10. විසය්හජාතකවණ්ණනා 340 අට්ඨකථා
10. විසය්හජාතකවණ්ණනා (340)
10. විසය්හ ජාතකය (340)
අදාසි දානානීති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො අනාථපිණ්ඩිකං ආරබ්භ කථෙසි. වත්ථු හෙට්ඨා ඛදිරඞ්ගාරජාතකෙ (ජා· 1.1.40) විත්ථාරිතමෙව. ඉධ පන සත්ථා අනාථපිණ්ඩිකං. ආමන්තෙත්වා “පොරාණකපණ්ඩිතාපි ගහපති ‘දානං මා දදාසී’ති ආකාසෙ ඨත්වා වාරෙන්තං සක්කං දෙවානමින්දං පටිබාහිත්වා දානං අදංසුයෙවා”ති වත්වා තෙන යාචිතො අතීතං ආහරි.
‘අදාසි දානානි’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, අනේපිඬු සිටුතුමා අරබයා වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව මීට පෙර ‘ඛදිරංගාර’ ජාතකයෙහි දක්වන ලදි. ඒ අනුව බුදුරජාණන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමා අමතා ‘ගෘහපතිය, අහසේ හිඳිමින් දන්දීම වළක්වන සක්දෙව් රජු පවා ගණන් නොගෙන, පෙර පඬිවරු දන්දීම නොකඩවා කළහ’යි පවසා, සිටුතුමාගේ අයැදුමින් මේ අතීත කථා පුවත වදාළ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො අසීතිකොටිවිභවො විසය්හො නාම සෙට්ඨි හුත්වා පඤ්චහි සීලෙහි සමන්නාගතො දානජ්ඣාසයො දානාභිරතො අහොසි. සො චතූසු නගරද්වාරෙසු, නගරමජ්ඣෙ, අත්තනො ඝරද්වාරෙති ඡසු ඨානෙසු දානසාලායො කාරෙත්වා දානං පවත්තෙසි, දිවසෙ දිවසෙ ඡ සතසහස්සානි විස්සජ්ජෙති. බොධිසත්තස්ස ච වනිබ්බකයාචකානඤ්ච එකසදිසමෙව භත්තං හොති. තස්ස ජම්බුදීපං උන්නඞ්ගලං කත්වා දානං දදතො දානානුභාවෙන සක්කස්ස භවනං කම්පි, සක්කස්ස දෙවරඤ්ඤො පණ්ඩුකම්බලසිලාසනං උණ්හාකාරං දස්සෙසි. සක්කො “කො නු ඛො මං ඨානා චාවෙතුකාමො”ති උපධාරෙන්තො මහාසෙට්ඨිං දිස්වා “අයං විසය්හො අතිවිය පත්ථරිත්වා සකලජම්බුදීපං උන්නඞ්ගලං කරොන්තො දානං දෙති, ඉමිනා දානෙන මං චාවෙත්වා සයං සක්කො භවිස්සති මඤ්ඤෙ, ධනමස්ස නාසෙත්වා එතං දලිද්දං කත්වා යථා දානං න දෙති, තථා කරිස්සාමී”ති චින්තෙත්වා සබ්බං ධනධඤ්ඤං තෙලමධුඵාණිතසක්කරාදීනි අන්තමසො දාසකම්මකරපොරිසම්පි අන්තරධාපෙසි.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ අසූකෙළක් ධනය ඇති, ‘විසය්හ’ නම් සිටුවරයා ව උපන්නේය. නිති පන්සිල්හි පිහිටා කටයුතු කරන, ඔහු දන් දීමෙහි වෙසෙසින් ඇලී කල්ගෙවයි. එතුමා විසින් ඉදිකරවන ලද දානශාලා, නුවර වාසල් දොරටු සතරේ ද, නගරය මැද ද, තම මැදුර ඉදිරිපිට දැයි මෙසේ ස්ථාන හයක ක්‍රියාත්මක විය. මේ දන්සැල්වල දිනපතා යාචකාදීන්ට මහදන් පැවැත්වේ. එක් දන්සැලකට එක්දිනෙක වැයවන මුදල කහවණු ලක්ෂ හයකි. දන්සැල් හයේම සැකසෙන