7. පීඨජාතකවණ්ණනා 337 අට්ඨකථා
7. පීඨජාතකවණ්ණනා (337)
7. පීඨ ජාතකය (337)
න තෙ පීඨමදායිම්හාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො අඤ්ඤතරං භික්ඛුං ආරබ්භ කථෙසි. සො කිර ජනපදතො ජෙතවනං ගන්ත්වා පත්තචීවරං පටිසාමෙත්වා සත්ථාරං වන්දිත්වා සාමණෙරදහරෙ පුච්ඡි “ආවුසො, සාවත්ථියං ආගන්තුකභික්ඛූනං කෙ උපකාරකා”ති . “ආවුසො, අනාථපිණ්ඩිකො නාම මහාසෙට්ඨි, විසාඛා නාම මහාඋපාසිකා එතෙ භික්ඛුසඞ්ඝස්ස උපකාරකා මාතාපිතුට්ඨානියා”ති. සො “සාධූ”ති පුනදිවසෙ පාතොව එකභික්ඛුස්සපි අපවිට්ඨකාලෙ අනාථපිණ්ඩිකස්ස ඝරද්වාරං අගමාසි. තං අවෙලාය ගතත්තා කොචි න ඔලොකෙසි . සො තතො කිඤ්චි අලභිත්වා විසාඛාය ඝරද්වාරං ගතො. තත්රාපි අතිපාතොව ගතත්තා කිඤ්චි න ලභි. සො තත්ථ තත්ථ විචරිත්වා පුනාගච්ඡන්තො යාගුයා නිට්ඨිතාය ගතො, පුනපි තත්ථ තත්ථ විචරිත්වා භත්තෙ නිට්ඨිතෙ ගතො. සො විහාරං ගන්ත්වා “ද්වෙපි කුලානි අස්සද්ධානි අප්පසන්නානි එව, ඉමෙ භික්ඛූ පන ‘සද්ධානි පසන්නානී’ති කථෙන්තී”ති තානි කුලානි පරිභවන්තො චරති.
‘න තෙ පීඨ මදාසිම්ගා’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් විහාරයෙහි වැඩවාසය කරන සේක්, එක්තරා භික්ෂු කෙනකුන් අරබයා වදාළ සේක. දිනක් එකී භික්ෂුව කිසියම් දනව්වක සිට ජේතවනාරාමයට පැමිණ පාසිවුරු කිසියම් තැනක තැන්පත්කොට තබා, බුදුරජාණන් වහන්සේ වෙත ගොස් වැඳ අවුත්, එහි සිටි සාමණේර හිමිවරුන්ගෙන්, ‘ඇවැත්නි, මේ සැවැත්නුවර භික්ෂූන්ට උපකාර කරන ප්‍රධාන තැනැත්තා කවුදැ’යි ඇසීය. ඊට පිළිතුරු දෙන සාමණේර හිමිවරු ‘ඇවැත්නි, ‘අනාථපිණ්ඩික මහ සිටුතුමාත්, විශාඛා මහ උපාසිකාවත් භික්ෂූන්ට නිතර මහත් සේ උපකාර කෙරෙති. ඔවුහු අපට මවුපියන් වැනියැ’යි කීහ. මේ ඇසූ ඒ භික්ෂු නම පසුදා පාන්දරම, හැමදෙනාටම පෙර අනේපිඬු සිටුතුමාගේ ගෙදරට ගියේය. මෙතරම් උදෙන් පිඬුසිඟා යන සිරිතක් කැල ම නැති බැවින්, කිසි කෙනෙක් ඔහු දෙස නොබැලූහ. එවිට එතැනින් කිසිවක් නොලැබූ, ඒ භික්ෂුව විශාඛා උපාසිකාවගේ නිවසට ගියේය. අවේලාවෙහි පැමිණි ඔහුට, එතැනින්ද කිසිවක් නොලැබුණි. මෙසේ තැන තැන ඇවිද ගිය ඒ භික්ෂු නම, නැවත ආපසු එන ගමන් ඒ ඒ ගෙවල්වලට ගියත්, ඒ වනවිට කැඳත් බතුත් පිරිනමා අවසන් වී තිබුණි. නිරාහාරවම පන්සලට පැමිණි භික්ෂුව ‘ශ්‍රද්ධාවක් නැති අප්‍රසන්න පවුල් දෙකකට, මේ පන්සලේ භික්ෂූහු සැදැහැවත් පවුල් දෙකකැ’යි කියති’යි මෙසේ අනේපිඬු සිටුතුමාටත්, විශාඛා මහ උපාසිකාවටත්, පරිභව කරන්නට පටන් ගත්තේය.
