යෙදුමෙන් කියවන්න

8. ථුසජාතකවණ‍්ණනා 338 අට‍්ඨකථා

8. ථුසජාතකවණ‍්ණනා (338)

8. ථුස ජාතකය (338)

විදිතං ථුසන‍්ති ඉදං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො අජාතසත‍්තුං ආරබ‍්භ කථෙසි. තස‍්මිං කිර මාතුකුච‍්ඡිගතෙ තස‍්ස මාතු කොසලරාජධීතාය බිම‍්බිසාරරඤ‍්ඤො දක‍්ඛිණජාණුලොහිතපිවනදොහළො උප‍්පජ‍්ජිත්‍වා පණ‍්ඩු අහොසි. සා පරිචාරිකාහි පුච‍්ඡිතා තාසං තමත්‍ථං ආරොචෙසි. රාජාපි සුත්‍වා නෙමිත‍්තකෙ පක‍්කොසාපෙත්‍වා “දෙවියා කිර එවරූපො දොහළො උප‍්පන‍්නො, තස‍්ස කා නිප‍්ඵත‍්තී”ති පුච‍්ඡි. නෙමිත‍්තකා “දෙවියා කුච‍්ඡිම‍්හි නිබ‍්බත‍්තකසත‍්තො තුම‍්හෙ මාරෙත්‍වා රජ‍්ජං ගණ‍්හිස‍්සතී”ති ආහංසු. රාජා “සචෙ මම පුත‍්තො මං මාරෙත්‍වා රජ‍්ජං ගණ‍්හිස‍්සති, කො එත්‍ථ දොසො”ති දක‍්ඛිණජාණුං සත්‍ථෙන ඵාලාපෙත්‍වා ලොහිතං සුවණ‍්ණතට‍්ටකෙන ගාහාපෙත්‍වා දෙවියා පායෙසි. සා චින‍්තෙසි “සචෙ මම කුච‍්ඡියං නිබ‍්බත‍්තො පුත‍්තො පිතරං මාරෙස‍්සති, කිං මෙ තෙනා”ති. සා ගබ‍්භපාතනත්‍ථං කුච‍්ඡිං මද‍්දාපෙසි .

‘විදිතං ථූසං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථාවස්තුව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවාසය කරන සේක්, අජාසත් කුමරු අරබයා වදාළ සේක. අජාසත් කුමරා මවුකුසට වන් කල්හී, ඔහුගේ මව වන කෝසල රාජදේවියට ‘බිම්බිසාර’ රජතුමාගේ දකුණු උරහිස පලා ලේ බොන්නට දොළදුකක් හටගත්තේය. දේවිය ඉන් මහත් පීඩාවක් වින්දාය. ඇය ඉවසිය නොහැකි තැන, තම පරිවාර කාන්තාවන්ට දොළදුක ගැන කීවාය. එසේ කීවේද, එම කාන්තාවන් නැවත නැවත ප්‍රශ්න කිරීම නිසාවෙනි. කෙසේ හෝ රජතුමා ද, දේවියගේ දොළදුක ගැන දැනගෙන, වහා නිමිති පාඨකයන් වාසලට කැඳවා, දේවියට හටගත් දොළදුක ගැන සියලු විස්තර ඔවුන්ට කියා, එහි පලවිපාක ඔවුන්ගෙන් විමසීය. එවිට නිමිති පාඨකයෝ මැනවින් සිතා බලා, ‘දේවයිනි, දේවිය කුස ඔත් දරුවා කෙදිනක හෝ, ඔබතුමා මරා රාජ්‍ය පැහැර ගන්නේයැ’යි එකහෙලා ප්‍රකාශ කළහ. ඒ ඇසූ රජතුමා ‘ඉදින් මගේම පුතා මා මරා රජය ගන්නේ නම්, එහි ඇති වරද කුමක්දැ’යි කියා තියුණු ආයුධයක් ගෙන තම දකුණු උරහිස පලා රන්තැටියකට ලේ ගෙන, සිය දේවියට පෙවීය. ඉන්පසු රජදේවිය ‘ඉදින් මගේ කුසට පැමිණි දරුවා පීතෘ ඝාතකයෙක් වේ නම්, එබඳු දරුවකුගෙන් මට කවර ප්‍රයෝජනයක් දැ’යි සිතා, ගබ්සා කිරීමේ අදහසින් සිය පරිවාර කාන්තාවන් ලවා, තම බඩ මිරිකවා ගත්තාය.

