5. ජම්බුකජාතකවණ්ණනා 335 අට්ඨකථා
5. ජම්බුකජාතකවණ්ණනා (335)
5. ජම්බුක ජාතකය (335)
බ්රහා පවඩ්ඪකායො සොති ඉදං සත්ථා වෙළුවනෙ විහරන්තො දෙවදත්තස්ස සුගතාලයකරණං ආරබ්භ කථෙසි. වත්ථු හෙට්ඨා විත්ථාරිතමෙව, අයං පනෙත්ථ සඞ්ඛෙපො. සත්ථාරා “සාරිපුත්ත, දෙවදත්තො තුම්හෙ දිස්වා කිං අකාසී”ති වුත්තො ථෙරො ආහ “භන්තෙ, සො තුම්හාකං අනුකරොන්තො මම හත්ථෙ බීජනිං දත්වා නිපජ්ජි. අථ නං කොකාලිකො උරෙ ජණ්ණුනා පහරි, ඉති සො තුම්හාකං අනුකරොන්තො දුක්ඛං අනුභවී”ති. තං සුත්වා සත්ථා “න ඛො, සාරිපුත්ත, දෙවදත්තො ඉදානෙව මම අනුකරොන්තො දුක්ඛං අනුභොති, පුබ්බෙපෙස අනුභොසියෙවා”ති වත්වා තෙන යාචිතො අතීතං ආහරි.
‘මහා පවඩ්ඪකායො සො’ යන මේ ගාථා කොටස අයත් ජාතක ධර්මදේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේදී, දෙව්දතුන් අරබයා දේශනා කළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව, මීට ඉහත දී දක්වන ලදි. මේ එහි කෙටි විස්තරයකි. දිනක් බුදුරජාණන් වහන්සේ සැරියුත් තෙරුන් අමතා, ‘සාරිපුත්‍රය, එදා ඔබ දුටු දෙව්දත් තෙර කුමක් කෙළේදැ’යි විචාළ සේක. ඊට පිළිතුරු දෙන සැරියුත් තෙරණුවෝ, ‘ස්වාමීනි, ඔබවහන්සේ අනුකරණය කෙරෙමින් ඔහු විජිනිපත මා අතට දී, නික්ම ගොස් වැදහොත්තේය. ඉන් කිපුණු කෝකාලිකයා දෙව්දතුන් වෙත දිවගොස් නිදන දෙව්දතුන්ගේ පපුවට දණිස්සෙන් ඇන්නේය. මෙසේ දෙව්දත් ඔබවහන්සේ අනුකරණය කරන්නට ගොස් දුකම ලැබුවේ යැ’යි කීය. ඒ ඇසූ බුදුරජාණන් වහන්සේ ‘සාරිපුත්රයා, දෙව්දත් තෙමේ දැන් පමණක් නොව පෙරද මා අනුකරණය කරන්නට ගොස් දුක් වින්දේයැ’යි, වදාරා සැරියුත් තෙරුන්ගේ අයැදුමෙන් මේ අතීත කථාව වදාළ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො සීහයොනියං නිබ්බත්තිත්වා හිමවන්තෙ ගුහායං වසන්තො එකදිවසං මහිංසං වධිත්වා මංසං ඛාදිත්වා පානීයං පිවිත්වා ගුහං ආගච්ඡති. එකො සිඞ්ගාලො තං දිස්වා පලායිතුං අසක්කොන්තො උරෙන නිපජ්ජි, “කිං ජම්බුකා”ති ච වුත්තෙ “උපට්ඨහිස්සාමි තං, භද්දන්තෙ”ති ආහ. සීහො “තෙන හි එහී”ති තං අත්තනො වසනට්ඨානං නෙත්වා දිවසෙ දිවසෙ මංසං ආහරිත්වා පොසෙසි. තස්ස සීහවිඝාසෙන ථූලසරීරතං පත්තස්ස එකදිවසං මානො උප්පජ්ජි. සො සීහං උපසඞ්කමිත්වා ආහ “අහං, සාමි, නිච්චකාලං තුම්හාකං පලිබොධො, තුම්හෙ නිච්චං මංසං ආහරිත්වා මං පොසෙථ, අජ්ජ තුම්හෙ ඉධෙව හොථ, අහං එකං වාරණං වධිත්වා මංසං ඛාදිත්වා තුම්හාකම්පි ආහරිස්සාමී”ති. සීහො “මා තෙ , ජම්බුක, එතං රුච්චි, න ත්වං වාරණං වධිත්වා මංසඛාදකයොනියං නිබ්බත්තො, අහං තෙ වාරණං වධිත්වා දස්සාමි, වාරණො නාම මහාකායො පවඩ්ඪකායො, මා වාරණං ගණ්හි, මම වචනං කරොහී”ති වත්වා පඨමං ගාථමාහ.
අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ සිංහ ජාතියෙහි ඉපිද හිමාලයෙහි කිසියම් ගුහාවෙක වාසය කරයි. දිනක් මේ සිංහයා මීමකු මරා මස් කා පැන් බී පෙරළා එන විට ඒ දැක බියට පත්වූ එක් සිවලෙක් පලා යන්නට උත්සාහ කොට එය නොහැකිව උඩුබැලි අතට බිම පෙරළුණේය. ඒ දුටු සිංහයා ‘මේ කිමදැ’යි විචාළේය. එවිට සිවලා ‘ස්වාමීනි, මම ඔබට උපස්ථාන කරන්නට කැමැත්තෙමි’යි කීය. ‘එසේ නම් මා සමග එව’යි, සිංහයා සිවලා ද කැටුව සිය නවාතැනට ගොස්, එදා සිට දිනපතා මස් ගෙනැවිත් දෙමින් සිවලා පෝෂණය කෙළේය. කලකට පස් මෙසේ සිංහයාගේ ඉඳුල් කා විශාල වූ සිරුරක් ඇති සිවලාට මහත් මානයක් සිත්හි හට ගත්තේය. වහා සිංහයා වෙත ගිය ඌ ‘ස්වාමීනි, මම මෙතෙක් කල් නිරතුරුව ඔබට පළිබෝධයක්, කරදරයක් වීමි. ඔබ නිතර නිතර මස් ගෙනවුත් මා පෝෂණය කෙළෙහිය. අද ඔබතුමා මේ ගුහාව තුළම හිඳිනු මැනව. මම ගොස් එක් ඇතකු මරා, මස් කා ඔබටද ගෙනෙන්නෙමි’යි, ගර්වයෙන් කීය. එවිට සිංහයා සිවලා අමතා, ‘නුඹ ඊට උත්සාහ නො ගනුව, නුඹ ඇතුන් මරා මස් කන ජාතියක උපන්නකු නොවේ. ඇතුන් වනාහී විශාල-දැවැන්ත ශරීර ඇති සත්ත්ව විශේෂයකි. මම නුඹට ඇතකු මරා දෙන්නෙමි. එබැවින් මා කියන්නට විරුද්ධ නොවී, කියන දේ කරව’යි කියා මේ ගාථාව කීය.
“බ්රහා පවඩ්ඪකායො සො, දීඝදාඨො ච ජම්බුක; න ත්වං තත්ථ කුලෙ ජාතො, යත්ථ ගණ්හන්ති කුඤ්ජර”න්ති.
බ්රහා පවඩ්ඪකායො සො - දීඝ දාඨොව ජම්බුක, නත්වං තම්හි කුලෙ ජාතො - යත්ථ ගණ්හන්ති කුඤ්ජරන්ති
සිවල, ඇතා විශාල සතෙකි. වැඩුණු කයක් ඇත්තෙකි. දිගු දළ ඇත්තෙකි. යම් ජාතියක සත්තු ඇතුන් අල්ලා ගනිද්ද? නුඹ එබඳු කුලයක නූපන්නෙකි.
තත්ථ බ්රහාති මහන්තො. පවඩ්ඪකායොති උද්ධං උග්ගතකායො. දීඝදාඨොති දීඝදන්තො තෙහි දන්තෙහි තුම්හාදිසෙ පහරිත්වා ජීවිතක්ඛයෙ පාපෙති. යත්ථාති යස්මිං සීහකුලෙ ජාතා මත්තවාරණං ගණ්හන්ති, ත්වං න තත්ථ ජාතො, සිඞ්ගාලකුලෙ පන ජාතොසීති අත්ථො.
