යෙදුමෙන් කියවන්න

2. දුද‍්දුභජාතකවණ‍්ණනා 322 අට‍්ඨකථා

2. දුද‍්දුභජාතකවණ‍්ණනා (322)

2. දද්දභ ජාතකය (322)

දුද‍්දුභායති භද‍්දන‍්තෙති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අඤ‍්ඤතිත්‍ථියෙ ආරබ‍්භ කථෙසි. තිත්‍ථියා කිර ජෙතවනස‍්ස සමීපෙ තස‍්මිං තස‍්මිං ඨානෙ කණ‍්ටකාපස‍්සයෙ සෙය්‍යං කප‍්පෙන‍්ති, පඤ‍්චාතපං තපෙන‍්ති, නානප‍්පකාරං මිච‍්ඡාතපං චරන‍්ති. අථ සම‍්බහුලා භික‍්ඛූ සාවත්‍ථියං පිණ‍්ඩාය චරිත්‍වා ජෙතවනං ආගච‍්ඡන‍්තා අන‍්තරාමග‍්ගෙ තෙ දිස‍්වා ගන‍්ත්‍වා සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා “අත්‍ථි නු ඛො, භන‍්තෙ, අඤ‍්ඤතිත්‍ථියානං වතසමාදානෙ සාරො”ති පුච‍්ඡිංසු. සත්‍ථා “න, භික‍්ඛවෙ, තෙසං වතසමාදානෙ සාරො වා විසෙසො වා අත්‍ථි, තඤ‍්හි නිඝංසියමානං උපපරික‍්ඛියමානං උක‍්කාරභූමිමග‍්ගසදිසං සසකස‍්ස දුද‍්දුභසදිසං හොතී”ති වත්‍වා “දුද‍්දුභසදිසභාවමස‍්ස මයං න ජානාම, කථෙථ නො, භන‍්තෙ”ති තෙහි යාචිතො අතීතං ආහරි.

