යෙදුමෙන් කියවන්න

4. කොකාලික වග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

4. කෝකාලික වර්‍ගය

628. යො වෙ කාලෙ අසම‍්පත‍්තෙ අතිවෙලං පභාසති, එවං සො නිහතො සෙති කොකිලායිව අත්‍රජො.

628. යමෙක් කථා කළයුතු කාලය නො පැමිණි කල්හි පමණට වඩා කථා කෙරේ ද හෙතෙම කෝකිලාවගේ පුත්‍රයා මෙන් මැරී මෙසේ හෝනේ වෙයි.

629. න හි සත්‍ථං සුනිසිතං විසං හලාහලං ඉව, එවං නිකට‍්ඨෙ පාතෙති වාචා දුබ‍්භාසිතා යථා.

629. යම්සේ හලාහල විෂයක් මෙන්, දුබැසි වදන් දිවි නසා ද මැනැවින් මූවත් තැබූ අවිය ද එසේ ජීවිත නො නසයි.

630. තස‍්මා කාලෙ අකාලෙ ච වාචං රක‍්ඛෙය්‍ය පණ‍්ඩිතො, නාතිවෙලං පභාසෙය්‍ය අපි අත‍්තසමම‍්හි වා

630. එ හෙයින් (කථාවට) කල්හි ද නො කල්හි ද නුවණැත්තේ වචනය රක්නේ ය. (සීමිත ව කතා කරන්නේ ය) තමා හා සමානයකු සමග වුව ද පමණ ඉක්මවා කතා නො කරන්නේ ය.

631. යො ච කාලෙ මිතං භාසෙ මතිපුබ‍්බො විචක‍්ඛණො. සබ‍්බෙ අමිත‍්තෙ ආදෙති සුපණ‍්ණො උරගං ඉවා’ති.

631. නුවණ පෙරදැරි වූ විචක්‍ෂණ වූ යමෙක් සුදුසු අවස්ථාවෙහි ප්‍රමාණවත් ව කථා කෙරේ ද හෙතෙම ගුරුළා සර්‍පයකු අල්ලා ගත්තා සේ සතුරන් අල්ලන්නේ ය.

1. කොකාලිකජාතකං.

1. කෝකාලික ජාතක යි.

632. අපි හන‍්ත්‍වා භතො බ්‍රූති ජෙත්‍වා ජිතොති භාසති, පුබ‍්බමක‍්ඛායිනො රාජ එකදත්‍ථුං න සද‍්දහෙ.

632. තෙමේ පහර දී අනුන් විසින් පහර දෙන ලදිමි යි කියයි. තෙමේ අනුන් පරදා අනුන් විසින් පරදවන ලදිමි යි කියයි. රජතුමනි, පළමුව කීවහුගේ වදන් ඒකාන්තයෙන් විශ්වාස නො කරන්නේ මැනැවි.

633. තස‍්මා පණ‍්ඩිතජාතියො සුණෙය්‍ය ඉතරස‍්ස පි, උභින‍්නං වචනං සුත්‍වා යථා ධම‍්මො තථා කරෙ.

633. එහෙයින් පණ්ඩිත ස්වභාව ඇති රජතුමා අනිකාගේ කීම ද අසන්නේ ය. දෙදෙනාගේ කීම අසා සුදුසු පරිදි විනිශ්චය කරන්නේ ය.

634. අලසො ගිහී කාමභොගී න සාධු අසඤ‍්ඤතො පබ‍්බජිතො න සාධු, රාජා න සාධු අනිසම‍්මකාරි යො පණ‍්ඩිතො කොධනො තං න සාධු.

634. සම්පත් කැමැති අලස ගිහියා නො මැනැවි, හික්මීමක් නැති පැවිද්දා නො මැනැවි, පරීක්‍ෂාවෙන් තොරව ක්‍රියා කරන රජ නො මැනැවි, යම් පඬිවරයෙක් කිපෙන සුලු වේ නම් හේ ද නො මැනැවි.

635. නිසම‍්ම ඛත‍්තියො කයිරා නානිසම‍්ම දිසම‍්පති, නිසම‍්ම කාරිනො රාජ යසො කිත‍්ති ච වඩ‍්ඪතී’ති.

