යෙදුමෙන් කියවන්න

3. බ්‍රහ‍්මදත‍්තජාතකවණ‍්ණනා 323 අට‍්ඨකථා

3. බ්‍රහ‍්මදත‍්තජාතකවණ‍්ණනා (323)

3. බ්‍රහ්මදත්ත ජාතකය (323)

ද‍්වයං යාචනකොති ඉදං සත්‍ථා ආළවිං නිස‍්සාය අග‍්ගාළවෙ චෙතියෙ විහරන‍්තො කුටිකාරසික‍්ඛාපදං ආරබ‍්භ කථෙසි. වත්‍ථු පන හෙට‍්ඨා මණිකණ‍්ඨජාතකෙ (ජා· 1.3.7 ආදයො) ආගතමෙව. ඉධ පන සත්‍ථා “සච‍්චං කිර තුම‍්හෙ, භික‍්ඛවෙ, යාචනබහුලා විඤ‍්ඤත‍්තිබහුලා විහරථා”ති වත්‍වා “ආම, භන‍්තෙ”ති වුත‍්තෙ තෙ භික‍්ඛූ ගරහිත්‍වා “භික‍්ඛවෙ, පොරාණකපණ‍්ඩිතා පථවිස‍්සරෙන රඤ‍්ඤා පවාරිතාපි පණ‍්ණච‍්ඡත‍්තඤ‍්ච එකපටලිකං උපාහනයුගඤ‍්ච යාචිතුකාමා හිරොත‍්තප‍්පභෙදනභයෙන මහාජනමජ‍්ඣෙ අකථෙත්‍වා රහො කථයිංසූ”ති වත්‍වා අතීතං ආහරි.

‘ද්වයං යාචනකො රාජා’ යන මේ ගාථා කොටස අයත් වන ජාතක කථාව බුදුරජාණන් වහන්සේ අළවු නුවර අග්ගාළව චෛත්‍ය ස්ථානයේදී, ‘කුටිකාර ශික්‍ෂාපදය’ නිමිති කොටගෙන වදාළ සේක. මෙහි වර්තමාන කථාවස්තුව මීට පෙර ‘මණිකණ්ඨ’ ජාතකයෙහි දක්වා ඇත. ඒ අනුව බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් අමතා, ‘මහණෙනි, තෙපි ඉල්ලීම් බහුලව, අවශ්‍යතා බහුලව වාසය කරවුදැ’යි විමසූ සේක. එවිට ඒ භික්‍ෂූහු ‘ස්වාමීනි, එසේ යැ’යි එය පිළිගත්හ. බුදුරජාණන් වහන්සේ ඔවුන්ට ගරහා ‘මහණෙනි, පෙර පඬිවරු, රජතුමා ඕනෑම දෙයක් දීමට කැමතිව සිටිද්දීත්, කොළවලින් සෑදූ කුඩයකුත්, තනිපට වහන් සඟලකුත්, අත්‍යවශ්‍යව සිටියත්, හිරි ඔතප් බියෙන්, පිරිස් මැද එය නො පවසා, රහසිගතව රජුට ඒ බව දැනුම් දුන්හ’යි වදාරා මේ අතීත කථාව වදාළ සේක.

