යෙදුමෙන් කියවන්න

1. කින‍්නරීජාතකං

සම්පූර්ණ පරිච්ඡේදය

668. නරානමාරාමකරාසු නාරිසු අනෙකචිත‍්තාසු අනිග‍්ගහාසු ච, සබ‍්බන‍්තනාපීතිකරාපි චෙ සියා න විස‍්සසෙ තිත්‍ථසමා හි නාරියො.

668. මිනිසුන් කෙරේ ඇලීම කරන නොයෙක් සිතුවිලි ඇති නිග්‍රහ කොට හික්මවන්නට නො හැකි ස්ත්‍රීන් විශ්වාස නො කරන්නේ ය. ඉදින් හැම ස්ත්‍රීහු තමන් අප්‍රීති වන්නේ වුව ද තොටුපළ සමානයහ.

669. යං චෙ දිස‍්වා කණ‍්ඩරි කින‍්නරානං සබ‍්බිත්‍ථියො න රමන‍්ති අගාරෙ, තං තාදිසං මච‍්චං චජිත්‍වා භරියා අඤ‍්ඤං දිස‍්වා පුරිසං පීඨසප‍්පිං

669. කණ්ඩරී රජුටත් කින්නරී බිසොවටත් යම් රාගකාරණයෙක් වී ද එය දැක හැම ස්ත්‍රීහු සිය සැමියන්ගේ ගෙහි නො ඇලෙති. එය එසේ ම ය. කණ්ඩරී රජුගේ භාර්‍ය්‍යාව පිළු වූ අන් පුරුෂයකු දැක රජු හැර දැමී ය.

670. බකස‍්ස ච පාවාරිකස‍්ස රඤ‍්ඤො අච‍්චන‍්තකාමානුගතස‍්ස භරියා, අවාචරී බද‍්ධවසානුගස‍්ස කං වා ඉත්‍ථි නාතිචරෙ තදඤ‍්ඤං.

670. අතිශය කාමාශක්ත බක, පාවාරික යන රජවරුන්ගේ බිසෝවරු මෙහෙකරුවන් හා අනාචාරයෙහි හැසුරුණාහු. ස්ත්‍රීහු සිය සැමියා කෙරෙන් පිටත් කවර පුරුෂයකු සමග වුව නො හැසිරෙත් ද?

671. පිඞ‍්ගියානී සබ‍්බලොකිස‍්සරස‍්ස රඤ‍්ඤො පියා බ්‍රහ‍්මදත‍්තස‍්ස භරියා අවාචරී බද‍්ධවසානුගස‍්ස තං වාපි සා නාජ‍්ඣගා කාමකාමිනී’ති.

671. මුළු ලොවට අධිපති බඹදත් රජුගේ පිංගියානී නැමැති කාමසම්පත් පතන ප්‍රිය බිරිඳ මෙහෙකරුවකු හා අනාචාරයෙහි හැසුරුණා ය. ඕතොමෝ ඔහු ද අගබිසෝ තනතුර ද යන (දෙකින්) පිරිහුණා ය.

1. කින‍්නරීජාතකං.

1. කින්නරී ජාතක යි.

672. අසක‍්ඛිං වත අත‍්තානං උද‍්ධාතුං උදකා ථලං, න දානාහං පුන තුය‍්හං වසං ගච‍්ඡාමි වාරිජ.

672. කුම්භීලය, (මම) තමා දියෙන් ගොඩ නගන්නට ඒකාන්තයෙන් සමත් වීමි. දැන් මම යළිත් තාගේ වසඟයට නො යමි.

673. අලමෙතෙහි අම‍්බෙහි ජම‍්බූහි පනසෙහි ච, යානි පාරං සමුද‍්දස‍්ස වරං මය‍්හං උදුම‍්බරො.

673. සාගරයක් වැනි ගඟෙන් එතෙර යම්බඳු ඵලජාතියක් ඇද්ද (එයින් මට) කම් නැත. තෙල අඹ දඹ වැල වරකා වලට වඩා දිඹුල්ගෙඩි මට උතුමි.

674. යො ච උප‍්පතිතං අත්‍ථං න ඛිප‍්පමනුබුජ‍්ඣති, අමිත‍්තවසමන්‍වෙති පච‍්ඡා ච අනුතප‍්පති.