අථෙකදිවසං ධම්මසභායං භික්ඛූ කථං සමුට්ඨාපෙසුං – “ආවුසො, අසුකො කිර ජානපදො භික්ඛු අතිකාලස්සෙව කුලද්වාරං ගතො භික්ඛං අලභිත්වා කුලානි පරිභවන්තො චරතී”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ තං භික්ඛුං පක්කොසාපෙත්වා “සච්චං කිර භික්ඛූ”ති පුච්ඡිත්වා “සච්චං, භන්තෙ”ති වුත්තෙ “කස්මා ත්වං භික්ඛු කුජ්ඣසි, පුබ්බෙ අනුප්පන්නෙ බුද්ධෙ තාපසාපි තාව කුලද්වාරං ගන්ත්වා භික්ඛං අලභිත්වා න කුජ්ඣිංසූ”ති වත්වා අතීතං ආහරි.
පසුදිනක මේ සිද්ධිය මාතෘකා කොටගෙන භික්ෂූහු දම්සභාවෙහි, ඒ ගැන කතා කරමින් හුන්හ. එවිට අදාළ භික්ෂුව කැඳවා ‘එකී සිද්ධිය සත්‍යයක්දැ’යි ඔහුගෙන් ඇසූ සේක. එවිට ඒ භික්ෂුව ‘එසේය ස්වාමීනි, එය සත්‍යයකි’යි උත්තර දුන්නේය. ‘මහණ, ඔබ කුමට කිපුනෙහිද? බුද්ධ කාලයට පෙර, තාපසවරු පවා ගෙවල්වලට ගොස් කිසිවක් නොලද මුත් කෝප නොගත්තාහුයැ’යි, වදාළ බුදුරජාණන් වහන්සේ මෙසේ මේ අතීත කථා පුවත දේශනා කළ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා වයප්පත්තො තක්කසිලායං සබ්බසිප්පානි උග්ගණ්හිත්වා අපරභාගෙ තාපසපබ්බජ්ජං පබ්බජිත්වා හිමවන්තෙ චිරං වසිත්වා ලොණම්බිලසෙවනත්ථාය බාරාණසිං පත්වා උය්යානෙ වසිත්වා පුනදිවසෙ නගරං භික්ඛාය පාවිසි. තදා බාරාණසිසෙට්ඨි සද්ධො හොති පසන්නො. බොධිසත්තො “කතරං කුලඝරං සද්ධ”න්ති පුච්ඡිත්වා “සෙට්ඨිඝර”න්ති සුත්වා සෙට්ඨිනො ඝරද්වාරං අගමාසි. තස්මිං ඛණෙ සෙට්ඨි රාජුපට්ඨානං ගතො, මනුස්සාපි නං න පස්සිංසු, සො නිවත්තිත්වා ගච්ඡති. අථ නං සෙට්ඨි රාජකුලතො නිවත්තන්තො දිස්වා වන්දිත්වා භික්ඛාභාජනං ගහෙත්වා ඝරං නෙත්වා නිසීදාපෙත්වා පාදධොවනතෙලමක්ඛනයාගුඛජ්ජකාදීහි සන්තප්පෙත්වා අන්තරාභත්තෙ කිඤ්චි කාරණං අපුච්ඡිත්වා කතභත්තකිච්චං වන්දිත්වා එකමන්තං නිසින්නො “භන්තෙ, අම්හාකං ඝරද්වාරං ආගතා නාම යාචකා වා ධම්මිකසමණබ්රාහ්මණා වා සක්කාරසම්මානං අලභිත්වා ගතපුබ්බා නාම නත්ථි, තුම්හෙ පන අජ්ජ අම්හාකං දාරකෙහි අදිට්ඨත්තා ආසනං වා පානීයං වා පාදධොවනං වා යාගුභත්තං වා අලභිත්වාව ගතා, අයං අම්හාකං දොසො, තං නො ඛමිතුං වට්ටතී”ති වත්වා පඨමං ගාථමාහ –
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ බමුණු කුලයක ඉපිද, නිසිවියට පත්වූයේ තක්ෂිලාවට ගොස් සියලු ශිල්ප හා ශාස්ත්‍ර උගෙන, පසුකලෙක හිමවතට ගොස්, එහිදී තවුස් පැවිද්දෙන් පැවිදිව, බොහෝ කලක් එහිම වැස, කිසියම් දිනෙක නගරයට පිඬු පිණිස පැමිණියේය. මෙකල බරණැස්නුවර සිටි ප්‍රධාන සිටුවරයා සැදැහැවතෙකි. ප්‍රසන්න පුද්ගලයෙකි. මේ අතර නුවරට පැමිණි