ආහාරත් සිටුතුමා උදෙසා නිමවන භෝජනයත් එකක්ම විය. සිටුතුමා වෙනුවෙන් සැකසෙන භෝජනයෙහි, දන්සැල්වල භෝජනයට වඩා කිසිදු අමුත්තක් නැත. මෙසේ සිය පෞද්ගලික කටයුතු සියල්ල නවතා දමා මුළු දඹදිවම ප්‍රකටවන අයුරෙන් දන්දෙන, සිටුතුමාගේ එම මහා දානයේ ආනුභාවයෙන් ශක්‍රයාගේ භවන කම්පිත විය. පඬු ඇඹුල් සලසුන රත්විය. එවිට සක්දෙව් තෙමේ ‘මා මේ අසුනින් පහ කරන්නට උත්සාහ ගන්නේ කවරෙක්දැ’යි කියා, සලකා බලනුයේ, මහදන් දෙන සිටුවරයා දැක, මේ ‘විසය්හ’ නමැත්තා මුළු දඹදිව පතළ කෙරෙමින්, තම සියලු වැඩ නවතා දමා මහදන් දෙයි. මොහු විසින් දානය කරණ කොටගෙන මා මේ තනතුරෙන් පහකොට දමා, ශක්‍රභාවය අත්පත් කරගන්නට, උත්සාහ දරන බවක් පෙනේ. එබැවින් මම ‘මොහුගේ ධනය වනසා දමා දිළිඳු බවට පත්කොට, දානය ඇනහිටින තත්ත්වයට පත් කරන්නෙමි’යි සිතා විසය්හ සිටුතුමාගේ සියලු ධනයත් ධාන්‍යයත් තෙල් මීපැණි ආදියත්, යටත් පිරිසෙයින් දැසි දස් කම්කරු පිරිස පවා, මුළුමනින් අතුරුදන් කෙළේය.
තදා දානබ්යාවටා ආගන්ත්වා “සාමි දානග්ගං පච්ඡින්නං, ඨපිතඨපිතට්ඨානෙ න කිඤ්චි පස්සාමා”ති ආරොචයිංසු. “ඉතො පරිබ්බයං හරථ, මා දානං පච්ඡින්දථා”ති භරියං පක්කොසාපෙත්වා “භද්දෙ, දානං පවත්තාපෙහී”ති ආහ. සා සකලගෙහං විචිනිත්වා අඩ්ඪමාසකමත්තම්පි අදිස්වා “අය්ය, අම්හාකං නිවත්ථවත්ථං ඨපෙත්වා අඤ්ඤං කිඤ්චි න පස්සාමි, සකලගෙහං තුච්ඡ”න්ති ආහ. සත්තරතනගබ්භෙසු ද්වාරං විවරාපෙත්වා න කිඤ්චි අද්දස, සෙට්ඨිඤ්ච භරියඤ්ච ඨපෙත්වා අඤ්ඤෙ දාසකම්මකරාපි න පඤ්ඤායිංසු. පුන මහාසත්තො. භරියං ආමන්තෙත්වා “භද්දෙ, න සක්කා දානං පච්ඡින්දිතුං, සකලනිවෙසනං විචිනිත්වා කිඤ්චි උපධාරෙහී”ති ආහ. තස්මිං ඛණෙ එකො තිණහාරකො අසිතඤ්ච කාජඤ්ච තිණබන්ධනරජ්ජුඤ්ච ද්වාරන්තරෙ ඡඩ්ඩෙත්වා පලායි. සෙට්ඨිභරියා තං දිස්වා “සාමි, ඉදං ඨපෙත්වා අඤ්ඤං න පස්සාමී”ති ආහරිත්වා අදාසි. මහාසත්තො “භද්දෙ, මයා එත්තකං කාලං තිණං නාම න ලායිතපුබ්බං, අජ්ජ පන තිණං ලායිත්වා ආහරිත්වා වික්කිණිත්වා යථානුච්ඡවිකං දානං දස්සාමී”ති දානුපච්ඡෙදභයෙන අසිතඤ්චෙව කාජඤ්ච රජ්ජුඤ්ච ගහෙත්වා නගරා නික්ඛමිත්වා තිණවත්ථුං ගන්ත්වා තිණං ලායිත්වා “එකො අම්හාකං භවිස්සති, එකෙන දානං දස්සාමී”ති ද්වෙ තිණකලාපෙ බන්ධිත්වා කාජෙ ලග්ගෙත්වා ආදාය ගන්ත්වා නගරද්වාරෙ වික්කිණිත්වා මාසකෙ ගහෙත්වා එකං කොට්ඨාසං යාචකානං අදාසි. යාචකා බහූ, තෙසං “මය්හම්පි දෙහි, මය්හම්පි දෙහී”ති වදන්තානං ඉතරම්පි කොට්ඨාසං දත්වා තං දිවසං සද්ධිං භරියාය අනාහාරො වීතිනාමෙසි. ඉමිනා නියාමෙන ඡ දිවසා වීතිවත්තා.
