4. චම්මසාටකජාතකවණ්ණනා 324 අට්ඨකථා
4. චම්මසාටකජාතකවණ්ණනා (324)
4. චම්මසාටක ජාතකය (324)
කල්යාණරූපො වතයන්ති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො චම්මසාටකං නාම පරිබ්බාජකං ආරබ්භ කථෙසි. තස්ස කිර චම්මමෙව නිවාසනඤ්ච පාරුපනඤ්ච හොති. සො එකදිවසං පරිබ්බාජකාරාමා නික්ඛමිත්වා සාවත්ථියං භික්ඛාය චරන්තො එළකානං යුජ්ඣනට්ඨානං සම්පාපුණි. එළකො තං දිස්වා පහරිතුකාමො ඔසක්කි. පරිබ්බාජකො “එස මය්හං අපචිතිං දස්සෙතී”ති න පටික්කමි. එළකො වෙගෙනාගන්ත්වා තං ඌරුම්හි පහරිත්වා පාතෙසි. තස්ස තං අසන්තපග්ගහණකාරණං භික්ඛුසඞ්ඝෙ පාකටං අහොසි. භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං “ආවුසො, චම්මසාටකපරිබ්බාජකො අසන්තපග්ගහං කත්වා විනාසං පත්තො”ති සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපෙස අසන්තපග්ගහං කත්වා විනාසං පත්තොයෙවා”ති වත්වා අතීතං ආහරි.
‘කල්යාණරූපො වතයං’ යන මේ ගාථා කොටස අයත්වන ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම වැඩවසන සේක්, ‘චම්ම සාටක’ නම් වූ පරිබ්රාජකයකු අරබයා වදාළ සේක. ඉහත කී පරිබ්‍රාජකයා හඳින පොරවන සියලු වස්ත්‍ර සමින් ම සාදන ලද බැවින්, ඔහුට ‘චම්ම සාටක’ යන මේ නම ව්‍යවහාර කෙරේ. එක්දිනක් මේ පිරිවැජියා සිය ආරාමයෙන් නික්ම, සැවැත්නුවර පිඬු පිණිස හැසිරෙනවිට, එළු ගාලක එළුවන් පොරකනු දැක, එතැන නැවතී ඒ දෙස බලා සිටියේය. පිරිවැජියා දුටු එක් එළුවෙක් ඔහුට පහරදෙනු රිසියෙන් මඳක් පසුපසට ගියේය. ඔලුවද බිමට නැඹුරු කෙළේය. එළුවාගේ මේ හැසිරීම දුටු පිරිවැජියා, ‘මේ එළුවා මට ගෞරව දක්වන සෙයක් පෙනේ යැ’යි සිතා, සිටි තැනින් ඉවත් නොවී, එතනම සිටියේය. එළුවාද, වැර යොදා වේගයෙන් ඉදිරියට හඹා අවුත් පිරිවැජියාගේ කලවා ප්‍රදේශයට පහර දී, ඔහු බිම හෙළීය. නැති ගෞරවයක් ඇතැයි සිතා, මහත් හානියක් සිදුකරගත්, මේ පිරිවැජියාගේ කථාව භික්ෂු සංඝයා වහන්සේ අතරද, පැතිර ගියේය. ඒ භික්ෂූහු දම්සභාවේදී මේ ගැන සෙසු අය සමග කථා කරමින් හුන්හ. ඒ අතර බුදුරජාණන් වහන්සේ, එතැනට වැඩ ‘සාකච්ඡා කරමින් සිටියේ කුමක් ගැනදැ’යි භික්ෂූන්ගෙන් අසා, සියලු තොරතුරු දැන, ‘මහණෙනි, ඔය පරිබ්‍රාජකයා නැති දෙයක් ඇතැ’යි සිතා හානියක් කරගත් පළමු අවස්ථාව මෙය නොවේ. පෙරද එසේ විනාශයට පත්වූයේ යැ’යි වදාරා මේ අතීත කථාව මෙසේ ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො එකස්මිං වාණිජකුලෙ නිබ්බත්තිත්වා වයප්පත්තො වණිජ්ජං කරොති. තදා එකො චම්මසාටකපරිබ්බාජකො බාරාණසියං භික්ඛාය චරන්තො එළකානං යුජ්ඣනට්ඨානං පත්වා එළකං ඔසක්කන්තං දිස්වා “අපචිතිං මෙ කරොතී”ති සඤ්ඤාය අපටික්කමිත්වා “ඉමෙසං එත්තකානං මනුස්සානං අන්තරෙ අයං එකො එළකො අම්හාකං ගුණං ජානාතී”ති තස්ස අඤ්ජලිං පග්ගහෙත්වා ඨිතොව පඨමං ගාථමාහ –
අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ එක් වෙළෙඳ කුලයක ඉපිද, වෙළෙඳාම රැකියාව කොටගෙන වෙසේ. එකල එක් ‘චම්මසාටක’ පරිබ්‍රාජකයෙක් බරණැස පිඬු පිණිස ඇවිදිමින් අවුත්, එළුවන් පොරවදින තැනක නැවතුනි. එහිදී එක් එළුවෙක් ඔහු දැක පහරදෙනු සිතා ඔලුව බිමට නමාගෙන පස්සෙන් පස්සට ගියේය. මේ දුටු පරිබ්‍රාජකයා ‘මූ මට ගෞරව කෙරේ යැ’යි කල්පනා කොට සිටි තැනින් ඉවත් නොවී, එතැනම සිටගෙන, ‘මෙපමණ වූ මිනිසුන් අතරෙහි අපගේ ගුණ හඳුනා ගන්නේ එක් එළුවෙක් පමණක් නොවේදැ’යි, ඇඳිලි බැඳගෙන සිටගෙන ම මේ ගාථාව ප්‍රකාශ කෙළේය.
