යෙදුමෙන් කියවන්න

3. පක‍්කගොධජාතකවණ‍්ණනා 333 අට‍්ඨකථා

3. පක‍්කගොධජාතකවණ‍්ණනා (333)

3. පක්කගෝධ ජාතකය (333)

තදෙව මෙ ත්‍වන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං කුටුම‍්බිකං ආරබ‍්භ කථෙසි. වත්‍ථු හෙට‍්ඨා විත්‍ථාරිතමෙව. ඉධ පන තෙසං උද‍්ධාරං සාධෙත්‍වා ආගච‍්ඡන‍්තානං අන‍්තරාමග‍්ගෙ ලුද‍්දකො “උභොපි ඛාදථා”ති එකං පක‍්කගොධං අදාසි. සො පුරිසො භරියං පානීයත්‍ථාය පෙසෙත්‍වා සබ‍්බං ගොධං ඛාදිත්‍වා තස‍්සා ආගතකාලෙ “භද‍්දෙ, ගොධා පලාතා”ති ආහ. “සාධු, සාමි, පක‍්කගොධාය පලායන‍්තියා කිං සක‍්කා කාතු”න‍්ති? සා ජෙතවනෙ පානීයං පිවිත්‍වා සත්‍ථු සන‍්තිකෙ නිසින‍්නා සත්‍ථාරා “කිං උපාසිකෙ, අයං තෙ හිතකාමො සසිනෙහො උපකාරකො”ති පුච‍්ඡිතා “භන‍්තෙ, අහං එතස‍්ස හිතකාමා සසිනෙහා, අයං පන මයි නිස‍්සිනෙහො”ති ආහ. සත්‍ථා “හොතු මා චින‍්තයි, එවං නාමෙස කරොති. යදා පන තෙ ගුණං සරති, තදා තුය‍්හමෙව සබ‍්බිස‍්සරියං දෙතී”ති වත්‍වා තෙහි යාචිතො අතීතං ආහරි.

‘තදෙව මෙ ත්‍වං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, එක්තරා කෙළෙඹි පුත්‍රයකු අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව මීට ඉහත ‘සුච්චජ’ ජාතකයෙහි දී විස්තර කරන ලදි. ඒ අනුව ණය එකතු කොට ගෙන ආපසු පැමිණෙන, මේ අඹු-සැමි දෙදෙනාට අතරමගදී කිසියම් වැද්දකුගෙන් ආහාර වශයෙන් පිළිස්සූ තලගොයකු ලැබුණි. පසුව ජලාශයක් සමීපයෙහි නැවතුණු සැමියා, සිය බිරිඳට කථාකොට, ඇය පැන් ගෙන ඒමට පිටත්කොට යවා, පැළහූ තලගොයි තනිවම ගිල දැමුවේය. එසේ කොට දිය රැගෙන පැමිණි සිය බිරිඳට පැමිණි සිය බිරිඳට, ‘සොඳුර, ඔබ දියට ගිය අතරේදී තලගොයා පැන ගියේයැ’යි පැවසීය. එවිට ඔහුගේ බිරිඳ, ‘ස්වාමීනි, පිසූ තලගොයා පැන ගියේ නම් මොනවා කරන්නද? එන්න, අපි යමු’යි කීවාය. මෙසේ ගමන් කළ මේ දෙදෙනා ක්‍රමයෙන් ජේතවනාරාමයට ළඟා වූහ. දෙව්රම් වෙහෙර අසල නැවතුණු ඔවුහු, ජේතවන පොකුණෙන් පැන් බී මූණ කට සෝදා, නැවත ගමනට සූදානම් වනවිට, අසල වැඩ හුන් බුදුරදුන් දැක, වහා උන්වහන්සේ වෙත ගොස් සමීපයෙහි හිඳ ගත්හ. එවිට බුදුරජාණන් වහන්සේ අඹු-සැමි දෙදෙනා අතුරෙන් බිරිය අමතා ‘උපාසිකාවනි, ඔබේ ස්වාමි පුරුෂයා ඔබට හිතවත්ද? ස්නේහ ඇත්තේද? උපකාර වේදැ’යි අසා වදාළ සේක. ‘ස්වාමීනි, මා නම් මොහුට හිතවත්ය. ආදරේය. එහෙත් ඔහු තුළ නම්, මා කෙරෙහි ආදරයක් නැතැ’යි, බිරිඳ කීවාය. බුදුරජාණන් වහන්සේ ඇය අස්වසමින්, ‘මොහු ඔබට දිගටම මෙසේ සලකා යයි, නොසිතන්න. යම් දිනෙක ඔබේ ගුණ සිහිකරන ඔහු ඔබට සියලු යස-ඉසුරු දෙනු ඇතැ’යි වදාරා ඔවුන් වෙනුවෙන් මේ අතීත කථාව ද දේශනා කළ සේක.

