යෙදුමෙන් කියවන්න

1. කොකිලජාතකවණ‍්ණනා 331 අට‍්ඨකථා

1. කොකිලජාතකවණ‍්ණනා (331)

1. කෝකාලික ජාතකය (331)

යො වෙ කාලෙ අසම‍්පත‍්තෙති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො කොකාලිකං ආරබ‍්භ කථෙසි. වත්‍ථු තක‍්කාරියජාතකෙ විත්‍ථාරිතමෙව.

‘යො වෙ කාලෙ අසමපත්තෙ’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරද්දී, කෝකාලිකයා අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව ‘තක්කාරිය’ ජාතකයෙහි දක්වන ලදි. එහි අතීත කථාව පහත දැක්වේ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො තස‍්ස අමච‍්චො ඔවාදකො අහොසි, රාජා බහුභාණී අහොසි. බොධිසත‍්තො “තස‍්ස බහුභාණිතං නිසෙධෙස‍්සාමී”ති එකං උපමං උපධාරෙන‍්තො විචරති. අථෙකදිවසං රාජා උය්‍යානං ගතො මඞ‍්ගලසිලාපට‍්ටෙ නිසීදි, තස‍්සුපරි අම‍්බරුක‍්ඛො අත්‍ථි. තත්‍රෙකස‍්මිං කාකකුලාවකෙ කාළකොකිලා අත‍්තනො අණ‍්ඩකං නික‍්ඛිපිත්‍වා අගමාසි. කාකී තං කොකිලඅණ‍්ඩකං පටිජග‍්ගි, අපරභාගෙ තතො කොකිලපොතකො නික‍්ඛමි. කාකී “පුත‍්තො මෙ”ති සඤ‍්ඤාය මුඛතුණ‍්ඩකෙන ගොචරං ආහරිත්‍වා තං පටිජග‍්ගි. සො අවිරූළ‍්හපක‍්ඛො අකාලෙයෙව කොකිලරවං රවි. කාකී “අයං ඉදානෙව තාව අඤ‍්ඤං රවං රවති , වඩ‍්ඪන‍්තො කිං කරිස‍්සතී”ති තුණ‍්ඩකෙන කොට‍්ටෙත්‍වා මාරෙත්‍වා කුලාවකා පාතෙසි. සො රඤ‍්ඤො පාදමූලෙ පති.

අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හී, බෝසත් තෙමේ, ඒ බඹදත් රජුගේ ඇමැතියෙක් විය. රජතුමා ‘බහුභාණී’ (බොහෝ කොට කථා කරන) තැනැත්තෙක් විය. බෝසත් තෙමේ රජුගේ මේ දුර්වලතාව බැහැර කරන්නට බොහෝ උත්සාහ ගත්තේය. ඊට උපායක් සිතමින් සිටි එක්දිනක. ඔහු රාජකීය උද්‍යානයට අහම්බෙන් මේ ගියේය. රජු හුන් තැන අඹගසක් තිබුණි. එහි රජුට ඉහළින් තිබූ අත්තක කාක් කූඩුවකි. එක් කෙවිලියක් ඒ කූඩුවේ හොරෙන් බිත්තරයක් දමා පැන ගියාය. මේ ගැන කිසිත් නොදත් කැවිඩිය කොවුල් බිත්තරය තමාගේ කොට සිතා රැක්කාය. පසුකලෙක නිසි වේලාවට බිත්තරයෙන් පැටවෙක් නික්මුණි. මේ අතර කැවිඩිය ‘පැටවා තමාගේම යැ’යි සිතා, කෑම සොයා ගෙනවුත් මුව තුඩින් ඒවා ඌට කවමින් පෝෂණය කළාය. අවාසනාවන්ත වූ මේ පැටියා තම පියාපත් මෝරන්නට, සකස් වන්නට කලින්ම කොවුල් හඬ නැගීය. අකාලයේ නාද කළ, මේ අසරණ පැටවාගේ හඬ ඇසූ කැවිඩිය කලබල වී ‘කුඩා කලදීම අමුතු හඬ නගන මූ, ලොකු වූ විට කුමක් නම් නොකෙරේදැ’යි අමනාපව හොටෙන් ඇන, පැටවා මරා කූඩුවෙන් එළියට ඇද දැමුවාය. මළ කොවුල් පැටියා රජුගේ පාමුලට වැටුණි.

