යෙදුමෙන් කියවන්න

6. බ්‍රහාඡත‍්තජාතකවණ‍්ණනා 336 අට‍්ඨකථා

6. බ්‍රහාඡත‍්තජාතකවණ‍්ණනා (336)

6. බ්‍රහාඡත්ත ජාතකය (336)

තිණං තිණන‍්ති ලපසීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො කුහකභික‍්ඛුං ආරබ‍්භ කථෙසි. පච‍්චුප‍්පන‍්නවත්‍ථු කථිතමෙව.

‘තිණං තිණන්ති ලපසි’ යන මේ ගාථාව අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, එක්තරා කුහක භික්‍ෂු කෙනෙකුන් අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව මීට පෙර කියන ලදි. එහි අතීත කථා පුවත මෙසේය.

අතීතෙ පන බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො තස‍්ස අත්‍ථධම‍්මානුසාසකො අමච‍්චො අහොසි. බාරාණසිරාජා මහතියා සෙනාය කොසලරාජානං අබ‍්භුග‍්ගන‍්ත්‍වා සාවත්‍ථිං පත්‍වා යුද‍්ධෙන නගරං පවිසිත්‍වා රාජානං ගණ‍්හි. කොසලරඤ‍්ඤො පන පුත‍්තො ඡත‍්තො නාම කුමාරො අත්‍ථි. සො අඤ‍්ඤාතකවෙසෙන නික‍්ඛමිත්‍වා තක‍්කසිලං ගන‍්ත්‍වා තයො වෙදෙ ච අට‍්ඨාරස සිප‍්පානි ච උග‍්ගණ‍්හිත්‍වා තක‍්කසිලතො නික‍්ඛම‍්ම සබ‍්බසමයසිප‍්පානි සික‍්ඛන‍්තො එකං පච‍්චන‍්තගාමං පාපුණි. තං නිස‍්සාය පඤ‍්චසතතාපසා අරඤ‍්ඤෙ පණ‍්ණසාලාසු වසන‍්ති. කුමාරො තෙ උපසඞ‍්කමිත්‍වා “ඉමෙසම‍්පි සන‍්තිකෙ කිඤ‍්චි සික‍්ඛිස‍්සාමී”ති පබ‍්බජිත්‍වා යං තෙ ජානන‍්ති, තං සබ‍්බං උග‍්ගණ‍්හි. සො අපරභාගෙ ගණසත්‍ථා ජාතො.

අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ ඒ රජතුමාට අර්ථයෙන් හා ධර්මයෙන් අනුශාසනා කරන ඇමතිවරයා විය. දිනක් බරණැස් රජතුමා මහත් වූ සේනාවක් ගෙන, කොසොල් රජුගේ රටට වැද සැවැත් නුවරට පිවිස, යුදකොට ඒ නුවරත්, රජුත් අල්ලා ගත්තේය. කොසොල් රජුට ‘ඡත්ත’ නමින් පුත් කුමරෙක් විය. ඔහු මේ යුද්ධය පවතිද්දී වෙස්වලාගෙන නුවරින් පිටව ගොස්, ‘තක්‍ෂිලා’ නුවරට පිවිසුණි. එහි නැවතුණු ඔහු ත්‍රිවේදයත් අටළොස් ශිල්පත් උගෙන තක්‍ෂිලාවෙන් නික්ම, එකල පැවති ආගම්ද වෙනත් ශිල්ප ශාස්ත්‍රද ඉගෙන ගනිමින් ගමින් ගම ගොස් අවසානයේදී, එක් පසල් ගමකට පැමිණියේය. මේ අතර තාපසවරු පස්දෙනෙක් එවකට එම ගම අසල පන්සලක් තනාගෙන, තවුස් දම් පුරමින් ජීවත් වූහ. ඉහත කී රාජකුමාරයා ඒ තවුසන් වෙත එළඹ, ‘මොවුන්ගෙන් කිසිවක් උගත යුතුයැ’යි සිතා, ඔවුන් සමීපයෙහි පැවිදි වී, ඔවුන් දත් සියල්ල උගත්තේය. පසුකලෙක මේ රාජකීය තවුසා තවුස් පිරිසෙහි නායකයා විය.

