යෙදුමෙන් කියවන්න

4. රාජොවාදජාතකවණ‍්ණනා 334 අට‍්ඨකථා

4. රාජොවාදජාතකවණ‍්ණනා (334)

4. රාජෝවාද ජාතකය (334)

ගවං චෙ තරමානානන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො රාජොවාදං ආරබ‍්භ කථෙසි. වත්‍ථු තෙසකුණජාතකෙ (ජා· 2.17.1 ආදයො) ආවි භවිස‍්සති. ඉධ පන සත්‍ථා “මහාරාජ, පොරාණකරාජානොපි පණ‍්ඩිතානං කථං සුත්‍වා ධම‍්මෙන සමෙන රජ‍්ජං කාරෙන‍්තා සග‍්ගපුරං පූරයමානා ගමිංසූ”ති වත්‍වා රඤ‍්ඤා යාචිතො අතීතං ආහරි.

‘ගවඤ්චෙ තරමානානං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, රජුට කරන ලද අවවාදයක් නිමිති කොටගෙන වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව සකුණ ජාතකයෙහි දක්නට ලැබෙන්නේය. ඒ අනුව බුදුරජාණන් වහන්සේ මහරජු අමතා ‘රජතුමනි, පෙර රජදරුවෝ පඬිවරුන්ගේ දේශනා අසා, දැහැමින් රජය කරවා අවසන දෙව්ලොව ගියාහු යැ’යි වදාරා, රජුගේ අයැදුමින් මේ අතීත කථා වස්තුව මෙසේ වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො සික‍්ඛිතසබ‍්බසිප‍්පො ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා අභිඤ‍්ඤා ච සමාපත‍්තියො ච නිබ‍්බත‍්තෙත්‍වා රමණීයෙ හිමවන‍්තපදෙසෙ වනමූලඵලාහාරො විහාසි. අථ රාජා අගුණපරියෙසකො හුත්‍වා “අත්‍ථි නු ඛො මෙ කොචි අගුණං කථෙන‍්තො”ති පරියෙසන‍්තො අන‍්තොජනෙ ච බහිජනෙ ච අන‍්තොනගරෙ ච බහිනගරෙ ච කඤ‍්චි අත‍්තනො අවණ‍්ණවාදිං අදිස‍්වා “ජනපදෙ නු ඛො කථ”න‍්ති අඤ‍්ඤාතකවෙසෙන ජනපදං චරි. තත්‍රාපි අවණ‍්ණවාදිං අපස‍්සන‍්තො අත‍්තනො ගුණකථමෙව සුත්‍වා “හිමවන‍්තපදෙසෙ නු ඛො කථ”න‍්ති අරඤ‍්ඤං පවිසිත්‍වා විචරන‍්තො බොධිසත‍්තස‍්ස අස‍්සමං පත්‍වා තං අභිවාදෙත්‍වා කතපටිසන්‍ථාරො එකමන‍්තං නිසීදි.

පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ බමුණු කුලයක ඉපිද, නිසි වියට පත්වූයේ, උගත යුතු වූ සියලු ශිල්ප ඉගෙන ගෙන, තවුස් පැවිද්දෙන් පැවිදිව අභිඥා හා සමාපත්තිද උපදවාගෙන, හිමාලයෙහි රමණීය වූ බිම්කඩෙක අසපුවක් සාදා ගෙන, වනමුල් පලවැලින් ජීවත් වෙයි. එකල රජතුමා තමාගේ කිසියම් අඩුපාඩුවක්, වැරැද්දක් ඇත්දැයි සොයමින් ස්වයං පර්යේෂණයෙහි යෙදෙමින් කල්ගත කරයි. එක්දිනක් රටේ ජනතාව තමාගේ අගුණ කතා කෙරේදැ’යි විමසා බැලීමට තීරණය කරගත් රජතුමා, රට පුරාම දූතයන් යොදවා ඒ ගැන මැනවින් සොයා බැලීය. අනතුරුව තමාගේ දොස් දකින්නකු රට තුළ නැති බව දැනගත් නමුත්, ඉන් සෑහීමට පත් නොවූ රජතුමා වෙස්වලාගෙන, ජනපද චාරිකාවෙහි යෙදෙන්නට අදිටන් කර ගත්තේය. මේ චාරිකාවෙන් පසුව රට තුළත් ඉන් බැහැරවත් තමාට දොස් නගන්නෙකු නොමැති බව තේරුම් ගත් ඔහු, තමාගේ ගුණ පමණක් දකින ඒ ගැන කතාකරන රටවැසියන් ගැන සතුටු වී, තම රටට අයත් හිමාල වන පෙදෙසෙහි වත් තමාගේ දොස් දකින්නකු ඇත්දැයි සිතා, ඒ ගැන සෙවීමට හිමාල වනපෙතට පිවිසියේය. කැලයේ සැරිසරන රජතුමාට බෝසත් තවුසාගේ අසපුව ඇස ගැසුණි. අසපුව වෙත ගිය රජතුමා, පළමුකොට බෝසතුන්ට නමස්කාර කොට, පිළිසඳර නිමාකර එකත්පස්ව, හිඳ ගත්තේය.