‘දද්දභායති භද්දන්තෙ’ යන මේ ගාථා කොටස අයත් ජාතක ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක්, අන්‍ය තීර්ථකයන් අරබයා දේශනා කළ සේක. තීර්ථකයෝ දෙව්රම් වෙහෙර සමීපයෙහි, ඒ ඒ තැන කටු මැසිවල නිදා ගනිති. පංච තාපයෙන් ශරීර තවති, විවිධ වූ මිථ්‍යා තපස්කම් කෙරෙති. දිනක් භික්‍ෂූහු බොහෝ දෙනෙක් ඉහත කී තපස්වීන් දැක, බුදුරදුන් වෙත ගොස් ‘ස්වාමීනි, අන්‍ය තීර්ථක මහණ බමුණන්ගේ ව්‍රත සමාදානයෙහි සාරයක් ඇත්දැ’යි, විමසූහ. එවිට බුදුරජාණන් වහන්සේ ‘මහණෙනි, ඔවුන්ගේ ව්‍රත සමාදානයෙහි හරයක් හෝ, විශේෂයක් හෝ නැත. පරීක්‍ෂා කොට බලන කල්හි ඔවුන්ගේ වෙහෙසර වූ ගමන්මග කාන්තාර මාර්ගයක් වැනිය. බියට පත් සාවාගේ නිශ්ඵල දිවිල්ල වැනියැ’යි, වදාළ සේක. එවිට එහි සිටි භික්‍ෂු පිරිස ‘ස්වාමීනි, සාවාගේ කථාව අපි නො දනිමු. එය වදාළ මැනවැ’යි ඉල්ලා සිටියහ. බුදුරජාණන් වහන්සේ ඒ අතීත කථාව මෙසේ වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො සීහයොනියං නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො අරඤ‍්ඤෙ පටිවසති. තදා පන පච‍්ඡිමසමුද‍්දසමීපෙ බෙලුවමිස‍්සකතාලවනං හොති. තත්‍රෙකො සසකො බෙලුවරුක‍්ඛමූලෙ එකස‍්ස තාලගච‍්ඡස‍්ස හෙට‍්ඨා වසති. සො එකදිවසං ගොචරං ආදාය ආගන‍්ත්‍වා තාලපණ‍්ණස‍්ස හෙට‍්ඨා නිපන‍්නො චින‍්තෙසි “සචෙ අයං පථවී සංවට‍්ටෙය්‍ය, කහං නු ඛො ගමිස‍්සාමී”ති. තස‍්මිං ඛණෙ එකං බෙලුවපක‍්කං තාලපණ‍්ණස‍්ස උපරි පති. සො තස‍්ස සද‍්දෙන “අද‍්ධා පථවී සංවට‍්ටතී”ති උප‍්පතිත්‍වා පච‍්ඡතො අනොලොකෙන‍්තොව පලායි. තං මරණභයභීතං වෙගෙන පලායන‍්තං අඤ‍්ඤො සසකො දිස‍්වා පුච‍්ඡි “කිං භො, අතිවිය භීතො පලායසී”ති. “මා පුච‍්ඡි, භො”ති. සො “කිං භො, කිං භො”ති පච‍්ඡතො ධාවතෙව. ඉතරො නිවත‍්තිත්‍වා අනොලොකෙන‍්තොව “එත්‍ථ පථවී සංවට‍්ටතී”ති ආහ. සොපි තස‍්ස පච‍්ඡතො පලායි. එවං තමඤ‍්ඤො අද‍්දස, තමඤ‍්ඤොති එවං සසකසහස‍්සං එකතො හුත්‍වා පලායි. තෙ එකොපි මිගො දිස‍්වා එකතො හුත්‍වා පලායි. එකො සූකරො, එකො ගොකණ‍්ණො, එකො මහිංසො, එකො ගවයො, එකො ඛග‍්ගො, එකො බ්‍යග‍්ඝො, එකො සීහො, එකො හත්‍ථී දිස‍්වා “කිමෙත”න‍්ති පුච‍්ඡිත්‍වා “එත්‍ථ පථවී සංවට‍්ටතී”ති වුත‍්තෙ පලායි. එවං අනුක‍්කමෙන යොජනමත‍්තං තිරච‍්ඡානබලං අහොසි.

අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ සිංහ ජාතියෙහි ඉපිද, තරුණ වියට පත්වී, වනයෙහි වෙසේ. එකල බටහිර මුහුද සමීපයෙහි, අතරින් පතර බෙලි ගස් ඇති, තල් වනයක් විය. කැලයෙහි වෙසෙන එක් සාවෙක් බෙලි ගසක් සමීපයෙහි වූ තල් ගසක් මුල නිදන්නට පුරුදු වී සිටියේය. දිනක් ඌ ගොදුරු ගෙන තල් ගස යට හාන්සි වී, මෙසේ කල්පනා කරන්නට පටන් ගත්තේය. ‘ඉදින් මේ මහපොළොව යම්දිනෙක පෙරළෙන්නට පටන් ගත්තොත්, කොහේ කියා යන්නෙම්ද? යනුවෙනි. ඌ මෙසේ සිතද්දීම, බෙලිගෙඩියක් තල්කොළයක් උඩට වැටුණි. ඒ ශබ්දයෙන් තැතිගත් සාවා ‘ඒකාන්තයෙන්ම මහපොළොව පෙරළෙන්නේයැ’යි වහා නැගිට පසු නොබලා දුවන්නට පටන් ගත්තේය. මරණ භයෙන් අතිවේගයෙන් දුවන ඌ දුටු, වෙනත් සාවෙක් ‘පින්වත, කුමකට බියෙන් මෙසේ පලායේදැ’යි විමසීය. එවිට පළමු සාවා ‘මාගෙන් ප්‍රශ්න නො අසව’යි කියමින් දිව්වේය. දෙවනු කී සාවාද, ‘ඔබ බිය වූයේ කුමකටදැ’යි නැවත නැවතත් අසමින්, ඌ පසු පසම දිව්වේය. පළමු සාවා, පසුපසින් එන්නාගේ ප්‍රශ්න කිරීමෙන් මිදෙන්නට බැරි තැන, පසුපස නොබලමින්ම ‘මහපොළොව පෙරළේ’ යැයි කියමින් දිවීය. ඉන් බියට පත්වූ, දෙවනු කී සාවාද, මෙතෙක් දිවූ අයුරෙන්ම දිගටම දුවන්නට පටන් ගත්තේය. මේ අතර තවත් සාවෙක්, මොවුන් දෙදෙනා දුවනු දුටුවේය. කිසිදු ප්‍රශ්නයක් නො අසාම, ඌ ද පළමු දෙදෙනාට එකතු විය. මෙසේ ටික වේලාවකින් දුවන හා රංචුව දහසක් පමණ විය. ඔවුන් දුටු එක් මුවෙක්ද, කණ්ඩායමට එකතු විය. මෙසේ එක් ඌරෙක්ද, එක් ගෝනෙක්ද, මීහරකෙක්ද, ගවරෙක්ද, කඟවේනෙක්ද, ව්‍යාඝ්‍රයෙක්ද, සිංහයෙක්ද, ඇතෙක්ද, රංචුවට එකතු වූහ. මොවුන් එකතු වූයේ පොළොව පෙරළෙන බව, අසා දැනගැනීමෙන් පසුය. මෙසේ අනුක්‍රමයෙන් යොදුනක් පමණ දිගට මහා සත්ත්ව බලකායක් විය.

