යෙදුමෙන් කියවන්න

9. සන්‍ධිභෙදජාතකවණ‍්ණනා 349 අට‍්ඨකථා

9. සන්‍ධිභෙදජාතකවණ‍්ණනා (349)

9. සන්‍ධිභේද ජාතකය (349)

නෙව ඉත්‍ථීසු සාමඤ‍්ඤන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො පෙසුඤ‍්ඤසික‍්ඛාපදං ආරබ‍්භ කථෙසි. එකස‍්මිං කිර සමයෙ සත්‍ථා “ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ පෙසුඤ‍්ඤං උපසංහරන‍්තී”ති සුත්‍වා තෙ පක‍්කොසාපෙත්‍වා “සච‍්චං කිර තුම‍්හෙ, භික‍්ඛවෙ, භික‍්ඛූනං භණ‍්ඩනජාතානං කලහජාතානං විවාදාපන‍්නානං පෙසුඤ‍්ඤං උපසංහරථ, තෙන අනුප‍්පන‍්නානි චෙව භණ‍්ඩනානි උප‍්පජ‍්ජන‍්ති, උප‍්පන‍්නානි ච භිය්‍යොභාවාය සංවත‍්තන‍්තී”ති පුච‍්ඡිත්‍වා “සච‍්ච”න‍්ති වුත‍්තෙ තෙ භික‍්ඛූ ගරහිත්‍වා “භික‍්ඛවෙ, පිසුණා වාචා නාම තිඛිණසත‍්තිපහාරසදිසා, දළ‍්හො විස‍්සාසොපි තාය ඛිප‍්පං භිජ‍්ජති, තඤ‍්ච පන ගහෙත්‍වා අත‍්තනො මෙත‍්තිභින්‍දනකජනො සීහඋසභසදිසො හොතී”ති වත්‍වා අතීතං ආහරි.

‘නෙව ඉත්‍ථීසු සාමඤ්ඤං’ යන මේ ගාථා කොටස අයත් ජාතක කථා වස්තුව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරන සේක්, පිසුණාවාචා ශික්‍ෂාපදය අරබයා දේශනාකොට වදාළ සේක. එක්කලෙක බුදුරජාණන් වහන්සේ, ඡබ්බග්ගිය භික්‍ෂූන් කේලාම් කියමින් හැසිරෙන බව අසා, ඔවුන් කැඳවා ‘මහණෙනි, තෙපි භික්‍ෂූන්ගේ දබරයට හේතුවන, කලහයට හේතුවන, විවාදයට කරුණු වන කේලාම් කීමෙහි යෙදී සිටිවුද? මෙය සත්‍යයක්දැ’යි ඇසූ සේක. එවිට එය සත්‍යයක් බව, ඡබ්බග්ගිය භික්‍ෂූහු පිළිගත්හ. අනතුරුව බුදුරජාණන් වහන්සේ ඔවුන් අමතා, ‘මහණෙනි, කේලම් කීම වනාහි නොතිබුණු කලහයන් හටගැනීමටත්, ඇති දබරයන් වැඩි වීමටත්, හේතු වේ යැ’යි, වදාරා ඒ භික්‍ෂූන්ට ගරහා, ‘මහණෙනි, කේලම වූ කලී, තියුණු ආයුධයක් වැනිය. ඉතා දැඩි විශ්වාසවන්ත භාවයක් වුවත්, මොහොතකින් සිඳ දැමීමට කේලම සමත් වේ. එබඳු කේලාම් උපයෝගී කොටගෙන, අනුන්ගේ මිතුරු බව සිඳ දමන තැනැත්තා, සිංහයන් ගොනුන් වැනි යැ’යි, වදාරා මේ අතීත කථාව, දේශනාකොට වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො තස‍්ස පුත‍්තො හුත්‍වා වයප‍්පත‍්තො තක‍්කසිලායං උග‍්ගහිතසිප‍්පො පිතු අච‍්චයෙන ධම‍්මෙන රජ‍්ජං කාරෙසි. තදා එකො ගොපාලකො අරඤ‍්ඤෙ ගොකුලෙසු ගාවො පටිජග‍්ගිත්‍වා ආගච‍්ඡන‍්තො එකං ගබ‍්භිනිං අසල‍්ලක‍්ඛෙත්‍වා පහාය ආගතො. තස‍්සා එකාය සීහියා සද‍්ධිං විස‍්සාසො උප‍්පජ‍්ජි. තා උභොපි දළ‍්හමිත‍්තා හුත්‍වා එකතො විචරන‍්ති. අපරභාගෙ ගාවී වච‍්ඡකං, සීහී සීහපොතකං විජායි. තෙ උභොපි ජනා කුලෙන ආගතමෙත‍්තියා දළ‍්හමිත‍්තා හුත්‍වා එකතො විචරන‍්ති . අථෙකො වනචරකො අරඤ‍්ඤං පවිසිත්‍වා තෙසං විස‍්සාසං දිස‍්වා අරඤ‍්ඤෙ උප‍්පජ‍්ජනකභණ‍්ඩං ආදාය බාරාණසිං ගන‍්ත්‍වා රඤ‍්ඤො දත්‍වා “අපි තෙ, සම‍්ම, කිඤ‍්චි අරඤ‍්ඤෙ අච‍්ඡරියං දිට‍්ඨපුබ‍්බ”න‍්ති රඤ‍්ඤා පුට‍්ඨො “දෙව, අඤ‍්ඤං කිඤ‍්චි න පස‍්සාමි, එකං පන සීහඤ‍්ච උසභඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤං විස‍්සාසිකෙ එකතො විචරන‍්තෙ අද‍්දස”න‍්ති ආහ. “එතෙසං තතියෙ උප‍්පන‍්නෙ භයං භවිස‍්සති, යදා තෙසං තතියං පස‍්සති, අථ මෙ ආචික‍්ඛෙය්‍යාසී”ති. “සාධු, දෙවා”ති.

පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරවන කල්හි, බෝසත් තෙමේ එම රජුට පුත්ව ඉපිද නිසි වියට පත්ව, තක්ෂිලාවට ගොස් ශිල්ප උගෙන, පියාගේ ඇවෑමෙන් රජකම ලැබී, දැහැමින් රාජ්‍යය කරවීය. එකල එක් ගොපල්ලෙක් කැලෑබද ගාල්වල හරකුන් ඇතිදැඩි කරයි. දිනක් ගාලේ සිට හරක් රැගෙන එන ඔහුට, එක් ගැබ්බර දෙනක් ගෙන ඒමට අමතක විය. කැලේ තනි වූ ඒ දෙන එක් සිංහ ධේනුවක් සමග මිතුරු වූවාය. මේ දෙදෙනා ම දැඩිසේ මිතුරුව, එකටම හැසිරෙති. පසුකලෙක සිංහධේනුව සිංහ පැටියකු ද, එළදෙන වසු පැටවකු ද වැළඳූහ. ඒ පැටව් දෙදෙනා ද මෑණිවරුන්ගෙන් ලැබූ ආබාෂයෙන් මිතුරුව එකටම විසූහ. දිනක් එක් වැද්දෙක් කැලයට පිවිස, ඉහත කී තිරිසන් සතුන්ගේ මිතුරුකම දැක, එය තම සිත්හි දරාගෙන කැලයෙන් සපයාගත් තම බඩු ද, රැගෙන බරණැස් නුවරට ගොස් තමා කැලයෙන් රැගෙන ආ දේවල්, රජුට පිරිනැමුවේය. රජතුමා වැද්දා කෙරෙහි සතුටුව ‘හිතවත, නුඹ කැලයේ ඇවිදිනවිට, දක්නා ලද අසිරිමත් දෙයක් ඇද්දැ’යි ඇසීය. ‘දේවයන් වහන්ස, එක් සිංහයකු හා මිත්‍රව වෙසෙන ගොනකු දුටිමි. ඔවුන් ඔවුනොවුන් කෙරෙහි ඉතාම විශ්වාසයෙන් යුතුව, එකටම හැසිරෙනු දුටිමි. ඒ හැර වෙන අමුතු දෙයක් නැතැ’යි වැද්දා කීය. එවිට රජතුමා ‘මිත්‍රය, ඔබ කී සතුන් දෙදෙනා අතරට වෙනත් සතකු එක් වුවහොත්, ඔය මිතුරුකම වැඩිකල් නො පවතී. එවැනි අවස්ථාවක් දුටුවොත්, වහා මට කියව’යි වැද්දාට දැනුම් දුන්නේය. ‘දේවයිනි, එසේ යැ’යි කී වැද්දා, මාලිගාවෙන් පිටව ගියේය.

වනචරකෙ පන බාරාණසිං ගතෙ එකො සිඞ‍්ගාලො සීහඤ‍්ච උසභඤ‍්ච උපට‍්ඨහි. වනචරකො අරඤ‍්ඤං ගන‍්ත්‍වා තං දිස‍්වා “තතියස‍්ස උප‍්පන‍්නභාවං රඤ‍්ඤො කථෙස‍්සාමී”ති නගරං ගතො. සිඞ‍්ගාලො චින‍්තෙසි “මයා ඨපෙත්‍වා සීහමංසඤ‍්ච උසභමංසඤ‍්ච අඤ‍්ඤං අඛාදිතපුබ‍්බං නාම නත්‍ථි, ඉමෙ භින්‍දිත්‍වා ඉමෙසං මංසං ඛාදිස‍්සාමී”ති. සො “අයං තං එවං වදති, අයං තං එවං වදතී”ති උභොපි තෙ අඤ‍්ඤමඤ‍්ඤං භින්‍දිත්‍වා න චිරස‍්සෙව කලහං කාරෙත්‍වා මරණාකාරප‍්පත‍්තෙ අකාසි. වනචරකොපි ගන‍්ත්‍වා රඤ‍්ඤො “තෙසං, දෙව, තතියො උප‍්පන‍්නො”ති ආහ. “කො සො”ති? “සිඞ‍්ගාලො, දෙවා”ති. රාජා “සො උභො මිත‍්තෙ භින්‍දිත්‍වා මාරාපෙස‍්සති, මයං තෙසං මතකාලෙ සම‍්පාපුණිස‍්සාමා”ති වත්‍වා රථං අභිරුය‍්හ වනචරකෙන මග‍්ගදෙසකෙන ගච‍්ඡන‍්තො තෙසු අඤ‍්ඤමඤ‍්ඤං කලහං කත්‍වා ජීවිතක‍්ඛයං පත‍්තෙසු සම‍්පාපුණි. සිඞ‍්ගාලො පන හට‍්ඨතුට‍්ඨො එකවාරං සීහස‍්ස මංසං ඛාදති, එකවාරං උසභස‍්ස මංසං ඛාදති. රාජා තෙ උභොපි ජීවිතක‍්ඛයප‍්පත‍්තෙ දිස‍්වා රථෙ ඨිතොව සාරථිනා සද‍්ධිං සල‍්ලපන‍්තො ඉමා ගාථා අභාසි –

නොබෝ කලකට පසු කැලයට ගිය වැද්දාට ඉහත කී සිංහ-ගොං මිතුරන් දෙදෙනාට ළංව සිටි සිවලකු දක්නට ලැබුණි. ඒ දුටු වැද්දා ‘මෙය වහා රජතුමාට දැන්විය යුතුයැ’යි අදිටන් කොටගෙන, නුවර බලා නික්මුණි. මේ අතර මිතුරන් දෙදෙනාට සමීප වූ සිවලා, ‘මම සිංහ මස් ද, හරක් මස් ද, හැර සෙසු සියලු මස්, අනුභව කොට ඇත්තෙමි. දැන් මම මොවුන් භේදකොට, දෙදෙනාගේම මස් කන්නෙමි’යි ඉටා ගත්තේය. ඊළඟට ඔවුනොවුන් වෙත ගිය සිවලා, ‘ඔබට විරුද්ධව ඔබේ මිතුරා මෙසේ කීවේ යැ’යි යනාදි වශයෙන් කේලාම් කියා, ටික කලකින් ම සිංහයා හා ගොනා භේද කරවා, එකිනෙකා මරා ගන්නා තත්ත්වයට, පත් කෙළේය. මේ අතර රජු හමුවට පැමිණි, වැද්දා ‘දේවයන් වහන්ස, සිංහ-ගොං මිතුරන් දෙදෙනා අතරට තවත් සතෙක් එළඹ සිටී යැ’යි කීවේය. ‘ඒ කිනම් සතෙක් ද?’ ‘ස්වාමීනි, ඒ සිවලෙකි. ‘එසේ නම්, ඒකාන්තයෙන්ම ඌ සිංහ ගොං දෙදෙනා මරණයට පත් කරන්නේ යැ’යි කී රජතුමා ඔවුන් මළ පසු, මම එතැනට පැමිණෙන්නෙමි. එබැවින් ඒ බව සොයා බලා, මට දැනුම් දෙව’යි, වැද්දාට කීය. පසුදිනෙක වැද්දා පැමිණ මිතුරන් දෙදෙනා මළ බව, රජුට පවසා රජුත් කැටුව එතැනට ගියේය. එතැනට පැමිණි රජුට සිවලා, විටින්විට සිංහයාගේ මසුත්, ගව මසුත්, සතුටු සිතින් යුතුව කා දමනු දක්නට ලැබිණි. ඒ දුටු රජතුමා රථයෙහි සිටගෙන, රියැදුරා සමග කථා කරමින්, මෙසේ පැවසීය.