අථෙකදිවසං ඉසිගණං ආමන‍්තෙත්‍වා “මාරිසා, කස‍්මා මජ‍්ඣිමදෙසං න ගච‍්ඡථා”ති පුච‍්ඡි. “මාරිස, මජ‍්ඣිමදෙසෙ මනුස‍්සා නාම පණ‍්ඩිතා, තෙ පඤ‍්හං පුච‍්ඡන‍්ති, අනුමොදනං කාරාපෙන‍්ති, මඞ‍්ගලං භණාපෙන‍්ති, අසක‍්කොන‍්තෙ ගරහන‍්ති, මයං තෙන භයෙන න ගච‍්ඡාමා”ති. “මා තුම‍්හෙ භායථ, අහමෙතං සබ‍්බං කරිස‍්සාමී”ති. “තෙන හි ගච‍්ඡාමා”ති සබ‍්බෙ අත‍්තනො අත‍්තනො ඛාරිවිවිධමාදාය අනුපුබ‍්බෙන බාරාණසිං පත‍්තා. බාරාණසිරාජාපි කොසලරජ‍්ජං අත‍්තනො හත්‍ථගතං කත්‍වා තත්‍ථ රාජයුත‍්තෙ ඨපෙත්‍වා සයං තත්‍ථ විජ‍්ජමානං ධනං ගහෙත්‍වා බාරාණසිං ගන‍්ත්‍වා උය්‍යානෙ ලොහචාටියො පූරාපෙත්‍වා නිදහිත්‍වා තස‍්මිං සමයෙ බාරාණසියමෙව වසති. අථ තෙ ඉසයො රාජුය්‍යානෙ රත‍්තිං වසිත්‍වා පුනදිවසෙ නගරං භික‍්ඛාය පවිසිත්‍වා රාජද‍්වාරං අගමංසු. රාජා තෙසං ඉරියාපථෙස‍්සු පසීදිත්‍වා පක‍්කොසාපෙත්‍වා මහාතලෙ නිසීදාපෙත්‍වා යාගුඛජ‍්ජකං දත්‍වා යාව භත‍්තකාලා තං තං පඤ‍්හං පුච‍්ඡි. ඡත‍්තො රඤ‍්ඤො චිත‍්තං ආරාධෙන‍්තො සබ‍්බපඤ‍්හෙ විස‍්සජ‍්ජෙත්‍වා භත‍්තකිච‍්චාවසානෙ විචිත්‍රං අනුමොදනං අකාසි. රාජා සුට‍්ඨුතරං පසන‍්නො පටිඤ‍්ඤං ගහෙත්‍වා සබ‍්බෙපි තෙ උය්‍යානෙ වාසාපෙසි.