අතීතෙ කපිලරට‍්ඨෙ උත‍්තරපඤ‍්චාලනගරෙ උත‍්තරපඤ‍්චාලරාජෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො එකස‍්මිං නිගමගාමෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො තක‍්කසිලායං සබ‍්බසිප‍්පානි උග‍්ගණ‍්හිත්‍වා අපරභාගෙ තාපසපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා හිමවන‍්තෙ උඤ‍්ඡාචරියාය වනමූලඵලාඵලෙන යාපෙන‍්තො චිරං වසිත්‍වා ලොණම‍්බිලසෙවනත්‍ථාය මනුස‍්සපථං විචරන‍්තො උත‍්තරපඤ‍්චාලනගරං පත්‍වා රාජුය්‍යානෙ වසිත්‍වා පුනදිවසෙ භික‍්ඛං පරියෙසමානො නගරං පවිසිත්‍වා රාජද‍්වාරං සම‍්පාපුණි. රාජා තස‍්සාචාරෙ ච විහාරෙ ච පසීදිත්‍වා මහාතලෙ නිසීදාපෙත්‍වා රාජාරහං පණීතභොජනං භොජෙත්‍වා පටිඤ‍්ඤං ගහෙත්‍වා උය්‍යානෙයෙව වසාපෙසි. සො නිබද‍්ධං රාජඝරෙයෙව භුඤ‍්ජන‍්තො වස‍්සානස‍්ස අච‍්චයෙන හිමවන‍්තමෙව ගන‍්තුකාමො හුත්‍වා චින‍්තෙසි “මය‍්හං මග‍්ගං ගච‍්ඡන‍්තස‍්ස එකපටලිකා උපාහනා චෙව පණ‍්ණච‍්ඡත‍්තඤ‍්ච ලද‍්ධුං වට‍්ටති, රාජානං යාචිස‍්සාමී”ති. සො එකදිවසං රාජානං උය්‍යානං ආගන‍්ත්‍වා වන්‍දිත්‍වා නිසින‍්නං දිස‍්වා “උපාහනඤ‍්ච ඡත‍්තඤ‍්ච යාචිස‍්සාමී”ති චින‍්තෙත්‍වා පුන චින‍්තෙසි “පරං ‘ඉමං නාම දෙහී’ති යාචන‍්තො රොදති නාම, පරොපි ‘නත්‍ථී’ති වදන‍්තො පටිරොදති නාම, ‘මා ඛො පන මං රොදන‍්තං මහාජනො අද‍්දස, මා රාජාන”න‍්ති රහො පටිච‍්ඡන‍්නට‍්ඨානෙ උභොපි රොදිත්‍වා තුණ‍්හී භවිස‍්සාමා”ති. අථ නං “මහාරාජ, රහො පච‍්චාසීසාමී”ති ආහ. රාජා තං සුත්‍වා රාජපුරිසෙ අපසක‍්කි. බොධිසත‍්තො “සචෙ මයි යාචන‍්තෙ රාජා න දස‍්සති, මෙත‍්ති නො භිජ‍්ජිස‍්සති, තස‍්මා න යාචිස‍්සාමී”ති තං දිවසං නාමං ගහෙතුං අසක‍්කොන‍්තො “ගච‍්ඡ, තාව, මහාරාජ, පුනෙකදිවසං ජානිස‍්සාමී”ති ආහ.

අතීතයෙහි ‘කපිල’ රට, ‘උත්තර පංචාල’ නගරයෙහි පංචාල රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ එක් නියං ගමක බමුණු පවුලක ඉපිද, නිසි වියට පත්ව තක්ෂිලාවට ගොස් සියලු ශිල්ප උගෙන, පසුකලෙක තවුස් පැවිද්දෙන් පැවිදිව, හිමවතෙහි ආහාර සිඟීමෙන් වනමුල් පලවැලින් යැපෙමින් බොහෝ කලක් වැස, ලුණුඇඹුල් සෙවීම සඳහා මිනිස් වාසයෙහි සැරිසරනුයේ, උත්තර පංචාල නුවරට පැමිණියේය. එහිදී රජුගේ උයනෙහි නැවතී, පසුදා පිඬු පිණිස නුවරට පිවිස, ක්‍රමයෙන් රාජවාසල වෙත පැමිණියේය. රජතුමා මේ තවුසාගේ හැසිරීම් පැවතීම් දැක පැහැදී, උඩු මහල් තලයෙහි ඔහු හිඳුවා රජ බොජුන් වළඳවා, තවදුරටත් උයනෙහි ම රඳවා ගැනීමට කැමති කර ගත්තේය. තවුස්තුමා දැන් නිබඳව රාජ මාලිගයෙන්ම දානය ගනී. මෙසේ වස්සානය නිමාවන තෙක්ම සිට, ඉන්පසු නැවත හිමාලයට යනු කැමැතිව, මෙසේ සිතීය. ‘මහමග ගමන් කරන මට, තනිපට පාවහන් යුගලකුත් කොළවලින් සාදන ලද කුඩයකුත් ඇත්නම් මනාය, ඒවා රජුගෙන් ඉල්ලා ගන්නෙමි’ යනුවෙනි. මෙසේ සිතූ තවුසා, එක් දිනක් තමා වෙත පැමිණි රජතුමා, තමාට නමස්කාර කොට එකත්පස්ව හිඳිනු දැක, ඉහත කී භාණ්ඩ රජුගෙන් ඉල්ලීමට සිතූ මුත් ‘අනුන්ගෙන් යමක් ඉල්ලීම හැඬීමක් වැනිය. ඉල්ලන්නෙකුට නැතැ යි කීමද, හැඬීමක් වැනිය. මා හඬනු මෙහි සිටින පිරිස දුටුවහොත්, එය ද හොඳ නැත. ඒ නිසා මෙහිදී අප දෙදෙනාම නොහඬා පසුව කිසිවකු නැති තැනකදී, ඇවැසි දේ රජුගෙන් රහසිගතව ඉල්ලා ගන්නෙමැ’යි නිශ්ශබ්ද විය. ටික වෙලාවකට පසුව තවුසා රජතුමාට කථාකොට එතුමා රහසිගතව හමුවීමට අවශ්‍ය බව කීවේය. එවිට රජතුමා අවට සිටි රාජපුරුෂයන් ඉවත් කරවීය. එවිටද බෝසත් තවුසා ‘ඉදින් මා ඉල්ලූවිට රජතුමා ඒවා නොදුන්නොත්, අප අතර ඇති මිතුරුකම එයින්ම ඉවර වේ. එම නිසා කිසිවක් නො ඉල්ලන්නෙමි’යි තීරණය කොට, අවශ්‍ය දේ කියාගත නොහැකිව ‘මහරජතුමනි, මම එය පසුව ඔබතුමාට කියන්නෙමි. එබැවින් දැන් ආපසු යනු මැනවැ’යි රජු පිටත්කොට යැවීය.