674. යමෙකුත් උපන් අර්‍ත්‍ථය වහා නො වටහා ගනී ද හෙතෙම සතුරන්ගේ වසඟයට පැමිණෙයි. පසුව තැවෙන්නේ ද වේ.

675. යො ච උප‍්පතිතං අත්‍ථං න ඛිප‍්පමෙව නිබොධති, මුච‍්චතෙ සත‍්තුසම‍්බාධා න ච පච‍්ඡාතප‍්පතී’ති.

675. යමෙක් උපන් අර්‍ත්‍ථය වහා වටහා ගනී ද හෙතෙම සතුරු පීඩාවෙන් මිදෙන්නේ ය. පසුව නො තැවෙන්නේ යි.

2. වානරජාතකං.

2. වානර ජාතක යි.

676. අවසිම‍්භා තවාගාරෙ නිච‍්චං සක‍්කතපූජිතා, ත්‍වමෙව දානි ච’කරි. හන්‍ද රාජ වජාමහං.

676. රජතුමනි, තොපගේ ගෙහි නිතර සත්කාර කරනලදු වැ පුදනලදු වැ විසුවෙමු. දැන් තෙපි ම නිවසින් යන කරුණු කෙළෙහි. එහෙයින් මම යමි.

677. යො වෙ කතෙ පටිකතෙ කිබ‍්බිසෙ පටිකිබ‍්බිසෙ, එවං තං සම‍්මති වෙරං මස කුන‍්තිනි මාගමා.

677. යමෙක් අනුන් විසින් දරුණු අපරාධ තමාට කළ කලැ තමා විසිනු දු දරුණු අපරාධ අනුන්ට කළේ ද ඒකාන්තයෙන් එය කරන ලදැ යි දනී ද මෙසේ වූ කල වෛරය සන්හිඳේ. කොස් ළිහිණිය, මෙහි වසව (පිටත) නො යව.

678. න කතස‍්ස ච කත‍්තා ච මෙත‍්ති සන්‍ධීයතෙ පුන, හදයං නානුජානාති ගච‍්ඡඤ‍්ඤෙව රථෙසභ.

678. රජතුමනි, අනුන්ට පීඩා කළ පුද්ගලයාගේ ද පීඩා ලද පුද්ගලයාගේ ද මිත්‍රත්‍වය නැවත ඇති නො වේ. මාගේ හිත මෙහි වාසයට කැමති නො වේ. එහෙයින් යන්නෙමි.

679. කතස‍්ස චෙව කත‍්තා ච මෙත‍්ති සන්‍ධීයතෙ පුන, ධීරානං නො ච බාලානං වස කුන‍්තිනි මාගමා’ති.

679. උපකාර ලබන්නාගේ ද උපකාර කරන්නාගේ ද මිත්‍රත්‍වය නැවත ගැළපේ. ප්‍රාඥයන්ගේ මිතුරුකම නැවත ඇති වේ. බාලයන්ගේ මිතුරුකම නැවත ඇති නො වේ. කුන්තිනිය, මෙහි වසව (පිටත) නො යව.

3. කුන‍්තිනීජාතකං.

3. කුන්තිනී ජාතක යි.

680. යො නීලියං මණ‍්ඩයති සණ‍්ඩාසෙන විහඤ‍්ඤති, තස‍්ස සා වසමන්‍වෙතු යා තෙ අම‍්බෙ අවාහරි.

680. යම් තැනැත්තියක් තොපගේ අඹ සොරකම් කළා ද ඕ තොමෝ පැසුණු කෙස් කළු කරන, සුදු කෙස් උගුල්ලා වෙහෙසට පත්වන්නකුගේ වසඟයට යේවා.

681. වීසං වා පඤ‍්චවීසං වා ඌනතිංසංව ජාතියා, තාදිසා පතිමාලද‍්ධා යා තෙ අම‍්බෙ අවාහරි.

681. යම් තැනැත්තියක් තොපගේ අඹ සොරකම් කළා ද ඕ තොමෝ උපතින් විසි අවුරුද්ද, පස්විසි අවුරුද්ද හෝ එකුන්තිස් අවුරුද්දට පත් වයස ඇති සැමියකු ලබාවා.