අතීතම‍්පි හෙට‍්ඨා වුත‍්තසදිසමෙව. ඉධ පන තෙසං නිවත‍්තන‍්තානං අන‍්තරාමග‍්ගෙ ලුද‍්දකො කිලන‍්තභාවං දිස‍්වා “ද‍්වෙපි ජනා ඛාදථා”ති එකං පක‍්කගොධං අදාසි. රාජධීතා තං වල‍්ලියා බන්‍ධිත්‍වා ආදාය මග‍්ගං පටිපජ‍්ජි. තෙ එකං සරං දිස‍්වා මග‍්ගා ඔක‍්කම‍්ම අස‍්සත්‍ථමූලෙ නිසීදිංසු. රාජපුත‍්තො “ගච‍්ඡ භද‍්දෙ, සරතො පදුමිනිපත‍්තෙන උදකං ආහර, මංසං ඛාදිස‍්සාමා”ති ආහ. සා ගොධං සාඛාය ලග‍්ගෙත්‍වා පානීයත්‍ථාය ගතා. ඉතරො සබ‍්බං ගොධං ඛාදිත්‍වා අග‍්ගනඞ‍්ගුට‍්ඨං ගහෙත්‍වා පරම‍්මුඛො නිසීදි. සො තාය පානීයං ගහෙත්‍වා ආගතාය “භද‍්දෙ, ගොධා සාඛාය ඔතරිත්‍වා වම‍්මිකං පාවිසි, අහං ධාවිත්‍වා අග‍්ගනඞ‍්ගුට‍්ඨං අග‍්ගහෙසිං, ගහිතට‍්ඨානං හත්‍ථෙයෙව කත්‍වා ඡිජ‍්ජිත්‍වා බිලං පවිට‍්ඨා”ති ආහ. “හොතු, දෙව, පක‍්කගොධාය පලායන‍්තියා කිං කරිස‍්සාම, එහි ගච‍්ඡාමා”ති. තෙ පානීයං පිවිත්‍වා බාරාණසිං අගමංසු.