මෙහි ‘බ්රහා’ යනු ‘විශාල’, යන තේරුමයි. ‘පවඩ්ඪකායො’ යනු ‘උස්ව වැඩුණු කය ඇත්තෙකි’, යන අර්ථයි. ‘දීඝදාඨො’ යනු ‘දිගු දළ ඇත්තෙකි, ඒ දළවලින් තොප වැන්නවුන්ට පහර දී මරණයට පමුණුවයි’ යන අදහසයි. ‘යත්ථ’ යනු ‘යම් සිංහ කුලයක ඉපදුණු අය, උතුම් මදැතකු අල්ලා ගනිද්ද? නුඹ එහි නූපන්නෙකි, සිවල් පවුලේ උපන්නෙකි’ යන අර්ථයි.
සිඞ්ගාලො සීහෙන වාරිතොයෙව ගුහා නික්ඛමිත්වා තික්ඛත්තුං “බුක්ක බුක්කා”ති සිඞ්ගාලිකං නදං නදිත්වා පබ්බතකූටෙ ඨිතො පබ්බතපාදං ඔලොකෙන්තො එකං කාළවාරණං පබ්බතපාදෙන ආගච්ඡන්තං දිස්වා උල්ලඞ්ඝිත්වා “තස්ස කුම්භෙ පතිස්සාමී”ති පරිවත්තිත්වා පාදමූලෙ පති. වාරණො පුරිමපාදං උක්ඛිපිත්වා තස්ස මත්ථකෙ පතිට්ඨාපෙසි, සීසං භිජ්ජිත්වා චුණ්ණවිචුණ්ණං ජාතං . සො තත්ථෙව අනුත්ථුනන්තො සයි, වාරණො කොඤ්චනාදං කරොන්තො පක්කාමි. බොධිසත්තො ගන්ත්වා පබ්බතමත්ථකෙ ඨිතො තං විනාසප්පත්තං දිස්වා “අත්තනො මානං නිස්සාය නට්ඨො සිඞ්ගාලො”ති තිස්සො ගාථා අභාසි –
මෙසේ සිංහයා පුන පුනා වළකද්දීත් සිවලා ගුහාවෙන් නික්ම තෙවරක් සිවල් හඬ නගා, අසල තිබූ පර්වත මුදුනකට නැග්ගේය. එහි සිට පර්වත පාමුල බලන ඌට, ඒ අසල සිටි එක් කළු පැහැති ඇතකු දුටුවේය. ‘එකහෙලාව ඇතාගේ කුම්භස්තලයට පැනිය යුතුයැ’යි තීරණය කළ සිවලා මහත් වෙර යොදා ඇතු මතට පැන්න නමුදු, පෙරළී ගොස් ඇතු පාමුල වැටුනේය. එවිට ඇතා ඉදිරි පයක් ඔසවා සිවලා පාගා දැමුවේය. ඇත් පාදයට යට වූ සිවල් හිස සුණුවිසුණු වී ගියේය. මෙසේ සිවලා කෙඳිරි නොගා ම මියපරලොව ගියේය. ඇතාද කුංචනාද කරමින් කැලෑ වැදුනේය. බෝසත් සිංහයා පර්වත මුදුනට නැග, විපරම් කොට සිදුවූ විපත බලා, ‘සිවලා තමාගේම මානය හේතු කොටගෙන විනාශයට පත් වූයේ යැ’යි කියා, මේ ගාථා තුන ප්‍රකාශ කෙළේය.
“අසීහො සීහමානෙන, යො අත්තානං විකුබ්බති; කොත්ථූව ගජමාසජ්ජ, සෙති භූම්යා අනුත්ථුනං.
අසීහො සීහ මානෙන - යො අත්තානං විකුබ්බති, කුට්ඨූව ගජ මාසජ්ජ - සෙති භූම්යා අනුත්ථුනං
සිංහ ව නූපන් යමෙක් සිංහ හැඟීමෙන්, තමා කෙරෙහි සිංහ ලීලාව මවාපායිද? ඔහු ඇතාට ළංව කෙඳිරිගාන සිවලා මෙන්, බිම හොවී.
“යසස්සිනො උත්තමපුග්ගලස්ස, සඤ්ජාතඛන්ධස්ස මහබ්බලස්ස; අසමෙක්ඛිය ථාමබලූපපත්තිං, ස සෙති නාගෙන හතොයං ජම්බුකො.