“නෙව ඉත්‍ථීසු සාමඤ‍්ඤං, නාපි භක‍්ඛෙසු සාරථි; අථස‍්ස සන්‍ධිභෙදස‍්ස, පස‍්ස යාව සුචින‍්තිතං.

නෙව ඉත්‍ථීසු සාමඤ්ඤං නපි හක්චෙසු සාරථී, අථස්ස සන්‍ධි භෙදස්ස පස්ස යාව සුචින්තිතං

“අසි තික‍්ඛොව මංසම‍්හි, පෙසුඤ‍්ඤං පරිවත‍්තති; යත්‍ථූසභඤ‍්ච සීහඤ‍්ච, භක‍්ඛයන‍්ති මිගාධමා.

රියැදුර, (සිංහ-ගව දෙදෙනාගේ) බිරියන් අතර ද, සමානකමක් නැත. කෑම ද සමාන නැත. එසේ වුවත් (ඔවුන්) බිඳවීමට උත්සාහ ගත් සත්ත්වයාගේ සිතිවිලි දෙස බලව. (පිරිමි සතුන් දෙදෙනකුගේ කලහයට හේතුවනුයේ, එක්කෝ බිරින්ඳන්ය. නැතහොත් ආහාරය. මෙහිදී කලහයට හේතුව වූයේ, ඒ දෙකම නොව කෑදර සතකුගේ සිතිවිල්ලයි.)

“ඉමං සො සයනං සෙති, යමිමං පස‍්සසි සාරථි; යො වාචං සන්‍ධිභෙදස‍්ස, පිසුණස‍්ස නිබොධති.

2. යම් තැනෙක හිඳ සිවල්ලු ගව මසුත් සිංහ මසුත් කත්ද? එම මාංසයම තියුණු කඩුවක් මෙන්, කේලමක් බවට පත්විය. (සිවලා විසින් කේලාම් කියන ලද්දේ, මස් නිසාවෙනි.)

“තෙ ජනා සුඛමෙධන‍්ති, නරා සග‍්ගගතාරිව; යෙ වාචං සන්‍ධිභෙදස‍්ස, නාවබොධන‍්ති සාරථී”ති.

3. රියැදුර, යම් කෙනෙක් මිතුරන් කොටවන කේලමකුගේ වචන නොපිළිගනිත්ද? ඒ අය දෙව්ලොව ගිය මිනිසුන් මෙන්, සැප ලබත්.

තත්‍ථ නෙව ඉත්‍ථීසූති සම‍්ම සාරථි, ඉමෙසං ද‍්වින‍්නං ජනානං නෙව ඉත්‍ථීසු සාමඤ‍්ඤං අත්‍ථි න , භක‍්ඛෙසුපි. අඤ‍්ඤමෙව හි ඉත්‍ථිං සීහො සෙවති, අඤ‍්ඤං උසභො, අඤ‍්ඤං භක‍්ඛං සීහො ඛාදති, අඤ‍්ඤං උසභොති අත්‍ථො. අථස‍්සාති එවං කලහකාරණෙ අවිජ‍්ජමානෙපි අථ ඉමස‍්ස මිත‍්තසන්‍ධිභෙදකස‍්ස දුට‍්ඨසිඞ‍්ගාලස‍්ස “උභින‍්නං මංසං ඛාදිස‍්සාමී”ති චින‍්තෙත්‍වා ඉමෙ මාරෙන‍්තස‍්ස පස‍්ස යාව සුචින‍්තිතං, සුචින‍්තිතං ජාතන‍්ති අධිප‍්පායො. යත්‍ථාති යස‍්මිං පෙසුඤ‍්ඤෙ පරිවත‍්තමානෙ. උසභඤ‍්ච සීහඤ‍්ච මිගාධමා සිඞ‍්ගාලා ඛාදන‍්ති, තං පෙසුඤ‍්ඤං මංසම‍්හි තිඛිණො අසි විය මිත‍්තභාවං ඡින්‍දන‍්තමෙව පරිවත‍්තතීති දීපෙති.