මෙහි අතීත කථාව ද වර්තමාන කථාව හා සමාන වෙයි. මෙහි අඹු-සැමි දෙදෙනා, රාජ පුත්‍රයෙක් හා ඔහුගේ මෙහෙසිය වෙති. රාජපුත්‍රයා තම පියා වන මහරජුගේ නියෝගයෙන් කැළයේ දිගුකලක් සිය මෙහෙසිය සමග ජීවත්ව සිට, පියාගේ ඇවෑමෙන් බරණැස බලා පිටත්ව ගියේය. මෙසේ ගමන් කරන මේ අඹු-සැමි දෙදෙනාට වන මැද දී, වැද්දකු මුණ ගැසුණි. ඉතා වෙහෙසට පත් මේ යුවල දුටු වැද්දා, ඔවුන් කෙරෙහි අනුකම්පා උපදවා, අනුභවය සඳහා පුළුස්සන ලද තලගොයකු ඔවුන්ට දුන්නේය. රජ දුවණිය තලගොයා ද වැලකින් එල්ලා ගෙන, වතුරක් ඇති තැනකදී අනුභව කරන්නට තීරණය කොට ගෙන, සිය සැමියා සමග නැවත මගට පිළිපැන්නාය. අතරමගදී එක් විලක් දුටු ඔවුහු, ඒ අසල පිහිටි බෝ ගසක් මුලට ගොස්, හිඳ ගත්හ. එහිදී රාජ පුත්‍රයා සිය බිරිය අමතා, සොඳුර, ආහාර ගැනීමට පෙර, ඔබ විලට ගොස් අත-පය-මුහුණ-කට සෝදාගෙන, නෙලුම් කොළයකට පැන් ද රැගෙන, එනු මැනවැ’යි කියා පිටත් කෙළේය. ඇය ද ‘මැනවැ’යි පිළිගෙන තලගොයා බෝ අත්තක එල්ලා, විලට ගියාය. ඇය පැන් ගෙන අතරතුරේදී රාජ පුත්‍රයා තලගොයා වලිගය දක්වාම තනිවම කා, නඟුටේ කෙළවර පමණක් අතේ තබාගෙන බිම බලාගෙන හුන්නේය. පැන් රැගෙන ළඟට පැමිණි බිරිඳ දෙස බැලූ රාජ පුත්‍රයා, ‘සොඳුර, ඔබ දියට ගිය පසු තලගොයා බිමට පැන දිව ගොස්, තුඹසකට රිංගුවේය. ඌ පසුපස එළවාගෙන ගිය මට අල්වා ගැනීමට හැකිවූයේ උගේ වලිගය පමණි. අගින් වලිගය කඩා ගත් ඌ තුඹස ඇතුළට වැද, නොපෙනී ගියේයැ’යි කීවේය. එවිට බිරිඳ ‘ස්වාමීනි, පිළිස්සූ තලගොයා පැන දුවන්නේ නම්, මොනවා කරන්නද? එන්න, අපි, අපේ ගමන පිටත් වෙමු’යි කීවාය. මෙසේ ගමන් ඇරඹූ ඔවුහු, අනුක්‍රමයෙන් බරණැසට ළඟා වූහ.

රාජපුත‍්තො රජ‍්ජං පත්‍වා තං අග‍්ගමහෙසිට‍්ඨානමත‍්තෙ ඨපෙසි, සක‍්කාරසම‍්මානො පනස‍්සා නත්‍ථි. බොධිසත‍්තො තස‍්සා සක‍්කාරං කාරෙතුකාමො රඤ‍්ඤො සන‍්තිකෙ ඨත්‍වා “නනු මයං අය්‍යෙ තුම‍්හාකං සන‍්තිකා කිඤ‍්චි න ලභාම, කිං නො න ඔලොකෙථා”ති ආහ. “තාත, අහමෙව රඤ‍්ඤො සන‍්තිකා කිඤ‍්චි න ලභාමි, තුය‍්හං කිං දස‍්සාමි, රාජාපි මය‍්හං ඉදානි කිං දස‍්සති, සො අරඤ‍්ඤතො ආගමනකාලෙ පක‍්කගොධං එකකොව ඛාදී”ති . “අය්‍යෙ, න දෙවො එවරූපං කරිස‍්සති, මා එවං අවචුත්‍ථා”ති. අථ නං දෙවී “තුය‍්හං තං, තාත, න පාකටං, රඤ‍්ඤොයෙව මය‍්හඤ‍්ච පාකට”න‍්ති වත්‍වා පඨමං ගාථමාහ –