682. දීඝං ගච‍්ඡතු අද‍්ධානං එකිකා අභිසාරියා, සඞ‍්කෙතෙ පති මාද‍්දස යා තෙ අම‍්බෙ අවාහරි.

682. යම් තැනැත්තියක් තොපගේ අඹ සොරකම් කළා ද ඕ තොමෝ ගණිකාවක වී හුදෙකලා ව දිගමග යේවා. සලකුණු කී තැනෙහි දී සැමියා නො දකීවා.

683. අලඞ‍්කතා සුවසනා මාලිනී චන්‍දනුස‍්සදා, එකිකා සයනෙ සෙතු යා තෙ අම‍්බෙ අවාහරීති.

683. යම් තැනැත්තියක් තොපගේ අඹ සොරකම් කළා ද ඕ තොමෝ මනාලෙස හැඳි පැළඳි වස්ත්‍ර හා මල්දම් ඇත්තී සඳුන්කල්ක ගල්වා සැරසුණී තනි ව යහනේ සයනය කෙරේවා.

4. අම‍්බචොරජාතකං.

4. අම්බචෝර ජාතක යි.

684. වනං යදග‍්ගි දහති පාවකො කණ‍්හවත‍්තනී, කථං කරොසි පචලක එවං දන්‍ධපරක‍්කමො.

684. පචලකය, පාවක නම් වූ ද කෘෂ්ණ වර්‍තනී නම් වූ ද ගින්න යම්කලෙක වනය දවා ද එකලැ මඳ විරිය ඇත්තේ කෙසේ කරන්නෙහි ද?

685. බහූනි රුක‍්ඛජිද‍්දානි පථව්‍යා විවරානි ච, තානි චෙ නාභිසම‍්භොම හොති නො කාලපරියායො.

685. ගස්බෙන ද පොළවෙහි ගුල් ද බොහෝ වෙති. ඉදින් ඒවා කරා නො පැමිණියමෝ නම් අපට මරණය ම වෙයි.

686. යො දන්‍ධකාලෙ තරති තරණීයෙ ච දන්‍ධති, සුක‍්ඛපණ‍්ණංව අක‍්කම‍්ම අත්‍ථං භඤ‍්ජති අත‍්තනො.

686. යමෙක් කටයුතු සෙමින් කළයුතු කාලයේ ඉක්මනට කෙරේ ද, ඉක්මනට කටයුතු කාලයෙහි සෙමින් කෙරේ ද හේ පෑගී ගිය වියළි තල්පතක් මෙන් දියුණුව නසයි.

687. යො දන්‍ධකාලෙ දන්‍ධෙති තරණීයෙ ච තාරයි, සසීව රත‍්තිං විභජං තස‍්සත්‍ථො පරිපූරතී’ති.

687. යමෙක් වැඩ සෙමින් කටයුතු කල්හි සෙමින් කෙරේ ද ඉක්මනින් කටයුතු කල්හි ඉක්මනින් කෙරේ ද හේ රාත්‍රියේ පුර අව පක්‍ෂයන් අනුව බෙදෙන හඳ මෙන් අභිමතාර්‍ත්‍ථය සම්පූර්‍ණ කරයි.

5. ගජකුම‍්භජාතකං.

5. ගජකුම්භ ජාතක යි.

688. මනුස‍්සින්‍දං ජහිත්‍වාන සබ‍්බකාමසමිද‍්ධිනං, කථං නු භගවා කෙසි කප‍්පස‍්ස රමති අස‍්සමෙ.

688. හැම සැපතින් සම්පූර්‍ණ අපගේ රජතුමා හැරපියා කේශව නැමැති භාග්‍යවත් තපස්වී කප්ප තවුසාගේ අසපුවෙහි කෙසේ ඇලේ ද?

689. සාධුනි රමණීයානි සන‍්ති වක‍්ඛා මනොරමා, සුභාසිතානි කප‍්පස‍්ස නාරද රමයන‍්ති මං.

689. නාරදය, කප්ප තවුසාට මිහිරි වූ ළගන්නා වූ සුබැසි වචන ද සිත් අලවන රුක් ද ඇත. මොහු මාගේ සිත් අලවති යි.