රාජා ඤත්‍වා තං පක‍්කොසාපෙත්‍වා “භද‍්දෙ මය‍්හං කිර පුත‍්තො මං මාරෙත්‍වා රජ‍්ජං ගණ‍්හිස‍්සති, න ඛො පනාහං අජරො අමරො, පුත‍්තමුඛං පස‍්සිතුං මෙ දෙහි, මා ඉතො පභුති එවරූපං කම‍්මං අකාසී”ති ආහ. සා තතො පට‍්ඨාය උය්‍යානං ගන‍්ත්‍වා කුච‍්ඡිං මද‍්දාපෙසි. රාජා ඤත්‍වා තතො පට‍්ඨාය උය්‍යානගමනං නිවාරෙසි. සා පරිපුණ‍්ණගබ‍්භා පුත‍්තං විජායි. නාමග‍්ගහණදිවසෙ චස‍්ස අජාතස‍්සෙව පිතු සත‍්තුභාවතො “අජාතසත‍්තු”ත්‍වෙව නාමමකංසු. තස‍්මිං කුමාරපරිහාරෙන වඩ‍්ඪන‍්තෙ සත්‍ථා එකදිවසං පඤ‍්චසතභික‍්ඛුපරිවුතො රඤ‍්ඤො නිවෙසනං ගන‍්ත්‍වා නිසීදි. රාජා බුද‍්ධප‍්පමුඛං භික‍්ඛුසඞ‍්ඝං පණීතෙන ඛාදනීයභොජනීයෙන පරිවිසිත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා ධම‍්මං සුණන‍්තො නිසීදි. තස‍්මිං ඛණෙ කුමාරං මණ‍්ඩෙත්‍වා රඤ‍්ඤො අදංසු. රාජා බලවසිනෙහෙන පුත‍්තං ගහෙත්‍වා ඌරුම‍්හි නිසීදාපෙත්‍වා පුත‍්තගතෙන පෙමෙන පුත‍්තමෙව මමායන‍්තො න ධම‍්මං සුණාති. සත්‍ථා තස‍්ස පමාදභාවං ඤත්‍වා “මහාරාජ, පුබ‍්බෙ රාජානො පුත‍්තෙ ආසඞ‍්කමානා පටිච‍්ඡන‍්නෙ කාරෙත්‍වා ‘අම‍්හාකං අච‍්චයෙන නීහරිත්‍වා රජ‍්ජෙ පතිට‍්ඨාපෙය්‍යාථා’ති ආණාපෙසු”න‍්ති වත්‍වා තෙන යාචිතො අතීතං ආහරි.

මෙය දැනගත් රජතුමා වහා දේවිය කැඳවා, ‘සොඳුර, මගේම පුතා මා මරා රජය පැහැර ගන්නේ නම්, ඊට කම් නැත. මම මැනවි. මින්මතු මෙවැනි දේ නොකරනු මැනවැ’යි කීය. එතැන් පටන් රජදේවිය උයනට ගොස් හොර රහසේ, රජුට දැන නොගන්නට සිය දරුගැබ මිරිකවා ගැනීම දිගටම කළාය. කෙසේ හෝ දේවියගේ මේ වැඩපිළිවෙල ද රජතුමා දැනගත්තේය. ඉන්පසු රජතුමා දේවියගේ උයන් ගමන ද නවතා දැමීය. මෙසේ අනුක්‍රමයෙන් දරු ගැබද මෝරන්නට විය. පිරිපුන් ගැබ ඇති රාජදේවිය නිසිකල පුතකු වැදුවාය. මේ පුත් කුමරාට නම් තබන දිනයේදී දරුවා උපදින්නට පෙර පටන්ම, පියාට සතුරු වූ බැවින්, ‘අජාසත්තු’යැයි නම් තබන ලදි. මෙසේ අජාසත් කුමරා පිරිවර සහිතව ආරක්ෂා විධිවිධාන යටතේ වැඩෙනුයේ, සියලු දෙනාගේ ප්‍රසාදයට පත්විය. එක්දිනක බුදුරජාණන් වහන්සේ රජමැදුරට වැඩ, පන්සියයක් භික්‍ෂූන් පිරිවරා බුද්ධ ලීලාවෙන් වැඩහුන් සේක. එහිදී රජතුමා බුද්ධප්‍රමුඛ භික්‍ෂු සංඝයා වහන්සේට, ප්‍රණීත වූ ආහාර පානවලින් සංග්‍රහකොට රිසි සේ වළඳවා, දානයෙන් පසු බුදුන් වැඳ එකත්පසෙක වාඩි වී, බණ ඇසීමට සූදානම් විය. මේ අතර එක් සේවිකාවක් අජාසත් කුමරු සරසා, වඩාගෙන විත්, වාඩි වී සිටි රජු අතට දුන්නාය. රජතුමාද මහත් සෙනෙහසින් පුතා වඩාගෙන, උකුල මත හිඳුවා පුත්‍ර ප්‍රේමයෙන් පුතා ගැනම ආදරයෙන් හුන් බැවින් තම හිත නිසි සේ දහමට යොමුකර ගැනීමට අපොහොසත් විය. රජුගේ මේ පමාව දුටු බුදුරජාණන් වහන්සේ ‘මහරජතුමනි, තම පුතුන් ගැන සැක සිතූ පෙර රජවරු, ඔවුන්ට රජයෙන් බැහැරව, වසන්නට සලස්වා තමන්ගේ ඇවෑමෙන් පැමිණ, රජකම බාරගන්නා ලෙස දැනුම් දී රටින් ද, ඔවුන් නෙරපූ හයි, වදාරා රජුගේ අයැදුමින්, මේ අතීත කථාවස්තුවද, ගෙනහැර දක්වා වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො තක‍්කසිලායං දිසාපාමොක‍්ඛආචරියො හුත්‍වා බහූ රාජකුමාරෙ ච බ්‍රාහ‍්මණකුමාරෙ ච සිප‍්පං වාචෙසි. බාරාණසිරඤ‍්ඤොපි පුත‍්තො සොළසවස‍්සකාලෙ තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා තයො වෙදෙ ච සබ‍්බසිප‍්පානි ච උග‍්ගණ‍්හිත්‍වා පරිපුණ‍්ණසිප‍්පො ආචරියං ආපුච‍්ඡි. ආචරියො අඞ‍්ගවිජ‍්ජාවසෙන තං ඔලොකෙන‍්තො “ඉමස‍්ස පුත‍්තං නිස‍්සාය අන‍්තරායො පඤ‍්ඤායති, තමහං අත‍්තනො ආනුභාවෙන හරිස‍්සාමී”ති චින‍්තෙත්‍වා චතස‍්සො ගාථා බන්‍ධිත්‍වා රාජකුමාරස‍්ස අදාසි, එවඤ‍්ච පන තං වදෙසි “තාත, පඨමං ගාථං රජ‍්ජෙ පතිට‍්ඨාය තව පුත‍්තස‍්ස සොළසවස‍්සකාලෙ භත‍්තං භුඤ‍්ජන‍්තො වදෙය්‍යාසි, දුතියං මහාඋපට‍්ඨානකාලෙ, තතියං පාසාදං අභිරුහමානො සොපානසීසෙ ඨත්‍වා, චතුත්‍ථං සයනසිරිගබ‍්භං පවිසන‍්තො උම‍්මාරෙ ඨත්‍වා”ති. සො “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා ආචරියං වන්‍දිත්‍වා ගතො ඔපරජ‍්ජෙ පතිට‍්ඨාය පිතු අච‍්චයෙන රජ‍්ජෙ පතිට‍්ඨාසි. තස‍්ස පුත‍්තො සොළසවස‍්සකාලෙ රඤ‍්ඤො උය්‍යානකීළාදීනං අත්‍ථාය නික‍්ඛමන‍්තස‍්ස සිරිවිභවං දිස‍්වා පිතරං මාරෙත්‍වා රජ‍්ජං ගහෙතුකාමො හුත්‍වා අත‍්තනො උපට‍්ඨාකානං කථෙසි. තෙ “සාධු දෙව, මහල‍්ලකකාලෙ ලද‍්ධෙන ඉස‍්සරියෙන කො අත්‍ථො, යෙන කෙනචි උපායෙන රාජානං මාරෙත්‍වා රජ‍්ජං ගණ‍්හිතුං වට‍්ටතී”ති වදිංසු. කුමාරො “විසං ඛාදාපෙත්‍වා මාරෙස‍්සාමී”ති පිතරා සද‍්ධිං සායමාසං භුඤ‍්ජන‍්තො විසං ගහෙත්‍වා නිසීදි. රාජා භත‍්තපාතියං භත‍්තෙ අච‍්ඡුපන‍්තෙයෙව පඨමං ගාථමාහ –

අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හී, තෙමේ තක්‍ෂිලා නුවර දිසාපාමොක් ඇදුරුතුමා ලෙස ඉපිද, බොහෝ රාජ කුමාරවරුන්ටද, බමුණු කුමාරවරුන්ටද, ශිල්ප හා ශාස්ත්‍ර ඉගැන්වීමෙහි නිරතව කල්ගෙවීය. ඉගෙනගන්නා සිසුන් අතර, බරණැස් රජතුමාගේ පුතාද සිටියේය. සිය වයසින් සොළොස් වියේදී ඇදුරුතුමා ළඟට පැමිණි රජකුමරා, ත්‍රිවේදයද, සෙසු සියලු ශිල්ප ද උගෙන පරිසමාප්තියට පත්ව පෙරළා සිය නුවරට යනු පිණිස දිසාපාමොක් ඇදුරුතුමාගෙන් ඊට අවසර ඉල්ලා සිටියේය. අංග විද්‍යාවට අනුව සිය සිසුවා පරීක්‍ෂණයට භාජනය කළ ඇදුරුතුමා, ‘මොහුට මොහුගේම පුතාගෙන් අනතුරක් ඇති බව පෙනී යයි. මම මගේ ආනුභාවයෙන් එය දුරුකොට ලන්නෙමි’යි, සිතා බරණැස් රාජකුමාරයා අමතා, ‘පුතණුවනි, ඔබ පිටත්ව යන්න, ගොස් රජකම භාරගන්න. ඔබගේ ආරක්‍ෂාවට මම ඔබට ගාථා සතරක් පද බැඳ දෙන්නෙමි. ඉන් පළමු ගාථාව, ඔබගේ පුත්‍රයාට වයස අවුරුදු සොළොසක් පිරුණුවිට, ඔහු සමග එකට හිඳ ආහාර ගන්නා විටදී, ඔහුට ඇසෙන සේ ගායනා කරන්න. දෙවැන්න, පුතණුවන් සමීපයේ හිඳිනාවිට රාජසභාවේදී, ඔහුට ඇසෙන සේ ගායනා කරන්න. ඔබ උඩුමහල් තලයට පිය නගන විටෙක, පියගැටපෙළ මුදුනේ ඔබේ පුතා සිටිනු දුටුවහොත්, තුන්වැනි ගාථාව ගායනා කරන්න. සතරවැන්න, සිරියහන්ගැබට පිවිසෙන විටෙක, සිතෙහි සැකයක් හට ගත්තොත්, එලිපත මත දී ගායනා කරන්නැ’යි මෙසේ උපදෙස් දී, ඉහත සඳහන් ගාථා සතරද ඔහුට උගන්වා පිටත්කොට යැවීය. රාජකුමාරයාද ඒ සියලු උපදෙස් මැනවින් පිළිගෙන ගුරුතුමාට වැඳ අවසර ගෙන, සිය රට බලා පිටත්ව ගොස්, මුලින් යුවරජකමට පත්ව, සිය පියාගේ අභාවයෙන් පසු මහරජු බවට පත්විය. රාජ්‍යත්‍වයට පත්ව නොබෝ කලකින්, රජුට පුත්‍ර ලාභයක්ද හිමිවිය. සොළොස් වියට පත්වූ රාජපුත්‍රයා කිසියම් දිනෙක උයන්කෙළි පිණිස සපිරිවරින් නික්මෙන සිය පියා වන මහරජුගේ සිරි සම්පත් දැක, පියා මරා රජවීමට තරයේ ඉටාගෙන, ඒ බව තමාට හිතේසිවන්ත වූ තමාගේ ම, උපස්ථායක පුරුෂයන්ට දැනුම් දුන්නේය. කුමරුගේ පරිවාර පුරුෂයෝ ද, ‘යහපති කුමරුනි, මහලු කල දී ලැබෙන රජසැපින් කම් නැත. එබැවින් කිසියම් උපක්‍රමයකින් මහරජු මරා, රජය පැහැර ගැනීම සුදුසුයැ’යි කීහ. අනතුරුව කුමාරයා, පියාට වස දී ඝාතනය කිරීමට තීරණය කොට, පියා සමග රාත්‍රී භෝජනයට වාඩිවිය. කුමරුගේ ඉරියව් ගැන සැක උපදවා ගත් රජතුමා, කෑම බඳුනට අත නො තබාම මේ ගාථාව කීය.