මේ අතර දාන ශාලාවන්හි, කටයුතුවල නිරතව සිටි අය, වහා සිටුවරයා වෙත පැමිණ ‘ස්වාමීනි, දන්වැට අතරමග නැවතුනි. දාන උපකරණ ද ඒ හා සම්බන්ධ වෙනත් දේපල හා බඩු භාණ්ඩ ද, අස්ථානගත වී ඇත. දන්සැල්වල කිසිදෙයක් මේ වනවිට පෙනෙන්නට නැත. දැන් අපි කුමක්නම් කරමුදැ’යි කීහ. එවිට සිටුතුමා ඔවුන්ට කරුණාන්විතව කථාකොට, ‘හිතවතුනි, දන්දීම නො නවත්වා දිගටම පවත්වාගෙන යවු. ඒ සඳහා අවශ්‍ය සියලු උපකරණ සිටු මාලිගයෙන් රැගෙන යවු’යි කියා, සිය බිරිය වන සිටුදේවිය කැඳවා, ‘සොඳුර, අපගේ දානය නොනවත්වා දිගටම පවත්වාගෙන යාමට කටයුතු යොදනු මැනව’යි කීය. ඇයද මුළු ගේ සොයා බලා, අඩමස්සක ධනයක්වත් නොදැක, වහා සිටුතුමා වෙත පැමිණ ‘ස්වාමීනි, අපේ ඇඳුම්-කැඩුම් හැර අන් කිසිවක් පෙනෙන්ට නැත. මුළු ගෙයම හිස් යැ’යි පැවසුවාය. අනතුරුව මැදුරෙහි වූ සත්රුවන් ගබඩා, දෙදෙනාම එක් වී විවෘතකොට බැලූ නමුත්, එහි වූ සියල්ල ද අතුරුදන් වී තිබුණි. මෙසේ සිටුවරයාත් සිටුදේවියත් හැර, දැසි-දස් කම්කරුවන්ගේ පටන්, සෑම දේකින්ම සිටුමාලිගය හිස් විය. මද වේලාවකට පසු බෝසත් සිටුතුමා සිය බිරිය අමතා ‘සොඳුර, දන්දීම නවතා දැමීම, කෙසේවත් නොකළ හැකිය. එබැවින් මුළු ගේ පුරා නැවත කිසිවක් ඇත්දැ’යි සොයා බලනු මැනවැ’යි කීය. ගේ තුළ මුළුමනින් පිරික්සා බැලූ මුත් දේවියට, කිසිවක් ඉන් සොයාගත නොහැකි විය. එහෙත් කිසියම් තණකොළ කපන්නකු විසින්, මාලිගා දොරටුවෙහි අමතකව දමා ගොස් තිබූ, දෑකැත්තක් ද, කදක් ද තණකොළ මිටි බඳින රැහැනක් ද යන මේ උපකරණ දක්නට ලැබී, ඒවා ගෙනවුත් සිය සැමියාට පෙන්වූ සිටු බිරිය, ‘ස්වාමීනි, මේවා හැර අන්කිසිවක් මෙහි පෙනෙන්ට නැතැ’යි කීවාය. එවිට බෝසත් තෙමේ ‘සොඳුර, මෙපමණ කලකට මා විසින් තණකොළ කැපීමක් නම්, සිදුකොට නැත. එහෙත් දැන් ඉතින් තණකොළවත් කපා ගෙනවුත් ඒවා විකුණා සුදුසු පරිද්දෙන් දන් දෙන්නෙමි’ කියා ‘දානය කඩ වේයැ’යි බියෙන් ඉහත කී උපකරණත් ගෙන, නුවරින් නික්ම තණ වීථියකට ගොස්, තණකොළ කපා මිටි දෙකක් බැඳ, ‘මින් එක් තණකොළ මිටියක් විකුණා ලබන මුදල අප දෙදෙනාගේ ජීවිකාවට සෑහේ. ඉතිරි මිටියෙන් ලැබෙන මුදල ගෙන දන් දෙන්නෙමි’යි සිතා, තණකොළ මිටි දෙක කදේ එල්ලාගෙන අවුත්, ඒවා නගර වාසල් දොරටුවෙහි තබා, විකුණා එයින් මසුරන් කිහිපයක් ලැබ, ඒ මුදලෙන් කොටසක් යාචකයන්ට දන් දී, සිය නිවස බලා යන්නට සූදානම් වූ මුත්, තමා වටකොට ගත් යාචකයන්ගේ ඉල්ලීම් ඉවතලිය නොහී, තමා සන්තක වූ ඉතිරි මුදලද, දානය සඳහාම වැයකොට, හිස් අතින් ගෙදර ගොස්, එදා දවස සිය බිරිය සමග නිරාහාරවම ගත කෙළේය. මේ ආකාරයෙන්ම දින හයක් ගතවිණි.
අථස්ස සත්තමෙ දිවසෙ තිණං ආහරමානස්ස සත්තාහං නිරාහාරස්ස අතිසුඛුමාලස්ස නලාටෙ සූරියාතපෙන පහටමත්තෙ අක්ඛීනි භමිංසු. සො සතිං පච්චුපට්ඨාපෙතුං අසක්කොන්තො තිණං අවත්ථරිත්වා පති. සක්කො තස්ස කිරියං උපධාරයමානො විචරති. සො තඞ්ඛණඤ්ඤෙව ආගන්ත්වා ආකාසෙ ඨත්වා පඨමං ගාථමාහ –
සත්වැනි දවසේ තණකොළ රැගෙන එන, ඉතා සියුමැලි පුද්ගලයකු වන සිටුතුමාගේ නළලෙහි, හිරු රැස් පතිත වනවාත් සමගම සතියක් නිරාහාරව සිටි බැවින් ඇස් බමන්නට විය. සිහි එළවා ගත නොහුණු, ඔහු තණමිටි විසුරුවා ගෙන බිම ඇද වැටුණි. මේ අතර සක්දෙවිඳු සිටුවරයාගේ කටයුතු විමසමින් හැසිරේ. එබැවින් ඒ මොහොතේම එතැනට පැමිණි ඔහු අහසේ සිටිමින්, සිටුතුමා අමතා මේ ගාථාව කීවේය.
“අදාසි දානානි පුරෙ විසය්හ, දදතො ච තෙ ඛයධම්මො අහොසි; ඉතො පරං චෙ න දදෙය්ය දානං, තිට්ඨෙය්යුං තෙ සංයමන්තස්ස භොගා”ති.
අදාසි දානානි පුරෙ විසය්හ, දදතො ච තෙ ඛය ධම්මො අහොසි, ඉතො පරඤ්චෙ න දදෙය්ය දානං, තිට්ඨෙය්යුං තෙ සංයමන්තස්ස භොගා ති
‘විසය්හ’, ඔබ පෙර දන් දුන්නෙහිය. දීමෙන් වස්තුව නිමා විය. ඉදින් මින් මතු දන් නො දෙන්නේ නම්, දානයෙන් වැළකුණු ඔබට සම්පත් ඇති වන්නේය.