690. සාලීනං ඔදනං භුඤ‍්ජෙ සුචිමංසූපසෙචනං, කථං සාමාකනීවාරං අලොණං ඡාදයන‍්ති තං.

690. පිරිසුදු මස්රස සහිත ඇල්සාලේ බත බිදියෙ යැ. ලුණු නැති බොඩහමු හූරහැල් කෙසේ ඒ තොප පිනවා ද.

691. අසාදුං යදි වා සාදුං අප‍්පං වායදි වා බහුං, විස‍්සත්‍ථො යත්‍ථ භුඤ‍්ජෙය්‍ය විස‍්සාසපරමා රසාති.

691. විශ්වාසය ඇති කල්හි අමිහිරි වූ ද මිහිරි වූ ද මඳ වූ ද බොහෝ වූ ද ආහාර අනුභව කෙරේ ද (එය රසවත් වේ). රසයෝ විශ්වාසය පරම කොට ඇත්තෝ ය.

6. කෙසවජාතකං.

6. කේසව ජාතක යි.

692. සබ‍්බායසං කූටමතිප‍්පමාණං පග‍්ගය‍්හ සො තිට‍්ඨති අන‍්තලික‍්ඛෙ, රක‍්ඛාය මෙ ත්‍වං විහිතො නුසජ‍්ජ උදාහු මෙ වායමසෙ වධාය.

692. ඉතා විශාල යකුළ ඔසවා ගෙන ඒ ඔබ අහසේ සිටී. තෙපි මාගේ රැක්ම පිණිස නියුක්තවහු ද නැතහොත් මා මරන්නට සිතන්නහු ද?

693. දූතො අහං රාජිධ රක‍්ඛසානං. වධාය තුය‍්හං පහිතොහමස‍්මි, ඉන්‍දො ච තං රක‍්ඛති දෙවරාජා තෙනුත‍්තමඞ‍්ගං න තෙ ඵාලයාමි.

693. රජාණෙනි, තොපට වධ පිණිස මම මෙහි මෙහෙයවන ලද්දෙමි. දෙවියන්ගේ රජ වූ ශක්‍රයා තා රක්නේ ය. එහෙයින් තොපගේ හිස නො පළමි.

694. සචෙ ච මං රක‍්ඛති දෙවරාජා දෙවානමින්‍දො මඝවා සුජම‍්පති, කාමං පිසාචා කන්‍දන‍්තු සබ‍්බෙ න සන‍්තසෙ රක‍්ඛසියා පජාය.

694. ඉදින්, දෙවියන්ට අධිපති වූ ද මඝවා නැමැති වූ ද සුජාතාගේ සැමියා වූ ද දිව්‍යරාජයා මා රකී නම් සියලු පිසාචයෝ හඬත්වා. රකුසන්ට බිය නො වෙමි.

695. කාමං නන්‍දන‍්තු කුම‍්භණ‍්ඩා සබ‍්බෙපංසුපිසාචකා, නාලං පිසාචා යුද‍්ධාය මහතී සා විභිංසිකාති.

695. සියලු කුම්භාණ්ඩයෝ ද පිසාචයෝ ද රිසිසේ හඬත්වා. මා හා සටන් කරන්නට පිසාචයෝ පොහොසත් නො වෙති. යක්‍ෂයන්ගේ බිහිසුණු දර්‍ශන මහත් වෙයි.

7. අයකූටජාතකං.

7. අයකූට ජාතක යි.

696. අරඤ‍්ඤා ගාමමාගම‍්ම කිං සීලං කිං වතං අහං, පුරිසං තාත සෙවෙය්‍යං තං මෙ අක‍්ඛාහි පුච‍්ඡිතො.

696. පියාණෙනි, මම වනයෙන් ගමට පැමිණියෙම් කවර සිල් ඇති කෙබඳු පැවතුම් ඇති පුරුෂයෙකු ඇසුරු කෙරෙම් දැ යි විතාරන ලද්දෙහි. එය මට කියන්නේ මැනැවි.

