යෙදුමෙන් කියවන්න

7. අයකූටජාතකවණ‍්ණනා 347 අට‍්ඨකථා

7. අයකූටජාතකවණ‍්ණනා (347)

7. අයකූට ජාතකය (347)

සබ‍්බායසන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ලොකත්‍ථචරියං ආරබ‍්භ කථෙසි. වත්‍ථු මහාකණ‍්හජාතකෙ (ජා· 1.12.61 ආදයො) ආවි භවිස‍්සති.

‘සබ්බායසං කූටං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක්, ලෝවැඩ උදෙසා වදාළ සේක. මෙහි වර්තමාන කථා වස්තුව ‘මහා කණ්හ’ ජාතකයෙහි දැක්වේ. මෙහි අතීත කථාව පහත පළ වේ.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො තස‍්ස අග‍්ගමහෙසියා කුච‍්ඡිම‍්හි නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො උග‍්ගහිතසබ‍්බසිප‍්පො පිතු අච‍්චයෙන රජ‍්ජෙ පතිට‍්ඨාය ධම‍්මෙන රජ‍්ජං කාරෙසි. තදා මනුස‍්සා දෙවමඞ‍්ගලිකා හුත්‍වා බහූ අජෙළකාදයො මාරෙත්‍වා දෙවතානං බලිකම‍්මං කරොන‍්ති. බොධිසත‍්තො “පාණො න හන‍්තබ‍්බො”ති භෙරිං චරාපෙසි. යක‍්ඛා බලිකම‍්මං අලභමානා බොධිසත‍්තස‍්ස කුජ‍්ඣිත්‍වා හිමවන‍්තෙ යක‍්ඛසමාගමං ගන‍්ත්‍වා බොධිසත‍්තස‍්ස මාරණත්‍ථාය එකං කක‍්ඛළං යක‍්ඛං පෙසෙසුං. සො කණ‍්ණිකමත‍්තං මහන‍්තං ආදිත‍්තං අයකූටං ගහෙත්‍වා “ඉමිනා නං පහරිත්‍වා මාරෙස‍්සාමී”ති ආගන‍්ත්‍වා මජ‍්ඣිමයාමසමනන‍්තරෙ බොධිසත‍්තස‍්ස සයනමත්‍ථකෙ අට‍්ඨාසි. තස‍්මිං ඛණෙ සක‍්කස‍්ස ආසනං උණ‍්හාකාරං දස‍්සෙසි. සො ආවජ‍්ජමානො තං කාරණං ඤත්‍වා ඉන්‍දවජිරං ආදාය ගන‍්ත්‍වා යක‍්ඛස‍්ස උපරි අට‍්ඨාසි. බොධිසත‍්තො යක‍්ඛං දිස‍්වා “කිං නු ඛො එස මං රක‍්ඛමානො ඨිතො, උදාහු මාරෙතුකාමො”ති තෙන සද‍්ධිං සල‍්ලපන‍්තො පඨමං ගාථමාහ –

අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ රජුගේ අගමෙහෙසියගේ කුසෙහි ඉපිද නිසිවියට පත් වූයේ, ශිල්ප සියල්ල ද උගෙන, සිය පියාගේ ඇවෑමෙන් රජකමට පත්ව, දැහැමින් රාජ්‍යය කරවීය. දේවාල උත්සව පවත්නා කිසියම් දිනෙක, මිනිස්සු එළු බැටළු ආදී සතුන් මරා දෙවියන්ට බිලිපූජා කෙරෙති. බෝසත්තුමා ‘පරපණ නොනැසිය යුතුයැ’යි, නියෝග කොට අණබෙර පතුරුවාලීය. එවිට බිලි පූජා කෙරෙහි ලොල් වූ, යක්කු ඒවා නොලැබීම නිසා, බෝසතුන් කෙරෙහි කිපී, හිමාලයෙහි සියලුදෙනා රැස්ව, බෝසත් රජු මැරීම සඳහා එක් යකකු යෙදවූහ. ඒ යක්‍ෂයා කොතක් පමණ වූ ගිනිගෙන දැවෙන මහත් වූ යකුළක් දරාගෙන විත්, බෝසතුන්ට පහර දී මැරීම සඳහා, මාන බලමින් රෑ මැදුම් යම, බෝසතුන්ගේ යහන මත සිටියේය. මෝ මොහොතේදී ශක්‍රයාගේ ආසනය උණුවිය. ඒ ‘කුමක් නිසා සිදුවූවක් දැ’යි, විමසා බලන සක්දෙවිඳුට සියල්ල තත් වූ පරිද්දෙන් වැටහී ගියේය. අනතුරුව වහා වජ්‍රායුධය දරාගත් සක්දෙවිඳු, රජුගේ යහන්ගැබට ඇතුළු වී, යකාට ඉහළින් අහසෙහි රැඳී සිටියේය. මේ අතර එතැනට පැමිණි රජතුමා යකා දැක, ‘කිමෙක්ද? මේ යක්‍ෂයා මෙහි රැඳී සිටිනුයේ, මා රැකීමටද? නැතහොත් මා මැරීමටදැ’යි, කල්පනා කොට යකා සමග සංවාදයේ යෙදෙමින්, මේ ගාථාව කීය.

