’ යනු ‘හුදෙක් ඇල්හාලේ බත් සමග තෙල්-ලුනු පමණක් නොව පෙරුම්කායම් ආදී ආහාර දිරවන දෑ ද, ඉඟරු-ගම්මිරිස්-තිප්පිලි ආදී වූ කුළුබඩු ද, මා ළඟ බොහෝ සේ ඇත. ඒවායින් මිශ්‍ර කරන ලද, ඇල් හාලේ බත් අනුභව කිරීමට එනු මැනවි’ යන අර්ථයි.
තං සුත්වා බොධිසත්තො චතුත්ථං ගාථමාහ –
මෙය අසා සිටි තලගොයා වන, බෝසත් තෙමේ මෙසේ පැවසීය.
“එස භිය්යො පවෙක්ඛාමි, වම්මිකං සතපොරිසං; තෙලං ලොණඤ්ච කිත්තෙසි, අහිතං මය්හ පිප්ඵලී”ති.
4. මම පුරුෂයන් සියදෙනකුන් පමණ විශාල වූ තුඹසට නැවත පිවිසෙමි. තෙල්-ලුණු ඇති බව, වර්ණනා කළත් තිප්පිලි ආදී වූ, ඒවා මට අගුණය.
තත්ථ පවෙක්ඛාමීති පවිසිස්සාමි. අහිතන්ති යං එතං තව කටුකභණ්ඩසඞ්ඛාතං පිප්ඵලි, එතං මය්හං අහිතං අසප්පායන්ති.
මෙහි ‘පවෙක්ඛාමි’ යනු ‘පිවිසෙන්නෙමි’ යන අර්ථයි. ‘අහිතං’ යනු ‘ඔබගේ ඒ කුළුබඩු සංඛ්‍යාත තිප්පිලි මට අහිතරය. එය මට අගුණය’ යන අර්ථයි.
එවඤ්ච පන වත්වා “අරෙ, කූටජටිල, සචෙ ඉධ වසිස්සසි, ගොචරගාමෙ මනුස්සෙහෙව තං ‘අයං චොරො’ති ගාහාපෙත්වා විප්පකාරං පාපෙස්සාමි, සීඝං පලායස්සූ”ති සන්තජ්ජෙසි. කූටජටිලො තතො පලායි.
මෙසේ කියූ තලගොයා තවුසා අමතා, ‘බොල, කූට ජටිලය, ඉදින් නුඹ මෙහි වසන්නෙහි නම්, ගොදුරු ගමේ මිනිසුන්ට තා සොරකු බව කියා, ඔවුන් ලවා තවුස් බවින් නෙරපා හරින්නෙමි. එබැවින් ‘වහා මෙතැනින් පලා යව’යි තවුසාට තර්ජනය කෙළේය. කපටි තවුසා වහා එතැනින් පැන ගියේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා කූටජටිලො අයං කුහකභික්ඛු අහොසි, ගොධරාජා පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. එදා කපටි තවුසා නම්, මේ කුහක භික්ෂුවයි. තලගොයා නම්, ‘මම ම වීමි’යි, බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.
ගොධරාජජාතකවණ්ණනා පඤ්චමා.