“විදිතං ථුසං උන්‍දුරානං, විදිතං පන තණ‍්ඩුලං; ථුසං ථුසං විවජ‍්ජෙත්‍වා, තණ‍්ඩුලං පන ඛාදරෙ”ති.

විදිතං ථුසං උන්‍දුරානං - විදිතං පන තණ්ඩුලං, ථූසං ථූලං විවජ්ජිත්‍වා - තණ්ඩුලං පන ඛාදරෙ ති

මීයන්ට දහය්යා හැඳිනිය හැකිය. සහල් ද හැඳිනිය හැකිය. මහත් වූ පොත්ත බැහැරකොට (මීයා) සහල් ඇටය කන්නේය.

තත්‍ථ විදිතන‍්ති කාළවද‍්දලෙපි අන්‍ධකාරෙ උන්‍දුරානං ථුසො ථුසභාවෙන තණ‍්ඩුලො ච තණ‍්ඩුලභාවෙන විදිතො පාකටොයෙව. ඉධ පන ලිඞ‍්ගවිපල‍්ලාසවසෙන “ථුසං තණ‍්ඩුල”න‍්ති වුත‍්තං. ඛාදරෙති ථුසං ථුසං වජ‍්ජෙත්‍වා තණ‍්ඩුලමෙව ඛාදන‍්ති. ඉදං වුත‍්තං හොති – තාත කුමාර, යථා උන්‍දුරානං අන්‍ධකාරෙපි ථුසො ථුසභාවෙන තණ‍්ඩුලො ච තණ‍්ඩුලභාවෙන පාකටො, තෙ ථුසං වජ‍්ජෙත්‍වා තණ‍්ඩුලමෙව ඛාදන‍්ති, එවමෙව මමපි තව විසං ගහෙත්‍වා නිසින‍්නභාවො පාකටොති.

මෙහි ‘විදිතං’ යනු ‘ගණ කළුවර අඳුරේ වුවත්, දහයියා, දහයියා වශයෙනුත්, සහල්, සහල් වශයෙනුත් මීයන්ට දතහැකිය. ප්‍රකටව පෙනේ යන අර්ථයි. මෙහි වනාහි ලිංග විපර්යාසයෙන් ‘ථුසං’ ‘තණ්ඩුලං’ යනුවෙන් කියන ලදි. ‘ඛාදරෙ’ යනු මීයෝ දහයියා ඉවත් කොට සහල්ම කති යන අදහසයි. මින් හඟවන ලද්දේ මේ අදහසයි. එනම් ‘පුත් කුමරුවනි, යම් සේ මීයන්ට අඳුරේ වුවත්, දහයියා ඒ අයුරෙනුත්, සහල් ඒ අයුරෙනුත් ප්‍රකටව පෙනේද? එසේ ඔවුහු දහයියා බැහැරකොට, සහල් පමණක් කති. එසේම මම ද ඔබ මහා විෂක් ළඟ තබාගෙන හිඳින බව පැහැදිලිය’ යන අර්ථයි.