යසස්සිනො උත්තම පුග්ගලස්ස, සඤ්ජාත ඛන්‍ධස්ස මහබ්බලස්ස, අසමෙක්ඛිය ථාම ඛලූප පත්තිං, සංසොති නාගෙ න හතොච ජම්බුකො
යශස් ඇත්තා වූ විශාල සිරුරකින් හෙබි, මහා බලැති උතුම් පුද්ගලයෙකුගේ ශක්තිය - බලය හා උත්පත්තිය, නොවිමසා බලා ඇතුගෙන් මැරුම් කෑ ඒ සිවලා හෝනේමය.
“යො චීධ කම්මං කුරුතෙ පමාය, ථාමබ්බලං අත්තනි සංවිදිත්වා; ජප්පෙන මන්තෙන සුභාසිතෙන, පරික්ඛවා සො විපුලං ජිනාතී”ති.
යොවීධ කම්මං කුරුතෙ පමාය, ථාමබලං අත්තනි සං විදිත්වා, ජප්පෙන මන්තෙන සුසාසිතෙන, පරික්ඛ වා සො විපුලං ජිනාතිති
යමෙක් මේ ලෝකයේ තමා තුළ වූ ශක්තිය හා බලය තේරුම් ගෙන, තරම දැන ක්‍රියා කෙරේද? ජපයෙන් ද, මන්ත්‍රණයෙන්ද, සුභාෂිතයෙන්ද, පරීක්ෂාකාරී වූ හේ, මහත් වූ ජයග්‍රහණයක් ලබයි.
තත්ථ විකුබ්බතීති පරිවත්තෙති. කොත්ථූවාති සිඞ්ගාලො විය. අනුත්ථුනන්ති අනුත්ථුනන්තො. ඉදං වුත්තං හොති – යථා අයං කොත්ථු මහන්තං ගජං පත්වා අනුත්ථුනන්තො භූමියං සෙති, එවං යො අඤ්ඤො දුබ්බලො බලවතා විග්ගහං කරොති, සොපි එවරූපොව හොතීති.
මෙහි ‘විකුබ්බති’ යනු ‘පරිවර්තනය කරයි’, යන අර්ථයි. ‘කුට්ඨූව’ යනු ‘සිවලා මෙන්’, යන අර්ථයි. ‘අනත්ථුනං’ යනු ‘කෙඳිරිගාන’ යන අර්ථයි. මෙසේද කියන ලදි. යම් සේ මේ සිවලා මහත් වේදනාවට පත්ව කෙඳිරිගාමින් බිම හොවීද? එසේ යම් වෙනත් දුබලයෙක් බලවතකු සමග සටන් කෙරේද? ඔහු ද එබඳුම වේ’ යන අර්ථයි.
යසස්සිනොති ඉස්සරියවතො. උත්තමපුග්ගලස්සාති කායබලෙන ච ඤාණබලෙන ච උත්තමපුග්ගලස්ස. සඤ්ජාතඛන්ධස්සාති සුසණ්ඨිතමහාඛන්ධස්ස. මහබ්බලස්සාතිඑ මහාථාමස්ස. ථාමබලූපපත්තින්ති එවරූපස්ස සීහස්ස ථාමසඞ්ඛාතං බලඤ්චෙව සීහජාතිසඞ්ඛාතං උපපත්තිඤ්ච අජානිත්වා, කායථාමඤ්ච ඤාණබලඤ්ච සීහඋපපත්තිඤ්ච අජානිත්වාති අත්ථො. ස සෙතීති අත්තානම්පි සීහෙන සදිසං මඤ්ඤමානො, සො අයං ජම්බුකො නාගෙන හතො මතසයනං සෙති.
‘යසස්සිනො’ යනු ‘ඉසුරුමත් බවින් යුතු’, යන අර්ථයි. ‘උත්තම පුග්ගලස්ස’ යනු ‘කාය බලයෙන් හා ඤාණ බලයෙන් යුත් උතුම් පුද්ගලයෙකුගේ, යන අර්ථයි. ‘සඤ්ජාතඛන්ධස්ස’ යනු ‘මනා හැඩහුරුකම්වලින් යුතු මහා දේහයක් ඇති’, යන අර්ථයි. ‘මහබ්බලස්ස’ යනු ‘මහත් භක්තිය ඇති’, යන අර්ථයි. ‘ථාම බලූපපත්ති’ යනු ‘මෙබඳු වූ සිංහයාගේ ‘ථාම’ සංඛ්‍යාත බලයත්, ‘සිංහ ජාති’ සංඛ්‍යාත උපතත් නොදැන, එනම් කාය ශක්තියත් ඤාණ බලයත් සිංහ උපතත් දැන’, යන අර්ථයි. ‘සසෙති’ යනු ‘තමනුත් ඔහු හා සමාන යැයි’, හඟින මේ සිවලා ඇතු විසින් නසනු ලැබ, මරණ මංචකයේ නිදයි’, යන අර්ථයි.