635. දිසම්පති රජතුමනි, ක්‍ෂත්‍රියයා විමසා ක්‍රියා කරන්නේ ය. කරන දෙය නො විමසා නො කරන්නේ ය. විමසා කරන්නහුගේ පරිවාරාදි යසස ද කීර්තිය ද වැඩේ.

2. රථලට‍්ඨිජාතකං.

2. රථලට්ඨි ජාතක යි.

636. තදෙව මෙ ත්‍වං විදිකො වනමජ‍්ඣෙ රථෙසභ, යස‍්ස තෙ ඛග‍්ගබද‍්ධස‍්ස සන‍්නද‍්ධස‍්ස තිරීටිනො අස‍්සත්‍ථදුමසාඛාය පක‍්කා ගොධා පලායථ.

636. රජතුමනි, කඩුව දරා සන්නද්ධ වැ රිටිසුඹුලු හඳනා වූ තොපගේ පැලැහූ ගොයා වනමැද ඇසැතු රුක්හි ශාඛායෙන් පලාගියා වේ ද එදවස් මැ මා විසින් තෙපි දන්නා ලද්දහු යැ.

637. නමෙ නමන‍්තස‍්ස භජෙ භජන‍්තං කිච‍්චානුකුබ‍්බස‍්ස කරෙය්‍ය කිච‍්චං, නානත්‍ථකාමස‍්ස කරෙය්‍ය අත්‍ථං අසම‍්භජන‍්තම‍්පි න සම‍්භජෙය්‍ය.

637. යමෙක් තමා දෙස නැමේ ද ඔහුට මැ තෙමේ ද නැමෙන්නේ ය. තමා භජනය කරන්නහු තෙමේ ද භජනය කරන්නේ ය. තමහට අනුකූල වැ ක්‍රියා කරන්නහුට සුදුසු කෘත්‍යයක් තෙමේ ද තමහට අනර්‍ත්‍ථ කැමැත්තාහට තෙමේ ද අර්‍ත්‍ථයක් නො කරන්නේ ය. තමා ළඟට නො එන්නවුන් කරා තෙමේ ද නො යන්නේ ය.

638. චජෙ චජන‍්තං වනථං න කයිරා අපෙතචිත‍්තෙන න සම‍්භජෙය්‍ය, ද‍්විජො දුමං ඛීණඵලන‍්ති ඤාත්‍වා අඤ‍්ඤං සමෙක‍්ඛෙය්‍ය මහා හි ලොකො.

638. තමා හරනහු තෙමේ ද හරනේ යැ. (ඔහුට) ආශා නො කරන්නේ ය. නො ඇලුණු සිතින් භජනය නො කරන්නේ යැ. පක්‍ෂියා ගස ගෙඩි රහිත බව දැනැ ගෙඩි ඇති අන් ගසක් සොයා යන්නේ ය. ලොව විශාල වේ මැ ය.

639. සො තෙ කරිස‍්සාමි යථානුභාවං. කතඤ‍්ඤුතං ඛත‍්තියෙ පෙක‍්ඛමානො, සබ‍්බඤ‍්ච තෙ ඉස‍්සරියං දදාමි යස‍්සිච‍්ඡිසි තස‍්ස තුවං දදාමිති.

639. ක්‍ෂත්‍රියාවනි, කළ ගුණ සලකන මම ශක්ති පමණින් තිට උපකාර කරන්නෙමි. තිට සියලු සම්පත් දෙමි. තෝ යමකුට යමක් දෙනු කැමැත්තෙහි ද ඔහුට දෙව.

3. පක‍්කගොධජාතකං.

3. පක්කගෝධ ජාතක යි.

640. ගවඤ‍්චෙ තරමානානං ජිම‍්හං ගච‍්ඡති පුඞ‍්ගවො, සබ‍්බා තා ජිම‍්හං ගච‍්ඡන‍්ති නෙත‍්තෙ ජිම‍්හං ගතෙ සති.

640. ගඟ තරණය කරන ගවයන් අතුරෙහි ප්‍රධාන ගවයා වක්ව යේ ද, ප්‍රධාන ගවයා වක් වැ ගිය කලැ සියලු ගවයෝ වක් වැ යෙති.