තදා බොධිසත‍්තො තං බලං පලායන‍්තං දිස‍්වා “කිමෙත”න‍්ති පුච‍්ඡිත්‍වා “එත්‍ථ පථවී සංවට‍්ටතී”ති සුත්‍වා චින‍්තෙසි “පථවීසංවට‍්ටනං නාම න කදාචි අත්‍ථි, අද‍්ධා එතෙසං කිඤ‍්චි දුස‍්සුතං භවිස‍්සති, මයි ඛො පන උස‍්සුක‍්කං අනාපජ‍්ජන‍්තෙ සබ‍්බෙ නස‍්සිස‍්සන‍්ති, ජීවිතං නෙසං දස‍්සාමී”ති සීහවෙගෙන පුරතො පබ‍්බතපාදං ගන‍්ත්‍වා තික‍්ඛත‍්තුං සීහනාදං නදි. තෙ සීහභයතජ‍්ජිතා නිවත‍්තිත්‍වා පිණ‍්ඩිතා අට‍්ඨංසු. සීහො තෙසං අන‍්තරං පවිසිත්‍වා “කිමත්‍ථං පලායථා”ති පුච‍්ඡි. “පථවී සංවට‍්ටතී”ති. “කෙන සංවට‍්ටමානා දිට‍්ඨා”ති? “හත්‍ථී ජානන‍්තී”ති. හත්‍ථී පුච‍්ඡි. තෙ “මයං න ජානාම, සීහා ජානන‍්තී”ති වදිංසු, සීහාපි “මයං න ජානාම, බ්‍යග‍්ඝා ජානන‍්තී”ති, බ්‍යග‍්ඝාපි “මයං න ජානාම, ඛග‍්ගා ජානන‍්තී”ති, ඛග‍්ගාපි “ගවයා ජානන‍්තී”ති, ගවයාපි “මහිංසා ජානන‍්තී”ති, මහිංසාපි “ගොකණ‍්ණා ජානන‍්තී”ති, ගොකණ‍්ණාපි “සූකරා ජානන‍්තී”ති, සූකරාපි “මිගා ජානන‍්තී”ති, මිගාපි “මයං න ජානාම, සසකා ජානන‍්තී”ති, සසකෙසු පුච‍්ඡියමානෙසු “අයං කථෙතී”ති තං සසකං දස‍්සෙසුං. අථ නං “එවං කිර, සම‍්ම, පස‍්සසි පථවී සංවට‍්ටතී”ති පුච‍්ඡි. “ආම, සාමි මයා දිට‍්ඨා”ති. “කත්‍ථ වසන‍්තො පස‍්සසී”ති? “පච‍්ඡිමසමුද‍්දසමීපෙ බෙලුවමිස‍්සකතාලවනෙ වසාමි. අහඤ‍්හි තත්‍ථ බෙලුවරුක‍්ඛමූලෙ තාලගච‍්ඡෙ තාලපණ‍්ණස‍්ස හෙට‍්ඨා නිපන‍්නො චින‍්තෙසිං “සචෙ පථවී සංවට‍්ටති, කහං ගමිස‍්සාමී”ති, අථ තඞ‍්ඛණඤ‍්ඤෙව පථවියා සංවට‍්ටනසද‍්දං සුත්‍වා පලාතොම‍්හී”ති.