රාජා බොධිසත‍්තං පුච‍්ඡි “කිමෙතං සහායා”ති? බොධිසත‍්තො “අහං රාජානං නිවාරෙතුං එකං උපමං පරියෙසාමි, ලද‍්ධා දානි මෙ සා”ති චින‍්තෙත්‍වා “මහාරාජ, අතිමුඛරා අකාලෙ බහුභාණිනො එවරූපං ලභන‍්ති. අයං මහාරාජ, කොකිලපොතකො කාකියා පුට‍්ඨො අවිරූළ‍්හපක‍්ඛො අකාලෙයෙව කොකිලරවං රවි. අථ නං කාකී ‘නායං මම පුත‍්තකො’ති ඤත්‍වා මුඛතුණ‍්ඩකෙන කොට‍්ටෙත්‍වා මාරෙත්‍වා කුලාවකා පාතෙසි. මනුස‍්සා වා හොන‍්තු තිරච‍්ඡානා වා, අකාලෙ බහුභාණිනො එවරූපං දුක‍්ඛං ලභන‍්තී”ති වත්‍වා ඉමා ගාථා අභාසි –

ඒ දුටු රජතුමා බෝසත් ඇමතිතුමා අමතා ‘මේ මොකදැ’යි විමසීය. රජතුමාගේ වාචාලකම දුරුකිරීමට උපායක් සොයමින් සිටී, ඇමතිතුමා ‘මේ ඊට කදිම අවස්ථාවෙකැ’යි සතුටුව ‘මහරජතුමනි, බොහෝකොට කථාකරන වාචාල උදවිය මේ බඳු විපාක ලබති. රජතුමනි, මේ කොවුල් පැටවා කැවිඩිය විසින් පෝෂණය කරන ලදුව, පියාපත් ඇදෙන්නට පෙරාතුවම නොකල්හි, කොවුල් හඬින් හැඬලීය. එවිට කැවිඩිය ‘මේ මගේ පුතකු නොවේ යැ’යි සිතා මුවතුඩින් ඇන මරා බිම හෙළුවායැ’යි උත්තර දුන්නේය. තවදුරටත් කථා කළ, ඇමැතිවරයා ‘රජතුමනි, මිනිසුන් හෝ වේවා, තිරිසනුන් හෝ වේවා, කවුරුන් නමුත් වාචාල උදවිය මේ බඳු වූ දුක් ලබති’යි කියා, මේ ගාථා පැවසීය.

“යො වෙ කාලෙ අසම‍්පත‍්තෙ, අතිවෙලං පභාසති; එවං සො නිහතො සෙති, කොකිලායිව අත්‍රජො.

යො චෙ කාලෙ අසම්පත්තෙ - අතිවෙලං පභාසති, එවං සො නිහතො සෙති - කොකිලායිව අත්‍රජො

යමෙක් ඒකාන්තයෙන් නිසි වේලාවට පෙර, කල් ඇතිව කතා කෙරේද? ඔහු කෝකිලාවගේ පුතා මෙන් නැසුනේ, මෙසේ හෝනේය.

“න හි සත්‍ථං සුනිසිතං, විසං හලාහලාමිව; එවං නිකට‍්ඨෙ පාතෙති, වාචා දුබ‍්භාසිතා යථා.

2. හලාහල විසක් මෙන් නපුරු වචන යම් සේ, එම මොහොතෙහිම විපතට හෙළාද? ඉතා තියුණු ආයුධය වුව, එතරම් නපුරු නොවේ.

“තස‍්මා කාලෙ අකාලෙ වා, වාචං රක‍්ඛෙය්‍ය පණ‍්ඩිතො; නාතිවෙලං පභාසෙය්‍ය, අපි අත‍්තසමම‍්හි වා.

3. එබැවින් කල්හිද, නොකල්හිද, පණ්ඩිත තෙමේ වචනය රක්නේය. සිය ආත්මය හා සමාන කෙනකු ළඟදී වුවත්, වැඩිපුර කථා නොකරන්නේය.

“යො ච කාලෙ මිතං භාසෙ, මතිපුබ‍්බො විචක‍්ඛණො; සබ‍්බෙ අමිත‍්තෙ ආදෙති, සුපණ‍්ණො උරගාමිවා”ති.

4. ප්‍රඥාව පෙරදැරි විචක්‍ෂණ පුද්ගලයා සුදුසු කල්හි, ප්‍රමාණවත්ව කථා කරන්නේය. ඔහු ගුරුළෙක් උරගයකු ඩැහැ ගන්නාක් මෙන්, සියලු සතුරන් ග්‍රහණය කොට ගනී.

තත්‍ථ කාලෙ අසම‍්පත‍්තෙති අත‍්තනො වචනකාලෙ අසම‍්පත‍්තෙ. අතිවෙලන‍්ති වෙලාතික‍්කන‍්තං කත්‍වා අතිරෙකප‍්පමාණං භාසති. හලාහලාමිවාති හලාහලං ඉව. නිකට‍්ඨෙති තස‍්මිංයෙව ඛණෙ අප‍්පමත‍්තකෙ කාලෙ. තස‍්මාති යස‍්මා සුනිසිතසත්‍ථහලාහලවිසතොපි ඛිප‍්පතරං දුබ‍්භාසිතවචනමෙව පාතෙසි, තස‍්මා. කාලෙ අකාලෙ වාති වත‍්තුං යුත‍්තකාලෙ ච අකාලෙ ච වාචං රක‍්ඛෙය්‍ය, අතිවෙලං න භාසෙය්‍ය අපි අත‍්තනා සමෙ නින‍්නානාකරණෙපි පුග‍්ගලෙති අත්‍ථො.