පුනෙකදිවසං රඤ‍්ඤො උය්‍යානං ආගතකාලෙ තථෙව පුන තථෙවාති එවං යාචිතුං අසක‍්කොන‍්තස‍්සෙව ද‍්වාදස සංවච‍්ඡරානි අතික‍්කන‍්තානි. තතො රාජා චින‍්තෙසි “මය‍්හං අය්‍යො ‘මහාරාජ, රහො පච‍්චාසීසාමී’ති වත්‍වා පරිසාය අපගතාය කිඤ‍්චි වත‍්තුං න විසහති, වත‍්තුකාමස‍්සෙවස‍්ස ද‍්වාදස වස‍්සානි අතික‍්කන‍්තානි, චිරං ඛො පනස‍්ස බ්‍රහ‍්මචරියං චරන‍්තස‍්ස උක‍්කණ‍්ඨිත්‍වා භොගෙ භුඤ‍්ජිතුකාමො රජ‍්ජං පච‍්චාසීසති මඤ‍්ඤෙ, රජ‍්ජස‍්ස පන නාමං ගහෙතුං අසක‍්කොන‍්තො තුණ‍්හී හොති, අජ‍්ජ දානිස‍්සාහං රජ‍්ජං ආදිං කත්‍වා යං ඉච‍්ඡති, තං දස‍්සාමී”ති. සො උය්‍යානං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා නිසින‍්නො බොධිසත‍්තෙන “රහො පච‍්චාසීසාමී”ති වුත‍්තෙ පරිසාය අපගතාය තං කිඤ‍්චි වත‍්තුං අසක‍්කොන‍්තං ආහ “තුම‍්හෙ ද‍්වාදස වස‍්සානි ‘රහො පච‍්චාසීසාමී’ති වත්‍වා රහො ලද‍්ධාපි කිඤ‍්චි වත‍්තුං න සක‍්කොථ, අහං වො රජ‍්ජං ආදිං කත්‍වා සබ‍්බං පවාරෙමි, නිබ‍්භයා හුත්‍වා යං වො රුච‍්චති, තං යාචථා”ති. “මහාරාජ, යමහං යාචාමි, තං දස‍්සසී”ති? “දස‍්සාමි, භන‍්තෙ”ති. “මහාරාජ, මය‍්හං මග‍්ගං ගච‍්ඡන‍්තස‍්ස එකපටලිකා උපාහනා ච පණ‍්ණච‍්ඡත‍්තඤ‍්ච ලද‍්ධුං වට‍්ටතී”ති. “එත‍්තකං, භන‍්තෙ, තුම‍්හෙ ද‍්වාදස සංවච‍්ඡරානි යාචිතුං න සක‍්කොථා”ති. “ආම, මහාරාජා”ති. “කිංකාරණා, භන‍්තෙ, එවමකත්‍ථා”ති. “මහාරාජ, ‘ඉමං නාම මෙ දෙහී’ති යාචන‍්තො රොදති නාම, ‘නත්‍ථී’ති වදන‍්තො පටිරොදති නාම. ‘සචෙ ත්‍වං මයා යාචිතො න දදෙය්‍යාසි, තං නො රොදිතපටිරොදිතං නාම මහාජනො මා පස‍්සතූ’ති එතදත්‍ථං රහො පච‍්චාසීසාමී”ති වත්‍වා ආදිතො තිස‍්සො ගාථා අභාසි –