641. එවමෙව මනුස‍්සෙසු යො හොති සෙට‍්ඨසම‍්මතො, සො දෙ අධම‍්මං චරති පගෙව ඉතරා පජා සබ‍්බං රට‍්ඨං දුඛං සෙති රාජා චෙ හොති අධම‍්මිකො.

641. එපරිද්දෙන් මනුෂ්‍යයන් අතරේ යමෙක් ශ්‍රේෂ්ඨ යයි සම්මත වේ ද, ඉදින් හේ නො දැහැමි ව හැසිරේ ද (ක්‍රියා කෙරේ ද) සෙස්සන් ගැන කවර කථා ද? ඉදින් රජතුමා අධාර්මික වේ ද (එකල) රටවැසි සියලුදෙන දුකින් හෝනේ යි.

642. ගවඤ‍්චෙ තරමානානං උජුං ගච‍්ඡති පුඞ‍්ගවො, සබ‍්බා තා උජුං ගච‍්ඡන‍්ති නෙත‍්තෙ උජුගතෙ සති.

642. ගඟ තරණය කරන ගවයන් අතුරෙහි ප්‍රධාන ගවයා ඍජු ව පීනා යේ ද, ප්‍රධාන ගවයා ඍජු වැ පීනා යන කලැ සියලු ගවයෝ ඍජු ව යෙති.

643. එවමෙව මනුස‍්සෙසු යො හොති සෙට‍්ඨසම‍්මතො, සො චෙපි ධම‍්මං චරති පගෙව ඉතරා පජා සබ‍්බං රට‍්ඨං සුඛං සෙති රාජා චෙ හොති ධම‍්මිකො’ති.

643. එ පරිද්දෙන් මනුෂ්‍යයන් අතුරෙහි යමෙක් ශ්‍රේෂ්ඨ යයි සම්මත වේ ද ඉදින් හේ දැහැමි ව ක්‍රියා කෙරේ ද සෙස්සන් ගැන කවර කථා යැ? ඉදින් රජතුමා දැහැමි වේ ද (එකල) රටවැසි සියලු දෙනා සුවසේ හෝනේ යි.

4. රාජොවාදජාතකං.

4. රාජෝවාද ජාතක යි.

644. බ්‍රහා පවඩ‍්ඪකායො සො දිඝදාඨො ච ජම‍්බුක, න ත්‍වං තම‍්හි කුලෙ ජාතො යත්‍ථ ගණ‍්හන‍්ති කුඤ‍්ජරං.

644. ජම්බුකය, හේ මහත් වූ වැඩුණු කය ඇත්තේ යැ. දික්වූ දළ ඇත්තේ යැ. යම් සිංහ කුලයෙකැ උපන්නාහු ඇතු අල්ලා ගනිත් ද, තෙපි ඒ කුලයෙහි නූපන්නාහු ය.

645. අසීහො සීහමානෙන යො අත‍්තානං විකුබ‍්බති, කොත්‍ථුව ගජමාසජ‍්ජ සෙති භූම්‍යා අනුත්‍ථුනං.

645. සිංහයකු නො වී සිංහ මානය උපදවා ගෙන යමෙක් සිංහවෙස් මවා ගනී ද (හේ) ඇතු වෙත පැමිණි හිවලා මෙන් කෙඳිරිගාමින් බිම හෝනේ ය.

646. යසස‍්සිනො උත‍්තමපුග‍්ගලස‍්ස සඤ‍්ජාතඛන්‍ධස‍්ස මහබ‍්බලස‍්ස, අසමෙක‍්ඛිය ථාමබලූපපත‍්තිං ස සෙති නාගෙන හතොව ජම‍්බුකො.

646. ඉසුරු ඇති වට වැ හැසුණු කඳට ඇති මහබල ඇති ඤාණබලයෙන් යුක්ත වූ උත්තම පුද්ගලයාගේ ශක්තිය බලය උත්පත්තිය ද නො විමසා (ක්‍රියා කළ) ඒ සිවලා ඇතු විසින් නසන ලද්දේ හෝනේ යි.

647. යො චිධ කම‍්මං කුරුතෙ පමාය ථාමබලං අත‍්තනි සංවිදිත්‍වා, ජප‍්පෙන මන‍්තෙන සුභාසිතෙන පරික‍්ඛවා සො විපුලං ජිනාතී’ති.