මෙහි ‘කාලෙ අසම්පත්තෙ’ යනු ‘තමා කතා කළ යුතු කාලය නොපැමිණි කල්හි’ යන අර්ථයි. ‘අතිවේලං’ යනු ‘වේලාව ඉක්මවා වැඩිපුර ප්‍රමාණයක් කථා කිරීම’යි. ‘හලාහලම්මිව’ යනු ‘හලාහල විෂ වැනිය’ යන්නයි. ‘නිකට්ඨෙ’ යනු ‘ඒ මොහොතෙහිම, අල්පමාත්‍ර කාලයක් තුළ’, යන අර්ථයි. ‘තස්මා’ යනු ‘යම් හෙයකින් තියුණු ආයුධයටත් හලාහල විෂටත් වඩා වැඩි වේගයෙන් නපුරු වචන විපතට හෙළයි’ යන අර්ථයි. ‘කාලෙ අකාලෙච’ යනු ‘කථා කිරීමට සුදුසු කල්හි හා නුසුදුසු කල්හී’ යන අර්ථයි. ‘වාචං රක්ඛෙය්‍ය’ යනු ‘සිය ආත්මය හා සමාන තමන්ගේම පුද්ගලයකු ළඟදී වුවත් වැඩි වේලාවක් කථා නොකරන්නේය.’ යන අර්ථයි.

මතිපුබ‍්බොති මතිං පුරෙචාරිකං කත්‍වා කථනෙන මතිපුබ‍්බො. විචක‍්ඛණොති ඤාණෙන විචාරෙත්‍වා අත්‍ථවින්‍දනපුග‍්ගලො විචක‍්ඛණො නාම. උරගාමිවාති උරගං ඉව. ඉදං වුත‍්තං හොති – යථා සුපණ‍්ණො සමුද‍්දං ඛොභෙත්‍වා මහාභොගං උරගං ආදෙති ගණ‍්හාති, ආදියිත්‍වා ච තඞ‍්ඛණඤ‍්ඤෙව නං සිම‍්බලිං ආරොපෙත්‍වා මංසං ඛාදති, එවමෙව යො මතිපුබ‍්බඞ‍්ගමො විචක‍්ඛණො වත‍්තුං යුත‍්තකාලෙ මිතං භාසති, සො සබ‍්බෙ අමිත‍්තෙ ආදෙති ගණ‍්හාති, අත‍්තනො වසෙ වත‍්තෙතීති.

‘මතිපුබ්බො’ යනු ‘ප්‍රඥාව පෙරදැරි කොටගෙන කථා කිරීම කරණ කොටගෙන ඔහු මතිපුබ්බ නම් වේ’ යන අර්ථයි. ‘විචක්ඛණො’ යනු ‘ඤාණයෙන් විචාරා අර්ථය අවබෝධ කරගන්නා පුද්ගලයා විචක්‍ෂණ නම් වේ. ‘උරගං ඉව’ යනු ‘උරගයකු මෙන්’ යන අර්ථයි. මෙසේද කියන ලදි. ගුරුළෙක් යම්සේ සමුදුර කළඹා විශාල දරණ වැලක් ඇති උරගයකු ඩැහැ ගනීද? අල්ලා ගනීද? එසේ ගෙන එකෙණෙහිම, ඌ ඉඹුල් ගසකට ගෙන ගොස් මස් කයිද? එපරිද්දෙන් ම ප්‍රඥාව පෙරටු කොට ඇති, යම් විචක්‍ෂණ පුද්ගලයෙක් කථා කිරීමට සුදුසු කල්හි ප්‍රමාණවත්ව කථා කෙරේද? ඔහු සියලු පසමිතුරන් සිත් ගනී, ග්‍රහණය කොට ගනී, තමාගේ වසඟයෙහි පවත්වයි, යන අදහසයි.

රාජා බොධිසත‍්තස‍්ස ධම‍්මදෙසනං සුත්‍වා තතො පට‍්ඨාය මිතභාණී අහොසි, යසඤ‍්චස‍්ස වඩ‍්ඪෙත්‍වා මහන‍්තතරං අදාසි.

රජතුමා බෝසතුන්ගේ මේ දම්දෙසුම මැනවින් අසා, එතැන් පටන් ‘මිතභාණී’ (ප්‍රමාණවත්ව කථා කරන්නෙක්) විය. එපමණක් නොව එතුමා බෝසත් ඇමැතිතුමන්ට මහත් වූ යශස් සම්පත් ද පිරිනැමුවේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා කොකිලපොතකො කොකාලිකො අහොසි, පණ‍්ඩිතාමච‍්චො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. තවද එදා කොවුල් පැටවා නම්, මෙදා කොකාලිකයාය. පණ්ඩිත වූ ඇමතියා නම්, ‘මම ම වීමි යි’ බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.

කොකිලජාතකවණ‍්ණනා පඨමා.