ඉක්බිති එක් දවසක් තවුස් පිරිවර ඇමතූ ඔහු, ‘පින්වත් තවුසනි, නුඹලා කුමක් නිසා, මධ්‍යම දේශයට නොයවුදැ’යි විචාළේය. ‘ස්වාමීනි, මධ්‍යම දේශයෙහි මිනිස්සු නම් පණ්ඩිතයෝ වෙති. ඔවුහු අපගෙන් ප්‍රශ්න අසති. අප ලවා අනුමෝදන් කරවති. මංගල පාඨ අප ලවා කියවති. ඒවා අපට නොහැකි වුවහොත් ඊට ඔවුහු ගරහති. අපි ඊට බියෙන් එහි නොයමු’යි සෙසු තවුසෝ පිළිතුරු දුන්හ. එවිට නායක තවුසා ‘පින්වත් තවුසනි, තෙපි කිසිදේකට බිය නොවවු, මම ඒ සියල්ල කරන්නෙමි’යි කීය. මෙසේ එහි යන්නට තීරණය කරගත් ඔවුහු සියලු දෙනා තම තමාට අයත් විවිධ වූ තවුස් පිරිකර ද ගෙන පිටත්ව ගොස්, පිළිවෙලින් බරණැස් නුවරට පැමිණුනහ. බරණැස් රජතුමා ද කොසොල් රජු තමාගේ අත්අඩංගුවට ගෙන, එහි පාලනයට තමාගේ නියෝජිතයකු තබා, එහි වූ ගෙන යා හැකි වටිනා සම්පත් සියල්ල ද රැගෙන, බරණැසට ගොස් තම රාජකීය උද්‍යානයෙහි තමා අයත් කොටගත් ඒ සියලු වස්තුව, විශාල ලෝහමය සැළියක බහා, රහසිගතව නිදන්කොට තබා, රජවාසලට ගියේය. මෙසේ බරණැස් නුවරට පැමිණි ඉහත කී තාපසවරු බරණැස් රජුගේ උයනෙහි රාත්‍රිය ගතකොට, ඊට පසුදා නගරය තුළ පිඬුසිඟා ගියහ. මෙසේ පිඬු සිඟීමෙහි යෙදුණු ඔවුහු, අනුක්‍රමයෙන් රජමැදුරට පැමිණියහ. රජතුමා ඔවුන්ගේ ඉරියව් ගැන පැහැදී, උඩුමහල් තලයට කැඳවා, ඔවුන් එහි හිඳුවා කැඳ හා වෙනත් කෑ යුතු දේ දීමෙන් ආදරයෙන් ඔවුන්ට සලකා, බත සකස් වනතුරු, විවිධ ප්‍රශ්න ඔවුන්ගෙන් ඇසීය. ‘ඡත්ත’ නම් වූ මේ නායක තවුස්තුමා රජුගේ සිත් ගනිමින්, ඒ සියලු ප්‍රශ්න විසඳා, අනතුරුව බත් කිස නිමවා අවසානයේදී විසිතුරු අනුමෝදනාවක්ද කෙළේය. ඊට අතිශයින් පැහැදුණු රජතුමා, ඒ සියලු දෙනාම, සිය උයනෙහි නැවතීම සඳහා කැමති කරවා ගත්තේය.

ඡත‍්තො නිධිඋද‍්ධරණමන‍්තං ජානාති. සො තත්‍ථ වසන‍්තො “කහං නු ඛො ඉමිනා මම පිතු සන‍්තකං ධනං නිදහිත”න‍්ති මන‍්තං පරිවත‍්තෙත්‍වා ඔලොකෙන‍්තො උය්‍යානෙ නිදහිතභාවං ඤත්‍වා “ඉදං ධනං ගහෙත්‍වා මම රජ‍්ජං ගණ‍්හිස‍්සාමී”ති චින‍්තෙත්‍වා තාපසෙ ආමන‍්තෙත්‍වා “මාරිසා, අහං කොසලරඤ‍්ඤො පුත‍්තො, බාරාණසිරඤ‍්ඤා අම‍්හාකං රජ‍්ජෙ ගහිතෙ අඤ‍්ඤාතකවෙසෙන නික‍්ඛමිත්‍වා එත‍්තකං කාලං අත‍්තනො ජීවිතං අනුරක‍්ඛිං, ඉදානි කුලසන‍්තකං ධනං ලද‍්ධං, අහං එතං ආදාය ගන‍්ත්‍වා අත‍්තනො රජ‍්ජං ගණ‍්හිස‍්සාමි, තුම‍්හෙ කිං කරිස‍්සථා”ති ආහ. “මයම‍්පි තයාව සද‍්ධිං ගමිස‍්සාමා”ති . සො “සාධූ”ති මහන‍්තෙ මහන‍්තෙ චම‍්මපසිබ‍්බකෙ කාරෙත්‍වා රත‍්තිභාගෙ භූමිං ඛණිත්‍වා ධනචාටියො උද‍්ධරිත්‍වා පසිබ‍්බකෙසු ධනං පක‍්ඛිපිත්‍වා චාටියො තිණස‍්ස පූරාපෙත්‍වා පඤ‍්ච ච ඉසිසතානි අඤ‍්ඤෙ ච මනුස‍්සෙ ධනං ගාහාපෙත්‍වා පලායිත්‍වා සාවත්‍ථිං ගන‍්ත්‍වා සබ‍්බෙ රාජයුත‍්තෙ ගාහාපෙත්‍වා රජ‍්ජං ගහෙත්‍වා පාකාරඅට‍්ටාලකාදිපටිසඞ‍්ඛරණං කාරාපෙත්‍වා පුන සපත‍්තරඤ‍්ඤා යුද‍්ධෙන අග‍්ගහෙතබ‍්බං කත්‍වා නගරං අජ‍්ඣාවසති. බාරාණසිරඤ‍්ඤොපි “තාපසා උය්‍යානතො ධනං ගහෙත්‍වා පලාතා”ති ආරොචයිංසු. සො උය්‍යානං ගන‍්ත්‍වා චාටියො විවරාපෙත්‍වා තිණමෙව පස‍්සි, තස‍්ස ධනං නිස‍්සාය මහන‍්තො සොකො උප‍්පජ‍්ජි. සො නගරං ගන‍්ත්‍වා “තිණං තිණ”න‍්ති විප‍්පලපන‍්තො චරති, නාස‍්ස කොචි සොකං නිබ‍්බාපෙතුං සක‍්කොති.