බෝසත් තෙමේ, පලා යන මේ පිරිස දැක වහා ඔවුන් නවත්වා ‘කුමකට බියෙන් දුවන්නාහු’දැයි විමසීය. පොළොව පෙරළෙන බැවින් දුවන බව ඔවුහු කීහ. එවිට බෝසත් සිංහරාජයා ‘මහපොළොව පෙරළෙන බවක් කිසිදා අසා නැත. එකත් එකටම කිසියම් දෙයකට මොවුන් බිය වී ඇත. මා මෙහි දී මැදිහත් නො වුණොත් මේ සියලු දෙනා නැසෙති. එබැවින් මේ හැමට ජීවිත දානය දෙන්නෙමැ’යි, සිංහ ලීලාවෙන් පර්වත පාදය ඉදිරියට ගොස්, තෙවරක් සිංහනාද කෙළේය. මෙයින් බියපත් වූ, තිරිසන් සත්තු සියලු දෙනා ආපසු හැරී එකට එක්ව පොදි ගැසුනාහුය. සතුන් ළඟට ගිය සිංහයා, ඔවුන් අතරට පිවිස, ‘බිය වූයේ කුමකට’දැයි ඔවුන්ගෙන් ඇසීය. පොළොව පෙරළෙන නිසා දිවූ බව ඔවුන්ගේ පිළිතුර විය. එවිට සිංහයා කථා කොට, ‘පොළොව පෙරළෙනු මුලින්ම දුටුවේ කවුදැ’යි ඇසීය. ‘ඒ බව දන්නේ ඇතුන් යැ’යි එකෙක් කීය. සිංහයා ඇතුන්ගෙන්, ඒ බව ඇසූවත්, ඔවුහු ‘අපි නො දනිමු. මෙහි සිටින සිංහයෝ දනිති’යි කීහ. සිංහෝ ද, තමන් නොදන්නා බවත් ව්‍යාඝ්‍රයන් ඒ සම්බන්ධව දන්නා බවත්, පැවසූහ. ව්‍යාඝ්‍රයෝ ද ඒ ගැන දන්නේ තමන් නොව, කඟවේනන් බව කීහ. ඔවුහු ද, ගවරුන් දන්නා බව කීහ. මෙසේ මීහරක්ගෙන් ද, ගෝනුන්ගෙන්ද, ඌරන්ගෙන්ද, මුවන්ගෙන්ද, සාවුන්ගෙන්ද, ප්‍රශ්න කළ සිංහරාජයා අවසානයේදී පළමු කී සාවා ළඟට පැමිණියේය. ‘යහලු සාවාණෙනි, නුඹ පොළොව පෙරළෙනු දුටුවේද?’ ‘එසේය, ස්වාමීනි, මම දුටුවෙමි’. ‘දුටුවේ කොහිදීද?’ ‘බටහිර සමුදුර සමීපයෙහි බෙලිගත් සහිත වූ තල් වනයෙහි මම ජීවත් වෙමි. මම එහි බෙලිගසක් සමීපයෙහි වූ තල්ගසක් මුල හාන්සි වී, ‘මේ මහ පොළොව පෙරළෙන්නට පටන්ගත්තොත්, කොහේ කියා නම්, යන්නෙම්දැ’යි සිතමින් සිටියෙමි. ඒත් එක්කම පොළොව පෙරළෙන ශබ්දය ඇසුණි. මම වහා නැගිට දුවන්නට පටන් ගත්තෙමැ’යි සාවා උත්තර දුන්නේය.