පමායාති පමිනිත්වා උපපරික්ඛිත්වා. “පමාණා”තිපි පාඨො, අත්තනො පමාණං ගහෙත්වා යො අත්තනො පමාණෙන කම්මං කුරුතෙති අත්ථො. ථාමබ්බලන්ති ථාමසඞ්ඛාතං බලං, කායථාමඤ්ච ඤාණබලඤ්චාතිපි අත්ථො. ජප්පෙනාති ජපෙන, අජ්ඣෙනෙනාති අත්ථො. මන්තෙනාති අඤ්ඤෙහි පණ්ඩිතෙහි සද්ධිං මන්තෙත්වා කරණෙන. සුභාසිතෙනාති සච්චාදිගුණයුත්තෙන අනවජ්ජවචනෙන. පරික්ඛවාති පරික්ඛාසම්පන්නො. සො විපුලං ජිනාතීති යො එවරූපො හොති, යං කිඤ්චි කම්මං කුරුමානො අත්තනො ථාමඤ්ච බලඤ්ච ඤත්වා ජප්පමන්තවසෙන පරිච්ඡින්දිත්වා සුභාසිතං භාසන්තො කරොති, සො විපුලං මහන්තං අත්ථං ජිනාති න පරිහායතීති.
‘පමාය’ යනු ‘පමණ දැන පරීක්ෂා කොට බලා’, යන අර්ථයි. ‘පමාණා’ යනුද පාඨයකි. තමාගේ පමණ දැනගෙන, එනම් යමෙක් තමාගේ පමණ දැන කටයුතු සිදු කෙරේද? යන අර්ථයි. ‘ථාමබලං’ යනු ‘ථාම’ සංඛ්‍යාත බලයයි. එනම් කාය ශක්තියත් ඤාණ බලයත්’ යන අර්ථයි. ‘ජප්පෙන’ යනු ජපයෙන් ද ප්‍රාර්ථනාවෙන් ද යන අර්ථයි. ‘මන්නෙන’ යනු ‘අන් පඬිවරුන් සමග මන්ත්‍රණය කොට සිදු කිරීමෙන්, යන අර්ථයි. ‘සුභාසිතෙන’ යනු ‘සත්යාදී ගුණයන්ගෙන් යුතු, නිවැරදි වචනයෙන්’, යන අර්ථයි. ‘පරික්ඛවා’ යනු ‘පරීක්ෂාකාරී වූ’, යන අර්ථයි. ‘සො විපුලං ජිනාති’ යනු ‘යමෙක් මෙබඳු වේද? එනම් කිසියම් ක්‍රියාවක් කරන්නා තමාගේ ශක්තියත් ලයත් දැන, ජප මන්ත්‍ර වශයෙන් පිරිසිඳ තේරුම් ගෙන, යහපත් වචන කතා කරමින්, ඒ ක්‍රියාව කෙරේද? ඔහු විශාල වූ ද, මහත් වූ ද, ජයග්‍රහණයක් ලබයි, නො පිරිහෙයි’ යන අදහසයි.
එවං බොධිසත්තො ඉමාහි තීහි ගාථාහි ඉමස්මිං ලොකෙ කත්තබ්බයුත්තකං කම්මං කථෙසි.
මෙසේ බෝසත් තෙමේ, මේ ගාථා තුනෙන් මෙලොව කටයුතු සිදු කළයුතු ආකාරය ප්‍රකාශ කෙළේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා සිඞ්ගාලො දෙවදත්තො අහොසි, සීහො පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතකය නිමවා වදාළ සේක. තවද එදා සිවලා නම්, දේවදත්තය. සිංහයා වූ කලී ‘මම ම යැ’යි බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.
ජම්බුකජාතකවණ්ණනා පඤ්චමා.