ඡත්ත තවුසා නිදන් ගන්නා මන්ත්‍ර දත්තෙකි. ඔහු එහි වෙසෙමින් ‘මෙ රජු විසින් මාගේ පියාගේ ධනය, කොතැනක සඟවා තබන ලදදැ’යි මන්ත්‍ර ජපකොට බලා, එය තමා වෙසෙන උයනෙහි ම නිදන්කොට ඇති බව, දැනගත්තේය. ඉන්පසු ඔහු ‘මම මේ ධනය ද, අත්පත් කොටගෙන මට අයත් රජය ද, සතු කර ගන්නෙමි’යි සිතා, සෙසු තවුසන් අමතා, ‘පින්වතුනි, මම කොසොල් රජුගේ පුතා වෙමි. මේ බරණැස් රජු විසින් අපගේ රජය පැහැර ගන්නා ලදි. මම වෙස් වලාගෙන සැඟව ගොස්, මෙපමණ කලක් දිවි රැක ගත්තෙමි. දැන්න කුලසන්තක ධනය මෙහි ඇත. මම ඒවා රැගෙන ගොස්, මට අයත් රජය ද ආපසු ගන්නෙමි. එවිට තොපි කුමක් කරන්නෙහු දැ’යි විමසීය. මේ ඇසූ තවුසෝ ‘ස්වාමීනි, අපි සියලු දෙනාම ඔබ සමග එන්නෙමු’යි කීහ. තවුසන්ගේ අදහස පිළිගත් ඡත්ත තවුසා, මහත් වූ සම් මලු රැසක් සකසා එදින රාත්‍රී කාලයෙහි පොළොව සාරා, ධනය පුරවන ලද නිදන් සැළිය ගොඩට ගෙන, සියලු සම්පත් සම් මලුවල පුරවා, සැළිය තණකොළවලින් පුරවා, තිබූ තැනම එය තැන්පත් කොට තබා, ඉහත කී වස්තුවද, පන්සියයක් වූ තම ශිෂ්‍ය තවුසන්ද වෙනත් කුලීකාර මිනිසුන්ද, රැගෙන පලා ගියේය. සැවතට පැමිණි ඔහු, බරණැස් රජුගේ නියෝජිතයා අත්අඩංගුවට ගෙන, රජය ද තමාගේ ග්‍රහණයට නතු කොටගෙන, ප්‍රාකාර-අට්ටාල ආදිය පිළිසකර කරවා, නැවත කිසිදු රජකුට පැහැර ගත නොහැකි වන සේ, සියල්ල තරකොට රාජ්‍යත්වයට පත්විය. මේ අතර බරණැස් රජතුමා, තාපසවරුන් උයනෙහි තිබූ නිදන් වස්තු පැහැරගෙන පලා ගිය බව, කෙසේ හෝ දැන ගත්තේය. වහා උයනට ගිය ඔහු, නිධානය විවරකොට බලා, තණකොළවලින් පිරුණු සැළිය දැක, අහිමි වූ ධනය ගැන ශෝක කරන්නට පටන් ගත්තේය. ඔහුගේ සිහිය අවුල් විය. රජවාසලට පැමිණි ඔහු ‘තණකොළ තණකොළ’ කියමින්, එයම නිතර මුමුණමින්, සිහිමඳව කල්ගෙවන්නට පටන් ගත්තේය. කිසිවකුට රජුගේ ශෝකය තුනී කරන්නට, නොහැකි විය.