647. යමෙක් මෙලො වැ තමා කෙරෙහි වූ ඤාණබල හා කායබල දැනැ පරීක්‍ෂාවෙන් ක්‍රියා කෙරේ ද හෙතෙම ජපයෙන් අධ්‍යනයෙන් ද සාකච්ඡායෙන් ද සුබැසි කථායෙන් ද පරීක්‍ෂායෙන් යුක්ත වූයේ වේ ද හේ මහත් ජය ලබයි.

5. ජම‍්බුකජාතකං.

5. ජම්බුක ජාතක යි.

648. තිණං තිණන‍්ති ලපසි කො නු තෙ තිණමාහරි, කින‍්නු තෙ තිණකිච‍්චත්‍ථි තිණමෙව පභාසසි.

648. තෘණ තෘණ යයි කියන්නෙහි ය. ඔබගේ තෘණ කවරෙක් හැරගනී ද ඔබ හුදෙක් තෘණ ගැන මැ කියහි. තෘණයෙන් තොපට කවර ප්‍රයෝජනයෙක් ඇද්ද?

649. ඉධාගමා බ්‍රහ‍්මාචාරී බ්‍රහා ඡත‍්තො බහුස‍්සුතො, සො මෙ සබ‍්බං සමාදාය තිණං නික‍්ඛිප‍්ප ගච‍්ඡති.

649. උස් වූ බහුශ්‍රුත වූ ඡත්‍ර නමැති උත්තමචර්‍ය්‍යා ඇතියෙක් මෙහි පැමිණියේ ය. හෙතෙම මාගේ සියලු ධනය ගෙන සැළියේ තෘණ බහා ගියේ යැ.

650. එවෙතං හොති කත‍්තබ‍්බ. අප‍්පෙන බහුමිච‍්ඡතා, සබ‍්බං සකස‍්ස ආදානං අනාදානං තිණස‍්ස ච චාටීසු පක‍්ඛිපිත්‍වාන තත්‍ථ කා පරිදෙවනා.

650. ස්වල්ප වූ තෘණයෙන් බොහෝ ධනය කැමැත්තේ මෙලෙස කටයුතු ය. පියා සතු සියලු ධනය ගැනීම ය, නො ගතයුතු තෘණ සැළියේ ලා ගමන් කිරීම ය (යන මේ දෑ බ්‍රහාඡත්තයා කෙළේ ය) ඒ කරුණෙහි කවර හැඬීමෙක් ද.

651. සීලවන‍්තො න කුබ‍්බන‍්ති බාලො සීලානි කුබ‍්බති, අනිච‍්චසීලං දුස‍්සීල්‍යං කිං පණ‍්ඩිච‍්චං කරිස‍්සතී’ති.

651. සිල්වත්හු මෙබඳු දෙය නො කරති. අඥාන තෙම අනාචාරස්වභාවය නිසා මෙසේ කරයි. බොහෝ කල් නො පවතින සිල් ඇති දුස්සීලයාට පණ්ඩිතකම කුමක් කෙරේ ද?

6. බ්‍රහාඡත‍්තජාතකං.

6. බ්‍රහාඡත්ත ජාතක යි.

652. න තෙ පීඨමදායිම‍්හා න පානං නපි භොජනං, බ්‍රහ‍්මචාරි ඛමස‍්සු මෙ එතං පස‍්සාම අච‍්චයං.

652. බඹසැරිය, තොපට පුටුවක් නො දෙවුම්හ. ආහාරයක් හෝ පානයක් හෝ නො දෙවුම්හ. මාගේ වරද දකිමි. (මට) ක්‍ෂමා කරව.

653. නෙවාභිසජ‍්ජාමි න චාපි කුප‍්පෙ න චාපි මෙ අප‍්පියමාසි කිඤ‍්චි, අථොපි මෙ ආසි මනොවිතක‍්කො එතාදිසො නූන කුලස‍්ස ධම‍්මො.

653. තොපගේ දානයෙකැ නො ලැගෙමි. (කිසිවක් නො දිනැ යි) නො ද කිපෙමි. මට කිසිවක් අප්‍රිය ද නො වී ය. එහෙත්, මෙය ඒකාන්තයෙන් කුලස්වභාව ය යි මට අදහසෙක් විය.