නැවත අන්දිනෙක රජතුමා තවුසා වෙත පැමිණියේය. එදා ද සිදුවූයේ පළමු කී දේමය. මෙසේ තවුසාගේ මේ උත්සාහයටම දොළොස් වසක් ගතවිණි. අවුරුදු දොළොසකට පසුව රජතුමා මෙසේ සිතීය. ‘මේ උතුම් තාපසතුමා ‘රහසක් පවසන්නෙමැ’යි කියා උත්සාහවත් වී, පිරිස ඉවත්වූ පසු කිසිවක් කියා ගැනීමට අපොහොසත් වේ. වසර දොළහක්ම උත්සාහ ගත්තත් තවම එය කියාගත නොහැකිව සිටින සෙයක් පෙනේ. එකත් එකටම බොහෝ කාලයක් බ්‍රහ්ම චර්යාවෙහි යෙදුණු එතුමාට තපසෙහි කලකිරී සම්පත් විඳීමට කැමැත්තක් ඇතිවීම නිසා මාගේ රජය අපේක්‍ෂා කරන බවක් පෙනේ. මාගෙන් රාජ්‍යය ඉල්ලාගැනීමට ආත්ම ශක්තියක් නොමැතිකම නිසාම ඔහු නිශ්ශබ්ද වේ. ඒ නිසා මම දැන් මේ මොහොතේදීම රාජ්‍යය ආදීකොට ඇති, ඔහු ඉල්ලන සියල්ලම ඔහුට දෙන්නෙමි’යි තීරණය කර ගත්තේය. අනතුරුව උයනට ගිය රජතුමා තුවුසාට වැඳ එකත්පස්ව වාඩිවිය. තවුසා ද පුරුදු පරිදි රහස කීමට සූදානම් වී පිරිස ඉවත් වූ පසු, කිසිවක් කියාගත නොහැකිව නිශ්ශබ්ද විය. එවිට රජතුමා ‘ස්වාමීනි, ඔබතුමා දොළොස් අවුරුද්දක් මුළුල්ලේ එකම රහසක් කීමට උත්සාහ කළ නමුත්, කිසිවක් කියාගත නොහැකි වූවෙහිය. එබැවින් අද මම ඔබතුමාට මාගේ මේ රජය ප්‍රධානකොට ඇති, සියල්ලම පවරා දෙමි. එම නිසා බිය සැක නැතිව ඔබතුමා කැමති ඕනෑම දෙයක් ඉල්ලනු මැනවැ’යි කීය. ඒ ඇසූ තවුසා ‘මහරජතුමනි, යමක් ඉල්ලුවොත් එය දිය හැකිදැ’යි ඇසීය. ‘එසේය, ස්වාමීනි’, ‘එසේ වී නම් රජතුමනි, නිතර මහමග යන මට, තනිපට වහන් සඟලකුත් කොළවලින් සෑදූ කුඩයකත් ලැබේ නම් මැනවැ’යි තවුසා කීය. ඒ ඇසූ රජතුමා ‘ස්වාමීනි, ඔබවහන්සේට දොළොස් අවුරුද්දක් ගතවූයේ මේ ඉල්ලීමටදැ’යි, ඇසීය. ‘රජතුමනි, එසේය’. ‘ස්වාමීනි, මෙසේ කෙළේ කුමක් නිසා ද?’ ‘මහරජතුමනි, කෙනෙකුගෙන් යමක් ඉල්ලීම හැඬීමක් වැනිය. ඉල්ලූවිට නැතැ’යි කෙනකුගෙන් යමක් ඉල්ලීම හැඬීමක් වැනිය. ඉල්ලූවිට නැතැයි කීම ද, හැඬීමකි. යම් විදියකින් මා ඔබගෙන් යමක් ඉල්ලා, එය දිය නොහැකි වුවහොත්, අප දෙදෙනාගේම හැඬීම අවට සිටින අය දකිති. මේ හේතුව නිසා එය රහසින් ඉල්ලන්නට සිතුවෙමි’යි කරුණු පැහැදිලි කළ බෝසත් තවුසා, මේ ගාථා තුන ප්‍රකාශ කෙළේය.