කුමාරො “ඤාතොම‍්හී”ති භීතො භත‍්තපාතියං විසං පාතෙතුං අවිසහිත්‍වා උට‍්ඨාය රාජානං වන්‍දිත්‍වා ගතො. සො තමත්‍ථං අත‍්තනො උපට‍්ඨාකානං ආරොචෙත්‍වා “අජ‍්ජ තාවම‍්හි ඤාතො, ඉදානි කථං මාරෙස‍්සාමී”ති පුච‍්ඡි. තෙ තතො පට‍්ඨාය උය්‍යානෙ පටිච‍්ඡන‍්නා හුත්‍වා නිකණ‍්ණිකවසෙන මන‍්තයමානා “අත්‍ථෙකො උපායො, ඛග‍්ගං සන‍්නය‍්හිත්‍වා මහාඋපට‍්ඨානං ගතකාලෙ අමච‍්චානං අන‍්තරෙ ඨත්‍වා රඤ‍්ඤො පමත‍්තභාවං ඤත්‍වා ඛග‍්ගෙන පහරිත්‍වා මාරෙතුං වට‍්ටතී”ති වවත්‍ථපෙසුං. කුමාරො “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා මහාඋපට‍්ඨානකාලෙ සන‍්නද‍්ධඛග‍්ගො හුත්‍වා ගන‍්ත්‍වා ඉතො චිතො ච රඤ‍්ඤො පහරණොකාසං උපධාරෙති. තස‍්මිං ඛණෙ රාජා දුතියං ගාථමාහ –

‘මා කරන්නට ගිය ක්‍රියාව පියරජතුමා, තේරුම් ගත්තා සේ යැ’යි සිතූ, රාජකුමාරයා මහත් බියට පත්ව, පියතුමාගේ අහර බඳුනට විෂ මුසු කිරීමට අපොහොසත්ව, වහා නැගිට රජුට වැඳ, නික්ම ගියේය. තම සහචරයන් වෙත දිවැ ගිය කුමාරයා භෝජන ශාලාවේ දී, සිදුවූ සියල්ල නොවළහා ඔවුන්ට පැහැදිලි කෙළේය. ‘අද කරන්නට ගිය ක්‍රියාව පියා දැනගත් නිසා, දැන් අපි කුමක්කොට ඔහු මරන්නෙමු දැ’යි කුමරා තම හිතවතුන්ගෙන් ඇසීය. ඉන්පසු ඔවුහු සියලුදෙනා, එදා පටන් උයනට යමින් එමින් රහසේ, කිසිවකුට නෑසෙන පරිද්දෙන්, කණට කණ ළංකොට කුමන්ත්‍රණය කරමින්, ඊළඟට කළයුතු උපායක් ඇත. එනම් ඔබ කඩුවකින් සැරසී පියරජතුමා රාජසභාවේ හිඳිනා කල්හි, ඇමැතිවරුන් අතර සිට, රජුගේ පමාවක් බලා, කඩුවෙන් ඇන ඔහු මැරිය යුතුයැ’යි සහචරයෝ කුමරුට උපදෙස් දුන්හ. කුමාරයා ද ඔවුන්ගේ මේ තීරණය පිළිගෙන, පසු දා රාජසභාවට ගොස්, කඩුවද සූදානම් කොටගෙන, ඔබමොබ බලමින් රජුට පහරදීමට අවකාශයක් අපේක්‍ෂා කරමින් සිටියේය. ඒ මොහොතේදීම රජතුමා මේ දෙවැනි ගාථාව ප්‍රකාශ කෙළේය.

“යා මන‍්තනා අරඤ‍්ඤස‍්මිං, යා ච ගාමෙ නිකණ‍්ණිකා; යඤ‍්චෙතං ඉති චීති ච, එතම‍්පි විදිතං මයා”ති.

යා මන්තතා අරඤ්ඤස්මිං - යා ව ගාමෙ නිකණ්ණිකා, යඤ්චෙතං ඉතිචිතිච - එතම්පි විදිතං මයා

කැලයේදීත්, ගමේදීත් ඉතා රහසිගතව කරන ලද, යම් කුමන්ත්‍රණයක් වේද? එයද මෙසේ මෙසේ යැයි කියා මා විසින් දන්නා ලදි.

තත්‍ථ අරඤ‍්ඤස‍්මින‍්ති උය්‍යානෙ. නිකණ‍්ණිකාති කණ‍්ණමූලෙ මන‍්තනා. යඤ‍්චෙතං ඉති චීති චාති යඤ‍්ච එතං ඉදානි මම පහරණොකාසපරියෙසනං. ඉදං වුත‍්තං හොති – තාත කුමාර, යා එසා තව අත‍්තනො උපට‍්ඨාකෙහි සද‍්ධිං උය්‍යානෙ ච ගාමෙ ච නිකණ‍්ණිකා මන‍්තනා, යඤ‍්චෙතං ඉදානි මම මාරණත්‍ථාය ඉති චීති ච කරණං, එතම‍්පි සබ‍්බං මයා ඤාතන‍්ති.

