8. අරඤ්ඤජාතකවණ්ණනා 348 අට්ඨකථා
8. අරඤ්ඤජාතකවණ්ණනා (348)
8. අරඤ්ඤ ජාතකය (348)
අරඤ්ඤා ගාමමාගම්මාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො ථුල්ලකුමාරිකාපලොභනං ආරබ්භ කථෙසි. වත්ථු චූළනාරදකස්සපජාතකෙ (ජා· 1.13.40 ආදයො) ආවි භවිස්සති.
‘අරඤ්ඤා ගාමමාගම්ම’ යන මේ ගාථා කොටස අයත් ජාතක ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, ථුල්ල කුමාරිකාවක විසින් කරන ලද පොළඹවා ගැනීමක් අරබයා, දේශනාකොට වදාළ සේක. මෙහි වර්තමාන කථාවස්තුව ‘චුල්ල නාරද කස්සප’ ජාතකයෙහි දැක්වේ. එහි අතීත කථා පුවත මෙසේය.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා වයප්පත්තො තක්කසිලායං උග්ගහිතසිප්පො භරියාය කාලකතාය පුත්තං ගහෙත්වා ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා හිමවන්තෙ වසන්තො පුත්තං අස්සමපදෙ ඨපෙත්වා ඵලාඵලත්ථාය ගච්ඡති. තදා චොරෙසු පච්චන්තගාමං පහරිත්වා කරමරෙ ගහෙත්වා ගච්ඡන්තෙසු එකා කුමාරිකා පලායිත්වා තං අස්සමපදං පත්වා තාපසකුමාරං පලොභෙත්වා සීලවිනාසං පාපෙත්වා “එහි ගච්ඡාමා”ති ආහ. “පිතා තාව මෙ ආගච්ඡතු, තං පස්සිත්වා ගමිස්සාමී”ති. “තෙන හි දිස්වා ආගච්ඡා”ති නික්ඛමිත්වා අන්තරාමග්ගෙ නිසීදි. තාපසකුමාරො පිතරි ආගතෙ පඨමං ගාථමාහ –
අතීතයෙහි බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, අප බෝසත් තෙමේ බමුණු කුලයක ඉපිද, නිසි වියට එළැඹියේ තක්ෂිලාවට ගොස්, ශිල්ප උගෙන පෙරළා පැමිණ, විවාහ වී පුතකු ද ලැබ, යහතින් ජීවත්විය. නොකල්හි බිරිඳ මිය ගියාය. අනතුරුව බමුණා පුතා ද රැගෙන, පිටත්ව ගොස්, සෘෂි පැවිද්දෙන් පැවිදි වී, හිමාල වනයෙහි සුවසේ විසීය. ඔහු දිනපතා සිය පුතා අසපුවෙහි තබා පලවැල නෙලීමට යයි. දිනක සොරුන් කණ්ඩායමක් පසල්ගමක් කොල්ල කා මිනිසුන් ද, බලහත්කාරයෙන් ගෙන යන කල්හි, ඔවුන් අතර සිටි එක් තරුණියක් ඔවුන්ගෙන් පැන ගොස්, ඉහත කී අසපුවට වැද, එහි හුන් තවුස් කුමරා පොළඹවා ගෙන, ඔහු සීල භේදයට පත් කළාය. ඉන් නොනැවතුණු ඈ, අසපුව හැර දමා තමා සමග යන්නට එන ලෙස, කුමරුට ඇවිටිලි කළාය. සිය පියාට නොදන්වා, අසපුවෙන් පිටව යන්නට, කුමරු අකමැති විය. ‘එසේ නම් පියා පැමිණි පසු, ඔහුගෙන් අවසර ගෙන එනතෙක්, මම අතරමග රැඳී සිටින්නෙමි’යි කියූ ඇය කී ලෙසම, සැඟව සිටියාය. මේ අතර තවුස්තුමා අසපුවට පැමිණි බැවින්, ඔහු වෙත ගිය තවුස් කුමරා, සිය පියාට මෙසේ කීවේය.
“අරඤ්ඤා ගාමමාගම්ම, කිංසීලං කිංවතං අහං; පුරිසං තාත සෙවෙය්යං, තං මෙ අක්ඛාහි පුච්ඡිතො”ති.
අරඤ්ඤා ගාම මාගම්ම - කිං සීලං කිං වතං අහං, පුරිසං තාත සෙවෙය්යං - තං මෙ අක්ඛාහි පුච්ඡිතො
පියාණෙනි, මම වනයෙන් නික්ම ගමට ගොස්, කෙබඳු ස්වභාවයෙන් යුතු, කෙබඳු පැවැත්මෙන් යුතු, තැනැත්තකු ඇසුරු කරන්නෙම්ද? විචාරණ ලද මට එය කියනු මැනවි.