“කල්යාණරූපො වතයං චතුප්පදො, සුභද්දකො චෙව සුපෙසලො ච; යො බ්රාහ්මණං ජාතිමන්තූපපන්නං, අපචායති මෙණ්ඩවරො යසස්සී”ති.
කල්යාණරූපො වතයං චතුප්පදො, සුභද්දකො චෙව සුපෙස ලොච, යො බ්රාහ්මණං ජාති මන්තූප පන්නං, අපචායති මෙණ්ඩවරො යසස්සී ති
යශස් ඇති (බැටළුවන්ට ප්‍රධාන වූ) මේ උතුම් එළුවා ජාති සම්පන්න වූ, මන්ත්‍ර උගත් බමුණාට බුහුමන් දක්වා ද, ඒ මේ සිව්පාවා ඒකාන්තයෙන් ඉතා යහපත්, ඉතා හොඳ ප්‍රියශීලී සතෙකි.
තත්ථ කල්යාණරූපොති කල්යාණජාතිකො. සුපෙසලොති සුට්ඨු පියසීලො. ජාතිමන්තූපපන්නන්ති ජාතියා ච මන්තෙහි ච සම්පන්නං. යසස්සීති වණ්ණභණනමෙතං.
මෙහි ‘කල්යාණරූපො’ යනු ‘යහපත් ජාති ඇත්තෙතකි’, යන අර්ථයි. ‘සුපෙසලො’ යනු ‘ඉතාමත් ප්‍රියශීලී ය’ යන අර්ථයි. ‘ජාති මන්තූපපන්නං’ යනු ‘ජාතියෙන් හා මන්ත්‍රයන්ගෙන් සම්පූර්ණ වූ’ යන අර්ථයි. ‘යසස්සී’ යනු ‘වර්ණනා කිරීමකි’
තස්මිං ඛණෙ ආපණෙ නිසින්නො පණ්ඩිතවාණිජො තං පරිබ්බාජකං නිසෙධෙන්තො දුතියං ගාථමාහ –
මේ අවස්ථාවේ අසල තිබූ කඩයක වාඩිවී හුන්, බෝසත් වෙළෙඳතුමා, පරිබ්‍රාජකයාගේ ඉහත කී අදහස් ප්රතික්ෂෙප කරමින්, මෙසේ කීවේය.
“මා බ්‍රාහ්මණ ඉත්තරදස්සනෙන, විස්සාසමාපජ්ජි චතුප්පදස්ස; දළ්හප්පහාරං අභිකඞ්ඛමානො, අවසක්කතී දස්සති සුප්පහාර”න්ති.
2. බමුණ, එළුවාගේ දර්ශන මාත්‍රයෙන්, ඌ විශ්වාස නො කරනු මැනවි. දැඩිසේ පහර දීමේ අදහසින් පසු බැස, (අනතුරුව) තදින් පහර දෙන්නේ ය.
තත්ථ ඉත්තරදස්සනෙනාති ඛණිකදස්සනෙන.
මෙහි ‘ඉත්තර දස්සනෙන’ යනු ‘දර්ශන මාත්‍රයෙන්’, යන අදහසයි.
තස්ස පණ්ඩිතවාණිජස්ස කථෙන්තස්සෙව සො මෙණ්ඩකො වෙගෙනාගන්ත්වා ඌරුම්හි පහරිත්වා තං තත්ථෙව වෙදනාප්පත්තං කත්වා පාතෙසි. සො පරිදෙවමානො නිපජ්ජි. සත්ථා තං කාරණං පකාසෙන්තො තතියං ගාථමාහ –
මෙසේ මේ පණ්ඩිත වූ වෙළෙඳතුමා කථාකරමින් හුන් අතරතුරේදීම එළුවා වේගයෙන් ඉදිරියට අවුත්, පරිබ්‍රාජකයාගේ කලවා පෙදෙසට පහර දී, ඔහු එතැන ම බිම හෙළා, ඉවත්ව ගියේය. පරිබ්‍රාජකයා වේදනාවෙන් වැලපෙමින් බිම වැතිරුනේය. පසුව මේ කාරණය නිමිති කොටගෙන, බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාළ සේක.