තස්සත්ථො – අම්භො විසය්හ ත්වං ඉතො පුබ්බෙ තව ගෙහෙ ධනෙ විජ්ජමානෙ සකලජම්බුදීපං උන්නඞ්ගලං කරිත්වා දානානි අදාසි. තස්ස ච තෙ එවං දදතො භොගානං ඛයධම්මො ඛයසභාවො අහොසි, සබ්බං සාපතෙය්යං ඛීණං, ඉතො පරං චෙපි ත්වං දානං න දදෙය්ය, කස්සචි කිඤ්චි න දදෙය්යාසි, තව සංයමන්තස්ස අදදන්තස්ස භොගා තථෙව තිට්ඨෙය්යුං, “ඉතො පට්ඨාය න දස්සාමී”ති ත්වං මය්හං පටිඤ්ඤං දෙහි, අහං තෙ භොගෙ දස්සෙස්සාමීති.
පින්වත් පසය්හ, ඔබ මින් පෙර ඔබේ ගෙයි තිබුණු ධනය යොදා සිය කටයුතු නවතා දමා, මුළු දඹදිව් වැස්සන්ට දන් දුන්නෙහිය. එසේ දන් දෙන්නා වූ ඔබගේ සම්පත් ගෙවී ගියේය. අවසන් විය. සියලු වස්තුව ක්ෂය විය. මින්පසු දන් නොදෙන්නේ නම්, එනම් කිසිවකුට කිසිවක් නොදෙන්නේ නම්, සම්පත් දන් දීමෙන් වැළකුණු, ඔබගේ ඒ වස්තුව තිබූ අයුරෙන් රැකෙන්නේ ය යන අර්ථයි. මෙසේ ප්‍රකාශ කළ ශක්‍රයා ‘මෙතැන් පටන් දන් නො දෙන්නෙමි’යි මට පොරොන්දුවක් දෙව. එවිට ‘මම ඔබට සම්පත් ලබා දෙන්නෙමි’යි කීය.
මහාසත්තො තස්ස වචනං සුත්වා “කොසි ත්ව”න්ති ආහ. “සක්කොහමස්මී”ති. බොධිසත්තො “සක්කො නාම සයං දානං දත්වා සීලං සමාදියිත්වා උපොසථකම්මං කත්වා සත්ත වත්තපදානි පූරෙත්වා සක්කත්තං පත්තො, ත්වං පන අත්තනො ඉස්සරියකාරණං දානං වාරෙසි, අනරියං වත කරොසී”ති වත්වා තිස්සො ගාථා අභාසි –
බෝසත් තෙමේ ඔහුගේ වචන අසා, ‘ඔබ කවරෙක්දැ’යි ඇසීය. ‘මම ශක්‍රයා වෙමි.’ ශක්‍රයා නම් තෙමේ ම දන් දී, සිල් සමාදන්ව, පෙහෙවස් රැක, සත්වත් පද පුරා ශක්‍රත්වයට පැමිණි කෙනෙකි. එහෙත් නුඹ වනාහි තමාගේ ඉසුරු රැක ගැනීමට අනුන්ගේ දන් වැළැක්වූවෙකි. ඔබ කෙළේ පහත් වැඩෙකැ’යි කී, සිටුතුමා මේ ගාථා තුන ප්‍රකාශ කෙළේය.
“අනරියමරියෙන සහස්සනෙත්ත, සුදුග්ගතෙනාපි අකිච්චමාහු; මා වො ධනං තං අහු දෙවරාජ, යං භොගහෙතු විජහෙමු සද්ධං.
අනරිය මරියෙන සහස්ස නෙත්ත, සුදුග්ග තෙනාපි අකිච්ච මාහූ, මාවො ධනං තං අහුදෙවරාජ, යං භොග හෙතු විජහෙමු සද්ධං
දහසක් නෙත් ඇති, දෙව් රජුනි, දුප්පත් වුවත්, ‘උතුමකු විසින් පව් නොකළ යුතුයැ’යි කියත්. සම්පත් නිසා ශ්‍රද්ධාව ඉවතලන්නට සිදුවේ නම්, ඒ ධනයෙන් මට කම් නැත.
“යෙන එකො රථො යාති, යාති තෙනපරො රථො; පොරාණං නිහිතං වත්තං, වත්තතඤ්ඤෙව වාසව.
