9. බාවෙරුජාතකවණ්ණනා 339 අට්ඨකථා
9. බාවෙරුජාතකවණ්ණනා (339)
9. බාවෙරු ජාතකය (339)
අදස්සනෙන මොරස්සාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො හතලාභසක්කාරෙ තිත්ථියෙ ආරබ්භ කථෙසි. තිත්ථියා හි අනුප්පන්නෙ බුද්ධෙ ලාභිනො අහෙසුං, උප්පන්නෙ පන බුද්ධෙ හතලාභසක්කාරා සූරියුග්ගමනෙ ඛජ්ජොපනකා විය ජාතා. තෙසං තං පවත්තිං ආරබ්භ භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපි යාව ගුණවන්තා න උප්පජ්ජන්ති, තාව නිග්ගුණා ලාභග්ගයසග්ගප්පත්තා අහෙසුං, ගුණවන්තෙසු පන උප්පන්නෙසු නිග්ගුණා හතලාභසක්කාරා ජාතා”ති වත්වා අතීතං ආහරි.
‘අදස්සනෙන මොරස්ස’ යන මේ ගාථා කොටස අයත් ජාතක කතාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, ලාභ සත්කාරයෙන් පිරිහුණු තීර්ථකයන් අරබයා වදාළ සේක. බුදුරදුන් පහළවීමට පෙර තීර්ථකයන්ට ලාභ සත්කාරවලින් හිඟයක් නොවීය. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කල්හි, ලාභ සත්කාරයෙන් පිරිහුණු තීර්ථකයෝ හිරු අබියස කදෝපැනියන් වැනි වූහ. දිනක් භික්ෂූහු දම්සභා මණ්ඩපයේදී මේ ගැන කථා කරමින් හුන්හ. එවිට එතැනට වැඩි බුදුරජාණන් වහන්සේ භික්ෂූන් සාකච්ඡා කළ කරුණු ඔවුන්ගෙන් අසා දැන, ‘මහණෙනි, ගුණවතුන් නැති තැන ගුණ රහිත උදවිය ලාභසත්කාර ලබති. ගුණවතුන් පැමිණි කල්හි, එතෙක් ලැබූ ලාභසත්කාරයෙන් ඔවුහු පිරිහෙති’යි වදාරා, මේ අතීත කථා පුවත ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො මොරයොනියං නිබ්බත්තිත්වා වුඩ්ඪිමන්වාය සොභග්ගප්පත්තො අරඤ්ඤෙ විචරි. තදා එකච්චෙ වාණිජා දිසාකාකං ගහෙත්වා නාවාය බාවෙරුරට්ඨං අගමංසු. තස්මිං කිර කාලෙ බාවෙරුරට්ඨෙ සකුණා නාම නත්ථි. ආගතාගතා රට්ඨවාසිනො තං පඤ්ජරෙ නිසින්නං දිස්වා “පස්සථිමස්ස ඡවිවණ්ණං ගලපරියොසානං මුඛතුණ්ඩකං මණිගුළසදිසානි අක්ඛීනී”ති කාකමෙව පසංසිත්වා තෙ වාණිජකෙ ආහංසු “ඉමං, අය්යා, සකුණං අම්හාකං දෙථ, අම්හාකං ඉමිනා අත්ථො, තුම්හෙ අත්තනො රට්ඨෙ අඤ්ඤං ලභිස්සථා”ති. “තෙන හි මූලෙන ගණ්හථා”ති. “කහාපණෙන නො දෙථා”ති. “න දෙමා”ති . අනුපුබ්බෙන වඩ්ඪිත්වා “සතෙන දෙථා”ති වුත්තෙ “අම්හාකං එස බහූපකාරො, තුම්හෙහි සද්ධිං මෙත්ති හොතූ”ති කහාපණසතං ගහෙත්වා අදංසු. තෙ තං නෙත්වා සුවණ්ණපඤ්ජරෙ පක්ඛිපිත්වා නානප්පකාරෙන මච්ඡමංසෙන චෙව ඵලාඵලෙන ච පටිජග්ගිංසු. අඤ්ඤෙසං සකුණානං අවිජ්ජමානට්ඨානෙ දසහි අසද්ධම්මෙහි සමන්නාගතො කාකො ලාභග්ගයසග්ගප්පත්තො අහොසි.
අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ මොණර ජාතියෙහි ඉපිද, තරුණ වයසට එළඹ දුටුවන් පහදවන රූප ශෝභාවකින් යුතුව, වනයේ කෙළිදෙලෙන් වාසය කරයි. මෙකල කිසියම් වෙළෙඳ පිරිසක් ‘දිසා කපුටකු’ ද ගෙන නැවක නැගී ‘බැවේරියා’ රටට වෙළෙඳාමේ ගියහ. (නැවක් දිසාව සොයාගත නොහැකිව අතරමං වූ විට, කුරුල්ලකු මුදා හැරීම සිදු කෙරේ. කුරුල්ලා ඉහළ අහසට නැගී, අවට නිරීක්ෂණය කොට බලා, ගොඩබිමක් පෙනේ නම්, ඒ දෙසට පියඹා යයි. ගොඩබමික් දක්නට නොමැති කල්හි, නැවත නැවටම පැමිණෙයි. දිසාව සොයා ගැනීමට යොදා ගන්නා පක්ෂියා කපුටෙක් වී නම්, ඌට ‘දිසා කපුටා’ යැයි කියනු ලැබේ. මෙකල බැවේරියාවේ කුරුල්ලන් නැත. නැවත බැවේරියාවට පැමිණි කල්හි, දසතින් වෙළෙන්දෝ එතැනට රැස්වූහ. පැමිණි පැමිණි උදවිය කූඩුවේ සිටි කපුටා දැක, ‘හිතවතුනි, කූඩුවේ සිටින මේ සතා දෙස බලවු. උගේ ඇඟ පැහැපත්ය. ගෙල කෙළවර හොටකි. ඇස්දෙක මැණික් යුගලයක් වැනි යැ’යි කපුටා ගැනම වර්ණනා කරන්නට පටන් ගත්හ. අනතුරුව නැවේ සිටි වෙළෙන්දන් හමුවට ගිය ඔවුහු ‘මහත්වරුනි, අපට මේ කුරුල්ලා දෙනු මැනවි. මූ අපට ප්රයෝජනවත්ය. ඔබට වෙනත් එකෙකු ඔබගේ රටින් සොයාගත හැකි නොවේදැ’යි කීහ. එවිට වෙළෙන්දෝ ‘අපට මුදල් ගෙවන්නේ නම්, කපුටා දෙන්නෙමු’යි කීහ. මුදල් දී කපුටා ලබා ගැනීමට තීරණය කළ, නුවරවැසියෝ කහවනු පහකට කපුටා ඉල්ලූ නමුත්, වෙළෙඳුන් ඊට අකැමති වූ බැවින්, අනුක්රමයෙන් ගණන වැඩිකොට, කහවණු සියයක් ගෙවා කපුටා ලබාගෙන, ‘මූ අපට බෙහෙවින් ප්‍රයෝජනවත් සතෙකි. එබැවින් මේ ගනුදෙනුව අප දෙගොල්ලන්ගේම මිත්‍රත්වයට හේතු වන්නකි’යි ස්තුති මුඛයෙන් පැවසූහ. ඉක්බිති කපුටා මිලදී ගත් රටවැස්සෝ, ඌ රන් කූඩුවක දමා නන් වැදෑරුම් මස් මාංසයන්ගෙන් ද, විවිධ පලතුරුවලින් ද, පෝෂණය කළහ. මෙසේ වෙනත් කුරුල්ලන් නොමැති රටේ, දශවිධ අසත්ධර්මයන්ගෙන් යුතු කපුටා ලාභසත්කාරයට පාත්‍ර විය.
පුනවාරෙ තෙ වාණිජා එකං මොරරාජානං ගහෙත්වා යථා අච්ඡරසද්දෙන වස්සති, පාණිප්පහරණසද්දෙන නච්චති, එවං සික්ඛාපෙත්වා බාවෙරුරට්ඨං අගමංසු. සො මහාජනෙ සන්නිපතිතෙ නාවාය ධුරෙ ඨත්වා පක්ඛෙ විධුනිත්වා මධුරස්සරං නිච්ඡාරෙත්වා නච්චි. මනුස්සා තං දිස්වා සොමනස්සජාතා “එතං, අය්යා, සොභග්ගප්පත්තං සුසික්ඛිතං සකුණරාජානං අම්හාකං දෙථා”ති ආහංසු. අම්හෙහි පඨමං කාකො ආනීතො, තං ගණ්හිත්ථ, ඉදානි එකං මොරරාජානං ආනයිම්හා, එතම්පි යාචථ, තුම්හාකං රට්ඨෙ සකුණං නාම ගහෙත්වා ආගන්තුං න සක්කාති. “හොතු, අය්යා, අත්තනො රට්ඨෙ අඤ්ඤං ලභිස්සථ, ඉමං නො දෙථා”ති මූලං වඩ්ඪෙත්වා සහස්සෙන ගණ්හිංසු. අථ නං සත්තරතනවිචිත්තෙ පඤ්ජරෙ ඨපෙත්වා මච්ඡමංසඵලාඵලෙහි චෙව මධුලාජසක්කරපානකාදීහි ච පටිජග්ගිංසු, මයූරරාජා ලාභග්ගයසග්ගප්පත්තො ජාතො, තස්සාගතකාලතො පට්ඨාය කාකස්ස ලාභසක්කාරො පරිහායි, කොචි නං ඔලොකෙතුම්පි න ඉච්ඡි. කාකො ඛාදනීයභොජනීයං අලභමානො “කාකා”ති වස්සන්තො ගන්ත්වා උක්කාරභූමියං ඔතරිත්වා ගොචරං ගණ්හි.