“ද‍්වයං යාචනකො රාජ, බ්‍රහ‍්මදත‍්ත නිගච‍්ඡති; අලාභං ධනලාභං වා, එවංධම‍්මා හි යාචනා.

ද්වයං යාචනකො රාජ - බ්‍රහ්ම දත්තෙ නිගච්ඡති, අලාභ ධනලාභං වා එවං ධම්මා හි යාචනා

බඹදත් රජතුමනි, ඉල්ලන්නකුට ධන ලාභය හෝ අලාභය හෝ යන දෙකට පැමිණීමට සිදුවේ. යාඥාව වූ කලී මෙබඳු ස්වරූප ඇත්තේය.

“යාචනං රොදනං ආහු, පඤ‍්චාලානං රථෙසභ; යො යාචනං පච‍්චක‍්ඛාති, තමාහු පටිරොදනං.

2. පංචාලයට අධිපති රජතුමනි, යාඥාව හැඬීමකැ’යි කියති. යමෙක් එය ප්‍රතික්‍ෂෙප කෙරේද? එය ප්‍රතිරෝදනය (පෙරළා හැඬීම)යි කියති.

“මා මද‍්දසංසු රොදන‍්තං, පඤ‍්චාලා සුසමාගතා; තුවං වා පටිරොදන‍්තං, තස‍්මා ඉච‍්ඡාමහං රහො”ති.

3. එබැවින් රැස්වූ පංචාල වැසියෝ, මාගේ හැඬීමත්, ඔබගේ පෙරළා හැඬීමත් නොදකිත්වා යන හැඟීම නිසා ‘පෞද්ගලික හමුව’ කැමති වෙමි.

තත්‍ථ රාජ බ්‍රහ‍්මදත‍්තාති ද‍්වීහිපි රාජානං ආලපති. නිගච‍්ඡතීති ලභති වින්‍දති. එවංධම‍්මාති එවංසභාවා. ආහූති පණ‍්ඩිතා කථෙන‍්ති. පඤ‍්චාලානං රථෙසභාති පඤ‍්චාලරට‍්ඨස‍්ස ඉස‍්සර රථපවර. යො යාචනං පච‍්චක‍්ඛාතීති යො පන යං යාචනකං “නත්‍ථී”ති පටික‍්ඛිපති. තමාහූති තං පටික‍්ඛිපනං “පටිරොදන”න‍්ති වදන‍්ති. මා මද‍්දසංසූති තව රට‍්ඨවාසිනො පඤ‍්චාලා සුසමාගතා මං රොදන‍්තං මා අද‍්දසංසූති.

මෙහි ‘රාජ බ්‍රහ්මදත්ත’ යන වචන දෙකෙන්ම රජු අමතයි. ‘නිගච්ඡති’ යනු ලබයි, හිමිකර ගනී යන අර්ථයි. ‘එවං ධම්මා’ යන ‘මෙබඳු ස්වභාව ඇත්තේය’, යන අර්ථයි. ‘ආහු’ යනු පඬිවරු කීහ’, යන අර්ථයි. ‘පංචාලාහං රථෙසභ’ යනු පංචාලයට අධිපති රජතුමනි’, යන අර්ථයි. ‘යො යාචනං පච්චක්ඛාති’ යනු ‘යමෙක් වනාහී යම් යදියකුට නැතැයි, ප්‍රතික්‍ෂෙප කෙරේද?’ යන අර්ථයි. ‘තමාහු’ යනු ‘ඒ ප්‍රක්‍ෂේප කිරීම’යි. ‘පටිරොදනං’ යනු ‘ප්‍රකාශ කළ බව කියති’, යන අර්ථයි. ‘මා මද්දසංසු’ යනු ‘මෙතැනට රැස් වූ ඔබගේ පංචාල රටවැසියෝ, හඬන මා නො දකිත්වා යන අදහසයි.