මෙහි ‘අරඤ්ඤස්මිං’ යනු ‘උයනේදී’ යන අර්ථයි. ‘නිකණ්ණිකා’ යනු ‘කණට ළංකොට මන්ත්‍රණය කිරීම’යි. ‘යඤ්චෙතං ඉතිචිති ච’ යනු ‘ඒ යමක්ද? එනම් මට පහරදීමට අවස්ථාවක් සෙවීම’යි. මින් පවසන ලද්දේ මේ අදහසයි. එනම් ‘පුත් කුමරුවනි, ඔබ ඔබගේ උපස්ථායකයින් සමග උයනේ දී හා ගමේ දී කණට ළංකර මට පහරදීම සඳහා, යම් මන්ත්‍රණයක් කෙළෙහිද? ඒ සියල්ල මා විසින් දන්නා ලදි’ යන අර්ථයි.

කුමාරො “ජානාති මෙ වෙරිභාවං පිතා”ති තතො පලායිත්‍වා උපට‍්ඨාකානං ආරොචෙසි. තෙ සත‍්තට‍්ඨ දිවසෙ අතික‍්කමිත්‍වා “කුමාර, න තෙ පිතා, වෙරිභාවං ජානාති, තක‍්කමත‍්තෙන ත්‍වං එවංසඤ‍්ඤී අහොසි, මාරෙහි න”න‍්ති වදිංසු. සො එකදිවසං ඛග‍්ගං ගහෙත්‍වා සොපානමත්‍ථකෙ ගබ‍්භද‍්වාරෙ අට‍්ඨාසි. රාජා සොපානමත්‍ථකෙ ඨිතො තතියං ගාථමාහ –

මේ ඇසූ කුමාරයා ‘මාගේ වෛර චේතනාව, පියරජු විසින් දැනගන්නා ලදැ’යි එතැනින් වහා පලාගොස්, සියලු විස්තර තම සහචරයන්ට කීවේය. විස්තර දැනගත් ඔවුහු, තවත් හත්අට දවසකට පසු, කුමාරයා මුණගැසී ‘කුමරුනි, ඔබගේ වෛරය පියරජු තේරුම් ගෙන ඇතුවාට සැකයක් නැතැ’යි, ඔබතුමා සිතන නමුත්, ඒ සිතිවිල්ල ඔබට ඇති වූ සැකයක් පමණි. එයින් දුර්වල නොවී, කෙසේ හෝ ඔහු මරනු මැනවැ’යි කීහ. මේ ප්‍රකාශයෙන් සිත දැඩි කරගත් කුමාරයා, පසු දිනෙක කඩුවකුත් ගෙන උඩුමහලට නගින පඩිපෙළ මුදුනේ රජතුමාගේ යහන්ගැබ ඉදිරිපිට සිටියේය. මේ අතර පඩිපෙල නැගගෙන, ඉහළට පැමිණි රජතුමා සෝපානය මුදුනේදී, මේ තෙවැනි ගාථාව කීය.

“ධම‍්මෙන කිර ජාතස‍්ස, පිතා පුත‍්තස‍්ස මක‍්කටො; දහරස‍්සෙව සන‍්තස‍්ස, දන‍්තෙහි ඵලමච‍්ඡිදා”ති.

ධම්මෙන කිරජාතස්ස - පිතා පුත්තස්ස මක්කටො, දහරස්සෙව සන්තස්ස - සන්තෙහි ඵලමච්ඡිදාති

වඳුරු පියෙක් ස්වභාව ධර්මයෙන් උපන් වඳුරු පුතාගේ, බීජ කෝෂය, ලාබාල අවදියේ දීම සිය දත්වලින් සිඳ දමයි.

තත්‍ථ ධම‍්මෙනාති සභාවෙන. පිතා පුත‍්තස‍්ස මක‍්කටොති පිතා මක‍්කටො පුත‍්තස‍්ස මක‍්කටපොතකස‍්ස. ඉදං වුත‍්තං හොති – යථා අරඤ‍්ඤෙ ජාතො මක‍්කටො අත‍්තනො යූථපරිහරණං ආසඞ‍්කන‍්තො තරුණස‍්ස මක‍්කටපොතකස‍්ස දන‍්තෙහි ඵලං ඡින්‍දිත්‍වා පුරිසභාවං නාසෙති, තථා තව අතිරජ‍්ජකාමස‍්ස ඵලානි උප‍්පාටාපෙත්‍වා පුරිසභාවං නාසෙස‍්සාමීති.