බොධිසත‍්තො චින‍්තෙසි “රඤ‍්ඤො මහන‍්තො සොකො, විප‍්පලපන‍්තො චරති, ඨපෙත්‍වා ඛො පන මං නාස‍්ස අඤ‍්ඤො කොචි සොකං විනොදෙතුං සමත්‍ථො, නිස‍්සොකං නං කරිස‍්සාමී”ති. සො එකදිවසං තෙන සද‍්ධිං සුඛනිසින‍්නො තස‍්ස විප‍්පලපනකාලෙ පඨමං ගාථමාහ –

මේ තත්ත්වය මැනවින් තේරුම් ගත් බෝසත් ඇමතිතුමා, ‘අපගේ රජතුමා මහත් වූ ශෝකයෙන් නන්දොඩවමින් හැසිරෙයි. ඔහුගේ ශෝකය දුරු කරන්නට මා හැර අන් සමතකු නැත. එබැවින් මොහුගේ සිත තුළ වූ ශෝකය මුලිනුපුටා දමන්නෙමි’යි සිතීය. පසුදිනෙක රජවාසලට ගිය ඇමතිතුමා, වැළපෙන රජු ළඟ හිඳිමින් මේ ගාථාව කීය.

“තිණං තිණන‍්ති ලපසි, කො නු තෙ තිණමාහරි; කිං නු තෙ තිණකිච‍්චත්‍ථි, තිණමෙව පභාසසී”ති.

තිණං තිණන්ති ලපසී - කොණු තෙ තිණමාහරී, කින්නු තෙ තිණ කිච්චත්‍ථි - තිණමෙව පභාසසීති

‘තෘණ තෘණ’ යැයි කියහි, කවරෙක් ඔබගේ තෘණ හැර ගත්තේද? කිමෙක්ද? තෘණ ගැනම කියනුයේ, තෘණවලින් ඔබට ප්‍රයෝජනයක් වේද?

තත්‍ථ කිං නු තෙ තිණකිච‍්චත්‍ථීති කිං නු තව තිණෙන කිච‍්චං කාතබ‍්බං අත්‍ථි. තිණමෙව පභාසසීති ත්‍වඤ‍්හි කෙවලං “තිණං තිණ”න‍්ති තිණමෙව පභාසසි, “අසුකතිණං නාමා”ති න කථෙසි, තිණනාමං තාවස‍්ස කථෙහි “අසුකතිණං නාමා”ති, මයං තෙ ආහරිස‍්සාම, අථ පන තෙ තිණෙනත්‍ථො නත්‍ථි, නික‍්කාරණා මා විප‍්පලපීති.

මෙහි ‘කින්නු තෙ තිණකිච්චත්‍ථි’ යනු ‘කිමෙක්ද? ඔබට තෘණවලින් කළයුතු වැඩක් වේද?’ යන අර්ථයි. ‘තිණමෙව පභාසසි’ යනු ‘ඔබ වනාහි හුදෙක් ‘තෘණ-තෘණ’ යැයි ඒ ගැනම කියහි, ‘අසවල් තෘණ වර්ගය යැ’යි නොකීවේය. පළමුකොට ‘අසවල් වර්ගය ඒ ගැනම කියහි’, ‘අසවල් තෘණ වර්ගය යැ’යි නොකීවේය. පළමුකොට ‘අසවල් වර්ගය යැ’යි තෘණ වර්ගය කියනු මැනව. අපි ඒවා ගෙනෙන්නෙමු. තවද ඔබට ඉන් වැඩක් නැති නම්, නිකරුණේ නන් දෙඩවීම නවත්වනු මැනව’, යන අදහසයි.

තං සුත්‍වා රාජා දුතියං ගාථමාහ –

ඒ ඇසූ රජතුමා අනතුරුව මේ ගාථාව කීය.