654. එසස‍්මාකං කුලෙ ධම‍්මො පිතුපිතාමහො සදා, ආසනං උදකං පජ‍්ජං සබ‍්බෙතං නිපදාමසෙ.

654. ආසන, පා දෝනා දිය හා පා ගල්වන තෙල් යන මේ සියල්ල හැමදා දෙමු. මෙය අපගේ පියමුතුන් පරපුරේ (චාරිත්‍ර) ධර්‍ම යි.

655. එසස‍්මාකං කුලෙ ධම‍්මො පිතුපිතාමහො සදා, සක‍්කච‍්චං උපතිට‍්ඨාම උත‍්තමං විය ඤාතකන‍්ති.

655. උතුම් නෑයකුට මෙන් මැනැවින් උපස්ථාන කරමු. මෙය අපේ පියමුතුන් පරපුරේ හැමදා පැවති (චාරිත්‍ර) ධර්‍ම යි.

7. පීඨජාතකං.

7. පීඨ ජාතක යි.

656. විදිතං ථුසං උන්‍දුරානං විදිතං පන තණ‍්ඩුලං ථුසං ථූලං විවජ‍්ජෙත්‍වා තණ‍්ඩුලං පන ඛාදරෙ.

656. මීයන් විසින් වී පොතු ද දන්නා ලද යැ. සහල් ද දන්නා ලද යැ. ඔහු පොතු හැරපියා සහල් කන්නාහු ය.

657. යා මන‍්තනා අරඤ‍්ඤස‍්මිං යා ච ගාමෙ නිකණ‍්ණිකා, යඤ‍්චෙතං ඉතිචිතිච එතම‍්පි විදිතං මයා.

657. උයනෙහි යම් රහස් සාකච්ඡාවක් වී ද ගමෙහි ද යම් රහස් කීමෙක් වී ද මට පහර දීමට ඉඩක් සෙවී ද මෙය මා විසින් දන්නා ලදි.

658. ධම‍්මෙන කිර ජාතස‍්ස පිතා පුත‍්තස‍්ස මක‍්කටො, දහරස‍්සෙව සන‍්තස‍්ස දන‍්තෙහි ඵලමච‍්ඡිදා.

658. උපන් වඳුරා ළපටි වියේ සිටියදී ම පියා (වඳුරු) විසින් වඳුරු පැටියාගේ කෝෂය දතින් සිඳපී ල.

659. යමෙතං පරිසප‍්පසි අජකාණොව සාසපෙ, යොපායං හෙට‍්ඨතො සෙසි එතම‍්පි විදිතං මයා’ති.

659. අබ කෙතකට වන් කණ එළුදෙනක මෙන් ඔබමොබ යන්නෙහි ය. යම්බඳු මෙතෙම සයනය යට හෝනේ ද මෙ ද මා විසින් දන්නා ලදී.

8. ථුසජාතකං.

8. ථුස ජාතක යි.

660. අදස‍්සනෙන මොරස‍්ස සිඛිනො මඤ‍්ජුභාණිනො, කාකං තත්‍ථ අපූජෙසුං මංසෙන ච ඵලෙන ච.

660. සිළු ඇති මිහිරි නාද ඇති මොනරා දැක නැති හෙයින් එහි මනුෂ්‍යයෝ මස්වලින් හා පලවැළයෙන් කවුඩා පිදූහ.

661. යදා ච සරසම‍්පන‍්නො මොරො බවෙරුමාගමා, අථ ලාභො ච සක‍්කාරො වායසස‍්ස අහායථ.

661. යම් කලෙක මිහිරිනාද ඇති මොනරා බාවේරු පෙදෙසට ආයේ ද එකල කවුඩා ලාභයෙන් හා සත්කාරයෙන් පිරිහුනේ ය.

662. යාව නුපජ‍්ජති බුද‍්ධො ධම‍්මරාජා පභඞ‍්කරො, තාව අඤ‍්ඤෙ අපූජෙසුං පුථු සමණබ්‍රාහ‍්මණෙ.