සීහො චින‍්තෙසි “අද‍්ධා තස‍්ස තාලපණ‍්ණස‍්ස උපරි බෙලුවපක‍්කං පතිත්‍වා දුද‍්දුභායනසද‍්දමකාසි, ස‍්වායං තං සද‍්දං සුත්‍වා ‘පථවී සංවට‍්ටතී’ති සඤ‍්ඤං උප‍්පාදෙත්‍වා පලායි, තථතො ජානිස‍්සාමී”ති. සො තං සසකං ගහෙත්‍වා මහාජනං අස‍්සාසෙත්‍වා “අහං ඉමිනා දිට‍්ඨට‍්ඨානෙ පථවියා සංවට‍්ටනභාවං වා අසංවට‍්ටනභාවං වා තථතො ජානිත්‍වා ආගමිස‍්සාමි, යාව මමාගමනා තුම‍්හෙ එත්‍ථෙව හොථා”ති සසකං පිට‍්ඨියං ආරොපෙත්‍වා සීහවෙගෙන පක‍්ඛන්‍දිත්‍වා තාලවනෙ සසකං ඔතාරෙත්‍වා “එහි තයා දිට‍්ඨට‍්ඨානං දස‍්සෙහී”ති ආහ. “න විසහාමි සාමී”ති. “එහි මා භායී”ති. සො බෙලුවරුක‍්ඛං උපසඞ‍්කමිතුං අසක‍්කොන‍්තො අවිදූරෙ ඨත්‍වා “ඉදං සාමි දුද‍්දුභායනට‍්ඨාන”න‍්ති වත්‍වා පඨමං ගාථමාහ –

සිංහයා මඳක් කල්පනා කෙළේය. ‘එකත් එකටම තල් කොළයක් මතට ‘දද්දභ’ යන හඬින් බෙලි ගෙඩියක් වැටෙන්නට ඇත. ඒ ශබ්දයට බිය වූ මේ හාවා, ‘පොළොව පෙරළේ යැ’යි, යන හැඟීමෙන් පලා දුවන්නට ඇත. මම එය වූ සැටියෙන් ම දැන ගන්නෙමැ’යි, තීරණය කළ සිංහරාජයා, රැස්ව සිටි පිරිස අමතා, ‘මම මේ හාවා කියන තැනට ගොස්, මෙහි ඇත්ත නැත්ත ඇති සැටියෙන් බලා එනතුරු, තෙපි මෙතැනටම වී හිඳිවුයැ’යි කියා ඉහත කී සාවා ද කැටුව, ඌ තම පිට උඩ හිඳුවාගෙන, සිංහ වේගයෙන් තල් වනය වෙත දිවැ ගියේය. එහිදී සිංහයා සාවාට කථාකොට එම තා සිටි තැන පෙන්වව’යි සාවාට කීය. එවිට සාවා ‘අනේ ස්වාමීනි, මෙය මට කළ නො හැක්කකැ’යි බියෙන් වෙව්ලන්නට පටන් ගත්තේය. ‘එව, බිය නොවෙව, මම ද තා සමග එන්නෙමි. මට තැන පෙන්වව’යි සිංහයා පැවසීය. මෙහිදී බියට පත් සාවා බෙලිගස වෙත යන්නට නොහැකිව ඈතින් සිට, ‘ස්වාමීනි, අර තිබෙන්නේ ‘දද්දභ’ යන හඬ ඇසුණු තැන යැ’යි යනුවෙන් ස්ථානය දක්වා, මෙසේ ද කීවේය.