ඊළඟ වතාවේ බැවේරියාවට වෙළෙන්දෝ පැමිණෙද්දී, බෝසත් මොණර රාජයා ද කැටුව ආහ. අසුර ගසන කල්හි හඬලන්නටත්, අත්පොළසන් දෙන විට නටන්නටත්, මේ මොණරා පුරුදුව සිටියේය. නැව රටට පැමිණි කල්හි, මහජනයා නැව අවට රැස්විය. මොණරා නැව් තට්ටුවේ ඉදිරි කෙළවරේ සිට පියාපත් විදහා, මිහිරි හඬින් නාද කරමින්, නටන්නට පටන් ගත්තේය. නුවරවැස්සෝ ඒ දැක, අතිශයින් සතුටට පැමිණ, ‘මහත්වරුනි, හැම අතින්ම පියකරු වූ, මැනවින් හික්මවන ලද, මේ පක්ෂි රාජයා අපට දෙනු මැනවැ’යි ආයාචනා කළහ. වෙළෙන්දෝ ඊට පිළිතුරු දෙමින්, ‘අපි මීට පෙර අවස්ථාවේ දී, කපුටකු ගෙනාවෙමු. නුඹලාට ඌ අත්‍යවශ්‍ය විය. මෙවර මොණර රාජයකු ගෙනාවෙමු. ඌ ද ඕනෑ කරන බව, දැන් දැන් පෙනී යයි. නුඹලාගේ රටට කුරුල්ලකු නම්, ගෙන එන්නට හැටියක් නැතැ’යි, අමනාපයෙන් මෙන් පැවසූහ. ඒ අසා සිටි රටවැස්සෝ, වෙළෙඳුන් අමතා, ‘මහත්වරුනි, එසේ නො කියනු මැනවි. නුඹලාට නුඹලාගේ රටේ දී, මෙවැනි වෙනත් කුරුල්ලකු අල්ලාගැනීම, අපහසු නොවන්නාක් බව අපි දනිමු. එසේ හෙයින් මුදල් ගෙන මේ මොණර රාජයා අපට දෙනු මැනවැ’යි කියා, ක්‍රමයෙන් ගණන වැඩි කරමින් ගොස්, කහවණු දහසකට මොණරා මිලදී ගත්හ. සතුටට පත් මිනිස්සු සත්රුවනින් අලංකාරවත්ව විසිතුරු කරන ලද කූඩුවක, මොණරා දමා මස්මාංශ, පළතුරු, මීපිඬු, හකුරු පැන් ආදියෙන් ඌ පෝෂණය කළහ. මෙසේ බැවේරියාවට පැමිණිදා පටන් මොණරාට කිසිවකින් අඩුපාඩුවක් නොවීය. නමුත් එදා පටන් කපුටා ලාභ සත්කාරයෙන්, පිරිහෙන්නට පටන් ගත්තේය. දැන් ඌ දෙස බලන කෙනෙක්වත් නැත. සමහරු කපුටා දැකීම ද අප්‍රිය කෙරෙති. මෙසේ කෑමෙන් බීමෙන් හිඟ පාඩුකම් ඇතිවූ කපුටා, කෑගසමින් පියඹා ගොස් කාන්තාර භූමියකට සේන්දු විය.
සත්ථා ද්වෙ වත්ථූනි ඝටෙත්වා සම්බුද්ධො හුත්වා ඉමා ගාථා අභාසි –
බුදුරජාණන් වහන්සේ මේ කථා වස්තුව මෙසේ දේශනා කොට, මේ ගාථා ද වදාළ සේක.
“අදස්සනෙන මොරස්ස, සිඛිනො මඤ්ජුභාණිනො; කාකං තත්ථ අපූජෙසුං, මංසෙන ච ඵලෙන ච.
අදස්සනෙන මොරස්ස - සිඛිනො මඤ්ජු භාණිනො, කාකං තත්ථ අපුජෙසුං - මංසෙන ච ඵලෙනච
හිස මත ශිඛාවක් ඇති, මිහිරි නාද ඇති, මොණරකු නො දුටු අය, මස්වලින් හා පලවැලින් කපුටකු පිදූහ.
“යදා ච සරසම්පන්නො, මොරො බාවෙරුමාගමා; අථ ලාභො ච සක්කාරො, වායසස්ස අහායථ.