එහිදී රාජ්‍යත්වයට පත්වූ රාජ පුත්‍රයා, සිය බිරිය අග මෙහෙසිය බවට පත් කෙළේය. එහෙත් ඇයට ඔහුගෙන් ලැබුණු වෙනත් සත්කාර සම්මානයක් නම් නැත. බෝසත් තෙමේ මේ රජුගේ ඇමතියෙක් විය. ඔහු රජුගේත් දේවියගේත් තතු මැනවින් දනී. ඒ නිසාම දේවිය කෙරෙහි අනුකම්පා කොට, ඇයට හිමි සම්පත් ලබාදිය යුතු යැයි තීරණය කළ මේ ඇමතිතුමා, රාජ සභාවේදීම, එනම් රජු සමීපයේදී ම දේවිය අමතා ‘ආර්යාවනි, අපට ඔබතුමියගෙන් කිසිවක් නොලැබුණි. අප දෙස නොබලන්නේ කුමක් නිසාදැ’යි කීය. එවිට අගමෙහෙසිය ‘පුතණුවනි, රජතුමාගෙන් මට ද ලැබෙන දෙයක් නැත. ඉතින් ඔබට කුමක් දෙන්නද? අප වනගතව සිට නුවර බලා එන කල්හී, වැද්දකුගෙන් තෑගි වශයෙන් ලැබුණු පිළිස්සූ තලගොයා, තනිවම ගිල දැමූ රජතුමා, දැන් මට කුමක් නම් ලබාදේ’දැයි කීවාය. එය අසා සිටි ඇමතිවරයා ‘උත්තමාවිය, එසේ නොකියනු මැනවි. රජතුමා කිසිවිටෙක එබන්දක් නොකරන්නේ යැ’යි කීවේය. එවිට රාජදේවිය පුතණුවනි, එය ඔබ නොදනී. එය දන්නේ රජුත් මාත් පමණකැ’යි පවසා මේ ගාථාව කීවාය.

“තදෙව මෙ ත්‍වං විදිතො, වනමජ‍්ඣෙ රථෙසභ; යස‍්ස තෙ ඛග‍්ගබද‍්ධස‍්ස, සන‍්නද‍්ධස‍්ස තිරීටිනො; අස‍්සත්‍ථදුමසාඛාය, පක‍්කගොධා පලායථා”ති.

තදෙව මෙ ත්‍වං විදිතො වනමජ්ඣෙ රථෙසභ, යස්ස තෙ ඛග්ගඛන්‍ධස්ස සන්නද්ධස්ස තිරීටිනො, අස්සත්‍ථ දුම සාඛාය - පක්කා ගොධා පලායථා ති

රජතුමනි, වන මැද දී කඩුවෙන් හා සන්නාහයෙන් සන්නද්ධව වල්කොල හැඳ සිටි දා සිට, ඇසතු අත්තෙහි එල්ලන ලද පැළහූ තලගොයා පලාගිය දා සිට, මා විසින් ඔබ තේරුම් ගන්නා ලද්දෙහිය.

තත්‍ථ තදෙවාති තස‍්මිංයෙව කාලෙ “අයං මය‍්හං අදායකො”ති එවං ත්‍වං විදිතො. අඤ‍්ඤෙ පන තව සභාවං න ජානන‍්තීති අත්‍ථො. ඛග‍්ගබද‍්ධස‍්සාති බද‍්ධඛග‍්ගස‍්ස. තිරීටිනොති තිරීටවත්‍ථනිවත්‍ථස‍්ස මග‍්ගාගමනකාලෙ. පක‍්කගොධාති අඞ‍්ගාරපක‍්කා ගොධා පලායථාති.

මෙහි ‘තදෙව’ යනු එකල සිට මොහු මට කිසිවක් නොදෙන්නෙකි, මා වෙනුවෙන් කිසිවක් නොකරන්නෙකැයි, මෙසේ ඔබ ගැන දන්නා ලදි. අන් අය ඔබේ ස්වභාවය නොදනිති’ යන අර්ථයි. ‘ඛග්ගඛන්‍ධස්ස’ යනු ‘කඩුවෙන් සැරසුණු’ යන අර්ථයි. ‘තිරීටිනො’ යනු ‘පට්ටා වස්ත්‍ර හැඳ සිටි’ යන අර්ථයි. (මෙය කැලයේ සිට එන කල්හි සිදුවූවකි) ‘පක්ක’ යනු ‘අඟුරුවලින් පිළිස්සූ යන අර්ථයි. ‘ගොධා පලායථ’ යනු ‘මෙසේ රජු කළ වැරදි පිරිස මැද දී ප්‍රකට කොට කීවාය’, යන අර්ථයි.