“දුද‍්දුභායති භද‍්දන‍්තෙ, යස‍්මිං දෙසෙ වසාමහං; අහම‍්පෙතං න ජානාමි, කිමෙතං දුද‍්දුභායතී”ති.

දද්ද භායති භද්දන්තෙ - යස්මිං දෙසෙ වසාමහං, අහම්පෙතං නජානාමි - කිමෙතං දද්දභායති

ඔබට යහපතක් වේවා! මම යම්තැනෙක විසුවෙම් ද? එහි ‘දද්දභ’ යන ශබ්දයක් ඇතිවිය. ‘ඒ කුමක්දැ’යි, මම නො දනිමි. මේ අමුතු ශබ්දය කුමක්ද?

තත්‍ථ දුද‍්දුභායතීති දුද‍්දුභසද‍්දං කරොති. භද‍්දන‍්තෙති භද‍්දං තව අත්‍ථු. කිමෙතන‍්ති යස‍්මිං පදෙසෙ අහං වසාමි, තත්‍ථ දුද‍්දුභායති, අහම‍්පි න ජානාමි “කිං වා එතං දුද‍්දුභායති, කෙන වා කාරණෙන දුද‍්දුභායති, කෙවලං දුද‍්දුභායනසද‍්දං අස‍්සොසි”න‍්ති.

මෙහි ‘දද්දභායති’ යනු ‘දද්දභ යනුවෙන් ශබ්ද කෙරේ’, යන අර්ථයි. ‘භද්දන්තෙ’ යනු ‘ඔබට යහපතක් වේවා!’ යන අර්ථයි. ‘කිමෙතං’ යනු ‘මම යම් තැනෙක වෙසෙම්ද, එහි අමුතු ශබ්දයක් ඇතිවිය. එහිදී, ‘දද්දභ’ යන ශබ්දය පමණක් ඇසුවෙමි. ‘මේ අමුතු ශබ්දය කුමක්දැ’යි කියා හෝ, ‘කුමන කාරණයක් නිසා එබඳු ශබ්දයක් ඇතිවීදැ’යි කියා හෝ, මම නම් නො දනිමි’, යන අර්ථයි.

එවං වුත‍්තෙ සීහො බෙලුවරුක‍්ඛමූලං ගන‍්ත්‍වා තාලපණ‍්ණස‍්ස හෙට‍්ඨා සසකෙන නිපන‍්නට‍්ඨානඤ‍්චෙව තාලපණ‍්ණමත්‍ථකෙ පතිතං බෙලුවපක‍්කඤ‍්ච දිස‍්වා පථවියා අසංවට‍්ටනභාවං තථතො ජානිත්‍වා සසකං පිට‍්ඨියං ආරොපෙත්‍වා සීහවෙගෙන ඛිප‍්පං මිගසඞ‍්ඝානං සන‍්තිකං ගන‍්ත්‍වා සබ‍්බං පවත‍්තිං ආරොචෙත්‍වා “තුම‍්හෙ මා භායථා”ති මිගගණං අස‍්සාසෙත්‍වා විස‍්සජ‍්ජෙසි. සචෙ හි තදා බොධිසත‍්තො න භවෙය්‍ය, සබ‍්බෙ සමුද‍්දං පවිසිත්‍වා නස‍්සෙය්‍යුං. බොධිසත‍්තං පන නිස‍්සාය සබ‍්බෙ ජීවිතං ලභිංසූති.

සාවා මෙසේ කී කල්හි, සිංහරාජයා බෙලිගස මුලට ගොස් තල් අත්ත යට සාවා නිදාගත් ස්ථානයේම, තල් අත්ත උඩට වැටුණු බෙලිගෙඩිය තිබෙනු දැක, මෙය කිසිසේත් පොළොව පෙරළීමක් නොවන බව තත්ත්වාකාරයෙන් දැන, සාවා වෙත ගොස්, ඌ සිය පිට මත තබාගෙන, සිංහ වේගයෙන් වහා සත්ත්ව පිරිස වෙත ගොස්, ඔවුන් ඉදිරියෙහි සියලු විස්තර පවසා, ‘තෙපි කිසිවකට බිය නොවවු’ යි, සියලුදෙනා අස්වසා, පිටත් කෙළේය. යම් විදියකින් එදා බෝසතුන් නොවන්නට, සෑම දෙනාටම මුහුදට පැන නැසෙන්නට ඉඩ තිබුණි. බෝසතුන් නිසා, සියලු දෙනාගේ ජීවිත බේරුණි.