බෝසත් තෙමේ, සැදැහැවත් පවුල් ගැන සොයා බලා, සිටුතුමා ගැන අසා දැන, එතුමාගේ නිවසට පිඬු පිණිස ගියේය. ඒ වනවිට සිටුතුමා ගෙදර සිටියේ නැත. රාජකාරි සඳහා රජවාසලට ගිය බැවිනි. සිටුමැදුරෙන් කිසිවක් නොලද තවුස්තුමා, හිස් අතින් ම ආපසු හැරී යන්නට ගියේය. රාජකාරි නිමවා සිය නිවසට පැමිණෙන සිටුතුමාට අතරමගදී, තවුසා මුණගැසිණි. තවුසා දුටු සිටුතුමා තවුසාට වැඳ, සිය නිවසට එතුමා කැඳවා ගෙනගොස්, පා සෝදා වඩා හිඳවා, කැඳ-බත්-කැවිලි ආදියෙන් සංග්‍රහකොට, කෑම ගන්නා අතරතුරේදී කිසිවක් නොවිමසා දානයෙන් පසු, තවුසාට වැඳ එකත්පසෙක හිඳ, ‘ස්වාමීනි, අපේ ගෙදරට පිඬු පිණිස පැමිණ, කිසිදු සත්කාර සම්මානයක් නොලැබ, ගිය යාචකයකු හෝ දැහැමි මහණ බමුණකු හෝ නැත. එහෙත් අද ඔබතුමා අපගේ දරුවන් විසින් නොදුටු බැවින්, අසුනක් හෝ කෑමක්-බීමක් හෝ පා සේදීමක් හෝ කැඳබතක් හෝ, නොලැබම ගියෙහිය. ඒ වූ කලී, අපගේ දෝෂයකි. එබැවින් ඒ දෝෂයට සමාව ගන්නට වටීයැ’යි කියා, මේ ගාථාව ප්‍රකාශ කෙළේය.
“න තෙ පීඨමදායිම්හා, න පානං නපි භොජනං; බ්‍රහ්මචාරි ඛමස්සු මෙ, එතං පස්සාමි අච්චය”න්ති.
නතෙ පීඨදායිම්හා - න පාණං නපි භොජනං, බ්‍රහ්මචාරි ඛමස්සු මෙ - එතං පස්සාමි අච්චයන්ති
බ්‍රහ්මචාරි තාපසතුමනි, (අපි) ඔබට පුටුවක් නොදුන්නෙමු. පානයකුත්, බොජුනකුත් නො දුන්නෙමු. මෙය මාගේ වරදක් ලෙස දකිමි. සමාවුව මැනවි.
තත්ථ න තෙ පීඨමදායිම්හාති පීඨම්පි තෙ න දාපයිම්හ.
මෙහි ‘ත තෙ පීඨමදාසිම්හා’ යනු ‘ඔබට පුටුවක්වත් දෙවන්නට නොහැකි විය’, යන අදහසයි.
තං සුත්වා බොධිසත්තො දුතියං ගාථමාහ –
මේ ඇසූ බෝසත් තෙමේ මේ ගාථාව කීය.
“නෙවාභිසජ්ජාමි න චාපි කුප්පෙ, න චාපි මෙ අප්පියමාසි කිඤ්චි; අථොපි මෙ ආසි මනොවිතක්කො, එතාදිසො නූන කුලස්ස ධම්මො”ති.
නෙවාභිසජ්ජාමි න චාපි කුප්පෙ, නචා පි මෙ අප්පිය මාසි කිඤ්චි, අථොපි මෙ ආසි මනො විතක්කො, එතාදිසො නූන කුලස්ස ධම්මො
(මම) ඇලුම් නොකරමි. නොකිපෙමි. මට අප්‍රිය වූ කිසිවක්ද නැත. එසේද වුවත්, මෙය මොවුන්ගේ කුලසිරිතක් විය යුතුය යන, කල්පනාව මාගේ සිත්හි ඇතිවිය.
තත්ථ නෙවාභිසජ්ජාමීති නෙව ලග්ගාමි. එතාදිසොති “ඉමස්ස කුලස්ස එතාදිසො නූන සභාවො, අදායකවංසො එස භවිස්සතී”ති එවං මෙ මනොවිතක්කො උප්පන්නො.
මෙහි ‘නෙවාභිසජ්ජාමි’ යනු ‘නො ඇලෙමි’ යන අර්ථයි. ‘එතාදිසො’ යනු ‘ඒකාන්තයෙන් මේ පවුල මේ බඳු ස්වභාව ඇත්තේය. මෙය කිසිවෙකුට කිසිවක් නොදෙන පරම්පරාවක් වන්නේ යැ’යි, මෙසේ මාගේ සිතේ අදහසක් ඇතිවිය’ යන අර්ථයි.
තං සුත්වා සෙට්ඨි ඉතරා ද්වෙ ගාථා අභාසි –
එම ප්‍රකාශය අසා සිටි සිටුතුමා, මේ ගාථා දෙක පැවසීය.