“ඉධාගමා බ්‍රහ‍්මචාරී, බ්‍රහා ඡත‍්තො බහුස‍්සුතො; සො මෙ සබ‍්බං සමාදාය, තිණං නික‍්ඛිප‍්ප ගච‍්ඡතී”ති.

ඉධාගමා බ්‍රහ්මචාරී බ්‍රහාඡත්තො බහුස්සුකො, සො මෙ සබ්බං සමාදාය තිණං නික්ඛිප්ප ගච්ඡති

උසස් වූ, බහුශ්‍රැත වූ, ඡත්ත නම් වූ, බ්‍රහ්මචාරියෙක් මෙහි පැමිණියේය. ඔහු මගේ සියලු දේ ගෙන (ඒ වෙනුවට) තණකොළ බහා තබා ගියේය.

තත්‍ථ බ්‍රහාති දීඝො. ඡත‍්තොති තස‍්ස නාමං. සබ‍්බං සමාදායාති සබ‍්බං ධනං ගහෙත්‍වා. තිණං නික‍්ඛිප‍්ප ගච‍්ඡතීති චාටීසු තිණං නික‍්ඛිපිත්‍වා ගතොති දස‍්සෙන‍්තො එවමාහ.

මෙහි ‘බ්‍රහා’ යනු ‘උස් වූ’, යන අර්ථයි. ‘ඡත්තො’ යනු ‘ඔහුගේ නම’යි. ‘සබ්බං සමාදාය’ යනු ‘සියලු ධනය ගෙන’ යන අර්ථයි. ‘නික්ඛිප්ප ගච්ඡති’ යනු සැළිවල තෘණ පුරවා තබා, ගියේ යැයි දක්වමින් මෙසේ කීය’ යන අදහසයි.

තං සුත්‍වා බොධිසත‍්තො තතියං ගාථමාහ –

රජතුමාගේ වදන් ඇසූ, බෝසත් තෙමේ මේ ගාථාව ප්‍රකාශ කෙළේය.

“එවෙතං හොති කත‍්තබ‍්බං, අප‍්පෙන බහුමිච‍්ඡතා; සබ‍්බං සකස‍්ස ආදානං, අනාදානං තිණස‍්ස චා”ති.

එවෙතං හොති කත්තබ්බං අප්පෙන බහුමිච්ඡතා, සබ්බං සකස්ස ආදානං අනාදානං තිණස්සච, තිණස්ස චාටිසු ගතො - තත්‍ථ කා පරිදෙවනාති

සුලු දැයින් බොහෝ දෑ කැමැත්තා විසින් මෙයම කළ යුතුය. එනම් තමන්ගේ සියල්ල ගැනීමත්, (අනුන්ගේ තණ පතක්වත් නොගැනීමත්ය. සැළිවල තණකොළ බහා ගියේය. කුමට ඒ ගැන වැලපේද?

තස‍්සත්‍ථො – අප‍්පෙන තිණෙන බහුධනං ඉච‍්ඡතා එවං එතං කත‍්තබ‍්බං හොති, යදිදං පිතු සන‍්තකත‍්තා සකස‍්ස ධනස‍්ස සබ‍්බං ආදානං අගය‍්හූපගස‍්ස තිණස‍්ස ච අනාදානං. ඉති, මහාරාජ, සො බ්‍රහා ඡත‍්තො ගහෙතබ‍්බයුත‍්තකං අත‍්තනො පිතු සන‍්තකං ධනං ගහෙත්‍වා අග‍්ගහෙතබ‍්බයුත‍්තකං තිණං චාටීසු පක‍්ඛිපිත්‍වා ගතො, තත්‍ථ කා පරිදෙවනාති.

අල්ප වූ තෘණවලට වඩා බොහෝ ධනය කැමැත්තා විසින්, මෙසේ මෙය කළයුතු වේ. ඒ කවරේද? පියා සන්තක ධනය මුළුමනින් ගැනීමත්, නොගත යුතුව තිබූ තෘණ නොගැනීමත්ය. මහරජතුමනි, මෙසේ ඒ උස් වූ ඡත්ත නමැත්තා ගතයුතු වූ තම පියා සතු වූ ධනය ගෙන, නො ගත යුතු වූ තෘණ සැළිවල බහා තබා ගියේය. ඒ ගැන කුමට වැලපේද? යන අදහසයි.