එවං රඤ‍්ඤා කතදොසං පරිසමජ‍්ඣෙ පාකටං කත්‍වා කථෙසි. තං සුත්‍වා බොධිසත‍්තො “අය්‍යෙ, දෙවස‍්ස අප‍්පියකාලතො පභුති උභින‍්නම‍්පි අඵාසුකං කත්‍වා කස‍්මා ඉධ වසථා”ති වත්‍වා ද‍්වෙ ගාථා අභාසි –

ඒ ඇසූ බෝසත් තෙමේ රාජදේවිය අමතා ‘උත්තමාවිය, ඔවුනොවුන් අතර අමනාපකම් තබාගෙන කෙසේ නම්, එක්ව ජීවත් වෙහිද? එසේ ගෙවන ජීවිතය අඹු-සැමි දෙදෙනාගේම අපහසුවට, ලතැවිල්ලට හේතු වේ. එබැවින් කුමක් නිසා තවදුරටත් මෙහි වෙසේදැ’යි කියා, දේවියට උපදේශ වශයෙන් මේ ගාථා දෙක පැවසීය.

“නමෙ නමන‍්තස‍්ස භජෙ භජන‍්තං, කිච‍්චානුකුබ‍්බස‍්ස කරෙය්‍ය කිච‍්චං; නානත්‍ථකාමස‍්ස කරෙය්‍ය අත්‍ථං, අසම‍්භජන‍්තම‍්පි න සම‍්භජෙය්‍ය.

න මෙ නමන්තස්ස භජෙ භජන්තං, කිච්චානු කුබ්බස්ස කරෙය්‍ය කිච්චං, නානත්‍ථ කාමස්සි කරෙය්‍ය අත්‍ථං, අසම්භ ජන්තම්පි න සම්භ ජෙය්‍ය

අවනත වන්නාට, අවනත වන්න. ඇසුර ප්‍රිය කරන්නා, ඇසුරු කරන්න. තමා ගැන සොයා බලන්නාගේ කටයුතු, සොයා බලන්න. තමාට අයහපත කරන්නාට, යහපත නො කරන්න. තමාගේ ඕනෑ එපාකම් ඉටු නොකරන්නාගේ ඕනෑ-එපාකම්, ඉටු නොකරන්න.

“චජෙ චජන‍්තං වනථං න කයිරා, අපෙතචිත‍්තෙන න සම‍්භජෙය්‍ය; දිජො දුමං ඛීණඵලන‍්ති ඤත්‍වා, අඤ‍්ඤං සමෙක‍්ඛෙය්‍ය මහා හි ලොකො”ති.

වජෙ වජන්තං වනථං න කයිරා, අපෙත චිත්තෙන න සම්භජෙය්‍ය, දිජො දුමං ඛීණඵලංච ඤත්‍වා, අඤ්ඤං සමෙක්ඛෙය්‍ය මහාහි ලොකො

තමා හැර දමන්නා, අත් හරින්න, (ඔහු ගැන) ආශාවක්වත් සිතේ රඳවා නොගන්න. සිතේ අමනාපයෙන් නොඇල්මෙන්, සේවය නොකරනන්. ලෝකය විශාලය. ගෙඩි නොමැති ගසක් හැරදමන කුරුල්ලකු මෙන්, වෙනත් කෙනකු ගැන විමසා බලන්න. (අනිකකු තෝරා ගන්න.)