“සබ‍්බායසං කූටමතිප‍්පමාණං, පග‍්ගය‍්හ යො තිට‍්ඨසි අන‍්තලික‍්ඛෙ; රක‍්ඛාය මෙ ත්‍වං විහිතො නුසජ‍්ජ, උදාහු මෙ චෙතයසෙ වධායා”ති.

සබ්බායසං කූට මතිප්පමාණං, පග්ගය්හි යො තිට්ඨසි අන්තලික්ඛෙ, රක්ඛාය මං ත්‍වං විහිතොනු සජ්ජ, උදාහු මෙ වායමසෙ වධායාති

අති විශාල වූ, මුළුමනින්ම අයෝමය වූ කුළක් (යකුළක්) ඔසවාගෙන, ඒ ඔබ දැන් අහසෙහි සිටිනුයේ, මා රැක්මෙහි නියුතුවද? නැතහොත් ඔබ මා මැරීමට යත්න දරහිද?

තත්‍ථ විහිතො නුසජ‍්ජාති විහිතො නු අසි අජ‍්ජ.

මෙහි ‘විහිතො නුසජ්ජ’ යනු (විහිතොන+ආසි+අජ්ජ) ‘දැන් නියුතු වෙහිද?’ යන අර්ථයි.

බොධිසත‍්තො පන යක‍්ඛමෙව පස‍්සති, න සක‍්කං. යක‍්ඛො සක‍්කස‍්ස භයෙන බොධිසත‍්තං පහරිතුං න සක‍්කොති. සො බොධිසත‍්තස‍්ස කථං සුත්‍වා “මහාරාජ, නාහං තව රක‍්ඛණත්‍ථාය ඨිතො, ඉමිනා පන ජලිතෙන අයකූටෙන පහරිත්‍වා තං මාරෙස‍්සාමීති ආගතොම‍්හි, සක‍්කස‍්ස භයෙන තං පහරිතුං න සක‍්කොමී”ති එතමත්‍ථං දීපෙන‍්තො දුතියං ගාථමාහ –

මෙහිදී සිදුවූ විශේෂය නම්, බෝසතුන්ට යක්‍ෂයා දැකගත හැකිවූ නමුත්, ශක්‍රයා දැකගත නොහැකි වීමයි. මේ අතර ශක්‍රයාට බිය වූ යකා බෝසතුන්ට පහරදී ගත නොහැකිව, බලා සිටියේය. ඔහු බෝසතුන්ගේ කථාව අසා මහරජතුමනි, මම ඔබ රැකීමට නොසිටියෙමි. මා අත ඇති මේ යකුළෙන් පහර දී, ඔබ මරා දැමීමට මෙහි පැමිණියෙමි. එහෙත් මෙහි සිටින මේ සක්දෙවිඳුට ඇති බිය නිසා, ආ කාරිය කරගැනීමට අපොහොසත්ව, සිටියෙමි යි කියමින්, මේ ගාථාව ප්‍රකාශ කෙළේය.

“දූතො අහං රාජිධ රක‍්ඛසානං, වධාය තුය‍්හං පහිතොහමස‍්මි; ඉන්‍දො ච තං රක‍්ඛති දෙවරාජා, තෙනුත‍්තමඞ‍්ගං න තෙ ඵාලයාමී”ති.

2. රජතුමනි, රකුසන්ගේ දූතයා වන මම, ඔබ විනාශ කිරීම සඳහා එවන ලද්දේ වෙමි. දෙවියන්ට අධිපති වූ ඉන්‍දු නම් වූ ශක්‍රයා, ඔබ ආරක්‍ෂා කරයි. එබැවින් මම ඔබේ හිස නො පලමි.

තං සුත්‍වා බොධිසත‍්තො ඉතරා ද‍්වෙ ගාථා අභාසි –

මේ ඇසූ බෝසත් රජතුමා මේ ගාථා දෙක ප්‍රකාශ කෙළේය.