තත්ථ අරඤ්ඤා ගාමමාගම්මාති තාත අහං ඉතො අරඤ්ඤතො මනුස්සපථං වසනත්ථාය ගතො වසනගාමං පත්වා කිං කරොමීති.
මෙහි ‘අරඤ්ඤා ගාමමාගම්ම’ යනු ‘පියාණෙනි, මම මේ අරණින් පිටත්ව, වාසය සඳහා මිනිස් පියසකට ගියවිට, එනම් එම වාසභූමියට පැමිණ, කුමක් කරම්ද?’ යන අර්ථයි.
අථස්ස පිතා ඔවාදං දදන්තො තිස්සො ගාථා අභාසි –
මීට පිළිතුරු දෙන පියා, ඔහුට අවවාද වශයෙන්, මේ ගාථා තුන ප්‍රකාශ කෙළේය.
“යො තං විස්සාසයෙ තාත, විස්සාසඤ්ච ඛමෙය්ය තෙ; සුස්සූසී ච තිතික්ඛී ච, තං භජෙහි ඉතො ගතො.
යො තං විස්සාසයෙ තාත - විස්සාසඤ්ච ඛමෙය්යතෙ, සුස්සූසීව තිතික්ඛීව - තං භජෙහි ඉතො ගතො
පුත, යමෙක් ඔබ විශ්වාස කරන්නේද? ඔබේ ඇසුර කැමති වන්නේද? යමෙක් ඔබට ඇහුම්කන් දීමට කැමති වන්නේද? යමෙක් ඔබට වරදට සමාව දෙන්නේද? නුඹ මෙහෙන් ගියපසු, එබන්දකු ඇසුරු කරව.
“යස්ස කායෙන වාචාය, මනසා නත්ථි දුක්කටං; උරසීව පතිට්ඨාය, තං භජෙහි ඉතො ගතො.
යස්ස කායෙන වාචාය මනසානත්ථි දුක්කටං, ධරසීව පතිට්ඨාය තං භජෙහි ඉතො ගතො
යමකුගේ කයින්, වචනයෙන්, මනසින්, නපුරක් සිදු නොවේද? මෙහෙන් ගියපසු, පියා වැනි වූ ඔහු කෙරෙහි පිහිටා, ඇසුරු කරව.
“හලිද්දිරාගං කපිචිත්තං, පුරිසං රාගවිරාගිනං; තාදිසං තාත මා සෙවි, නිම්මනුස්සම්පි චෙ සියා”ති.
හළිද්දරාගං කපිචිත්තං පුරිසං රාග විරාගිනං, තාදිසං තාත මා සෙවී නිම්මනුස්සම්පි චෙ සියා
පුත, පඬු පැහැය මෙන් වූ, අස්ථිර සිත් ඇති, වඳුරකුගේ මෙන් සසල වූ සිත් ඇති, විටින් විට ඇලෙන, නොඇලෙන සිත් ඇති එබන්දකු ඇසුරට මිනිසකු සොයාගත නොහැකි වන්නේ නමුදු, සේවනය නොකරන්න.
තත්ථ යො තං විස්සාසයෙති යො පුරිසො තං විස්සාසෙය්ය න පරිසඞ්කෙය්ය. විස්සාසඤ්ච ඛමෙය්ය තෙති යො ච අත්තනි කයිරමානං තව විස්සාසං පත්තො නිරාසඞ්කො තං ඛමෙය්ය. සුස්සූසීති යො ච තව විස්සාසවචනං සොතුමිච්ඡති. තිතික්ඛීති යො ච තයා කතං අපරාධං ඛමති. තං භජෙහීති තං පුරිසං භජෙය්යාසි පයිරුපාසෙය්යාසි. උරසීව පතිට්ඨායාති යථා තස්ස උරසි පතිට්ඨාය වඩ්ඪිතො ඔරසපුත්තො ත්වම්පි තාදිසො උරසි පතිට්ඨිතපුත්තො විය හුත්වා එවරූපං පුරිසං භජෙය්යාසීති අත්ථො.