තදා බොධිසත‍්තො අරඤ‍්ඤතො පරිපක‍්කානි නිග්‍රොධඵලානි ආහරිත්‍වා පරිභුඤ‍්ජි, තානි හොන‍්ති මධුරානි ඔජවන‍්තානි සක‍්ඛරචුණ‍්ණසමරසානි. සො රාජානම‍්පි ආමන‍්තෙත්‍වා “ඉමං මහාපුඤ‍්ඤ, නිග්‍රොධපක‍්කඵලං ඛාදිත්‍වා පානීයං පිවා”ති ආහ. රාජා තථා කත්‍වා බොධිසත‍්තං පුච‍්ඡි “කිං නු ඛො, භන‍්තෙ, ඉමං නිග්‍රොධපක‍්කං අති විය මධුර”න‍්ති? “මහාපුඤ‍්ඤ, නූන රාජා ධම‍්මෙන සමෙන රජ‍්ජං කාරෙති, තෙනෙතං මධුරන‍්ති. රඤ‍්ඤො අධම‍්මිකකාලෙ අමධුරං නු ඛො, භන‍්තෙ, හොතී”ති. “ආම, මහාපුඤ‍්ඤ, රාජූසු අධම‍්මිකෙසු තෙලමධුඵාණිතාදීනිපි වනමූලඵලානිපි අමධුරානි හොන‍්ති නිරොජානි, න කෙවලං එතානි, සකලම‍්පි රට‍්ඨං නිරොජං කසටං හොති. තෙසු පන ධම‍්මිකෙසු සබ‍්බානි තානි මධුරානි හොන‍්ති ඔජවන‍්තානි, සකලම‍්පි රට‍්ඨං ඔජවන‍්තමෙව හොතී”ති. රාජා “එවං භවිස‍්සති, භන‍්තෙ”ති අත‍්තනො රාජභාවං අජානාපෙත්‍වාව බොධිසත‍්තං වන්‍දිත්‍වා බාරාණසිං ගන‍්ත්‍වා “තාපසස‍්ස වචනං වීමංසිස‍්සාමී”ති අධම‍්මෙන රජ‍්ජං කාරෙත්‍වා “ඉදානි ජානිස‍්සාමී”ති කිඤ‍්චි කාලං වීතිනාමෙත්‍වා පුන තත්‍ථ ගන‍්ත්‍වා තං වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදි.

බෝසත් තාපසයා කැලයෙන් ගෙනෙන ලද ඉදුණු නුගගෙඩි රජතුමාට අනුභව කිරීමට දුන්නේය. මේ නුගගෙඩි මිහිරිය, සාරයෙන් පිරිපුන්ය. හකුරු රසයෙන් යුක්තය. ඒවා රජුට දුන් තවුසා රජු අමතා, ‘පින්වත, මේ නුගගෙඩි අනුභව කොට පැන් පානය කරනු මැනවැ’යි කීය. රජතුමාද එසේ කොට, ‘ස්වාමීනි, මේ නුග ගෙඩි අතිශයින් රසවත්ය. ඉතා මිහිරිය. ඊට හේතුව කුමක්දැ’යි තවුසාගෙන් පිළිවිසීය. එවිට තවුසා පිළිතුරු දෙමින් ‘පින්වත, එසේය, ඒකාන්තයෙන් මේ රටේ රජතුමා දැහැමියකු විය යුතුය. රජු දැහැමින් රාජ්‍යය කරවන කල්හි, සැමදේම සඵල වේ. යටත් පිරිසෙයින් ගස්වැල්වල ගෙඩි පවා මෙසේ වේ. රජවරු අදැහැමි කල්හි, සියල්ල අයහපත් වේ. තෙල්-මීපැණි ආදිය පමණක් නොව මනමුල් පලවැල පවා අමිහිරි වේ. නිසරු වේ. හුදෙක් මුළු රටම නිසරු වේ. තවද රජු දැහැමි වනවිට මුළු රටම සරු වේයැ’යි, උත්තර දුන්නේය. තමා රජු බව නො හැඟවූ රජතුමා ‘ස්වාමීනි, එසේ වී නම් එකත් එකටම අපේ රජතුමා දැහැමියකු විය යුතුයැ’යි කියා, තවුසාට වැඳ පිටත්ව බරණැසට ගොස්, ‘තවුසාගෙන් වචන විමසා බැලිය යුතුයැ’යි, තීරණය කොට අධර්මයෙන් රට පාලනය කිරීමට පටන් ගත්තේය. ටික කලකට පසු රජතුමා නැවත වතාවක් තවුසා බැහැදැකීමට, හිමවතට ගියේය.