යෙන එකො රථොයාති - යාති තෙනපරො රථො, පොරාණං නිහිතං වත්තං - වත්ත තඤ්ඤෙව වාසව
ශක්‍රය, එක් රථයක් යම් මගෙකින් යේද? වෙනත් රථයක් වුවත්, ඒ මගින්ම යේ. එබැවින් මාගේ පෙර පටන් පවත්වා ගෙන ආ, දන්වැට තව තවත් දියුණු වේවා.
“යදි හෙස්සති දස්සාම, අසන්තෙ කිං දදාමසෙ; එවංභූතාපි දස්සාම, මා දානං පමදම්හසෙ”ති.
යදිභෙස්සාති දස්සාම - අසන්තෙ කිං දදාමසෙ, එවං භූතාපි දස්සාම - මාදානං පමදාම්හසෙති
ඉදින් යම් දෙයක් ඇත්නම්, ඒවා දන් දෙන්නෙමු. නැති කල කුමක් දෙමුද? මේ තත්ත්වයේ සිටත්, දන් දෙන්නෙමු. දානයට පමා නොවෙමු.
තත්ථ අනරියන්ති ලාමකං පාපකම්මං. අරියෙනාති පරිසුද්ධාචාරෙන අරියෙන. සුදුග්ගතෙනාපීති සුදලිද්දෙනාපි. අකිච්චමාහූති අකත්තබ්බන්ති බුද්ධාදයො අරියා වදන්ති, ත්වං පන මං අනරියං මග්ගං ආරොචෙසීති අධිප්පායො. වොති නිපාතමත්තං. යං භොගහෙතූති යස්ස ධනස්ස පරිභුඤ්ජනහෙතු මයං දානසද්ධං විජහෙමු පරිච්චජෙය්යාම, තං ධනමෙව මා අහු, න නො තෙන ධනෙන අත්ථොති දීපෙති.
මෙහි ‘අනරියං’ යනු ‘ලාමක පව්කම්’ යන අර්ථයි. ‘අරියෙන’ යනු නිර්මල පැවතුම් ඇති, උතුමකු විසින්’ යන අර්ථයි. ‘සුදුග්ගතෙන’ යනු ‘ඉතා දුප්පතකු විසින් වුවත්’, යන අර්ථයි. ‘අකිච්චමාහු’ යනු ‘නො කළ යුතු දේ, බුද්ධාදී වූ ආර්යයන් වහන්සේ වදාරති. ඔබ වනාහි මා පහත් මගට ඇද දමන්නෙහිය’ යන අර්ථයි. ‘වො’ යනු නිපාතයකි. ‘යං භොග හෙතු’ යනු ‘යම් ධනයක් පරිභෝග කිරීම සඳහා, අපි දන් දීමට ඇති ශ්‍රද්ධාව දුරු කරමු නම්, අත් හරින්නෙමු නම්, ඒ ධනය මට උවමනා නැත. අපට ඒ ධනයෙන් ප්‍රයෝජනයක් නැත’ යන අර්ථයි.
රථොති යංකිඤ්චි යානං. ඉදං වුත්තං හොති – යෙන මග්ගෙන එකො රථො යාති, අඤ්ඤොපි රථො “රථස්ස ගතමග්ගො එසො”ති තෙනෙව මග්ගෙන යාති. පොරාණං නිහිතං වත්තන්ති යං මයා පුබ්බෙ නිහිතං වත්තං, තං මයි ධරන්තෙ වත්තතුයෙව, මා තිට්ඨතූති අත්ථො. එවංභූතාති එවං තිණහාරකභූතාපි මයං යාව ජීවාම, තාව දස්සාමයෙව. කිංකාරණා? මා දානං පමදම්හසෙති. අදදන්තො හි දානං පමජ්ජති නාම න සරති න සල්ලක්ඛෙති, අහං පන ජීවමානො දානං පමුස්සිතුං න ඉච්ඡාමි, තස්මා දානං දස්සාමියෙවාති දීපෙති.