මෙහි ‘නෙව ඉත්‍ථීසු’ යනු ‘මිතුරු රියැදුර, මේ දෙදෙනාගේම ගෑනු සත්තු එක සමාන නො වෙති. සිංහයා සිංහධේනුවක් සේවනය කරයි. ගොනා ගවදෙනක් සේවනය කරයි’, යන අර්ථයි. ‘න හක්ඛෙසු’ යනු ‘සිංහයා එක් ආහාර වර්ගයක් ගනී. ගොනා වෙනෙකෙක් අහරකොට නොගනී’, යන අර්ථයි. ‘අථස්ස’ යනු ‘මෙසේ කලහ කිරීමට කිසිදු හේතුවක් නැතත්, මිතුරන් කොටවන, දෙදෙනාගේම මස් කන්නෙමි’යි සිතා ඔවුන් මැරවීමට අදහසක් ඇතිකොට ගත්, මේ දුෂ්ට සිවලාගේ සිතිවිල්ල බලව’, යන අර්ථයි. ‘යත්‍ථ’ යනු ‘යම් සිතිවිල්ලක් කේලමකට පෙරළෙන කල්හි, සිවල්ලු හරක්මස් හා සිංහමස් කති. මස් අපේක්‍ෂාවෙන් කියූ කේලම, තියුණු කඩුවක් මෙන්, මිත්‍රභාවය විනාශකොට දැමීමක් බවට පරිවර්තනය කෙළේ යැ’යි දක්වයි.

යමිමං පස‍්සසීති සම‍්ම සාරථි, යං ඉමං පස‍්සසි ඉමෙසං ද‍්වින‍්නං මතසයනං, අඤ‍්ඤොපි යො පුග‍්ගලො සන්‍ධිභෙදස‍්ස පිසුණස‍්ස පිසුණවාචං නිබොධති ගණ‍්හාති, සො ඉමං සයනං සෙති, එවමෙවං මරතීති දස‍්සෙති. සුඛමෙධන‍්තීති සුඛං වින්‍දන‍්ති ලභන‍්ති. නරා සග‍්ගගතාරිවාති සග‍්ගගතා දිබ‍්බභොගසමඞ‍්ගිනො නරා විය තෙ සුඛං වින්‍දන‍්ති. නාවබොධන‍්තීති න සාරතො පච‍්චෙන‍්ති, තාදිසං පන වචනං සුත්‍වා චොදෙත්‍වා සාරෙත්‍වා මෙත‍්තිං අභින්‍දිත්‍වා පාකතිකාව හොන‍්තීති.

‘යයිමං’ යනු ‘යහලු රියැදුර, මේ දෙදෙනාගේ මළ සිරුරු දෙස බලන්න, යමෙක් මිතුරන් කොටවන කේලමකුගේ කේලම් බාරගනී ද, ඔහු මේ ඉරණමට පත්වේ. මෙසේ මරණයට පැමිණේ’ යන අර්ථයි. ‘සුත්‍ව මෙධන්ති’ යනු ‘සැප විඳී, සැප ලබයි’, යන අර්ථයි. ‘නරා සග්ගගතාරිව’ යනු ‘දෙව්ලොව ගොස් දෙව්සැප විඳින මිනිසුන් මෙන්, ඔවුහු සැප විඳිති’ යන අර්ථයි. ‘නාව බොධෙන්ති’ යනු ‘සත්‍ය සේ විශ්වාස නොකරති. එබඳු වචන අසා, ඊට දොස් නගා සිටි එළවාගෙන, මිතුරුකම ද රැගෙන, පෙර සිටි තත්ත්වයට පත්වේ’ යන අර්ථයි.

රාජා ඉමා ගාථා භාසිත්‍වා සීහස‍්ස කෙසරචම‍්මනඛදාඨා ගාහාපෙත්‍වා නගරමෙව ගතො.

රජතුමා මේ අදහස් ප්‍රකාශකොට, සිංහයාගේ කේශර සහිත සම ද, නියපොතු ද දත් ද ගෙන්වාගෙන, පෙරළා නගරයට ගියේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා බාරාණසිරාජා අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා, ජාතකය නිමවා වදාළ සේක. තවද එකල රජතුමා වූ කලී මම ම වීමි’යි, බුදුරජාණන් වහන්සේ, තමන්වහන්සේ දක්වා වදාළ සේක.

සන්‍ධිභෙදජාතකවණ‍්ණනා නවමා.