බොධිසත‍්තොපිස‍්ස තථෙව වත්‍වා නිග්‍රොධපක‍්කං අදාසි, තං තස‍්ස තිත‍්තකරසං අහොසි. රාජා “අමධුරං නිරස”න‍්ති සහ ඛෙළෙන ඡඩ‍්ඩෙත්‍වා “තිත‍්තකං, භන‍්තෙ”ති ආහ. බොධිසත‍්තො “මහාපුඤ‍්ඤ, නූන රාජා අධම‍්මිකො භවිස‍්සති. රාජූනඤ‍්හි අධම‍්මිකකාලෙ අරඤ‍්ඤෙ ඵලාඵලං ආදිං කත්‍වා සබ‍්බං අමධුරං නිරොජං ජාත”න‍්ති වත්‍වා ඉමා ගාථා අභාසි –

පෙර පරිදිම තවුසා රජුට නුග ගෙඩිවලින් සංග්‍රහ කෙළේය. නුග ගෙඩි තිත්ත බව වහා රජුට වැටහුණි. සැණෙකින් කෙළත් සමග නුග ගෙඩිය කටින් ඉවතට දැමූ රජතුමා, ‘ස්වාමීනි, ඉතා රසවත් වූ නුග ගෙඩිවලට කුමන විපතක් වීදැ’යි තවුසාගෙන් විමසීය. එවිට බෝසත් තෙමේ ‘පින්වත, ඒකාන්තයෙන් රජු අදැහැමියකු විය යුතුය. එසේ නොමැති නම් මෙය කෙසේවත් සිදු නොවිය හැකිය. රජවරු අදැහැමි කල්හී, සියල්ල නො පිට පෙරළේයැ’යි කියා, මේ ගාථා දේශනා කෙළේය.

“ගවෙ චෙ තරමානානං, ජිම‍්හං ගච‍්ඡති පුඞ‍්ගවො; සබ‍්බා තා ජිම‍්හං ගච‍්ඡන‍්ති, නෙත‍්තෙ ජිම‍්හං ගතෙ සති.

ගවං වෙ තරමානානං - ජිම්හං ගච්ඡති පුංගංවො, සබ්බා ගාවී ජිම්හං යන්ති - නෙත්තෙ ජිම්හං ගතෙ සති

යම් සේ නදිය තරණය කරන ගවයන් අතුරෙන්, ප්‍රධාන ගවයා ඇදව යේද? නායකයා ඇදේට යනවිට සෙසු ගවයෝ ම ඇදේටම යෙති.

“එවමෙව මනුස‍්සෙසු, යො හොති සෙට‍්ඨසම‍්මතො; සො චෙ අධම‍්මං චරති, පගෙව ඉතරා පජා; සබ‍්බං රට‍්ඨං දුඛං සෙති, රාජා චෙ හොති අධම‍්මිකො.

එවමෙව මනුස්සෙසු - යො හොති සෙට්ඨ සම්මතො, සො වෙ අධම්මං චරති - පගෙව ඉතරාපජා, සබ්බං රට්ඨං දුක්ඛං සෙති - රාජා වෙ හොති අධම්මකො

එපරිද්දෙන් මිනිසුන් අතර යමෙක් ශ්‍රේෂ්ඨ ද? යම් විදියකින් ඔහු අධර්මයෙහි හැසිරේ නම්, සෙසු ප්‍රජාවද එසේම වේ. යම් විදියකින් රජ අධාර්මික වේද? එවිට මුළු රට දුකට වැටේ.

“ගවං චෙ තරමානානං, උජුං ගච‍්ඡති පුඞ‍්ගවො; සබ‍්බා ගාවී උජුං යන‍්ති, නෙත‍්තෙ උජුං ගතෙ සති.

ගවං වෙ තරමානානං උජු ගච්ඡති පුංගවො, සබ්බා ගාවී උජුංයන්ති - නෙත්තෙ උජුගතෙසති

ඉදින් නදිය තරණය කරන ගවයන් අතුරෙන් ප්‍රධාන ගවයා, සෘජුව යේද? නායකයා සෘජුව යන කල්හී, සෙසු ගවයෝ ද, සෘජුවම යෙති.

“එවමෙව මනුස‍්සෙසු, යො හොති සෙට‍්ඨසම‍්මතො; සො සචෙ ධම‍්මං චරති, පගෙව ඉතරා පජා; සබ‍්බං රට‍්ඨං සුඛං සෙති, රාජා චෙ හොති ධම‍්මිකො”ති.