තං සුත්‍වා රාජා චතුත්‍ථං ගාථමාහ –

ඒ ඇසූ රජතුමා මේ ගාථාව කීය.

“සීලවන‍්තො න කුබ‍්බන‍්ති, බාලො සීලානි කුබ‍්බති; අනිච‍්චසීලං දුස‍්සීල්‍යං, කිං පණ‍්ඩිච‍්චං කරිස‍්සතී”ති.

සීලවෙන්තා නකුබ්බන්ති බාලො සීලානි කුබ්බති, අනිච්චසීලං දුස්සීල්‍යං - කිං පණ්ඩිච්ච කරිස්සතීති

සිල්වත්තු (මෙබඳු දෑ) නො කෙරෙති. මෝඩයා එසේ කරයි. නිත්‍ය සීලයක් නැති, දුස්සීලයාගේ පණ්ඩිත බව කුමටද?

තත්‍ථ සීලවන‍්තොති යෙ සීලසම‍්පන‍්නා බ්‍රහ‍්මචාරයො, තෙ එවරූපං න කුබ‍්බන‍්ති. බාලො සීලානි කුබ‍්බතීති බාලො පන දුරාචාරො එවරූපානි අත‍්තනො අනාචාරසඞ‍්ඛාතානි සීලානි කරොති. අනිච‍්චසීලන‍්ති අද‍්ධුවෙන දීඝරත‍්තං අප‍්පවත‍්තෙන සීලෙන සමන‍්නාගතං. දුස‍්සීල්‍යන‍්ති දුස‍්සීලං. කිං පණ‍්ඩිච‍්චං කරිස‍්සතීති එවරූපං පුග‍්ගලං බාහුසච‍්චපරිභාවිතං පණ‍්ඩිච‍්චං කිං කරිස‍්සති කිං සම‍්පාදෙස‍්සති, විපත‍්තිමෙවස‍්ස කරිස‍්සතීති. තං ගරහන‍්තො වත්‍වා සො තාය බොධිසත‍්තස‍්ස කථාය නිස‍්සොකො හුත්‍වා ධම‍්මෙන රජ‍්ජං කාරෙසි.

මෙහි ‘සීලවන්තො’ යනු ‘යම් සිල්වත් බ්‍රහ්මචාරී කෙනෙක් වෙද්ද? ඔවුහු මෙබඳු දෑ නො කෙරෙති, යන අර්ථයි. ‘බාලො සීලානි කුබ්බති’ යනු ‘අනුවණ දුරාචාරි පුද්ගලයා වූ කලී, මෙබඳු වූ තමාගේ අනාචාර ලක්‍ෂණ පළ කෙරේ’, යන අර්ථයි. ‘අනිච්චං සීලං’ යනු ‘ස්ථිර නැති, දිගු කලක් නො පවතින සීලයෙන් යුතු’ යන අර්ථයි. ‘දුස්සීල්‍යං’ යනු ‘දුසිල් බව’යි. ‘කිං පණ්ඩිච්ච කරිස්සති’ යනු ‘මෙබඳු පුද්ගලයා බොහෝ ඇසූ පිරූ තැනින් ගොඩනගා ගත් පාණ්ඩිත්‍යයෙන් කුමක් කරන්නද? කුමක් ලබන්නේද? ඔහුටම විපතක් කරගන්නේ යැයි, රජතුමා ඔහුට ගරහමින් එසේ කියා, බෝසතුන්ගේ ගාථාවෙන් ශෝකය දුරුකොට ගෙන, දැහැමින් රාජ්‍යය කරවීය’ යන අර්ථයි.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා බ්‍රහාඡත‍්තො කුහකභික‍්ඛු අහොසි, පණ‍්ඩිතාමච‍්චො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. තවද එදා ‘බ්‍රහා ඡත්තයා’ නම් මේ කුහක භික්‍ෂුවයි. පණ්ඩිත වූ ඇමතිවරයා වූ කලී ‘මම ම වීමි’යි බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.

බ්‍රහාඡත‍්තජාතකවණ‍්ණනා ඡට‍්ඨා.