යදාච සර සම්පන්නො - මොරො බාවෙරු මාගමා, අථ ලාභොච සක්කාරො - වායසස්ස අභායථ
යම්දිනෙක මිහිරි නද ඇති, මොණරෙක් බැවේරියාවට ගියේද? එකල්හි ලාභ සත්කාරයෙන් කපුටා පිරිහුණි.
“යාව නුප්පජ්ජතී බුද්ධො, ධම්මරාජා පභඞ්කරො; තාව අඤ්ඤෙ අපූජෙසුං, පුථූ සමණබ්රාහ්මණෙ.
යාව නූපජ්ජති බුද්ධො - ධම්මරාජා පභංකරො, තාව අඤ්ඤෙ අපූජෙසුං - පුථු සමණ බ්රාහ්මණො
ධර්මරාජ වූ ලොව බබුලුවන බුදුරජු පහළවීමට පෙර, වෙනත් බොහෝ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ පිදුම් ලැබූහ.
“යදා ච සරසම්පන්නො, බුද්ධො ධම්මං අදෙසයි; අථ ලාභො ච සක්කාරො, තිත්ථියානං අහායථා”ති.
යදා ච සර සම්පන්නො - බුද්ධොධම්මං අදෙසයී, අථ ලාභොච සක්කාරො - තිත්ථියානං අභායථා
බ්රහ්මස්වර ඇති, බුදුරජාණන් වහන්සේ යම්කලෙක දහම් දෙසූ සේක්ද? එකල්හි තීර්ථකයන්ගේ ලාභ සත්කාරයෙන් පිරිහුණි.
තත්ථ සිඛිනොති සිඛාය සමන්නාගතස්ස. මඤ්ජුභාණිනොති මධුරස්සරස්ස. අපූජෙසුන්ති අපූජයිංසු. මංසෙන ච ඵලෙන චාති නානප්පකාරෙන මංසෙන ඵලාඵලෙන ච. බාවෙරුමාගමාති බාවෙරුරට්ඨං ආගතො. “භාවෙරූ”තිපි පාඨො. අහායථාති පරිහීනො. ධම්මරාජාති නවහි ලොකුත්තරධම්මෙහි පරිසං රඤ්ජෙතීති ධම්මරාජා. පභඞ්කරොති සත්තලොකඔකාසලොකසඞ්ඛාරලොකෙසු ආලොකස්ස කතත්තා පභඞ්කරො. සරසම්පන්නොති බ්රහ්මස්සරෙන සමන්නාගතො. ධම්මං අදෙසයීති චතුසච්චධම්මං පකාසෙසීති.
මෙහි ‘සිඛිනො’ යනු ‘ශිඛාවෙන් යුත්’ යන අර්ථයි. ‘මඤ්ජුභාණිනො’ යනු ‘මධුර ස්වර ඇති’, යන අර්ථයි. ‘අපූජෙසු’ යනු ‘පිදූහ’ යන අර්ථයි. ‘ඵලෙන ච’ යනු ‘නොයෙක් පලවැලෙන්’ යන අර්ථයි. ‘බාවෙරුමාගමා’ යනු ‘බැවේරියාවට ආවේය’ යන අර්ථයි. ‘පාවෙරු’ යනු ද පාඨයකි. ‘අභායථ’ යනු ‘පිරිහුණි’ යන අර්ථයි. ‘ධම්ම රාජා’ යනු ‘නව ලොව්තුරු දහමින් ලොව රංජනය කරන බැවින්, ධර්මරාජ නම් වූ’ යන අර්ථයි. ‘පභංකරො’ යනු ‘සත්වලෝක හා අවකාශ ලෝක යන ලෝකයන් ආලෝකමත් කළ බැවින් ‘පභංකර’ නම් වේ යන අර්ථයි. ‘සරසමපන්නො’ යනු ‘බ්‍රහ්ම ස්වරයෙන් යුතු’ යන අර්ථයි. ‘ධම්මං අදෙසයි’ යනු ‘චතුරාර්ය සත්‍යය දේශනා කෙළේය යන අර්ථයි.
ඉති ඉමා චතස්සො ගාථා භාසිත්වා ජාතකං සමොධානෙසි – “තදා කාකො නිගණ්ඨො නාටපුත්තො අහොසි, මොරරාජා පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ, මෙසේ මේ ගාථා සතර දේශනා කොට, ජාතකය නිමවා වදාළ සේක. තවද එදා කපුටා නම්, නිගණ්ඨනාථ පුත්‍රයාය. මොණර රාජයා වූ කලී ‘මම ම වීමි’යි, බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.
බාවෙරුජාතකවණ්ණනා නවමා.