‘රථො’ යනු ‘කිසියම් වාහනයකි. මින් කියන ලද්දේ මේ අදහසයි. එනම් එක් රථයක් යම් මගෙකින් යා ද? අන් රථයක් වුවත්, මුල් රථය ගිය මග මේ යැ’යි, ඒ මගින්ම යේ’ යන අර්ථයි. ‘පොරාණං නිහිතං වත්තං’ යනු ‘ම විසින් පෙර සිට පවත්වා ගෙන ආ දන් වැට මා සිටිනා තාක් කල් පවතීවා. එය නො නවතීවා’ යන අර්ථයි. ‘එවංභූතාපි’ යනු ‘මෙසේ තණකොළ විකුණා හෝ, අපි යම්තාක් ජීවත් වෙමුද? ඒතාක් දන් දෙන්නෙමු. කුමන කරුණක් නිසාවත්, දානයෙහි පමා නොවෙමු. නොදෙන්නා, දානයෙහි පමාව ගැන සිහි නොකරයි. නොසලකයි. මම වනාහි ජීවතුන් අතර සිටිද්දී, දානය අමතක කරන්නට නොකැමැත්තෙමි. එහෙයින් දන් දෙන්නෙමි’ යන අර්ථයි.
සක්කො තං පටිබාහිතුං අසක්කොන්තො “කිමත්ථාය දානං දදාසී”ති පුච්ඡි. බොධිසත්තො “නෙව සක්කත්තං, න බ්රහ්මත්තං පත්ථයමානො, සබ්බඤ්ඤුතං පත්ථෙන්තො පනාහං දදාමී”ති ආහ. සක්කො තස්ස වචනං සුත්වා තුට්ඨො හත්ථෙන පිට්ඨිං පරිමජ්ජි. බොධිසත්තස්ස තඞ්ඛණඤ්ඤෙව පරිමජ්ජිතමත්තස්සෙව සකලසරීරං පරිපූරි. සක්කානුභාවෙන චස්ස සබ්බො විභවපරිච්ඡෙදො පටිපාකතිකොව අහොසි. සක්කො “මහාසෙට්ඨි, ත්වං ඉතො පට්ඨාය දිවසෙ දිවසෙ ද්වාදස සතසහස්සානි විස්සජ්ජෙන්තො දානං දදාහී”ති තස්ස ගෙහෙ අපරිමාණං ධනං කත්වා තං උය්යොජෙත්වා සකට්ඨානමෙව ගතො.
මෙසේ දානයෙන් සිටුතුමා වැළැක්විය නොහැකි බව දුටු, සක්දෙවිඳු ‘ඔබ දන් දෙන්නේ කුමක් අපේක්ෂාවෙන් දැ’යි ඇසීය. ‘මම ශක්රත්වය හෝ බ්රහ්මත්වය පතමින් දන් නොදෙමි. මාගේ එකම අපේක්ෂාව බුද්ධත්වයයි. සිටුතුමා මෙසේ කී විට ශක්‍රයා ඒ අසා සතුටුව, තම අතින් සිටුතුමාගේ පිට පිරිමැද්දේය. එවේලේම අහරක් අනුභව කළාක් මෙන්, ඒ මොහොතේදී බෝසතුන්ගේ ශරීරය සන්තර්පනයට පත්විය. එසේම ශක්‍රයාගේ ආනුභාවයෙන් සියලු වස්තුව, පෙර පරිද්දෙන්ම ලැබුණි. අනතුරුව සක්දෙව් රජ ‘මහ සිටුවරය, ඔබ මෙතැන් පටන් දිනපතා දොළොස් දහසක් වියදම් කරමින්, දන් දෙනු මැනවැ’යි කියා, සිටු මැදුර තුළ අපමණ ධනය පුරවා, සිටුතුමා ගෙදර පිටත්කොට යවා, දෙව්ලොව ගියේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා සෙට්ඨිභරියා රාහුලමාතා අහොසි, විසය්හො පන සෙට්ඨි අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ, මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. තවද එදා සිටු බිරිය නම්, රාහුල මාතාවයි. ‘පසය්හ’ සිටුතුමා වූ කලී ‘මම ම යැ’යි, බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.
විසය්හජාතකවණ්ණනා දසමා.
කොකිලවග්ගො චතුත්ථො.
සිව්වැනි කෝකිල වර්ගය යි.