“සචෙ ච මං රක‍්ඛති දෙවරාජා, දෙවානමින්‍දො මඝවා සුජම‍්පති; කාමං පිසාචා විනදන‍්තු සබ‍්බෙ, න සන‍්තසෙ රක‍්ඛසියා පජාය.

3. ඉදින් දෙවියන්ට ‘ඉන්‍ද්‍ර’ වූ හෙවත් ප්‍රධාන වූ, ‘මඝවා’ නම් වූ ද ‘සුජම්පති’ නම් වූ ද, ‘ශක්‍ර දිව්‍ය රාජයා මා රකී. ඒකාන්තයෙන් සියලු පිසාචයෝ හඬත්වා! රකුසු ප්‍රජාවට මම බිය නො වෙමි.

“කාමං කන්‍දන‍්තු කුම‍්භණ‍්ඩා, සබ‍්බෙ පංසුපිසාචකා; නාලං පිසාචා යුද‍්ධාය, මහතී සා විභිංසිකා”ති.

4. සියලු කුම්භාණ්ඩයෝ ද, පාංශු පිසාචයෝ ද, කැමැති සේ හඬත්වා! භීෂක පිරිස විශාල වුවත්, ඒ පිසාචයෝ මා හා යුධයට ප්‍රමාණවත් නොවෙති.

තත්‍ථ රක‍්ඛසියා පජායාති රක‍්ඛසිසඞ‍්ඛාතාය පජාය, රක‍්ඛසසත‍්තානන‍්ති අත්‍ථො. කුම‍්භණ‍්ඩාති කුම‍්භමත‍්තරහස‍්සඞ‍්ගා මහොදරා යක‍්ඛා. පංසුපිසාචකාති සඞ‍්කාරට‍්ඨානෙ පිසාචා. නාලන‍්ති පිසාචා නාම මයා සද‍්ධිං යුද‍්ධාය න සමත්‍ථා. මහතී සා විභිංසිකාති යං පනෙතෙ යක‍්ඛා සන‍්නිපතිත්‍වා විභිංසිකං දස‍්සෙන‍්ති, සා මහතී විභිංසිකා භයකාරණදස‍්සනමත‍්තමෙව මය‍්හං, න පනාහං භායාමීති අත්‍ථො.

මෙහි ‘රක්ඛසියා පජාය’ යනු ‘රාක්‍ෂස ප්‍රජාවයි, රකුසු පරම්පරාව’, යන අර්ථයි. ‘කුම්භණ්ඩා’ යනු ‘කළගෙඩි තරම් වූ අණ්ඩකෝෂ හා උදර ඇති යක්‍ෂ විශේෂයකි. ‘පංසුපිසාචකා’ යනු ‘කසල ගොඩවල්හි වෙසෙන පිසාචයෝය. ‘නාලං’ යනු ‘පිසාචයෝ නම්, මා සමග යුද්ධයට අසමත් වෙති යන අර්ථයි. ‘මහතී සා විභිංසිකා’ යනු ‘ඒ යක්‍ෂයෝ රැස්ව, යම් බිහිසුණු ස්වභාවයක් දක්වත්ද? එය ඉතාමත් බිහිසුණුය. නමුත් එය මට දර්ශන මාත්‍රයක් පමණි. මම ඊට බිය නො වෙමි’ යන අර්ථයි.

සක‍්කො යක‍්ඛං පලාපෙත්‍වා මහාසත‍්තං ඔවදිත්‍වා “මා භායි, මහාරාජ, ඉතො පට‍්ඨාය තව රක‍්ඛා මමායත‍්තා”ති වත්‍වා සකට‍්ඨානමෙව ගතො.

ඉන්පසු ශක්‍රයා ඉදිරිපත් වී, යක්‍ෂයා පලවා හැර, බෝසතුන්ට අවවාද දී, තවදුරටත් ‘මහරජතුමනි, බිය නොවනු මැනවි’, මෙතැන් පටන් ඔබ රැකගැනීම, මට අයත් කාරියකි’යි කියා සිය භවනට පිටත්ව ගියේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා සක‍්කො අනුරුද‍්ධො අහොසි, බාරාණසිරාජා අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ දම් දෙසුම ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. තවද එදා ශක්‍රයා නම්, අනුරුද්ධ තෙරණුවෝය. බරණැස් රජ වූ කලී ‘මම ම වීමි’යි, බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.

අයකූටජාතකවණ‍්ණනා සත‍්තමා.