697. යො තං විස‍්සාසයෙ තාත විස‍්සාසඤ‍්ච ඛමෙය්‍ය තෙ, සුස‍්සූසී ච තිතික‍්ඛී ච තං භජෙහි ඉතො ගතො.

697. පුත්‍රය, යමෙක් තා විශ්වාස කෙරේ ද, තාගේ විශ්වාස කැමැත්තේ ද, තා කියනදෙය අසනු කැමැත්තේ ද කරන වැරදි ඉවසා ද මෙයින් ගියේ ඔහු ඇසුරු කරව.

698. යස‍්ස කායෙන වාචාය මනසා නත්‍ථි දුක‍්කටං, ඔරසිව පතිට‍්ඨාය තං භජෙහි ඉතො ගතො.

698. යමකුගේ කය වචනය සිත යන තිදොරින් වැරදි කිරීමක් නැත් ද, මෙයින් ගියේ ඔහු ළෙහි හොවා වැඩූ පුතකු සේ (සිතා) ඇසුරු කරව.

699. හළිද‍්දරාගං කපිචිත‍්තං පුරිසං රාගවිරාගිනං, තාදිසං තාත මා සෙවි නිම‍්මනුස‍්සම‍්පි චෙ සියා’ති.

699. පුත්‍රය, කහපාට මෙන් අස්ථිර වූ වඳුරකු සේ චපල සිතැති ඇලීම සහ නො ඇලීම වෙනස්වන ස්වභාවය ඇති පුරුෂයා දඹදිවැ මිනිසුන්ගෙන් හිස්වැ ගිය ද ඇසුරු නො කරව.

8. ආරඤ‍්ඤජාතකං.

8. අරඤ්ඤ ජාතක යි.

700. නෙව ඉත්‍ථිසු සාමඤ‍්ඤං නපි භක‍්ඛෙසු සාරථි, අථස‍්ස සන්‍ධිභෙදස‍්ස පස‍්ස යාව සුචින‍්තිතං.

700. රථාචාර්‍ය්‍යය, ස්ත්‍රීන් දෙදෙනා කෙරේ සමාන බවක් නැත. ආහාරයෙහි ද සමාන බවක් නැත. එයින් කලහයට කරුණු නැතයී සේ යි. එහෙත් මිතුරන්ගේ මිතුරුකම බිඳැ දෙදෙනාගේ මස් කන්නට සිතූ මේ දුෂ්ට සිවලාගේ සිතිවිල්ල බලව.

701. අසි තික‍්ඛොව මංසම‍්හි පෙසුඤ‍්ඤං පරිවත‍්තති, යත්‍ථුසභඤ‍්ච සීහඤ‍්ච භක‍්ඛයන‍්ති මිගාධමා.

701. ප්‍රිය බව සුන් වැ ගිය තැනෙකැ හිවල්ලු වෘෂභයා ද සිංහයා ද අනුභව කරති, තියුණු කඩුව මාංසය මෙන් පිසුනු බස මිත්‍රත්‍වය පෙරලයි නොහොත් මිත්‍රත්‍වය කපා දමයි.

702. ඉමං සො සයනං සෙති යයිමං පස‍්සසි සාරථි, යො වාචං සන්‍ධිභෙදස‍්ස පිසුනස‍්ස නිබොධති.

702. රථාචාර්‍ය්‍යය, මේ දෙදෙනාගේ යම් මෘතශයනයක් දක්නෙහි ද යමෙක් මිත්‍රභේද කරන්නහුගේ කීම සත්‍ය යැ යි පිළිගනී ද හේ ද මෙසේ මරණයට පැමිණේ.

703. තෙ ජනා සුඛමෙධන‍්ති නරා සග‍්ගගතාරිව, යො වාචං සන්‍ධිභෙදස‍්ස නාවබොධෙන‍්ති සාරථි’ති.

703. රථාචාර්‍ය්‍යය, මිතුරන්ගේ මිතුරුකම බිඳින්නහුගේ කීම යම් කෙනෙක් සත්‍යයැ යි නො පිළිගනිත් ද ඔවුහු දෙව්ලොව ගියවුන් සේ සැප විඳිති.

9. සන්‍ධිභෙදජාතකං.

9. සන්‍ධිභේද ජාතක යි.