මෙහි ‘යො තං විස්සාසයෙ’ යනු ‘යම් පුරුෂයෙක් ඔබ අදහන්නේද? සැක නොකරන්නේද?’ යන අර්ථයි. ‘විස්සාසඤ්ච ඛමෙය්යතෙ’ යනු’යි. මෙකී ස්වකීය හැඟීමෙන් ඔබ කෙරෙහි විශ්වාසයට පැමිණ, සැක නොකරන්නේද? වරදට සමාව දෙන්නේද?’ යන අර්ථයි. ‘සුස්සූසී’ යනු ‘යමෙක් ඔබේ විශ්වාසවන්ත වචන ඇසීමට කැමති වේද?’ යන අර්ථයි. ‘තිතික්ඛි’ යනු ‘යමෙක් ඔබ විසින් කරන ලද වැරැද්ද ඉවසාද?’ යන අර්ථයි. ‘තං භජෙහි’ යනු ‘එබඳු පුරුෂයකු ඇසුරු කරන්නේය, භජනය කරන්නේය’, යන අර්ථයි. ‘ඔරසීව පතිට්ඨාය’ යනු ‘යම් සේ ඔහුගේ ළෙහි තබා වඩන ලද, තමාගේම පුතුට මෙන්, යමෙක් ඔබට කටයුතු කෙරේද? පියා වැනි වූ එබඳු පුරුෂයකු ඇසුරු කරන්න’, යන අර්ථයි.
හලිද්දිරාගන්ති හලිද්දිරාගසදිසං අථිරචිත්තං. කපිචිත්තන්ති ලහුපරිවත්තිතාය මක්කටචිත්තං. රාගවිරාගිනන්ති මුහුත්තෙනෙව රජ්ජනවිරජ්ජනසභාවං. නිම්මනුස්සම්පි චෙ සියාති සචෙපි සකලං ජම්බුදීපතලං කායදුච්චරිතාදිවිරහිතස්ස මනුස්සස්ස අභාවෙන නිම්මනුස්සං සියා , තථාපි, තාත, තාදිසං ලහුචිත්තං මා සෙවි, සබ්බම්පි මනුස්සපථං විචිනිත්වා හෙට්ඨා වුත්තගුණසම්පන්නමෙව භජෙය්යාසීති අත්ථො.
‘හළිද්දරාගං’ යනු ‘පඬු පැහැය මෙන්, අස්ථිර සිත් ඇති’, යන අර්ථයි. ‘කපිචිත්තං’ යනු ‘වඳුරාගේ සිත මෙන් වහා වෙනස් වන සිත් ඇති’, යන අර්ථයි. ‘රාගවිරාගිනං’ යනු ‘මොහොතින් මොහොත ඇලෙන, නො ඇලෙන සිත් ඇති’ යන අර්ථයි. ‘නිම්මනුස්සම්පි චෙසියා’ යනු ‘මුළු දඹදිව් තලයෙහිම, කාය දුශ්චරිතාදියෙන් තොර, මිනිසකු සොයාගත නොහැකි වන්නේ නම්, එසේ වුවහොත්, ඉහත කී ආකාරයේ ලඝු සිත් ඇති අය, ඇසුරු නොකරව, මිනිස් පියසෙහි මුළුමනින් සොයා, යට කියන ලද ගුණයන්ගෙන් සපිරි මිනිසකු සොයා, ඔහු ඇසුරු කරන්නෙහි’ය, යන අර්ථයි.
තං සුත්වා තාපසකුමාරො “අහං, තාත, ඉමෙහි ගුණෙහි සමන්නාගතං පුරිසං කත්ථ ලභිස්සාමි, න ගච්ඡාමි, තුම්හාකඤ්ඤෙව සන්තිකෙ වසිස්සාමී”ති වත්වා නිවත්ති. අථස්ස පිතා කසිණපරිකම්මං ආචික්ඛි. උභොපි අපරිහීනජ්ඣානා බ්රහ්මලොකපරායණා අහෙසුං.
මේ අසා තවුස් කුමාරයා ‘පියාණෙනි, මම මේ ගුණවලින් යුතු මිනිසෙකු, කොයින් ලබන්නෙම්ද? එබැවින් මම මෙහෙන් නොයමි. ඔබේ ළඟම වසන්නෙමි’යි, කියා නැවතුණි. ඉක්බිති තවුසා තම පුතාට, කසිණ භාවනාවට අවැසි දේ උගැන්වීය. පසුව මේ දෙදෙනා ධ්‍යානයෙන් නොපිරිහී ජීවත්ව සිට, දිවි කෙළවර බඹලොව උපන්හ.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා පුත්තො ච කුමාරිකා ච එතෙයෙව අහෙසුං, පිතා තාපසො පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ දෙසුම ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. තවද එදා පුත්‍රයා ද, මෙදා අයමය. පිය තවුසා වූ කලී ‘මම ම වීමි’යි බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේ දක්වා වදාළ සේක.
අරඤ්ඤජාතකවණ්ණනා අට්ඨමා.