මෙහි ‘ධම්මෙන’ යනු ‘ස්වභාවයෙන්’, යන අර්ථයි. ‘පුත්තස්ස මක්කකො’ යනු ‘වඳුරු පියා පුතා වන වඳුරු පැටියාගේ’ යන අර්ථයි. මින් හඟවන ලද්දේ මේ අදහසයි. ‘යම් සේ කැලයේ උපන් වඳුරෙක් තමාගේ රජකම පැහැර ගැනීම ගැන, සැක කොට තරුණ වඳුරු පැටියාගේ බීජ කෝෂය, දත්වලින් හපා, පුරුෂභාවය නසයිද? එසේ රාජ්‍යයට ලොල් වූ තාගේ, බීජ උපුටා දම්මවා, පුරුෂ භාවය නසන්නෙමි’ යන අදහසයි.

කුමාරො “ගණ‍්හාපෙතුකාමො මං පිතා”ති භීතො පලායිත්‍වා “පිතරාම‍්හි සන‍්තජ‍්ජිතො”ති උපට‍්ඨාකානං ආරොචෙසි. තෙ අඩ‍්ඪමාසමත‍්තෙ වීතිවත‍්තෙ “කුමාර, සචෙ රාජා ජානෙය්‍ය, එත‍්තකං කාලං නාධිවාසෙය්‍ය, තක‍්කමත‍්තෙන තයා කථිතං, මාරෙහි න”න‍්ති වදිංසු. සො එකදිවසං ඛග‍්ගං ගහෙත්‍වා උපරිපාසාදෙ සිරිසයනං පවිසිත්‍වා “ආගච‍්ඡන‍්තමෙව නං මාරෙස‍්සාමී”ති හෙට‍්ඨාපල‍්ලඞ‍්කෙ නිසීදි. රාජා භුත‍්තසායමාසො පරිජනං උය්‍යොජෙත්‍වා “නිපජ‍්ජිස‍්සාමී”ති සිරිගබ‍්භං පවිසන‍්තො උම‍්මාරෙ ඨත්‍වා චතුත්‍ථං ගාථමාහ –

මේ ඇසූ කුමාරයා ‘පියතුමා සූදානම් වන්නේ, මා අල්ලා ගැනීම සඳහා යැ’යි බියට පත්ව පලාගොස්, පියතුමා තමාට තර්ජනය කළ බව, සිය උපස්ථායකයන්ට දැනුම් දුන්නේය. මෙයින් අඩමසකට පසු, නැවත ඒ උපස්ථායක පිරිස, කුමරු අමතා ‘කුමාරයාණෙනි, ඔබ පියා මරන්නට ගත් උත්සාහය, ඔහු දැනගත්තේ නම්, මෙපමණ කලක් නිකම් බලා සිටින්නේ නැත. ඔබේ ක්‍රියාව පියා හඳුනා ගත් බව ඔබ තර්කානුසාරයෙන් ගොඩනගා ගත්, හිස් මතයක් පමණි. එබැවින් ඔබේ අභිප්‍රාය වෙනස් නො කළ මැනවැ’යි කීහ. මෙයින් දිරිමත් වූ රජකුමරා කිසියම් දවසක කඩුවකුත් ගෙන, උඩුමහල් තලයෙහි ඇති, රජුගේ සිරියහන් ගැබට පිවිස, ‘පියරජු මෙහි ඇතුල්වන විටම ඔහුට පහර දෙන්නෙමි’යි, සැඟව ඇඳ යටට වී හොත්තේය. රජතුමා රාත්‍රී භෝජනය අනුභව කොට, පිරිවර ජනයාද පිටත්කොට යවා, ‘සැතපෙන්නෙමි’යි සිතා, සිරියහන් ගැබට යනු පිණිස පිටත්ව ගොස් එලිපත්ත මත සිට සිව්වැනි ගාථාව කීවේය.

“යමෙතං පරිසප‍්පසි, අජකාණොව සාසපෙ; යොපායං හෙට‍්ඨතො සෙති, එතම‍්පි විදිතං මයා”ති.

යමෙතං පරිසප්පසී - අජකාණොව සාසපෙ, යො චායං හෙට්ඨතොසෙසි - එතම්පි විදිතං මයා

අබ හේනක කණ වූ එළුවකු දඟලන්නාක් මෙන්, මොහු ඇඳ යට හෝනේද? මා විසින් ඒ කාරණය ද, දන්නා ලදි.

තත්‍ථ පරිසප‍්පසීති භයෙන ඉතො චිතො ච සප‍්පසි. සාසපෙති සාසපඛෙත‍්තෙ. යොපායන‍්ති යොපි අයං. ඉදං වුත‍්තං හොති – යම‍්පි එතං ත්‍වං සාසපවනං පවිට‍්ඨකාණඑළකො විය භයෙන ඉතො චිතො ච සංසප‍්පසි, පඨමං විසං ගහෙත්‍වා ආගතොසි, දුතියං ඛග‍්ගෙන පහරිතුකාමො හුත්‍වා ආගතොසි, තතියං ඛග‍්ගං ආදාය සොපානමත්‍ථකෙ අට‍්ඨාසි, ඉදානි මං “මාරෙස‍්සාමී”ති හෙට‍්ඨාසයනෙ නිපන‍්නොසි, සබ‍්බමෙතං ජානාමි, න තං ඉදානි විස‍්සජ‍්ජෙමි, ගහෙත්‍වා රාජාණං කාරාපෙස‍්සාමීති. එවං තස‍්ස අජානන‍්තස‍්සෙව සා සා ගාථා තං තං අත්‍ථං දීපෙති.