662. යම්තාක් ධර්‍මරාජයන් වූ ලොව එලි කරන්නා වූ බුදුරජාණන් වහන්සේ ලොව නූපදී ද එතෙක් අන්තොටු බොහෝ මහණ බමුණන් ලෝවැසියෝ පිදූ.

663. යදා ච සරසම‍්පන‍්නො බුද‍්ධො ධම‍්මමදෙසයි, අථ ලාභො ච සක‍්කාරො තිත්‍ථියානං අහායථා’ති.

663. යම් කලක බ්‍රහ්මඝෝෂයෙන් යුතු බුදුරජාණන් වහන්සේ දහම් දෙසූ ද එකල තීර්‍ත්‍ථකයන්ට ලාභ සත්කාර නැති විය.

9. බාවෙරුජාතකං.

9. බාවේරු ජාතක යි.

664. අදාසි දානානි පුරෙ විසය‍්හ දදතො ච තෙ ඛයධම‍්මො අහොසි, ඉතො පරඤ‍්චෙ න දදෙය්‍ය දානං තිට‍්ඨෙය්‍යුං තෙ සඤ‍්ඤමන‍්තස‍්ස භොගො.

664. විසය්හය, පෙරැ දන් දින. දෙන්නා වූ තොපගේ වස්තු විනාශ විය. මින්පසු දන් නො දෙන්නේ නම් දීමෙන් වළකින තොපට පෙර පරිදි භෝගයෝ සිටුනාහ හෙවත් ඉතිරි වන්නාහ.

665. අනරියමරියෙන සහස‍්සනෙත‍්ත සුදුග‍්ගතෙනාපි අකිච‍්චමාහු, මා වො ධනං තං ජනින්‍ද අහුවා යම‍්භොගහෙතු විජහෙම සද‍්ධං.

665. දහස් ඇස් ඇත්තාණෙනි, ජන දෙටුවාණෙනි, ඉතා දිළිඳු වූ ආර්‍ය්‍යයා විසින් වුවත් පාපක්‍රියාවක් නො කටයුතුය යි කියත් වස්තුව නිසා ශ්‍රද්ධාව අත් හරී නම් ඒ ධනයෙන් ප්‍රයෝජනයෙක් නැත.

666. යෙන එකො රථො යාති යාති තෙන පරො රථො, පොරාණං නිහිතං වත‍්තං වත‍්තතඤ‍්ඤෙව වාසව.

666. ශක්‍රය, යම් මගෙකින් රියක් යේ ද ඒ මගින් අනෙක් රියක් යයි. පෙරැ මා තැබූ දන්වැට මා සිටුනා තාක් (දවසින් දවස) වැඩේවා.

667. යදි හෙස‍්සති දස‍්සාම අසන‍්තෙ කිං දදාමසෙ, එවං භූතාපි දස‍්සාම මා දානං පමදාම‍්හසෙ’ති.

667. ඉදින් වස්තු විද්‍යාමාන වී නම් දෙන්නෙමු. වස්තුව නැති කල කුමක් දෙන්නෙමු ද (මෙය තණ සපයන්නකු වුව ද) අනාථ ව සිටුනේ නමුදු දන් දීමට ප්‍රමාද නො වම්හ.

10. විසය‍්හජාතකං.

10. විසය්හ ජාතක යි.

කොකාලිවග‍්ගො චතුත්‍ථො.

සතරවන කෝකාලික වර්‍ග යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

අතිවෙලං පභාසති ජිනවරො වනමජ‍්ඣෙරථෙසභජිම‍්භගමො, අථ ජම‍්බුතිණාසනපීඨවරං අථ තණ‍්ඩුල මොර විසය‍්හ දස.

වේලාව ඉක්මවා කථා කළ කෝකාලික ජාතක යැ, (ජිනවර) රථලට්ඨි ජාතක යැ, (වනමජ්ඣෙ) ගෝධ ජාතක යැ, (රථේසභ) රාජෝවාද ජාතක යැ, යළි ජම්බුක ජාතක යැ, (තිණ) බ්‍රහාඡත්ත ජාතක යැ, පීඨ ජාතක යැ, (තණ්ඩුල) ථුස ජාතක යැ, මොණරකු ඇති බාවේරු ජාතක යැ, විසය්හ ජාතක ය යන මෙයින් දසය වේ.