“බෙලුවං පතිතං සුත්‍වා, දුද‍්දුභන‍්ති සසො ජවි; සසස‍්ස වචනං සුත්‍වා, සන‍්තත‍්තා මිගවාහිනී.

2. ‘දද්දභ’ යන ශබ්දය නගමින් වැටුණු, ඒ බෙලිගෙඩියේ නාදය අසා, සාවා දිවීය. සාවාගේ වචනය අසා, බියට පත් මෘග සේනාවෝ ද ඒ අනුව දිවූහ.

“අප‍්පත්‍වා පදවිඤ‍්ඤාණං, පරඝොසානුසාරිනො; පනාදපරමා බාලා, තෙ හොන‍්ති පරපත‍්තියා.

3. අනුන්ගේ ඝෝෂාව අනුව යන, ප්‍රමාදය මුල්කොට ඇති, ඒ අනුවණයෝ, නුවණැති භාවයට පත් නොවී, අනුන්ගේ වචන උසස්කොට සිතන්නාහු වෙති.

“යෙ ච සීලෙන සම‍්පන‍්නා, පඤ‍්ඤායූපසමෙ රතා; ආරකා විරතා ධීරා, න හොන‍්ති පරපත‍්තියා”ති. –

4. යම් නුවණැති අයෙක්, සිල්වත් කෙනෙක්, ප්‍රඥාවෙන් කෙලෙස් සංසිඳවීමෙහි ඇලුණු කෙනෙක් වෙත්නම්, ඔවුහු පාපයෙන් දුරින් දුරු වන්නාහ. ඔවුහු අනුන්ගේ වචනවලට වහල් නොවන්නෝ වෙති.

ඉමා තිස‍්සො අභිසම‍්බුද‍්ධගාථා.

ඉහත සඳහන් ගාථා තුන බුද්ධ දේශිත ඒවා වේ.

තත්‍ථ බෙලුවන‍්ති බෙලුවපක‍්කං. දුද‍්දුභන‍්තීති එවං සද‍්දං කුරුමානං. සන‍්තත‍්තාති උත්‍රස‍්තා. මිගවාහිනීති අනෙකසහස‍්සසඞ‍්ඛා මිගසෙනා. පදවිඤ‍්ඤාණන‍්ති විඤ‍්ඤාණපදං , සොතවිඤ‍්ඤාණකොට‍්ඨාසං අපාපුණිත්‍වාති අත්‍ථො. තෙ හොන‍්ති පරපත‍්තියාති තෙ පරඝොසානුසාරිනො තමෙව පරඝොසසඞ‍්ඛාතං පනාදං “පරම”න‍්ති මඤ‍්ඤමානා බාලා අන්‍ධපුථුජ‍්ජනා විඤ‍්ඤාණපදස‍්ස අප‍්පත‍්තතාය පරපත‍්තියාව හොන‍්ති, පරෙසං වචනං සද‍්දහිත්‍වා යං වා තං වා කරොන‍්ති.