රාජා බොධිසත‍්තස‍්ස ගාරවලක‍්ඛණෙ පසීදිත්‍වා වරං දදමානො චතුත්‍ථං ගාථමාහ –

මේ ඇසූ රජතුමා, බෝසතුන්ගේ ගෞරව ලක්‍ෂණය කෙරෙහි, පැහැදී වරයක් දෙමින්, මෙසේ පැවසීය.

“දදාමි තෙ බ්‍රාහ‍්මණ රොහිණීනං, ගවං සහස‍්සං සහ පුඞ‍්ගවෙන; අරියො හි අරියස‍්ස කථං න දජ‍්ජා, සුත්‍වාන ගාථා තව ධම‍්මයුත‍්තා”ති.

4. බමුණ, ඔබතුමාට ගොනකු සමග රතු පැහැති දෙනුන් දහසක් දෙමි, උතුමෙක්, උතුම් වූ ඔබේ දැහැමි ගාථාවන් අසා කෙසේ නම්, පරිත්‍යාගයක් නොකරන්නේද?

තත්‍ථ රොහිණීනන‍්ති රත‍්තවණ‍්ණානං. අරියොති ආචාරසම‍්පන‍්නො. අරියස‍්සාති ආචාරසම‍්පන‍්නස‍්ස. කථං න දජ‍්ජාති කෙන කාරණෙන න දදෙය්‍ය. ධම‍්මයුත‍්තාති කාරණයුත‍්තා.

මෙහි ‘රෝහිණීනං’ යනු ‘රතු පැහැති’, යන තේරුමයි. ‘අරියො’ යනු ‘ආචාර සම්පන්න’, යන අර්ථයි. ‘අරියස්ස’ යනු ‘ආචාර සම්පන්නයකුට’, යන අර්ථයි. ‘කථං න දජ්ජෙ’ යනු කුමන කරුණක් නිසා නොදෙන්නෙම්ද?’ යන අර්ථයි. ‘ධම්මයුත්තා’ යනු ‘කාරණා සහිත’, යන අර්ථයි.

බොධිසත‍්තො පන “නාහං, මහාරාජ, වත්‍ථුකාමෙහි අත්‍ථිකො, යං අහං යාචාමි, තදෙව මෙ දෙහී”ති එකපටලිකා උපාහනා ච පණ‍්ණච‍්ඡත‍්තඤ‍්ච ගහෙත්‍වා “මහාරාජ, අප‍්පමත‍්තො හොහි, දානං දෙහි, සීලං රක‍්ඛාහි, උපොසථකම‍්මං කරොහී”ති රාජානං ඔවදිත්‍වා තස‍්ස යාචන‍්තස‍්සෙව හිමවන‍්තමෙව ගතො. තත්‍ථ අභිඤ‍්ඤා ච සමාපත‍්තියො ච නිබ‍්බත‍්තෙත්‍වා බ්‍රහ‍්මලොකපරායණො අහොසි.

බෝසත් තෙමේ ‘මහරජතුමනි,’ මම වනාහි වස්තුකාමය බලාපොරොත්තු වන්නෙක් නොවෙමි. ඉල්ලූ දෙය පමණක් මට දෙනු මැනවැ’යි කියා, වහන් සඟලත් කුඩයත් ලබාගෙන, ‘මහරජතුමනි, අප්‍රමාදීව කටයුතු කරනු මැනවි, දන් දෙනු මැනවි, සිල් රකිනු මැනවි, පෙහෙවස් සමාදන් වනු මැනවැ’යි, මෙසේ රජුට ඔවදන් දී, තවදුරටත් සිය උයනෙහි සිටින ලෙස රජු ඉල්ලා සිටිද්දීම, එය නොතකා, හිමාලය කරාම ගියේය. එහිදී අභිඥාවන් හා සමාපත්ති උපදවාගෙන, ජීවත්ව සිට පසුකලෙක මැරී, බඹලොව උපන්නේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා රාජා ආනන්‍දො අහොසි, තාපසො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. ‘එදා රජ නම්, ආනන්ද තෙරණුවෝය. තාපසයා වූ කලී, ‘මම ම වීමි’යි, බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දක්වා වදාළ සේක.

බ්‍රහ‍්මදත‍්තජාතකවණ‍්ණනා තතියා.