“ඌරුට්ඨි භග්ගං වට්ටිතො ඛාරිභාරො, සබ්බඤ්ච භණ්ඩං බ්රාහ්මණස්ස භින්නං; උභොපි බාහා පග්ගය්හ කන්දති, අතිධාවථ හඤ්ඤතෙ බ්‍රහ්මචාරී”ති.
3. කලවා ඇටය බිඳුණි. තවුස් පිරිවර (බිම) වැටුණි. බමුණාගේ සියලුම බඩු මුට්ටු පොඩි විය. (දැන්) තවුසා නැසුණි. ‘වහා දුවවු’ යැයි, කියමින් දෑත් බැඳගෙන හඬයි.
තස්සත්ථො – භික්ඛවෙ, තස්ස පරිබ්බාජකස්ස ඌරුට්ඨිකං භග්ගං, ඛාරිභාරො වට්ටිතො පවට්ටිතො, තස්මිං පවට්ටමානෙ යං තත්ථ තස්ස බ්රාහ්මණස්ස උපකරණභණ්ඩං, තම්පි සබ්බං භින්නං, සොපි උභො බාහා උක්ඛිපිත්වා පරිවාරෙත්වා ඨිතපරිසං සන්ධාය “අභිධාවථ, හඤ්ඤතෙ බ්‍රහ්මචාරී”ති වදන්තො කන්දති රොදති පරිදෙවතීති.
‘මහණෙනි, ඒ පරිබ්‍රාජකයාගේ කලවා ඇයට බිඳුණි. තවුස් පිරිකර ගිලිහුණි. ඔහු බිම පෙරළෙන කල්හි, ඔහුගේ සියලු උපකරණ බඩු පොඩි විය. හේ දෑත් ඔසවා වටේ සිටි පිරිස අමතා, ‘වහා ඉදිරියට දුවවු, තාපසයා නැසේ’ යැයි කියමින් කඳුළු සලයි. හඬයි. වැලපෙයි යනුයි.
පරිබ්බාජකො චතුත්ථං ගාථං ආහ –
පසුව තුවාල ලත් පරිබ්‍රාජකයා මේ ගාථාව කීය.
“එවං සො නිහතො සෙති, යො අපූජං පසංසති; යථාහමජ්ජ පහතො, හතො මෙණ්ඩෙන දුම්මතී”ති.
4. යම් සේ මෝඩ වූ මම, අද එළුවා විසින් පහර දෙන ලදුව නැසුනෙමි. යමෙක් නො පිදිය යුත්තකුට පසසා ද? ඔහු විපතට පත්ව හෝනේය.
තත්ථ අපූජන්ති අපූජනීයං. යථාහමජ්ජාති යථා අහං අජ්ජ අසන්තපග්ගහං කත්වා ඨිතො මෙණ්ඩෙන දළ්හප්පහාරෙන පහතො එත්ථෙව මාරිතො . දුම්මතීති දුප්පඤ්ඤො. එවං යො අඤ්ඤොපි අසන්තපග්ගහං කරිස්සති, සොපි අහං විය දුක්ඛං අනුභවිස්සතීති සො පරිදෙවන්තො තත්ථෙව ජීවිතක්ඛයං පත්තොති.
මෙහි ‘අපූජං’ යනු ‘නො පිදිය යුත්තකු’, යන අර්ථයි. ‘යථා හමජ්ජ’ යනු ‘යම්සේ මම අද අසත්පුරුෂයන් හා එක්වීම නිසා එළුවකු විසින් දැඩි ලෙසින් පහර දෙන ලදුව මෙහිම මරනු ලැබුවෙම්ද?’ යන අදහසයි. ‘දුම්මති’ යනු ‘අනුවණයාය. ‘මෙසේ යමෙක් අසත්පුරුෂ සමාගමයක් කරන්නේද? ඔහු ද මා මෙන් දුක් අනුභව කරන්නේය යන අර්ථයි. මෙසේ ඒ පරිබ්‍රාජකයා වැළපෙමින් සිට, එතැනම ජීවිතක්ෂයට පත්විය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා චම්මසාටකො එතරහි චම්මසාටකො අහොසි, පණ්ඩිතවාණිජො පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. එදා පරිබ්‍රාජකයා නම්, මෙදා තැනැත්තාමය. පණ්ඩිත වෙළෙඳතුමා වූ කලී ‘මම ම වීමි’ යි බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.
චම්මසාටකජාතකවණ්ණනා චතුත්ථා.