තත්‍ථ නමෙ නමන‍්තස‍්සාති යො අත‍්තනි මුදුචිත‍්තෙන නමති, තස‍්සෙව පටිනමෙය්‍ය. කිච‍්චානුකුබ‍්බස‍්සාති අත‍්තනො උප‍්පන‍්නං කිච‍්චං අනුකුබ‍්බන‍්තස‍්සෙව. අනත්‍ථකාමස‍්සාති අවඩ‍්ඪිකාමස‍්ස. වනථං න කයිරාති තස‍්මිං චජන‍්තෙ තණ‍්හාස‍්නෙහං න කරෙය්‍ය. අපෙතචිත‍්තෙනාති අපගතචිත‍්තෙන විරත‍්තචිත‍්තෙන. න සම‍්භජෙය්‍යාති න සමාගච‍්ඡෙය්‍ය. අඤ‍්ඤං සමෙක‍්ඛෙය්‍යාති අඤ‍්ඤං ඔලොකෙය්‍ය, යථා දිජො ඛීණඵලං දුමං රුක‍්ඛං ඤත්‍වා අඤ‍්ඤං ඵලභරිතං රුක‍්ඛං ගච‍්ඡති, තථා ඛීණරාගං පුරිසං ඤත්‍වා අඤ‍්ඤං සසිනෙහං උපගච‍්ඡෙය්‍යාති අධිප‍්පායො.

මෙහි ‘නමෙ නමන්තස්ස’ යනු ‘යමෙක් තමා කෙරෙහි මෘදු සිතින් නැමේද? පෙරළා ඔහුට නැමෙන්නේය’, යන අර්ථයි. ‘කිච්චානුකුබ්බස්ස’ යනු ‘තමාගේ වැඩක් යෙදුණු විට එය ඉටුකර දෙන්නාට’, යන අර්ථයි. ‘අනත්‍ථකාමස්ස’ යනු ‘අවැඩ කරන්නාට’, යන අර්ථයි. ‘වනථංන කයිරා’ යනු ‘තමා අත්හළ කල්හී, ඔහු කෙරෙහි ආශාව-සෙනෙහස-ඇල්ම නොකරන්න’, යන අර්ථයි. ‘අපෙතචිත්තෙන’ යනු ‘අමනාපයෙන් නොඇලුණු සිතින් යන අර්ථයි. ‘න සම්භජෙය්‍ය’ යනු ‘එක් නොවන්නේය’ යන අර්ථයි. ‘අඤ්ඤං සමෙක්ඛෙය්‍ය’ යනු ‘අනෙකකු සොයා බලන්නේය. යම් සේ කුරුල්ලෙක් ගස ඵල රහිත බව දැන, වෙනත් ඵල භරිත ගසක් කරා යා ද? එසේ ඇලුම් රහිත පුරුෂයා තේරුම් ගෙන, වෙනත් සෙනේවන්තයකු වෙත එළඹෙන්නේය’ යන අදහසයි.

රාජා බොධිසත‍්තෙ කථෙන‍්තෙ එව තස‍්සා ගුණං සරිත්‍වා “භද‍්දෙ, එත‍්තකං කාලං තව ගුණං න සල‍්ලක‍්ඛෙසිං, පණ‍්ඩිතස‍්සයෙව කථාය සල‍්ලක‍්ඛෙසිං, මම අපරාධං සහන‍්තියා ඉදං සකලරජ‍්ජං තුය‍්හමෙව දම‍්මී”ති වත්‍වා චතුත්‍ථං ගාථමාහ –

බෝසතුන්ගේ මේ කථාව අසන්නට අසන්නට, රජතුමාගේ සිත දේවිය කෙරෙහි වඩාත් සමීප වන්නට විය. දේවියගේ නොයෙක් ගුණ සිහිකළ රජතුමා සිය දේවිය අමතා, ‘සොඳුර, මෙපමණ කලක් ඔබ ගැන නොසලකා හැරීම සම්බන්ධයෙන් සිත් අමනාප කොට නොගන්න. පඬිවරයකුගේ උතුම් කථාවක් නිසා, ඔබේ ගුණ වඩ වඩා මට සිහිවිය. මගේ වැරදි මෙතෙක් ඉවසා සිටි ඔබට, මගේ මේ මුළු රාජ්‍යයම දෙමි’යි කියා, මේ ගාථාවද ප්‍රකාශ කෙළේය.