මෙහි ‘බෙලුවං’ යනු ‘බෙලි ගෙඩියකි’, යන අර්ථයි. ‘දද්දභං’ යනු ‘මෙසේ ශබ්ද කරන’, යන තේරුමයි. ‘සන්තත්තා’ යනු ‘තැති ගත් අය’, යන අර්ථයි. ‘මිගවාහිනී’ යනු ‘නොයෙක් දහස් ගණන් මෘග සේනාව’ යන අර්ථයි. ‘පද විඤ්ඤාණං’ යනු ‘විඤ්ඤාණ පදවියට, සොත විඤ්ඤාණ කොටසට නොපැමිණ’ යන අර්ථයි. ‘තෙ හොන්ති පරපත්තියා’ යනු ‘ඔවුහු අනුන්ගේ ඝෝෂාව අනුව යන, එයම ඉතා උසස් කොට හඟින්නා වූ, අඳ බාල පෘථග්ජනයෝ විඤ්ඤාණ පදයට නොපැමිණි බැවින්, අනුන්ගේ වචනයට නතු වන්නෝ වෙති. අනුන්ගේ වචන විශ්වාස කොට, ඒ ඒ දේ කෙරෙති’, යන අර්ථයි.

සීලෙනාති අරියමග‍්ගෙන ආගතසීලෙන සමන‍්නාගතා. පඤ‍්ඤායූපසමෙ රතාති මග‍්ගෙනෙව ආගතපඤ‍්ඤාය කිලෙසූපසමෙ රතා, යථා වා සීලෙන, එවං පඤ‍්ඤායපි සම‍්පන‍්නා, කිලෙසූපසමෙ රතාතිපි අත්‍ථො. ආරකා විරතා ධීරාති පාපකිරියතො ආරකා විරතා පණ‍්ඩිතා. න හොන‍්තීති තෙ එවරූපා සොතාපන‍්නා පාපතො ඔරතභාවෙන කිලෙසූපසමෙ අභිරතභාවෙන ච එකවාරං මග‍්ගඤාණෙන පටිවිද‍්ධධම‍්මා අඤ‍්ඤෙසං කථෙන‍්තානම‍්පි න සද‍්දහන‍්ති න ගණ‍්හන‍්ති. කස‍්මා? අත‍්තනො පච‍්චක‍්ඛත‍්තාති. තෙන වුත‍්තං –

‘සීලෙන’ යනු ‘ආර්ය මාර්ගයට පැමිණෙන, ශීලයෙන් යුක්ත වූ’, යන අර්ථයි. ‘පඤ්ඤා යුපසමෙ රතා’ යනු ‘ආර්ය මාර්ගයට අනුගත ප්‍රඥාවෙන්, කෙලෙස් සංසිඳවීමෙහි ඇලුණු’, යන අර්ථයි. ‘ආරකා විරතා ධීරා’ යනු ‘පව්කම්වලින් බැහැර වූ, එහි නො ඇලුණු පඬිවරු’ය. ‘න හොන්ති’ යනු මෙබඳු වූ ඒ සෝවාන් උතුමෝ, පවින් වෙන් වූ බැවින් කෙලෙස් සංසිඳවීමෙහි ඇලුණු බැවින්, මාර්ග ඥානයෙන් ප්‍රතිවේධ කළ දහම් ඇතිව, අනුන් කී පමණින් එකවර ම නො අදහති. ග්‍රහණය කොට නො ගනිති. කුමක් නිසා ද? ස්වකීය අවබෝධය නිසාය. එහෙයින් මෙසේ කියන ලදි.

“අස‍්සද‍්ධො අකතඤ‍්ඤූ ච, සන්‍ධිච‍්ඡෙදො ච යො නරො; හතාවකාසො වන‍්තාසො, ස වෙ උත‍්තමපොරිසො”ති. (ධ· ප· 97);

5. විවිධ ඇදහිලි බැහැර කළ, නිවන් දන්නා වූ, බැඳුම් සිඳ දැමූ, ඉපදීම නැසූ, වැමෑරූ ආශා ඇති, යම් පුරුෂයෙක් වී නම්, ඔහු ඒකාන්තයෙන්ම උතුම් පුරුෂයෙකි. (ධම්මපද-අරහන්ත වග්ග)

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා සීහො අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. එදා සිංහරාජයා වූ කලී ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දක්වා වදාළ සේක.

දුද‍්දුභජාතකවණ‍්ණනා දුතියා.