“එසස්මාකං කුලෙ ධම්මො, පිතුපිතාමහො සදා; ආසනං උදකං පජ්ජං, සබ්බෙතං නිපදාමසෙ.
එසම්හාකං කුලෙ ධම්මො පිතුපිතාමහොසදා, ආසනං උදකං පජ්ජං සබ්බෙතං නිපදාමසේ
අසුන් - පැන් - පා ගල්වන තෙල් යන, මේ සියල්ල පිරිනමමු. මෙය මුතුන් මිත්තන් කාලයේ සිට පැවතෙන, අපේ සදාකාලික වූ කුලදහමකි.
“එසස්මාකං කුලෙ ධම්මො, පිතුපිතාමහො සදා; සක්කච්චං උපතිට්ඨාම, උත්තමං විය ඤාතක”න්ති.
එසම්හාකං කුලෙ ධම්මො පිතු පිතාමහොසදා, සක්කච්චං උපතිට්ඨාම - උත්තමං විය ඤාතකං
උතුම් නෑයකුට මෙන් සකසා උපස්ථාන කරමු. මෙය මුතුන් මිත්තන් කාලයේ සිට පැවතෙන අපේ සදාකාලික වූ කුලදහමකි.
තත්ථ ධම්මොති සභාවො. පිතුපිතාමහොති පිතූනඤ්ච පිතාමහානඤ්ච සන්තකො. උදකන්ති පාදධොවනඋදකං. පජ්ජන්ති පාදමක්ඛනතෙලං. සබ්බෙතන්ති සබ්බං එතං. නිපදාමසෙති නිකාරපකාරා උපසග්ගා, දාමසෙති අත්ථො, දදාමාති වුත්තං හොති. ඉමිනා යාව සත්තමා කුලපරිවට්ටා දායකවංසො අම්හාකං වංසොති දස්සෙති. උත්තමං විය ඤාතකන්ති මාතරං විය පිතරං විය ච මයං ධම්මිකං සමණං වා බ්රාහ්මණං වා දිස්වා සක්කච්චං සහත්ථෙන උපට්ඨහාමාති අත්ථො.
මෙහි ‘ධම්මො’ යනු ‘ස්වභාව’යි. ‘පිතුපිතාමහො’ යනු පියවරුන් හා මුත්තනුවරුන් සන්තක වූ, යන අර්ථයි. ‘උදකං’ යනු ‘පා සෝදන ජලය’යි. ‘පජ්ජං’ යනු ‘පා ගල්වන තෙල්’ය. ‘සබ්බෙතං’ යනු මේ සියල්ල’යි. ‘නිපදාමසෙ’ යනු ‘නි’ ‘ප’ යන මේවා උපසර්ග වේ. ‘පිරිනමමු’ යන අර්ථයි. ‘දෙමු’යි කියන ලද්දේ වේ. මෙතැන් පටන් සත්වෙනි කුල පරම්පරාව දක්වා අපේ වංශය දායක වංශයෙකැයි දක්වයි’ යන අර්ථයි. ‘උත්තමං විය ඤාතකං’ යනු ‘අපි දැහැමි ශ්‍රමණයකු හෝ බමුණකු හෝ දැක මෑණියන්ට මෙන් ද, පියාණන්ට මෙන්ද, සකසා සියතින් උපස්ථාන කරමු, යන අර්ථයි.
බොධිසත්තො පන කතිපාහං බාරාණසිසෙට්ඨිනො ධම්මං දෙසෙන්තො තත්ථ වසිත්වා පුන හිමවන්තමෙව ගන්ත්වා අභිඤ්ඤා ච සමාපත්තියො ච නිබ්බත්තෙත්වා බ්රහ්මලොකපරායණො අහොසි.
බෝසත් තෙමේ මෙසේ කීපදවසක් බරණැස් සිටුතුමාට බණ කියමින්, එහිම වැස පසුව නැවත හිමාලයටම ගොස් එහිදී අභිඥාවන් ද, සමාපත්ති ද, උපදවා ගෙන සතුටින් විසීය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි, සච්චපරියොසානෙ සො භික්ඛු සොතාපත්තිඵලෙ පතිට්ඨහි. තදා බාරාණසිසෙට්ඨි ආනන්දො අහොසි, තාපසො පන අහමෙව අහොසින්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා සත්‍යය ප්‍රකාශකොට ජාතකය නිමවා වදාළ සේක. දේශනාව අවසන ඉහත කී භික්සුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. බුදුරජාණන් වහන්සේ පූර්වාපර සන්ධි ගළපමින්, එදා බරණැස් සිටුවරයා නම්, අනඳ තෙරුන්ය. තාපසයා වූ කලී ‘මම ම වීමි’ යි වදාළ සේක.
පීඨජාතකවණ්ණනා සත්තමා.