එවමෙව මනුස්සෙසු යො හොති සෙට්ඨ සම්මතො, සොචෙපි ධම්මං චරති පගෙව ඉතරා පජා, සබ්බං රට්ඨං සුඛං සෙති රාජාචෙ හොති ධම්මිකො

එපරිද්දෙන් මිනිසුන් අතර යමෙක් ශ්‍රේෂ්ඨ ද? යම් හෙයකින් ඔහු ධර්මයෙහි හැසිරේ නම්, සෙසු ප්‍රජාව ද එසේම වේ. ඉදින් රජ දැහැමි වේද? එවිට මුළු රටම සුවපත් වේ.

තත්‍ථ ගවන‍්ති ගුන‍්නං. තරමානානන‍්ති නදිං ඔතරන‍්තානං. ජිම‍්හන‍්ති කුටිලං වඞ‍්කං. නෙත‍්තෙති නායකෙ ගහෙත්‍වා ගච‍්ඡන‍්තෙ ගවජෙට‍්ඨකෙ උසභෙ පුඞ‍්ගවෙ. පගෙව ඉතරා පජාති ඉතරෙ සත‍්තා පුරෙතරමෙව අධම‍්මං චරන‍්තීති අත්‍ථො. දුඛං සෙතීති න කෙවලං සෙති, චතූසුපි ඉරියාපථෙසු දුක‍්ඛමෙව වින්‍දති. අධම‍්මිකොති යදි රාජා ඡන්‍දාදිඅගතිගමනවසෙන අධම‍්මිකො හොති. සුඛං සෙතීති සචෙ රාජා අගතිගමනං පහාය ධම‍්මිකො හොති, සබ‍්බං රට‍්ඨං චතූසු ඉරියාපථෙසු සුඛප‍්පත‍්තමෙව හොතීති.

මෙහි ‘ගවං චෙ තරමානානං’ යනු ‘නදිය තරණය කරන ගවයන් අතුරෙන්’, යන අර්ථයි. ‘ජිම්හං’ නයු ‘ඇද-වක්’ යන අර්ථයි. ‘නෙත්තෙ’ යනු ‘නායකත්වය ගෙන ගමන් කරන ගව ජ්‍යෙෂ්ඨ වූ ප්‍රධාන ගවයා’ යන අර්ථයි. ‘පගෙව ඉතරා පජා’ යනු ‘සෙසු සත්තු පළමුවැන්නා අනුව අධර්මයෙහි හැසිරෙති’ යන අර්ථයි. ‘දුක්ඛං සෙති’ යනු ‘හුදෙක් වැදහෙවීමම නොව සිවු ඉරියව්හිම දුක් විඳී’, යන අර්ථයි. ‘අධම්මිකො’ යනු ‘ඉදින් රජ ඡන්‍දාදියෙන් අගතියට ගමන් කිරීම් වශයෙන් අධාර්මික වේ’ යන අර්ථයි. ‘සුඛං සෙති’ යනු ‘ඉදින් රජ අගතියට යාම අත්හැර, දැහැමි වේද? එවිට මුළු රටම සිවු ඉරියව්හිම සැපයට පත්වේ’ යන අදහසයි.

රාජා බොධිසත‍්තස‍්ස ධම‍්මං සුත්‍වා අත‍්තනො රාජභාවං ජානාපෙත්‍වා “භන‍්තෙ, පුබ‍්බෙ නිග්‍රොධපක‍්කං අහමෙව මධුරං කත්‍වා තිත‍්තකං අකාසිං, ඉදානි පුන මධුරං කරිස‍්සාමී”ති බොධිසත‍්තං වන්‍දිත්‍වා නගරං ගන‍්ත්‍වා ධම‍්මෙන රජ‍්ජං කාරෙන‍්තො සබ‍්බං පටිපාකතිකං අකාසි.

මෙසේ බෝසතුන්ගේ දහම් ඇසූ රජතුමා තමා රටේ රජු බව එතුමාට දන්වා, ‘ස්වාමීනි, මුලදී නුග ගෙඩි මිහරි කළ මම ම, පසුව ඒවා තිත්ත රස කෙළෙමි. එබැවින් නැවත වරක් මම ඒවා මිහිරි රසයට පත් කරන්නෙමැ’යි කියා, බෝසතුන් වැඳ, පෙරළා නුවරට ගොස්, දැහැමින් රාජ්‍යය විචාරා සියල්ල යථා තත්ත්වයට පත් කෙළේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා රාජා ආනන්‍දො අහොසි, තාපසො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මය දේශනා කොට ජාතකය නිමවා වදාළ සේක. තවද එදා රජතුමා නම්, ආනන්ද තෙරණුවෝය. තාපසයා වූ කලී, ‘මම ම වීමි’යි, බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.

රාජොවාදජාතකවණ‍්ණනා චතුත්‍ථා.