“සො තෙ කරිස‍්සාමි යථානුභාවං, කතඤ‍්ඤුතං ඛත‍්තියෙ පෙක‍්ඛමානො; සබ‍්බඤ‍්ච තෙ ඉස‍්සරියං දදාමි, යස‍්සිච‍්ඡසී තස‍්ස තුවං දදාමී”ති.

සො තෙ කරිස්සාමි යථානුභාවං, කතඤ්ඤුතං ඛත්තියෙ පෙක්ඛමා නො, සබ්බඤ්ච තෙ ඉස්සරියං දදාමි, යස්සිස්සසී තස්ස තුවං දදාමි

දේවිය, ඔබේ කෘතඥ බව තේරුම් ගත්, ඒ මම ශක්ති පරිද්දෙන් ඔබට යුතුකම් ඉටු කරන්නෙමි. ඔබට සියලු ඉසුරු දෙමි. ඔබ යමකුට යමක් දීමට රිසි වෙහිද? ඒවාද දෙමි.

තත්‍ථ සොති සො අහං. යථානුභාවන‍්ති යථාසත‍්ති යථාබලං. යස‍්සිච‍්ඡසීති යස‍්ස ඉච‍්ඡසි, තස‍්ස ඉදං රජ‍්ජං ආදිං කත්‍වා යං ත්‍වං ඉච‍්ඡසි, තං දදාමීති.

මෙහි ‘සො’ යනු ‘ඒ මම’, යන අර්ථයි. ‘යථානුභාවං’ යනු ‘ශක්තිය හා බලය අනුව’, යන අදහසයි. ‘යස්සිච්ඡසි’ යනු ‘ඔබ යමකුට යමක් දීමට රිසිද? ඔහුට මේ රාජ්‍යය ආදි කොට ඇති සියල්ල දෙමි’ යන අර්ථයි.

එවඤ‍්ච පන වත්‍වා රාජා දෙවියා සබ‍්බිස‍්සරියං අදාසි, “ඉමිනාහං එතිස‍්සා ගුණං සරාපිතො”ති පණ‍්ඩිතස‍්සපි මහන‍්තං ඉස‍්සරියං අදාසි.

මෙසේ කියා රජතුමා දේවියට සියලු යස-ඉසුරු දුන්නේය. තමාට දේවියගේ ගුණ සිහිපත් කරවූයේ මොහු යැයි සලකා, පණ්ඩිත වූ ඇමතිතුමාටද, මහත් යස-ඉසුරු තෑගි කිරීමට, රජතුමා අමතක නොකෙළේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ උභො ජයම‍්පතිකා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහිංසු.

බුදුරජාණන් වහන්සේ මේ කථාව ගෙනහැර දක්වා සත්‍යය ප්‍රකාශ කොට ජාතකය නිමවා වදාළ සේක. දේශනාව අවසානයේ දී, දම්පති යුවල සෝවාන් ඵලයට පත්වූහ.

තදා ජයම‍්පතිකා එතරහි ජයම‍්පතිකාව අහෙසුං, පණ‍්ඩිතාමච‍්චො පන අහමෙව අහොසින‍්ති.

අනතුරුව බුදුරජාණන් වහන්සේ පූර්වාපර සන්ධි ගලපමින් එදා අඹු-සැමි යුවල නම්, මෙදා අඹු-සැමි යුවලමය. එදා පණ්ඩිත ඇමතිවරයා වූ කලී, ‘මම ම යැ’යි, බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.

පක‍්කගොධජාතකවණ‍්ණනා තතියා.