මෙහි ‘පරිසප්පසි’ යනු ‘බියෙන් ඒ මේ අත පෙරළෙයි’ යන අර්ථයි. ‘සාසපෙ’ යනු ‘අබ කෙතක’, යන අර්ථයි. ‘යොපායං’ යනු ‘යම් බඳු වූ මොහු, යන අර්ථයි. මින් හඟන ලද්දේ මේ අදහසයි. එනම් ‘නුඹ අබ කෙතකට වැදුණු එළුවකු මෙන්, බියෙන් ඒ මේ අත පෙරළෙන්නෙහිය. පළමුව වස ගෙනාවෙහිය. දෙවනුව, කඩුපහර දෙනු කැමතිව පැමිණියෙහිය. තෙවනුව, කඩුවක් ගෙන පියගැටපෙළ මත සිටියෙහිය. දැන් මා මැරීම සඳහා ඇඳ යට හොත්තෙහිය. මේ සියල්ල මම දනිමි. දැන් මම නුඹ අත් නොහරිමි. නුඹ අල්ලා රාජාඥා කොට මරවන්නෙමි’යි මෙසේ රජු නො දැනුවත්වම මෙන්, ඒ ඒ ගාථාවෙන් ඒ ඒ අර්ථ කුළුගැන්විණි.

කුමාරො “ඤාතොම‍්හි පිතරා, ඉදානි මං නාස‍්සෙස‍්සතී”ති භයප‍්පත‍්තො හෙට‍්ඨාසයනා නික‍්ඛමිත්‍වා ඛග‍්ගං රඤ‍්ඤො පාදමූලෙ ඡඩ‍්ඩෙත්‍වා “ඛමාහි මෙ, දෙවා”ති පාදමූලෙ උරෙන නිපජ‍්ජි. රාජා “න මය‍්හං කොචි කම‍්මං ජානාතීති ත්‍වං චින‍්තෙසී”ති තං තජ‍්ජෙත්‍වා සඞ‍්ඛලිකබන්‍ධනෙන බන්‍ධාපෙත්‍වා බන්‍ධනාගාරං පවෙසාපෙත්‍වා ආරක‍්ඛං ඨපෙසි. තදා රාජා බොධිසත‍්තස‍්ස ගුණං සල‍්ලක‍්ඛෙසි. සො අපරභාගෙ කාලමකාසි, තස‍්ස සරීරකිච‍්චං කත්‍වා කුමාරං බන්‍ධනාගාරා නීහරිත්‍වා රජ‍්ජෙ පතිට‍්ඨාපෙසුං.

රජකුමරු, ‘මාගේ සියලු උත්සාහයන්, පියරජු විසින් දැන ගන්නා ලදැ’යි, අතිශයින් බියට පත්ව ‘දැන් මට මරණයෙන් මෙපිට ගැලවීමක් නැතැ’යි කල්පනා කොට, ඇඳ යටින් එළියට අවුත් කඩුව බිම දමා, රජුගේ පාමුල වැටී, ‘පියරජතුමනි, මට සමාවනු මැනවැ’යි කියා, වැඳ වැටුනේය. මෙසේ තමා ළඟ මුනින් වැටුණු සිය පුත්‍රයා දෙස බලා, රජතුමා ‘කිසිවෙක් මගේ කටයුතු නොදනී යැ’යි නුඹ සිතා සිටි මුත්, ඒ කිසිවක් මට රහසක් වූයේ නැතැ’යි කියා, ඔහුට තර්ජනය කොට දම්වැල්වලින් ඔහු බඳවා බන්ධනාගාර ගතකොට, රැකවල් යෙදවීය. ඒ මොහොතේදීම රජුට සිය ගුරුතුමා වන දිසාපාමොක් ඇදුරුතුමාගේ ගුණ සිහිවිය. පසුකලෙක රජතුමා මියපරලොව ගියේය. එතුමාගේ ආදාහන කටයුතුවලින් පසුව, ඉහත කී කුමාරයා බන්ධනාගාරයෙන් නිදහස්කොට, රාජ්‍යත්වයෙහි පිහිටුවන ලදි.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා තක‍්කසිලායං දිසාපාමොක‍්ඛො ආචරියො අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ‘මහරජතුමනි, පැරණි පඬිවරු සැක කළ යුතු දැයෙහිම සැක ඉපිදවූහ’යි වදාරා ඉහත කී කරුණුම, නැවත රජුට සිහිගැන්වූ සේක. එහෙත් රජතුමා ඒවා ගණනකට ගත්තේ නැත. බුදුරජාණන් වහන්සේ ජාතකය නිමවා, එදා තක්සලාවෙහි දිසාපාමොක් ඇදුරුතුමා නම් ‘මම ම යැ’යි, වදාළ සේක.

ථුසජාතකවණ‍්ණනා අට‍්ඨමා.